19 March, 2024

Blog

අහෝ ලංකා මෑණියනි කම්පා නොවන්න, ඔබේ ඉරණමට වගකිව යුත්තන්ට සොබා දහම දඬුවම් කරාවි

එම් එම් ජනප්‍රිය​ –

වෛද්‍ය​ එම් එම් ජනප්‍රිය​

මං ඉංගිරිසි බාසාවෙන් වෙබ් පත්තර වලට ලියල හෙම්බත් වෙලයි ඉන්නේ. කොරෝනා ගැන මගේ මතකයේ හැටියට ලිපි දහයකට වැඩියෙන් ලියන්නට ඇති. කලම්බු ටෙලිග්‍රාෆ් වල තමයි ඔක්කොම පල උනේ. මේ හැම එකකම වෙබ් ලින්ක් එක ජනාධිපති තුමාටත් යැවුවා. එතුමා ඒවා වැඩිය ගණන් ගත්තෙ නැති බව තමයි පේන්නෙ. සමාජයේ වෙන කට්ටියගෙන් ලැබිච්ච ප්‍රතිචාරය හොඳයි. හැබැයි ඉංගිරිසි කතාකරන ඇත්තො විතරක් දැනගෙන මදි නිසා තමයි ඔයගොල්ලන්ටත් ලියන්න හිතුනෙ. බැලුවම කතාකරන භාෂාව​ වරදක් නෑ වගෙයි පෙන්නේ. ඉංගිරිසි ලියන්න ලේසියි. කතා කරන්නයි ලියන්නයි භාෂාවල් දෙකක් නැහැනෙව. ඔය කතාකරන එකටම සුළු අලංකාරයක් දෙකක් දැම්මම වැඩේ හරි. කොයි භාෂාවෙන් ලියුවත් පොඩ්ඩක් හරි ආණ්ඩුව විවේචනය කරොත් විනාසයි. නිරපරාදෙ ආණ්ඩුව අමාරුවෙදාන දේවල් මං ලියන්නෙ නැහැ. නමුත් ආණ්ඩුව ජනතාව අමාරුවේ වැටෙන වැඩක් කරපු හැම වෙලේම පහේ මං නං පත්තරේට ලිව්වා. ඔන්න ඔය වෙලාවට අපි එදිනෙදා කියවන පත්තර ඉංගිරිසි සිංහල දෙකම රිවර්ස් ගියර් එකට තමයි වැටෙන්නෙ. එකයි මගේ ලිපි කලම්බු ටෙලිග්‍රාෆ් එකේ නැවතුනෙ. මේගොල්ලො එදිනෙදා පත්තරවලින් ඉටුවියයුතු හැබැයි ඉටුනොවන කාර්යභාරයක් කියන්නේ පාලනය විවේචනය  කලයුතු කල වෙනුවෙන් ප්ලැට්ෆෝම් එකක් දෙන එක ඉතා වගකීමෙන් කරමින් ඉන්නවා. පිළිබඳ​ මාගේ ප්‍රණාමය. ඔය රිය ඝට්ටන ගැන හරි ඉන්ශුරන් කොම්පැනි දාන වෙට්ටු වගේ දේවල් ගැන හරි කාර් කොම්පැනි ගහන හතරවරම් හරි එහෙමත් නැත්තන් කෙටි කතාවක් ලියුවොත් ඒව ඔය සාමාන්‍ය පත්තරවල වැටෙනව. ඕක තමයි ප්‍රශ්නෙ. ඉතින් පත්තරවලට දොස් කියකියා ලිපි පලකරගන්න පුළුවැන? මේ දොස් කියනව​ නෙවෙයි. අයිමත් හිතන්න කියල කියන ඉල්ලුමක් විතරයි.

අනේ සොරි අනේ. කියාගෙන කියාගෙන ගියා මං කවුද කියල කියන්නත් බැරිවුනානෙ. ඔන්න අහගන්න. මගේ නම ජනප්‍රිය. විහිලු නෙවේ ඕක තමයි අම්ම දාපු නම. මූතා මෙරෙන්න තමයි වාසගම. ෆ්‍රෙඩී වගේ උපන්නෙ සිරිලක රුහුනෙ. ඇත්තටම ගාල්ලෙ. පහල බාලාංසෙ ඉඳල වෛද්‍ය විද්‍යාලෙට අතුල්වෙනකන් ඉගෙනගත්තේ ගාල්ලේ මහින්ද විද්‍යාලයේ. ෆ්‍රෙඩී වගේම ලස්සන උඩරට තමයි ජීවිතේ තීරණාත්මක කාලේ හැදුනෙ, පේරාදෙණියෙ. එක්දහස් නවසිය හැත්තෑ දෙකේ ඔක්තෝබර් මාසේ තමයි දොස්තර කෙනෙක් හැටියට කල එලිබැස්සෙ. ඒ කාලේ ඔය ටියුෂන් අනං මනං තිබුනෙත් නැහැ. තිබුන ටිකක්. බැරි කට්ටිය තමයි ගියේ. කොළොඹ හිටිය නෝනිස් කියල ප්‍රසිද්ධ ටියුෂන් ගුරුවරයෙක්. හොඳ මනුස්සයෙක්. විහිලුවට අපි කිව්වේ පී. නෝනිස් කියල. ගාල්ලේ ඉඳල කීපදෙනෙක් ඔහු ලඟට ආව හැබැයි එක්කෙනෙක්වත් වෛද්‍ය විද්‍යාලයට ආවේ නැහැ. හොඳම දෙසිය විසිපහ තමයි ගත්තෙ. ඉස්සර නම් දැන් වගේ නෙවි. ටක් ටුක් ටික් ගහල ටිම් බක් ටූ වලින් වෛද්‍ය​ විද්යාලේ ගේට්ටුව ගාවටවත් යන්න බැරිඋනා. දැන් කාලෙ හුඟක් අය ඉස්කෝලේ දාන්නෙත්  හොරකරලා, ලෙවල් පාස් වෙනෝ ටිම් බක් ටූ වලින් අඩු ලකුණුවලින් හැබැයි ට්යුෂන් ගන්නේ කොළොඹ, නුවර, ගාල්ල, මාතර වගේ තැන්වල. ඉතින් මුන් ඉපදුනදා ඉඳල කරන්න පුරුදුවෙලා තියෙන්නේ හොර වැඩ. මෙවුන් දොස්තරලා වෙලා ආවම එවුන්ගෙ කොන්දට මුක්කු ගහන්න ඕන. ඔන්න ඕක තමයි ප්‍රශ්නේ. උන් බෝවෙන රෝග විශේෂඥ්ඥල, අධ්‍යක්ෂකල වෙලා ආවම කෙලින් හිටගන්න බැහැ. එකනේ උන්ගේ වැඩේ හමුදාවට කරන්න වෙලා තියෙන්නෙ. කොටින් කියනවනම් බල්ලාගේ වැඩේ බුරුවො කරනව කියල කතාවක් තියෙනවනෙව බැහැවාරෙට. අන්න වගෙ.

ඉතින් මගේ කතාවේ ඉතුරු ටික කියන්න බැරි උනානෙව. ලංකාවේ අවුරුදු හයකුත්, එංගලන්තෙත් අවුරුදු තුනකුත් පුහුණුවෙලා ශල්‍ය වෛද්‍යවරයෙක් හැටියට රත්නපුර, කෑගල්ල, මාතර, ගාල්ල, කොළඹ යන රෝහල්වල වැඩකෙරුව. එංගලන්තේ ඉඳල ආපු කිට්ටුව තමයි මට ඔය ජී.එම්... එකේ සභාපතිකම ගන්නට සිද්ධ වුනේ. අසුතුනේ ඉඳල අසුහත දක්වා ඕක තමයි කලේ. මගේ නායකත්වය යටතේ තමයි අවම තීරුබදු මත මෝටර් රථයක් ගෙන්වන වරප්‍රසාදය දිනාගත්තේ. දැන් හිතනවා ඒක නොකල නම් හොඳයි කියල. මොකද මොවුන් ගෙන් බහුතරයක් දැන් ඕවවලින් ලෙඩ්ඩුන්ගෙ කරවල්වල නගින්න යනව. තව හුඟක් කියන්න තියනව නමුත් පත්තරේ ඉඩ තියෙන්නත් එපාය.

