30 September, 2020

Blog

ශ්‍රී ලංකාවේ අනන්‍යතා දේශපාලනය දෙස බෞද්ධ දේශපාලනික චින්තනය ඔස්සේ හැරී බැලීමක්

ජෙරෝම් කුරේ

ජෙරෝම් කුරේ

දකුණු ආසියාවේ, අග්නිදිග ආසියාවේ සහ ඈත පෙරදිග ආසියාවේ බුද්ධාගම තුළ, එය ආගමක් (ඇදහීමක්) වශයෙන් ගත්තත්, දර්ශනයක් වශයෙන් ගත්තත්, වසර දෙදහස් පන්සීයකට ආසන්න කාලයක් තිස්සේ, බෞද්ධ දේශපාලනික චින්තනයක් තිබී ඇත. ක‍්‍රිස්තියානිය, ඉස්ලාම්, යුදෙව් සහ හින්දු ආගම්වලට මෙන්ම බුද්ධාගමටත්, දේශපාලනික ක්ෂේත‍්‍රය තුළ භූමිකාවක් හිමිව තිබේ. ශ‍්‍රී ලංකාවේ, විශේෂයෙන් අනන්‍යතා දේශපාලනය තුළ, බුද්ධාගම තවමත් එම භූමිකාවට උරදෙයි. එහෙත් දේශපාලනික චින්තනයක් සහ න්‍යායක් වශයෙන් බෞද්ධ දර්ශනය හැදෑරීම සාපේක්ෂ වශයෙන් මෑත කාලීන ප‍්‍රවණතාවක් වන අතර, ඒ සඳහා බෞද්ධ විද්වත්හු ත්‍රිපිටකය​ ආධාර කර ගනිති. ඉන් එක් විද්වතෙකු වන මැන්කෝල්, බෞද්ධ දේශපාලනික චින්තාවේ වර්තමාන ප‍්‍රධාන සම්ප‍්‍රදායන් හතරක් හඳුනා ගනී. ඒවා නම්:

(1) ශ‍්‍රී ලංකා සහ බුරුම ජාතිකවාදී බුද්ධාගම,
(2) ජපානයේ කියොතෝ චින්තන සම්ප‍්‍රදාය,
(3) තායිලන්ත සම්ප‍්‍රදාය සහ
(4) භූතාන සම්ප‍්‍රදාය යනුවෙනි.

මේ කෙටි සටහන තුළ එකී වර්ගීකරණයෙන් වෙනස්ව, ශ‍්‍රී ලංකාවේ අනන්‍යතා දේශපාලනය හඳුනා ගැනීමටත්, විග‍්‍රහ කිරීමටත්, ඊට වෙනස් වර්ගීකරණයක් යොදා ගැනේ. එනම්:
(1) ත්‍රිපිටකය​ මත පදනම් වන ෙසෙද්ධාන්තික බෞද්ධ දේශපාලනික චින්තාව සහ
(2) මහාවංශය සහ පසුව ලියැවුණු චුලවංශය මත පදනම් වන, මහාවංශයික සිංහල බෞද්ධ දේශපාලනික සම්ප‍්‍රදාය යනුවෙනි.

ත්‍රිපිටක බෞද්ධ දේශපාලනික චින්තාව ඔස්සේ අනන්‍යතා ප‍්‍රශ්නයට ආමන්ත‍්‍රණය කිරීමේදී කෙනෙකු සිහියේ තබා ගත යුතු ප‍්‍රධාන කාරණයක් වන්නේ, ත්‍රිපිටක බෞද්ධ චින්තාව තුළ කිසි විටෙක ‘අනන්‍යතා’ සංකල්පයක් තිබී නැති බවයි. ත්‍රිපිටකයට අනුව, මිනිස් වර්ගයා ජීව විද්‍යාත්මකව බෙදා වෙන් කළ හැකි ජාතියක් නොවේ. ත්‍රිපිටක චින්තාව පදනම් වන්නේ, පරායත්ත සමුප්පාද, අනිත්‍යය සහ ශූන්‍යත්වය පිළිබඳ ධර්මතා මත ය. පරායත්ත සමුප්පාද පිළිබඳ ධර්මතාව, අනන්‍යතා ප‍්‍රශ්න ආමන්ත‍්‍රණය කිරීමට අදාළ වෙයි. මෙම ධර්මතාවට අනුව, නිසගයෙන් කිසි පුද්ගලයෙකු ස්වභාව ධර්මයෙන් ස්වාධීන නොවේ. වෙනත් වචනවලින් කිවහොත්, කිසි මිනිස් ප‍්‍රාණියෙකුට හෝ කිසි සිද්ධියකට, තමන්ගේම වන නිසග යථාර්ථයක් හෝ ස්වාධීන පැවැත්මක් හෝ හිමි නොවේ. ඒ අනුව, සෑම දෙයක්ම පවතින්නේ, එකිනෙකට අනුබද්ධිතව සහ සහසම්බන්ධීව ය. මෙම තත්වය කැටි කොට දක්වන මැන්කෝල්, ‘‘පවතින අනෙක් සෑම දෙයකටම සාපේක්ෂව මිස, අනෙක් සෑම දෙයකම ඵලයක් වශයෙන් මිස, කිසිවක් ස්වාධීනව/ස්වායත්තව නොපවතී.’’

