26 April, 2024

Blog

සත්‍ය හා සාධාරණය වෙනුවෙන් බියෙන් අත්මිදෙමු

ලියනගේ අමරකීර්ති

ආචාර්ය ලියනගේ අමරකීර්ති

ආචාර්ය ලියනගේ අමරකීර්ති

දෙසැම්බර් 11 වැනි බ‍්‍රහස්පතින්දා යෙදී තිබුණු සියලූ වැඩ කටයුතු කල් දමා හෝ අන් අයට පවරා ගෙදර සියලූ දෙනාත් සමග මම ඉබ්බාගමුවේ දේවසරණ කේන්ද්‍රයට ගියෙමි. පාලකයන්ගෙන් ලැබෙන වරදාන වෙනුවෙන් කොඳු කඩාගත් කලාකරුවන් යැයි කියාගන්නා දහසක් දෙනා අතරමැද ඊට වෙනස් ගමනක යන ජයතිලක බණ්ඩාරගේ ”බියෙන් අත් මිදෙමු” ප‍්‍රසංගය එදින එහි පැවැත්විණ. ඔහු තවත් වාදකයන් දෙදෙනෙකු සමග එහි පැමිණ සිටියේය. නෙළුම් පොකුණ නම් මහින්ද රාජපක්ෂ රංගශාලාවට වඩා ඉතා කුඩා වූද කොට බිත්තියෙන් වට වූද තහඩුවෙන් සෙවිලි කරන ලද්දා වූද නිරහංකාර ශාලාවකට අවට ගම්වල ගොවි සංවිධාන සහ අනෙකුත් ප‍්‍රජාසංවිධාන සාමාජිකයෝ ටිකෙන් ටික එහි රැුස් වූහ. නිමිත්ත ලෝක මානව හිමිකම් දිනය එදින සැමරිණ. විපුල චන්ද්‍රසේකර නම් දක්ෂ තරුණ නීතිඥවරයෙක් මානව හිමිකම් ගැන අපූරු දේශනයක් කළේය. ඉන් කියවුණේ මානවහිමිකම් යනු ලංකාවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් අපට ලැබී ඇති දෙයක් මිස බටහිර කුමන්ත‍්‍රණයක් නොවන බවය. ඒ නිසා ඒවා අපගේ පුරවැසි අයිතීන් වේ. ඒවා ආරක්ෂා කර ගැනීමට වෑයම් කිරීම අපේම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කර ගැනීමට තැත් කිරීමකි. එය අත්‍යවශ්‍ය පුරවැසි කි‍්‍රයාක‍්‍රියාකමකි. ප‍්‍රජාතන්ත‍්‍රවාදයට සහභාගි වීමකි. මෙය ඇත්තකි. අපේ රටේ සියලූ දෙනා වෙත නැවත නැවත ගෙනයා යුතු පණිවිඩයකි.

මානවහිමිකම් යනු දේශද්‍රෝහීන්ගේ මාතෘකාවක්ය යන්න අපේ සමාජයේ පැතිර පවතින අදහසකි. ඒ අදහස නිවැරිදි නම් මහින්ද රාජපක්ෂ යනු අංක එකේ දේශද්‍රෝහියෙකි. විපක්ෂයේ සිටින විට ඔහුගේ දේශපාලන ප‍්‍රාග්ධනය වැඩිවශයෙන් ගොඩ නැගුණේ මානවහිමිකම් මතය. ඔහු ජිනීවාද ගියේය. ඒ නිසා ඔහු නලින්ද සිල්වාගේ ”බටහිර කි‍්‍රස්තියානි-යුදෙව් චින්තනයෙහි” ඒජන්තයෙකි.

ලෝක සුපිරි බලවතුන් තමන්ගේ අධිරාජ්‍යවාදී අරමුණු වෙනුවෙන් මානවහිමිකම් භාවිත කරන බව ඇත්තකි. තමන් සහ තමන්ගේ හිතවතුන් අතින් කඩවෙන මානවහිමිකම් ගැන අවධානයක් යොමු නොකිරීම ඔවුන්ගේ ස්වභාවයයි. එහෙත් මානවහිමිකම් යනු හුදෙක් බටහිරට අයිති වූ හෝ බටහිර පහළ වූ හෝ සංකල්පයක් නොවේ. විජයානන්ද ජයවීරගේ නියත විවරණ කෘතිය මගින් පෙන්වා දෙන්නේ විශ්වමානව හිමිකම් පිළිබඳ ප‍්‍රකාශනය නිර්මාණය කිරීමට බටහිර නොවන අයද තීරණාත්මක ලෙස දායක වූ බවයි. මෙය ජනතාවටත්, මානවහිමිකම් යනු විජාතික කුමන්ත‍්‍රණයක් යැයි කියන ඇතැම් ජාතික පුවත්පත්වල ”දේශපේ‍්‍රමී” ලේඛකයන්ටත් වටහා දිය යුතු ඇත්තකි.