දැන්වත් වැඩේට බහිමුකො. ශ්‍රී ලංකාව කියන්නේ කුඩා දුපතක්. බෝඩර්ස් වහන්න ලේසි රටක්. එක නිසා කොරෝන මර්දනයත් ලෙසිවිය යුතු රටක්. නමුත් අපේ කට්ටිය කීප පාරක්ම වැඩේ කාගත්ත. අපි දැන් කොරෝන පාරේ ටිකක් ආපස්සට ගිහිල්ල බලමුකො. වැඩ වැරදුනාම කියනවා දැන් ඕව කිය කිය ඉඳල වැඩක්  නැහැ. උනදේ උනා. කොහොමද ගොඩ එන්නේ කියලයි දැන් බලන්න ඕනෙ. මං නං මේ විහිලු කතාවට කොහෙත්ම කැමති නැහැ. මොකද? අපි ගොඩ එන්න ඕන, හරි, නමුත් වැඩ ඕන කමින් වල්කරගෙන ඔය විලම්බීත කතා කරන එක වැරදියි. අපට වැරදිච්ච හැම අවස්ථාවකින්ම ඉගෙනගන්න පුළුවන් පාඩමක් තියෙනව. ඉතින් ඔය වැරදෙන හැම එකම කාර්පට් එක යටට පිහිදල දැම්මම වරදමආයිම ආයිම කරනවා. ඕකයි ලෙඩේ

ශ්‍රී ලංකාවේ පලවෙනි ලෙඩා හඳුනගත්තෙ 2020 ජනවාරි 27. අය.ඩී .එච් එකේ සති දෙකක්ද කොහේ ඉඳල සනීපවෙලා යන දවසේ පත්තරවල පින්තුර දැම්ම මතක ඇතිනෙ. රෝහල් කර්ය මන්ඩලයයි වන්නියේ ලොක්කොයි මේ චීන ලෙඩයි ටී.වී. වල පෙන්නුවා මතකෙයි? මීට පස්සේ මාර්තු 23 වනවිට හමුදාව අධි වේගයෙන් නිරෝධායන මධ්‍යස්ථාන 45ක් හැදුව. එකනම් අතිශය  ප්‍රශංසාවට භාජනය වියයුතු කරුණක්. හොඳ දෙයට හොඳෙයි නොකියන්න තරම් අප කුහක වෙන්න හොඳ නැහැ. අපේම පලවෙනි ලෙඩා හමුවුනේ 2020 මාර්තු මාසෙ පලවෙනි සතියෙ. මාර්තු 25 වනවිට 3500 නිරෝධයනයටත් 14000 ක් හුදෙකලාවටත් භාජනය කර තිබුනා. ඉතා අගය කලයුතු කාර්ය භාරයක්. තවද රටේ ගුවන් සහ මුහුදු තොටුපොළවල් වැසීම, පිටරටවලින් පැමිණි ලාංකිකයින් කෙලින්ම නිරෝධායන මධ්‍යස්ථාන වලට යොමු කිරීම, අධි අවදානම් පුත්තලම් හා මීගමු දිස්ත්‍රික්ක ලොක් ඩවුන් කිරීම, සෙසු ලංකාවටම නිවාඩු දීම සහ පසුව පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීම වැනි කාලෝචිත තීරණ පැසසුමට භාජනය කරන්න ඕනේ.

කොරෝනා මර්දන මන්තරය තමයි ටෙස්ට්, ට්‍රේස්, ඓසොලේට් යන ත්‍රිත්වය. සිංහල භාෂාවෙන් මේ කියන්නේ පරීක්ෂණ කරන්න (පී.සී.ආර්.) ලෙඩුන් සහ අශ්‍රිතයින් සොයාගන්න සහ ඔවුන් හුදෙකලා සහ නිරෝධායනය කරන්න යන්න තමයි. ඉතින් මං ලේසියට මින් ඉදිරියට මුලින් කියූ ත්‍රිත්වය භාවිත කරන්නම්. කොරෝනා මර්දනය රොකට් විද්‍යාව වගේ අමාරු දෙයක්  නෙවේයිනෙ. ටෙස්ට් හුඟක් කරන රටවල එච්චර තද ලොක් ඩවුන් එහෙම ඕන උනේ නැහැ. ජර්මනිය එහෙම දවසට ලක්ෂ ගණනක් ටෙස්ට් කරලා ට්‍රේස් කරලා හුදෙකලා කලා. විශාල රටක් නෙව. ලොක් ඩවුනුත් තිබුන හැබැයි තදේට නෙවෙයි. යුරෝපයට සැහෙන්න වැදුන නේ. නමුත් ආර්ථික බලවතුන්ගෙන් කොරෝනා හොඳටම පාලනය කරගත්ත රට ජර්මනිය උනා. දකුණු කොරියාව සහ සින්ගප්පුරුවත් මේ විදියටම කරල ගොඩ ආව. කොරෝනාවට ඉඩදී රංචු ප්‍රතිශක්තිය වර්දනයවීමට ඉඩහැරල ආර්ථිකය රැක ගනිමු කියපු බ්‍රිතාන්‍යය, ප්‍රංසය, ඇමෙරිකාව, බ්‍රසීලය වැනි රටවල් විශාල සොහොන් පිට්ටනි වුනානෙ. ඉතින් රැවුලත් ඕන කැඳත් ඕන කියපු කට්ටියට ඕක තමයි උනේ. හැබැයි වියට්නාමය, තෛවානය, නවසීලන්තය ඔස්ට්‍රේලියාව වගේ රටවල් මුලින්ම තද ක්‍රියාමාර්ග ගත්ත. සමහර රටවලට වැඩිය ටෙස්ට් කරන්න අවශ්‍ය උනෙත් නැහැ. ඔස්ට්‍රලියවනම් හුඟක් ටෙස්ටුත් කරා. මේ රටවල් කොරෝන සහමුලින්ම නැති කරමින් සිටිනවා.

බලන්න ඔස්ට්‍රලියාවේ දුම්රිය ගමන් සාමාන්‍ය විදියට පටන් ගත්ත මේ ලඟදි. නයිජීරියාවත් අපටවද ඉහලින් ඉන්නවා කොරෝනා මර්දනය සම්බන්ධව. වියට්නාමය, ලාඕසය. නයිජීරියාව විතරක් නෙවි තවත් හුඟක් රටවල් අපට උඩින් ඉන්නවා. දැන් නෙවි. දැනට මාසයකට උඩිනුත් ඕක තමා තත්වය. මං ලීග් ටේබල් එකක් දැම්ම ඉංග්‍රීසි ආර්ටිකල් එකක. මේ බොහෝ රටවල් දල දේශික ආදායම අපට වඩා අඩු රටවල්. ඒගොල්ලන්ගේ ආර්ථිකය ඒගොල්ල අපිට වඩා  තදින් රැකගන්න එපය. හැබැයි ඒගොල්ලො කොරෝනා මර්ධනයට මුල්තැන දුන්න.

කොරෝනා ආසාදනය අප රට විදේශිකයින් විසින් කල ආක්‍රමණයක් ලෙස ගත්තොත් ඔයගොල්ලන්ට තේරුම් ගන්න ලේසි වෙයි. 1505 පෘතුගීසීන් ලංකාවට එන කාලේ අපේ රටේ හොඳ නාවික සහ පාබල හමුදා තිබුනානං අපට තිබුන මුළු වෙරලම ගාර්ඩ් කරලා උන් ගොඩබහින එක වලක්වන්න. පෘතුගීසීන් වෙනුවට කොරෝනා ආදේශ කලොත් අපේ බෝඩර්ස් වැහුවම කොරෝනාට ඇතුල් වෙන්න බැරි වෙනවා. අපට කලට වෙලාවට බෝඩර්ස් වහගන්න බැරිඋනා. පෘතුගීසි කාරයෝ ආව. ඉන් පස්සේ උන් සහමුලින්ම එලව ගන්න බැරිඋනා. මුල්ලේරියා සටන දිනලා  ගහල ගහල කොළොඹ කොටුවට සීමා කරා. පෘතුගීසීන් අඳුන ගන්න එක ලේසියිනෙ. උන් සුදුයි. තම්බපු ඉස්සො වගෙ. නමුත් කොරෝන අඳුනගන්න එක අමාරුයි. මොකද, 40% ලෙඩුන්ට රෝග ලක්ෂණ ඇත්තෙම නැහැනෙ. තවත් 35% හැදෙන්නේ හෙම්බිරිස්සාව වගෙ නෙව. නමුත් ඒගොල්ලන්ගෙන් බෝවෙන එකේ අඩුවක් නම් නැහැ. එක තමයි ටෙස්ට් කරන්න කියල කියන්නේ. පී සී. ආර්. හෝ රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට්. වැඩියෙන් ටෙස්ට් කරන තරමට අඳුනගන්න ලෙඩුන් ප්‍රමාණයත් වැඩි වෙනවා.  අඩුවෙන් කලොත් ලෙඩ්ඩු අඩුවගේ පෙනේවිඑච්චරයි. කොරෝනත් දැන් රට ඇතුලෙ නේ. හොඳ ක්‍රියා මාර්ග ගන්න කොට යටපත් වෙනවා. ආපසු ඔලුව උස්සනව අපි දුර්වල උනාම. බෝඩර්ස් ඇරියම ලන්දේසි ඉංග්‍රීසි වගෙ අලුත් සුද්දො ආදිකාලේ ආවා වගෙ එන්න පුළුවන්. එහෙම තමයි අලුත් ප්‍රභේද ආවේ ලංකාව ඇතුලට. ඕක තමයි කතන්දරේ. දුර්වල උනාම කියන්නේ අපේ බලකාය අනුවන වැඩ කරන එක. අප දන්නවා ශී ලාංකීය ජනතාව කියන්නේ අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා අහල හරියට පිළිපදින ජන කොට්ටාශයක් නෙවි බව.   විදිය කට්ටියට බන කියල අවුරුදු කාලෙ හොඳට හැසිරෙන්න කියන එක විහිළුවක්. ඕක දන්නේනැති උදවිය තමයි කොරෝන මර්දනය කරන්න හදන්නෙ. ඉතින් ඔන්න ඕක තමයි ප්‍රශ්නෙ.

