20 April, 2024

Blog

මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරන පනත් කෙටුම්පතකට ජනමතවිචාරණයක්ද අවශ්‍යයි – ශ්‍රේෂ්ඨාධිකරණයේ වැදගත් තීරණයක්

ජනාධිපති නීතිඥ, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න

ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රම​රත්න

අප ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වන වගන්තිය අනුව ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍යය ජනතාව කෙරෙහි පිහිටා ඇති අතර එය අත්හල නොහැක්කේය. පරමාධිපත්‍යයට පාලන බලතල, මූලික අයිතිවාසිකම් සහ ඡන්ද බලය ඇතුලත්ය. 83 වන වගන්තියේ දක්වා ඇති ව්‍යවස්ථා ප්‍රතිපාදන වලට අනුකූල නොවන යම් ප්‍රතිපාදනයක් සම්මත කිරීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක වැඩි ඡන්දයට අමතරව ජනමත විචාරණයකදී ලබා ගන්නා ජනතාවගේ අනුමැතියද අවශ්‍යය. 3 වන වගන්තිය එවැනි විශේෂිත වගන්තියකි.

ජනතා පරමාධිපත්‍යය ක්‍රියාත්මක කරන සහ භුක්ති විඳින ආකාර 4 වන වගන්තියේ පැහැදිලි කර ඇත. පාලන බලතල වලට ව්‍යවස්ථාදායක, විධායක සහ අධිකරණ බලතල ඇතුලත්වේ. “මූලික අයිතිවාසිකම් සියලු පාලන ආයතන විසින් ගරු කල යුත්තේය; ආරක්ෂා කරනු ලැබිය යුත්තේය; වර්ධනය කරනු ලැබිය යුත්තේය; තවද මූලික අයිතිවාසිකම් මෙහි මින් මතු විධිවිධාන සලස්වා ඇති ආකාරයට සහ ප්‍රමාණයට මිස සංක්ෂිප්ත කිරීම, සීමා කිරීම හෝ අහිමි කිරීම නොකළ යුත්තේය” යනුවෙන් 4(ඈ) වගන්තියේ දක්වා ඇත. 4 වන වගන්තිය 83 වන වගන්තියේ ලැයිස්තුගත කර ඇති ප්‍රතිපාදනයක් නොවේ. එහෙත් 4 වන වගන්තිය 3 වන වගන්තිය සමග කියවිය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කොට ඇත.

3 වන වගන්තිය සංශෝධනය කරන හෝ ඊට පටහැනි ව්‍යවස්ථා සංශෝධනයක් ජනමත විචාරණයකින්ද අනුමත විය යුතුය. 3 වන වගන්තියට පටහැනි ප්‍රතිපාදනයක් සාමාන්‍ය පනතක ඇත්නම් එය සම්මත කිරීමට තුනෙන් දෙකක වැඩි ඡන්දයට අමතරව ජනමත විචාරණයකදී අනුමැතියද අවශ්‍යය. සිතීමේ නිදහස, හෘද සාක්ෂියේ නිදහස සහ ආගමික නිදහස සහතික කරන 10 වන වගන්තිය සහ වද හිංසා වලින් නිදහස සහතික කරන 11 වන වගන්තිය උල්ලංඝනය වන විටද ජනමත විචාරණයක් අවශ්‍යය.

සාමාන්‍ය පනත් කෙටුම් පතක ඇති ප්‍රතිපාදනයකින් වුවද යම් මූලික අයිතිවාසිකමක් උල්ලංඝනය වන්නේ නම් එයින් 4(ඈ) වගන්තියද අත්‍යවශයෙන්ම උල්ලංඝනය වී ඒ අනුව 3 වන වගන්තියද උල්ලංඝනය වන හෙයින් එවැනි පනත් කෙටුම් පතක්ද තුනෙන් දෙකක වැඩි ඡන්දයකින් සම්මත වී ජනමත විචාරණයකදී අනුමත විය යුතු යයි මෙම ලියුම්කරු 1996 වසරේ පල කරන ලද “ශ්‍රී ලංකාවේ මූලික අයිතිවාසිකම්” නම් ග්‍රන්ථයේ පළමු සංස්කරණයේ තර්ක කළේය.

