25 April, 2024

Blog

මුස්ලිම් ජාතික බෙග් මාස්ටර් බොදු ගී හඩින් වැපුරූ සිවුරට සලකන සංහිඳියාව

ලක්‍ෂමන් පියසේන

ලක්‍ෂමන් පියසේන

පිරිතකට බනකට, පෙරහරකට, තොරණකට, පිංකමකට, උත්සව සිරියෙන් සූදානම් වන ගමේ මෙන්ම නගරයේද බෞද්ධයා හෝ පන්සල, ඒ ගැන ශබ්ද විකාශන යොදාගෙන කරන පූර්ව ප‍්‍රචාරයේදී සුපුරුදු පරිදි වාදනය කරන බෞද්ධ ගීත පෙළක් තිබේ. එම ගීත අතර ඇති මුල්ම ගීතය වන්නේ අංගුලිමාල චිත‍්‍රපටය වෙනුවෙන් මොහිදීන් බෙග් සූරීන් ගැයූ ‘බුද්ධං සරණන් ගච්චාමි’ ගීතයයි. කඩමණ්ඩියේ දී චණ්ඩිපාට් දමන ‘අයියා’ කෙනෙකු වුවද මොහොතකට හෝ තම හිත නතර කර ගන්නා සංහිඳියාවකට පොළඹවන අපූරු බලයක් ඒ ගී හ`ඩින් නින්නාද වෙයි. ගහ කොල පවා ශාන්ත රසයෙන් නහවන තරමට ඒ ගීතය ගැයෙන හ`ඩ මිහිරිය, ප‍්‍රබලය. පොහොය දාට පන්සලේ හැ`ඩවෙන ඝාණ්ඨාරයේ සංඥාවටත් වඩා විටෙක මේ හ`ඩින් ශාන්ත හැඟුම් උපදවයි. බෙග් මාස්ටර් මුස්ලිම් ජාතිකයෙකි. එහෙත් මේ ගීතය අසන කෙනෙකු ගේ හිත නිබදී පිරී යන්නේ ගායකයාගේ ජාතිය හා ආගම ගැන මතුවන සැක සංකා වලින් නොව බුද්ධාලම්බන ප‍්‍රීතියෙනි. බෙග් මාස්ටර් මෙම ගීතය රටට දායාද කොට වසර පනහකට පසුවත් ළමා තරුණ වැඩිහිටි හැම දෙනාම ඒ බුද්ධාලම්බන ප‍්‍රීතිය එක සේ අත්විඳිති, රසවිඳිති.
නිවන අරමුණු කරගෙන ලෞකික මාර්ගයේ ගමන් කරන බෞද්ධයාගේ හිතේ සංතෘෂ්ඨීය හෙවත් පහන් සංවේගය දනවන මෙවැනි බෟද්ධ ගීත රැුසක් අතරින් කරුණාරත්න අබේසේකරයන් ලියූ මෙම ගීතය බෙග් මාස්ටර්ගේ හ`ඩ සමඟින් තවත් වසර සීයකට පසුවත් රැුව් දෙනවාට සැක නැත. ‘බුද්ධං සරණන් ගච්චාමි’ ගීතයේ ඇති වටිනාකම වන්නේ පන්සලක්, බෝධියක්, සිවුරක්, බෞද්ධ කොඩියක්, සිල් රෙද්දක්, පෙරහරක් ආදී බෞද්ධ සංකේත කිසිවක් දකින්නට නැති විටකදී වුවද බෞද්ධ පරිසරයක් චිත්ත සන්තානයේ ක්‍ෂණිකව ගොඩ නඟන්නට ඊට ඇති හැකියාවයි. ඒ බෞද්ධ වටපිටාව ගොඩ නැගූ පසුව තම ගීත වලින්ම ජීවිතයට වටිනා ගැඔුරු බණ දහමක් වුවද අහන්නට හැකි ගීත රැුසක් ම මේ මුස්ලිම් ජාතිකයා විසින් ගයනු ලැබ ඇත. අබේසේකරයන් ම ලියා ඇති ‘නින්දා ප‍්‍රශංසාව මිනිසාටමයි’ යනුවෙන් පටන්ගෙන ‘සැප ඇත්තේ අවසානෙ නිවනේ අමා – තුන්ලෝක ගුරු බුද්ධ ධර්මේ තමා’ යනුවෙන් අවසන් කරන ගීතය මඟින් ඉස්මතු කෙරෙන්නේ අභිධර්මයයි. බුද්ධ මාර්ගය ගැන එතරම් සංවේදීව හා පුළුල්ව හිත් වලට දැනෙන විදියට කියා දෙන්නට, වර්තමාන භික්‍ෂුන්ට නම් කොතරම් කාලයක් තිස්සේ කොතරම් බණ කතා ප‍්‍රමාණයක් දේශනා කරන්නට සිදු වෙයිද?
