20 April, 2024

Blog

අනාගත පරම්පරාවල නාමයෙන් අපි තීරණාත්මක ලෙස ක‍්‍රියාකාරී වෙමු: ජනාධිපතිවරණය පිළිබඳ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ප‍්‍රකාශය

ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත් කරනු ලැබ ඇත. ඒ නිසා ජනවාරි 8 වැනි දා මැතිවරණයේදී අප සියලූ දෙනාට මෙරට පුරවැසියන් ලෙස අපගේ ඡන්දය භාවිත කිරීමට සිදුවනු ඇත. ගැඹුරින් කරුණු සලකා බලා අප එළඹගත් නිගමනය වන්නේ අපේ රට අනාගත පරම්පරා කෙරෙහි තීරණාත්මක බලපෑම් ඇති කරන්නා වූ ඓතිහාසිකව වැදගත් සන්ධිස්ථානයකට එළඹ ඇති බවය. අප අපේක්ෂා කරන සියලූ වෙනස්කම් එක් රැුයකින් හෝ හුදෙක් ආණ්ඩු මාරුවකින් දිනාගත හැකියයි විස්වාස නොකරන අපි මෙම එළඹෙන ජනාධිපතිවරණය ප‍්‍රජාතන්ත‍්‍රවාදය නීතියේ පාලනය යහපාලනය සහ සමාජ සාධාරණය සම්බන්ධ ගැටලූ ආමන්ත‍්‍රණයට කුඩා අවකාශයක් උදා කර ඇතැයිද සිතමු.

Mahinda Maithriපසුගිය දශකය තුළ නීතියේ පාලනය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ යහපාලනය පිළිබඳ ප‍්‍රමිතීන් සහ ප‍්‍රතිමානවල බිඳ වැටීමක් සිදු වූ බවත් දේශපාලන බලය සහ ආර්ථික බලය ඉතා කුඩා කණ්ඩායමක් අත සංකේන්ද්‍රණය වූ බවත් අපි දැඩි අවධානයෙන් යුතුව නිරීක්ෂණය කරමු.

මේ තත්වය පහත සඳහන් ක්ෂේත‍්‍රයන්හි දැකිය හැකි විය:

* අධිකරණ ක්ෂේත‍්‍රය සම්පූර්ණයෙන්ම පාහේ දේශපාලණීකරණය වීමල අධිකරණ පද්ධතිය තම වාසිය පිණිස අවභාවිත කිරීම අර්බුදකාරී උපරිමයක් කරා ගමන් කළේ හිටපු අග‍්‍රවිනිශ්චයකාරවරිය නීතිවිරෝධී ලෙස දෝෂාභියෝගයකට ලක්කිරීම නිසාය.

* පොලීසිය දේශපාලනික වශයෙන් පාලනය කිරීම, පොලීසියේ මහජන වගවීමක් නොමැතිකම, පොලිස් නිලධාරින් විසින් කරන ලද මානව හිමිකම් උල්ලංඝනය කිරීම් දරුණු මට්ටකම පැවතීම

* ජනමාධ්‍යවේදීන්ට තර්ජනය කිරීම සහ නිදහස් මාධ්‍ය මර්දනය කිරීම

* පාලක ප‍්‍රභූ පිරිස අත සංකේන්ද්‍රණය වී ඇති රාජ්‍ය ආයතන සහ සේවාවල බිඳවැටීම. මෙම ආයතන සහ සේවා වෙත ප‍්‍රවේශවීමට අපට ඇති හැකියාව සීමා කර ඇත්තේ එම ආයතන සහ සේවා ලබා ගැනීමේ හැකියාව බලපෑම සහ බලය යෙදීමේ හැකියාව මත තීරණය වන නිසාය. මේ නිසා රාජ්‍ය සේවකයෝ දේශපාලන අතපෙවීම්වලට ලක් කෙරෙන අතර යම් ආකාරයක ස්වාධීනත්වයක් පෙන්නුම් කරන්නට නිර්භීත වන රාජ්‍ය සේවකයෝ දේශපාලනිකව ගොදුරු කරනු ලැබෙති.

* දුර්වල පාලනය, හැකිලූණු ශාස්තී‍්‍රය ස්වාධීනත්වය සහ අත්‍යවශ්‍ය ප‍්‍රතිපාදන නොමැතිකම නිසා ක‍්‍රියාකාරීව පැවතීම පිණිස දුෂ්කර ක‍්‍රියාවක යෙදෙන විශ්වවිද්‍යාල දේශපාලනීකරණය කිරීම.

