19 April, 2024

Blog

සිරිසේන ඔහුගේ පොරොන්දු අමතක කරයි; ව්‍යවස්ථා යෝජනාවලිය ජාතික හෙළ උරුමයේ සලකුණු වලින් වැසි යයි

කුමාර් ඩේවිඞ්

මහාචාර්ය කුමාර් ඩේවිඞ් -

මහාචාර්ය කුමාර් ඩේවිඞ් –

ඒකාධිපති විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසිකර ඒ වෙනුවට පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීමට වූ පොරොන්දුව සිරිසේනගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය තුළ අන්තර්ගත නොවීම, ඒ පිලිබඳ විශ්වාසය තැබූ ජනයාගේ භීතියටත්, කලකිරීමටත් හේතු විය. ඔහු විසින් යෝජනා කරනු ලබන්නේ, පාර්ලිමේන්තුව හරහා කැබිනට් මණ්ඩලයක් සමඟ සන්ධානගත වන්නාවූ අත්‍යවශයෙන්ම විධායක ජනාධිපති ධුරයකි; එය අලූත් දෙයක්ද? සිරිසේන මහතා විධායක ජනාධිපති ධුරය අහෝසි නොකරන තාක් සහ එම අධිපතිවාධි ඒකාධිපති ව්‍යුහය අහෝසි කිරීමේ බලාපොරොත්තුව පවතින තාක්, මෙම මැතිවරණය ව්හිළුවක් බවට පත් වෙයි. බලාපොරොත්තු විරහිත ලෙස අසාර්ථක භාවයට පැමිණි රාජපක්ෂ මහතා වෙනුවට, ඒ හා සමානම ව්‍යවස්ථාවක් යටතේ තවමත් අත් හදා නොබලන ලද සිරිසේන මහතා බලයට පත් කිරීම, යම් යහපතක් සිදුකළ හැකි නමුත්, එම යහපත මාස කිහිපයකට පමණි.

විරුද්ධ පක්ෂය තුළ මත දෙකක් ඇත. සුළුතර ජන කොටස් වලට අයත් වන, මා වැන්නවුන්ගේ අදහස වන්නේ, මුලික වශයෙන්, දුෂණ සහ වංචා, මෙවැනි අන්තයන්ට නොයන හැකි පරිදි ව්‍යුහාත්මක ආකෘතිය, එනම් අධිකාරිත්වවාදය දුර්වල කිරීමයි. රාජපක්ෂ මහතා පරාජයට පත් කිරීම අපි අත්‍යවශයෙන්ම අතිරේඛ වාසියක් ලෙස දකිමු. අනෙක් අතට, රජාපක්ෂ පරපුරේ සහ රෙජීමයට අවේනික වූ අසාර්ථකත්වයේ පවතින අනර්ථකාරිත්වය වෙනත් පුද්ගලයින්ගෙන් පිරවීමට සිතන්නාවූ විචක්ෂනශීලි නොවන බහුතරයයි. ඔවුන් ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට විරුද්ධ නොවන නමුත් ඔවුන්ට වඩා වැදගත් වන්නේ පුද්ගලයායි. සෑම වසර හයකට වරක්ම තම අප‍්‍රසාදය පළකිරීමට උපන් මෙම අවිචාරශිලින්, ඉතාම ඉක්මනින් එකම වැළපීම නැවත ආරම්භ කරනු ඇත. පසුගිය දින දහය තුළ,ිනිකරුනේ කලබල ඇති කරන්නට එපා කුමාර්; කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා, සිරිසේන මහතා ජාතික හෙළ උරුමයට යටත්වීම විවේචනය කරන්නට එපා’ යැයි එක්ව වැලපෙන වමේ මිතුරන් සමඟ බොහෝ මත ගැටුම් ඇතිවිය. උපක‍්‍රමශීලි දැක්මක් නොමැති අවිචාරශීලි මිනිසුන්; මම අවසානයේදී උපක‍්‍රමයක් ගැන කතා කිරීමට බලාපොරොත්තු වෙමි.

