22 September, 2019

Blog

අළුත්ගමින් පසු ලංකාවේ මුස්ලිම් ජාතිකයන් සන්ධිස්ථානයක

ඉසෙත් හුසේන්

ඉසෙත් හුසේන්

ඉසෙත් හුසේන්

ජුනි 15 වැනි දා සහ ඉන් පසුව ගතවූ දිනවල අළුත්ගම සහ බේරුවල ප‍්‍රදේශයේ ඇති වූ මුස්ලිම්-විරෝධී ක‍්‍රියාකලාපයෙන් පසු ශ‍්‍රී ලංකාවේ මුස්ලිම් ප‍්‍රශ්නය නව අදියරකට පිවිස තිබේ. එකී මුස්ලිම්-විරෝධී ක‍්‍රියාකලාපයට ආණ්ඩුවෙන් ලැබුණු දුස්-සහාය ගැන අළුතෙන් පැහැදිළි කරදීමක් අවශ්‍ය නොවන තරමට දැන් ප‍්‍රසිද්ධ ය. ඇත්තෙන්ම එය, යුදෙක් සහාය දැක්වීමකට වැඩි දෙයකි. සිදුවූ ඒ දේවල් නිවැරදිව හැඳින්විය යුත්තේ, මුස්ලිම් ප‍්‍රජාවට එරෙහිව ආණ්ඩුව ගෙන ගිය ජාතිවාදී ප‍්‍රහාරයක් වශයෙනි. මෙය අළුත් දෙයක් නොවේ. දැන් අවුරුදු ගණනක් තිස්සේ මේ ක‍්‍රියාකලාපය දියත් වෙමින් තිබුණි. අළුත් දෙයකට ඇත්තේ, මෙවර මුස්ලිම් ව්‍යාපාරික ප‍්‍රජාවට සැලසුම් සහගතව පහර දීමයි. එය මීට පෙර ලිපිවල මා පෙන්වා දී ඇති ජාතිවාදී න්‍යාය පත‍්‍රය සමග මනාව සැසඳෙයි. මේ පරමාදර්ශී න්‍යාය පත‍්‍රයට අනුව, සමාජ ධූරාවලි ව්‍යුහයේ ඉහළින්ම සිටිය යුත්තේ සිංහලයන් ය. වැඩියත්ම, සිංහල-බෞද්ධයන් ය. එම වැඩපිළිවෙල තුළ, දෙමළ ජනයාව පාගා දැමීමක් අවශ්‍ය කෙළේය. දැන්, මුස්ලිම් ජාතිකයාගේ වාරයයි. ඉහතින් මා සටහන් කරන ලද දේවල්, සැබවින්ම, පවතින තත්වය පමණට වඩා සරළ කොට ඉදිරිපත් කිරීමක් වීමට පිළිවන. මන්ද යත්, බොදුබල සේනාවේ ආධාරකරුවන්ගෙන් එහාට යන, සාමාන්‍ය සිංහලයන්ගේ අනුභූතික භීතීන් සහ සැකසාංකා එහිදී සැළකිල්ලට ගෙන නැති නිසා ය. එහෙත්, මගේ වර්තමාන අරමුණට, එනම්, මුස්ලිම්-විරෝධී ජාතිවාදී ව්‍යාපෘතිය පසුපස ආණ්ඩුව සිටින බව පෙන්වා දීමට එය අදාළ නැත. මගේ තර්කය වන්නේ, සිංහලයන් තුළ ඇති ඒ අනුභූතික භීතීන් සහ සැකසාංකා පවා, මුස්ලිම්-විරෝධී ජාතිවාදී ප‍්‍රචාරණයේ ප‍්‍රතිඵලයක් වන බවයි. එවැනි සාවද්‍ය ප‍්‍රචාරණයකට ප‍්‍රති-පිළිතුරු දීම සාමාන්‍යයෙන් රටක ආණ්ඩුවකට පැවරෙන වගකීමකි. එහෙත් එවැනි කිසිවක් මේ ආණ්ඩුව කෙළේ නැත. මන්ද යත්, ඊට පෙර පැවති වෙනත් ආණ්ඩු මෙන්ම මේ ආණ්ඩුවත් වාර්ගික ක්ෂේත‍්‍රයේ තම එකම වගකීම වශයෙන් සළකන්නේ, සිංහ වංශයේ ස්වෝත්තමවාදය ස්ථාපිත කොට පවත්වාගෙන යාම වන බැවිනි. සිංහලයන්ගෙන් බහුතරයක් ආශා කරන පරිදි, සිංහලයන් සමග සාමයෙන් සහ ගෞරවයෙන් යුතුව ජීවත් වීම සඳහාත්, තමන්ගේ යුක්ති සහගත ඕනෑඑපාකම් ආරක්ෂා කර ගැනීම සඳහාත්, මුස්ලිම් ජාතිකයන් කළ යුත්තේ කුමක් ද? මුලින්ම, වර්තමාන විකල්ප පරාසය, 1983 තිබුණාට වඩා පුළුල් බව අප හඳුනාගත යුතුය. ආණ්ඩුව මුස්ලිම්-විරෝධී ව්‍යාපෘතිය මත ගමන් කරන බව පෙනෙන්නේ, 83 වන් විනාශයකින් තොරව, මෙවර මුස්ලිම් ජාතිකයන්ව දෙවැනි හෝ තෙවැනි පංතියේ පුරවැසියන්ගේ තත්වයට අදියරෙන් අදියරට පහත හෙලිය හැකිය යන විශ්වාසයකිනි. දෙමළ ජනතාව දැනටමත් ඒ තත්වයට පහත හෙලා තිබීම පාලකයන්ට තවත් රුකුලකි. ආණ්ඩුව අද බොදුබල සේනාවට අළුත්ගම රැුස්වීමක් පැවැත්වීමට අවසර දෙයි. එම තීරණය බොදු බල සේනාවේ සභාපති හිමියන් විසින් පවා හෙළාදැක තිබේ. එම රැුලියෙන් පසු, කොල්ලකාරී පිරිස් පොලීසිය බලා සිටියදීම, මුස්ලිම් ව්‍යාපාරිකයන්ගේ දේපොල ගිනිබත් කරයි. හෙට හෝ අනිද්දා මේ දෙයම, කොළඹ සහ වෙනත් තැන්වලත් සිදුවීමට පිළිවන. එය, සිංහ වංශිකයන්ගේ අතට මුස්ලිම් ව්‍යාපාර ඩැහැගන්නා තෙක් ඉදිරියට යනු ඇත. එහෙත්, ජාත්‍යන්තර ප‍්‍රජාවත්, ලංකාවේ සිවිල් සමාජයත්, 1983 ට වෙනස් ආකාරයකින් මේ තත්වයට දැන් ප‍්‍රතිචාර දක්වා තිබේ. ඒ ගැන විස්තරාත්මකව දැක්වීමට මම නොයමි. එම ප‍්‍රතිචාරයන්ගෙන් පෙනෙන්නේ ලෝකයා තවදුරටත් ඇස්කන් පියාගෙන නොසිටින බවයි. මේ නිසා ශ‍්‍රී ලංකාවේ නව-ෆැසිස්ට්වාදී ජාතිවාදීන්ට හිතන තරම් වැඬේ ලෙහෙසි වන එකක් නැත. සිවිල් සමාජයේ අළුත් වර්ධනයක් අද දකින්ට තිබේ. තවම එය ළදරු අවස්ථාවේ පැවතියත්, අනාගතය ගැන එය බලාපොරොත්තු ඇති කරවයි. එනම්, සමාජයේ එක තැනක සිදුවන දෙයක් තවත් තැනකට සහ පිරිසකට බලපාන බවට ඇති අවබෝධයයි. එහි අදහස වන්නේ, අද සුළුජාතීන්ට කරන කියන දේවල් හෙට මහජාතියටත් කරනු කියනු ඇති බවයි. 83 ජුලි කෝලාහලයේ දී සිංහල ප‍්‍රභූ බල පැලැන්තිය සහ ඔවුන්ගේ හෙංචයියන් අන්ත පහත් තත්වයටම වැටුනහ. අසරණ දෙමළ ජනතාවට එරෙහි මහා විනාශය අකුරටම සංවිධානය කෙරුණේ, ජේ.ආර්. කල්ලියේ ඉහළම පෙළේ ජාතිවාදී නායකයන්ගේ අනුදැනුම සහ අනුග‍්‍රහය යටතේ ය. එකල අන්ත ජාතිවාදී ව්‍යාපාරයක් වශයෙන් පෙනී සිටි ජනතා විමුක්ති පෙරමුණ එයින් ඉමහත් ප‍්‍රමෝදයට පත්විය. එහෙත් ඒ දශකයම අවසන් වන විට, ජනතා විමුක්ති පෙරමුණ තමන්ගේම සිංහලයන්ව ඝාතනය කිරීමටත් ඒ සිංහලයන්ගේ අතින්ම පෙරලා ඝාතනය වීමටත් පටන්ගත්හ. පරාදීස දීපය, ලෙයින් නැහැවුණි. රටෙන් කොටසක් සුසානයක් වුණි. 