25 April, 2024

Blog

වෛරී අදහස් ප්‍රකාශනය අපරාධයක් බවට පත් කිරීමේ දණ්ඩ නීති සංග්‍රහ සංශෝධනය සම්බන්ධයෙන් ඒකාබද්ධ සිවිල් සමාජ ප්‍රකාශනය

පහතින් අත්සන් කරන සංවිධාන සහ පුද්ගලයන් වන අපි, 2015 දෙසැම්බර් 11 වැනි සිකුරාදා දින වෛරී අදහස් ප්‍රකාශනය සහ ප්‍රජාවන් අතර අසමගිය හා ප්‍රචණ්ඩත්වය ඇති කිරීම අපරාධයක් බවට පත් කිරීමට යැයි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද කෙටුම්පත් දෙක සම්බන්ධයෙන් ඉතා සැලකිලිමත් වන්නෙමු. එසේ ඉදිරිපත් කරන ලද කෙටුම්පත්වලින් එකක දණ්ඩ නීති සංග්‍රහයට සංශෝධනයක් සමග “ප්‍රචණ්ඩත්වය, එදිරිවාදීබව… ඇති කිරීම හෝ ඇති කරන ක්‍රියා සිදු කිරීම” අලුත් වරදක් ලෙස හඳුන්වා දී ඇති අතර, මෙය අවුරුදු දෙකක් දක්වා සිර දඬුවම් ලබා දිය හැකි වරදකි. අනික් කෙටුම්පතින් අපරාධ නඩු විධි විධාන සංග්‍රහයට සංශෝධනයක් ඉදිරිපත් කර ඇති අතර, නව වරද යටතේ නඩු පැවරීම සම්බන්ධයෙන් අවශ්‍ය තත්ත්වයන් එහි සඳහන් වේ.

BBS Muslimදණ්ඩ නීති සංග්‍රහය යටතේ ඉදිරිපත් කර ඇති මෙම නව වරද විශේෂයෙන්ම ගැටලු සහගත එකක් වන අතර, මෙය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 2(1) (h) කොටස අනුසාරයෙන් සැකසූ එකකි. කෙටුම්පතේ සඳහන් වරද ඉතා පුළුල්, නොපැහැදිලි සහ සාමාන්‍යකරණය කළ එකක් වන අතර, රටේ ව්‍යවස්ථාවෙන් සහ අන්තර්ජාතික සිවිල් සහ දේශපාලනික අයිතීන් පිළිබඳ ප්‍රඥප්තිය(ICCPR) විසින් ලබා දී ඇති අදහස් ප්‍රකාශනයේ නිදහස සම්බන්ධයෙන් අවසර දිය හැකි නීතිමය සීමාවක් ද නොවේ. එසේම යෝජනා වී ඇති මෙම සංශෝධනය ක්‍රියාත්මක කළ හොත්, ඒ හරහා ස්වයං-වාරණයේ සහ නිදහස් අදහස් ප්‍රකාශනය අධෛර්යයමත් කිරීමේ සංස්කෘතියක් ඇති විය හැකිය. ත්‍රස්තවාදය වැළැක්වීමේ‍ පනතේ 2(1) (h) කොටස යොදා ගනිමින් මීට පෙර ජනමාධ්‍යවේදී ජේ.එස්. තිස්සනායගම් රජයේ හමුදා විසින් සිදු කරන ලද චෝදිත යුද අපරාධ සම්බන්ධයෙන් වාර්තාකරණය නිසා වරදකරුවකු කරන ලදී. අදහස් ප්‍රකාශනයේ නිදහස සම්බන්ධයෙන් පනවන්නට යන මෙම පුළුල්, අපහැදිලි සීමාව ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක කිසි ලෙසකින් ආරක්ෂා කළ යුතු දෙයක් නොවේ. තවදුරටත් අපගේ අතීත අත්දැකීම්වලින් පෙනෙන පරිදි, මෙවැනි නීතියක් නීතිගත කිරීම හරහා රජයක් විසින් තමන්ගේ දේශපාලන විරුද්ධවාදීන් සහ රජයේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් විවේචනාත්මක වන පුද්ගලයන් ඉලක්ක කිරීමට මෙම නීතිය භාවිතා කිරීමේ ඉතා සත්‍ය සම්භාවිතාවයක් ඇත.