හානිකර ප‍්‍රතිවිරෝධතාව

දහස් ගණන් ජනයා පොදු අපේක්ෂකයා ලෙස සිරිසේන මහතාට සහය දැක්වීමේ පදනම, අවබෝධතා ගිවිසුමයි. එහිදී, විධායක ජනාධිපති ධුරය අහෝසි’ කිරීමටත්,ිපාර්ලිමේන්තු ක‍්‍රමය ස්ථාපිත කිරීමටත්’ විශේෂ අවධානයක් මේ තුළ ලබා දී ඇත. සිරිසේන මහතාව හසුරුවන්නන්ගේ ඒකායන අරමුණ වන්නේිවර්තමානය’ යන වචනය ඇතුළත් කිරීම හරහා එක් විධායක ජනාධිපතිධුරයක් අහෝසිකර, වෙනත් විධායක ජනාධිපතිධුරයක් ස්ථාපිත කිරීම නොවන්නේ නම්, කිසිඳු සාංකාවක් නොමැත. මුල් අවස්ථාවේම මෙවැනි රැුවටීමක් සිදු කරන්නේ නම්, අවසානයේ අපට කුමන ආකාර මුලා කිරීම් වලට ළක්වනන්ට සිදු වේද යන්න ගැටලූවකි.

උපුටාගැනීම: 1, ජනාතාවට වගකියන පාර්ලිමේන්තු ආකාරයක් මගින් දින සියයක් ඇතුළත, පවතින විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම. ජනාධිපතිවරයා, ජාතික ඒකීයත්වය සංකේතවත් කරනු ලබන අතර එම ධුරයට යෝග්‍ය රාජකාරි සහ බලය සහිතය’.

SRI LANKA-ELECTION-OPPOSITIONනාම යෝජනා භාර දීමෙන් පසුව නිකුත් කරනලද ප‍්‍රතිපත්ති යෝජනාවලිය දෙස අපි දැන් බලමු. 14 වෙනි පිටුවෙන් මම උපුටා ගනිමි. පිටුවෙහි මැද තද පැහැ අකුරින් ලියා ඇත්තේද එයමය.

උපුටාගැනීම: නව ව්‍යවස්ථා ව්‍යුහය, අත්‍යවශයෙන්ම, පවතින ඒකාධිපති විධායක ජනාධිපති ක‍්‍රමය වෙනුවට, කැබිනට් මණ්ඩලය හරහා පාර්ලිමේන්තුව සමඟ සන්ධානගත වන විධායක ජනාධිපති ක‍්‍රමයකින් සමන්විත වනු ඇත. මේ යටතේ, නීතිය ඉදිරියේ ජනාධිපතිවරයා අනෙක් සියලූ පුරවැසියන් හා සමාන වනු ඇත. යෝජනා කරනලද ව්‍යවස්ථා සංශෝධනය හරහා, ජනමත විචාරණයකින් පමණක් වෙනස්කළ යුතු කිසිඳු ව්‍යවස්ථාපිත වගන්තියකට අත නොතබන බවට සහතික වෙමි. රටේ ස්වාධිපත්‍යට, ස්ථාවර භාවයට, සහ ආරක්ෂාවට අනර්ථකාරීවන කිසිඳු සංශෝධනයක් සිදු නොකරන බවටද සහතික වෙමි. මාගේ සංශෝධන, රටේ ස්වාධිපත්‍යට, ස්ථාවර භාවයට, සහ ආරක්ෂාවට පහසුකම් සළසන ඒවා පමණි’’.

( අන්තර්ජාලයේ සමහර බුරුවන් පවසන්නේල පරිවර්තය දෝෂ සහිතයි; කුමාර්ල සිරිසේන මහතා හෝ රනිල් හමු වී මෙය පැහැදිළිකර ගත යුතුයි’. ඇත්තටම? පරිවර්තනය දෝෂ සහිත නම් එය නිවැරදි කිරීම කාගේ වගකීමක්ද?, මාගේද? නැතහොත් අපේක්ෂකයාගේද? මුල් පිටපත වන්නේ, ඉංග‍්‍රීසි පිටපතද? සිංහල පිටපතද?)

