සිංහල අවුරුද්දට සතියකට පෙර අපේ‍්‍රල් 07 වන දින, ශී‍්‍ර ලංකා මහ බැංකුවේ 2013 සඳහා වන වාර්ෂික වාර්තාව ජනාධිපති වෙත බාර දෙන ලදී. එහි දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙවැන්නක් කිීවේ යැයි මාධ්‍ය වල වාර්තා විය.
‘‘සමහර සමාගම් ඇවිල්ලා කියනවා, අපට කම්කරුවන් ඉන්දියාවෙන් ගේන්න ඉඩ දෙන්න. කොරියාවෙන් ගේන්න ඉඩ දෙන්න….සමහර සමාගම් වල සභාපතිවරුන් ඇවිල්ලා ඒ ගැන සාකච්ඡුා කරලා තියෙනවා…..අපි දන්නවා, විශාල සංඛ්‍යාවක්, 10,000 ට වැඩිය මේ රටට සංචාරක වීසා වලින් ඇවිල්ලා නොයෙකුත් රැුකියා කරනවා.’’ (ලංකා බිස්නස් ඔන්ලයින් / අපේ‍්‍රල් 13)
ජනාධිපති ගේ ඒ කතාව, තවත් කතා ගොඩාක් සමග ගැට ගැසෙන්නකි. ඒවා ගැන කතා කිරීමට පෙර, මේ සටහන ද තැබිය යුතු යැයි සිතුවෙමි.
ආගමන හා විගමන පාලකට අනුව, සංචාරක වීසා මත අපේ රටට පැමිණියේ නම්, සංචාරකයින් ලෙස කාලය ගත කර, නියමිත දිනට හෝ ඊට පෙර පිටව යා යුතු ය. එසේ නොවන්නේ නම් සිදුවන්නේ දැනට නෝර්වේ හි පදිංචි යාපනයේ උපත ලද ප‍්‍රසිද්ධ දෙමළ කවියෙකු හා රංග ශිල්පියෙකු වන වී.අයි ජෙයපාලන් අත් අඩංගුවට ගෙන පිටුවහල් කරනු ලැබු අයුරු පිටුවහල් කරනු ලැබීමය. ඔහුට විරුද්ධව ඉදිරිපත් කළ චෝදනාව වූයේ, සංචාරක වීසාවකින් පැමිණ, යාපනයට ගොසින් රැුස්වීම් වලට සහභාගි වී මාධ්‍යයට ප‍්‍රකාශ කළේය යන්නයි. ඕස්ත්‍රේලියාවේ සහ නවසීලන්තයේ මන්තී‍්‍රවරියන් දෙදෙනකු වන රියානොන් සහ ජාන් ලෝගී අත් අඩංගුවට ගෙන පිටුවහල් කරනු ලැබුවේ ද ඔවුන් සංචාරක වීසා මත පැමිණ, දෙමළ ජනතාවගේ වත්මන් තොරතුරු සෙවීමට පුද්ගලයින් හමු වීයැයි චෝදනා මත ය. වරක් නේපාල තරුණියන් කිහිප දෙනෙකු සංචාරක වීසා මත පැමිණ කොළඹ රාතී‍්‍ර සමාජ ශාලාවල නළ`ගනන් ලෙස රැුකියාව කළේ යැයි ද අත් අඩංගුවට ගෙන පිටුවහල් කරනු ලැබිණ. වවුනියාව ප‍්‍රදේශයේ වෙළඳාමේ ගියේ යැයි මෑතක චීන ජාතිකයින් දෙදෙනකු ද අත් අඩංගුවට ගෙන තිබිණ.
සංචාරක වීසා මත පැමිණ වෙනත් කටයුතු වල නිරත වුනි යැයි එවැනි පුද්ගලයින් හා පිරිස් අත් අඩංගුවට ගෙන වහා පිටුවහල් කිරීමට පියවර ගත් බව නිතර වාර්තා විය. එළෙස කි‍්‍රයා කරන්නාවූ ආගමන හා විගමන පාලක, ජනාධිපති යටතේ ඇති දෙපාර්තමේන්තුවක ප‍්‍රධානියෙකි. එබැවින් සංචාරක වීසා මත පැමිණ රැුකියා වල නිරතව ඉන්නේ යැයි ජනාධිපති පැවසූ කම්කරුවන් 10,000
ඔහු අත් අඩංගුවට ගෙන පිටුවහල් නොකරන්නේ මන්දැයි ප‍්‍රශ්නයකි.