පහතින් අත්සන් කරන අපි, “වෛරී අදහස් ප්‍රකාශනය” අපරාධයක් බවට පත් කිරීමට නව නීතියක් ගෙන ඒමේ අවශ්‍යතාවය ප්‍රශ්න කරන අතර, මෙම කාර්යය ඉෂ්ට කිරීම සඳහා පවතින නීතියේ විධි විධාන පවතින බව ද සටහන් කරන්නෙමු. 2007 අංක 57 දරන අන්තර්ජාතික සිවිල් සහ දේශපාලනික අයිතීන් පිළිබඳ ප්‍රඥප්තිය (ICCPR) සම්බන්ධ පනත යටතේ වෙනස් කොට සැලකීමට, එදිරිවාදීභාවයට, හෝ ප්‍රචණ්ඩත්වයට අනුබල දෙන ජාතික, වාර්ගික, හෝ ආගමික වෛරය පැතිරවීමේ කටයුතු කිරීම දැනටමත් අපරාධයක් බවට පත් කර ඇත. දණ්ඩ නීති සංග්‍රහය යටතේ “සිතා මතා ආගමික හැඟීම්වලට හානි වන සේ වචන ප්‍රකාශ කිරීම” (291 අ කොටස), “ආගමකට හෝ ආගමික විශ්වාසයනටය අපහාස කිරීම හරහා ඕනෑම පන්තියක ආගමික හැඟීම් ප්‍රකෝප කිරීමට සිතාමතා සහ ද්වේශ සහගතව කටයුතු කිරීම” (291 ආ කොටස), වරදවල් බවට පත් කර ඇත. තවදුරටත් දණ්ඩ නීති සංග්‍රහයේ ආගමික ස්ථාන සහ ආගමික කටයුතු සඳහා එක් රැස් වන ස්ථාන ආරක්ෂා කිරීම සඳහා තවත් වැරදි කිහිපයක් සපයා ඇත. මේ වැරැදි විසින් දැනටම අදහස් ප්‍රකාශනයේ නිදහස බරපතල ලෙස සීමා කරනු ලබයි.

ශ්‍රී ලංකාවේ වෛරී අදහස් ප්‍රකාශනය සම්බන්ධයෙන් යැයි පුළුල්ව නම් කළ හැකි දැනටත් පවතින විවිධ නීති සමූහය සැලකූ කළ, නිශ්චිත ආගමික කණ්ඩායම් ඉලක්ක කර ගත් ප්‍රහාර සම්බන්ධයෙන් වරදකරුවන්ට එරෙහිව නඩු නොපැවරීම නීති පද්ධතියේ අඩුපාඩු නිසා නොව, පවතින නීතින්ගෙන් කොටසක් පමණක් තෝරා ගෙන ක්‍රියාත්මක කිරීමත්, ප්‍රචණ්ඩ වෛරයන්ට ආධාර අනුබල දෙන්නන්ට එරෙහිව කටයුතු කිරීමටත් ඇති නීති ක්‍රියාත්මක කිරීමට දේශපාලන වුවමනාවක් නොතිබීමත් යන කරුණුවල ප්‍රතිඵල බව අපගේ අදහසයි. මෙම තත්ත්ව යටතේ, අප රජයට බල කර සිටින්නේ සිය පුරවැසියන්ට තමන්ගේ වගකීම්, සහ අන්තර්ජාතික වගකීම් ඉටු කරමින්, පුරවැසියන්ගේ අදහස් ප්‍රකාශනයේ අයිතීන් සුරකින නව, සමෘද්ධිමත් දේශපාලන සංස්කෘතියක් ඇති කිරීමට කටයුතු කරමින් ඉදිරිපත් කළ මෙම නීති කෙටුම්පත් ඉවත් කර ගන්නා ලෙසයි.