ක‍්‍රමයිඅත්‍යවශයෙන්ම’ විධායක එකකි. විධායක ක‍්‍රමයිකැබිනට් මණ්ඩලය හරහා පාරිලිමේන්තුව සමඟ සන්ධානගත කෙරෙනු ඇත’’ බව අපිට පවසා ඇත. කෙතරම් සැගවුණු වචන තෝරාගැනීමක්ද? සන්ධානගත වී ඇත, නමුත් පිළිතුරු දීමට බැඳී නැත. වර්තමාන ජනාධිපතිවරයා මිට සමනා ලෙස පාර්ලිමේන්තුව සමඟ සන්ධානගත වී නැතිද? රජයට, පාර්ලිමේන්තුව තුළ විශ්වාසය සහතික කිරීමේ ඡන්දය ජයග‍්‍රහණය කිරීමට නොහැකි වුවහොත්, ජනාධිපතිවරයාට හානියක් වන්නේ නැත – හානිය සිදුවන්නේ අගමැතිවරයාටයි. ජනාධිපතිවරයා හුදකළාකර ඇත;ිඅත්‍යවශයෙන්ම’ විධායක උප දේවතාවෙකි. අගමැතිවරයාගේ බලතල මොනවාද? කැබිනට් මණ්ඩලය/ රජය සහ ජනාධිපතිවරයා/ රාජ්‍ය යන ඒවා අතර බලය බෙදී යන්නේ කෙසේද? මෙම සුත‍්‍රය, ජනතාව මුලා කරන ඇස් බැන්ඳුමක් වන අතර, විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි නොකර රඳවාගැනීමට සිදුකරන ලද බාහිර අලංකරණයේ වෙනසක් පමණි. සැළසුම් කිරීම සහ නීතිගත කිරීම් සම්බන්ධයෙන් ගත්කළ මෙම වචන මගින් ඕනෑම දෙයක් සඳහා අවස්තාව සළසා දෙනු ලබයි.

මට ගැටළුවක් ඇත. සිරිසේන මහතා විධායක ජනාධිපති ක‍්‍රමයට අකමැති නම් සහ, පාර්ලිමේන්තු ක‍්‍රමයට කැමැත්තේ නම්, මෙම පල් හෑලි අවශ්‍ය වන්නේ කුමකටද? ඔහු එසේ නොකළේ මන්ද හෝ, බොරු ප‍්‍රලාප වලින් තොරව ඍජුව ඔහු එය නොකරන්නේ මන්ද? බොහෝ දෙනා, මෙම ලේඛකයාත් ඇතුළුව, මයිත‍්‍රීගේ අපේක්ෂකත්වය වෙනුවෙන් විවිධාකාර වලින් සහය දක්වා ඇත. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසිකර ඔහුට හෝ යට ගෙදර යා හැකි අතර, ඒ වෙනුවෙන් අපි කොසු මිටක් ඔසවාගෙන හෝ ජයග‍්‍රහණය වෙනුවෙන් පෙනී සිටින බව අපි කීවෙමු. ඒ වෙනුවට, කොසු මිටකකින් හරස්කර විධායක ජනාධිපති ධුරය පවත්වාගෙන යා යුතු බව අපි කිසිදා නොකීවෙමු.

සිරිසේන මහතා ඔහුගේ පොරොන්දු අමතකකර දැමුවා; ඔහු පාවාදුන්නා. මා ඉල්ලන්නේ සිරිසේන මහතා විසින්ම පොරොන්දු වුවක් හැර වෙන කිසිවක් නොවන අතර ඔහු එය සිදු කරනු ඇතැයි ජනතාව විශ්වාස කරන ලදී. මම මෙය සියවරක් පුනරුච්ඡුාරණය කරමි. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම සඳහා ඔහු විසින් කරන ලද පැහැදිළි ප‍්‍රකාශය වෙත නැවත පැමිණෙන්නේ නම්, ඔහුව විශ්වාසකළ පිරිස් තෘප්ත කිරීමට ඔහු තවමත් ප‍්‍රමාද නැත. සිරිසේන මහතාණනි,ිවිධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන්නේය’ යන සරල සරල නිවැරදි කිරීම සිදු නොකරන්නේ මන්ද? එය එතරම් සරලය. ඔබගේ අවංකභාවය පිළිබඳ ජනතා විශ්වාසය අලූත් කිරීම සඳහා වැයවන්නේ එපමණකි. ඔබ වෙනස් වුයේ ජාතික හෙළ උරුමය නිසාද? මට වෙනත් හේතුවක් පෙනෙන්නේ නැත.