2002 වසරේ ඉදිරිපත්කල 18වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ එක් යෝජිත වෙනසක් වූයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ තීන්දු ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් අධිකරණ බලයෙන් නිදහස් කිරීමය. එහෙත් එමගින් 12(1) වගන්තියෙන් සහතික කෙරෙන සමානත්වයේ මූලධර්මය සහ 17 වන වගන්තියෙන් සහතික කෙරෙන මූලික අයිතිවාසිකම් නඩු පැවරීමේ අයිතිය උල්ලංඝනය වී ඒ අනුව 3 වන වගන්තියද උල්ලංඝනය වන නිසා ජනමත විචාරණයකින් අනුමත කල යුතු යයි ශ්‍රේෂ්ඨාධිකරණයේ සත්-පුද්ගල විනිශ්චය සභාවක් තීරණය කළේය.

ජනාධිපතිවරයාට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩු පැවරීමට 19 වන සංශෝධනයෙන් ඉඩ දෙන ලදී. මෙය නැවත වෙනස් කර ජනාධිපතිවරයාගේ මුක්තිය නිරපේක්ෂ කිරීමට 20 වන සංශෝධන කෙටුම්පතින් උත්සාහයක් දරන ලදී. එවිට ශ්‍රේෂ්ඨාධිකරණය කියා සිටියේ 17 වන වගන්තිය යටතේ මූලික අයිතිවාසිකම් නඩු පැවරීමට ජනතාවට ඇති අයිතිය නිරපේක්ෂ බවත් එය 3 වන වගන්තිය යටතේ ජනතාවට ඇති මූලික අයිතීන් වල සෘජු ප්‍රකාශනයක් බවය. ඒ අනුව ජනාධිපතිවරයාගේ මුක්තිය නිරපේක්ෂ කිරීමට ජනමත විචාරණයකදී අනුමැතිය ලැබිය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළේය.

එහෙත් ඉහත සඳහන් තීන්දු දෙකම ව්‍යවස්ථා සංශෝධන වලට මිස සාමාන්‍ය පනත් කෙටුම් පතකට අදාළ නොවන බවට සහ මූලික අයිතිවාසිකම් අධිකරණ බලයෙන් නිදහස් කිරීමෙන් 3 වන වගන්තියෙන් දක්වා ඇති අධිකරණ බලය කෙසේ වෙතත් උල්ලංඝනය වන බැවින් ජනමත විචාරණයක් ඒ අනුවම අවශ්‍ය බවට හරස් තර්කයක් ඉදිරිපත් කල හැකිව තිබුණි.

වරාය නගර පනත් කෙටුම්පත පිලිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව: මූලික අයිතිවාසිකම් සහ බලය බෙදීමට ඇති බලපෑම්” මැයින් පුවත්පත් කීපයකට 2021 ජූනි මස ලියූ ලිපියකින් මෙම ලියුම්කරු පෙන්වා දුන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය වරාය නගර කෙටුම්පතේ වගන්ති ගණනාවක් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරන බැවින් තුනෙන්-දෙකක බහුතරයකින් සම්මත කල යුතු බව ප්‍රකාශ කලද ඒ සඳහා ජනමත විචාරණයකදී අනුමැතිය අවශ්‍ය බව ප්‍රකාශ නොකළ බවය.

ලියුම්කරු මෙසේද කියා සිටියේය: “අභියෝගයට ලක්වූ ප්‍රතිපාදන පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේදී සංශෝධනය කරන බවට නඩු විභාගයේදී නීතිපතිවරයා දුන් සහතිකය අධිකරණය සැලකිල්ලට ගත්තා විය හැක. … එහෙත්, නීතිපතිවරයා දෙන සහතික වලින් පාර්ලිමේන්තුව නොබැඳේ. අදාළ වගන්ති සම්මත කිරීමට ජනමත විචාරණයක්ද අවශ්‍ය බවට අධිකරණයේ තීරණයේ ප්‍රකාශිතව සඳහන් නොවන්නේ නම් තුනෙන් දෙකක බහුතරයෙන් පමණක් ඒවා සම්මත කිරීමට පාර්ලිමේන්තුවට බාධාවක් නොමැත. පනත් කෙටුම්පතක ප්‍රතිපාදනයක් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමේ හේතුවෙන් එයට තුනෙන් දෙකක බහුතරයක් අවශ්‍ය බව පවසා එහෙත් ජනමත විචාරණයක අවශ්‍යතාවය පිළිබඳව සඳහනක් නොකිරීමේ තීරණයක භයානක ප්‍රතිපලයක් විය හැක්කේ තුනෙන් දෙකක බහුතරයක් ඇති ආණ්ඩුවකට එම බහුතරය පාවිච්චි කර මූලික අයිතිවාසිකම් මෙන්ම ජනතාවගේ පරමාධිපත්‍යය ද උල්ලංඝනය කිරීමට හැකි වීමය. යම් ප්‍රතිපාදනයක් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරන බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරන හැම අවස්ථාවකම, කලින් සඳහන් අවස්ථා වලදී කලාක් මෙන්, එයින් 3 වන වගන්තියද උල්ලංඝනය වන බවත් ඒ අනුව ජනමත විචාරණයක් ද අවශ්‍ය බවත් ප්‍රකාශ කල යුතු බව ලියුම්කරු ගෞරවයෙන් කියා සිටී.”