දැන් බලමුකෝ ලඟදි වෙච්චි වැඩේ ඊට කලින් වෙච්ච බලන්න ඉස්සෙල්ල. ඉන්දියාව අමුසොහොනක් බවට පත්වෙලා මාස දෙකක් විතර වෙනවා. මිනිස්සු පාරේ මැරෙනවා. ඉස්පිරිතාලේ ඉඩ නැහැ. ඔක්සිජන් දෙනවා කාර් ඇතුලේ. පාර දෙපැත්තේ මළමිනී. දරදාල පුච්චනව. විශාලා මහනුවර වගේ.

ගොඩ ගොඩ ඇට               සැකිලි               දොර දොර මිනී                 බෙර

තැන තැන තිබු බලි                බිලි               ගෙයි ගෙයි හඬය            බියකර

මග මග රෙදි                     වැරලි               පිල පිල අදින                     මර 

එපුර හැමතැන බලන්       පිළිකුලි               දුගී ගිලනුන්ගෙන්       නැතවසර

එදා කිවිඳා එය කවියෙන් කිව්වෙ ඔන්න ඔහොමයි. වීදාගම මෛත්‍රී හිමි ලියු බුදුගුණ අලංකාරයෙන් තමයි මේ කවි දෙක උපුටා ගත්තෙ. අපේ හැටි දන්නවනෙ. මහසෝනා අපේ දොරකොඩටම එනකං බලං ඉන්නවා ඇක්ෂන් ගන්න. ඉතින් ඉන්දියාවේ මැරිච්චදෙන්. අපිට ප්‍රශ්නයක් නෑනෙ  කියල අපේ කට්ටිය හිතන්න ඇති. මේ ලඟදි තමයි ඉන්දියාවෙන් එන අයට සෞඛ්‍යමය වශයෙන් කටයුතු පටන් ගත්තෙ. වෙනකොට ඔය ලැව් ගින්නක් වගෙ යන ඉන්දියන් ප්‍රභේදය ලංකාවට ඇවිල්ල ඉවරයි කියල තමයි මට හිතුනේ. බෙටර් ලේටේ දෑන් නෙවර් කියමුකෝ.

සිංහල අවුරුදු කාලේ වෙනකොට පහත වැටෙමින් තිබිච්ච දිනපතා කොරෝන ගණන උඩු අතට හැරෙන බව පෙනෙන්නට තිබුන. උනාට අවුරුදු සමය රට නොවහන බවට යුධ හමුදාපති පොරොන්දු දුන්න. ඒක වෛද්‍ය විද්‍යාව නොදත් හමුදාපතිට තියා ලොකු දොස්තරුන්ටත් කියන්න පුළුවන් දෙයක් නෙවි. වසංගතය යන දිසාව බලල වෛද්ය විද්යත්මකව ගන්න ඕන තීරණයක්. ඉතින් මං කලින් කිව්වේ බල්ලෝ බුරුවන්ගේ වැඩ කරන්න ගියාම අනාගන්නව කියල. බල්ලෝ කරන්න ඕන බුරන එක. බුරන එක ඇත්තටම අනතුරු හැඟවීමක් නෙව. බුරුව කරන්නේ බර අදින එක. මේක අපි කල්පාන්තරයක් තිස්සේ ප්‍රස්තාපිරුලක් හැටියට පාවිච්චි කරලා තියෙන්නේ කට කහනවටෙයි? බුරුවන්ට බුරන්න බැහැ නෙව. බල්ලන්ට බුරන්න දීල බුරුවො බර අදින එක තමයි ඔය කොරෝනා බලකාය කියන කට්ටියට කරන්න තිබුනේ. කොහෙද ඒවා බෑ ලංකාවේ. එකෙකුගෙ ඇඟිලි හැමෝගෙම පයිවල. තරහවෙන්න එපා කුණුහරුප කියනවයි කියල හිතාගෙන. මේ කුණුහරුප නෙවෙයි කියල ඉංගිරිසි ටිකක් උගත් අයනම් දන්නව. ඔය අවන් එකේ බේක් කරන සේවරී හරි ස්වීට් හරි කෑමකට නෙව පයි කියන්නේ. ඔය ෆින්ගර් ඉන්න එව්රි පයි කියන ප්‍රස්ථාපිරුලින් කියන්න හැමේකටම ඇඟිලි ගහනව කියන එකනෙ.

දැන් ආපහු වැඩේට බහිමුකො. ඉතින් අවුරුදු කෑව නෙව. අපි නං අවුරුදු කෑවෙ ගෙදර විතරයි. මගේ නෝනා ඒ කියන්නේ අපේ ළමයින්ගේ අම්ම හරි ආසයි කඩේ යන්න. දේශපාලුවන්ට එහෙම නම්  නෙමෙයි. ඔය කාර්ගිල්ස්, කීල්ස්, ග්ලෝ මැක්ස් වගේ ලස්සන කඩවලට. ඉතින් ඔන්න අවුරුද්දට බඩු ගෙන්න යන්න හැදුව. මං කිව්වා මැතිනිය (ඔහොම ආමන්ත්‍රණය නොකරොත් යුද්ධ ප්‍රකාශ කෙරෙනවා නොදනුවත්තම) එහෙම නෙවි. ඔයාට පොඩි වෛද්‍ය ප්‍රශ්නයකුත් තියනවා නෙව. ඔයා වගේ හැටත් පැනපු මෙඩිකල් කොමොබිඩිටීසුත් තියෙන කට්ටියට ගැහුවෙත් පලවෙනි එන්නත විතරයි නෙව. ඒකත් කොච්චර ජර මර කරලද ගහගත්තෙ. ඉතින් තරහ නැතුව ගෙට වෙලා ඉන්න. මං ගිහින් බඩු ගේන්නම් කියල මාස්ක් දෙකක් දාල ගිහින්, ස්බන් ගාල අත හෝදල මීටරේ දුර තියාගෙන ඉඳල බඩු ගෙනාව.

අප්පේ කාෂ්ටක අව්ව. තිබහට​ තේ එකකුත් හදාගෙන වාඩිවුණා. කරන්න දෙයක් නැතිනිසා දැම්ම ටී.වී. එක. මෙන්න අවුරුදු ෂොපින් ගිහිල්ල වැරදිලා රගර් ඉස්ක්රම් එකක පැටලිලා වගෙයි. මේ කොරෝන තියන රටක මිනිස්සු හැසිරෙන විදියද කියල නිකටේ අත තියාගෙන හූන් ලෑව. නෑ ජනප්‍රිය හූන් ලන්න දෙයක් නැහැනෙ. මං මටම කියාගත්ත. මේක අපි දැනගෙන හිටිය නෙව. මුං තිරිසන්නු වගේ හැසිරෙන බව. එකනේ ආණ්ඩුවක් පත්කරන්නේ අවුරුදු පහෙන් පහට. මිනිස්සු ඔය ඒවා මේවා කිව්වට මමනං විස්වාස කරේ නැහැ. නමුත් දැන් නම් හිතෙනවා උන් කියන කතාවේ ඇත්තක් තියෙයි කියල. ආණ්ඩුව පත්කරපු  කාරිය මණ්ඩලයට මේක වෙන බව දැනගන්නට තරම් නුවනක් නැත්නම් ඒගොල්ලෝ හෙමිහිට ශේප් එකෙන් පැත්තකට වෙලා ඉන්න එක තමයි දියුණු රටවල වෙන්නෙ. එහෙම තමයි හොඳ. හැබැයි හොඳයි ටිකයි කියනව නෙව. ටිකක්හරි හොඳ තියෙනවනං කොච්චර එකක්ද? ප්‍රස්නේ ටිකක්හරි මේ මරගාතේ නැතිඑක නෙව.

