26 April, 2024

Blog

පොරොන්දු ඉටු කිරීමට කාලයයි

දිළිඳු භාවය විසඳීමට ඇති පිළිතුර ධනය නොව, යුක්තියයි. අද ලෝකයේ මේ යථාර්ථය හොඳින් දකින්ට තිබේ. ලෝකයේ ධනය දිනෙන් දින වැඩි වෙමින් ඇතත්, ප‍්‍රකෝටිපතියන් වැඩි හරියකින් සමන්විත ලෝක ජනගහනයෙන් සියයට 1 ක්, ලෝක ධනයෙන් සහ සම්පත්වලින් සියයට 50 ක් අත්පත් කරගෙන සිටීමෙන් එය මනාව පෙන්නුම් කෙරේ.

Mahinda budget 2014ගෝලීයකරණය වූ ධනපති වෙළඳපොල යටතේ ක‍්‍රියාත්මක වන ආර්ථික ක‍්‍රමයට දැන් අවුරුදු 40 කි. ලෝක ආර්ථික ප‍්‍රවණතා නිරීක්ෂණ අධ්‍යයනයන් විසින් සපයන අළුත්ම සංඛ්‍යා ලේඛන අනුව, දුප්පත්-පොහොසත් පරතරය අස්ප වේගයෙන් ඉහළ යයි. ලෝකයේ මූල්‍ය සමාගම්වල දියුණුව හරහා සමාජයේ වෙනත් කොටස්වලට පෙරී එතැ යි විශ්වාස කළ සමෘද්ධිය, එයාකාරයෙන් සිදුව ඇති සැටියක් නොපෙනේ. බොහෝ රටවල තත්වය වී ඇත්තේ, ධනපතියන්ගේ සහ පාලකයන්ගේ රසමසවුළු පිරි භෝ්ජනවලින් බිමට වැටෙන වාටි කෑමෙන් සෑහීමට දුප්පතාට සිදුව ඇති බවයි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ අද 2015 අයවැය ඉදිරිපත් කරන්නේ, එවැනි අසාධාරණ, අවාසනාවන්ත සහ භයානක ආර්ථික අර්බුදයකින් අනතුරුවයි. එම අයවැය මෙවර ඉදිරිපත් කරන්නේ වෙනදාට වඩා සති දෙකකට කලිනි. ඊට හේතුකාරක වී ඇතැ යි පෙනෙන්නේ, ජනවාරි මාසයේ පැවැත්වෙතැ යි සිතන ජනාධිපතිවරණයයි.

විපක්ෂ නායකයන්, වෘත්තීය සමිති ක‍්‍රියාධරයන් සහ වඩාත් ස්වාධීන ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන පරිදි, 2015 අයවැය එකී ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන ඉදිරිපත් කරන්නකි. ඒ අනුව, අතපය දිග හැර දෙන සහන වැලක්ම එයින් ලැබෙනු ඇත. එහෙත්, ඒ මැතිවරණ ගුණ්ඩු කොතෙක් කල් රඳා පවතී ද යන වලංගු ප‍්‍රශ්නය බොහෝ දෙනා මතු කරති.

ළඟ එන ජනාධිපතිවරණයේ ප‍්‍රතිඵලය ගැන එකිනෙකට පරස්පර අදහස් උදහස් ජනාධිපතිවරයාගේ පැත්තෙන් සහ විපක්ෂ නායකයන්ගේ පැත්තෙන් ඉදිරිපත් වෙමින් තිබියදී, ජනාධිපතිවරයා අයවැය ඉදිරිපත් කිරීමෙන් පසු තමන්ගේම වන අයවැයක් තමන් ඉදිරිපත් කරන බව ප‍්‍රධාන විපක්ෂය වන එක්සත් ජාතික පක්ෂය පසුගිය බදාදා කියා සිටියේය.

ප‍්‍රවෘත්ති සාකච්ඡුාවක් අමතමින් කතා කළ එක්සත් ජාතික පක්ෂයේ සහාය නායක රවි කරුණානායක, රජයේ සේවකයන්ට මේ අයවැයෙන් රුපියල් 5000 ක වැටුප් වැඩි වීමක් සහ තවත් කොටස්වලට වෙනත් අතාර්කික සහන රැුසක් ලැබෙන්ට නියමිත බවත්, එය වනාහී, ගිය මාසයේ ඌව පළාත් සභා ඡන්දයෙන් ආණ්ඩුව ලද අවමානය ආපසු හරවමින් මහජන විශ්වාසය දිනා ගැනීම සඳහා එල්ල කරගත් පටු අරමුණක් පමණක් වන බව පෙන්වා දුන්නේය.

