28 March, 2024

Blog

පොරොන්දු වීම සහ එය එසේම ඉටුකිරීම: මිනිස් ඝාතන හතරකට වගකිව යුතු මිනිමරුවෙකුට ජනාධිපති සමාව දීමට සුදානම් වීම  

දුමින්ද සිල්වා සහ ඔහුගේ සාපරාධී සහචරයින්ට ත්‍රි පුද්ගල මහාධිකරණයක් විසින් ලබා දුන් මරණ දඩුවම් තීන්දුව පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් ස්ථීර  කල අවස්ථාවේ ඔහුගේ  දේශපාලන ආධාරකරුවන් කෑ ගැසුවේ ඔවුන් කවදා හරි “ස” මේ රටේ ජනාධිපති කරන බවටත් ඒ දවසට “ස” ට කියා දුමින්දව හිරෙන් නිදහස් කරගන්නා  බවටත්ය.

එතැන් පටන්  ප්‍රධාන පෞද්ගලික ජනමාධ්‍ය දෙකෙන් එකක අයිතිකරුවූ ඔහුගේ සහෝදරයා විසින් ඒ සදහා නිර්දය​ ව්‍යාපාරයක් දියත් කරන ලදී. ඔහුගේ ඒ සදාචාර විරෝධී, අතිශයින්ම පක්ෂග්‍රාහි ව්‍යාපාරය ගෝඨාභය රාජපක්ෂ  මැතිතුමා ශ්‍රී ලංකාවේ ජනාධිපතිධුරයට තෝරා පත් කර ගැනීම සදහා විශාල රුකුලක්වූ බව නොරහසකි . .

එවකට ජනාධිපති අපේක්ෂක ගෝටාභය රාජපක්ෂ  මැතිතුමාගේ ජනාධිපති සටන වෙනුවෙන් දුමින්දගේ සහෝදරයා දැවැන්ත මාධ්‍ය මෙහෙයුමක් දියත් කල තිබුණු අතර ජනාධිපතිවරණ මෙහෙයුමට අරමුදල් සම්පාදනය මගිනුත් විශාල දායකත්වයක් දුන් බවත් නොයෙක් මාධ්‍යවල පලවී තිබුණි. ඒ දායකත්වය සදහා කලගුණ සැලකීමක් වශයෙන් බලයට පැමිණි පසු දුමින්දට ජනාධිපති සමාව ලබා දෙන බවට ඒ ජනාධිපති අපේක්ෂකයා පොරොන්දු වූ බවට නොයෙකුත් මාධ්‍යය මගින් වාර්තා කර තිබුණි.

මෙම මාධ්‍ය වාර්තා ස්වාධීනව හා තනි තනිව තහවුරු කළ නොහැකි වුවද, මැතිවරණ ව්‍යාපාරය තුළ මේ මාධ්‍ය සමාගම හැසිරුණු ආකාරයත්, රාජපක්ෂ පවුල හා විශේෂයෙන් එවකට ආරක්ෂක අමාත්‍යාශයේ ලේකම් වශයෙන් කටයුතු කල ගෝඨාභය රාජපක්ෂ මැතිදුන් සහ දුමින්ද සිල්වා අතර තිබුන සමීප සම්බන්ධතාවය දෙස බලන කොට ඒවා සත්‍ය යැයි කෙනෙකුට තාර්කිකව නිගමනය කළ හැකිය. මෙම සිවු පුද්ගල මිනීමැරුම සිදු කරන අවස්ථාව වන විට ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරයා ලෙස දුමින්ද සිල්වා කටයුතු කිරීම ඔවුන්ගේ සම්බන්ධතාවයේ සමීප බව අවධාරනය කරයි.මාධ්‍ය ආවරණයක් ලබාගැනීම උදෙසා මිනිමරුවෙක් නිදහස් කිරීම නම් තමන් කවදාවත් සිදු නොකරන බව  එවකට විපක්ෂ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර සිටීමට මෙය හේතුවක් වුවා නිසැකයි .