හොඳයි මේ රැල්ල ආවයි කියමුකො. දැන් හරි කරන දෙයක් හරියට කරන්න එපාය? තෙල් මතුරල ඔලුවෙගාල වතුර මතුරල හෙලිකොප්ටරෙන් දාල පැණි මතුරල බීල හරියන්නේ නැති බව පැණි ඇමති දැන දැන මිනිස්සුනට ඕව කරන්න අනුබල දුන්න බ්‍රෑන්ඩ් පොකුර ටැස්මෙනියන් ඩෙවිල් වගෙ කාගෙන යනකොට කරන්න කියාගන්න දෙයක් නැති උනාම. අර සාජන් නල්ලතම්බි මදුරුවන්ට මල්පැණි පොවන්න පුරුදු කරමු කිව්වේ ඩෙංගු බුර බුර පතිරෙනකොට. ආන්න වගෙ. අහිංසකය නං වෘත්තියක් වශයෙන් කලේ  මිනිස්සු හිනස්සන එකනේ. පැණි ඇමතිත් ඒක රස්සාවක් හැටියට කරනව වගෙ තමයි  පෙන්නේ. එයා නං හිරේ දාන්න වටින මහත්තයෙක්. නමුත් කවුද බළලගෙ කරේ ගෙජ්ජිය බඳින්න තරම් නිර්භීත​ මීය? මේ කොරෝන ටිකක් අඩු වෙච්චදෙන් මං පෙන්නන්න මොනවද අපට කරන්න පුළුවන් කියල. වෛද්‍ය මණ්ඩලය තියනවා. උසාවි තියනවා. හ්ම්ම්ම්ඒවාට යන්නයි බලාපොරොත්තුව. හැබැයි දෙය්යන්ටත් කියන්න වෙයි. මං නං අපේ තාත්ත වගේ දෙවියෝ විස්වාස කරන්නේ නැහැ. එතුමා (එකියන්නේ අපේ තාත්ත ඔය පැණි මහත්තය නෙවි.) අවුරුදු 102ක් හිටිය. විස්වාස නොකරයි කියල දෙය්යන්ට බැරිඋන තාත්තට වින කරන්නට. විදිය ආත්ම ශක්තියක් තියන අය  තමයි කොරෝනා මර්දනය වගෙ දේවල් අතට ගන්න ඕන. සමහරවිට වගෙ අයට මුළු රටේම පාලනය  දුන්නනං හොඳයි කියල හිතේනව. මං කල්පනාකරන්නේ එස්.එල්.එම්.සී. හරි උසාවි ගිහිල්ල හරි වැඩේ හරිගියාට පස්සේ උඩබලන්න සනත් බෝලෙ පළල තුන් සීයක් ගහල උඩ බලනවා වගේ. එතකොට වැඩෙත් දෙය්යොත් දෙකම ශේප්. හැබැයි ලෝකෙටම ඉන්නේ එක සනතුයි කියන එකත් දැන ගන්නවා හොඳයි . එයා  ඕක කරාට අපිට බැහැ. ඕක තේරුම් ගෙන තමයි අර  ඉකොනොමි එක ශේප්කරන්  කොරෝනාවත් ශේප් කරන්න හදන කට්ටිය වැඩ කරන්න ඕන.

දැන් මොකක්ද කරන්න හදන්නේ? මං හිතන්නේ අපේ පාලකයෝත් සාමාන්‍ය මිනුස්සු වගේ ව්‍යාකූල තත්වයක තමයි ඉන්නේ කරකියාගන්න දෙයක් නැතිව. අර කියනව නෙව ගලේ කැත කරපු බළල වගේ කියල. හදිස්සි වෙච්ච තරමට ගලේ කරන්න උනා. හැබැයි වහගන්න බැහැ. ඕකනෙ වැඩේ. දැන් ඉතින් වෙන මොන මහා මාර්ගයකින් හරි වහගන්න බලමු.  ඒගොල්ලන්ගෙ පොතේ තියන්නේ  ටෙස්ට් ට්‍රෙස් ඓසොලටේ නෙවි. ආර්ථිකය රැකගෙන  කරෝන මැඩගෙන කියන ශීර්ෂ පාඨය අර වන්දිභට්ටන ටී.වී.චැනල් එකේ වගේ . මන්තරෙත් ජප කරනව ඇති. හැබැයි රහසින් වගේ. එහෙම හරියන්නේ නැහැ. මේ විදියට කොරෝනාව සීග්‍රයෙන් පැතිර යද්දී ඔය ස්ලෝගන් ගහ ගහ ඉන්න බැහැ. රට ඇරන් ඉන්නවනම් හුඟක් ටෙස්ට් කරන්න ඕන. පිළිගත් ප්‍රමාණය මිලියනයකට 20,000ක්. කියන්නේ අපි දිනකට 400,000ක් කරන්නට ඕන. බොහෝ රට වලට මෙච්චර  කරන්න  බැරිඋනා. ජර්මනිය තමයි කිට්ටුවට හරි ආවේ. නමුත් කලින් කියපු වියට්නාමය, තෛවානය, දකුණු කොරියාව, සිංගප්පුරුව, නවසීලන්තය ඔස්ට්‍රේලියාව යන රටවල් ඉක්මනට රට වසා සෞක්‍ය අවවාද පිලිපැද්දවීම සහ එසේ නොකරන යට දඬුවම් දීම යන දේ වලින් අවශ්‍ය ටෙස්ට් ප්‍රමාණය අඩුකරගෙන කොරෝනාව යසට පාලනය කරමින් සිටිනවා. අපේ කට්ටිය හිතන්නේ කොරෝනාව හමුදාවට බයයි කියලනෙ.

දවසකට අවම වශයෙන් අහඹු ලෙස දිස්ත්‍රික්ක 25 1000 ගානේ 25000 කුත්  අනෙක්ව ඔය දැන් කරන විදියට 15,000 කුත් කළයුතුව තිබෙනව රට ඇරන් ඉන්නටනම්. නැත්නම් අනිවාර්යයෙන්ම රට වහන්න වෙනවා. ඊයෙත් දෙදහසක්ද කොහෙද සොයාගත්ත රට පුරහම. නමුත් තාම නැහැ නෙව අපේ නාරටිය පණනැති දොස්තරුන්ට මේක කමියුනිටි ස්ප්‍රෙඩ් කියන්නේ සමාජගත වෙලා කියල කියන්න. දොස්තරුන්ට වගකීමක් තියනවා රටවෙනුවෙන්, කොරෝනා මර්දනය ඒකකය ගන්න විනාශකාරී තීරණ වලට දත්ත සහිතව විරුද්ධ වෙන්න. නැත්නම් ඔවුනුත් මේ මනුෂ්‍ය සංහාරයට කෙලින්ම වග කිවයුත්තන් බවට පත්වෙනවා. හලෝ මේක හොඳට මතක තියාගන්න. මේ අමතක වෙච්චි නිසයි කියන්නේ. ආර්ථිකය රැකගන්න ගියපු බ්‍රිතාන්‍යය, ඇමෙරිකාව, ප්‍රන්සය, ස්පාන්ඥ්ඥය, බ්‍රසීලය වැනි රට වලට මොකද උනේ? අමුසුහොන් බවට පත් වුනා නේද? ඔවුන්ටනම් රැකගන්න වටිනා කරන්සියක් තිබෙනවා. අපිට? ඒත් කරන්සිය වෙනුවෙන් ජීවිත් බිලිදීම සුද්ද කලත් කල්ල කලත් දුම්බුරුව කලත් අපරාධය අපරාධයමයි. උන්ට නම් පැමිණිලි කරන්නට නිදහස් නිවහල් අය උඩින් ඉන්නවා. ඒත් අපිට? වැසියන් ට්‍රම්ප් පතික්ෂේප කලා. ජොන්සන් ප්‍රතික්ෂේප කරමින් ඉන්නවා. ඒත් අපේනැණවත්’ ජනතාව?

මෑතකදී අපේ ජනපති තුමා කියපු කතාවක් මතක් කරල මම ඉත සිතින් සුබ පතනව. මොකක්ද දන්නවද? එතුමා කිව්ව එන්නතින් තමයි මේකෙන් ගොඩ එන්න පුළුවන් වෙන්නේ කියල. හරියටම හරි. හැබැයි එන්නත් ගහගන්න කල්යාවි නෙව. ඔය අරෙහෙන් මෙහෙන් එකතුකරලා හෙමින් හෙමින් ගහනකොට මේ අවුරුද්දත් ඉවර වේවි. දැනටමත් අස්ට්‍රසේනික එන්නතේ දෙවෙනි මාත්‍රාව ගහගන්න බැරුව ඉන්න කට්ටිය හුඟක් ඉන්නව. ඕක අරෙහෙන් මෙහෙන් අරගෙන ගහන කොට සති දොළහෙ ඇටත් දියවෙලා. පලවෙනි මාත්‍රාවෙන් ලබා ගත්ත ප්‍රතිශක්තිය සෑහෙන්න අඩුවෙලා. මං කියන්නේ ඔය රංචු ප්‍රතිශක්තිය ලබාගන්න සියයට අසූවකටවත් ගහන්න ඕන නිසා. කියන්න මිලියන් 18 කට වැඩි ගානකට ගහන්න වෙනවනෙ. මං දන්නෙ නෑ ඔය සෞඛ්‍ය ලොක්කො ඔය ෆිගර් එක 60% බැස්සුවෙ කොහොමද කියල. 80% තමයි විද්‍යාත්මක වශයෙන් ලෝකේ පිළිගත්ත  ප්‍රමාණය. ලොකුම ප්‍රශ්නේ තමයි ඔය රංචු ප්‍රතිශක්තිය එනකං මේ දැන් ගලන වක්කඩේ වහගන්නේ කොහොමෙයි කියන එක. ඒකනේ ලෝක ප්‍රසිද්ධ මහජන සෞඛ්‍ මහාචාර්යවරියක් වන දේවි ශ්‍රීධාර් කිවුවේ ඔය මාස්ක් දාල, මීටරේ දුර තියාගෙන සහ නිරන්තරම සබන් ගාල අත හෝදල මේ වසංගතය පාලනය කිරීමෙන් අපි කරන්නේ අර නඩු කල් ගන්නෝ වගේ කල් ඉල්ලගන්න එක විතරයි කයල. මෙහෙම කල් ගන්න ඕන බෙහෙතක් හරි එන්නතක් හරි හොයාගන්නකන් කියලත් ඇය කිව්ව නෙ. දැන් අපිට තියෙන්න උත්තමාවිය කියපුදේ පිළිපැදල එන්නත් ගහල ඉවර වෙනකංවත් කඩතොළු වහ ගන්න එක තමයි. අර්ථයෙන් ධර්මයෙන් බැරිනම් ඇඳිරි නීතිය හරි දමන්න වෙයි. හරි විදිය නම් එන්නත් ගහල මාස 6ක් විතර වත් සෞඛ්‍ය අවවාද කලින් වගේම පිළිපදින එක.