පාර්ලිමේන්තුවේ අද සිටින එකම වරලත් ගණකාධිකාරීවරයා වන රවී කරුණානායක, අනාගත එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක්, රජයේ සේවකයන්ගේ මාසික වැටුප් රුපියල් 10,000 කින් වැඩි කොට, විශ‍්‍රාමිකයන්ගේ මාසික වැටුප් රුපියල් 2500 කින් වැඩි කරන අතරේ පෙට‍්‍රල් ලීටරයක මිල රුපියල් 50 කින් ද, ඞීසල් ලීටරයක මිල රුපියල් 15 කින් ද අඩු කරමින්, ගමනාගමන වියදම් සියයට 20 කින් පහළ දැමීමට කටයුතු කරන බව කියා සිටියේය. එසේම, අනාගත එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් යටතේ, ගොවියන්ට වී කිලෝවක් සඳහා රුපියල් 50 ක සහතික මිලක් ද, අර්තාපල් අල කිලෝවක් සඳහා රුපියල් 80 ක සහතික මිලක් ද ලබා දෙන බවත්, උසස් අධ්‍යාපනය සඳහා අයවැයෙන් සියයට 6 ක් වෙන් කොට, සාමාන්‍ය අධ්‍යාපනය සඳහා සියයට 4.5 ක් වෙන් කරන බවත් කීවේය.

මේවා සහ තවත් මෙවැනි අමතර සහන තමන් විසින් සපයනු ඇත්තේ, ‘ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම’ සහ ‘මිහින් එයා’ වැනි ඩොලර් කෝටි ගණනින් නාස්ති කරන ව්‍යාපෘති නතර කර දැමීමෙනැ යි ඔහු පෙන්වා දුන්නේය. ඒ වෙනුවට මේ ආණ්ඩුව කරන්නේ, රුපියල් 100 ක් මහජනතාවගේ සාක්කුවට දමන අතරේ රුපියල් 1000 ක් අනිත් පැත්තෙන් එම සාක්කුවෙන් උදුරා ගැනීම බව ඔහු පෙන්වා දුනි.

රාජපක්ෂ ආණ්ඩුවෙන් සහ විපක්ෂයේ පක්ෂවලින් මොන තරම් පොරොන්දු සහ සහතික ලැබුණත්, දේශපාලනය සහ දේශපාලකයන් කෙරෙහි ඇති විශ්වාසය බොහෝ දෙනා කෙරෙන් බිඳී ගොස් ඇත. හේතුව, ඒ දේශපාලඥයන්ගෙන් බොහොමයක්, නොයෙක් පොරොන්දු දෙන මුත් එම පොරොන්දු නොරකින අයවළුන් වන නිසා ය. බොහෝ දේශපාලඥයන් කියන බොරු සහ කෙබරත්, ව්‍යාජ සංඛ්‍යා ලේඛන සහ අර්ධ සත්‍යයනුත්, ඔවුන් තුළින් පෙනෙන්ට ඇති කුහක කම සහ වංචාවත් නිසා, ඔවුන් කෙරෙහි වන මහජන විශ්වාසය බරපතල සේ බිඳ වැටී තිබේ. රාජපක්ෂ අයවැයෙන් හෝ එක්සත් ජාතික පක්ෂ අයවැයෙන් මොන දේවල් ලැබුණත් නැතත්, අවංක භාවයකින් සහ සමාජ වගකීමකින් මෙහෙයැවෙන නව නායකයන්ගෙන් දසලක්ෂ සංඛ්‍යාත ජනතාවකට යම් සහනයක් ලැබෙනු ඇතැ යි අපට අපේක්ෂා කළ හැකිය. ඒ, ජනතාවට සේවය කිරීම සඳහා පැමිණෙන දේශපාලඥයන් ය. ජනතාව රවටනවා වෙනුවට, රටේ සේසත කොල්ලකනවා වෙනුවට, රටට යමක් දෙන දේශපාලඥයන් ය.

