26 April, 2024

Blog

ආගම් වෙනස් කිරීමට එරෙහි බෞද්ධයන්ගේ උරණ ප‍්‍රතිචාරය යුක්තිසහගත ද?

මහේන්ද්‍ර ද සිල්වා

‘‘සොරෙක් සොරෙකුට හානි කළ හැකිය. සතුරෙක් සතුරෙකුට හානි කළ හැකිය. එහෙත්, වැරදියට මෙහෙයවෙන සිතකින් තමාටම කරගන්නා හානිය ඊට වඩා විපත්තිදායක ය.’’ – ධම්මපදය – 42 වැනි ගාථාව

Mahindaහික්කඩුවේ ශුභාරංචි පල්ලියකට බෞද්ධ භික්ෂූන් පහර දෙන දර්ශනයක අන්තර්ජාල වීඩියෝ පටයක් ගිය සතියේ මා ඇතුළු ලක්ෂ සංඛ්‍යාත පිරිසක් නරඹන්නට ඇත්තේ මහත් කම්පාවෙනි. බී.බී.සී. සහ වෙනත් බොහෝ ජාත්‍යන්තර ප‍්‍රවෘත්ති ආයතන එය එක පැහැර විසුරුවා හැරියේය. ඒ භික්ෂූන්ගේ කෝපය, වෛරය සහ වියරුව එම වීඩියෝ පටයෙන් අගේට පෙන්නුම් කෙරුණි. සිවුරු පොරවා ගත් මේ භික්ෂූන් වෙනත් ආගමික ස්ථානයකට පහර දීමට තරුණයන්ව සහ වෙනත් පිරිස් උසිගන්වන විදිහ බලා සිටීම හිතට මහත් වේදනාවක් විය. මෙවැනි හිංසනකාරී ක‍්‍රියාවල සාමාන්‍ය මිනිසුන් යෙදීම සිතාගත හැකිය. එහෙත්, සාමයේ, මෛත‍්‍රියේ, කරුණාවේ සහ සමාභජනයේ පණිවිඩය රැුගෙන යා යුතු බුදුන්වහන්සේගේ පැවිදි ශ‍්‍රාවකයන් වන උගත් භික්ෂූන් මෙවැනි හිංසාකාරී ක‍්‍රියාවල නිරත වීම කෙසේ නම් යුක්ති සහගත කරන්න ද? ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජවල මෙවැනි වෛරී අපරාධවලට දැඩි දඩුවම් ලැබේ. එනිසා, එවැනි දේවල් එම රටවල කෙරෙන්නේ හොර රහසිනි.. එහෙත් අපේ රටේ මෙවැනි බරපතල අපරාධ බොහෝ සාමාන්‍ය වැසියන්ගේ සහ පළාතේ පන්සල්වල වැඩ වාසය කරන ප‍්‍රධාන පෙළේ භික්ෂූන්ගේ සහභාගීත්වයෙන් ප‍්‍රසිද්ධියේම කිරීම හිතා ගන්නත් අමාරු ය.