ඔන්න ඕකයි මෑත අතීතය සහ වර්තමානය. දැන් පොඩ්ඩක් ඈත අතීතයට ගිහිල්ල බලමු. ඔය වැලිසර නාවික හමුදා පොකුර, කන්දකාඩු පොකුර, නිරෝධායනයට කලින් ගම්වලට යනගමන් වෛරසය බෙදමින් ගිය නැවියන්, පැය 24න් නෙගටිව් වෙච්චි කොරෝන පොසිටිව් තුන් පල, රටපුරා ගිය තොන්ඩමන්ගේ මළගම, කොරෝන මැද තිබු පාර්ලිමේන්තු මැතිවරණය, බ්‍රැන්ඩි ගහපු ඉන්දීය වෛරසය හා මිනුවන්ගොඩින් පටන්ගෙන රට පුරා ගිය පොකුර, බබල්  ඇතුලෙන් ගෙනාපු කොරෝනා පොසිටිව් යුක්රේන් සංචාරක කට්ටි ඔයගොල්ලන්ට හොඳට මතක ඇති කියල හිතනව.

මේ සියල්ලටම කෙලින්ම පාලන තන්ත්‍රය වගකියන්න ඕනේ. නැත්නම් පාඩමක්වත් ඉගෙනගන්න ඕනෑ. දියුනුරටවල. ඒවා ලංකාව තරම් දියුණුය? මෙන්න මේ අමතක වෙච්චිඅද දෙරණ නිවුස්බලන්න. බීමත් වෙච්ච නරිය කියපු කතාවට සමාන දෙයක් බලයෙන් මත්වෙච්චි මානවයෙක් කියනවා. සියක් ආයු ලැබ මගෙත් ආයු ගෙන……. බුල් ෂිට්. සොරි අනේ ඒක මතක් උන පාර මට සිංහලත් අමතක උනා. අපි අවුරුදු සීයක් වයසයි කියල අයි. සී. යූ. බෙඩ්ස් නොදී ඉන්නේ නැහැ කියලත් මේ හාදය කිව්වනේ. දැන් ඉතින් රෙදි ඇඳන්ද දන්නෙ නෑ ඉන්නේ. Aluth Parlimenthuwa 25.03.2020 ගූගල් කරලා 1:12:35 සිට 1:15:12. බලන්න. ඉතින් මේ මල කෝලම් ඉන්න නිසා තමයි කාර්‍ය බලකාය අඩපන වෙලා තියෙන්නේ. මෙන්න කොරෝන මෙරි ගෝ රවුන්ඩ් එක. හායි පරදෙනිය, හායි පැණි ඇමති, අපි යනව, බයි බායි. සී යූ සූන්!!

Print Friendly, PDF & Email

Latest comments

  • 10
    0

    Dear Dr Janapriya,
    .
    I was looking at the comments here:
    .
    https://www.colombotelegraph.com/index.php/citizens-are-dying-because-of-nandasenas-arrogance-anura-dissanayake-unleashes-scathing-attack-on-govt/
    .
    English section it may be, but dominated by a Sinhala speech by AKD, who may be labouring the obvious, but is speaking sense about the handling of the COVID. Thanks for this article, but I read Sinhala slowly; for all that I am a “VishramikaGambadaIskoleMahattaya” what I taught was English! I’m sorry to be possibly confusing everybody.
    .
    I shall hasten back to where I was and give “leelagemalli” the good news that you’ve written here. Yes, we’ve got to use Sinhala, but the irony here is that only LM, who resides in Germany, comments here; read by very few, I suspect. That is the reality.
    .
    The medium that we have to use for Sinhala now is YouTube.
    .
    https://www.youtube.com/watch?v=wa2OZYCTkuA
    .
    That is Ven. Bagawantalawa Rahula Thero who uses the medium very effectively. I apologise to all readers here for writing this in English! That Youtube is in the Swabasha, and I spoke the good Thero, on the phone, in Sinhala a couple of days ago. But I just don’t have the capability to type in Sinhala.
    .

    • 13
      0

      ජනප්රිය මැතිතුමනි,
      ඔබටමම අද හිස නමා ආචර කරමි… මම බුද්ධාගම කියන පවුල් පසුබිමකින් මේ ලොවට බිහිවුනත්, මට ලන්කාවෙ පවව්තින බුද්ධගම ගැන කලකිරිමක් මම පොඩි අවදියේම ඇතිවුන ස්රිලන්කන් පුරවැසියෙක්. මිනිසුන් අනෙකා අනුගගමනය කරන්න බලයෙන් යොමුවෙලා කියල මට හිතුන. කෙනෙක් ඕනැම පල්හොරෙකුට සිවුරකින් සැරසී ඇති නම්, නැවිල, වකුටු වෙල පොලවේ පෙරලිල වැන්දින්න තරම් නිවට නියාලු තත්වයකට මිනිසුන් මුලසිටම පුරුදු කරල මනස, දූශනය කරල මනස නැමති මල්ල පුරවල කියල මට හිතුන වාර අනන්තයි, අප්රමනයි… මම මෙහි සිට ලන්කාවට නිතර යන එන කෙනෙකු වුනත්, මට මගේ ඉදිරියේ පොඩි එවුන් වන්දින කොට මට කේන්තියි… ඇයි එලෙස ඒ ලමයින්ට පුරුදු කරවනන්නෙ කියල.එතන තමයි ලන්කාඅ සමජා පිලිකාවෙ මුල…. එතනින් පටන් ගෙන, මිනිසුන්ව නිවටයන්, වහල්ලු මානසිකත්වයකට ගොඩ නැගීම ආරම්භ වෙනව.
      .
      පසුගිය දශක කිහිපයතුල සිට, අදත් මා ජීවත් වන්නේ යුරෝ පයේ උනත්, මම නිතරම මගෙන් අසපු ප්රශන තමයි, මේර ටේ බහුතර ජනතාවක් අදටත් වහලුන් සේ ඉන්නේ ඇයිද කියන එක… තවදුරටත්, කලගෙඩිය, පිරිත්නූල, හා අනික කරන දෙය “ දෙසරයක් නොසිත“ කර්ගෙන යන ජනතාවක් බවට රටේ බහුතරය පත්වීම, රටේ නිවට නියාලු තිරිසන්, පාහර, දේශපලයා, දේශ මමමකය කරපු දෙයක් .. එය රටේ පවතැන සන්ස්ක්රුතියත් එක්ක ගොඩ නගපු සුසන්ග්යෝගී දරුනු වැයමක්. හරියට වැරදි වස විශ “ ලස්සනට සැරසූ පැකට්“ වලින් මිනිසුන්ට බෙදා දෙන විතිඩිය වාගෙ… එයින් වුන හා වෙන හානිය ගැන රටේ සමාජ විශ්ලේශකයන් අදටත් නිද්රා සීලිව කටයුතු කිරීම මේ විශම චක්රය දිගට ගෙනයාමට කරන උඩගෙඩි දීමක්.

      මම ඊයේ ලන්කාවෙ එන්නත් සම්බන්දයෙන් කරගෙන යන එන්නත් දෙන වැඩපිලිවෙල ගැන රුප්පවාහිනි පින්තූර රාමු වලෛන් දුටුව, එහි වයස පරතරය්ක් නැතිව ඕනැම කෙනෙකුට එන්නත් ලබා දෙන වැඩ පිලිවෙලක් වෙල.. මේ දියුනු කියන යුරෝපයේ, එය පටන් ගත්තෙ, ඉතා වයසක අයගෙන හා, රැකියා වලින් රිස්ක් වලට භාජනය වෙන අයට.. ඉතින්, මේක වත කරගන්න බැරි තක්කඩි ටිකක් අද රජය ගෙනයන එක හරියට රටෙ ඉදිරියක් ගැන සිතන්න බැරි දෙයක්… මේක හෙන ගහන අපරාදයක්.. මා දන්න කියන වයසක් මිනිසුන් රටේ ඉන්නව, ඒ මිනිසුන්ට එන්නට ලැබෙන විදියක් නැහැ… මිනිසුන්ගේ කන්නසලු භවය නිසාම ඒ අයගේ නියමිත කාලය කලි ඒ අසර මහලු අය ජිවිතයෙන් සමුගන්නට පුලුවන්… ඇරත් රජයට කිසිම විදිය සැලසුම් නැහැ, මුලු රටේ 60% කොහොඅමද එන්නත ලබා දෙන්නෙ කියල. මෙහෙම රජයකට මිනිසුන් හෙන ඉල්ලනව ඇර මොනවා කරන්නද ?

      • 12
        0

        SRILANKA IS WONDER LAND in making.
        .
        This should be GOTABAYA miracles.
        :
        https://www.youtube.com/watch?v=uWNqWL5ugWc

        How many got killed since criminals are back to power ?