තවත් බෞද්ධ විද්වතෙකු වන පලිහවඩනට අනුව, වාසෙත්ත සූත‍්‍රයෙන් පෙන්වා දෙන පරිදි, ව්‍යාජ මතාන්තර/දෘෂ්ටිවාද (දිට්ටි), මානව වර්ගයාව උපතේදීම එකිනෙකාගෙන් වෙන් කැරැුවීමට හේතු පාදක වෙයි. පුරුද්දට හිතින් ගත් මතිමාත‍්‍රයක් පසුව චිත්ත සන්තානයේ සැඟවුණු නැමියාවක් බවට පත්ව, (දිත්තානුසාය), ඊටම ආවේණික හැඟීම්බර අන්තර්ගතයක් අත්කර ගනී.’’ මේ අදහස් බොහෝ කාලයක් මතකයේ රැුඳෙන අතර, එය පසුව චෛතසික පුරුද්දක් බවට පත්වෙයි. කෙනෙකු, මගේ පවුල, වගේ වංශය, මගේ රට ආදී වශයෙන් වන සංකල්පවලට ඔහුගේ හෝ ඇගේ විඥානය තුළ ඇලෙන්නේ ඒ කියන පුරුද්දට ය. තමන් දරන්නේ ව්‍යාජ සංකල්පයකැ යි නොදන්නා මනුෂ්‍යයා, පවුල කෙරෙහි, ගෝත‍්‍රය කෙරෙහි සහ භූමිය කෙරෙහි ඇලී ගැලී, තණ්හාව උපදවා ගනී. අනෙකාගෙන් තමන්ව වෙන් කොටගෙන, ‘මගේ/අපේ නිජබිම’, ‘මගේ/අපේ ජනතාව’ කෙරෙහි ‘අධිකතර සහ ප‍්‍රචණ්ඩකාරී’ ලෙස ඇලීම මේ මගින් වඩවා ගැනෙන ගැනෙන අතර, මිනිස් වර්ගයා යනු බෙදිය නොහැකි වර්ගයක් බව වටහා ගැනීමට, ඒ හේතුවෙන් අසමත් වෙති. මේ අනුව, ත‍්‍රිපිටකයේ තර්ක කෙරෙන ආකාරයට, ‘වාර්ගික විඥානය’ යනු, හිතේ පැලපදියම්ව, ඇබ්බැහියට ක‍්‍රියාවට නැගෙන දුර්මතයක් බව පලිහවඩන පෙන්වා දෙයි.