එදින නීතිඳ විපුල චන්ද්‍රසේකරගේ දේශනයත් ජයතිලක බණ්ඩාරගේ ගායනයත් අපූරුවට සංකලනය විය. ජයතිලක බණ්ඩාර බියෙන් අත් මිදෙමු ප‍්‍රසංගයේදී ගයන්නේ දේශපේ‍්‍රමයෙන් උද්දාම වූ අපේ රටේ වර්තමාන ආණ්ඩුව යටතේ සිදු වූ දරුණු හිංසක ක‍්‍රියා ගැනය. ඔහු හලාවත සහ මීගමුව වෙඩි තැබීම්, රතුපස්වල ඝාතන, මාධ්‍යවේදීන් පැහැරගෙන ගොස් මරා දැමීම ආදිය ගැන ගයයි. අඩුතරමින් දැනට පවතින ආණඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව රට පාලනය වන්නේ නම් පවා යට කී සිද්ධි අපරාධ හැටියට සලකනු ලැබිය යුතුය. ඒවාට සම්බන්ධ වැරදිකරුවන්ට ද`ඩුවම් දිය යුතුය. එහෙත් ඒ ප‍්‍රකට අපරාධවලදී පවා සාධාරණය ඉටු වී නැත. අප‍්‍රකට අපරාධ හා හොරකම් රැුසකි. මෑතකදී අනුර කුමාර දිසානායක මන්ත‍්‍රීවරයා පාර්ලිමේන්තුවේදී හෙළි කළ පරිදි රටේ ආර්ථික වර්ධනය ආදිය පිළිබඳ ඉදිරිපත් කෙරෙන දත්ත පවා හොරකමකි. ඒවාද දේශපේ‍්‍රමය නාමයෙන් කෙරෙන හොරකම්ය.

එහෙත් පැණි හැළියට වටවූ ඇඹලයන් මෙන් ආණ්ඩුවේ වටේ කැරකෙන ඊනියා කලාකාරයෝ මේවා ගැන කිසිවක් කතා නොකරති. ඊට හේතු කුමක්ද යන්න නොරහසකි. එක්තරා කලාකාරයෙකු මේ රෙජීමයට සෙට් වීමෙන් පසු හම්බ කරගෙන ඇති තරම පසුගිය දවසක ලංකා පුවත්පතෙන් හෙළිදරව් කෙරිණ. මෙකල නියම ගවේෂණාත්මක මාධ්‍යවේදීන් කළ යුත්තේ මේ ඊනියා කලාකරුවන් හම්බ කරන හැටි ගැන දත්ත තව තවත් සොයා වාර්තා කිරීමය. ඔවුන්ගේ ඊනියා ප‍්‍රගතිශීලිකම් මේ රිජීමයේ අවසානයටත් පෙර හෙළි දරව් කිරීමය. එමගින් ඔවුන්ට නැවතත් ප‍්‍රගතිශීලි වෙස් මුහුණු ඇඳ ජනතාව අතරට එන්නට ඉඩ නැති කළ හැකිය. එපමණක් නොව එමගින් ඊ ළ`ග රිජීමයක් යටතේ හම්බ කරන්නට දැනටමත් සෙට් වෙන අගයේ ගමන් සැලසුම් ගැන අවබෝධයක් කලින්ම මහජනතාවට ලබා දිය හැකිය.

කලාකරුවන් යැයි හඳුන්වන පිරිස මෙකල තරම් අර්බුදයට ගිය කාලයක් සිතාගත නොහැකිය. එක අතකින් එය මහින්ද රාජපක්ෂ රිජීමය කළ ඉතා හොඳ වැඩකි. ප‍්‍රතිපත්තිමය ස්ථාවරයන්හි දිගටම රැුඳී සිටින්නට හැකි කලාකරුවන් කී දෙනෙකු අපට සිටීද යන කාරණය ඒ හොඳ වැඬේ නිසා හෙළි විය.