විශේෂ භාණ්ඩ සහ සේවා බදු පනත් කෙටුම්පත පිළිබඳව පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීරණයෙන් ඉහත කාරණය සැකයෙන් තොරව නිරවුල්වී ඇත. විජිත් මලල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු සහ යසන්ත කෝදාගොඩ විනිසුරුතුමන්ලා ගේ තීරණය අනුව පනත් කෙටුම්පතේ 2, 3 සහ 4 වගන්ති සමානත්වතාවය සහ නීතියේ රැකවරණය සර්ව සාධාරණ වීම සහතික කරන අප ව්‍යවස්ථාවේ 12(1) වගන්තියට පටහැනිය. එතැනින් නොනැවතුණු ශ්‍රේෂ්ඨාධිකරණය ඒ අනුව ව්‍යවස්ථාවේ 4(ඈ) වගන්තිය මෙන්ම 3 වන වගන්තියද උල්ලංඝනය වන බව තීරණය කළේය. එම නිසා පනත් කෙටුම්පත සම්මත වීමට නම් තුනෙන් දෙකක බහුතරයට අමතරව ජනමත විචාරණයකදී ජනතාවගේ අනුමැතියද ලබාගත යුතු බව ප්‍රකාශ කළේය.

උගත් විනිසුරුවන් මෙසේ පැහැදිලි කළහ: “4(ඈ) වගන්තියෙන් පිළිගෙන ඇති පරිදි මූලික අයිතිවාසිකම් ජනතාවගේ පරමාධිපත්‍යයේ සංරචකයකි. (අ) මානවයින් ලෙස ඉපදීමේ පූර්ණ ප්‍රතිලාභ භුක්ති විඳීම (ආ) නිදහස අභ්‍යාස කිරීම (ඇ) ජීවිතය ආරක්ෂා කිරීම සහ හානියෙන් නිදහස් වීම (ඈ) පරමාධිපත්‍යය අභ්‍යාස කිරීමට අවස්ථාව ලබාදීම (ඉ) මානව සංවර්ධනය පහසු කිරීම (ඊ) මානවයින් අතර සම තත්ත්වය සහ වෙනස්කම් වලට භාජනය නොකිරීම ඇතුළු සමානාත්මතාවය සහතික කිරීම, සහ (උ) ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රජාවන් අතර සාමකාමී සහජීවනය සඳහා හිතකර පරිසරයක් නිර්මාණය කිරීම යන කරුණු ඉටු කිරීමට ජනතාවට ඉඩ පහසුකම් ලැබෙන්නේ මූලික අයිතිවාසිකම් වලින් බැවින් මූලික අයිතිවාසිකම් පරමාධිපත්‍යයේ තීරණාත්මක සංරචකයකි. ඒ අනුව, පනත් කෙටුම්පතකින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ විට එයින් ජනතාවගේ පරමාධිපත්‍යයද උල්ලංඝනය වන බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 වන වගන්තිය සමග කියවන 3 වන වගන්තියද උල්ලංඝනය වේ.”

ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙම තීරණයට අනුව සාමාන්‍ය පනත් කෙටුම් පතක් වුවද ඕනෑම මූලික අයිතිවාසිකමකට පටහැනි නම් එය නීති ගත වීමට පාර්ලිමේන්තුවේ දී තුනෙන් දෙකක චන්දයෙන් සම්මත වී ජනමත විචාරණයකදී ජනතාව විසින්ද අනුමත කල යුතුය. එහෙයින්, එම තීරණය ශ්‍රී ලංකාවේ මූලික අයිතිවාසිකම් ශක්තිමත් කරන වැදගත් විනිශ්චයක් වන්නේය.