ජනාධිපති ගේ කතාවේ අනෙක් පරස්පරය නම්, කොරියාවෙන් ශ‍්‍රමිකයින් අපේ රටට ගෙන්වා ගන්නට සමාගම් හිමියන් කතා කළේ යැයි කීම ය. රැුකියා සොයා ගෙන අපේ රටට එන්නට තරම් අසරණයින් කොරියාවේ ඇත්නම්, කොරියාව ඔවුනගේ කම්හල් වල රැුකියාව සඳහා ශී‍්‍ර ලාංකික තරුණ තරුණියන් දහස් ගණනින් (2012 දී 6,000 ක් පමණ) නිල වශයෙන් ගෙන්වා ගන්නේ ඇයි ? ඒ වෙනුවෙන් ශී‍්‍ර ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය දැන්වීම් ද පල කරන්නේ ය.
පසුගිය අපේ‍්‍රල් 10 වන දින දිනපතා ඉංගී‍්‍රසි පුවත් පතක පළමු පිටුවේ ප‍්‍රවෘත්තියකට අනුව, අපේ රටින් සොයා ගත නොහැකි විශේෂ වෘත්තීන් සහ පුහුණු ශ‍්‍රමය සඳහා විදේශයන්ගෙන් ශ‍්‍රමිකයින් ගෙන්වා ගැනීමට අවශ්‍ය නම් ඒ වෙනුවෙන් මෙරට සමාගම්, ශී‍්‍ර ලංකා ආයෝජන මණ්ඩලය වෙත ඉල්ලූම් කළ විට, නිශ්චිත කාලයකට අවසර ලබා දෙන බව ජනාධිපති පවසා ඇත. අපේ සංවර්ධන කාර්යන් සඳහා එවැනි මානව සම්පත් ගෙන්වා ගැනීමට සිදුවන බවද ජනාධිපතිවරයා එම පුවත් පත සමගින් පැවසූ බැව් එහි සටහන් විය. එහෙත් අපේ රටේ වෘත්තිකයින් වසරකට 4,000 ක් පමණත් පුහුණු ශ‍්‍රමිකයින් 60,000 ක් පමණත් විදේශ රැුකියා සඳහා පිටත්ව යන බැව්, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිල දත්ත පෙන්වයි. අපේ රටේ සේවා හා නිපැයුම් ක්ෂේත‍්‍රයන්හි ලබන්නට නොහැකි වැටුප් හා දීමනා සොයා විදේශගත වන එම වෘත්තිකයින් හා පුහුණු ශ‍්‍රමිකයින් වෙනුවට, මේ රටට විශේෂයෙන් අවශ්‍ය වෘත්තීන් හා පුහුණු ශ‍්‍රමය කවරේදැයි සිතා ගැනීම ඉතාම අසීරු ය.
කම්කරු හා කම්කරු සබඳතා ඇමතිවරයා ද මේ කතාවලට එකතුවක් කර තිබිණ. පසුගිය අපේ‍්‍රල් 03 වන දින ඇමතිවරයා සිංහල පුවත් පතකට පවසා තිබූයේ, පෞද්ගලික අංශයේ පුරප්පාඩු ලක්ෂ 07 ක් පමණ ඇති බව ය. මේ සියලූ කතාන්දර කියන්නේ මේ රටේ ඇති පුරප්පාඩු සඳහා අයදුම්කරුවන් මේ රටේ නැත යන කතාව ය. ඒ සඳහා තර්ක කිරීමට සියල්ලෝම රාජ්‍ය නිල දත්ත යොදා ගනිති. මේ රටේ විරැුකියාව දැන් සියයට 4.3 දක්වා අඩු වී ඇත යන්න, ඊට එකතු කර ගන්නා බලවත් සාක්ෂියකි.