ජාතික හෙළ උරුමය විසින් මංකොල්ලකන ලද ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය

සිරිසේන මහතා විසින් ඉදිරිපත් කරන ලද්දා තුල, ජාතික හෙළ උරුමයේ මතවාදය ප‍්‍රකට වෙයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය හෝ ජනතාවට බලය දීම වෙනුවට සෑම අනාගත ක‍්‍රියාකාරකමකම ස්ථාවර භාවය, ආරක්ෂාව සහ ස්වාධිපත්‍ය සුරැුකීම අරමුණ වෙයි. මතුපිටින් බැලූවිට එය හානිකර නොවන බව පෙනී යයි. නමුත්, ද්‍රවිඩ ප‍්‍රදේශ සඳහා බලය විමධ්‍යගත කිරීම, සිවිල් වැසියන්ගේ කටයුතු වලදී මිලිටරි මැදිහත් වීම අවම කිරීම, උතුරු පළාත් සභාවට නිදහසේ හුස්ම ගැනීමට අවකාශ ලබා දීම වැනි ජාතික හෙළ උරුමයේ ප‍්‍රකාශ, හුදු ප‍්‍රලාප සහ යථා ගැටලූවෙන් පිටත පවතින ඒවා බව අපි හොදින් දනිමු. මෙම වාග් මාලාව තුළ නොමැත්තේ ප‍්‍රජාතන්ත‍්‍රකරණය යන වැදගත්ම වචනය පමණි.

රනිල් සහ යු එන් පී යත්, චන්ද්‍රිකා ඇතුළු පිරිසත් සතුව තිබු සිරිසේන මහතාගේ හැසිරවීම, ජාතික හෙළ උරුමය විසින් පවරා ගනු ලැබ ඇත. බොහෝ මුස්ලිම් සහ ද්‍රවිඩ ජනයා සිරිසේන මහතාට ඡුන්දය ලබා දෙනු ඇත්තේ, ජාතික හෙළ උරුමය විසින් පොළඹවනු ලැබූ දහම නිසා නොවෙයි. එසේ කරනු ඇත්තේ, දුෂණයෙන් සහ වංචාවෙන් ඔවුන් වෙහෙසවී ඇති නිසා සහ මහින්ද සහ ගොටාබය රාජපක්ෂ යන උතුමන් යටතේ සුළුතරය වූ තමන්ට විඳවන්නට සිදු වූ බව මතක ඇති බැවිනි. ද්‍රවිඩ ජනයා පැති මාරු කොට රාජපක්ෂ මහතාට ඡුන්දය ලබා දීම සිගු නොකරන නමුත්, විශාල වශයෙන් ඡුන්දය වර්ජනය කරනු ඇත. අසරණ ද්‍රවිඩ ජාතික සන්ධානය උගුලකට හසුවී ඇත; සිරිසේන මහතාට සහය දැක්වීමට එයට අවශ්‍ය වුවත්, ජාතික හෙළ උරුමයේ මතවාද වලින් පෝෂණය වූ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය නොසළකා සිරිසේන මහතාට ඡන්දය ලබා දිය යුතු යයි කීමට එක හේතුවක් (ද්‍රවිඩ ආස්ථානයේ සිට බැලූ විට) හෝ මෙම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය තුළ සොයා ගැනීමට අසමත් වී ඇත. ද්‍රවිඩ ජාතික සන්ධානයට කිව හැකිව ඇත්තේිදුෂණ වංචා මැඩලීමට, පුර්ව වැරදි සඳහා පලි ගැනීමට සහ ජනාධිපතිවරයා ප‍්‍රතික්ෂේප කිරීමට’.ිඅත්‍යවශ්‍ය විධායක’ ක‍්‍රමයක් තුළ, මෙම වාසි කෙතෙක් කල් පවතිනු ඇතිද?

සුළුතර ජන ඡුන්ද දායකයාගේ පා පහරට ලක් නොවීමට නම්, රටේ ස්වාධිපත්‍යට, ස්ථාවර භාවයට, සහ ආරක්ෂාවට අනර්ථකාරීවන කිසිඳු සංශෝධනයක් සිදු නොකරන බවටද සහතික වෙමි. මාගේ සංශෝධන, රටේ ස්වාධිපත්‍යට, ස්ථාවර භාවයට, සහ ආරක්ෂාවට පහසුකම් සළසන ඒවා පමණි’ යන ජාතික හෙළ උරුමයේ මතවාද වලින් පෝෂණය වූ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය ඉවත දැමීමට සිරිසේන මහතා ඥානවන්ත වනු ඇත.ිරටේ ස්වාධිපත්‍යට, ස්ථාවර භාවයට, සහ ආරක්ෂාවට පහසුකම් සැලසීම’ සිදුකරන්නේ කුමකින්ද යන්න කවුරුන් විසින් තෝරා ගන්නේද යන්න මත ද්‍රවිඩ ප‍්‍රදේශ සඳහා බලය බෙදා හැරීමට ඔහුට නොහැකි වනු ඇත. ඔබ අගහරු ලෝකයෙන් පැමිණෙන්නේ නැත්නම්, මෙය, ජාතිවාදය වසා සරසනු ලබන කසල ගොඩක් පමණක් බව ඔබට වැටහෙනු ඇත. බලය විමධ්‍යගත කිරීම සඳහා විධිමත් බාධාවක් නොමැති ශ‍්‍රී ලාංකික ද්‍රවිඩ (වතු ද්‍රවිඩ) ප‍්‍රජාව සඳහා, මෙය ඔවුන් දැනට සිටින තත්ත්වයෙන් තවත් එක් පියවරක් පිටුපසට යාමකි.