* ධනවතුන් සහ දුප්පතුන් අතර පරතරය වැඩිවීම. සෞඛ්‍ය සහ අධ්‍යාපන පහසුකම් ලබාගැනීමට දුප්පතුන්ට ඇති එකම මූලාශ‍්‍රය රාජ්‍ය අංශය වුවත් ඔවුන් වැඩිවැඩියෙන් ආන්තිකකරණයටද පෞද්ගලික අංශය වෙතද තල්ලූ කරනු ලැබේ.

* ජනවාර්ගික, ආගමික සහ සංස්කෘතික විවිධත්වය නොඉවසීම එන්න එන්නම වර්ධනයවීම. පාලක ප‍්‍රභූන්ගේ හෙජමනිය පවත්වා ගැනීම සඳහා ආගමික නොඉවසීම ලජ්ජා සහගත ලෙස වර්ධනය කිරීම. සප‍්‍රජාවන් සහ කණ්ඩායම් අතර අවිස්වාසය ඇතිවීම සහ සු`එජාතිකයන්ගේ අයිතිවාසිකම් කඩවීම වේගයෙන් වර්ධනයවීම.

* ආර්ථික ව්‍යාපෘති හා සම්බන්ධ නාස්තිය සහ දේශපාලනීකරණය වූ ව්‍යාපාර මාෆියාවක් නිර්මාණය කිරීම.

* මැතිවරණ නීතීන් උල්ලංඝනය කිරීම- නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පැවැත්වීම කළ නොහැකි තත්වයට පත් කරමින් කිසිම දණ්ඩනයකට යටත් නොවී මැතිවරණ නීති සම්පූර්ණයෙන් උල්ලංඝනය කිරීම

ඉහත සඳහන් කාරණා පමණක් නොව රටේ අනාගතයද සුපරික්ෂාකාරීව සලකා බලමින් එළඹෙන මැතිවරණයේදී තම පුරවැසි වගකීම ඉටු කරන ලෙසට අපි අපගේ සහෝදර පුරවැසියන් පොළඹවන්නට කැමැත්තෙමු. ජනතාවට තමන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කර තහවුරු කරගත හැක්කේ ජනතාව බලය කි‍්‍රයාවට නැංවීමෙන්ම පමණි. අප සියලූ දෙනාටම අනාගත පරම්පරාවල නාමයෙන් තීරණාත්මක ලෙස ක‍්‍රියා කරන්නටත් අපේ වටිනා ඡුන්දය පහත සඳහන් කාරණා වෙත කැප වූ අපේක්ෂකයෙකු වෙනුවෙන් භාවිත කරන්නටත් කාලය පැමිණ ඇත:

* පහත සඳහන් දේට ප‍්‍රමුඛතාව දෙන එහෙත් හුදෙක් ඒවාට පමණක් සීමා නොවන ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ වෙත එළඹීම:

– විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම
– යාවජීව ජනාධිපති ධුරයකට දොර විවර කරන 18 වැනි සංශෝධනය අහෝසි කිරීම
– අධිකරණය රාජ්‍ය සේවය සහ පොලීසිය වෙත සු`එ හෝ ස්වාධීනත්වයක් තහවුරු කළ 17 වැනි සංශෝධනය නැවත පිහිටුවීම

* සාධාරණය සහිත සාමය සහ ප‍්‍රතිසන්ධානය දිරිගැන්වීමට සංයුක්ත සහ අර්ථසම්පන්න පියවර ගැනීම සහ විතැන් වූ සියලු ජනයා තමන්ගේ මුල් පදිංචි ස්ථානවල යලි පදිංචි කරවීමග

* රාජ්‍ය අධ්‍යාපනය වෙනුවෙන් ආණ්ඩුවේ වැයකිරීම් ලෙස දළදේශීය නිෂ්පාදිතයෙන් 6%ක් වෙන් කිරීම සහ රාජ්‍ය අධ්‍යාපනයේ ගුණය සහ ප‍්‍රමිතිය සහතික කිරීම

* මහජන සෞඛ්‍යය වෙනුවෙන් කරන රාජ්‍ය වියදම් විශාල වශයෙන් වැඩි කිරීම සහ රාජ්‍ය සෞඛ්‍ය සේවයේ ගුණය සහ ප‍්‍රමිතිය තහවුරු කරන පියවර ගැනීම

* විදේශ සම්බන්ධතා, අධ්‍යාපනය, සෞඛ්‍යය සහ අනිකුත් වැදගත් අංශ පිළිබඳ ජාතික ප‍්‍රතිපත්තීන් ස්ථාපිත කිරීම සහ මෙම අංශ ඒවාට අදාළ වෘත්තිකයන්ගේ සේවය යටතට පත් කිරීම