ආර්ථික විශේෂඥයින් පවා ජාත්‍යන්තර ප‍්‍රමිතියක් යැයි වාද නොකර පිළිගන්නා මහා බොරුවක් මේ විරැුකියා දත්තයෙහි ඇත. කාර්තුවෙන් කාර්තුවට විරැුකියාව ගණන් බැලීමේ දී තෝරා ගන්නා නියැදිය පිළිබඳ කවර ප‍්‍රශ්න තිබුණත්, රැුකියාවක නිරත වීම පිළිබඳව ඇති නිර්ණායකය අතිශය විහිළු නිර්ණායකයකි. සමීක්ෂණය කෙරෙන කාලයේ කිසියම් පුද්ගලයෙකු දිනකට පැයක් හෝ දෙකක් තම ශ‍්‍රමය මුදලට වැය කර ඇත්නම්, ඔහු හෝ ඇය රැුකියාවක නිරත වුවෙකි. එනිසා ඔහු හෝ ඇය විරැුකියා සංඛ්‍යාවට ඇතුලූ නොවේ. විරැුකයාව සියයට 4.3 දක්වා අඩු වී ඇතැයි කියන්නේ රැුකියාව යනු දින කිහිපයකදී එළෙස පැයක දෙකක කුලියක් ලැබීම ගණන් බැලීමෙනි. මෙම නිර්ණායකය මත මේ රටේ ශ‍්‍රම බලකායට ඇතුලූ වන්නා වූ කිසිවකු විරැුකියාවට ඇතුලූ කළ නොහැක. ඔවුන් හැමෝම දිනකට දෙකකට වරක් හෝ කීයක් හරි උපයා නොගන්නේ නම්, හාමතේ මැරෙන සංඛ්‍යාවකුත් මේ රටේ සිටිය යුතු බැවිනි.
ඒ කිසිවක් රැුකියා නොවේ. රැුකියා ලෙස ගණන් බැලිය යුත්තේ දිනකට පැය 08 ක සේවා කාලයක් සඳහා වන වැටුපකට ස්ථිර හෝ කොන්ත‍්‍රාත් සේවයක් කිරීම හෝ දැනට මේ රටේ අවම වැටුප ලෙස තීන්දු වී ඇති මාසික ආදායම අවිධිමත් ලෙස හෝ මාසයක් ඇතුළත උපයා ගන්නා ශ‍්‍රමික තත්ත්වයකි. එළෙස රැුකියාවක් නොතිබුණත් හැමෝම තවමත් කෙසේ හෝ නොමැරී ජීවත් වීමට හැකි සේ කීයක් හෝ උපයා ගනිති. ඇ`ගළුම් ක්ෂේත‍්‍රයෙහි පුරප්පාඩු 30,000 ට වැඩියෙන් ඇතැයි කීමට හේතු ඒවා ය. ඇ`ගළුම් ක්ෂේත‍්‍රය අපේ ආර්ථිකයට සැළකිය යුතු වාසියක් ගෙනෙන විශේෂ අපනයන ක්ෂේත‍්‍රයකි. එම ක්ෂේත‍්‍රයෙහි 2011 වසරෙහි තිබූ පුරප්පාඩු 15,000 පුරවා ගැනීම වෙනුවෙන් රුපියල් මිලියන 100 ක් පමණ වැය කළ ‘‘දිරිය දියණි’’ යැයි යෝධ ප‍්‍රචාරක වැඩ සටහනක් ඇ`ගළුම් අපනයනකරුවන්ගේ සංවිධානය දියත් කළේ ය. එනමුත් 2012 වසර වන විට, ඔවුන් අත පුරප්පාඩු 30,000 තිබුණි යැයි අපනයනකරුවන්ගේ සංවිධාන පැවසූහ. එවැනි විශාල පුරප්පාඩු සංඛ්‍යාවක් නිසා ලබා ගත හැකි ඇණවුම් අත හරින්නට ද සිදුවන බැව් ඔවුන් විටින් විට මාධ්‍ය වෙත පවසා තිබිණ. එහෙත් ඇ`ගළුම් අපනයනයෙහි ආදායම පසුගිය 2013 වසරෙහි වාර්තා වන්නේ සියයට 13 ක වර්ධනයක් ලෙස ය. එසේ විය හැක්කේ සේවක ශ‍්‍රමය අතිශය අමානුෂික ලෙස සූරා කෑමෙන් පමණි. එවැනි ඇ`ගළුම් ක්ෂේත‍්‍රයක සොච්චම් වැටුපකට ගමෙන් බැහැරව ගොසින් දුක් විඳිනවාට වඩා ගමේ සිට මොනවා හෝ කරනවා හොඳයැයි පොදු මතයක් දැන් තහවුරුව ඇත. එනිසා දැන් ඇ`ගළුම් ක්ෂේත‍්‍රයට මීට අවුරුදු 10 ට පෙර තිබූ ආකර්ශනය ඇත්තේ නොවේ.
