28 March, 2024

Blog

එරික් සොල්හයිම්ගේ සම්පූර්ණ ප‍්‍රකාශය: රාජපක්ෂගේ චෝදනාවන්ට පිළිතුරක්

නොවැම්බර් 15 වැනි දා කුරුණෑගලදී පැවැත්වූ කතාවකදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මට එරෙහිව පුදුම දනවන ප‍්‍රහාරයක් එල්ල කොට තිබේ. එවැනි ප‍්‍රහාරයකට තුඩුදිය හැකි හේතු කුමක් විණි දැ යි මේ අවස්ථාවේ මම පැහැදිළි කිරීමට නොයමි. විශේෂයෙන් මෙවැනි ප‍්‍රහාරයක් ඔහු දියත් කරන්නේ මැතිවරණ ව්‍යාපාරයක් ඉදිරියේ තබාගෙන වන හෙයින් ඒ ගැන විශේෂ සඳහනක් කිරීම අවශ්‍ය නැත. ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඝෝෂාව තුළට බැසීමේ කිසි අදහසක් මට නැති නිසා, ජනාධිපති රාජපක්ෂ ඇතුළු කවුරුත් දන්නා කරුණු කිහිපයක් පමණක් යළි පැහැදිළි කිරීමට කැමැත්තෙමි.

President Mahinda Rajapaksa meets Norwegian International Development Minister and former special peace envoy Eric Solheim in Geneva Pic by Sudath Silvaශ‍්‍රී ලංකාවේ සාම ක‍්‍රියාවලියට උපකාර කිරීමේ තෙවැනි පාර්ශ්වය වශයෙන් නෝර්වේ රට කිසි දවසක, පොදුවේ කොටි සංවිධානය ගත්තත්, විශේෂයෙන් කොටි සංවිධානයේ හමුදාමය ක‍්‍රියාන්විතයන් ගත්තත්, ඒ කිසිවකට මූල්‍යාධාර සපයා නැත.

එවක ක‍්‍රියාත්මක වෙමින් පැවති සාම ක‍්‍රියාවලියට වඩාත් පරිපූර්ණව සහභාගී වීම පහසු කරවන ආර්ථික සම්පත් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සාම කාර්යාලයට අප විසින් සපයා තිබේ. රේඩියෝ සම්පේ‍්‍රෂකයක් ද ඊට අයත් ය. මේ ආධාර සපයන ලද්දේ විවිධ නායකයන් යටතේ පැවති ශී‍්‍ර ලංකා ආණ්ඩුවේ පූර්ණ අනුදැනුම ඇතිවයි. මහින්ද රාජපක්ෂ අගමැතිවරයා වශයෙන් සිටි කාලය ද ඊට අයත් ය. ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් අප ගන්නා ලද සියලූ සාම ක‍්‍රියාවලීන්වලදී සේම මේ කටයුතු සම්බන්ධයෙන් ද, කොළඹ පාලනය ඉදිරියේ පූර්ණ විනිවිද භාවයක් පවත්වා ගැනීමට අප කටයුතු කොට ඇත.

මහින්ද රාජපක්ෂ ජනාධිපති වීමට පෙර වසරවලදී මා ඔහුව දහ දොළාස් වාරයක් හමුවී තිබේ. ඒ අවස්ථාවලදී, සාම ක‍්‍රියාවලියට අදාළ සෑම කරුණක් ගැනම ඔහුව දැනුවත් කොට තිබේ. එවක ආණ්ඩුවේ ඇමතිවරයෙකු වශයෙනුත්, අනතුරුව අගමැතිවරයා වශයෙනුත්, සාමය පිළිබඳ අපේ අරමුණු කෙරෙහි හැම විටකම ඔහු පූර්ණ සහයෝගය දුන්නේය. එපමණක් නොව, ඒ කෙරෙහි ඔහු අපව දිරිමත් කරමින් සාම ක‍්‍රියාවලිය තුළ ඇති වන වර්ධනයන් ගැන තමාව දැනුවත් කරන මෙන් ද අපෙන් ඉල්ලා සිටියේය. ඒ අර්ථවත් සහයෝගීතාව ගැන එදා මෙන්ම අදත් අප ඔහුට කෘතවේදී ය.

2005 ජනාධිපතිවරණයෙන් පසු, සාම ක‍්‍රියාවලියේ පහසුකම් සලසන්නෙකු වශයෙන් දිගටම රැුඳී සිටින්නැ යි ජනාධිපති මහින්ද රාජපක්ෂ නෝර්වේ රටෙන් ප‍්‍රසිද්ධියේ ඉල්ලා සිටියේය. එසේම මට ශ‍්‍රී ලංකාවට පැමිණෙන්නැ යි පෞද්ගලිකව ඉල්ලා සිටියේය. අනතුරුව, තමා වෙනුවෙන් දේශපාලනික ඉල්ලීම් කිහිපයක් වේලූපිල්ලේ ප‍්‍රභාකරන් වෙත ගෙන යන්නැ යි තවදුරටත් ජනාධිපතිවරයා මගෙන් ඉල්ලා සිටියේය. එම පණිවිඩ එයාකාරයෙන්ම මම එල්.ටී.ටී.ඊ. නායකත්වය වෙත ගෙන ගියෙමි. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් යම් කාලයකට ඝාතන නතර විය. ඒ වෙනුවෙන් එදා ජනාධිපතිවරයා නෝර්වේ රටටත්, මටත් පෞද්ගලිකවම ස්තුති කෙළේය.