මෙවන් හොර අහිනක් කලාවේ නමින් විවිධ බලකේන්ද්‍ර වටා රොක්වී හම්බ කරන අතර ජයතිලක බණ්ඩාර තනිව ගයයි. කලාකරුවා යනු විවිධ බලකේන්ද්‍රවලට ඈතින් සිටගෙන සත්‍ය වෙනුවෙන් පෙනී සිටිය යුත්තෙකි. සිය කලාවෙන් සමාජ දේශපාලන මාතෘකා ගැන කිසිවක් කතා නොකර පවා ඒ දුරස්ථභාවය පවත්වා ගැනීම ප‍්‍රගතිශීලිකමකි. කලාවේ නියම කාර්ය එයයි. බියෙන් අත් මිදෙමු ආරම්භක ප‍්‍රසංගය අනුරාධපුරයේ පැවති දා පරාක‍්‍රම නිරිඇල්ල කළ කතාවේදී මා ලියූ ලිපියකින් කොටසක් කියවීය. ඒ කොටස මෙසේය:

කලාව යනු පෞද්ගලික සේම සාමූහික ආත්මපරීක්ෂාව පිණිස මිනිස් ශිෂ්ටාචාරය විසින් නිපදවනු ලැබ ඇති විශිෂ්ට උපකරණයකි. මිනිසා තනි තනිවත් සාමූහිකවත් ජීවත් වන ආකාරය ඉතා සියුම් ලෙසද කොන්දේසි විරහිතවද පරීක්ෂා කිරීම කලාවේ කාර්යයි. කලාව මිනිස් ජීවිතය අභ්‍යන්තරව සේම බාහිරවද පරීක්ෂා කරයි. මිනිස් විඥානය සකස් වෙන සැටි මිනිස් විඥානය ක‍්‍රියා කරන හැටි කලාව මගින් පරීක්ෂා කෙරේ. ආඛ්‍යාන කලාව මගින් මිනිස් විඥානය විනිවිද දකින්නේ ඒ නිසාය. තනි තනි පුද්ගලයා කාටවත් නොකියා තම මනසේ අභ්‍යන්තරයේ රඳවා ගෙන තිබෙන දේ පවා නවකතාව වැනි කලාවන්ගෙන් අනාවරණය කෙරේ. ඒ අනාවරණය මිනිස් බව තේරුම් ගැනීමට තැත් කරන කාටත් ප‍්‍රයෝජනවත් වේ. මිනිසත්බව යනු නිරන්තරයෙන් පරීක්ෂා කර තේරුම් ගත යුත්තකි. එනම් මිනිසා මිනිස් බව යනු කුමක්දැයි නිරන්තරයෙන් කල්පනා කළ යුතුය. හරකා හරක්බව ගැන කල්පනා නොකරනමුත් මිනිසා මිනිස් බව ගැන කල්පනා කරයි. මේ කල්පනා කිරීම ඇරඹීම නිසාම මිනිසා අනික් සතුන්ගෙන් වෙන් වී මිනිස්කම නම් ශිෂ්ටාචාරය වෙත ආ බව කිව හැකිය. කලාව යනු මිනිස්කම යනු කුමක්ද යන්න පිළිබඳ ආලෝචනය හෙවත් ගැඹුරු කල්පනාව පිණිස මිනිසා විසින් නිපදවනු ලැබ ඇති වැදගත්ම උපකරණයකි.

ජයතිලක බණ්ඩාරගේ ප‍්‍රසංගයේදී මේ කොටස කියවීම මගේ රචනාවකට කරන ලද අනවශ්‍ය තරම් විශාල ගෞරවයක් බව ප‍්‍රසංගය නැරඹීමෙන් පසු මට වැටහිණ. ”මං කියන්නෙ නෑ මේක තමයි මේ ප‍්‍රශ්න කිරීම කළ යුතු එකම කලා විධිය කියලා. බයිලා, රැුප්, රෙගේ, භාරතීය ආදී ඕනෑම සංගීත ආරකින් මේ වැඬේ කරන්න ඕනැ කියලයි මං හිතන්නෙ.” ජයතිලක බණ්ඩාර ප‍්‍රසංගයෙන් පසුව මා හා කීය. නියම කලාකරුවා සියලූ බලකේන්ද්‍රවලට ඈතින් සිටගෙන නොනැවතී ප‍්‍රශ්න කරන කෙනෙකු විය යුතුය. ජයතිලක බණ්ඩාර කරන්නේ ඒ කාර්යයි. මා එදා එහි ගියේ ඔහු තනි නොකළ යුතුය යන හැ`ගීම නිසාය.