කම්කරු හා කම්කරු සබඳතා ඇමති එයට හේතු ලෙස සිංහල පුවත් පතක් සමග (අපේ‍්‍රල් 03) කියා තිබුණේ, ‘‘වැටුප් හා දීමනා නිසි පරිදි නොගෙවීමත් පහසුකම් හි`ගකමත් හේතුවෙන් පෞද්ගලික අංශයේ රැුකියා සඳහා යොමු වීමට කම්කරුවන් මැලිකමක් දක්වන බව’’ ය. එනිසා, සේවක වැටුප් සහ දීමනා නියමිත ලෙස ලබා දෙමින් පෞද්ගලික අංශය ආකර්ශනීය අංශයක් බවට පත් කිරීමට තමා පියවර ගන්නා බව ද ඇමතිවරයා එම පුවත් පත සමගින් කියා තිබිණ.
පෞද්ගලික අංශය ආකර්ශනීය අංශයක් බවට පත් කළ යුතු බව සැබෑ ය. එහෙත් එය පෞද්ගලික සමාගම් හිමියන් හා ආණ්ඩුව තර්ක කරන ආකාරයට නොකළ හැකි ය. ඇමතිවරයා කුමක් කීවත් අවසන් වශයෙන් ඔහු කටයුතු කරනු ඇත්තේ ආණ්ඩුවේ මතයට, විශේෂයෙන් පෞද්ගලික අංශයේ බලපෑමට යටත් ආණ්ඩුවේ ආර්ථික මග පෙන්වීමට ගැලපෙන ලෙසින් ය. ඊට වෙනස් ආකාරයකට ඔහුට කටයුතු කළ නොහැකි බැව්, 2011 පෞද්ගලික අංශය සඳහා යෝජනා කෙරුනු විශ‍්‍රාම වැටුප් පණත සම්බන්ධ ආරවුලේ දි පෙණින.
මේ ආණ්ඩුව තවමත් පවතිනවා මිස සැළසුම් සහිත ආණ්ඩු පාලනයක් නොකරන්නේ ය. එබැවින් අපනයනය හා විදේශ ආයෝජන ආර්ථිකයේ අතිශය වැදගත් සාධක ලෙස බලපෑම් කිරීමේ හයියක් පෞද්ගලික අංශය ලබා ගෙන ඇත. (ඊට හේතුවන ඉතාම ඊට හේතුවන ඉතාම දූෂිත පෞද්ගලික ව්‍යාපාරිකයින් හා දේශපාලනඥයින් ද ඇත ) මේ පෞද්ගලික අංශයේ මතවාදය පෞරාණික මතවාදයකි. ඔවුන් තවමත් සේවක වැටුප් අවම කරමින් ලාභය උපරිම කළ හැකි යැයි ගණන් බලන පිරිසකි. ඒ මීට සියවසකට පමණ පෙර වූ මතයකි. ඒ යුගය හා ඒ මතවාදය, මාක්ස්වාදය විසින් විවරණය කෙරුනු ප‍්‍රමාණයට නොවුනත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ මතවාදයත් සමග බරපතල ලෙස බිඳ වැටින. වහල් යුග, වැඩවසම් යුග අහෝසි කරමින් මිනිසා නිදහස, සාධාරණත්වය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය යන සංකල්ප දියුණු මානව සමාජයක් වෙනුවෙන් ගොඩ නගා ගැනීමේ දී, පෞද්ගලික ප‍්‍රාග් ධනයේ අයුතු බලයෙන් සේවකයා ආරක්ෂා කර ගැනීම, ආණ්ඩුවක වගකීම බවට පත් කර ගත්තේ ය. ඒ වෙනුවෙන් එක් එක් රටවල් නොයෙකුත් සම්මතයන්, නීති, ප‍්‍රඥප්තීන් හදා ගත්හ. ඊටත් එහා ගොසින් දෙවන ලෝක යුද්ධයෙන් පසු සාමලැදි මානවවාදී ලෝකයක් වෙනුවෙන් පිහිටුවා ගත් එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා සියලූ සාමාජික රටවල සේවක අයිතිවාසිකම් පොදු ප‍්‍රමිතියක් ඇතිව සහතික කර පවත්වා ගැනීම වෙනුවෙන් ත්‍රෛපාර්ශවීය ජාත්‍යන්තර කම්කරු සංවිධානය ද පිහිටුවා ගත්හ. එවැනි ලෝකයක, ලාභ ඉපැයීම සඳහා පෞද්ගලික අංශයට පමණක් විශේෂ නිදහසක් විශේෂ නීතියක් හැදිය නොහැක.