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක විසින් භාරත ලක්ෂ්මන් මිනීමැරුම් නඩුවට අදාළව  ප්‍රධාන පුද්ගලයින් වන නඩුව විමර්ශන කල ප්‍රධාන පොලිස් නිලධාරියා සමගත්, මහාධිකරණ විනිසුරුවරයෙකු සමගත් කළායයි කියන ලද සංවාදවල ශ්‍රව්‍ය පටිගත කිරීම් අප සියලු දෙනාටම රහසක් නොවේ. මෙම කරුණු පොලිසිය විසින් විමර්ශනය කරන ලද අතර මෙම ඇමතුම් මගින් අධිකරණ තීන්දුවට බලපෑම් කළ බවට සාක්ෂි හමු නොවීය. මේ පිළිබඳව තවදුරටත් විමර්ශනය කිරීමට පොලිසියට වැඩි කාලයක් අවශ්‍ය වුයේ නම් ඔවුන් එසේ කළ යුතුව තිබු අතර විශ්වාසනිය සාක්ෂි හමු වුවානම් මිනීමැරුම් චෝදනාවේ දඬුවම වෙනුවෙන් 3 වන පාර්ශවයක් බලපෑම් කර ඇත්දැයි විමර්ශනය කර නීති පද්ධතියට අනුව නිසි නීතිමය ක්‍රියාමාර්ග ගත යුතුව තිබිණ. එසේ නොකර මාධ්‍ය හරහා නීති විරෝධී ප්‍රචාරයක් දියත් කරමින් දුමින්ද සිල්වාගේ මරණ දඩුවම යුක්ති සහගත හා නිවැරදි නොවන බව පුන පුනා කියමින් සංස්කරණය කරන ලද සහ තහවුරු නොකරන ලද හඩ පට ප්‍රචාරණය කිරීමට මාධ්‍ය සමාගමකට රාජපක්ෂ ආණ්ඩුව ඉඩ දෙමින් දුමින්ද  සිල්වාට අසාධාරණයක් වු බව කියමින් ව්‍යාජ සමාජ මතයක් ඇති කිරීමට උත්සාහ කළහ .

රාජපක්ෂ පාලන තන්ත්‍රයේ සාමාජිකයන් සහ දුමින්ද සිල්වාගේ සහෝදර මාධ්‍ය ජාලයෙන් අනුග්‍රහය ලැබූ බෞද්ධ භික්ෂුන්වහසේලා කිහිප නමක් විසින් එම නාලිකාවට පැමිණ මිනීමැරුම් වරදට බලපෑම් කලා යයි කියමින්, වැරදි මතයක් සමාජ ගත කිරීමට උත්සාහ කලේ එම මතය සනාථ කිරීම සදහා සාක්ෂි ඔවුන් සතුව ඇති බව ජනතාවට හගවමිනි. මෙම මාධ්‍ය සර්කස් දිගටම කරගෙන යාමට ඉඩ දීමෙන් රාජපක්ෂ තන්ත්‍රය ශ්‍රී ලංකාවේ සමස්ත අධිකරණ පද්ධතියම සමච්චලයට හා හෑල්ලුවට ලක් කලේ කිසිම තැකීමක් නැතිවයි. මෙය අධිකරණයට අපහාස කිරීමක් වැනිය.

ශ්‍රී ලංකාව මේ මොහොතේ පෙර නොවූ විරූ මූල්‍ය, සමාජ, කෙටිකාලීන හා දිගු කාලීන අභියෝගයන්ට මුහුණ දී සිටී. 20% හෝ ඊට වැඩි ප්‍රමාණයක්වූ ශි ලාංකිකයින් පහල මධ්‍යම පන්තියේ සිට දරිද්‍රතා රේඛාවට පහලිනුත්  පහලට සමාජ සංචලතත්වයකට පත්වීමේ  අවදානමට ලක්ව සිටිති. දැනටමත් දරිද්‍රතා රේඛාවට පහලින් ජිවත්වන අය දරිද්‍රතාවයේ පතුලටම ඇද වැටීමේ අවදානමට ලක්වී සිටිති; මෙම කණ්ඩායම සමස්ත ජනගහනයෙන් 50% කට වඩා වැඩිය. ලෝක සෞඛය සංවිධානයේ ආචාර්ය ඩේවිඩ් නබාර්රෝ පවසන පරිදි මෙම ප්‍රවනතාවය උග්‍රවන්නේ ගෝලීය වසංගතයත් සමගයි. මෙම සමාජ, ආර්ථීක ව්‍යසනය රාජපක්ෂවරුන්ටත්, ඔවුන්ගේ අමන මන්ත්‍රීවරුන්ටත්  සහ ඒ හා සමානව සමහර විපක්ෂ මන්ත්‍රීවරුන්ටත් රාත්‍රියේ නිදී වර්ජිතව සිටීමට කරුණක් නොවුවත් දුමින්ද සිල්වාගේ මරණිය දණ්ඩනය නම් නින්ද නොයන තරම් වැදගත් කාරණයක් බවට පත්වී ඇති බව පෙනේ .