      • 6
        0

        ලන්කාව අද වෙනකොට ඉතාමත් මිනිමරු ජාතියක් බවට පත්වෙල. මාකන්ඩුරේ මදුස්, ඌඋරු ජුව, තරක යන එවුන්, රටේ පාතාල ලෝකය මෙහෙයවන, රාජපකශෙ වරුන්ට හපන් එවුන් වෙන්න පුලුවන්, එනමුත්, ඒ අයට වුනත්, නීතිය ඉදිරියේ මේ රටේ බල්ලො බලල්ලු වාගෙ වෙඩි තියල මරල විනාශ වෙන්න තරම්, පහත් විය යුතු නැහැ.

        https://www.youtube.com/watch?v=kQBOB2GSnnw

        මේ ජුනි මස වෙනවිට, රටේ, මානව අයිතිවාසිකම් රැක්ලිද රකිනවද යන්න, ජීනීවා මානව අයිතිවාසිකම් රකින කමිටුවට ඔප්පු කල යුතු බව මේ රටේ නායකත්වයට, ගිය මාර්තු මාසයේ පහදල දුන්න නමුත්, අද වෙනවිට, එන පොට අර පිලිපීනයේ ඉන්න, ත්රාඩ, මිනීමරු නායකයාගෙ ගති පැවතුම් වලට නොදේවෙනි බව ඔප්පු කරල අවසානයි.
        .
        රටේ මිනිසුන් එවුන් අතර නියපොත් කකා නිහන්ඩව ඉන්න ජනතාව වැඩියි.. ඒ මින්සුන්ගෙ ආර්තික අපහසුකම් හා, අසරන බව අමු අමුවේ උල්ල්ලන්ගෙනය කරන හම්බන්තොට පල්හොරු, මේ රට කබලෙන් ලිපට අදින බවක් ඔප්පු කරමින්, මෙවුන් මේ රටට කරන විනාශ ඉතාමත් ඛේදනීයයි. මේක වෙනව මොන ලෝකයෙන් පල් හොරු, මාදය ගණිකාවගේ ගේ නොමග යාම තුලින් රජ වුනු හැම රටකම.අපි බලාගෙන හිටිය අර ට්රුම්ම්ප් කියන කාලන්කන්නි බල්ල, ඇමරිකාවෙ කරපු වැනසීම. අද ඉන්න ජනපතිට කට උත්තර නැහැ, හරියට ට්සුනාමික වුනා වාගෙ රටේ වැනසීම ඉස්සෙල්ල හරිමගට ගන්න වෙලා..

        . අද වෙනකොට රටේ පොලෝසිය, රජයේ මිනිමරු දේශාපලාන නායකතවයේ හෙන්චයියෝ බවට ඉබේටම පත්වෙල. අර පොලිස් කොමිසමට බලය තිබුන දිනවල මේ දේවල් වෙන්නට ඉඩ කඩ ඇහිරුන. ඒ නිසා තමයි, යහාපලාන්යට මොන තක්කඩියො බැන්නත්, යම්දෙයක් වෙමින් පැවතුනේ… සිරිසෙන්න බල්ලෙක් වෙන්නට පුල්වන්, එනමුත් ඒකගේ නායකත්වය අද තරම් පහතට රජයකට වැටෙන්න ඉඩ තැබුවේ නැහැ. අද වෙනකොට ඇමරිකාවෙ අගු පිලිවල් වල ලැගපු, නොදියුනු මිනිසෙකු, රටේ ජනප්ති කරල මිනිසුන් ව්න්දින දුක වචනවලින් නිම කරන්නට බැරිතරම්.

      • 4
        0

        රී ලංකාව යනු විස්මිත දේශයකි
        – අලුතින් තේරී පත් වූ නිර්පාක්ෂික නායකයා සහ ඔහුගේ පාලනය ගැන අපට ආඩම්බර විය හැකිය
        – ඔහු නූගත් මිනිසෙකුට වඩා වෙනස් ලෙස හැසිරෙන්නේ, මහජනයාගේ යම් සරල කාරණයක් සම්බන්ධයෙන් වුවද .- මිනිසා ටික් කරන්නේ කෙසේද යන්න වඩා විශාල ප්‍රශ්නයකි. මම ඩුටර්ටේ (පිලිපීන) වඩාත්ම මෝඩ නායකයා වන්නට ඇත, නමුත් ගෝතබයා ඔහුගේ පළමු මාස 6 තුළදී එය සම්පූර්ණයෙන්ම බිඳ දැමීය.
        – සුළු ජාතීන් ආදාහනයන්ට ගරු නොකරන නිසා, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් එවන ලද අනතුරු ඇඟවීම් මධ්‍යයේ බලහත්කාරයෙන් ආදාහනය කිරීම සඳහා ඒකමතික විය. සුළු ජාතීන්ගේ සංවේදීතාවන් ගැන පවා ඔවුන් තැකීමක් නොකරයි. ජනවාර්ගික ගැටලු සඳහා පොදු තිරසාර විසඳුමක් සඳහා ඔවුන් කවදා හෝ එක්සත් වන්නේ කෙසේද? ඔවුන් ඉහළ අපරාධ සිදු කරන්නේ ජාතිවාදී ඉස්රායෙල්වරුන් විසින් කරන ලද වාර්තා ඉක්මවා යයි. කෙසේ වෙතත්, වර්තමාන නායකයින්ගේ කලින් සැලසුම් කරන ලද අපරාධ ක්‍රියා ගැන මුළු ලෝකයම කනගාටුදායක ලෙස නිහ is ය.
        – ව්‍යාජ බෞද්ධ නායකයින්, භික්ෂුවගේ වස්ත්‍ර ඇඳීම, සමාජයේ ඔවුන්ට ලබා දී ඇති ස්ථානය අනිසි ලෙස භාවිතා කිරීම, මේ රටේ තත්වය මෙන් එය නිරයක් බවට පත් කරයි.

    • 11
      0

      U may use easy sinhala unicode

      • 7
        0

        අද දින යුද ජයග්‍රාහකයින් ඊනියා දේශප්‍රේමී සංකේත ඔවුන්ගේ මාතෘකා ලෙස ප්‍රකාශ කළ දිනයයි. අවුරුදු 12 කට පසු අද අපට ශ්‍රී ලංකන් ලෙස එය සැමරිය හැකිද? එතැන් සිට අත්කර ගෙන ඇත්තේ කුමක්ද? මෙඩමුලනා හි රෝගාතුර වූ බග්ගර්වරුන්ට උපත ලද ගෝත්‍රික නායකයින් දූපත් ජාතිය කුහක චීන ආයෝජකයින්ට උකස් කර තිබේ. එහෙත් රාජපක්ෂයන් කවයන් තුළ ඇති සබඳතාවල ප්‍රමාණය නොසලකා ධනවත් පුද්ගලයන් බවට පත්ව ඇත.
        අල්ට්‍රා දේශප්‍රේමී මහින්ද ජරපක්ෂේ නම් වූ තරගයේ වීරයා අද පාර්ලිමේන්තුවේදී සිය පුරසාරම් දෙඩූ කථාව පවත්වයි. කාරුණික සටන් පා ans නිසැකවම ජාතියේ අවදානමට ලක්විය හැකි අයව තල්ලු කරයි. මෝඩයන් මෝඩයන් බවට පත්වූයේ හිටපු මැරයන් නැවත බලයට කැඳවීමට ඔවුන්ගේ හිස් මඟ පෙන්වූ බැවිනි. දරුණු ප්‍රතිවිපාක අද ජාතිය ඉදිරියේ තිබේ. COVID වසංගතය හේතුවෙන් තම ජීවිත වෙනුවෙන් අරගල කරන මේ රටේ ජනතාවගේ ප්‍රයෝජනය සම්බන්ධයෙන් සුළු දෙයක් කිරීමට තේරී පත් වූ ජනාධිපතිවරයා අපොහොසත් වී තිබේ. ඕනෑම දුප්පත් රටක් COVID වලට එරෙහිව ජබ් ලබා දීමේදී වැඩිහිටි වයස් කාණ්ඩ සහ ඉහළ අවදානම් සහිත රැකියා හිමියන්ට ප්‍රමුඛත්වය දී තිබේ. කෙසේ වෙතත්, අපරාධකරුවන් සහ ශ්‍රී ලංකාව පාලනය කරන ඔවුන්ගේ හෙංචයියන් ඔවුන්ගේ නෑදෑයින්ට හා in ාතීන්ට ප්‍රමුඛත්වය දී ඇත්තේ හෙජ්ජොනික් පාලකයන්ගේ හෙංචයියන් අමතක නොකිරීමයි. මෙම පාලකයෝ ඔවුන්ගේ කලින් පාලන කාලය තුළ සියලු ඉහළ අපරාධ වාර්තා බිඳ දැමූහ. කෙසේ වෙතත්, ව්‍යාජ මාධ්‍ය ප්‍රචාරක යන්ත්‍ර, රාජපක්ෂේ වැනි දේ නොපැහැදිලි ලෙස තබා ඒවා තබා නොගත යුතු තැන තැබීය. බරපතල ප්‍රතිවිපාක අද වන විට දක්නට ලැබේ. ඔවුන්ගේ හෙංචයියන්ට පක්ෂග්‍රාහී ලෙස සැලකීම සහ ඇත්ත වශයෙන්ම අවශ්‍යතා ඇති අය නොසලකා හැරීම. අද ශ්‍රී ලංකාවේ මෙය පැහැදිලි වෙමින් තිබේ.

