26 April, 2024

Blog

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමාසාරිස්වරයා වෙත මංගල සමරවීර විසින් යවන ලද ලිපිය – සිංහල පරිවර්තනය

අතිගරු ශෙයිඩ් රාඩ් අල් හුසෙයින්

මානව අයිතිවාසිකම් පිළිබඳ එ.ජා.

මහ කොමසාරිස්

මානව අයිතිවාසිකම් පිළිබඳ එ.ජා. මහ කොමසාරිස් කාර්යාලය

ජිනීවා

ගරු මැතිතුමනි

මංගල සමරවීර - විදේශ කටයුතු අමාත්‍ය

මංගල සමරවීර – විදේශ කටයුතු අමාත්‍ය

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ නායකත්වය යටතේ නව රජය වෙත ලබාදී ඇති ජනවරම පදනම් කොටගෙන, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සංවිධානයන් ඇතුළු ලෝක ප්‍රජාව සමඟ සම්බන්ධතාවන් අලුත් කර ගනිමින් සිටින අවධියක ඔබ හා පෞද්ගලිකව සම්බන්ධ වී සමීපව කටයුතු කිරීමට ලැබීම මා හට ඉමහත් සතුටකි.

ජාතීන් අතර සංහිදියාව, සෑම සියලු දෙනාගේම සහභාගිත්වය ඇති සාධාරණ සමාජයක්, නීති ගරුකබව, යහ පාලනය, ප්‍රජාතන්ත්‍රවාදය හා ප්‍රජාතන්ත්‍රවාදී ආයතනයන ශක්තිමත් කිරීම වැනි වැදගත් අරමුණු මුදුන් පමුණුවා ගැනීම සඳහා සැමගේ එකඟතාව මත පදනම් වූ නව දේශපාලන සංස්කෘතියක් ඇති කිරීමේ පොරොන්දු අනුව වර්තමාන රජය තෝරා පත්කරගත් බව ඔබතුමා දැනුවත්ව සිටී. සෑම දෙනාගේම මානව අයිතිවාසිකම් ආරක්ෂා වන අන්දමේ සාමකාමී ශ්‍රී ලංකාවක් ගොඩනැගීමේ දැඩි අධිෂ්ඨානයෙන් යුතුව නව රජයේ දින 100 වැඩසටහන යට‍තේ මෙකී අරමුණුද ඇතුලුව බොහෝ දේ ක්‍රියාවට නැංවීමේ වැඩ පිළිවෙලක් දැනටමත් දියත් කර ඇත. ශ්‍රී ලංකාව මෙන්ම එහි රටවැසියන්ට ඔවුන්ගේ උපරිම ශක්‍යතාවයන් වෙත ළඟාවීමට මෙම ක්‍රියාවලිය අත්‍යවශ්‍යය වන බව රජය විසින් හඳුනාගෙන තිබේ.

ශ්‍රී ලංකාවේ නිදහස් දිනය වූ 2015 පෙබරවාරි 04 දින පළකල ප්‍රකාශයන්හි මෙන්ම වරින් වර ජනාධිපති සිරිසේන විසින් කරන ලද ප්‍රකාශයන් තුළද මෙම වැදගත් කරුණ අඩංගුව ඇත. සංහිදියාව ගොඩ නැගීමේ ක්‍රියාවලිය තුළ ජනතාවගේ යහ පැවැත්ම තහවුරු කිරීම හා එක්සත් කිරීම වැදගත් අංගයන් බව ජනාධිපතිවරයා විසින් හඳුන්වයි. අර්බුදතා පැවති වකවානුව තුල යම් යම් සිදුවීම් ඇතිවූ බවට පිළිගැනීමේ වැදගත් පියවර නව රජය විසින් ඉටු කරන ලද අතර “සාමය” ප්‍රකාශයට පත් කිරීමේ නිවේදනයක් නිදහස් දිනයේ ප්‍රධාන භාෂාවන් තුනෙන්ම කියවන ලදී. ඛේදජනක අර්බුදය හේතුවෙන් තම ජිවීත අහිමි වූ සෑම ජනවර්ගයකට සහ ආගම් වල අය වෙත උපහාර පුදකළ මෙම ප්‍රකාශය තුළ මෙරට ජනතාවගේ ලේ වැගිරීම් තුළින් දේශය කම්පාවට ලක්වීම නැවත කිසිදා ඇති නොවන ලෙස වගබලා ගැනීමේ වගකීමට රජය බැඳී ඇත.