පුළුල් නිදහස් දැක්මක් ඇති වටිනා දහමක් වූ බුදු දහමේ හරය නොදැන, නොවැටහී, දිනෙන් දිනම පටු කල්පනාවන් කරා කොටු වෙමින් සිටින, ලංකාවේ බෞද්ධයාගේ පුංචිම පුංචි ලෝකවල බණ කීමෙන් තාරකා බවට පත් වූ භික්‍ෂුන්, තමන් වහන්සේලාගේ මුළු ජීවිත කාලය පුරාම ඒ බණ කිව්වත් බෙග් මාස්ටර් සිය හ`ඩින් අසන්නාගේ හිතට ගෙන දෙන ශාන්තිය, පහන් සංවේගය, ඇති කරන්නට හැකි වේද යන්න නම් සැක සහිතය. වත්මන් භික්‍ෂු සංස්ථාව සමාජයේ මුස්ලිම් විරෝධයක් අවුලූවා පැය ගණනක් ඇතුළත රටම වුණත් ගිනි තියන්නට දක්‍ෂ විය හැකිය. එහෙත් බෙග් මාස්ටර් සිය බෞද්ධ ගීතාවලිය වෙතින් හිත් වලට ගෙනෙන නිවීම සංහිඳයාව අද නිතර ඇසෙන බණ අනුශාසනා මඟින් ලැබේද යන්නනම් සැක සහිතය. මෙහිදී අප අවධානයට ගත යුතු වැදගත්ම කාරණයක් වන්නේ මේ බෞද්ධ ගීත නිර්මාණය කෙරෙන්නේ අති පිරිසිදු සාමයක් සංහිඳියාවක් ලාංකික සමාජයේ පැවති කාලෙකද නොවීමයි. දෙමළ මුස්ලිම් මෙන්ම බෞද්ධ අන්තවාදීන්ගේ ද කූට කුමන්ත‍්‍රණ, ආගමික අන්තවාදී ව්‍යාපාර ද නිදහසට පසුවත් අඩු වැඩි වශයෙන් ලාංකික සමාජයේ පැවතී ක‍්‍රියාත්මක වනවා මිස ඒවා මුළුමනින්ම නිම වූ කාලයක් තවම ඇති වී නැත. එහෙත් ඒ අවුල් වියවුල් මැද වුවද ‘සිංහල බෞද්ධ’ අබේසේකරලා ලියූ මේ බෞද්ධ ගීත ගායනා කරන්නට මුස්ලිම් ජාතික බේග් මාස්ටර්ලා ඉදිරිපත් වූහ. ඒ ගීත ඇතුළත් චිත‍්‍රපට හදන්නට වාමදේවන්ලා වෙන්කට්ලා සිටියෝය. මුත්තුසාමිලා මොහොමඞ් සාලිලා ඒ ගීත වලට තනු දමා සංගීතවත් කළහ.
වෘත්තීය ගායකයෙකු වූ බෙග් මාස්ටර්ට මේ බෞද්ධ ගී ගායනා කළාය කියා අමුතු වාසියක් වූ බවක්ද දැන ගන්නට නැත. මෙරට පුරවැසි භාවය ලබන්නට පවා ඔහුට අපමණ ගැහැටක් විඳින්නට වූ බව නම් ඇත්තකි. තම ආගමේ නාමයෙන් කතා කරන අන්තවාදීන්ගෙන් ද ඔහුට එල්ල වූ පීඩා ඉවසා දරා ගත්තේ අපමණ ආර්ථික දුෂ්කරතා තම පවුල මත ලඹ දෙමින් තිබියදීය. ඒ සියලූ අවුල් මැද ඔහු බුද්ධාගම නාමයෙන් ගීත ගයා බුද්ධාලම්භන ප‍්‍රීතියෙන් රටක් අවදි කළේය. අඩුම තරමින් ‘සිවුරට සැලකීම’ කියන බෞද්ධ හැඟීමවත් සමාජයේ අවදියෙන් තබන්නට බෙග් මාස්ටර්ගේ බෞද්ධ ගීත මහා දායකත්වයක් දැරුවේය.