කලකරුවා සිය කලාවේ කලාත්මක පරිසමාප්තිය සොයා කරන අරගලය ඔහුගේ පුරවැසි අරගලයෙන් වියුක්ත කළ නොහැකිය. යහපත් සමාජයක් අන් කිසිවෙකු විසින් නිර්මාණය කර දෙන තෙක් පවතින සමාජය තුළ අවස්ථාවාදී ලෙස ජීවත් වෙමින් (හම්බ කරමින්) පරිසමාප්ත වූද සුසාධිත වූද කලාවක් වෙනුවෙන් ”පවිත‍්‍රව” පෙනී සිටීම මකා දැමිය නොහැකි අපවිත‍්‍රකමකි.

එවැන්නවුන්ට කලාත්මක පරිසමාප්තිය මුණ ගැසෙන විට ඒ කලාවෙන් අමතනු ලබන සමාජය සපුරා අශිෂ්ටවී තිබෙන්නටද පුළුවන. ඒ නිසා කලාකරුවා සිය කලාවේ විශිෂ්ටත්වය සොයා යන ගමනත් ඔහු හෝ ඇය තමා ජීවත්වන සමාජය සමග කරන විචාරාත්මක ගැටුමත් සමාන්තර විය යුතුය.

ඒ නිසා අද අපට කළ හැකි දෙයක් නම් කුඩා කුඩා කණ්ඩායම් වෙනුවෙන් මේ ප‍්‍රසංගය සංවිධානය කර ඒ ගීතවල එන තේමා ගැන සංවාද කිරීමයි. මෙකල ජීවත්වන පළමු පෙළේ ගීත රචකයෙකු හමු වූ මොහොතක මම ඔහුට මෙසේ කීවෙමි: ”ඔයා වගේ කෙනෙක් දැන් කරන්න ඕනෙ මේ රටේ සිද්ධ වෙන දේවල් ප‍්‍රශ්න කරන තැනක ඉඳලා ලියන එක” ඔහු මට මෙසේ පිළිතුරු දුන්නේය: ”දැන් එව්ව ලිව්වට කියන්න ගායකයො නෑ.” මෙය ඇත්තක්දැයි මම නොදනිමි. එහෙත් ඒ අලූත් ගායකයා සෙවිය යුත්තේ ඔහුගේ රචනා කලින් ගැයූ ගායකයන් වෙත නොවේ. ඒ පැරණි ගායකයා මේ රෙජීමයේ ව්‍යූහමය හෝ දෘෂ්ටිවාදී සිරකරුවෙකි. කරුණාරත්න දිවුල්ගනේ යනු ව්‍යූහමය සිරකරුවෙකි. ”ආණ්ඩුකාරයා” යැයි නමක් දී ඇත්තේ ඔහුටම සිත සනසා ගැනීමටය. ඔහුගේ මිතුරු ජයතිලක බණ්ඩාර විඳින සතුට විඳින්නට ඒ ආණ්ඩුකාරතුමාට නිදහස නැත. මෙකල ”ඇමතිවරයා” යන්නද ”හිරකරුවා” යන්නට සෑහෙන තරම් සමාන වචනයකි. වෙනසකට ඇත්තේ ඇති හම්බ කරගැනීමට නිදහස දී ඇති එකය. එහෙත් එය හෘදසාක්ෂියට නිදහසක් ඇති හම්බ කිරීමක් නොවේ. තමන් හොරුන් බව සියලූ ඇමතියෝ දනිති.

ජයතිලක බණ්ඩාරගේ ප‍්‍රසංගය අපට හැකි සෑම තැනකම සංවිධානය කරමින් කලාවේ, කලාකරුවාගේ හා පුරවැසියාගේ කාර්ය ගැන සබුද්ධික සංවාදයකට එළඹීම මෙකල කළ හැකි ප‍්‍රගතිශී කාර්යකි.

Print Friendly, PDF & Email

Latest comments

  • 2
    1

    pasu vadana agayami.

  • 1
    0

    Jayathilaka Bandarata ape pranamaya.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.