83 දෙමළ සුළුතරය ගැන සිංහල ප‍්‍රභූ බල පැලැන්තිය තුළ තිබූ සදාචාරමය සංවේදී භාවයේ වෑරීම වෙනුවෙන් සිංහල මහජාතිය ඉන්පසුව දීර්ඝ වූත්, බිහිසුණු වූත් මහා වන්දියක් ගෙව්වේය. අද නීතියේ ආධිපත්‍යයේ සරණ මුස්ලිම් සුළුතරයෙන් ක‍්‍රමානුකූලව පැහැර ගනිමින් තිබේ. ඉඳහිට සිංහල බහුතරයටත් ඒ හැන්දෙන්ම බෙදනු ලැබේ. එහෙත්, ශ‍්‍රී ලංකා නීතිඥ සංගමය නිවැරදිව හඳුනාගෙන ඇති පරිදි, හෙට වන විට සිංහල බහුතරයත් එම විනාශයට නිතිපතා ගොදුරු වෙනු ඇත. මෙයින් පෙනී යන්නේ, සමාජයක් යනු එකිනෙකට අන්‍යෙන්‍යව ගැටගැසුණු ජාලයක් බවයි. තමන්ගේ සුජාත අවශ්‍යතා ආරක්ෂා කරගනු වස් මුස්ලිම් ජනතාව නිශ්චිතව කළ යුත්තේ කුමක් ද? අභ්‍යන්තරික වාර්ගික ප‍්‍රශ්නයක් අපේ මුස්ලිම් ජනතාව විසින් ජාත්‍යන්තරය ඉදිරියට ගෙන යාම ගැන කලක් මම විරුද්ධව සිටියෙමි. එහෙත් 1983 මෙන් නොව, අද රටක ඇති වන බරපතල සිදුවීම් ජාත්‍යන්තරකරණයට ලක්වීම නොවැළැක්විය හැක්කකි. එක්සත් ජාතීන්ගේ සංවිධානයට පිටතින් තිබෙන විශාලතම රාජ්‍ය සාමූහිකය වන, සාමාජික රටවල් 57 කින් සැදුම්ලත් ඉස්ලාම් රාජ්‍ය සංවිධානය, ශ‍්‍රී ලංකාවේ මුස්ලිම් දඩයම විවේචනය කොට ප‍්‍රකාශයක් නිකුත් කොට තිබේ. එසේම, එක්සත් ජාතීන්ගේ සංවිධානයත්, නවී පිල්ලේ හරහා, ප‍්‍රකාශයක් නිකුත් කොට තිබේ. ශ‍්‍රී ලංකා මුස්ලිම් කොන්ග‍්‍රස් නායක රවුෆ් හකීම්, ආගමික නිදහස සඳහා වන එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයාටත්, සුළුජාතීන් සඳහා වන විශේෂ නියෝජිතයාටත් ලංකාවේ තත්වය සොයා බැලීමට එන ලෙස ආරාධනා කරන්නැ යි ආණ්ඩුවෙන් ඉල්ලා තිබේ. හකීමේගේ මේ ප‍්‍රශංසනීය වෑයමට සෑම මුස්ලිම් පක්ෂයක්මත්, මුස්ලිම් දේශපාලනඥයෙකුමත් සහාය දැක්විය යුතුව තිබේ. දේශීය වශයෙන් ගත් විට, මුස්ලිම් ජාතිකයන්ගේ අවධානය යොමු විය යුතු ක්ෂේත‍්‍ර දෙකක් ඇත. එකක් වන්නේ, නීතියේ ආධිපත්‍ය සඳහා ගෙන යන අරගලයට දායක වීමයි. දෙවැනුව, සිංහල-මුස්ලිම් සම්බන්ධතා කඩා ඉහරවීමට දැන් දශක ගණනාවක් තිස්සේ ගෙන යමින් තිබෙන ව්‍යාපාරයට එරෙහි වීමයි. ජාතික අරගලයේ මේ ක්ෂේත‍්‍ර දෙක තුළම මුස්ලිම් ජාතිකයන් වශයෙන් ක‍්‍රියාත්මක වීම හෙට දවසේ යහපත් ශ‍්‍රී ලංකාවක් සඳහා