Signatories 
Individuals

Ainslie Joseph – Convenor, Christian Alliance for Social Action
Annouchka Wijesinghe
Aruni Jayakody
B. Gowthaman
Balasingham Skanthakumar
Bhavani Fonseka – Attorney-at-Law
Bishop Duleep de Chickera
Bishop Kumara Illangasinghe
Brito Fernando
Caryll Tozer
Chameera Perera – Left Center
Chandra Jayaratne
Chandraguptha Thenuwara
Chulani Kodikara
D.B.S. Jeyaraj – Journalist
Deanne Uyangoda
Dr. Farzana Haniffa – Senior Lecturer, Sociology – University of Colombo
Dr. Jehan Perera
Dr. Kumudu Kusum Kumara – University of Colombo
Dr. L. Solomons
Dr. Paikiasothy Saravanamuttu
Dr. S.B. Dhanapala
Dr. Shamala Kumar – University of Peradeniya
Faizun Zackariya – Citizens Voice
Gajen Mahendra
Gamini Viyangoda
Gayathri Gamage
Godfrey Yogarajah – Executive Director, Religious Liberty Commission & World Evangelical Alliance
Gowrie Ponniah
Hans Billimoria
Harini Amarasuriya
Herman Kumara
Iromi Perera
Ishan Jalill – Founder and Executive Director, Action Against Apathy
Jake Oorloff
Jeanne Samuel
Joe William
Jovita Arulanantham
K. Aingkaran
Kalani Subasinghe
Kumari Kumaragamage
Kusal Perera – Journalist
Lakshan Dias – Attorney-at-Law
Lionel Guruge
Luwie Ganeshathasan – Attorney-at-Law
Mala Liyanage
Manouri Muttetuwegama
Marisa de Silva
Mujeebur Rahman – Journalist (Mannar)
Nalini Ratnarajah – Woman Human Rights Defender
Nigel Nugawela
Nilantha Ilangamuwa – Journalist and Editor, Sri Lanka Guardian
Nimalka Fernando
Niran Anketell – Attorney-at-Law
P. Selvaratnam
Paba Deshapriya
Philip Setunga
Prof. Jayantha Seneviratne – University of Kelaniya
Prof. S. Sivamohan
Qadri Ismail
R.M.B Senanayake – Retired C.C.S
Rev. Br. Loyola Fernando FSC
Rev. Dr. Jayasiri T. Peiris – Friday Forum
Rev. Fr. Jeyabalan Croos
Rev. Fr. Sarath Iddamalgoda
Rev. Fr. T.L.R. Dominic
Rev. Jason Selvaraja – Assembly of God, Chavakachcheri
Ronnie Yogarajah
Ruki Fernando
S. Ratnajeevan H. Hoole
S. Samaraarachchi
S.C.C. Elankovan
Sabra Zahid
Sampath Samarakoon
Sanjana Hattotuwa – Founding Editor, Groundviews.org
Sanjayan Rajasingham
Shakthi Ponniah
Shashika Bandara
Sheila Richards
Shreen Abdul Saroor
Sriyanie Wijesundara
Sudarshana Gunawardana – Attorney-at-Law
Sunanda Deshapriya
Sunethra Bandaranaike
Suren D. Perera – Human Rights Lawyer and Activist
Suriya Wickremasinghe
T. Mathuri – Attorney-at-Law
Tanuja Thurairajah
Tehani Ariyaratne
Thyagi Ruwanpathirana
Udaya Kalupathirana
Visaka Dharmadasa
Waruna Padmasiri – Attorney-at-Law

Organizations

Association of War Affected Women (AWAW)
Centre for Policy Alternatives (CPA)
Families of the Disappeared (FoD)
INFORM Human Rights Documentation Centre
Law and Society Trust (LST)
National Fisheries Solidarity Movement (NAFSO)
National Peace Council (NPC)
Right to Life (R2L) Human Rights Centre
Rights Now Collective for Democracy
Women’s Action Network (WAN)

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.