* තොරතුරු පිළිබඳ අයිතිය ආරක්ෂා කරන පනතක් ක‍්‍රියාවට දැමීම

* මාධ්‍ය නිදහස ආරක්ෂා කිරීම

* දූෂණයල අල්ලස සහ නාස්තියද ව්‍යාපාර මාෆියාවද නැති කිරීම

* රාජ්‍ය සේවය සහ ව්‍යාපාර අංශ නිර්දේශපාලනීකරණය කිරීම

* ඥාතිසංග‍්‍රහයෙන් සහ බල අපයෝජනයෙන් තොර යහපාලනයක් ඇති කිරීම

එසේම නිදහස් සහ සාධාරණ මැතිවරණයක් සහතික කරන මෙන්ද මැතිවරණ නීති උල්ලංඝනයන් වලක්වන්නට මැදිහත් වන ලෙසද අදාළ සියලූ දෙනාගේ ආරක්ෂාව සහතික කරන ලෙසද අපි මැතිවරණ කොමසාරිස්වරයාගෙන්ද බලවත් සේ ඉල්ලා සිිටිමු.

ඉහත සඳහන් කාරණා වෙත කැපවීමට තරම් වගකීමෙන් යුතු අය මත අප බලපෑම් කරන අතර මෙකී යෝජිත ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ සහ ප‍්‍රතිපත්ති වෙනස්කම් කිරීම පිණිස ජනාධිපතිවරණයෙන් පසුවද කටයුතු කරන්නට අපි කැපවෙමු.

අත්සන් කළ අයගේ නම් ලැයිස්තුව සඳහා මෙතන ක්ලික් කරන්න​

Print Friendly, PDF & Email

Latest comment

  • 0
    1

    මේ උගතුන්ට නොපෙනෙන පැත්තක් බයියෙක් වන මට පෙනෙන නිසා එය පහදා දෙන්නටයි මේ උත්සාහය.

    ඔිනෑම දෙයක් ගැන සිරිසේනයගෙ දැනුම බිංදුව බව දැන් දැන් මොනවට පැහැදිලිවේ. බකිංහැම් මාලිගය තිබෙන්නේ අැමරිකාවේ යන්න පමණක් නොවෙයි එන්ගලන්තය තිබෙන්නේ අැමරිකාවේ යයි සිරිසේන කීව්වොත් පුදුම නෙවිය යුතුයි. සිරිසේන O’ලෙවල් පාස් ග්‍රාමයෙක් පමණයි. එ් නිසයි 1994දි චන්ද්‍රිකා ඔහුට ඩෙපියුටි මිනිස්ටර් නමක් විතරක් දුන්නේ. 1997දී පක්‍ෂයේ ලේඛම් කම ඔහුට නොදී SBට දුන්නේත් එ්කයි. 2001දී SLFP එක කඩාගෙන SB එජාපයට ගියහම නම් පක්‍ෂ ලේඛම් කම සිරිසේනට නිකම්ම පාත් උනා. අද සිරිසේන පපට් කෙනෙක්ය. චන්ද්‍රිකා සහ රනිල් පපට්ටියර්ලාය.

    එනිසා දැන් වැදගත් වන්නේ සිරිසේනට උපදෙස් දෙන චන්ද්‍රිකාගේ සහ ඔහු ජනාධිපතිවූ පසු ඔහුට පාර්ලිමේන්තුවේ බලය සපයන්නට බලාපොරොත්තුවන රනිල්ගේ කෙරුවාවය. චන්ද්‍රිකා අවලම්මු සමග තවලම් ගොස් වසර 11 ක්ම යුද්ධ ගනනාවක් කර පැරදී ලංකාවේ අාර්තිකය රින 1.5ට බැස්සු අයෙකි. එසේ රින කල අාර්තිකය ගොඩ ගැනීමට අගමැති උන රනිල් LTTEට රටේ 1/3 ක් ලියා දී තාවකාලිකව යුද්ධය නැවැත්වූවත් ඔහු බලයේ සිටි වසර තුන තුල එකදු රැකියාවක්වත් නොදුන්නේය. කිසිදු පඩි වැඩි කිරීමක් නොකලේය.

    සිරිසේනට හැදීගන එන්නේත් ගියවර පොදු අපේක්‍ෂක ෆොනීට හැදුන ලෙඩේම බව පැහැදිලි වන්නේ ෆොනී කියූ කතා මතක්වන විටය. මොනවා උනත් මෙෙත්‍රිපාල මෙන් නොව ෆොනි නියම වැඩකාරයෙක් බව මුලු රටේම පිලිගැනීමට ලක්වී තිබුනි. තමන් අතර මොන මොන මතභේද තිබුනත් එදා යුඑන්පී කාරයෝත් ජේවීපී කාරයොත් එ්වා වහගෙන LTTE ප්‍රොක්සි ටීඑන්එ් කාරයන් සමග බොක්කෙන්ම ෆාෙනීට වැඩ කලේය. සෑම මැතිවරණ රැලියක්ම රතු කොඩි සහ කොල කොඩි වලින් ලෙල දුන්නේය, සෙනග පිරී ඉතිරී ගියේය.