ඕනාම අඳුරු වලාවක වුවද රිදී රේඛාවක් ඇති පරිදි, පැවති අවුල් වියවුල් අසමගිකම් හමුවේ ද ලාංකික සමාජයේ ජාතික සංහිඳියාව සංකේතවත් කළ තැනක් මෙරට ‘කලාව’ නැමති වේදිකාවෙන් හමුවෙයි. මුස්ලිම් ජාතික බෙග් මාස්ටර් ගේ ගී නදින් සංක්තවත් කෙරෙන ‘බෞද්ධ හ`ඩ’ ඒ වේදිකාවෙන් ගලා එන්නකි. අබේසේකරලා බේග් මාස්ටර්ලා වෙන්කට්ලා මුත්තුසාමිලා මොහොමඞ් සාලිලා එකට එකතු වූයේ ඒ වේදිකාවේය. හිතේ සංහිඳියාවත් සමාජයේ සංහිඳියාවත් ජාතීන් අතර සංහිඳියාවත් බුදු දහමේ හරය වූ විට, හරිනම් එහෙම සංහිඳියාවක් ගොඩ නඟන්නට මුල් විය යුතුව තිබුණේ පන්සලයි. එහෙත් එහෙම ප‍්‍රවණතාවක් මෑත ඉතිහාසයෙන්නම් පන්සලෙන් දිස් නොවුණි. ඒ අවබෝධය තිබුණු, චීවරයේ නියම බලය කුමක්දැයි හොඳින් දැන සිටි, තනි තනි භික්‍ෂුන් වහන්සේලා කලින් කලට බිහි වුණත් ‘භික්‍ෂු සංස්ථාව’ නැමති ආයතනය වෙතින්නම් සංහිඳියාවට එහෙම අතක් කොහෙත්ම දිගු නොවුණි. එහෙම ආදර්ශයක් ඵල නොවුණි. ලාංකික භික්‍ෂු සංස්ථාවේ මේ ස්වභාවය දිස් වන්නේ, ‘87 ඉන්දු ලංකා ගිවිසුමට පසුව හෝ නිදහසට පසුව හෝ බටහිරයන් රට ආක‍්‍රමණය කළාට පසුව හෝ ඇති වූ දෙයක් විදියට නොවේ. මෙය භික්‍ෂුව රටේ දේශපාලන බලයට දැඩිව ඇලෙන, ඊට මැදිහත් වන පස්වෙනි සියවසේ සිට ම දක්නට ලැබෙන අසමත් කමකි. නිදහසට පසුව, හැට හැත්තෑව දශක වලදී, බෙග් මාස්ටර්ලාගේ පරපුර, කලාවෙන් සමාජ සංහඳියාව ගොඩ නඟන්නට පන්සලට වඩා දෙයක් කළේය.