අනිත් අතට, අනන්‍යතා දේශපාලනය සම්බන්ධයෙන් වන මහාවංශ චින්තනය මෙහි සපුරා ප‍්‍රතිලෝමයයි. ශ‍්‍රී ලංකාවේ සිංහල බෞද්ධ ඉතිහාසයේ ප‍්‍රධාන සාහිත්‍යමය මූලාශ‍්‍රය වන්නේ මහාවංශය සහ චූලවංශයයි. ගොම්බි‍්‍රජ් සහ ඔබේසේකර වැනි විද්වතුන් පෙන්වා දෙන පරිදි, සිංහල බෞද්ධ අනන්‍යතා/ජාතිකවාදී/දේශපාලනය මෙහෙයවනු ලබන ‘සන්නස’ වන්නේ මහාවංශයයි. එම චින්තනය අනුව, අනන්‍යතාවන් යනු, දෙන ලද, ස්වභාවයෙන් උරුම කරන ලද, මූලාවස්ථික ප‍්‍රපංචයන් ය. සිංහලදීප/ලංකාව යනු, බුදුන් වහන්සේ තෙවරක් වැඩම කොට, තිරිසන් යකුන් පලවා හැර, සිහල/සිංහල ජාතිය ආරම්භ කරන ‘විජය සහ ඔහුගේ වංශයට’ වාසස්ථාන පිණිස උන්වහන්සේ විසින්ම තෝරා ගනු ලැබූ සහ පවිත‍්‍රත්වයට පත්කරනු ලැබූ දීපයකි. සිංහලයන් යනු තෝරා ගත් ජාතියකි. ඔවුන්ගේ දෛවය මේ දිවයින සමග ගැට ගැසී තිබේ. ඒ දිවයින සඳහා වරමක් බුදුන් වහන්සේගෙන්ම ඔවුන්ට ලැබී තිබේ. ඒ දිවයින තුළ සැබෑ ධර්මයේ භාරකරුවන් වන ඔවුන් සාසනයේ ආරක්ෂකයන් ද වනු ඇත.

මහාවංශය, සිංහලයන්ගේ පවිත‍්‍රත්වය උත්කර්ෂයට නැංවීම සඳහා උත්පත්ති කතාවක් පිළිබඳ මිථ්‍යාවක් ද නිර්මාණය කරයි. ඒ, සිංහලයන් වනාහී, අලූත්/වෙනම ජාතියක් බව ඔප්පු කිරීමට ය. මේ මිථ්‍යාව තුළ, ව්‍යභිචාරය (නෑ කමින් අනුමත නොකෙරෙන ලිංගික සංසර්ගය) තිබේ. එම මිථ්‍යාව තුළ, පශු මෛථුන්‍යය (සතුන් සමග ලිංගික සංසර්ගය) තිබේ. එම මිථ්‍යාව තුළථ පීතෘ ඝාතනය (පියා මැරීම) තිබේ. මේ සියල්ල, බුද්ධාගමේ පදනමට සහ මූලික ධර්මතාවන්ට සපුරා පටහැනි ය. ත්‍රිපිටක බුද්ධ ධර්මයෙන් මහාවංශ චින්තනය පීලි පනින ප‍්‍රධාන කාරණය වන්නේ, සාසනය ආරක්ෂා කිරීම සඳහා ‘සීමාන්තික පියවර ගැනීම’ පවා මහාවංශ චින්තනය තුළ අනුමත කිරීමෙනි. වෙනත් වචනවලින් කිවහොත්, එය යුද්ධය අනුමත කරයි.

මහාවංශ චින්තනයේ වීරයා දුටුගැමුණු ය. පරමාදර්ශී බෞද්ධ රණකාමියා ඔහු ය. ඔහු එළාරට එරෙහිව යුද වැදුණේය. මහාවංශයම කියන පරිදි, එළාර යනු ධර්මිෂ්ඨ ද්‍රවිඩ රජෙකි. එහෙත් ඔහු අබෞද්ධයෙකි. එබැවින්, ඔබේසේකර පෙන්වා දෙන පරිදි, දුටුගැමුණු යුද්ධ කෙළේ, මේ දිවයින නැවත සාසනයට ලබා දීමට ය. එසේ වෙතත්, ත‍්‍රිපිටක බුද්ධ ධර්මයෙන්වත්, ත‍්‍රිපිටක බෞද්ධ දේශපාලන සම්ප‍්‍රදායෙන්වත්, යුද්ධය හෝ හමුදා බලය පාවිච්චි කිරීම අනුමත නොකෙරෙන බව, පලිහවඩන පෙන්වා දෙයි.