Print Friendly, PDF & Email

Latest comments

  • 5
    0

    අන් කිසිවකට පෙර ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් පිළිබඳව ශ්‍රී ලාංකිකයන්ට ඉගැන්විය යුතුය. දිවයිනේ ජනගහනයෙන් 20% ක් වත් තම අයිතිවාසිකම් මොනවාදැයි නොදැන සිටිති. රාජ්‍ය භාණ්ඩාගාරයෙන් ඔවුන්ට දෙන ඕනෑම දෙයක් රටේ දේශපාලන තක්කඩියන් ඉදිරියේ ඔවුන් රබර් මෙන් නැමෙන්නේ මේ නිසාය. ඒ හැර ඔවුන් නොමග යවන්නේ බුදුන් වහන්සේ තම ඉගැන්වීම්වලින් ඉගැන්වූ බුදුදහමේ සත්‍ය නොවන “සිංහල බුද්ධාගමකින්” ය.

    මැදමූලන වල් මී හරකුන් ජාතියේ නායකයන් ලෙස කටයුතු කරන කාලයේ චීනයෙන් දැවැන්ත ණය කන්දරාවක් ලබාගෙන රට ගොනාට අන්දන්නට ඊනියා මධ්‍යම ආදායම් ලබන බැනරයක් මිලදී ගත් බව දැන් ඉතා පැහැදිලි වෙමින් තිබේ. මිනිස්සු හැසිරෙන්නේ කැලණිය රජමහාවිහාරය අවට ගැවසෙන කරුණා ගවයින්ට සමානයි. විදේශ ණය ගලා යන ඕනෑම රටක් ඔවුන්ගේ ආර්ථික වර්ධනය ඉහළ යන බවක් පෙනෙනු ඇත, නමුත් යථාර්ථය නම් ගත් ණයවලින් 80% කට වඩා ලේඛනගත නොවේ. මෙය පමණක් පැන්ඩෝරා හෝ වෙනත් චෝදනා වලට සාක්ෂි ඔප්පු කරයි, කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ අධිකරණය තවදුරටත් බිහිරි සහ අන්ධව සිටියි.
    https://www.youtube.com/watch?v=ZKKIC42PzgQ

    • 3
      0

      “…..දිවයිනේ ජනගහනයෙන් 20% ක් වත් තම අයිතිවාසිකම් මොනවාදැයි නොදැන සිටිති…….”

      LM, තම අයිතිවාසිකම් ගැන නම් 100% ක්ම දන්නවා හැබැයි වැදගත් වන්නේ ‘පොදු අයිතිවාසිකම්’ ගැන ඇති හැඟීමයි. ඒ අතින් ඔයා ඉතාම කාරුණිකව 20% කියල පිරිස 5% කටත් අඩු බවයි මම හිතන්නේ. ඒ කියන්නේ යහපත් ජන සමාජයකට අවශ්‍ය කරන්නාවූ ආත්මාර්ථයෙන් තොර පොදු හැඟීම හෙවත් social altruism අපේ රටේ අන්තිම පහල මට්ටමකයි තියෙන්නේ. විවෘථ ආර්ථිකයෙන් ආගමනය වූ වස්තු තණ්හාව හා බල තණ්හාව අද වෙන කොට මුළු සමාජය පුරාම පිළිකාවක් වගේ විහිදිලා ගිහින් ඉවරයි. අනෙකාට මොකක් වුවත් මගේ මඩිය තර කර ගැනීමේ ආසාව හා අනිකා පාගා ගෙන ඉහලට යාමේ ඉතාම බහුල මනුෂ්‍ය සිතිවිළි පාලනය කර ගන්න අවශ්‍ය ස්වයං හා සාමාජීය විනය අපේ රටේ විශාල වශයෙන් පිරිහිලා ගිහිල්ලා තියෙන්නේ. මේවා ආයෙත් ගොඩ දාන්න නම් ඉතා දැඩි විනයක් සහිත මිනිස්සු රටේ පාලනයට එන්ට ඕනා. හැබැයි 6.9m ක් එවුන්ට IQ නෑනේ, ඉතින් කොහොමද ආයෙත් ඉතිං ඒක වෙන්නේ??