    • 13
      0

      Thie great thero s advice would heal the nation

      https://www.youtube.com/watch?v=pjqYxB1TkYk

      Please pass this to all. SRILANKA S situation is worsening minute by minute

    • 6
      0

      මීහරකෙකු වාගෙ මිනිසකු ජනපති කරගෙන මේ රටට ගිය කල. කවදාවත් නූගත් බල්ලන්ට රජය වල් කරන්නට බැහැ.
      අද මිනිස්සු මැරෙන්නෙ, කනස්සලු නිසා.. රජයේ එවුන්ගේ මොලගෙඩි වලට හෙන ගහලද සින්හලුනේ…. සින්හලු කියල කිව්වෙ, බහුතරය හැසිරෙන්නෙ මීහරක් වාගෙ… අපි සිරිසේනට බැන්නට,… සිරිසේනගේ කලමනා කරනය තිරිසන් බල්ලන් එයාව දූසනය කරන තෙක්, හොන්ද තත්වයක තිබුන. මීහරකෙකු වාගෙ මිනිසකු ජනපති කරගෙන මේ රටට ගිය කල. කවදාවත් නූගත් බල්ලන්ට රජය වල් කරන්නට බැහැ.
      අද මිනිස්සු මැරෙන්නෙ, කනස්සලු නිසා.. රජයේ එවුන්ගේ මොලගෙඩි වලට හෙන ගහලද සින්හලුනේ…. සින්හලු කියල කිව්වෙ, බහුතරය හැසිරෙන්නෙ මීහරක් වාගෙ… අපි සිරිසේනට බැන්නට,… සිරිසේනගේ කලමනා කරනය තිරිසන් බල්ලන් එයාව දූසනය කරන තෙක්, හොන්ද තත්වයක තිබුන. මීහරකෙකු වාගෙ මිනිසකු ජනපති කරගෙන මේ රටට ගිය කල. කවදාවත් නූගත් බල්ලන්ට රජය වල් කරන්නට බැහැ.
      අද මිනිස්සු මැරෙන්නෙ, කනස්සලු නිසා.. රජයේ එවුන්ගේ මොලගෙඩි වලට හෙන ගහලද සින්හලුනේ…. සින්හලු කියල කිව්වෙ, බහුතරය හැසිරෙන්නෙ මීහරක් වාගෙ… අපි සිරිසේනට බැන්නට,… සිරිසේනගේ කලමනා කරනය තිරිසන් බල්ලන් එයාව දූසනය කරන තෙක්, හොන්ද තත්වයක තිබුන.

  • 12
    0

    Hi SM
    Many thanks. I think you are spot on. Not many Sinhala readers frequent the CT. This article was sent to Divaina by email and Lankadeepa by snail mail. They didn’t publish it.To be fair them the original version was a harder hit. I think this watered down version is good enough. Question is should I send it back to the broadsheets?

    • 14
      0

      Thanks very much Mr Janapriya. I am proud of you the kin dof senior professionals. What happened to the other retired men and women. When would they wake up from their long slumber ? If not today when ?

    • 11
      0

      අපි නම් මාරම ජාතියක්.
      දැනට ඉන්න සෞඛ්‍ය ඇමතිනි වාචල කටක් තිබුනට, පැනිබීගේන ගිහින් ඔලුව හොලවල ටොප් කිව්ව, එනමුත් ඒ අම්මන්ඩිට දෙවියන්වහන්සේ දනෙඩුවම් දුන්න එලොව ගිහින් මෙලොවට එන්නට…. අර කෝපි කඩේ මෞදලලි වගෙ මිනිහ, කතානායක පුටුවේ ඉන්දගෙන මීමැස්සෝ වාගෙ දම්මික කියන නූගත් පෙරේත දන්ඩෙකුගේ පැනිය බෝන තරම් පහතට වැටුනනෙ… මෙව ගැන කියන කොට දියුනු ලෝකයේ මිනිසුන් අපේ ඔය කියන 2500 පුරානයක් ඇති ජාතිය ගැන සංසන්දනය කරන්නෙ අර ඉතා දුප්පාත් මැඩගසකර් වල ඉන්න නූගත් මිනිසුන් සමග..මොකොද ඒ රටේත් මිත්‍යා වට තැන දීල ලෝකයේ ඉතා පහතට වැටුන…
      .
      …. ඒ අපවිතරා මැතිනියම අද ඒ වාචල කටින් ම අද ලැජ්ජ නැතිව කියවනව, “ එකටත් හාමුදුරුවනේ.. මම එලොව ගිහින් මෙලොව ආවා කියල“: ඔයා ගැහනිය මට අනුව නම් ඔය තනතුරින් මේ වනවිට අස්විය යුතුමයි… ඒවගේම නාද දෙවිය නිස රජරට වකුගඩු රෝගය පැතුරුනා කියන ගොබ්බ එනමුත් රාජපකශෙ ලාගෙ අසුචි ගිලින බල්ලෙක් ඉන්නව, මහාචාර්ය කියල ලේබල් එකකුත් ගහගෙන, ඒකට කිසිම දැනුමක් නැහැ, කටට එනවිදියට කතා කරනව.. මේ කියන්නෙ අර විහිලු සපයන “ ජයසුමන “ කියන්න ගෝබ්බයා ගැන. රජයේ එක අමෙතියෙක් ඉන්නව, තුමගේ වයස අසූගනනක් උනෝට මුලු ලොවම ප්රසිද්ද නමක් දිනගත්තු වයිරස් ගැන හැමදෙයකට ප්රාමනික දැනුමක් ඇති ප්රවීනයෙක්… ජේෂ්‍යඨත්වය නොසලක ඒ මනුස්සයට තැනක් නොදෙන පාද කුහක් තිරිසන්නු මේ රජයේ කැබිනට් එකේ ඉන්නෙ. ගිය රජයට බැනවැදුන. එනමුත් අද වෙනකොට, ඒ තරුන ඇමති වරු කරපු දේවල් වලින් තමයි මේ රජයේ ගොබ්බසේන්ගේ බල වතුන් අද වැඩ කරන්නෙ.. සුරසැවිය.. කියල ඇම්බුලන්ස් සේවයක් ආචර්ය හර්ශ ඇතුලු තරුන ඇමති වරු මේ රටට හන්ඩුන්වා දුන්න.. ඒක දැනට අහින්සක මිනිසුන්ට ලෛෆ්ලෛන් එක වෙලා.. ඉතින් ඔය බැන්නට ගියපු රජය කරපු නැති දෙයක් නැහැනෙ, රටේ ඉන්නෙ පාදඩ රාජපකශෙ ලැදි මාධ්‍ය ගනිකාවො රටේ මහජනය දෙඅනුවත් කරෙ නැහනෙ…
      අද ගොවියො, දම්බුල්ල පැත්තෙ අන්දා වැටෙනවලු…. ගිය රජයෙන් පටන් ගත්ත ශීතගාර, එලවලු පලතුරු කල්තබන ගබඩා ගැන අද මේ රටේ අය කතා කරනව.. සොරිසේන ගම කැවට ගිය රජය කරපු නැති දෙයක් නැහැ, රාජපක්ශවරු රටට ඇති කර නය බරින් මිරිකි මිරිකි…. එනම්ටුත් රටේ ඉන්න බලගතු පාහර මාධ්‍ය නූගත් මිනිසුන් බහුතරක් ඉන්නරට උඩු යටිකුරු කරා..
      https://www.youtube.com/watch?v=X4M6Mp6VUf4

  • 9
    0

    A little typo….. to be fair by them

    • 12
      0

      යුරෝපයෙ හැම රටකම, ඉස්සෙල්ලම එන්නත ලබා දුන්නෙ, මහලු නිවාස වලට..ඒක එන්ගලන්තය, ජර්මනිය, ඉතාලිය, ස්පාන්චය, ප්රුතුගාලය, වැනි හැම රටකම.. මහල හා හා කායිකව දුරවල වුන අයට හා,ව්රුත්තියක් විදියට රිස්ක් ජොබ් වල ඉන්න අයට. එනමුත් කිසිම පෙර සූදනමක් නැතිව ලන්කවෙ රජය හැම වයස් පරතරයකම අයට මේ එන්නත ලබා දෙන විදිය දුටු විට මට මේ මොන පිස්සු රටක්ද යන්න ඔලුවට ආව… කාට හරි මට කියන්න පුලුවන්ද, මේ නන්දසේන කියන බල්ලට පොඩි දෙයක්වත් තෙරෙන්න නැති තරමට ඔලුව් ඉදිමව ගන්නට හේතුව ඌට පිස්සුව හැදිලද කියල ?මේ ජනතාවගේ මුදල් මෙලෙස නාස්ති කරන්නෙ උන්ගේ අම්මගෙ අප්පගෙ දේවල්ද? මට හොන්දටම විස්වසයි ජන බලය ඉතා ඉක්මනින් ගොඩ නැගෙන්ව මෙවර… කිසිදු සැකයක් නැහැ. මෙතරම් අසාදරන අසාර්තක රජයක්. මිනිසුන්ගේ විරෝදයෙන් මේ රරජ ගෙදර යැවිය යුතුමයි.. මෙතරම් පාදඩ රජාක්ශ් හා එහි බලවතුන් නීතිය ඉදිරියට ගෙන ආ යුතුයි. එයට ඔබ කියන … බලවේග කොතරම් ඉක්මනට ඒ අයට දන්ඩුවම් දේවිද යන්න හිතන්න අමාරුයි. බලවතුන් බලයට එන්න පෙරත් අති දරුනු අපරාද කරුවන් බව ජන්තා අදිකරනයේ පැල පැදියම් වෙලා ඉවරයි. එනමුත් රටේ ඇති දූශිත අදිකරනය මේ ගැන කිසිදු සැලකීමක් කරල නැහැ…
      https://www.youtube.com/watch?v=dhbw50qx1fc