අතිශයින් වැදගත් වන්නේය. ආණ්ඩුව ලවා නීතියේ ආධිපත්‍යයට ගරු කැරැුවීමේ අරගලය දැනටමත් පටන්ගෙන ඇත. හැකි හැම අයුරකින්ම මුස්ලිම් ජනයා ඊට සහයෝගය දැක්විය යුතුව තිබේ. ඊළඟට, මුස්ලිම්-සිංහල සම්බන්ධතා අරභයා මා වැනි මුස්ලිම් ජාතිකයන්ට ලිපි ලිවිය හැකිය. එය සත්තකින්ව අත්‍යාවශ්‍ය කටයුත්තකි. එහෙත්, එවැනි මුස්ලිම් පුද්ගල මැදිහත්වීම්වල නියෝජනත්වය පිළිබඳ සීමාවන් ඇති නිසා එවැන්නක ප‍්‍රයෝජනය සීමිත විය හැකිය. එනිසා කළ යුතුව ඇත්තේ, මේ ප‍්‍රශ්න ගැන, ප‍්‍රධාන වශයෙන් මුස්ලිම් සහ සිංහල යන ප‍්‍රජාවන් දෙකේම ලිපි ලේඛන, ප‍්‍රතිපත්ති සම්පාදකයන් සහ තීරක කාරකාදීන් ඉලක්ක කොට, පොදුවේ කාටත් කියැවිය හැකි වන සේ, ඒ ඒ භාෂාවන්ගෙන් ඉදිරිපත් කිරීමයි. මා සිතන වැඩපිළිවෙල සකස් වීමට කාලයක් ගතවනු ඇත. එතෙක් මේ ප‍්‍රශ්නවලින් සමහරක් ගැන ලිපි සම්පාදනය කළ යුතුව තිබේ. එහි දී මුලින්ම අවධානය යොමු කළ යුත්තේ, සිංහලයාගේ පැවැත්මට තර්ජනයක් වෙතැ යි සිතන කාරණාවන් කෙරෙහි ය. එයින් එකක්, වහබ් මුස්ලිම් නිකායේ හෙවත් ‘දේශපාලනික ඉස්ලාම්වාදයේ’ ව්‍යාප්තියට අදාළයි. දෙවැන්න වන්නේ, මුස්ලිම් ජනගහනයේ වර්ධනය නිසා වැඩි කල් නොගොස් ශ‍්‍රී ලංකාව මුස්ලිම් රටක් වෙතැ යි යන භීතියයි. තෙවැන්න වන්නේ, මුස්ලිම් ජාතිකයන් සතුව ඇතැ යි කියන ආර්ථික වරප‍්‍රසාදිත තත්වයයි. මේ කාරණා තුනම, පදනම් විරහිත විකාර කතා බව මගේ විශ්වාසයයි. එහෙත්, එසේ වීම නිසාම ඒවා බරසාර සාකච්ඡුාවකට තරම් නොවේ යැයි බැහැර කිරීමත්, එයාකාරයේම වගකීම් විරහිත, මෝඩ ක‍්‍රියාවකි. විකාරය පිටුපස ඇති භීතීන් අතාර්කික වූ පමණින්, එම භීතීන්වල තිබෙන සමාජ බර අඩු නොවේ. එසේම, ඒවා මගින් ඇති කළ හැකි විනාශකාරීත්වය ද, ඒවා අතාර්කික වූ පමණින් නැති නොවේ. මේ අතාර්කික භීතීන් යථාර්ථවාදීව පැහැදිළි කර දීම සඳහා ආණ්ඩුව වෙහෙස වන්නේ නැත. හේතුව, එම භීතීන් එසේම පැවතීම ආණ්ඩුවේ මුස්ලිම්-විරෝධී ව්‍යාපෘතියට හොඳින් පෑහෙන බැවිනි. ඒ නිසා එම ගැටළු සාකච්ඡුාවට ගැනීම සිවිල් සමාජයේ වගකීමක් වන්නේය. *2014 ජුනි 21 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවු Sri Lankan Muslims At The Cross-Roads – IV – After Aluthgama/Beruwela නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’