*2014 ඔක්තෝබර් 22 වැනි දා ‘ඬේලි මිරර්’ පුවත්පතේ “A Time To Keep Promises” යන හිසින් පළවූ කතුවැකියේ සිංහල පරිවර්තනය
‘යහපාලනය ලංකා’

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    1

    රවී කරුණානායක පාර්ලිමේන්තුවේ අද සිටින එකම වරලත් ගණකාධිකාරීවරයා බව මෙම ලිපිය ලියන්නා අවධාරණයෙන් කියයි. නමුත් 2014 ඔක්තෝබර් 22 වැනි දා ‘ඬේලි මිරර්’ පුවත්පතේ “A Time To Keep Promises” යන හිසින් පළවූ කතුවැකියේ හෝ රවී කරුණානායක මහතාගේ කිසිම සටහනක (profile) එවැන්නක් නොකියයි. අධ්‍යාපන සුදුසුකම් ගැන හැමෝම කතාකරන මේ අවධියේ මේ ටික නොකියාම බැරිය.

    http://lk.linkedin.com/pub/dir/Ravi/Karunanayake හි රවී කරුණානායකගේ අධ්‍යාපනය ගැන ලියා අැත්තේත් ‘past education’ යනුවෙන් ඔහු අධ්‍යාපනය ලද අායතන සහ පාසල් වන The Chartered Institute of Management Accountants සහ Royal College Colombo සහ St. Thomas’ Preparatory School යන්න මිස ඔහුගේ ‘educational qualification’ ගැන නොවේ. කරුණානායක පාස්කල විභාගයක් ගැන කිසිවක් එ්වායේ නොකියයි. එසේම Ravi Karunanayake නමින්වූ තවත් facebook වෙබි අඩවියක වැරදියට අකුරු ඉංගිරිසි අකුරු අමුනා ලියා අැති ‘charted instutute of management accountants’ නම් අායතනයේ Studied at කියාද ලියා අැත. ස්ටඩි කොලා කියන්න නම් ඔනැම කෙනෙකුට බැරියැ. චන්ද්‍රිකාත් කියුවෙ PhD ස්ටඩි කොලා කියල. නමුත් කිසිම තැනක කරුණානායක පාස්කල විභාග ගැන විස්තරයක් ලියා නැත.

    අඩුම වශයෙන් රවී කරුණානායක මහතා කිසිම දිනක වරලත් ගණකාධිකාරී අායතනයක වැඩකල බවක් තබා පුහුනුවූ බවක් හෝ මා දන්නා කිසිවෙක් අසා නැත. කාගෝ (cargo) වලට සම්බන්ද කොම්පනි ගනනාවක රවී සේවයකර අැති බවත් එ් අතරවාරයේ අැමති අැතුලත්මුදලිට සේවය කල බවත් පසුව ඔහුට පූර්ණ කාලීනව වැඩකල බවත් දන්නෝ දනිති. අැතුලත්මුදලිට වෙඩිකබා මරාදැමූ පසු තමන්ගේම කාගෝ අායතන සහ වෙනත් ව්‍යාපාර රවි විසින් ඉතා සාර්ථකව දියුනු කරගත් බවත් ඉක්මනින්ම ගඡ පොහොසතෙක් වූ බවත් දන්නෝ දනිති.

    අාණ්ඩු පක්ෂයේ බොහෝ දේශපාලඥයන් මෙන්ම රවි කරුණානායකද ගොරහැඩි හමක් අැති බොරුකාර දේශපාලඥයෙක් බව සදහකන්කල යුතුමය. කරුණානායක වෙළඳ අැමතිව සිටි කෙටි කාලයේ සතොස විනාශකිරීම හැර ඔහු කල වෙන දෙයක් නොමැත. රාඡගිරියේ මන්ද බුද්ධිකයන්ගේ නිවාසය වෙන තැනකට තල්ලුකර එම ඉඩම කඩා ගැනිමට බැල්ම දැම්මත් එය කල නොහැකිවූයේ එකල යූඑන්පියට ඉක්මනින්ම බලය අහිමිවීම නිසාය.