මත විමසීම් වලින් පෙනී යන්නේ, සිරිසේන මහතාට සිංහල-බෞද්ධයන අතර බහුතර කැමැත්තක් නොමැති නමුත්, සුළුතර ජන කොටස්වල විශාල සහයක් ලැබෙන්නේ නම්, ජයග‍්‍රහණය කළහැකි බවයි. නමුත්, ඔහු සහ ඔහුගේ මානාධික ජාතික හෙළ උරුමයේ හසුරුවන්නන් කිසිවක් ලබා නොදීම ද්‍රවිඩ සහ මුස්ලිම් ජනයා සිරිසේන මහතාට සහය දිය යුතු යයි විශ්වාස කරයි. ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ ද්‍රවිඩ පිටපත ප‍්‍රමාද වන්නේ මේ හේතුවෙනි; ඔවුන්ට මෙම ප‍්‍රජාවන්ට කියන්නට ඇත්තේ කුමක්ද?- කිසිවක් නැත. හසුරුවන්නන්ගේ මවාගත් උඩගුව සමඟ යන්නට හැරියොත්, මෙම ප‍්‍රජා නායකයින් කරන්නේ බලවත් වරදකි. ද්‍රවිඩ සහ මුස්ලිම් නායකයින්, ඔවුන්ගේ ප‍්‍රජාවන්ට අවසානයේදී කුමන ආකාර ඡුන්ද උපදෙස් ලබා දුන්නත්, මෙම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ වෙනස්කම් සඳහා ඉල්ලීම් කළ යුතුය (එම ඉල්ලීම් අනිවාර්යෙන්ම ප‍්‍රතික්ෂේප වනු ඇත)

දැන් කළ යුත්තේ කුමක්ද?

වඩාත්ම බරපතල ප‍්‍රශ්නය මෙයයි. විශේෂයෙන්ම, මෙම ඒකාධිපති රෙජීමය පාරාජය වනු දැකීමේ ආශාවෙන් පෙළෙන අප වැන්නන්ට ඇති බරපතලම ප‍්‍රශ්නය මෙයයි. නව ප‍්‍රජාතන්ත‍්‍ර වාදී පෙරමුණ විසින් අප වෙත විසි කරනු ලබන ලබන ඕනෑම පරණ ජරාවක් බළල් පැටවුන් මෙන් හිස නමා පිලිගන්නවා වෙනුවට,ිඔබ විසින් කරනු ලැබුයේ වරදකි, එය වෙනස් කරන්න’ ලෙස පළමුව ප‍්‍රකාශ කිරීමයි.ිඔබ විසින් විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බව සහතික කරන්න’. රෙජිමයට විරුද්ධව නැගී සිට, රෙජීමය වැරදි සඳහා වගකිව යුතු බව කියා නොපෑම තුළ, විරෝධයක සෙවනැල්ලකින් හෝ තොරව පවතින රෙජිමයට පැවතීමට ඉඩ ලබා දීම, කොඳු නාරටියක් නැති කමකි. ජනයා, විශේෂයෙන්ම වෙනසක් වෙනුවෙන් සහය දක්වන අප වැන්නවුන්, එහෙයියන් සහ අවනත බළල් පැටවුන් ලෙස හැසිරීම තුළ, නව රජයක් වුවත්, නැවතත් යකඩ සපත්තුවකින් ජනතාව තලා පෙළා නොදමන්නේ ඇයි? මටල නම් භාවිත කිරීමට අවශ්‍ය නොවුවත්, මා වැනිම අදහස් දරන්නවුන් , මෙම ඇගිල්ල දිගු වන්නේ ඔවුන් දෙසට බව වටහා ගනීවි.