2010 දී අවසාන වරට අප හමු වූ අවස්ථාවෙදී, නෝර්වේ රටේ සාම ප‍්‍රයත්නයට ගරු කිරීමක් වශයෙන්, ආපසු ශ‍්‍රී ලංකාවට එන ලෙසත්, පවතින සාමය හැබැහින් දැක බලාගන්නා ලෙසත් මගෙන් ඉල්ලා සිටියේය. මේ සියලූ කාරණා පිළිබඳ විස්තරාත්මක තොරතුරු 2015 දී නිකුත් වීමට නියමිත කෘතියක් තුළින් දැක ගැනීමට හැකි වනු ඇත. ශ‍්‍රී ලංකාවේ නෝර්වීජියානු සාම මැදිහත් වීම ගැන සාකච්ඡුා කෙරෙන මෙම කෘතිය, විඩාර් හෙල්ගර්සන් සහ මගේ සහයෝගීත්වයෙන්, බි‍්‍රතාන්‍ය ජාතික මාධ්‍යවේදී සහ ලේඛක මාක් සෝල්ටර් විසින් සම්පාදනය කරන ලද්දකි.

එල්.ටී.ටී.ඊ. සංවිධානය සහ ශ‍්‍රී ලංකා ආණ්ඩුව කරන ලදැ යි කියන යුද අපරාධ ගැන සොයා බැලීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය 2014 මාර්තුවේදී ආරම්භ කරන ලද පරීක්ෂණය සඳහා අවශ්‍ය සියලූ දැනුම, පූර්ණ අවංක භාවයෙන් යුතුව සපයා දීම, ශ‍්‍රී ලාංකිකයන් සහ විදේශිකයන් ඇතුළු සෑම කෙනෙකුගේම වගකීමක් බව මෙහි දී සඳහන් කරනු කැමැත්තෙමි. ප‍්‍රමුඛ ගෝලීය ආයතනය වශයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට සාර්ථකව කටයුතු කළ හැක්කේ, එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ වෙනත් ආයතනත් මගින් ගනු ලබන වැදගත් තීන්දු ක‍්‍රියාත්මක කැරැුවීම සඳහා අවශ්‍ය සහයෝගය අප සියල්ලන්ගෙන්ම ඊට ලැබුණොත් ය.

එරික් සොල්හයිම් – ‘ආර්ථික සහයෝගීතාව සහ සංවර්ධනය පිළිබඳ සංවිධානයේ’ සංවර්ධන සහාය කමිටුවේ සභාපති

*2014 නොවැම්බර් 17 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ එරික් සොල්හයිම්ගේ ප‍්‍රකාශයේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Print Friendly, PDF & Email

Latest comment

  • 0
    0

    කාලයක්ම මම හිතාගන සිටියේ නොවේඡියානුවන්ට සල්ලි වැඩිකමට සහ ලෝකයේ නමක් හදාගන්නට ‘සාම’ වැඩේට බැස්සා එහෙමත් නැතිනම් බිරිතානියන් විසින් ඔවුන්ව ‘සාම’ වැඩේට බැස්සෙව්වා කියාය. ක්‍රිස්තියානි අාගම පතුරවන්නට (ඉවැන්ඡලිසම් කොරන්නට) ‘සාම’ වැඩේට බැස්සා හෝ බැස්සෙව්වා කියා හීනෙකින් වත් හිතුවේ නැත. නමුත් නොර්වේ වලම කලක් පදිංචිව සිටි මහින්ද වීරසිංහ lankaweb අඩවියේ කරන විග්‍රහය අනුව දැන් මට එසේ සිතේ. වීරසිංහ අසන්නේ ලංකාව සමග කිසිම සම්බන්ධයක් නැති නෝර්වීජියානුවන් ලංකාවේ ‘සාම පහසුකම් සලසන්නා’ වීම කුතුහලයක් බවයි. එ් කතාව නම් සහතික අැත්තය.

    වීරසිංහ කියන අන්දමට නොර්වේ රට ශ්‍රි ලංකාව සම්බන්දකම් පටන්ගත්තේ ආර්න් එෆ් ජෝටොෆටි නම් අයෙක් ගෙනි. 1967 දි ආර්න් යාපනයේ සී-නෝර් ආරම්භ කල බවත් 77 වන විට දෙමළ කතෝලිකයන් සහ LTTE කාරයින් නෝර්වේ රටට ගෙනගොස් එරට ප‍්‍රභූන්ව හඳුන්වාදී අැති බවත් වීරසිංහ කියයි.