    2001දී යූඑන්පිය බහුතර අාසන සංඛයාවක් දිනාගෙන රටේ පාලන ගෙන කල කී දෑ මතකද? ඩොලර් මිලියන හතරක් අැමරිකන් කොමිපැනියකට ගෙවා “රීගේනින් ලංකා” නමින් යූඑන්පිය කරන්නට යන දිගුකාලීන වැඩසටහනක් ඉදිරිපත් කලා. එම පලෑනේ මුලින්ම තිබුනේ LTTE සමග සාමයයි. එ්ක ඉතින් කල නොහැක්ක් බව යූඑන්පිය ක්‍රියාවෙන්ම ඔප්පු කලා. “රීගේනින් ලංකා” ඊලඟ අංඟය උනේ රජයේ සේවකයන් බාගයකට කප්පාදුකොට ඉතිරි අයගේ පඩි වැඩිකිරිමයි. එය දීර්ග කාලිනව කල යුත්තක් බව මමද පිළිගනිමි, නමුත් එය එම අවස්ථාවේ කලයුත්තක් නොවේ. ඊලඟට සියල්ල පුද්ගලිකකරණය කිරීමයි. කුඹුරු ගොඩකිරීම එහි තවක් කොටසක්.

    “උසස් අධ්‍යාපනය සඳහා අයවැයෙන් සියයට 6 ක් වෙන් කොට, සාමාන්‍ය අධ්‍යාපනය සඳහා සියයට 4.5 ක් වෙන් කරන බවත් (රවී) කීවේ” යයි ලියුම්කරු කියයි. එ් කියන්නේ මුලු අධ්‍යාපනය සඳහා 10.5% ක් වෙන් කරන බවයි. බහුබූත කතානෙ. රවීට කලහැකි දෙයක් නැහැ. රවීගෙ ලොක්කා තමයි එඡාපය නටවන්නේ. එනිසා දැන් මම රවිගෙ ලොක්කාගේ කැරැට්ටුව කියන්නම්. 2005දී රනිල් IDU (ඉන්ටර් නැෂනල් ඩිමොක්‍රැටික් යූනියන්) උප සභාපති කෙනෙක් විය. 2011 දී රනිල් IDU අාසියා පැසිෆික් කොටසේ සභාපති විය. මෙකක්ද මේ IDU කියන්නේ. IDU යනු 1983දී අන්ත දක්ෂිනාන්ෂික දේශපාලන පක්ෂය 80 ක එකතුවකින් පිහිටුවාගත් එකතුවකි. එහි මුල් සාමාඡිකයින් ලෙස බිරිතානි අගමැති මාගරට් තැචර්, පසුව අැමරිකානු ඡනපති ඡෝර්ඡ් බුෂ් Sn, පසුව ප්‍රන්ස ඡනපති ඡැකස් චිරාක්, ඡර්මන් චාන්සලර් හෙල්මට් කෝහල් යන අන්ත දක්ෂිනාන්ෂිකයින් ද විය. ඉහත රටවල ලේබර් නායකයින් කිසිවෙක් මේ එකමුතුවේ නැත. තම අන්ත දක්ෂිනාන්ෂික අදහස් ලෝකයේ සම අදහස් අැති පක්ෂ සමග බෙදා හදා ගැනීම මොවුන්ගේ මූලික පරමාර්ථ අතර විය. බිරිතානියේ කොන්සවටිව් පක්ෂය යනු අන්ත දක්ෂිනාන්ෂික දේශපාලන පක්ෂයකි. එඡාාප නායකයා වන රනිල් කොන්සවටිව් පක්ෂයේ 2014 මහ සමුලුවට සහභාගි විමෙන්ම එඡාපයේ ඉදිරි ගමන් මග කුමක්ද යන්න පැහැදිලිව පෙන්නුම් කරයි.

    ඉතින් රනිල්ලා බලයට ඔය අධ්‍යාපනය කතා කෙසේ වෙතත් අර “රීගේනින් ලංකා” නම් ක්‍රියාත්මක කරාවි. දැන් රජයේ සේවකයන්ගේ මාසික වැටුප් රුපියල් 10,000 කින් වැඩි කරන්නේ යයි පොරොන්දු දෙන්නේත් 2001දී “රීගේනින් ලංකා” පොතේ සදහන්වූ අාකාරයටම විය යුතුය. අප වැනි දුප්පත් රටවල විරැකියාව වැඩිවන විට අසහනය වැඩිවී තවත් කැරැල්ලකට මග පෑදෙන නිසා යූඑන්පි කෙරුවාව දන්නා ඡේවීපිය නම් රනිල්ලා බලයට එන එකට උඩින්ම කැමති වේවි.