තමාගේ පළාතේ අළුතින් පල්ලියක් ඉදි වීම ගැන හෝ බෞද්ධයන් ක‍්‍රිස්තියානි ආගමට හැරීම ගැන හෝ බෞද්ධයන් මෙතරම් බිය වන්නේ මන්දැ යි මට සිතාගත නොහැකිය. සංඛ්‍යාත්මකව ගත් විට, මෑත කාලයේ බුද්ධාගමෙන් ක‍්‍රිස්තියානියට හැරුණු පිරිසට වඩා. ක‍්‍රිස්තියානි ආගමෙන් බුද්ධාගමට හැරුණු පිරිස වැඩි ය. හින්දු රජවරුන් සහ යුරෝපීයයන් සියවස් ගණනාවක් අපේ රට පාලනය කොට ඇතත්, තවමත් ලංකාවේ ජනගහනයෙන් සියයට 70 කට ආසන්න ප‍්‍රමාණයක් බෞද්ධයන් බව කෙනෙකු අමතක නොකළ යුතුය. අද අපට බෞද්ධයන්ගේ බහුතර ආණ්ඩුවක් ද තිබේ. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන්ම බුද්ධාගම ආරක්ෂා කෙරේ. ඊටත් වඩා, ආණ්ඩුව ඇතුළේ බෞද්ධ අන්තවාදීහු ද සිටිත්. ඒ තත්වය තුළ, තමන්ගේම රටේ ජීවත් වීමේ අනාරක්ෂාවක් දැනිය යුත්තේ බෞද්ධයන්ට නොව, වෙනත් සුළු ජාතීන්ට ය. බෞද්ධයන් විසින් හිතින් මවා ගත් මේ තර්ජනය, මනෝ විද්‍යාවේ දැක්වෙන විදිහට, ව්‍යාධි භීතිකාවකි. බුද්ධාගම, 21 වැනි සියවසේ ආක‍්‍රමණිකයන්ගෙන් තමන්ව ආරක්ෂා කර දෙන්නැ යි ඉල්ලා සිටිය යුතු ආගමක් නොවේ. එය, නූතන සමාජයේ බුද්ධිමත් ජනතාවට ඇමතිය හැකි, විද්‍යා හිතකාමී දර්ශනයකි. ලෝකයේ හැම තැනකම බුද්ධාගම ගැන සීග‍්‍ර උනන්දුවක් ලියලමින් තිබෙන්නේ එබැවිනි.

ශුභාරංචි පල්ලිය තමන්ගේ ආගමට මිනිසුන් ආකර්ශනය කරගන්නේ කෙසේද?

ශුභාරංචිය පැතිරවීම යනු, ආගමට හරවා ගැනීමේ අරමුණින්, දෙවියන් වහන්සේ සමග ආත්මීය සම්බන්ධයකට මිනිසුන් යොමු කරනු වස්, ක‍්‍රිස්තුස් වහන්සේගේ ධර්මය දේශනා කිරීමයි. දෙවියන් වහන්සේගේ ආත්මය සමග සහජීවනය සහ සිල්වත් දිවියක ඇති වැදගත්කම ඔවුහූ අවධාරණය කරති. එහි දී පිළිපැදිය යුතු සමහර ශික්ෂාවන් අතර, සුරාව සහ සූදුව ද, නාටක සහ සිනමාව වැනි සීමාන්තික වින්දනයන්ගෙන් ද වැළකීම ඇතුළත් ය. දෙවියන්ගේ නාමයෙන් කෙරෙන කැප කිරීම් සහ මෙත් වැඞීම ආදියටත් අනුබල දෙයි. දෙවියන් වහන්සේගේ නියමයන් පරිදි ජීවත් වන තරමට සහ උන්වහන්සේ පිළිබඳ විශ්වාසවන්ත වන තරමට, බරපතල රෝග සුව කිරීමාදී සියලූ අවශ්‍යතාවන් සාක්ෂාත් කරගත හැකි බවත් දේශනා කෙරේ. ‘‘මනෝ විද්‍යාව අද’ නැමැති කෘතියේ උපුටනයක් මෙසේය: ‘‘විද්‍යාත්මක දෘෂ්ටි කෝණයෙන් ගත් විට, විශ්වාසයක ශක්තිමය මත රෝග නිවාරණය කිරීම, පැහැදිළි කළ නොහැකි, නොවැටහෙන දෙයකි. එහෙත් ඒ ක‍්‍රමය වැඩ කරයි. බෙහෙත් වර්ගවල තිබෙන ‘ප්ලැසිබෝ ක‍්‍රියාකාරීත්වයත්’ එබඳු ය. විද්‍යාඥයෝ මේ ‘ප්ලැසිබෝ ක‍්‍රියාකාරීත්වය’ පිළිගනී. එහෙත් එය තර්කානුකූලව පැහැදිළි කළ නොහේ.’’