පස්වෙනි සියවසට පෙර ලාංකික භික්‍ෂුව පිදුම් ලබන උතුම් බුද්ධ පුත‍්‍රයකු වූයේ, එනම් ‘බමුණු පූජක’ නොවී ‘පූජ්‍ය’ බවට පත් වූයේ, ලෞකික සමාජයේ ‘බලය’ ට ලොබ බැඳ එය තමන් සතු කර ගන්නා ‘බල සේනාවක්’ වීමෙන් නොවේ. එකී බල කාමය අත්හැර ලෝකොත්තර මාර්ගයට පිවිස ලෞකික සමාජයට දුකින් මිදෙන ආදර්ශය දුන් බැවිණි. ලෞකික මාර්ගයේ ආශාවන් පසුපස යන පෘග්ජනයාගේ හිත් සුවපත් කොට ඔවුන් බුද්ධියෙන් ඇහැරවූ බැවිණි. දේශපාලන අර්බුදයකදී හෝ වේවා සතුරු කුමණ්ත‍්‍රණ ආක‍්‍රමණ වලදී වේවා බෞද්ධයා බුද්ධිමත් මාර්ගයට යොමු කරමින් ඔවුන්ටම ඒ එළඹෙන අභියෝග වලට යහපත් සිහියෙන් මුහුණ දිය හැකි පුද්ගල සංහිඳියාව ගොඩ නැඟීම එදා භික්‍ෂුව රට ජාතිය බේරා ගත් පිළිවෙල විය. නිරතුරුවම භාහිර ලෝකයෙන් රටට එන කුමන්ත‍්‍රණ වලට දිග දුර නුවණින් මුහුණ දිය හැකි, රටත් ජාතියත් ලෝකය ඉදිරියේ ශ්‍රේෂ්ඨත්වයට පත් කළ හැකි බුද්ධිමත් නායකයන් තෝරා ගන්නට හැකි බුද්ධිමත් සමාජයක් සඳහා බණ කීමත්, ආදර්ශ සැපයීමත්, රට ජාතිය බේරා ගැනීම වෙනුටෙන් භික්‍ෂුන්ගේ මැදිහත්වීම විය. සිහි නුවනින් තීරණ ගත හැකි සංහිඳියාව සමාජයේ ගොඩ නැගීමයි ලෝකොත්තර මඟ ගත් භික්‍ෂුන් වෙතින් ඉටු විය යුතු වගකීම වන්නේ. නියම භිෂුව සතුව ඇත්තේ එවැනි ආධ්‍යාත්මික ශක්තියකි.
ලොවටම ආදර්ශයක් වූ එහෙම භික්‍ෂු සංස්ථාවක් මේ රටේ තිබුණි. ඒ පස්වෙනි සියවසට පෙරදීය. සන්ධිස්ථානයක් විදියට ගන්නේනම් බුද්ධඝෝෂ හිමි, මහානාම හිමි, ආදී වශයෙන් කියවෙන භික්‍ෂුන්ගේ ක‍්‍රියාකාරකම් වලින් අනතුරුව, මෙරට භික්‍ෂු සංස්ථාව විකෘතියකට ගොදුරු විණි. භික්‍ෂුවගේ බලය යනු ලෞකික සමාජය හඹා යන ආශාවන් හා බලයම බව විශ්වාස කරන, වැරදි අතට, භික්‍ෂු සංස්ථාව තල්ලූ වී යන්නේ ඒ විකෘතියේ ප‍්‍රතිඵලයක් විදියටයි. ලංකාවේ ශ්‍රේෂ්ඨත්වය අතීත කාමයෙන් කතා කරනවානම් ඒ අතීතය පස්වෙනි සියවසට පෙර ලියවුණු කතාවකි. ඒ මිස ඊට පසුව ආධ්‍යාත්මිකව දැක්විය හැකි කිසිම ශ්‍රේෂ්ඨ සාධකයක් භික්‍ෂු සංස්ථාව සතුව නැති බව ඉතිහාසය දෙස විමසිල්ලෙන් බලන කල පෙනී යනවා ඇත. පසුකාලයේදී ගිහි සමාජයේ යහපතට, ලෝකොත්තර මාර්ගයෙන් යමක් ලැබුණානම් එය තනි තනි භික්‍ෂුන් වෙතින් මිස සංස්ථාවක් හැටියට දුන් දෙයක් නොවේ.
