27 April, 2024

Blog

වරාය නගරය නැමති ව්‍යාපෘතිය; සැගවුණු ව්‍යාපෘතියක්ද?

සරත් ඉද්දමල්ගොඩ පියතුමා

සරත් ඉද්දමල්ගොඩ පියතුමා

සරත් ඉද්දමල්ගොඩ පියතුමා

පසු ගිය රජය විසින් 2014 සැප්තැම්බර් වලදී කඩිමුඩියේ ආරම්භ කළ කොළඹ වරාය නගරය නැමති ව්‍යාපෘතිය කුමක්ද හා එය පිළිබදව සිදුවී ඇති ඇගයුම් වාර්ථාවන්හි අන්තර්ගතයන් මොනවාද යන්න දැනගැනීමට පුරවැසියාට අයිතියක් ඇත.

මෙතෙක් පැවති සම්ප‍්‍රදාය වූයේ කෙනෙකුට ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට රජයේ අවසරය ලැබූයේ පරිසර වාර්ථාවක් ඉදිරිපත්වීමෙන් පසුවය. එය අනිවාර්ය කොන්දේසියක් ලෙස පැවතුනි. නමුත් මේ වනවිටත් මෙම ව්‍යාපෘතිය පිළිබදව එනම් භූමියේ ප‍්‍රමාණය, භූමියේ අයිතිය, යෝජිත නව ව්‍යාපෘතින්, මුළු වියදම, ඇතිවන පාරසරික හා සංස්කෘතික බලපෑම ඉදිකිරීම් කටයුතු සිදු කරන්නේ කව්ද ඔවුන් සමග ඇතිකර ගත් ගිවිසුම කුමක්ද ආදිය පිළිබදව කිසියම් පැහැදිලිතාවයක් රට වැසියන් තුල නැත. තවද නිල නොවන ප‍්‍රකාශනයන් සදහන් කරන්නේ මුළු ව්‍යාපෘතියේ කොන්ත‍්‍රාත්තුව බාරගෙන ඇති චීන සමාගම ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ නම කිලිටි කර ගත් එකක් බවයි. මෙවන් තත්වයක් තුල ජනතාව අතරමංවූ තත්වයක පසුවෙති.

කෙසේ වෙතත් මෙම ව්‍යාපෘතියේ ස්වභාවය අනුව වැය විය හැකි මුදල හා එය ක‍්‍රියාත්මක වීමෙන් භූමියේ අයිතිය හා විය හැකි වෙනස්කම් හා ඇතිවන පාරසරික බලපැම සහ රටේ ස්වරීභාවය ආදිය සැලකිල්ලට ගත් විට මෙම ව්‍යාපෘතිය පිළිබදව රට වැසියන් දැනට වඩා විශාල අවධානයක් දැක්විය යුතුය. රටේ පුර වැසියන් ප‍්‍රමාද නොවී වහා ක‍්‍රියාත්මක විය යුතු වේ.

එම ව්‍යාපාතිය පිළිබදව අදහස් ඉදිරිපත් කිරීමට පුරවැසියාට අවස්ථාවක් සලසා ලබා දිම රජය වෙත පැවරී ඇති වගකීමකි. ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පෙර ජනතාව වෙත එම තොරතුරු ලබා දි තිබුණෙහි නම් පුරවැසියා එම ව්‍යාපෘතිය පිළිබදව තම අදහස් මේ වනවිට ඉදිරිපත් කිරීමට තිබුනි. එසේ කිරීම පුරවැසියා වෙත පැවරෙන වගකීමකි. මෙම අවස්ථාවේදී රජය විසින් ඔවුන් වෙත අදාල තොරතුරු එසේ ලබා නොදීම නිසා පුරවැසියාට තම වගකිම ඉටු කිරිමට නොහැකි විය. එබැවින් පසු ගිය රජය තම වගකිම පැහැර හැර ඇත. දැන් එම වගකිම ඉටු කළ යුත්තේ මෛතී‍්‍ර පාලනය විසිනි.