    නෝර්වේ රට ගැන එබී බැලුවහොත් නෝර්වේ රාඡධානියේ රඡුට හෙවත් රඡයට සේවයකරන සෑම ලොක්කෙක්ම ලූතරන් ක්‍රිස්තියානුවන් වියයුතු බව ව්‍යවස්ථාවෙන්ම නියමකර අැත. ඉතා මෑතක්වනතුරුම තම දරුවන් ලූතරන් අාගම අනුව නොහදන රටවැසියන්ට ව්‍යවස්ථාවෙන්ම දඬුවම් නියමකර තිබුනි. සැමි වරුන් යනු නෝර්වේ සහ අවට නොර්ඩික් රටවල අාදීවාසී සුළුඡන කොටසක්ය. භාෂාව සහ අාගම පදනම් කරගෙන සැමි වරුන්ට අන්ඬතේට්ටම් කරන්නේයයි 2011 එක්සත් ඡාතීන්ගේ මණ්ඬලයේදී නෝර්වේ රඡයට විරුද්ධව චෝදනා එල්ලවූ අතර එ්වා 2012ට පෙර නැති කිරීම සඳහා ක්‍රියාවලියක් එක්සත් ඡාතීන්ගේ මණ්ඬලයෙන් රෙකමදාරු කරන ලදී. එ් අනුව බලනවිට නෝර්වේ යනු සුළු ඡාතිකයන්ට වෙනස්නම් කරන රටක්ය. ඉතින් සිංහලයින් දෙමළුන්ට වෙනස්කම් කරන්නේයයි නෝර්වීජියානුවන් කම්පා වී සමගි කිරීමට කැපවීම පුදුම එලවන සුලුය.

    වසර කිහිපයකට පෙර නෝර්වේ රඡය ත්‍රස්තවාදීන්ට උදව්කරන අාකාරය http://www.svik.com නම් ඉංග්‍රිසි වෙබ් අඩවියේ මනාව පැහැදිලිකර තිබින. අද එය සොයා යන විට ‘Now payback has a home’ යන්න ඉතිරිකර අනෙක් සියල්ල මකා දමා තිබින.

    සෝල්හයිම් රාඡපක්‍ෂ ජනාධිපතිවරයාගේ පණිවිඩ රැගෙන ගිය බවත් “එහි ප‍්‍රතිඵලයක් වශයෙන් යම් කාලයකට ඝාතන නතර විය.” යනුවෙන් මෙම ලිපියෙහි ලියා අැත. සෝල්හයිම් කියන ‘ඝාතන නතර විය’ කතාව අැත්තක් නම් එහි තේරුම ඝාතන වැඩිකිරිම සඳහා සෝල්හයිම් සමග පිරාපකරන් කුමන්ත්‍රණකර ඝාතන කල් දැම්මා යන්නය. එසේ නොවේ නම් 2005 මෙන් 2006යේදීත් ඝාතන අවම විය යුතුව තිබින.

    2001 සිට වැඩිම ඝාතන කර අැත්තේ සාම කතෙ කරමින් 2006 වසරේදීය.මේ බලන්න:
    2006 ඡනවාරි 7: පුපරන ද්‍රව්‍ය පිරවූ මාලු බෝට්ටුවක් පුපුරවා හැර නාවික හමුදාවේ 13ක් මරා දැමීය.
    2006 අප්‍රියෙල් 23: ගොමරන්කඩවල කෙදවාචය 6ක් මරා දැම්මාය.
    2006 අප්‍රියෙල් 25: මරාගෙන මැරෙන බෝම්ඹ කාරීයක් හමුදාපති සරත් ෆොන්සේකාට බරපතල හානි සිදුකර 8 දෙනෙක් මරා 30කට තුවාල සිදු කලේය.
    2006 මැයි 11: ඩෝරා යාත්‍රාවක් පුපුරවා හැර නාවික හමුදාවේ 18ක් මැරුවා.
    2006 මැයි 29: වැලිකන්ද ගොවිපලක කම්කරුවන් 13ක් මරා දැම්මා.
    2006 මැයි 30: වැලිකන්ද අසල ඔමදියමාදුවල වාරී වැඩ කරමින් සිටි 13 ක් මරා දැම්මා.
    2006 ඡූනි 15: කැබිලිතිගොල්ලෑව, බස් රථයකට බෝම්ඹ තබා 66 ක් මරා දැම්මාය.
    2006 ඡූනි 26: මේඡර් ඡෙනරල් පාරමී කුලතුංඟ මරා දැම්මා.
    ඉහත ලැයිස්තුව මාවිල් අාරුවෙන් යුද්ධය පටන් ගත් 2006 ඡූලි 21ට ප්‍රථමයෙන් සිදුකල ඝාතනය.
    අපි මෝඩයන් නොවන බව සෝල්හයිම් දැනගතයුතුය.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.