අඟහිඟකම් ඇති බෞද්ධයන්ව තමන්ගේ ආගමට හරවා ගැනීම සඳහා කිතුණුවන් විසින් සිය බලය සහ ධනය පාවිච්චි කිරීම වැරදි සහ සදාචාර විරෝධී ක‍්‍රියාවකැ යි සමහරු තර්ක කරති. එසේ වෙතත්, ආගමික නිදහස සහ හෘද සාක්ෂියේ නිදහස, ලෝකයේ වඩාත් පිළිගැනීමට ලක්වෙන මානව හිමිකම්වලට අයත් වන බව අපි දනිමු. ආගම යනු, ඒ ඒ පුද්ගලයාට අයත් පෞද්ගලික කාරණයකි. හරියට, තමාගේ නිවසක් තෝරා ගැනීමට, තමාගේ රැුකියාවක් තෝරා ගැනීමට සහ තමාගේ සහකාරයා/සහකාරිය තෝරා ගැනීමට කෙනෙකුට ඇති නිදහස මෙනි. ආගමක් වෙනස් කළ නොහැකි බවට නියෝග පැනවීමට කිසිවෙකුට අයිතියක් ඇතැ යි මම නොසිතමි. යමෙකුට භෞතික ලාබ ප‍්‍රයෝජන සඳහාම ආගමක් වෙනස් කිරීමට අවශ්‍ය වෙතත්, එය ඔහුගේ/ඇගේ තේරීමකි. සංවර්ධිත රටක ජීවත් වීමේ ඇති වාසිය වන්නේ, ඔවුන් අනිකාගේ පෞද්ගලිකත්වයට ගරු කරන්නන් වීමයි. තමන්ගේ අසල්වැසියා වෙනත් ආගමකට මාරු වන්නේ ද සහ එසේ වන්නේ නම් ඊට හේතු කවරේ ද යන්න තවත් අසල්වාසියෙකුට ප‍්‍රශ්නයක් නොවේ. ක‍්‍රිස්තියානි ආගම බලවත්ව තිබෙන රටවල, ක‍්‍රිස්තියානි ආගමෙන් බුද්ධාගම ඇතුළු වෙනත් ආගම්වලට මිනිස්සු නිතරම පාහේ හැරෙති. එය එම රටවල් මහ ලෝකු ප‍්‍රශ්නයක් කරගන්නේ නැත. එසේ ආගමික වෙනස්වීම් ගැන හැඟීම්බරව ප‍්‍රතිචාර දක්වන්නේ, මුස්ලිම් හින්දු හෝ බෞද්ධ රටවලම පමණි.

තමන්ගේ මිනිසුන් වෙනත් ආගමකට හැරීම පිළිබඳ බියක් බෞද්ධයන්ට ඇත්නම්, එය, තමන්ගේම ආගම පිළිබඳව බෞද්ධයන් තුළම ඇති විශ්වාසයේ ප‍්‍රශ්නයකි. එසේ නැතහොත්, තමන්ගේ ආගමට වඩා වෙනත් ආගමක් බලවත් යැයි ගත් විශ්වාසයක ප‍්‍රශ්නයකි. මුදල් තකා යම් බෞද්ධයෙක් වෙනත් ආගමකට හැරෙයි නම්, එහි අදහස වන්නේ, ඔහු තමන්ගේ ආගම නිවැරදිව වටහා ගත් සැබෑ බෞද්ධයෙකු නොවන බවයි. තම ආගමේ ධර්මතා නිවැරදිව වටහා නොගත් සහ එම ධර්මතා පිළිනොපදින අනුගාමිකයන් සිටීම ඕනෑම ආගමකට බරක් මිස සම්පතක් නොවේ.