යහපාලනය

මෛතී‍්‍ර පාලනය විසින් රට තුල යහපාලනය ඇති කිරීමට බලාපොරොත්තු වන බවට සෑම මැතිවරණ වේදිකාවකදිම පොරොන්දු වූහ. එය යථාර්ථයක් වන්නේ එම වගකීම ඉටු කළහොත් පමණි. ජනතා සහභාගිත්වය යහපාලනයේ කේන්ද්‍රීය අංගයක් බැවින් ජනතා සහභාගිත්වය නොමැතිව යහපාලනයක් ඇති නොවේ. එසේ නම් මෙම ව්‍යාපෘතිය පිළිබදව ජනතා සහභාගිත්වය ලබා ගත යුතුවේ.

වරාය නගර ව්‍යාපෘතිය පිළිබදව ඇති ප‍්‍රධාන ගැටළුවක් වන්නේ මෙම ව්‍යාපෘතිය කුමක්ද යන්න ජනතාව පමණක් නොව ව්‍යාපෘති පිළිබදව වගකීමෙන් බැදි සිටින රාජ්‍ය ආයතනයක් වන මධ්‍යම පරිසර අදිකාරිය හෝ දැන සිටියේද යන්නයි. දැන සිටියේ නම් මෙම ව්‍යාපෘතිය පිළිබදව මධ්‍යම පරිසර අදිකාරිය දරණ ස්ථාවරය කුමක් ද යන්න ජනතාවට හෙලිකිරීම වැදගත් වනු ඇත.

දැනට පෙනෙන ආකාරයට මෙම ව්‍යාපෘතිය ඉතා හදිසියෙන් හා රහසි ගතව ආරම්භ කිරීමට පසු ගිය රජය තීරණය කර ඇති බවයි. ඒ් අතර තුර හිතා මතා තොරතුරු ජනතාවගෙන් සගවා ඇති බවට සැකයක් තිබේ. එසේ නම් ඊට හේතුව පාලකයින්ට තිබූ සැගවුන න්‍යාය පත‍්‍රයක් ද? යහපාලනය තුල එවැන්නකට ඉඩක් නොතිබිය යුතු වේ.

විය හැකි පාරසරික බලපෑම

කදුකර ප‍්‍රදේශය තුල දැනටම කදු කඩා හැලෙන තත්වයක් දකින්නට තිබේ. ජීවිත ගණනාවක් ඉන් මිය ගිය අතර සෑහෙන පවුල් සංඛ්‍යාවක් තවමත් අනාථ වී ඇත. මෙවැනි සිදුවීම් වලට හේතුව සංවර්ධන ව්‍යාපෘති යයි සැක මතු වි තිබේ.

උමා ඔය නිසා ඇතිවෙමින් පවතින භයානක තත්වයන් පිළිබදව තොරතුරු එම ප‍්‍රදේශවලින් දැන් දැන් මාධ්‍ය විසින් අපට හෙලි කරමින් සිටිති. එම ප‍්‍රදේශයන් වල කුඹුරු වල තෙතමනය නැතිවීම, භූගත ජලය සිදීයාම, කදු කඩා වැටිම පොළව දෙදරා යාම නිවෙස්වල බිත්ති ඉරි තැලීම හා පිපිරීම ආදිය දැනට එහි ජනතාවගේ වේදනාත්මක අත්දැකිම් වේ. ජීවිත කාලය පුරා සොයා ගත් දේපොල හා ඉඩ කඩම් මෙලෙස නැතිවි යාම දරා ගත හැකි වේදනාවන් නොවේ.

මෙම මුහුද ගොඩ කිරීමට කළු ගල් ටොන් මිලියන ප‍්‍රමාණයක් අවශ්‍ය වේ යයි කියැවේ. එතරම් පස් ප‍්‍රමාණයක් ද ඉතා කෙටි කාලයකින් රට ඇතුලතින් ගෙන ආ යුතුය. කළුගල් කඩන හා පස් කපන ප‍්‍රදේශ වල ඇති වන බලපෑම, තවද වැලි ගොඩ මුහුදෙන් පොම්ප කිරීම නිසා මුහුද ආශ‍්‍රිත ප‍්‍රදේශ වල වෙරළ කාදනය, මුහුදු සම්පත් වෙත ඇතිවන බලපෑම විය හැකි වියසනයන් වේ. එම නිසා වරාය නගර ව්‍යාපෘතියද උමා ඔය වියසනය වැනි වියසනයක් නොවෙතියි කිව හැක්කේ කාටද?