      • 3
        0

        මගේ ආදරණීය ජිත්,
        රටේ ජීවත් නොවන අයෙකු ලෙස මගේ සංඛ්‍යාව නිවැරදි නොවනු ඇත, sorry about that. නමුත් මගේ මව්බිමෙන් එන රූපවාහිනී ක්ලිප් නරඹන සෑම විටම මගේ ඇස් අදහා ගැනීමට මගේ සිතුවිලි සහ මනස ඉඩ නොදෙනු ඇත.
        .
        අනික මේ ඔක්කොම එකිනෙක සම්බන්ධයි ඒක පිටිපස්සෙ දිග කතාවක් තියෙනවා නේද? ශ්‍රී ලාංකිකයන් දශක 3ක හෝ ඊට වැඩි කාලයක් කුරිරු සිවිල් යුද්ධයකට මුහුණ දුන්හ. ඒ කුරිරු කාලපරිච්ඡේදය තුළ යුද්ධයක් මත වැටුණු සමාජයක් සඳහා පමණක් සකස් කරන ලද නීති රීති තිබුණි. අවස්ථාවාදීන් වේයන් මෙන් වැඩී ඇත. ඒ වන විටත් හොඳ බෞද්ධයන් තම මැණික් කටුවෙහි ඝන පිරිත් නූල් පැළඳ සිටින කොන්ත්‍රාත් මිනීමරුවන් බවට පත් විය. ව්‍යාජ සිංහල බෞද්ධ භික්ෂූන් තක්කඩි දේශපාලකයන්ට සහ ඔවුන්ගේ ම්ලේච්ඡ න්‍යාය පත්‍රයට “කුලියට ගත් තක්කඩියන්” බවට පත් වී ඇත. සමාජයේ කිසිදාක නැති තරමට අපරාධ අනුපාත ඉහළ ගිය අතර යුක්තිය දිනෙන් දින ප්‍රශ්නකාරී විය. ආපසු හැරී බලන විට, බෞද්ධ සමාජයක නමින්, දෛනික චර්යාව මත අධිකරණමය වශයෙන් අතිරේක ඝාතන සිදු විය හැක්කේ කෙසේද? ජාතියේ ආදරණීය නළුවා වන විජයගේ සිට එකනලිගොඩ හෝ එම රගර් ක්‍රීඩක තඩ්ජුඩීන් දක්වා අමානුෂික ලෙස ඝාතනයට ලක් වූ නමුත් වින්දිත පවුල්වලට සාධාරණයක් ඉටු නොවේ. “නීතිය හා සාමය පද්ධතිවල ශ්‍රී ලංකාවේ සන්දර්භය” තුළ යුක්තිය ඉටු කළ නොහැකි බව විශ්වාස කිරීමට මිනිසුන්ට උගන්වනු ලැබේ. ඒ අතරම, තේරී පත් වූ රජයන් නැවත නැවතත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට පොරොන්දු ඉටු කරයි “ශ්‍රී ලාංකිකයන් වන අපට අපගේ ඉහළ අපරාධ විමර්ශනය කළ හැකි අපගේම විශ්වාසදායක ආයතන ඇති බවට”. ආපසු හැරී බලන විට, මේ සියල්ල අපේම අය මවා පාමින් කරන විහිළු පමණක් නොවේද?
        #-
        to be contd

  • 3
    0

    1 of 3….ජයම්පති මහත්තයෝ, දැන් ඔයා මේ ගැන අවුරුදු පනහක් විතර කතා කරලා ඇතිනේ? ඕකේ අතුරු පනත්, සංශෝධන, නිර්නායකයන් යනාදී හැට හුට හමාරකටත් සක්‍රීය විදියට දායක වෙලත් තියෙනවනේ??, ඔබේ දීර්ඝ තර්ක විතර්ක සියල්ලම ව්‍යවස්ථාවට හෝ පොතට සීමා වෙච්ච ඒවා නොවෙයිද? ඔය එකක් වත් අද සිරි ලංකාවේ මහ පොළොවේ ක්‍රියාත්මක වෙනවාද?
    “………..පරමාධිපත්‍යය ජනතාව කෙරෙහි පිහිටා ඇති අතර එය අත්හල නොහැක්කේය. පරමාධිපත්‍යයට පාලන බලතල, මූලික අයිතිවාසිකම්………..”
    මේ ඔක්කොම අමූලික පච නේ? එහෙම නම් කොහොමද හිජාස් අවුරුදු ගානක් හිරේ දාගෙන හිටියෙ? මොන තක්කඩි වැඩේද එයා කලේ? තව කොච්චර නම් මනුෂ්‍යයෝ 77 ඉඳන් හිර ගෙවල් වල උළු ගණන් කලාද, කරනවද තමන්ගෙ නිදහස් මත ‘ප්‍රකාශ කිරීමෙන් ම පමණක්’??? හිජාස් සටන් කලේ පෑනෙන්, කී බෝඩ් එකෙන් විතරනේ? කොහොම වෙයිද එයා නිකං මාළු පිහියක් එහෙම ඉණේ ගහගෙන ගියානම්? එහෙනං අද එයාගේ ඇඩ්රසුත් නෑ !!!