දැන් අපි නැවතත් බෙග් මාස්ටර් හා බෞද්ධ ගීතය දෙසට හැරෙමු. ලාංකික භික්‍ෂු සංස්ථාවත් ඊට මුවා වී බලය අත්කර ගන්නට මාන බැලූ දේශපාලන බලාධිකාරියත් 1948 න් පසුවද පුද්ගල සංහිඳියාවට හෝ ජාතික සංහිඳියාවට අබ මලක දෙයක් එකතු කරන්නේ නැත. හැට හැත්තෑව දශක වලදී ගීතය, සිනමාව හෝ කලාව පෙරටු කර ගත් වේදිකාවෙන් ජාතික සංහිඳියාවට මෑත ඉතිහාසයේ දී ලද අනුබලය මෙතරම් ජන ගත වන්නට බලපාන සාධකයක් වන්නේද ඒ හිස් තැනයි. එහෙත් කලාවෙන් ලද ඒ අනුබලය ද එහෙම නැතිනම් අඳුරු වලාවේ දිස්වූ රදී රේඛාව ද, ‘83 කළු ජූලියෙන් නැඟුන දුමාරයෙන් වැසී ගියේය. ලාංකික සමාජයට අන්තිම අහේනියකදී ගන්නට සහෘද කලාකරුවන් විසින් ඉතිරි කර ගත් ජාතික සංහිඳියාවට, මැරයන් විසින් එදා ගිනි තබන ලදී. දෙමළ අන්තවාදයට සිංහල අන්තවාදයෙන් පිළිතුරු දෙන්නට නළියන වුවමනාව ගැන ඒ වන විටත් හොඳින් ගණන් බලා තිබුණු ඉන්දීය විදේශ ප‍්‍රතිපත්ති ක‍්‍රියාකාරකම් වලට අමතරව, මේ මැරයන්ට එවක ආණ්ඩුවත් අනුබල දුන් බව ප‍්‍රසිද්ධ කරුණකි. මේ රටට මහා විනාශයක් කැඳවූ කොටි ත‍්‍රස්තවාදය ලෝකයා හමුවේ සාධාරණී කරණය කරන්නටත් ‘83 ප‍්‍රබල ලෙස බල පෑ බව රහසක් නොවේ. එකී ත‍්‍රස්තවාදය යුදමය ලෙස විනාශ කළාට පසුව, එයින් නැඟුණු වේදනාවන් හා තුවාල සුවපත් කර ගන්නට ලාංකික සමාජය තවමත් අසමත්ව සිටියදීත් දැන් මේ සිදු වන්නේ කුමක්ද? බෙග් මාස්ටර්ලා ඇතුළු සියලූ මුස්ලිම් ජාතිකයින් එක ගොඬේ දමා මුස්ලිම් විරෝධයක් අවුලන ‘බල සේනා කණ්ඩායම්’ මේ දියත් කර ඇත්තේ ද එදා ‘83 කළු ජූලිය ඇවිල වූ මැරයන්ගේ ක‍්‍රියාවන්ම, වෙනත් විදියකටයි.
සිංහලයාට හෝ බෞද්ධයාට රට හමුවේ ආ කුමන්ත‍්‍රණ අභියෝග බුද්ධ මාර්ගයෙන්, බුද්ධියෙන්, ලෝකයාගේ සහයෙන්, දිග දුර නුවණින් විසඳා ගන්නට තිබුණු මාර්ග ‘83 න් පසුව දරුණු ලෙස ඇහිරී ගිය බව අප රටක් විදියට ම අත්විඳිමින් සිටිමු. ‘83 දී ආර්. වෙන්කට් නම් දෙමළ ජාතික චිත‍්‍රපට නිශ්පාදකයාව පාරට ඇද ඝාතනය කරන වෙලාවේදී ‘අනේ මාව මරන්න එපා, මම තමයි ‘ශ‍්‍රී පතුල’ චිත‍්‍රපටය හැදුවෙ’ යැයි කීවේලූ. එහෙම අපරාධ ගැන පවා බණ දහම දන්නා සිල්වත් භික්‍ෂුන් වහන්සේලාටත් එදා නිහ`ඩ වන්නට වූයේ, බලවත් ව ඇත්තේ ඒ ලෝකොත්තර දැක්ම නොව භික්‍ෂු සංස්ථාවේ නොහික්මුණු කම බැවිණි. ලෞකික ජීවිතයේදී ඇවිලූණු සිත් නිවා ගන්නට ගිය පන්සල දේශපාලන ගිනි ගොඩක් බවට පත් කරමින් ද චීවරයට ඉතිරිව තිබුණු ගෞරවය පවා කෙළසමින්් ද භික්‍ෂුන් පෘතග්ජන දේශපාලන බල පොරපිටියට පිවිසෙන විටත්, කරුණු කාරණා වැටහුණු උග්ත් සිල්වත් භික්‍ෂුන් වහන්සේට නිහ`ඩව කම්පා වෙන්නට සිදුවූයේ භික්‍ෂුවගේ බලය ලෝකොත්තර මාර්ගයෙන් පීලි පැන තිබුණු බැවිණි.