දුමින්ද සිල්වා මේ මිනීමැරුම කරන අවස්ථාවේ මත්පැන් පානය කල සිටි නිසා මානුෂිය හේතුන් මත ඔහුට සමාව දෙන ලෙස ඉල්ලා පෙත්සමට අත්සන් කල බව විපක්ෂයේ මන්ත්‍රිවරයෙක්වූ මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා කිසිම හිරිකිතයක් නැතුව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය. ඔහුගේ වචනවලින් හැගවෙන්නේ මෙය සුළු අපරාධයක් මිස හතර දෙනෙක් සාපරාධී ලෙස මරා දැමු මිනීමැරුමක් බවක් නම් නොවේ. ඔහු මෑතකදී සිය අත්සන ඉවත් කර ගත්තද, ඔහු එය අත්සන් කරන අවස්ථාවේ දී, මෙම සම්පූර්ණ අභ්‍යාසය ජනාධිපතිවරයාට තමාට අවශ්‍ය දේ කිරීමට මුලික ආවරණයක් ලබා දෙන්නක්  බව ඔහු නොදැන සිටියේද ?

නින්දිත කල්ලියක් ශ්‍රී ලංකාව දේශපාලන, ආර්ථික හා සමාජීය වශයෙන් අනීතික පාලනයකට යටත් කරමින් සිටින අතර, බොහෝ ශ්‍රී ලාංකිකයන් විශ්වාසනිය වහලුන් බවට පත්කිරමින් සිටින බව පැහැදිලිය.අයථා  ලෙස උපයාගත් මහා ධනස්කන්දය භාවිතා  කරමින් අද මේ රටේ  ඉහල මට්ටමේ සිට පහල මට්ටම දක්වා තෝරා පත් කර ගන්නා නායකයන් තීරණය  කරනු ලබන්නේද  ඔවුන් විසින්මය.

යම් දවසක ශ්‍රී ලාංකිකයින්ට ඔවුන්ගේ ජාතිය, ආගමික විශ්වාසයන් සහ වෙනත් වෙනස්කම් නොසලකා පුද්ගල නිදහසේ හා සමානාත්වයේ මාවත තෝරා ගනිමින්  බාධාවකින් තොරව නිදහසේ ජිවත්  වීමට හැකි වනු ඇතැයි අපි අපේක්ෂා කරන්නෙමු . හතර දෙනෙක් අමු අමුවේ මහා පාරේ මරා දමපු මිනිමරුවෙකුට සමාව  දීමෙන් ඒ දිනය  උදා කරගැනීම ලගා කර ගත හැකි  නම් මේ වේදනාකාරී සිදුවීම් දාමය තුල ප්‍රේමචන්ද්‍ර පවුලේ අය වශයෙන් අපට යම් අස්වැසිල්ලක්  ලබා ගත හැකි වනු ඇත .