Print Friendly, PDF & Email

Latest comments

  • 1
    2

    ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ වැඩිපුරම පලවෙන්නේ රාඡපක්ෂලාට විරුද්ධ ලිපිය. මා එහි වරදක් නොදකිමි. රඡයට විරුද්ධව සිතීමේ සහ ලිවීමේ අයිතිය ඡනතාවට තිබියයුතුය. ප්‍රඡාතන්ත්‍රවාදය කියන්නේ එයයි. අපේ කොමෙන්ට් කපාකොටා දමන්නේ නැතිව පලකිරීමද එම ප්‍රඡාතන්ත්‍රවාදයේම කොටසකි. එ් ගැන CT කතෘට ස්තුති කළයුතුය.

    පුශ්ණය වී අැත්තේ රටට විරුද්ධවී, රට බෙදීමට උත්සාහ කර, එ්වාට අනුබල දීම රඡයට සහ රාඡපක්ෂලාට විරුද්ධවීමක් ලෙස හුවා දැක්වීමය.

    ඉසෙත් හුසේන් මධ්‍යස්ථ මතධාරියෙක් නොවේ. මම සිංහලයාගේ පැත්තෙන් බලා කොමෙන්ට් ලියමි. ඉසෙත් මුසල්මනයාන්ගේ පැත්තෙන් බලා පූර්ණ ලිපි ලියයි. කොතෙක් එ්කපාක්ෂිකව ලියා අැද්දැයි කීවොත් ඉසෙත් විසින් ඉහත ලියා අැති “මුස්ලිම්-විරෝධී ක‍්‍රියාකලාපයට ආණ්ඩුවෙන් ලැබුණු දුස්-සහාය ගැන අළුතෙන් පැහැදිළි කරදීමක් අවශ්‍ය නොවන තරමට දැන් ප‍්‍රසිද්ධය.” යන්නෙන්ම පැහැදිලිවෙයි.

    නමුත් ගෝඨාභය කියන්නේ බොදු බල සේනාවට ඔහුගේ සම්බන්ධයක් අැතිබව ඔප්පුකලහොත් ඉල්ලා අස්වන බවය. දැන්ඉතින් ගෝඨාභයට අැගිල්ල දික්කල ඉසෙත් හුසේන්ලා ලතිෆ් ෆාරැක්ලා සහ අනෙක්අය කලයුත්තේ ඔවුන් කියූනොකියූ අැගිලිදික්කෙරීම් කරුණු සහිතව එකින්එක ඔප්පුකිරීමය, නැතිනම් ඔහුගෙන් සමාව ගැනීමය.

    මෙම ලිපිය පුරාම ඉසෙත් කියන්නේ මුසල්මනයන් අහිංසකයන් බවත්, බොදුබල සේනාවට අළුත්ගම රැස්වීමක් පැවැත්වීමට රඡය අවසරදුන් බවත්, එම රැලියෙන් පසු, පොලීසිය බලා සිටියදීම මුස්ලිම් ව්‍යාපාරිකයන්ගේ දේපොල ගිනිබත් කල බවටත් එය මැඩපැවත්වීමට කටයුතු නොකල බවත් දිගට හරහට කියන ටොන්පචය.

    අළුත්ගම රැස්වීම බොදුබල සේනාවේ රැස්වීමක් නාෙවේ. කෙසේවෙතත් අැයි එම රැස්වීම පැවැත්වූයේ කියා පළමුව සොයාබැලිය යුතුය. දර්ගා නගරයේ මුසල්මනයන්ට නිතියක් නැත. සවුදි පුහුනුවීම්වලට ගොස් පැමිනි මුසල්මන් ගැටයන් සාමාන්‍යයෙන් බයිසිකල් පාර්ක් කරන්නේ පාරවල් අවහිර වන්නටය. ඔවුන් බයිසිකල් පදින්නට හෙල්මට් දමන්නේ නැත. කොතෙක් ඉදිමී අැද්දැයි කිවහොත් මුස්ලිම් කොල්ලන් තිදෙනෙක් ඡූනි 12 පොසොන් පෝයදින වෑන්එකේ බනට වඩින ගමේ හාමුදුරුවන්ට සහ ඩ්‍රයිවර්ට පාර අවහිරකර පහර දෙයි. පොලීසිය කොල්ලන් අැල්ලුවේ නැත. හිමිනම රෝහල්ගතවෙයි. අළුත්ගම රැස්වීම රෝහලෙන් පිටවඑන හිමිනම පිළිගැනීමටය.