අර්බුදයන්ට මැදිවූ පළාත් තුල සිවිල් පරිපාලන කටයුතු ශක්තිමත් කිරීමේ මූලික පියවර වශයෙන් උතුර හා නැගෙනහිර පළාත් සභාවන්හි හමුදා ආණ්ඩුකාරවරුන් ඉවත් කර ගෞරවනීය හිටපු සිවිල් සේවා නිලධාරීන් පත්කිරීම නව රජය විසින් බලයට පත්වූ විගස ක්‍රියාවට නංවන ලදී.

අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සනාථ කරමින් මාධ්‍යවේදීන් වෙත පවරා තිබූ සීමා බන්ධන ක්ෂණිකව අක්‍රීය කරන ලදී. තහනම් කර තිබු ප්‍රවෘත්ති වෙබ් අඩවි නොපමාව මුදාහැරීම සිදුවිය. මෙරටට පැමිණීමට අපේක්ෂා කරන සියලුම විදේශ මාධ්‍යවේදීන් හට මෙරටට පැමිණ සංචාරය කිරීමට හා ඕනෑම පලාතක සිට බියක් සැකක් නොමැතිව ප්‍රවෘත්ති වාර්තා කිරීමේ නිදහස ලබා දී ඇත. මෙයට අමතරව රටෙන් බැහැරව සිටින සියලු මාධ්‍යවේදීන් හට සිය රටට පැමිණෙන ලෙසට විවෘත ආරාධනාවක් රජය විසින් නිකුත් කර තිබේ. රාජ්‍ය නොවන සංවිධාන (NGO) ලේකම් කාර්යාලය ආරක්ෂක අමාත්‍යාංශ රාමුවෙන් ඉවත් කර ප්‍රතිපත්ති සැලසුම් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය යටතට පත්කිරීම තුළින් මානව අයිතිවාසිකම් ක්‍රියාකාරීන් ඇතුලු මානව හිමිකම් ප්‍රජාව සහ සිවිල් සමාජය සමඟ ක්‍රියාකාරීව බැඳීම සනිටුහන් කරමින් රජය විසින් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන ඇතුළු සිවිල් සමාජය සමඟ සමීප සම්බන්ධතා හා ක්‍රියාකාරකම් අරඹා ඇත. පීඩිතයන් හා සාක්ෂිකරුවන්ට ආධාර හා රැකවරණය ලබාදෙන පනත සම්මත කිරීමේ පියවර පාර්ලිමේන්තුව තුළ මෙම මාසයේදී සිදු කෙරෙණු ඇත. තොරතුරු ලබා ගැනීමේ අයිතිවාසිකම් පනත සහ ජාතික විගණක පනත ක්‍රියාවට නැංවීම පිළිබඳව මෙම මාසය තුළ කටයුතු සිදු කෙරෙනු ඇත.

ජනාධිපතිවරයා සතු විධායක බලතල පාර්ලිමේන්තුව, කැබිනට් මණ්ඩලය සහ අගමැතිවරයා වෙතට පැවරීම සඳහා අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත් සැකසෙමින් පවතී. දින 100 තුළ මේ පිළිබඳ කටයුතු ක්‍රියාවට නැංවෙනු ඇත. 18 වන සංශෝධනය අවලංගු කිරීම, අධිකරණ සේවා පත්වීම්, රාජ්‍ය පොලිස් සේවය, මැතිවරණ, අල්ලස් හා දූෂණ සහ ජාතික මානව හිමිකම් ආදී කොමිසම් පත්කිරීමේ නීති සම්පාදන කෙටුම්පත් සැකසෙමින් පවතින අතර මේ පිළිබඳව පාර්ලිමේන්තුව තුල පියවර ගැනීම දින 100 තුළ සිදුවනු ඇත.