මේ ආකාරයට බලන විට, ත්‍රිපිටක සම්ප‍්‍රදායෙන් මෙහෙයැවුණු ධර්මාශෝක, යුද්ධය ගැන කලකිරී එය අතහැර දමා බුද්ධාගම වැළඳ ගත්තේය. එහෙත් මහාවංශ සම්ප‍්‍රදායේ පිහිටි දුටුගැමුණු, බුද්ධාගම ආරක්ෂා කිරීම සඳහා යුද්ධය වැළඳ ගත්තේය. මහාවංශ සම්ප‍්‍රදාය විවේචනයට ලක්කරන්නෝ, කෙසේ වෙතත්, සිංහල බෞද්ධ අනන්‍යතාව තුළ මුල් තැන ගන්නේ කුමක් ද යන්න (සිංහල කම ද, බෞද්ධ කම ද යන්න) පිළිබඳ කාරණයේදී වෙනස් අදහස් දරති. ගොම්බි‍්‍රච්ගේ අදහස වන්නේ, ඒ සාධක දෙකම එක සේ අනන්‍යතා සාධනයට බලපාන බව ය. එහෙත් ඔබේසේකර පෙන්වා දෙන පරිදි, 19 වැනි සියවසේ අවසානය දක්වා ප‍්‍රමුඛත්වය ගත්තේ බෞද්ධ කම ය. සිංහල කම ප‍්‍රමුඛත්වයට එන්නේ, ඔහුට අනුව, ඉන් පසුව ය. එහෙත් අඩු වශයෙන් 13 වැනි සියවස අවසානයේ පටන්වත්, සිංහල සාධකය ප‍්‍රමුඛත්වයේ ලා සැලකුණු බවට මේ අතර මයිකල් රොබට්ස් තර්ක කරයි.

මේ ලියුම්කරුට අනුව, කරුණු දෙකක් නිසා, ඔබේසේකරගේ මතය පිළිගත හැකිය. ඓතිහාසිකව බලන කල, සිංහලයෙකු නොවන මුත් බෞද්ධයෙකු වන රජවරු මෙරටේ රාජ්‍යත්වයට පත්ව තිබේ. උදාහරණයක් වශයෙන් පොලොන්නරුවේ රජ කමට පත් නිශ්ශංක මල්ල, කාලිංග ජාතිකයෙකි. එහෙත් බෞද්ධයෙකි. ශ‍්‍රී ලංකාවේ රජ කමට පත්විය යුත්තේ බෞද්ධයෙකු පමණක් බවට නිශ්චිතව අණ කෙළේ ද ඔහු ය. 18 වැනි සියවසේ මහනුවර රාජධානිය ගත්තත්, නයක්කාර වංශික රජවරු හතර දෙනෙකු මෙරට පාලනය කොට තිබේ. දෙවැනි කාරණය වන්නේ, මේ ලියුම්කරුගේ පෞද්ගලික අත්දැකීමයි. මගේ පවුලට අයත් බෞද්ධ නොවන නෑයන් වැඩි වැඩියෙන් සිංහලකරණය වන අයුරු මා දැක තිබේ. එයින් ඇතැමෙක් ඉතා ප‍්‍රබල සිංහල ජාතිකවාදීන් ය. සමකාලීන ඉතිහාසය තුළ, අනගාරික ධර්මපාලගේ ක‍්‍රියාකාරීත්වයත්, වල්පොල රාහුල, පියදාස සිරිසේන සහ ඩබ්. ඒ. ද සිල්වා වැන්නන්ගේ ශාස්ත‍්‍රාලීය සහ සාහිත්‍යයික කෘති හරහාත් දැඩි සිංහල-බෞද්ධ ජාතික අනන්‍යතාවක් ගොඩනැගුණු සැටි තම්බයියා වැනි විද්වත්හු පෙන්වා දෙති.