වරක් මම කොළඹ නගරයේ ඇලක් සමීපයේ දිළිඳු පළාතක වාසය කෙළෙමි. ප‍්‍රචණ්ඩත්වය, මත්ද්‍රව්‍ය උවදුර සහ වෙනත් නීති විරෝධී ක‍්‍රියා සම්බන්ධයෙන් මේ ප‍්‍රදේශය කුප‍්‍රකට ය. එකල සමහර ආගමික මිෂනාරිවරු එම පළාතට එන සැටි සහ සමහර පවුල් ඔවුන් සමග වන ක‍්‍රියාකාරකම්වලට දායක කරගන්නා සැටි මට මතක ය. අවසානයේ මේ කොටස් ක‍්‍රිස්තියානි ආගමට හැරුණි. එතැන් සිට සමහර උදේක මට මනහර දර්ශනයක් දිස් විය. හොඳින් හැඳ පැළඳ ගත් පැල්පත්වාසී සමහර පිරිමි දරුවන් පොත්පත් අතින් ගෙන අසළ වූ පල්ලියට යන සැටි මම දුටුවෙමි. එවිට, ‘අපේ කොල්ලන්ව’ ක‍්‍රිස්තියානියට හැරවීම ගැන පළාත්වාසීන් කිපුණු බව අමුතුවෙන් කිව යුතු නැත. එහෙත් මම මෙසේ සිතුවෙමි: ඒ කොලූ ගැටව් සහ ඔවුන්ගේ පවුල් එකී ආගම්කාරයන් විසින් ශීලාචාර නොකෙළේ නම්, ඔවුන්ගේ අනාගතය කුමක් වෙනු ඇත් ද? මගේ අසල්වැසියෙකු වශයෙන් හොඳ ක‍්‍රිස්තියානිකාරයෙකු සිටීම, ‘බෞද්ධයෙක්’ යන ලේබලය ගසාගත් අසංවර අසල්වාසියෙකු සිටීමට වඩා මට නම් හොඳ ය. මෙසේ වෙනත් ආගම්වලට හැරීම කෙරෙහි දැක්විය යුතු බුද්ධිමත් ආකල්පය වන්නේ, රටේ සිටින එවැනි දුක්ඛිත මිනිසුන්ගේ සේවය සඳහා බෞද්ධ මිෂනාරිවරුන් පෙරමුණ ගැනීමයි. නූගත් සහ අන්ත දිළිඳු භාවයෙන් විඳවන මිනිසුන් ළඟට, ඔවුන්ගේ ජීවන තත්වයන් නගා සිටුවීමටත්. බුදුන්ගේ සැබෑ දහම කියා දීමටත්, ඔවුන්ට යන්නට පිළිවන. සැබෑ දහම ගැන දැන ගැනීම, වෙනත් ආගමක හව්හරණයට නොගොස්, ජීවන අභියෝගවලට මුහුණදීමට කෙනෙකුට අවශ්‍ය කරන බුද්ධිමය හැකියාව සපයන්නේය.

බුද්ධාගම තුළ, විමුක්තියේ මාර්ගය කරා වැටී ඇති ප‍්‍රථම පියවර වන්නේ, ශීලයයි. වෙනත් බොහෝ ආගම්වල ද එසේම යි. උදාහරණයක් වශයෙන් ක‍්‍රිස්තියානි ආගමේ ‘දස පනත’ ගත්තොත්, එයින් අඩු වශයෙන් පහත සඳහන් ශික්ෂා පද හයවත් භාර ගැනීම බෞද්ධයන්ට ප‍්‍රශ්නයක් නොවනු ඇත.

1. නුඹේ පියාට සහ මවට ගරු කරව. එවිට, දෙවියන් වහන්සේ විසින් නුඹට දානය කරන දේශයේ දීර්ඝ කාලයක් නුඹ වෙසෙනු ඇත.
2. මිනී නොමරව.
3. පරදාර සේවනය නොකරව.
4. සොරකම් නොකරව.
5. අසල්වාසියාට විරුද්ධව බොරු සාක්කි නොකියව.
6. අසල්වාසියාගේ නිවසට, අසල්වාසියාගේ බිරිඳට, අසල්වාසියාගේ සේවකයාට, අසල්වාසියාගේ සේවිකාවට, අසල්වාසියාගේ හරකාට, අසල්වාසියාගේ බූරුවාට, අසල්වාසියාගේ කිසිවකට ලොබ නොකරව.