එම නිසා වරාය නගරය ව්‍යාපෘතිය නිසා ඇති වන පාරසරික බලපෑම ගැන සොයා බැලීම අතිශයින්ම වැදගත් කරුණක් බව පෙනී යයි. ඉන් පසු මෙම ව්‍යාපෘතිය පිළිබදව වර්ථමාන රජය තීන්දුවක් ගත යුතුව ඇත. එම අදහස ඇතිව දැනටම කමිටුවක් මගින් එම ව්‍යාපෘතිය අධ්‍යයනය කෙරෙමින් පවතින බව ප‍්‍රකාශ කර ඇත. එය යහපත් ප‍්‍රවනතාවයකි.

ජනාධිපතිවරණ පොරොන්දුව

පසු ගිය මැතිවරණ සමයේදී පොදු අපේක්ෂකයා හා රනිිල් වික‍්‍රමසිංහ මහතා මෙම ව්‍යාපෘතිය මහා විනාශයක් ඇති කරන බැවින් එය නතර කිරීමට පියවර ගන්නා බවද පොරොන්දු දී තිබුනි. ජනතාවට එවැනි පොරොන්දු දීමට හේතු බොහෝ දුරට එතුමන්ලාට තිබෙන්නට ඇත. එසේ නම් පොරොන්දු ඉටු කළ යුතුමය. පැහැදිලි හේතු නොතිබුනි නම් එවැනි දේ ප‍්‍රකාශ කළේ චන්ද කඩා ගැනීමේ අරමුණ ඇතිවද? හුදෙක් චන්ද කඩා ගැනීමේ අරමුණු ඇතුව එසේ කළානම් පවතින මැතිවරණ සදාචාරය පිළිබදව ප‍්‍රශ්ණයක් මතු වේ.

රටවල් දෙකක් අතර අත්සන් කරන ලද ගිවිසුමක් අත්සන් කලායින් පසු නතර කළ නොහැකි බවක් කියැවෙයි. නමුත් ගිවිසුම රටට අහිතකර ව්‍යාපෘතියක් කිරිමට නම් එය අහෝසිකරීමට රටවල් දෙකෙහිම නායකයන් එකගවිමට ඔවුන්ට සදාචාර වගකිමක් ඇත. ශ‍්‍රී ලාංකික පුරවැසියාටද තීන්දුවක් ගත යුතු වේ.

සංවර්ධන ප‍්‍රමුඛතා

සැබෑවටම මෙවැනි ව්‍යාපෘතියක් අපේ ප‍්‍රමුඛතාවයක් විය යුතුද? අප රටේ ජනතාවගෙන් දෙකෙන් පංගුවකගේ දෛනික ආදායම වන්නේ ඩොලර් 2කට අඩුවය. ඔවුන්ගෙන් 75% ග‍්‍රමීය ජනතාව වේ. ඔවුන්ගේ ජීවනෝපායන් දියුණු කිරීම සදහා අවශ්‍ය අවධානය නොදී නගර සංවර්ධනය ඇති කිරීමෙන් රට දියුණු වේද?

දැනට මාධ්‍ය වෙත ලැබි ඇති තොරතුරු අනුව මෙහි ඉදිවන්නේ ගොල්ප් ක‍්‍රීඩා පිටියක්, හෝටල්, කැසිනෝ, කාර් රේස් මාර්ග පතයක්, මුහුදු කී‍්‍රඩා සදහා පහසුකම් ආදිය වේ. මේවා ධනවතුන්ගේ පංතියට අවශ්‍යතායන් මිස රටේ බහුතරයේ අවශ්‍යතාවයන් නොවේ.

Print Friendly, PDF & Email

Latest comment

  • 0
    0

    Rev. Fr.

    Colombo Port City Project was envisioned by a Singaporean Planning Consultancy Firm named Sesma under Metro Colombo Plan. It was prepared during the 2001-2004 government of UNP. The project was rationalized taking into consideration the constraints in regeneration of Fort and Pettah. My friends in the UDA have no clue about how it was approved and who conducted the EIA.

    Now several issues have surfaced.
    1. The city is to be developed by reclaiming land from the sea and sea sand in large volumes are to be pumped from the sea bottom outside the port, granting environment clearance for which is the responsibility of GS&MB. The GS&MB cannot do it without concurrence from Coast Conservation Department and NARA. How the clearance was issued is still a mystery.
    2. It is not clear whether the Ports Authority has the authority to lease state land to a foreign country.
    3. The Developer and Contractor have been issued with Letters of Award and on their part they have not violated the law of contract.

    The Professional

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.