ජාතික රාජ්‍යය ගොඩනැගීමේ පාරිභාෂික ව්‍යවහාර තුළ, සාධක දෙකක සංයෝජනයක් දැක ගත හැකිය. ඒවා නම්, අතීත කාමය සහ මනෝරාජිකත්වයයි. මහාවංශික සම්ප‍්‍රදාය අනුදකින අය, ශ‍්‍රී ලංකාවේ අතීතයේ පැවති පිවිතුරු සිංහල-බෞද්ධ ජාතියක්/රාජධානියක් ගැන අතීත කාමයෙන් යුතුව ලියති. කියති. දේශනා කරති. සිංහල-බෞද්ධ අනන්‍යතාවට ගරු කරන සහ එය භාර ගන්නා පදිංචිකරුවන්ගෙන් සමන්විත අනාගත මනෝරාජ්‍යයක් පිළිබඳ හැඟීමක් ඔවුන්ගේ අභිලාෂය තුළ තිබේ. සංක්ෂිප්තව දක්වතොත්, ඔවුන් වර්තමානයේ කියා සිටින්නේ, ශ‍්‍රී ලාංකීය අනන්‍යතාව, සිංහල-බෞද්ධ අනන්‍යතාව මත පදනම් වෙමින් ඒ සමග අනන්‍ය විය යුතු බව ය. සාසනයේ සීමාවන්, ලංකාවට අයත් සමස්ත භූමියේ සහ සාගරයේ සීමාවන් සමග සමපාත විය යුතු බව ය. ඒ බව, උතුර, දකුණ, බස්නාහිර, නැගෙනහිර සහ මධ්‍යම ප‍්‍රදේශයේ පිහිටා ඇති බෞද්ධ සිද්ධස්ථාන විසින් සංකේතවත් කෙරෙන බව ඔවුහු පෙන්වා දෙති. ඒ හේතුවෙන්, ලංකා ද්වීපයේ අයිතිකරුවන් වන්නේ සිංහල-බෞද්ධයන් වන අතර, සෙසු සියල්ලෝ බද්දට වෙසෙන්නෝ වෙති. ඒ පරිසරය තුළ, ගිහි දේශපාලඥයන්ට ඉහළින් රටේ සක‍්‍රීය දේශපාලනයට සහභාගී වීමේ උරුමයක් සංඝ සාසනයට ඇති බවට, වල්පොල රාහුල හිමියෝ තර්ක කළහ.

මීට ප‍්‍රතිපක්ෂව ත‍්‍රිපිටක ධර්මය වදාරන්නේ, සාසනය යනු විශ්ව ආයතනයක් වන බවයි. එය එක ජාතියකට හෝ භූමියකට සීමා කළ නොහේ. එම සාසනය තුළ මිනිස් ප‍්‍රාණීන්ගේ සමානාත්මතාව පිළිගැනෙන අතර, ජාතිවාදී/වර්ගවාදී භේදයන් ප‍්‍රතික්ෂේප කෙරේ. ගැටුම් නිරාකරණය සඳහා හමුදාමය නොවන ක‍්‍රියාමාර්ග නිර්දේශ කරන එම සම්ප‍්‍රදාය, බලය බෙදාහදා ගැනෙන, ලෞකික ජනරජ ක‍්‍රම යෝජනා කෙරෙන අතර, ගිහි රාජධානියේ දේශපාලනය තුළ භික්ෂූන් කටයුතු කිරීම අනුමත නොකරයි.

*2017 දෙසැම්බර් 13 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ Identity Politics Of Sri Lanka: A Perspective From The Buddhist Political Thought නැමැති ලිපියේ සිංහල පරිවර්තනය යහපාලන ලංකා

Print Friendly, PDF & Email

Latest comment

  • 0
    0

    I see this article, even though you say it is the translation of your English article, is very advanced in comparison to the earlier one.I was looking for the english article to see how I differently understood it. There is nothing to argue differently or not to agree except some new concepts, that is what I think, you are trying to build. for example, the Mahavamsic school that you talk should to replace the world Sinhala – buddhists. Anyway, In your conclusion you should write, what I think, We sinhala buddhists had a grand culture millinnia ago. That was changed drastically because of different invasions from different cultures I suppose. We were not perfect people all over the island. Anyway, the colonial invasions changed the Sinhala culture. Even the use of the world political does not go with buddhism because politics means some to go with power. The old word “rajaya Palanaya” givers a different meaning. Anyway, the most important thing that I wanted to say was, Even though we were asked to forget certain of our vocabulary and behaviour that can not be done. Out country was called Sinhale and we called Sinhala people. We did not identify Sinhala -catholics or christians as different people. We are one. We can not forget our sinhala buddhist civilization even thought is simply non-existent. When you go to a village in dahask vew bedi rarta (raja rata) area you even now see the reservoir (tank), paddy fields, temple and the village or the rural people that culture was very innocent and genuine people. Now, we have almost lost it. Those days we were looking at girls who were wearing Lamasariya. They all looked attractive. Now we see girls wearing pants tight fitting to their bodies. So, we do not see the same attractive girl instead some girls inviting boys saying look at me and come at me. Anyway, good article.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.