ප‍්‍රධානම උපක‍්‍රමය මෙයයි. ලංකාවේ ජනතාව තම දෙපයින් නැගී සිට, මෙම අපේක්ෂකයින්ගෙන් කෙනෙකු වෙත යා යුතුයි. ඔව්, අවසානයේ අපි සිරිසේන මහතාට ඡුන්දය ප‍්‍රකාශ කරමු, නමුත් මම සිද්ධියක් සිහි කරමි. ලෙනින් ගෙන එනු ලැබූ මධ්‍යම කමිටු විභේදනයත් මෙයට යම් පමණකට සමානයි: ියම් යම් හේතු මත ප‍්‍රයෝගකාරී ඞ ට එරෙහිව ප‍්‍රයෝගකාරී ශ ට ඡුන්දය ලබා දෙන ලෙස පක්ෂය ජනතාවගෙන් ඉල්ලා සිටිය’’. එවැනි වර්ණවත් වචන අපගේ ප‍්‍රධාන නළුවන්ට යොදා ගන්නේ යයි මම කියන්නේ නැත. නමුත් මාගේ ප‍්‍රධාන අදහස ඔබට වැටහෙන බව මට විශ්වාසය.

සමහර ප‍්‍රජාතන්ත‍්‍රවාදී සහ වාමාංශික සහෝදරවරු මෙන්ම ජනතා විමුක්ති පෙරමුණද නිවැරදි ලෙස ආස්ථානගත වී ඇත; ඔවුන් ස්වාධීනය, නමුත් අර්බුධකාරී ජන ව්‍යාපාරයක අභ්‍යන්තර පථයේ සිරවී ඇත. විධායක ජනාධිපති ධුරය අහෝසි කරන ලෙස වූ සිරිසේන මහතාගේ පොරොන්දුව නැවත ස්ථාපනය කරන ලෙස ඔවුන් ඉල්ලා සිටිය යුතුය. විරසක වූ ජනයා ක‍්‍රමයෙන්ිරාජපක්ෂ විරෝධී ඡන්දය’ භාවිත කිරීමකට පෙළගැසෙමින් සිටියි; ජන ව්‍යාපාරය තවදුරටත් ඉදිරියට ගමන්කළ හැකි අභ්‍යන්තර පථය මෙයයි. රාජපක්ෂ පරාජය කිරීම, අනෙකුත් අය පිළිබඳ ව්‍යාජ මායාවක් නිර්මාණය කිරීම අරමුණු කර නොගත යුතු අතර, එය, ඕනෑම රජයකට එරෙහිව අවශ්‍ය අවස්ථාවලදී බලය ක‍්‍රියාත්මකකළ හැකි ස්වාධින ජන ව්‍යාපාරයක් පිළිබඳ විශ්වාසය තහවුරු කිරීමේ පියවරයි.

පසුගිය සතියේ මම, අභ්‍යන්තර පථය තුළ පොදු අපේක්ෂක පෙරමුණ චල්‍ය කිරීම සඳහා සන්ධානගතවන ලෙස ජනතා විමුක්ති පෙරමුණට සහ වාමාංශික පක්ෂ වලට කියා සිටියෙමි. නමුත් ඔවුන් තම ස්වාධිනත්වය රඳවා තබා ගෙන සිටියි. ජනතාව ඇහුම්කන් දෙන්නේ අභ්‍යන්තර පථය තුළ වැඩ කිරීමට කැප වී සිටින පුද්ගලයින්ට පමණි. ජනතා විශ්වාසය දිනා ගැනීමේ හැකියාව ඇත්තේ ඔවුන්ට පමණි. මෙම සන්ධානය සඳහා අවශ්‍ය කොන්දේසි හදිසියේ වර්ධනය විය; සිරිසේන මහතා ජයග‍්‍රහණය කළහොත්, වැඩි අවස්ථා උදා වනු ඇත. රාජපක්ෂ මහතා ජයග‍්‍රහණය කරනු ලැබුවත් ඔහු බිය වී සිටින අතර, දුර්වල ඒකාධිපතියකු වී ජන ක‍්‍රියාකාරකම් සඳහා විවෘත වීමේ හැකියාවක් සහිතය. කෙසේ හෝ, මැතිවරණයට පෙර මෙම සන්ධානය පිහිට විය යුතුය. එසේ නැතහොත්, මීළඟ රෙජීමය කුමක් වුවත්, එය පාලනයෙන් තොර එකක් වනු ඇත.