අධි ආරක්ෂක කලාප පිළිබඳ සමාලෝචනයක් සිදු කෙරේ. මේ ක්‍රියාවලියන් සිදුවන අතර උතුරු හා නැගෙනහිර ප්‍රදේශයන්හි සමහර ඉඩම් එම ප්‍රදේශ වල ජනතාව වෙත මුදා හැරීම පිණිස හඳුනාගෙන ඇත.

ජනාධිපති සිරිසේන මැතිදුන්ගේ දින 100 ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ මෙසේ සඳහන් වේ.

“ජාත්‍යන්තර යුධ අපරාධ පිළිබඳ රෝම ආඥා පනතට ශ්‍රී ලංකාව අත්සන් තබා නොමැති හෙයින්, එවන් කරුණු පිළිබඳ සාධාරණත්වය ඉටු කිරීම ජාතික ස්වාධීන අධිකරණ යාන්ත්‍රනයක වගකීම වේ.” මේ පිළිබඳව ඔබතුමා දැනුවත්ව සිටී.

2015 ජනවාරි 8 වන දින පැවති මැතිවරණයෙන් ජනාධිපති සිරිසේන විසින් ලබාගත් තීරණාත්මක ජයග්‍රහනය මඟින්, යම් යම් සිදුවීම් විමර්ෂණය කිරීම, ප්‍රමාණවත් සාක්ෂි ඇත්නම් අපරාධකරුවන්ට විරුද්ධව නෛතික ක්‍රියාමාර්ග ගැනීම සඳහා අවශ්‍ය දේශීය යාන්ත්‍රනයක් ඇති කිරීමේ බලය ලබාදී තිබේ.

අප දෙදෙනා හමුවූ අවස්ථාවේ මා විසින් පහදා දුන් ආකාරයට, අප රජය පත්වී දැනට දින 38 ක් පමණ වන මුත් කුමන ආකාරයක දේශීය යාන්ත්‍රනයක් ස්ථාපිත කළ යුතුද, ඔබගේ කාර්යාලයෙන් මෙන්ම අනිකුත් ජාත්‍යන්තර සංවිධානයන්ගෙන් කුමන ආකාරයේ සහායන් ලබාගත යුතු වේද යන්න පිළිබඳව දැනටමත් සාකච්ඡා සිදු වෙමින් පවතී. මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පොරොන්දු වූ ආකාරයට විශ්වසනීය දේශීය යාන්ත්‍රනයක් ස්ථාපිත කිරීමට රජය කැපවී ඇති අතර යෝජනා ප්‍රකාශ 25/1 හි අදාල ආරම්භ ප්‍රතිපාදන මඟින් වගවීම සනාථ කිරීම, යුක්තිය ඉෂ්ඨ කිරීම සහ පීඩාවට ලක්වූවන්ට සහන සැලසීම ද සැලකිල්ලට ගනු ඇත.

මෙම යාන්ත්‍රනය ස්ථාපනය කිරීම පිළිබඳව හා තාක්ෂණ සහාය ලබාගැනීම පිණිස ඔබ හා ඔබගේ කාර්යාලය සමඟ එක්ව කටයුතු කිරිමට රජය අපේක්ෂා කරයි.

මාගේ 2015 පෙබරවාරි 7 දිනැති ලිපිය මගින් ශ්‍රී ලංකාවට පැමිණීමට ඔබතුමාට කළ ආරාධනාව අනුව, මානව හිමිකම් කවුන්සලයේ 30 වන සැසිවාරයට පූර්වයෙන් දිනයක කොළඹ දී ඔබ පිළිගැනීම මාගේ අපේක්ෂාවයි.

කවුන්සලයේ 30 වන සැසිවාරයට පෙරාතුවෙන් බලපෑම් මගින් හා කැමැති රහිතව සිදුව ඇති අතුරුදහන්වීම පිළිබඳ කටයුතු කරන ක්‍රියාකාරී කණ්ඩායම් වලටද රජය ආරාධනා කරනු ඇති අතර, අවශ්‍යතාවය මත පදනම්ව හැකි ඉක්මන් අවස්ථාවකදී අදාළ විශේෂ ක්‍රියාකාරකම් බලය දරන්නන්ටද ආරාධනා කරනු ඇත.