    ඉන්පසු පහරකෑමට ලක්වූ අයගම සමිත හාමුදුරුවන්ව ටවුමේදී පිළිගෙන කථා පවත්වා මිනිසුන් ඔහුගේ පන්සලට ගෙන ගියේය. ධර්‍ගා ටවුමට පෙලපාලියක් ගියේ නැත. කවුද සාමකාමීව යන මිනිසුන්ට මුල්ම ගල ගැහුවේ යන්න මෙම වීඩියෝවේ පැහැදිලිවම පෙනේ. ඔිකම තමයි 1915 දීත් මුසල්මනයන් බෞද්ධන්ගේ වෙසක් භක්ති ගී කැරොල් කරත්තයට කලේ.
    https://www.colombotelegraph.com/index.php/video-who-started-the-riot/

    අද බි්‍රිතානියන්ටත් අන්තවාදී මුසල්මනයන්ගෙන් අැතිවී තිබෙන ප්‍රශ්ණවල නිමක් නැත. ඡූලි 1 පලවූ ‘Daily Mail’ පුවත්පතේ මෙවැනි පුවතක් අැත.

    Prime Minister Cameron said; ‘insurgents in Iraq planning attacks on the UK.’ He also said: ‘I’d disagree with those people who think this is nothing to do with us and if they want to have some sort of extreme Islamist regime in the middle of Iraq that won’t affect us – it will.” Now read what former spy chief Baroness Neville-Jones claim; “Britain was sending more Islamic extremists to Syria and Iraq than any other country in Europe.”

    එනිසා, ඉසෙත් හුසේන් කියන අාකාරයට මුසල්මනයන් අහිංසකයන් නොවේ. මූලධර්මවාදී වහබිවරුන් විසින් ළංකාවේ සම්ප්‍රදායික මුසල්මනයන් බලහත්කාරයෙන් බහබි කරගන යනබව කියන්නේ සම්ප්‍රදායික සූෆි මුසල්මන් සංවිධානයක් වන ACTM හී සභාපති MCA හමීඩ් මහතාය. සූෆි-වහබි දෙපිරිස අතර බේරුවල වහබි පල්ලියේදී තර්ක විතර්ක අැතිවී 2009 ඡූලි 25 වනදා එය කෙලවර වී අැත්තේ මුසල්මානුවන් දෙදෙනෙකු මරා දමා තවත් 40 කට හොදටම තූවාල කිරීමෙන් පසුවය.

    දැන් වසර 30ක් තිස්සේ ‘තව්හීද්’ කියන සවුදියේ පුහුනුකල ඡිහාඩි මූලධර්මවාදී වහබි සහ සලාෆිවරුන් ළංකාවේ සම්ප්‍රදායික සාමයට බර සූෆි සහ අහම්මඩියා වැනි මුසල්මනයන්ගේ පල්ලි කඩයි, පුච්චයි, ගෙවල් ගිනි තියයි, මිනී මරයි. නමුත් ඉසෙත් හුසේන්ලා එ්වා ගැන වචනයක්වත් නොකියයි. සිංහලයන් සමග ගැටී එය සිංහලයන් කල පහරදීමක්ලෙස හුවා දක්වා ලොවටම හඩගා කියයි.

    හුසේන්ලා වැනි මූලධර්මවාදී අන්තවාදී මුසල්මානුවන් කියන්නේ ඔවුන්ගේ ගහගැනීම් ඔවුන්ගේ ප්‍රශ්ණයක් බවත් සිංහලයන්ගේ ප්‍රශ්ණයක් නොවන බවත්ය. සිංහල අපි කියන්නේ මූලධර්මවාදීන් ගහ මරා ගැනීම් කරන්නේ ඡිහාඩ් කල්ලි බෝ කර ලංකාවම අැල්ලීමේ ප්‍රයත්නයට බවය. එ් අනුව බලනකොට වහබි මූලධර්මවාදීන් බෝකිරීම් ඥානසාරලාගේ ප්‍රශ්ණයක් වෙනඑක පුදුමයක්ද?