Print Friendly, PDF & Email

Latest comment

  • 0
    0

    ප්‍රජාතන්ත්‍රවාදය ගැන අපට නිතර බණ දෙසන අැමරිකාවෙ තිබෙන්නෙ ජනාධිපති ක්‍රමයකි. ජර්මනියේ තිබෙන්නෙත් එවැනි ක්‍රමයකි. එක්සත් ජාතීන්ගේ අාරක්ෂක මණ්ඩලයෙ රටවල් පහෙන් හතරක තිබෙන්නෙ ජනාධිපති ක්‍රමයකි. BRICS රටවල් පහෙන් වැඩිම එක පුද්ගල අාදායම අැති රටවල් හතරේ තිබෙන්නෙත් ජනාධිපති ක්‍රමයි. අැරත් මේ මෑතකදී ජනමත විචාරණයකින් පසුව තුර්කියට විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වා දී අගමැති එඩ්රවාන් ජනාධිපති ලෙස දිවුරුම් දුන්නෙ වඩාත් ස්ථාවර රජයක් පවත්වා ගෙන යාම සඳහාය. EEC රටවල් එම වෙනස් කිරීම උඩින්ම පිළිගත්තේය. කරුණු එසේනම් සෝභිත හාමුදුරුවන් සහ ප්‍රොෆෙසෝරි කුමාර් කියන විධියට ජනාධිපති ක්‍රමය ලංකාවට යකෙක් විය හැකිද? අැත්තටම ජනාධිපති ක්‍රමය මෙතෙක් අපට යකෙක් තබා යක් පැටියෙක් වත් වී නැත.

    මගෙ මතය නම් ජනාධිපති ක්‍රමය ලංකාවෙ දේශපාලන ස්ථාවරත්වයට පවත්වා ගෙන යෑම සඳහා අත්‍යාවශ්‍ය සාධකයක්ය. එ් බව හඳුනා ගැනීමට පහසුම උදාහරණය වන්නේ JRJ හඳුන්වා දුන් ජනාධිපති ක්‍රමය නොවන්නට 2005-9 අතර ස්ථාවර රජයක් පවත්වා ගන යන්නට මහින්දට නොහැකි වනු අැති බවත් එසේ වී නම් මහින්දගේ රජය කඩා වැටී සාමය සඳහා ඔහු කල යුද්ධය අතරමග නතර වන බවත් එසේ වී නම් අද අපට සාමය නැති වන බවත්ය.

    කවුරු අාණ්ඩු කලත් සිවිල් සමාජය යයි කියන එන්ජීඔි කාරයින් හැමදාම රජය LTTE සමග කල යුද්ධයට විරුද්ධ විය. නමුත් යුද්ධය දිනූ සැණින් ප්‍රොෆෙසෝරිගේ වැනි එන්ජීඔි කල්ලි අපට කීවේ උන් සහ උන් නඩත්තු කරන බටහිරයන් නිසා මහින්දට LTTEය පැරද වීමට හැකි වූ බවත් එනිසා සාමයේ ප්‍රතිලාභ උන්ගේ උපදෙස් පරිදි දෙමළ ජනයාට බෙදා හැරිය යුතු බවත් ය. සාමයේ ප්‍රතිලාභ සියල්ලෝම භුක්ති විඳිය යුතු බවට තර්කයක් නැත. මහින්ද LTTEයට යුද්ධයෙන් නොදුන් දෙ, TNA එකට සාමයෙන් කෙසේවත් නොදෙන බව ප්‍රොෆෙසෝරි වැනි එන්ජීඔි කාරයින් සහ උන් නඩත්තු කරන බටහිරයන් දැන සිටියේය. ප්‍රොෆෙසෝරිලාගේ ප්‍රශ්නය අැත්තේ එතනය.