සත්‍ය, සාධාරණය, වන්දි හා නැවත නොසිදුවීමේ සහතික පිළිබඳ විස්තර සපයන්නන් සමඟ ඉක්මණින්ම රජය විසින් කථිකාවක් ආරම්භ කර අවශ්‍යය උපදෙස් ලබාගැනීමේ අපේක්ෂා ඇතිව වඩාත් සුදුසු අවස්ථාවක ආරාධනාවක් සිදු කරනු ඇත.

මෙම ලිපිය මගින් සහ මා විසින් ඔබතුමා සමඟ කළ සාකච්ඡාවන්හිදී පැහැදිලි කළ ආකාරයට පත්වී මාසයක් පමණ වන මෙම රජය අදහස් ප්‍රකාශ කිරීම, එක් රැස්වීම සහ හැසිරීමේ නිදහස සියලු වැසියන්ගේ මිනිස් අයිතිවාසිකම් රැක ගැනීම හා ආරක්ෂාව පිළිබඳව ගෙන ඇති පියවර දැනටමත් ප්‍රත්‍යක්ෂ වන අතර ජාත්‍යන්තර ප්‍රජාව විසින් මේ වන විටත් පුළුල්ව පිළිගැනීමට ලක්කර ඇත.

මේ අනුව ඉහත දක්වා ඇති ආකාරයට අවශ්‍යය වන දේශීය යාන්ත්‍රනය ස්ථානගත කිරීම සඳහා ශ්‍රී ලංකා රජයට කාලය අවශ්‍යය වන බව ඔබට වැටහෙනු ඇත. එම නිසා රජය ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ:

(අ)      ශ්‍රී ලංකාව පිළිබඳ (OISL) OHCHR විමර්ෂණ වාර්ථාව මානව අයිතිවාසිකම් කවුන්සලයේ 30 වන සැසි වාරයේදී ඉදිරිපත් කරන ලෙසටත්, ජනතාව වෙත ලබාදී ඇති පොරොන්දු අනුව රජය විසින් දේශීය විමර්ෂන සහ නෛතික යාන්ත්‍රනය ස්ථාපිත කිරීමෙන් අනතුරුව ඉහත කී වාර්ථාවේ අඩංගු කරුණුද සැලකිල්ලට ගැනීමේ හැකියාව ඇති කළ යුතු බවත්,

(ආ)      මානව අයිතිවාසිකම් කවුන්සලය තම 28 වන සැසිවාරයේදී ශ්‍රී ලංකාවේ තත්වය පිළිබඳව විධිමත් ලෙසට සාකච්ඡා නොකිරීමත්, යන දෙකරුණ ඉටු කරන ලෙසය.

ගරු මැතිතුමනි, ජීනිවා හි පැවැත්වෙන මානව අයිතිවාසිකම් කවුන්සලයේ 28 වන සැසිවාරයේ ඉහල පෙල ඛණ්ඩයට සහභාගි වීම මාගේ අපේක්ෂාවයි. 2015 මාර්තු 2 වන දින ඉහළ පෙල ඛණ්ඩයේ මාගේ ප්‍රකාශයේදී නව රජය පත්වීමෙන් අනතුරුව මානව අයිතිවාසිකම් ආශ්‍රීත කරුණු පිළිබඳව ශ්‍රී ලංකාවේ ප්‍රගතිය පිළිබඳව කවුන්සලය දැනුවත් කිරීම මා විසින් කරනු ඇත.

මෙම කරුණු පිළිබඳ වැඩිදුරටත් සාකච්ඡා කිරීම සඳහා ඔබ හමුවීම මාගේ අපේක්ෂාවයි.

ගරු මැතිතුමණි, මෙම කරුණු පිළිබඳව මාගේ ඉහළම සැලකිල්ල යොමු කරන බවට දෙන පොරොන්දුව

පිළි ගන්නා ලෙසට ඉල්ලා සිටිමි.

මංගල සමරවීර

විදේශ කටයුතු අමාත්‍ය

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.