    ‘ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම’ කෙසේ වෙතත් ‘මිහින් එයා’ නම් හොර ගුහාවක්ව තිබූ බව අප කවුරුත් දනිමු. ඉස්සරහ බලනකොට පස්සත් පෙනෙනවා යයි කියූ මහින්ද ඡනාධිපතිට එ්වා නොපෙනේ නම් පුදුමයක්ය. රඡයේ අායතන 54න් වලින් 47ක්ම ලාබ ලබන බව මහින්ද කීවේය. ඉදිරියේදී චන්ද දිනන්නට නම් අනෙක් අායතනයන්ද ලාබ ලබන තැනට පත්කරගත යුතු බව මහින්ද නොදන්නවා නොවේ. යුද්ධය අවසන්කර තවම වසර පහකි. එම කාලය තුල ශ්‍රි ලංකාව ලබා අැති ඡගත් ප්‍රගති සංසන්දන අනුව මහින්ද වසර පහට කර අැති දේ කලින් සිටි සියලු ඡනාධිපතිවරුන් එකතුව කලදේටත් වඩා වැඩි බව පැහැදිලිය.

    සියල්ලටම පෙර ඉදිරියට යන රටකට අවශ්‍ය වන්නේ සාමය සහ දේශපාලන ස්ථාවරත්වයය. චන්ද පරදින රඡයකට සාමයක් හෝ දේශපාලන ස්ථාවරත්වයක් ගෙනඅා නොහැක. චන්ද ගුන්ඩුවක්යයි විපක්ෂය චෝදනා කලත් මේ අයවැයට බහුතර ඡනයා කැමතිවන බව මහින්ද දනී. “කොහොමද ගමේ බයියන්ගෙ වැඩ” යයි ඡනාධිපතිවරයා විපක්ෂයෙන් අැසු ප්‍රශ්ණයෙන්ම එය පැහැදිලිය.

    අප කවුරුත් දන්නා පරිදි විපක්ෂය චන්ද එපා කියයි. නමුත් මහින්දගේ රඡය මැතිවරණ නියමිත කාලයට පෙර පවත්වයි. ඉදිරි වසර කිහිපය තුලත් පාර්ලිමේන්තු සහ පලාත්පාලන වන්ද පැවැත්වීමට නියමිතය. රවීලා කියන පරිදි මේ අයවැය බොරුවක් සහ ඡනාධිපත්වරණ ගුණ්ඩුවක් පමණක් නම් සහ මහින්ද දුන් සහන කල් රඳා පවතින්නේත් නැතිනම් ඉදිරි චන්ද විපක්ෂයට දිනාගත හැකි වියයුතුය.

    • 1
      0

      Hadu Bando, if you would collect all what Rajapakshes have grabed from the poor tax payers funds are much more than all Karus or others have done sofar. Dont you think so ? You ve been a man in mid 70ties should have to have a reliable belly feeling rather than just stuck to mud slinging agendas of today s crime friendly environments. Today, baduth ewunge naduth ewunge is what every 10 year old would easily feel if any average would address their issues regardless of being them belonging to Justice or other areas. To this day, what is being not ERODED in this country – with the directly mediation of the man in power- whose compliance to the consitution of the country is becoming a critical as never had been in the history of this country. If not for own power indulgence and greediness, holding a snap poll to win an another mandate to loot the nation is what almost every citizen would raise this days. But all in all- nothign seems to be concerns of your kind of people who would be maruwath kaputha UPFA . Blind believing people of your nature are a curse to this country as it is the case of Ibola epidemy to those afro nations that are in all anxities today in that part of the world.

      • 0
        1

        I bet you have a little brain and a fat belly. Perhaps that’s why you talk about my age and not about my point of view.

    • 0
      0

      Something very wrong should have made you feel like what you are today.
      Even if you are a senior person of this society you seem to see nothing right but to be back lickers of the Raja who according to the opposition and right thinking people feel are go against the 78 consittuion. Not nothing else, but the only issues his unconstitutional moves should be the key reason people to disagree to him in upcoming election. Else, the nation would be fallen to the levels beyond Zimbabwe, Pakistan or the like countries. This country thought small compared to those countries that owns so called democaticratic values enjoyed better values under any of the past leaders. Today the deteriorating levels of the society – in the line of resepct and dignity are more of less similar to that of Pakistan where illerates re govering their societies. That is a shame for us lanken whose literay and other social indicators are comparable to the some highly developed western and the like nations. This man in power should definintely be an agony of all forms – it is high time him to be sent out of our eye sights by making all avenues to get him assets nationalized for the uplifments of the poor of the poor – whose vote and innicence were instrumental in the political survival of the Meeharaka Rajapakshes.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.