අද ලංකාව ජාතික හා ජාත්‍යන්තරව මුහුණ දෙන අර්බුද වැඩිහරියකට මුල, රටේ ප‍්‍රශ්න විසඳන්නට බුද්ධිමත් දේශපාලනයක් නැතිවීමත් ඒ හිඟකම ආගමික හා ජාතිවාදී උන්මාදයෙන් වසා ගන්නට තැත් කිරීමත් හැරුණු විට භික්‍ෂුවගේ වගකීම පැහැර හැර තිබීමයි. ලෝකොත්තර මාර්ගයේ සංකේතය වූ සිවුර ලෞකික බල තණ්හාව වෙනුවෙන් වරප‍්‍රසාදයක් ලෙස යොදා ගැනීමයි අද මේ සිදු වන්නේ. සිවුර පෙරට දමා සිංහල මුස්ලිම් ගැටුමකට අත වැනීම එහි අළුත්ම සෙල්ලමයි. විවෘත ආර්ථිකයට එළිපිට බැන බැන යටින් අයතා ගනුදෙනුවල නියැලී ඉක්මනින් මුදල් පොදි ගැසූ මුදලාලිලාටත් අවස්ථාවාදී දේශපාලනඥයන්ටත් මෙහෙම ගැටුම් කලින් කලට වුවමනා වුණත් මේ රටේ සාමාන්‍ය ජනතාවට එහෙම වුවමනාවක්වත් මේ සිදුවන වංචාව ගැනවත් මෙලෝ අවබෝධයක්වත් නැත. භික්‍ෂුන් වහන්සේ සිය වගකීම හරිහැටි ඉටු කළේනම් එහෙම මුලාවකට සමාජය පල්ලම් බසින්නේ ද නැත. බෞද්ධයන් දෙසට හැරී ‘සිවුරට සලකන්න දැනගනිල්ල’ යනුවෙන් අමුතුවෙන් අණ කරන්නට භිෂුවට සිදු වන්නේ ද නැත. මේ පිරිහීමට මුල පිරුවේ චීවරයේ වටිනාකම අවබෝධ කර නොගත් භික්‍ෂූන් විසින් මය. එනම් ‘සිවුරට සලකන්න දැනගනිල්ල’ කියා අද වියරුවෙන් මොර දෙන භික්‍ෂු පරපුරේ ම අයයි.
මුස්ලිම් ජාතික මොහිදීන් බෙග් තම ගී හ`ඩින් සිවුරට සලකන සංහිඳියාවක් අසන්නාගේ හිත් වලට ගෙනාවේ එවැනි කිසිදු අණ කිරීමකින් හෝ වියරු බලපෑමකින් නම් නොවේ. බුද්ධ ශාසනය රැුක දෙන ලෙසට විෂ්ණු දෙවියන් වෙත අයදිමින් බෙග් මාස්ටර් ගයන ගීතයේ හ`ඩ ඇතැම් විටෙක දෙවියන් හෝ සොබා දහම අවදි කරන්නට තරම් ප‍්‍රබලය. එය සංහිඳියාව දෙසට දොරගුළු අරින ආධ්‍යාත්මික යොමු කිරීමකි. එහෙම ආධ්‍යාත්මික ප‍්‍රබලතාවක් අද භික්‍ෂු සංස්ථාව වෙතින් ප‍්‍රකට වෙයිද? කෙසේ නමුත් චීවරයේ වටිනාකම නොදැන කරන මේ විගඩම්නම්, ලාංකික සමාජයේ සංහිඳියාව පතන කිසිවෙක් අනුමත නොකරනු ඇත. යහපත පාර්ථනා කරන සමාජය අද කණගාටු වන්නේ භික්‍ෂු සංස්ථාව මඟහැර ගිය සංහිඳියාව ගොඩනැගීමේ කාර්ය භාරය, සෘහද කලකරුවන් එක්ව ගීතයෙන් සිනමාවෙන් කලාවෙන් ගොඩනඟා ගත් විට, එයද ’83 ගින්නෙන් දවාලීම ගැනය. යළිත් අවුලූවන්නට හදන එවැනි ගින්නකින් දැවී යා නොහැක්කේ මොනවාද?

 

 

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.