    • 0
      0

      මට තියන ප්‍රශ්න ටික මේකයි

      1. අලුත්ගම රැස්වීම දී කරපු කතා සාමය බලාපොරොත්තුවෙන් කරපු ඒවාද?
      2. ගොටබයලා සාක්ෂි තියාගෙන වැරදි කරයිද ?
      3. හෙල්මට් නැතිව යන්නේ අලුත්ගම විතරමද ?
      4. සමිත හාමදුරුවන්ට ගහපු බවට වෛද්‍ය වාර්තා කියනවද ?
      5. ලංකාවේ ත්‍රස්තවාදී කණ්ඩායම් තියනවනම් ඒවාට විරුද්දව නීතිමය පියවර ගන්නේ නැත්තේ ඇයි ?

      ඔබට සියල්ලට අබ සරණයි !

      • 0
        0

        අලුත්ගම රැස්වීම තිබ්බේ මුසල්මානුවන්ට කඩේ යන්න නොව අතවරයට ලක්වූ හාමුදුරුවන්ට දිගටම පන්සලේ වඩවසන්නට හැකිවෙන්න අාත්මශක්තියක් දීමට මහඡනයා රැස්කර පිළිගත්ත එක බව මේ වල් මිනිහට නොතේරෙන එක පුදුමයක් නොවෙයි.

        දර්ගා ටවුමේ තව්හීද් ගැටයින් වෙනම නීති අාරූඩ කරගෙන ඉන්නබව සත්‍යයක්. එ්ක කීමටයි උත්සාහ කලේ. එකවත් තේරෙන්නෙ නැති මිනිහෙකුට ගහපු බව ඔප්පු කරන්න සාක්ෂි මිස වෛද්‍ය වාර්තා අනවශ්‍ය බව කියාදීල වැඩක් නැහැ. වෛද්‍ය වාර්තාවෙන් කරන්නෙ කොච්චර දරුනු පහරකෑමට ලක් වෙලාද කියල පෙන්වන එකයි. මෙතන තියෙන්නෙ මුසල්මානු ගැටයො හාමුදුරුවන්ට ගැහුව කියන එක සහ ඊට පස්සෙ හාමුදුරුවන්ව පන්සලට රැගෙන ගිය පෙරහැරට පල්ලියෙ හිටපු කල්ලි ගල් ගැහුව කියන එකයි. 1915 දී මුසල්මනයන් කාසල් හිල් වීදිියේ මුස්ලිම් පල්ලියේ සිට බෞද්ධන්ගේ වෙසක් භක්ති ගී කැරොල් කරත්තයට ගල් ගසා ළංකාවේ පළවන අාගම් යුද්ධය පටන්ගත්තේත් ඔය විදියටමයි.

        ලංකාවේ තිබෙන ත්‍රස්තවාදී කණ්ඩායම් සොයාගතයුත්තෙත් එ්වාට විරුද්දව නීතිමය පියවර ගතයුත්තේ අාන්ඩුවයි. අපි කරන්නේ එසේ තිබෙන බව පෙන්වා දීමයි.

  • 0
    0

    මට තියන ප්‍රශ්න ටික මේකයි

    1. අලුත්ගම රැස්වීම දී කරපු කතා සාමය බලාපොරොත්තුවෙන් කරපු ඒවාද?
    2. ගොටබයලා සාක්ෂි තියාගෙන වැරදි කරයිද ?
    3. හෙල්මට් නැතිව යන්නේ අලුත්ගම විතරමද ?
    4. සමිත හාමදුරුවන්ට ගහපු බවට වෛද්‍ය වාර්තා කියනවද ?
    5. ලංකාවේ ත්‍රස්තවාදී කණ්ඩායම් තියනවනම් ඒවාට විරුද්දව නීතිමය පියවර ගන්නේ නැත්තේ ඇයි ?

    ඔබට සියල්ලට අබ සරණයි !

Leave A Comment

Comments should not exceed 300 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically shut off on articles after 10 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.