    • 2
      0

      jit ඔබගේ සමතුලිත සිතුවිලි වලට මට නැවතත් ස්තූති කිරීමට ඉඩ දෙන්න. මගේ ප්‍රාර්ථනාව CT විචාරකයින් අතර ඔබ වැනි ජ්‍යෙෂ්ඨ වෘත්තිකයන් සිටිය යුතුය යන්නයි. ශ්‍රී ලංකාවෙන් එන හොඳ කමෙන්ට් කියවන විට මම වඩාත් ගතික වෙමි. නමුත් පුන්නක්කු කන ආධිපත්‍යය දරන බහුතරයකට පණිවිඩය ගෙන යාමට මෙම අදහස් ප්‍රමාණවත්ද?
      ඔබගේ සගයන්ට සහ අපගේ සිංහල මිනිසාගේ සගයන්ට සහ එම වයස් කාණ්ඩවල අනෙකුත් අයට සිදු වූයේ කුමක්ද? පසුගිය දශක කිහිපය තුළ මා ජීවත් වූ තැන, ඔවුන්ගේ 90 ගණන්වල පසුවන්නන් ද නව පරම්පරාවන් දැනුවත් කරමින් ඔවුන්ගේ සිතුවිලි සහ අත්දැකීම් එකතු කරන බව මම දකිමි. ඔවුන් විශ්වාස කරන්නේ සමාජය දැනුවත් කිරීමේ මාර්ගය සාකච්ඡා බවයි. ඔවුන්ගේ දිගු නින්දෙන් ඔවුන් කවදා හෝ අවදි වේද?
      අවාසනාවකට මෙන්, CT හි ඉංග්‍රීසි හෝ සිංහල ධාරා ලිපි වලට නව අදහස් දක්වන්නන්ගේ කිසිදු ආකාරයක නැගීමක් අපට නොපෙනේ. හුවමාරු කර ගැනීමට දඟලන සියලුම පොකුර ඔවුන්ගේ පෝස්ට් එකතු කරයි. අපේ සිංහල මිනිහා මුළු කාලයම කැප කරලා කමෙන්ට් එකතු කරන්න ජීවත් වෙනවා වගේ. සමහර විට, ඔහු නිසි ලෙස නිදා නොගන්නා නමුත් ඔහුගේ සත දෙක එකතු කරයි.

  • 1
    0

    2 of 3….ඒ වගේම අද ඔය ඊනියා ‘නිදහස්’ ජන මාධ්‍ය, අධිකරණය වගේ ජනතා අයිතීන් රකින්න තියෙන ආයතන සියල්ලක්ම වාගේ කරන්නෙ මේ හොර නඩය ට තව තවත් හොරකං කරන්නම අනුබල දෙන එකනේ?? රංජන් ව හිරේ දාල තියෙන්නේ ඔය අධිකරණයට අපහාස කළා කියලද? නෑනේ! ඒ මනුස්සයා දිගට හරහට මේ හොර නඩේට විරුද්දව කතා කල නිසයි හිරේ දැම්මේ. මොකද්ද ඔතන තියෙන රංජන්ගේ මූලික අයිතිවාසිකම? ඔය ව්‍යවස්ථාවෙන් රංජන්ගේ රැකුනු මානව අයිතිවාසිකම මොකද්ද? වචනයක් වැරදුනාම හිරේ යැව්ව අධිකරණය රටේම සම්පත් මංකොල්ල කාපු හොරුන්ව තොග පිටිං ‘නිදොස් කොට නිදහස්’ කරයි නම් මොකද්ද ඔය ව්‍යවස්ථාව කියන කොළ තොගේ ඇති වැඩේ??
    පල් බොරුනේ මේ ඔක්කොම!!
    ඇත්තෙන්ම කියනව නම් ඔය පිටු දහස් ගණන් මහප්ප්‍රාණ ව්‍යවස්ථා නැති නිකං කෙටි, සරළ නමුත් ප්‍රබල නීති මාලාවකින් මුළු රටම දුවන එංගලන්තේ, නව සීලන්තේ කැනඩාවේ මොන මානව අයිතීන් ද කැඩෙන්නෙ? ඔය රටවල් තුනම සුද්දෝ පාලනය කරන, බහුතරයක් කතෝලික/ ක්‍රිස්තියානි ආගම අදහන මිනිස්සු ඉන්න රටවල් නේ? ඒ රජය වල් කොච්ච්චර ඉවසීමෙන් තමන්ගේ ප්‍රති විරුද්දවාදීන් ගේ කතා, හැසිරීම්, විරෝධතා, සිවිල් නීති කැඩීම් යනාදිය හසුරුවනවාද! ඒවායේ ආණ්ඩු කරන උන් කොමිස් ගහනවද? හොරකං කරනවද? මිනී මරනවද? එවුන්ට අවුරුදු 2500 ශිෂ්ටාචාරේ වත්, මහවංසේ වත්, වැව් දාගැබ් හදපු ඒවා වත් කාල් ගගා කියන්න තියෙනවද? ඒවත් නෑ, ව්‍යවස්තාවකුත් නෑ හොරකම්, දේශපාලන ඝාතනත් නෑ !!!!!!!!!!