එය එසේ වූවත් අපේ වැනි රටවල සමාජ සංවර්ධනය සඳහා ඇවැසි ආර්ථික වර්ධනය ලබා ගත හැක්කේ පෞද්ගලික ආයෝජන මගින් යැයි ලිබරල්වාදී අර්ථ දැක්වීම් විවාදයෙන් තොරව පිළිගත්තකි. 1978 සිට එම ආර්ථික පිළිවෙත නොවෙනස්ව පවත්වා ගැනීමට පක්ෂ භේදයෙන් තොරව, ස්තී‍්‍ර පුරුෂ භේදයෙන් තොරව මෙතෙක් සියලූ ආණ්ඩු කැමැත්තෙන් මැදිහත්ව ඇත. ජයවර්ධන ජනාධිපති ගේ විධායක ජනාධිපති ධුරය මෙන්ම ඔහුගේ ආර්ථික පිලිවෙත ද අණ්ඩ දමා, අවලස්සණ කරමින් හෝ පවත්වා ගන්නේ ය. ඒ අනුව, පෞද්ගලික ආයෝජිකයින්ට විවිධ බදු සහන, විශේෂ පහසුකම් ලබා දෙමින් හුරතල් කෙරෙන්නේ ය. මේ සියලූ වාසි, සියලූ සහන ආණ්ඩු විසින් ලබා දෙන්නේ පිටස්තරයින්ගේ මුදලින් නොව, මේ රටේ පුරවැසියන්ගේ බදු මුදල් වැය කිරීමෙනි. එසේ ලබා දෙන වාසි, ඒ සහන ගණන් හැදුවහොත් විශේෂයෙන් ඇ`ගළුම් ක්ෂේත‍්‍රය ඇතුලූ අපනයන කර්මාන්ත සඳහා වාර්ෂිකව වැය කෙරෙන මහජන මුදල් ප‍්‍රමාණය රුපියල් කෝටි ලක්ෂ ගණනක් විය යුතු ය.
ඒ වෙනුවෙන් මේ පෞද්ගලික ආයෝජකයින්, ව්‍යාපාරිකයින් පෙරළා සමාජයට ලබා දෙන වාසිය කුමක් ද ? නිදහස් වෙළඳ කලාප පිහිටු වීමේ දී ආණ්ඩුව සහතික වූයේ එවැනි වාසියක් ලෙස රැුකියා ලබා දෙන බව ය. එහෙත් දැන් ඔවුන් ඉල්ලන්නේ මේ රටේ පුරවැසියන් ගේ බදු මුදලින් ලබන වාසි සඳහා රැුකියාවල් ද විදේශිකයින්ට ලබා දීමේ අයිතිය ය. ඒ අයිතිය ඉල්ලන්නේ මේ රටේ රැුකියා සඳහා ශ‍්‍රමිකයින් නැතැයි බේගල් කීමෙනි. දිගට තර්ක කිරීමේ දී විටෙක ඔවුන්ගෙන් අර්ධ සත්‍යයද කියැවේ. අඩු වියදමකට හා තමන්ට වාසි සහගත තමන්ගේ කොන්දේසි මත විදේශ ශ‍්‍රමය ලබා ගත හැකි යැයිද වරෙක ඔවුහු කියති. ආණ්ඩුව ඒවාට එක`ග වන්නේ රට සංවර්ධනය කරන්නේ යැයි යන ප්‍රෝඩාවක් සමග ය. රටේ ජනතාවගේ මුදල් වැය කර පිටරැුටියන්ට රැුකියා දීම සංවර්ධනයක් නොවන්නේ ය. රටේ ජනතාවට නොදෙන රැුකියා පිටරැුටියන්ට දී ඇති කරන සංවර්ධනයක් ද තිබිය නොහැක.