අසේල ප්‍රේමචන්ද්‍සහ සහෝදරියන්
කැනඩාව

Print Friendly, PDF & Email

Latest comments

  • 1
    0

    ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාත් මිනිස් ඝාතකයෙක්. ඔහු යුධ හමුදාවේ සිටි කාලයේදී හමුදා කණ්ඩායමක් භාරව කැලයේ පුහුණුවීම් අධීක්ෂණය කරද්දී හෘදාබාධයක් හැදිලා වැටුණු හමුදා සෙබලෙක්ට ප්‍රතිකාර නොදී, ඔහුව කැලයෙන් එලියට බිම දිගේ ඇදගෙන යන්න කියල කණ්ඩායමේ අනෙක් සෙබළුන්ට අණ කරලා. ඒ විතරක් නෙමෙයි, අමානුෂිකම දේ රෝගී වුනු සෙබල බිම දිගේ ඇදගෙන යත්දී, ගෝඨාභය කැලයෙන් එලියට එනතුරුම ඔහුට පයින් ගගහා ඇවිල්ල තියෙන්නේ. පස්සේ ඒ සෙබලා මැරුණා. ඊට පස්සේ අනිත් සෙබළු ඔහුට පහර දීල තියෙනව. ඊට පස්සේ තමයි ඇමරිකාවට ගිහින් තියෙන්නේ.
    එල්ටීටී එක සමඟ තිබ්බ අන්තිම සටනේදී, අති විශාල සෙබළු සංඛ්‍යාවක් මිය ගියා.
    මිය ගිය සහ ආබාධිත මුළු සංඛ්‍යයාව එකට ගත්තොත්, මුලු සංඛ්‍යයාව 68,815ක්.
    මම හැම තිස්සෙම හිතනවා එක ප්‍රභාකරන් වෙනුවෙන්, 68,815ක් වැනි අති විශාල සංඛ්‍යයාවක් සෙබළුන් මිය යන්න හෝ ආබාධිත වෙන්න පුලුවන්ද කියල.
    නමුත් ඇමරිකන් තානාපති කාර්යාලය කෙටුම්පත් කරපු 20 වෙනි සංශෝධයනය හරහා රාජපක්ෂලා සිංහල බෞද්ධයන් පාවා දුන්නට පස්සේ, මට හිතුන මේ තරම් සෙබල සංඛ්‍යයාවක් මිය යන්න හෝ ආබාධිත වෙන්න රාජපක්ෂලා, එක පැත්තකින් යුද්ධ කරන අතරේ, අනිත් පැත්තෙන් හමුදා සැලසුම් ගැන කොටින්ට ඔත්තු දීල, සිංහල සෙබළුන් මැරෙව්වද කියල. නැතිනම් හමුදාවට මේ තරම් විශාල හානියක් වෙන්න විදිහක් නැහැ. විශේෂයෙන් මුදලට කෑදර බැසිල් රාජපක්ෂට කොටින් එක්ක ලොකු සම්බන්ධයක් තියෙනව. නමුත් ඔහුට යුද සැලසුම් ගන්න මහින්ද හෝ ගෝඨාභය උදව් කරන්න ඕනේ. රාජපක්ෂලාගේ මුතුන් මිත්තනුත් අතීතයේ සිංහලයන් ගැන ඉංග්‍රීසි හමුදාවට ඔත්තු දීපු ඉතිහාසයක් තියෙන නිසා නැවත ඒකම කළා වෙන්න පුළුවන්.

    • 0
      0

      අවසාන යුද්ධයේදී තුවාල වුනු හමුදාවේ පිරිස ගැන මේ ගාන හරිද කියල කෙනෙක් අහලා තිබුන.
      මැරුණු සහ තුවාල වුනු හෝ ආබාධිත ගණන ලිව්වේ මතකෙන්.
      ඊට පස්සේ මම නැවත මගේ තොරතුරු එකතුව කියවලා බැලුව.
      මේගැන මම ඉස්සෙල්ලම හොයන්න ගත්තේ සිරිසේන ජනාධිපති ආරක්ෂක හමුදාවේ මිය ගිය සහ තුවාල වුනු සංඛ්‍යාව ගැන කිව්වට පස්සේ.
      සිරිසේන මෙහෙම කියලා තිබුන. තුවාල වුනු ආරක්ෂා හමුදා සාමාජිකයන් 40,107ක් අතරින් 29,551ක්ම අවසාන යුද්ධයේදී කියලා. මැරුණු කොටි ගණන ඔහු කිව්වේ නැහැ.
      නමුත් 2009දී එවකට හිටි හමුදා ප්‍රකාශක කිව්වා කොටි 22,000ක් මැරුවා කියලා. හිටපු හමුදාපතිවරයාත් 2020 කිව්වා මේ හා සමාන කොටින් ගානක් මැරුවා කියලා.
      මට මතකයි 2016 දී සම්මන්ත්‍රණයකදී ගෝඨාභය කිව්වේ අවසාන යුද්ධයේදී හමුදාවේ මැරුණේ 5000ක් කියලා.
      නමුත් 2009 ඔහු කිව්වා අවසාන යුද්ධයේදී හමුදාවේ 6261ක් මැරුණා කියලා.
      ඊට පස්සේ 2020 ජනවාරි, කොළොඹ සිටින එක්සත් ජාතීන්ගේ නියෝජිතයා එක්ක ඔහු කිව්වා අවසාන යුද්ධයේදී 20,000ක් අතුරුදහන් වුනා, ඔවුන් සියලු දෙනා මිය ගිහින් සහ හමුදාවේත් අතුරුදහන් වුනු පිරිස් හිටියා කියලා. හමුදාවේ ඔහු ගණන හරියට කිව්වේ නැහැ.