  • 3
    0

    3 of 3… කහ සිවුරක් දවටගෙන මේ මිනීමරු ආණ්ඩුවට කඩේ යන සමහර පුබ්බරුවෝ වගේ සුදු ලෝගුවක් දාගෙන කැනඩාවේ ආණ්ඩුවට කඩේ යන පාදිලියෝ ඉන්නවද?? නෑනේ!! මේ රටේ 1948 ඉඳන් කරලා තියෙන දේශපාලන, ආගමික හා ජාතිවාදී මනුෂ්‍ය ඝාතන සංඛ්‍යාව දිහා බැලුවමයි හොරකම් කරලා තියෙන රටේ වස්තු කන්දරාව දිහා බැලුවමයි මට නම් කියන්න තියෙන්නේ එකම දෙයයි ! අනේ ජයම්පති මහත්තයෝ, ඔය කුණුහරුප ව්‍යවස්ථාවත් ඉරල දාලා, ඒ ගැන සාකච්චා කිරීමත් නවත්තලා, පිටු ගණන් ලියන එකත් නවත්තලා ඔය කොහේ හරි කුඹුරක් හේනක් කොටා ගෙන හරි, ගඟක් දොළක් ලඟට ගිහිල්ල මාළු ටිකක් බා ගෙන හරි ජීවත් වෙන්න මාර්ගයක් හදා ගත්තොත් ඔය මහත්තයටයි අපිටයි කොයි කාටත් වැඩ දායී දෙයක් වෙයි කියලයි!

    • 2
      0

      Dear Jit,
      ඔබ ඇත්තටම නිවැරදියි. ගිහි බෞද්ධයන්ගේ නිදහස් ආහාර වේලෙන් ජීවත්වන එම ව්‍යාජ භික්‍ෂූන් වහන්සේලා අද හැසිරෙන්නේ දේශපාලන මැරයන්ට වැඩ කරන කුලීකාරයන් මෙනි. යම් සැඟවුණු හේතූන් මත ඔවුන් පැවිදි දිවියට ඇතුළත් වන්නට ඇත. මානව ජීව විද්‍යාව හොඳින් දන්නා අයකු ලෙස, සමහර පිරිමින්ට උපතින් හෝ වර්ධනයේ දී හෝර්මෝන විෂමතා ඇති බව හොඳින් දන්නා කරුණකි – එය ඔවුන්ගේ ලිංගික දිශානතියේ වෙනසක් ලෙස පෙනී යනු ඇත. කාරණය වන්නේ සමලිංගිකයින්ට පවා එරෙහි සමාජයයි , සංක්‍රාන්තික හෝ වෙනත් ජීවමාන ස්වරූපයන්, සමහරු ස්වයංක්‍රීයව තම ජීවිතය පැවිදි වීම යටපත් කිරීමට උත්සාහ කරති. ළමා හාමුදුරුවන්ට අතවර කරන සමලිංගික භික්ෂූන්ගෙන් බොහෝ පන්සල් පාහේ පිරී ඇති බව අපට අසන්නට ලැබෙන්නේ එහෙයිනි. ඇතැමෙක් දරිද්‍රතාවය නිසා පැවිදි වූ අතර තවත් සමහරු මහාවංස ඡේදවලට රැවටී තම මවුපියන් විසින්ම පූජා කරන ලදී. “බෞද්ධ විහාරස්ථානයකට දරුවකු පූජා කළේ නම්, ඔවුන්ට අනුව, පරම්පරා ගණනාවකට නිවනට පිවිසීමේ ආශිර්වාදයක් ලැබෙනු ඇත”: මේ සියල්ල මිථ්‍යාවන් පමණි, ආපසු හැරී බලන විට, තහවුරු නොකළ, අවසන් වූ බව කියන මහාවංශයේ අඩංගු කථා. මහානාම හාමුදුරුවෝ, මම හිතනවා අඩුම තරමින් අදවත් සැබෑ බෞද්ධ භික්ෂූන් වහන්සේලා රටේ යහපත් ගෞරවනීය බෞද්ධයන් වෙනුවෙන් ඒවා සංශෝධනය කිරීමට නැගී සිටිය යුතුයි. උත්ප්‍රාසයට කරුණ නම් උසස් පරිච්ඡේද හිමිවරුන් පවා එයට නායකත්වය දීමට තරම් දැනුමක් නොමැති වීමයි. ඇත්තටම මම හිතන්නේ නැහැ ඔය අස්ගිරියේ හෝ වෙනත් පන්සල්වල ඉන්න හාමුදුරුවරුන්ට එහෙම කරන්න මොළයක් ඇති කියලා. අපේ දකුණු ආසියා කලාපයේ විශාලතම අසල්වැසියා වන ඉන්දියාව ද මිථ්‍යාවන් විසින් විනාශ කරනු ලැබුවේ ඒ ආකාරයටම ය