    එම මැතිවරණ රැලි වල සෙනග දැක ටැමිල් ඩයස්පොරාවේ ෆේස් බුක් සහ ටුවිටර් පනිවිඩ කියවා එ්වාට රැවටී ඔලුව ඉදිමවාගත් ෆොනී චන්ද දවස කිට්ටුවෙනකොට තමාගේ දිනුම ගැන අධි තක්සේරු කර රාජපක්‍ෂලාට කලවැද්දන් කීවේය. බෝගම්බර යන්න පැදුරු කොට්ට ලැහැස්තිකරගන්න යයි කීවේය. ජම්පර් අඳින්න ලැහැස්තිවෙන්න කීවේය. නමුත් චන්ද ලක්‍ෂ 18කින් ෆොනී පරාජය විය. ෆොනී දිනා තිබුනේ දෙමළ බහුතරයක් අැති අාසන පමනය. කොම්පියුටර් ජිල්මාට් වලින් මහින්ද ජනාධිපති උනා යයි කියා අැඟ බේරා ගන්නට රතු සහෝදරයන්ට සිදුවිය. කොම්පියුටර් ජිල්මාට් පට්ටපල් බොරුවක් බව එජාප මංත්‍රි අජිත් පෙරේරා මේ ලඟදි දෙරණ නාලිකාවේ වාද පිටිය සංවාදයකදී කීවේය.

    එසේ නම් ෆොනී පැරදුනේ අැයි? විශ්‍රාම යාමට සිටි ෆොනීට සේවා දිගුවක් ලබාදී යුධහමුදාපති ලෙස පත්කලේ මහින්ද රාජපක්‍ෂ බව ඔහු අමතක කලේ දූෂ්ඨයාගේ චරිතය අාරූඩ කරගනිමිනි. දූෂ්ඨයන්ට බහුතර සිංහල බෞද්ධයන් කැමති නැත. අාප්ප කා පැදුරටත් නොකියා පලා ගිය නිසා මෙෙත්‍රිපාල දූෂ්ඨයෙක් යයි සහ එනිසා ඔහු පරදින්නේ යයි මම නොකියමි. මෙෙත්‍රිපාල පරදින්නේ ඔහු 1) වැඩ බැරි ටාසන් කෙනෙක් නිසාත්, 2) රූකඩයක් වැනි පෙන්දෙක් නිසාත්, 3) දිව දෙකෙන් කතා කියන නිසාත්ය.

    කෙටුම්පත්කල පනතක් තමාගේ කොම්පියුටර දත්තවල තබා ගන්න බැරි අත්‍යාවශ්‍ය පනතක් තෙරේසා නම් ගැහැනියක් විසින් හොරකම් කලා යයි අඬන අැමතියා වැඩ බැරි ටාසන් කෙනෙකි. එපමනක් නොවේ, සම්මතවූ පනතකට අනුව සිගරට් පැකැට්ටුවේ තමන්ට අවශ්‍ය ප්‍රමාණයේ රූපයක් ගස්සවන්න බැරිඋන 3නු2කේ බලය සහිත රජයක ප්‍රධාන පක්‍ෂයේ ලේඛම් අැමතියා පෙන්දෙකි. අද දින 100 කින් අගමැතිට විධායක බලය පවරනවා යයි කියා හෙට නොයෙකුත් බලය තමා වෙත තබාගන්නවා යයි කියන අැමතියා දිව දෙකේ සර්පයෙකි. එවැන්නෙක් ජනාධිපති කලොත් මේ රටට මොනවා වෙයිද?

    එන්ජීඔි කාරයෝ සහ උගත්තු කාලයක් කීවෙ ශ්‍රි ලංකාව failed state එකක් යයිද එනිසා ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලනය ගෙන එ්මට R2P අවශය බවය. නමුත් අද එ් අය එම කතාව කියන බවක් අපට නෑසේ. එකක් කිව යුතුය. වැඩ බැරි ටාසන්, සිරිසේන ජනාධිපති උනොත් ශ්‍රි ලංකාවට අනිවාර්යයෙන්ම වෙන්නේ අපහු failed state එකක් වී එය හරි ගස්සවා ගැනීමට බටහිරයන්ගේ R2P ගිල ඉරාකයක් හෝ ලිබියාවක් වෙන්නය. ඊර්ෂියාව, වෙෙරය, ක්‍රෝධය නොමැතිව චන්ද දාකයන්ට නුවන පහල වේවා!

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.