      • 12
        0

        සින්හල බුද්ධගම කියල එවුන්ට අනුව, දවසින් දවස වෙනස් කරමින් ගොඩ නගාගත් “පාදඩ සේද මාවත“ තමයි ලන්කාවෙ කාලකන්නි අපි බහුතර සින්හලයගේ නිවට නියාලු ගතියට සුල මුල. මේව වැරදියට තේරුම් ගන්නැප… බුදුන්ගේ බුදු දහම අනුගමනය කරනව නම්, මේ රටේ අවිහින්සාවාදයට තැනක් එන්න කිසිදු විදියක් නැහැ…. මේ වනවිට රටක පදඩ බල්ලන්, ලනු හ කම්බ වාගේ තරම පිරිත් නූල බැන්දගෙන, කරන්නෙ, හොරකම, පාදඩකම, රටක දේශලපලනය, අර කම්බ හොරු තන්ගල්ලෙ පැත්ත ඉන්න, මුතුමල තමාගෙන, ගුලිය මිරික මිරිකා මිත්යාවට තැනදෙන මහින්ද චින්තනය මේ රට කැවා. මිනිසුන්ගේ මනස විකුර්තිකරල, රටේ හොන්දට හීට්ය මිනිසුන් පවා ග්රහනය කරගෙන තමයි දෙවනි වරටත් බලයට ආවෙ.. මොන බොරුද කිව්වෙ නැත්තෙ, උන්ගෙ බලය තමන් අතට ගන්න. ඩොලරය 180 වෙනකොට නැටුව,… දැන් සැපද ?කියල ඇහුව… එනමුත් ඒ පරබල්ලන් බලයට ඇවිදින් අද ඩොලරය 208ටත් ගිය… එකෙක් නොවෙයි කට අරින්නෙ, හරියට -ස්රිලන්කා කිය දිවයින්, උන්ගේ මැඩමුලන කියන් ගුහාව වාගෙ කියල හිතල. මේව කොතරම් දන්ඩුවම් ලැබිය්යුතු මහ අපරාදද ?

        රටේ චීවරධාරීන් බොරු වියාජ චීවර දාරිය ඇතිතැන වගේම රාජපක්ශ්වරු බොරුව ජන ගත කරල. අර ගාල්ලෙ ඉන්න පාහර බල්ලෙකුගේ මාදය ආයතනය්ක් ගොඩ නගල බොරුව් වපුරල රට බොරුව තුලෛන් රජ කරන් මට්ටමට ගොඩ නැගීම එවුන් එදා සිට පාතල ලෝකයත් අල්ලගෙන කරපු දෙයක්. ඔවැනි මාදය ආයතනන් වලට යුරෝපය ඇති තැනක් නැහැ.. මන්ද මහජනය ඒවට විරුට්දව ගොඩ නැගෙන නිස.
        අද මේ රටෙ එක නීති යක් නැහැ… ඇත්තෙම නැති තරම්.

        මේ රටේ බඩු මිල අද තරම් ඉහල කිය කාලයක් මතක නැතිව ඇති, එනමුත් වහන්ලුන් නිහන්දයි…. මේවට හේතුව “ මර බිය“ බෙලිඅත්තෙ මිනිමරුවන්… සමග මිනිසුන්ට කලිනුත් මහා අපරාද වලට මුහුන දීපු කාල මතකයි.. ලන්කවෙ බහුතර සින්හලයක්, වහලුන් බවට හෙලිවෙලා ඉවරයි… සමාජ විද්වතිනු, මනෝ සංස්ලේෂක යනි, ඉතිරියට වරෙවෙ මේ සමාජය ගොඩ ගන්නට නම්.. නැති නම්, ස්රීලන්කා මාතාව දිගටම වැලපේවි…..

    • 12
      0

      ජනප්රිය මැතිතුමනි, කුමන හේතුවක් නිසාදෝ කියල මමම් දැන්නෙ නැහැ, රටේ පුරවැසියන් ජීවත් වන්නෙ අද වෙනකොට, නිද්රාශිලිව.. මේ වේරකැටියෙ හොරුටික බලයට ගෙන ආපු … අභේතිස්ස කියන පින්ගුත්තරය, හා අභයා රමයේ පින්ගුතරය ඇතුලු, චීවර දාරීන් ටික් මත් පෙති ටොන්ගනන් වලින් ගිලලඩො කියල හිතෙන්නෙ මට විතරද ? කෝ කොය කියන දේශ හිතයිශී, රට බේරගන්න, ත්රාඩ බලවත් කම් අද, මේ වයිරස් නිසා රටේ අහින්සක ජනතාව ගොදුරුවෙන්න ඔන්න මෙන්න කියල ඉන්නකොට ? චීවෙරදාරියො ටික මම හිතන්නෙ බයවෙලා හැන්ගිලා.. කියල මට හිතෙන්නෙ, මේව හරිද වැරදිද මම දන්නෙ නැතො…

      හරියට මම හිතන්නෙ, කොලොම්බියාවෙත් වත් නැතිව ඇති මිනිසුන් ඔය විදියට කිසිම දෙයක් ගනන් ගන්නෙ නැතිව ජීවත් වෙනව කියල. කොලොම්බියාව කියන රට උදාහරණ විදියට ගත්තෙ, ඒ රටේ හරිය මත්ඩ්රවය වලින් විනාශ වෙලා ඇති නිස.
      .
      ඔබට අපේ විශ්රමලත් ඉස්කොල්ලෙ මහත්තයට පන ඇතිව, කට ඇරල බිය නැතිව කට යුතු කරන්න පුලුවන් නම්, ඔය රටේ ඉන්න බහුතරයක් අතර විශ්රමලත්, ව්රුත්තිකයන් අද වෙනකොට කුඩු ගහලද මේ මෙච්චර දේවල් මේ රටේ සිදු වෙනකොට උඩ බලාගෙන ඉන්නෙ ? එතලම් ඇලි මැලි වෙන්න හේතුව කුමක්ද ? අපි කියවන්නට ලැබුන ඔබතුමමගෙ කලින් පලවුන ලිපි … ඒවාට අනේක වාරයක් ස්තුතියි…අපිට ආඩම්බරයි ඔබ වැනි පූර්වාදර්ශයන් දිය යුතු අය මේ රටේ අතලොස්සක් හෝ ඉදිරියට එන එක… ඔබ ගිය වසර තුල එන්ගලන්ත්යෙ සිට ස්රීලන්කවට එන්න සති කිහිපයකට පෙර තමයි මා ලන්කාවෙන් පිට වුනේ… මම රට තුල ගත කලේ දින 14 ක් පමන. එහිදි මම දිටුව (ඒ මාර්තු 4 දක්ව)… එහිදි අපිට දැක ගන්නට ලැබුන කොතරම් … විදියට රට තුල – කොවිඩ් ගැන කට යුතු කලාද කියල… ඔබ කියන වාගෙ දිවයිනක් විදියට කෝවිඩ් පාලනය ඉතා පහසුයි, මේ යුරෝ තිබෙන බෝඩර් රටලවලට වඩා.. එනමුත් පාහර බල්ලන්ගේ සුන්ක දේශපලනය හා උන්ගේ බලයට ඇටිහ් කැදර කම නිසා, රටේ පුරවැසිය බල්ලට දමල් කරන දේශපලන්යද ත්රාඩකමද මම දන්නෙ නැහැ, හේතු වුනා අද වෙනකොට රටේ ඉන්නා අහින්සක බහුතරයට මාරකයාට අද වෙනකොට ගොදුවෙන්නට. මේක හෙන ඉල්ලන්න ඕන ශාපයක්.

  • 9
    0

    Now that I have read through a full half of this article, I see that Dr Janapriya has sensibly written this in colloquial Sinhala, although, as he says, it is easier to write in English because there is so little difference between the written and spoken forms of the language.
    .
    I was certain that “leelagemalli” would respond, and I knew how to get the message across to him.
    .
    How to contact “Champa”? We don’t always agree, with her being a strong Sinhala Nationalist. She writes well in English and Sinhala, and in her present mood, she will do much! Unfortunately, I don’t think that anybody, except the Editor of CT, knows her real identity, but we could notify her of these developments in the Sinhala section. In any case she visits it often, and she will also make comments when she sees this article.
    .
    She’s a very honest person, who is now highly critical of the “Double-Paksha Government”.

    • 10
      0

      SM,
      dont worry she will come back to us in next few days.

  • 0
    0

    This comment was removed by a moderator because it didn’t abide by our Comment policy.

    For more detail see our Comment policy https://www.colombotelegraph.com/index.php/comments-policy-2

    • 5
      0

      Appuhamy, what was your message ?

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.