සැබෑව නම්, ශී‍්‍ර ලංකා ආයෝජන මණ්ඩලයේ සියලූ වාසි ලබන බහුතර පෞද්ගලික කම්හල් හිමියන් ඔවුන්ගේ පුරප්පාඩු සඳහා ස්ථිර සේවකයින් බඳවා නොගැනීම ය. ඒ වෙනුවට ඔවුහු දැන් තැරැුව්කාර ශ‍්‍රම සැපයුම්කරුවන්ගෙන් (මෑන්පවර් සමාගම්) අස්ථිර, තාවකාලික සේවකයින් ලබා ගනිති. මෙය දැන් නිතිපතා කෙරෙන්නකි. එළෙස සේවකයින් සපයා ගැනීම සඳහා ඔවුහු දැන් නීති සංශෝධන ද ඉල්ලති. එසේ නීති සංශෝධන ඉල්ලා සිටින්නේ, විදේශ ශ‍්‍රමය වාගේම, ස්ථිර සේවකයින් වෙනුවට ශ‍්‍රම සැපයුම්කරුවන්ගෙන් අස්ථිර සේවකයින් ලබා ගැනීමෙන් ඔවුන්ට මූලික කාරණා දෙකක් ඉටු කරගත හැකි යැයි ගණන් බැලීමෙනි. එකක් නම් ඔවුන්ට වෘත්තීය සමිති වලින් තොර, එනිසාම පාලනය කිරීමේ පහසුවක් ඇති අසංවිධිත සේවකයින් තබා ගැනීමේ වාසිය ය. අනෙක කේවල් කරන්නට නොහැකි, වෙනත් කිසිදු බැඳීම් නොමැති අඩු වැටුප්ලාභී සේවකයින් තියා ගැනීමේ වාසිය ය. එය විදේශ ශ‍්‍රමිකයින්ගෙන් ඊටත් වැඩි සහතිකයක් සමගින් ලබා ගැනීමට හැක.
ආර්ථික විiාඥයින් ඇතැමෙක් ද මේ සූත‍්‍රයට එක`ග වන්නේ, අපට ලෝක වෙළඳ පලෙහි තරග කිරීමට නම්, අඩු වියදමකින් නිෂ්පාදනය කිරීමේ වාසිය තිබිය යුතු යැයි වාද කිරීමෙනි. එනිසා අඩු වැටුපට ශ‍්‍රමිකයින් අවශ්‍යයැයි කියති. එහෙත් නිෂ්පාදන වියදම ඇත්තටම අඩු කළ හැක්කේ විදුලි බලය ඇතුලූ බලශක්ති ප‍්‍රභවයන් ලාභ කිරීමෙන් බව නොකියති. ලාභ බලශක්ති ප‍්‍රභවයන් යොදා ගැනීමේ තාක්ෂණය සොයා ගැනීමෙන් යැයි නොකියති. එවගේම දියුණු කලමනාකාරිත්වය ද වැදගත් සාධකයකි. තත්තව පාලනය හා වෙළඳ ප‍්‍රවර්ධන උපායන් ද එවැනිම ය.
ඒ අතහැර දමන සාධක ය. අනෙක නම් නිෂ්පාදන වියදම අඩු කිරීම ලෝක වෙළඳ පළේ තරගය සඳහා ඇති එකම සාධකය ලෙස ඔවුන් ගේ තර්ක කිරීමය. මේ දියුණු ලෝක වෙළඳ පළෙහි පමුණුවෙහි මෙන් අඩු මිලට, තොග ගොඩ ගැසීමෙන් තරග කළ නොහැක. මිල දී ගැනීමේ ඇත්ත ශක්තියක් ඇති ස්ථාවර ලෝක වෙළඳ පලෙහි දැන් අලූත් සමාජ වටිනාකම් මත අලෙවිය තීන්දු වේ. එබැවින් හරිත භාණ්ඩ වෙළඳ පලක් දියුණු වේ. මස් මාංශ වෙනුවෙන්ද කොන්දේසි සහිත වූ දයාබර වෙළඳ පලක් ඇත. පිරිසිදු රෙදිපිළි වෙළඳ පලක් ඇමෙරිකාව හා යුරෝපය පුරා සීඝ‍්‍රයෙන් වර්ධනය වී ඇත. ඔවුන් පිරිසිදු යැයි කියන්නේ සේවක අයිතිවාසිකම් නොඅඩුව සුරකින, යහපත් සේවා තත්ත්වයන් ඇති, සුරක්ෂිත සේවා ස්ථාන වල පරිසරයට හානි නොවන ලෙස නිෂ්පාදනය කෙරෙන නිමි භාණ්ඩ වලටය. එනිසා ලාබෙට භාණ්ඩ නිෂ්පාදනයට අඩු වැටුප් ගෙවිය හැකි වෘත්තීය සමිති නොහදන, සාමුහික කේවල් කිරීම් නොකළ හැකි ශ‍්‍රමය සොයන්නේ නොදියුණු, අසංවර ව්‍යාපාරිකයින් ය.
අප සංවර්ධනය යැයි අර්ථ දක්වා ගත යුත්තේ කුමන සමාජ වටිනාකම් සමග පෙරට යන සමාජයක් දැයි තෝරා බේරා ගැනීම එනිසා අතිශය වැදගත් ය. ඒ වෙත ජනාධිපති ගේ අවධානය යොමු වන්නේ නම් මැනවි.