      • 1
        0

        “…….උත්ප්‍රාසයට කරුණ නම් උසස් පරිච්ඡේද හිමිවරුන් පවා එයට නායකත්වය දීමට තරම් දැනුමක් නොමැති වීමයි. ඇත්තටම මම හිතන්නේ නැහැ ඔය අස්ගිරියේ හෝ වෙනත් පන්සල්වල ඉන්න හාමුදුරුවරුන්ට එහෙම කරන්න මොළයක් ඇති කියලා…..”

        LM, හරියටම හරි! එහෙම නැත්නං ඒ ගොල්ල යතාර්ථය දැන දැනම තමන්ගේ පැවැත්මට දායකයන්ට බොරු කියනවා. මේ ගැන හොදින්ම අවබෝධ කර ගන්න පුළුවන් ඉතා අනගි ලිපියක් CT හි ළඟදී පල වුණා.

        https://www.colombotelegraph.com/index.php/charles-sarvan-18-february-2022/

        සිංහලයකුත් නොවන බෞද්ධයකුත් නොවන චාර්ල්ස් සර්වන් මහතා බුදු දහම හා මිත්‍යා මත ගැන ලියා ඇති මේ ලිපිය මගේ ජීවිත කාලය තුලදී කියවූ ඉතාම නිවැරදි හා සාරවත් ලිපියක්. නිවැරදි බුදු දහමට ගරු කරන පුද්ගලයකු හැටියට ඔහුට මාගේ ප්‍රණාමය හිමි වෙනවා. ඔහු ඉතාම දක්ෂ ලෙස පලිහක්කාර මහතාගේ පොතේ තිබෙන කරුණු ම නැවතත් සාරවත් ලෙස කියවන්නාගේ සිත් තුල ප්‍රතිරෝපණය කරන්න සමත් වෙනවා. ලිපිය අවසානයේදී ඔබට තේරේවි ඇයි අද ලංකාවේ බොහෝ භික්ෂූන් නිවැරදි මාර්ගයට වඩා අවිද්‍යාත්මක මාර්ගයේ ගමන් කරන්නේ කියා.

        • 1
          0

          Yes, I read that. We are all aware of the truth, but the majority is misled.
          :
          Myths govern srilanka thanks to Rajapakshe mantra. People s angers would not go away so long the bunch would not be eleminated from our motherland. We fought long enough against northern terror, but today, it has turned out to be a terror which one would not be able to estimate anymore. Ranjan Ramanaayaka is jailed for having done nothing but the man who looted state for building monuments to their late parents is made the leader of the nation ?

        • 1
          0

          Truth is those monks would not know beyond their plate of rice being offered to them for free.
          :
          I could sound be anti monk, but I have fully stopped offereing free meals to sinhala buddhist monks, if not anyone would make me clear about their true faces.

      • 1
        0

        ජිත්,
        පුද්ගලික විද්‍යුත් තැපැල් ලිපිනයක් එක් කරන ලෙස මම ඔබෙන් ඉල්ලා සිටිය හැකිද, එවිට අපට ඔබ සමඟ විද්‍යුත් තැපෑල හරහාද හුවමාරු කර ගත හැකිද? ඔබගේ සම්බන්ධතා අපට ලබා දීමෙන් පසුව ඔබට එය මකා දැමිය හැක. සමහර තීරණාත්මක තොරතුරු හුවමාරු සඳහා සමීපව සිටීම ඉතා වැදගත් වේ

        • 0
          0

          LM, I do not know how to do that keeping it out of publishing openly?

          • 0
            0

            Jit, just create a temporary email and pass it to me here so that we could get back to you. Your voice is important to me and several others that fight against local media mafia.

            • 0
              0

              LM, send a test to kevjon340 in gee m if you can figure it out ;)

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.