      • 0
        0

        විවධ තොරතුරු අනුව අවසාන යුද්ධයේදී අතුරුදහන් වුනු දෙමල වැසියන් ගණන 4000ක් මිසක් 40,000ක් නෙමෙයි. ඒ මොකොද කිව්වා නම් හැමෝම දන්නවා 2006 සිට දෙමල වැසියන් මහා පරිමාණයෙන් රටින් පිටතට සංක්‍රමණය වුනා කියලා.
        එතකොට බ්‍රිතාන්‍යයේ නෙස්බි සාමිවරයා කියල තියෙනවා මැරුණු දෙමල වැසියන් ගණන 6000කට අඩුයි කියලා.
        හිටපු විදේශ ඇමති තිලක් මාරපනත් UN එකේදී මේ ගණන අනුමත කලා.
        යුද්ධය කාලේ කොළොඹ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ හිටපු මිලිටරි අටෑචි කියල තියෙන්නේ අතුරුදහන් දෙමල වැසියන් ගණන 5500යි කියලා.
        2008 දෙසැම්බර් 15 වෙනිදා “හියුමන් රයිට්ස් වොච්” නිකුත් කරපු ප්‍රකාශනයක තියෙනව “එල්ටීටී එක වන්නියේ දෙමල ජනතාව කොටු කරන් ඔවුන්ගේ නිදහස සීමා කරලා අයුතු ලෙස සලකනවා” කියල.
        ඒ අනුව අවසාන යුද්ධයේදී අතුරුදහන් වුනු, පස්සේ 2020 ජනවාරි ගෝඨාභය මැරුණා කියපු දෙමල වැසියන් ගැන, එනම්; සංඛ්‍යා ලේඛන අනුව 5500ක් කියන දෙමල වැසියන්ගේ මරණ වලට “වග කියන්න ඕනේ අපේ හමුදාව නෙමෙයි, එල්ටීටී එක.”
        මේවා මම අවුරුදු ගානක් ලියපුව. ඒ ගැන ප්‍රශ්නයක් නැහැ.
        මට දැන ගන්න ඕනේ අපේ හමුදාවට මෙච්චර හානියක් වුනේ කොහොමද කියල.

        • 0
          0

          මේ ඉහත ඔක්කොම ගත්තහම, මේ අවුරුද්දේ ජනවාරි මාසේ ගෝඨාභය කියපු අවසාන යුද්ධයේදී අතුරුදහන් වුනු 20,000 ගණනින් (දැන් මිය ගිහින් කියල ඔහු කිව්වා), බ්‍රිතාන්‍යයේ නේස්බි සාමිවරයා සහ කොළොඹ හිටපු ඔවුන්ගේ තානාපති නිලධාරියා සහ ලංකාවත් පිළිගන්න, අවසාන යුද්ධයේදී අතුරුදහන් වුනු දෙමල වැසියන් ගණන වන 5,500 අඩු කලහම ඉතුරු 14,500ම යුධ හමුදාවේ අතුරුදහන් වුනු සෙබළු විය යුතුයි.
          එතකොට අවසාන යුද්ධයේදී යුධ හමුදාවේ මිය ගිය මුළු එකතුව; 2009 දී ගෝඨාභය යුධ හමුදාවේ මැරුණා කියලා කිව්ව 6,261 + 14,500 = 20,761.
          එතකොට සිරිසේන ජනාධිපතිවරයා අවසාන යුද්ධයේදී ආබාධිත වුනා කිව්ව 29,551, ගෝඨාභයගේ මේ මිය ගිය ගණනට එකතු කලහම, අවසාන යුද්ධයේදී පමණක් අපේ ආරක්ෂක හමුදා වල 29,551 + 20,761 = 50,312 ක් ජීවිත පූජා කරලා හෝ ආබාධිත වෙලා තියෙනවා. නමුත් ඇත්ත කතාව මේ ගණනට වඩා හුඟක් වැඩියි.
          අවසාන යුද්ධයෙදී යොදවපු වැඩි පිරිසක් පාබල හමුදාව කියන එක හැමෝම දන්නා කරුණක්. මේ සා විශාල 50,312ක් හමුදාවේ මිය යන්න හෝ ආබාධිත වෙන්න අපේ යුධ සැලසුම් රාජපක්ෂලාම කොටින් අතට පත් කළා කියන එකයි මගේ සැකය.