    2010 වන විට UNPයට මහින්ද පැරදවීමට බැරි බව UNP පාක්ෂිකයනුත් එහි නායක රනිලුත් දැන සිටියේය. ඉතින් රනිල්ට අර නරියාට කන්නට බැරි මිදි තිත්ත උනාසේ ජනාධිපති ක්‍රමය තිත්තවිම පුදුමයක් නොවේ. එ් අනුව උනුත් මුනුත් සියල්ලෝම එක්වී මහින්ද එ්කාධිපතියෙක් වීමට අරඅඳිනවා යයි මොර දුන්නේය. ජනාධිපති බලතල එ්කාධිපතියන් බිහිකරන්නේ යයි කියා ජනාධිපති ක්‍රමය අහෝසි කර අගමැතිට බලය පැවරිය යුතු යයි කියන්නට පටන් ගත්තේය. 2010දී රනිල්ගේ තක්කඩි ප්ලැන වූයේ ෆොනීගේ පිටේ පිගිබැක් ගොස් බලය ඩැහැ ගැනීමය. රනිල් පැරදුනේය, ෆොනී කට නිසා ඉල්ලන් කෑවේය. 2015දී ලනු කා වමාරන්නට බැරි වෙන්නෙ මෙතෙත් කිසිම වැඩක් කලේයයි පෙන්වන්නට බැරි සිරිසේනටය.

    බහුතර ජනයාට සාමයේ ප්‍රතිලාභ වූයේ රටෙ මානව සහ අාර්ථික දියුණුවයි. යුද්ධයකින් පසුව සාමය ලඟාකරගක් කිසිම රටකට නොදෙවෙනි විදියට මහින්ද එය කලේය. නමුත් ප්‍රොෆෙසොරිලාට එ්වායින් වැඩක් නැත. පාරවල් කන්නද කියා අැසුවේ ඔවුන් වැන්නන්ය. උන්ට ප්‍රතිලාභ යනු ‘LTTEට යුද්ධයෙන් ලබාගන්නට බැරිවූදේ සාමයෙන් කඩා වඩා ගැනීම’ බව මොලයක් අැති ඔිනෑම අයකුට පැහැදිලි වියයුතුය. එ් අනුව ප්‍රොෆෙසෝරි විසින් Single Issue Common Candidate (SICC) යන සංකල්පය ගෙන අාවිට සෝභිත හාමුදුරුවෝ එය ගෙඩිය පිටින්ම ගිල්ලේ ජනාධිපතිහාමුදුරුවන් වන ධ්‍යානයට සමවැදිමින්. ප්‍රොෆෙසෝරිට SICC අවශ්‍යවූයේ එක කාරනයකටය. සෝභිත හිමිට SICC අවශ්‍යවූයේ වෙනත් කාරනයකටය. ජනාධිපතිවීමෙ අදහස සහ සිහිනය ඔහු තුල ගැබ්ව අැති බව වසර කිහිපයකට පෙර බනකට පසු ඔහු සමග කෙටි සාමීචියක යෙදුණ මට මනාව පැහැදිලි විය.

    මේ ලිපියෙන් ප්‍රොෆෙසෝරි කල්ලියෙ නියම ඉලක්කය එලියට පැන අැත. “ඔබ අඟහරු ලෝකයෙන් පැමිණෙන්නේ නැත්නම්, මෙය, ජාතිවාදය වසා සරසනු ලබන කසල ගොඩක් පමණක් බව ඔබට වැටහෙනු ඇත.” ප්‍රොෆෙසෝරි කල්ලිය බලාපොරොත්තුවූයේ සිංහලයා ගොනාට අන්දවා සෝභිත හාමුදුරුවෝ ජනාධිපති කර ඔහු ලවා මාස හයකින් ජනාධිපති තනතුර නැති කර ශ්‍රි ලංකාව දේශපාලන වශයෙන් අස්ථාවර කර ඊලමට මග පාදා ගැනීමටය.

    රනිල් සහ චන්ද්‍රිකා ප්‍රොෆෙසොරිලාට සහ සෝභිතට පිටිපස්සෙන් පිහියෙන් අැන වැඩ බැරි සිරිසේන රූකඩය ඉදිරියට දැම්මේ මහින්දට කෙලවා එකෙක් අනෙකා අන්දවා තමන් රජවීමේ බලාපොරොත්තුවෙනි. නමුත් දැන් දැන් රහස් එලියටවිත් කැඳ හැලිය රත් වෙන්නට පටන් ගෙන අැත. ප්‍රොෆෙසෝරිට සිරිසේනගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙ අැති “මාගේ සංශෝධන, රටේ ස්වාධිපත්‍යයට, ස්ථාවර භාවයට, සහ ආරක්ෂාවට පහසුකම් සලසන ඒවා පමණි” වැනි වැකිත් තිත්ත වී අැතිසේය. කැඳ හැලිය කාල්ගාපුඋන්ට තරු පෙනෙන්නෙ ජනවාරි 9වනදා එලි වෙන ජාමෙටය.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.