          • 0
            0

            2005 දී මහින්දට යුද්ධය දිනන්න බැසිල් රාජපක්ෂ සහ ටිරාන් අලස් කොටින්ට සල්ලි දුන්න කියල මිනිස්සු කියනව. මම ඒ ගැන දන්නේ නැති නිසා විශ්වාස කලේ නැහැ.
            නමුත් 2018 සිරිසේන, මහින්දව අගමැති කරපු ගමන්, නොවැම්බර් මාසේ මහවිරු සතියේ තිබ්බ ප්‍රභාකරන්ගේ උපන්දිනයට මුළු යාපනය පුරාම ඉටිපන්දම් පත්තු කළා. යහපාලනය කාලේ තියා, ප්‍රභාකරන් ජීවත් වෙලා ඉන්න කොටවත් මේ තරම් ඉහලින් ඔහුගේ උපන් දිනය සමරුවේ නැහැ. මේක කලේ බැසිල් සහ ලන්ඩනයේ ඉන්න කොටි. ඊළඟට 2018 මහින්දව අගමැති කරපු ගමන් නාමල් රාජපක්ෂ කිව්වා හිරේ ඉන්න කොටි නිදහස් කරන්න ඕනේ කියල. මහින්දට පනත් දෙන්න හිටපු මම මේ කරුණු දෙක ගැන හුඟක් පුදුම වුනා, බය වුනා.
            දැන් ගෝඨාභය 20 වෙනි සංශෝධනයෙන් ද්විත්ව පුරවැසියන්ට, ඒ කියන්නේ කොටින්ටත්, පාර්ලිමේන්තුවේ දොර ඇරලා තියෙනව. ඊළඟට මහින්ද කිව්වා විදේශගත ලංකාවේ මිනිස්සුන්ට චන්ද අයිතිය දෙන්න ඕනේ කියල.
            හොඳට මතක තියා ගන්න. ඇමරිකන් කොටස් වෙළඳ පොලේ වංචාවකට හිරේ ගියපු, කොටින්ට මහා පරිමාණයෙන් අරමුදල් සපයපු ඇමරිකාවේ හිටපු කෝටිපති කොටි නියෝජිතයා රාජ් රාජරත්නම් 2022 දී නිදහස් වෙලා එලියට එනවා.
            දැන් ඇමරිකාවේ පත් වෙලා තියෙන්නෙත් කොටින්ට හිතවාදී ආණ්ඩුවක්.
            ලංකාවේ දැන් බලයට පත් වෙලා ඉන්න අගමැති මහින්ද රාජපක්ෂ එක්ක බලයට ආපු ජනාධිපති ගෝඨාභය සහ ලංකාව, ලංකාවේ මුදල් සහ පාර්ලිමේන්තුව පාලනය කරන බැසිල් රාජපක්ෂ යන දෙන්නම ඇමරිකන් පුරවැසියන්, කොටි හිතවාදීන්, බලයට මුදලට කෑදරයන්.

            • 1
              0

              සිංහල බෞද්ධයන්ගේ චන්දෙන් බලයට ආපු කතෝලික මලක්කානු සම්භවයක් තියෙන රාජපක්ෂලා කොටින් සහ මරක්කලයන් එක්ක එකතු වෙලා සිංහල රට පාවා දෙන්න, බහුතර සිංහල බෞද්ධයන්ට තමන්ගේ නායකයා කවුද කියල තීරණය කරන්න තියෙන අයිතිය නැති කරන්න, සූක්ෂම විදිහට සැලසුම් කරලා තියෙන බව පැහැදිලිවම පේනවා.
              ඒ හින්ද සියලු සිංහලයන් පොහොට්ටුවෙන් ඉවත් වෙලා ස්වාධීන විය යුතුයි.
              ඒ වගේම අපි අතරම ඉඳගෙන රාජපක්ෂලා අපට විරුද්ධව, අප නැති කරන්න කරන කුමන්ත්‍රණය වටහා ගත යුතුයි.

    • 1
      0

      අද ලන්කාව කියන්නෙ තිරිසන්නුන්ගෙන් පිරුනු ලෝකයක්. උගත් මිනිසුන් නිහන්ඩ වෙලා.. නූගත් තිරිසන් බල්ලන් රාජපකශෙ වරුන්ගේ බලය නිස හැම දෙඅකටම, ඉදිරියට ඇවිදින්…ජනමාද්ය බලුවෙල…. මිනිසුන්ට මූලික අයිතිවාසිකම් වත් නැති වෙන තෙනට හැම දෙයක්ම සුන් විසුනු වීගෙන යන්නෙ..

      මා යුරොප්පයේ ජීවත් වන අතරතුර…මට මගේ රට ගැන කියන්න ලැජ්ජාවක් වෙන තත්වයක් උදාවෙල තිබෙනව.. රටේ ඉන්න පින්ගොන්නු වාගෙ මිනිසුන්ගේ ක්රියා කලාපය නිසා බලයට පත්වෙල රට සොරාකන උන්මත්තකයන් ගේ විය රුව නිස.

      මේ දිනලවල එවුන්ගේ තක්කඩියොන්ට තමයි බලය දීල තිබෙන්නෙ, රටේ පවතින කෝවිඩ පරීක්ශන කරන්නට, ඒ අදාල පරික්ශන කට්ටල පිටරටින් ආනයනය කිරීමට….ඒ හැමදෙයින්ම කොරන්නෙ එවුන් තක්කඩි රොඩියන්ගේ බඩ කට පුර්වගැනීමට කටෞය්තු කිරීමයි. අසරන මිනිසුන්ට එදා වේල පව කන්න බැරිව නියපොතු කක උඩ බිම බලන කාලයක් කිව්වොත් නිවැරදියි.
      .
      පිටරවලින් රට තුලට දේවල් ආනයනය කරන කොට ක්රම වේද අනුගමනය කල යුතුයි.. මේ රටේ වෙන්නෙ ජාති, රාජපක්ෂ පල්හොරුන්ට හා ඔවුන්ගේ කටයුතු වලට ඕනැම දෙයක් කරන වන්චා සහගත මිනිසුන්තුලින්.. එවුන් හරියට තමන්ගේ මිනිසුන්ගේ අපහසුවා එවුන්ගේ වියපාර දියුනු කිරීමට යොද ගන්නව.
      මෙය කරන්න ඉඩ ඇත්තෙ, රජයේ ටෙන්ඩර් කැන්දවීම තුලින්.. එක රටක් එක නීතියක් කියා බලය උදුරගත බෙලිඅත්තෙ බැල්ලිගෙ පුතාල අද වෙන විට උන්ගේ පුද්ගලික ඉඩම විදියට මේ රටට කරන් අගතිය අපි කාටවත් බලාගන්නට බැරි තරම්.-

      විද්යාවට තැන දීල තමන්ගේ රටේ වැසියා භේරා ගෙනීමට සැම ජාතියක්ම නායකයන් විදියට කටයුතු කරන අතර.. අපේ රට ජන්ද බලය සොරා ගෙන රාජපක්ෂ වරුන් කරගෙන යන තක්කඩි දේශපලනය කවදා ඉවරවේවිද යන්න රන්දා පවතින්නෙ, රටේ ඉන්න මහජනයා මේ ගෙඅන අවභොද වෙලා හන්ඩන් නැගීම තුලින්. එවැනි දෙයක් පේන තෙක් මානයක් නැහැ… අපි යුරෝපයේ සිට දකින ආකාරය අනුව… මුලු ලෝකයටම බලපාන විදියට ඉන්දන මිල මේ දිනවල ඉතාමත් සැලකිය යුතු අන්දමින් පහල වැටිල.. රටක ආහාර බෙහෙත් හැමදෙයකම මිල පහත යන විදියට. මන්ද, රට ප්රවාහන කටෞය්හ්ටු වලට බලපාන ඉන්දන මිල මේ දිනවල මුලු ලොවේම පහල ගොස් ඇති නිස…

    • 0
      0

      My Dear Champa, you have no been very direct. Thanks very much for that. I can imagine, how much you love motherland srilanka. So do I. Else, I would have been spending hours of typing on this forum.

      Now they many spread new kind of CONSPIRACY theories, about the BEIDEN-HARRIS DUO, tying their new form of stories about the danger before the island nation. Actually, not even 1% of american would know the geographical location of the island. My colleagues once questioned me if SRILANKA would be located in S# pore. I laught at not being able to realize why their geographical knowledge is that low…. most of living in the US are not well at their knowledge on many other countries.
      -TBC

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.