බයිබලය කියවන ඕනෑම බෞද්ධයෙකුට බුද්ධ දේශනාවට සමාන බොහෝ දේවල් යෙසුස් ක‍්‍රිස්තුස් වහන්සේගේ දේශනා තුළ ද හමුවෙනු ඇත. ලෞකික තෘෂ්ණාව කෙරෙහි ඇලීමෙන් වැළකීම, පරිත්‍යාගශීලී වීම, මෛත‍්‍රිය සහ සමාභජනය ආදිය ඉන් සමහරකි.

මා සිතන විදිහට, ආගමක් අවබෝධ කරගන්නේ නැත්නම් සහ ආගමානුකූලව ජිවත් වන්නේ නැත්නම්, එම ආගමේ ලේබලය අලවා ගැනීම නිරර්ථක ය. සමහරු ආගම සලකන්නේ පිටස්තරට පෙන්විය යුතු මෝස්තරයක් වශයෙනි. එසේ තිබියදී එම ආගමට යම් අපහාසයක් වුණොත් කැති පොලූ අතට ගනිති. ආගමේ පරමාර්ථය වන්නේම, අපේ සිත්සතන් සමහන් කිරීම සහ අනුන්ට දයාව, කරුණාව පෑම සහ සමාභජනය කිරීම බව එහි දී අමතක කරති. යහපත් කල්ක‍්‍රියාවෙන් යුත් මිනිසුන්ගේ හිඟකමක් අද ලෝකයේ තිබේ. කෙනෙකු අයත් වන්නේ මොන ආගමට ද යන්න වැදගත් නැත. වැදගත් වන්නේ, යහපත් මිනිස් ගුණ ධර්ම සහිත මිනිසුන් සිටීමයි. බෞද්ධ අර්ථයෙන් ගත් විට, මහත්වරුන් හෝ බ‍්‍රාහ්මණයන් වන්නේ එවැන්නන් ය. යමෙකු වෙනත් ආගමකට හැරීමෙන් තමන්ගේ ජීවිතය වෙනස් කර ගනී නම් සහ ඒ ගැන සතුටින් සිටී නම්, බුදු දහම වටහාගත් බෞද්ධයෙකු කළ යුත්තේ, ඒ තැනැත්තාට සුබ පැතීම මිස කෝපයට පත්වීම හෝ ප‍්‍රචණ්ඩ වීම නොවේ.

සෑම මනුෂ්‍යයෙක්ම මරණයට බිය වෙයි. පොලූ පහරක ඇති වේදනාවට බිය වෙයි. ටිකක් හිතන්න: එවැනි දෙයක් ගැන ඔබට හැෙඟන්නේ කෙසේද? එසේ නම්, ඝාතනය නොකරන්න, පහර නොදෙන්න. සෑම මනුෂ්‍යයෙකු සමගම සාමයෙන් ජීවත් වන්න. දැනට පවතින හිංසනයට, තවත් හිංසනය එකතු නොකරන්න. මේ භවයේ කිසිවෙකුට හානි නොකරන්න. එතකොට ඊළඟ භවයේ ජීවිතය සාමකාමී වෙනු ඇත. (ධම්ම පදයෙනි).

*2014 ජනවාරි 15 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ  Is Angry Response Of Buddhists To Religious Conversions Justified? නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Print Friendly, PDF & Email

Latest comments

  • 3
    0

    mema katava mevani siddi ati nati hama velavakama kiyanava.aneka mema hama veedio patayak balana vita mata hitenne rajaye kisiyam pirisak mehayavana bavaya. eyata hetuva policiya idripita mese veddi atadanguvat ganna bari hetuva kumakde .pasuva boruvata ganna eka nove. visva vidyala kriyakari sisun venat sanvidana kriya kareen ayata kriyatmaka neetiya dekak venne kohomade. police comisan tibunanam samaharavita neetiya kriyatmaka venna pilivan.adikaranaya manahikam rajya seva atulu comisan kriyatmaka vanavanam janatava meeta vada idiriyen situnu ata. danata janadipati amatyansayakama ayatanavala sabapatila patkarana rataka vipaksaya nihadava sitina rataka amativaru varaprada tula hiravee sitina rataka madya kiyganne bariva hiravee sitina ratake videsa ratavala yam bala pamak natnam janatavata pallivalatagahana muslim demala virodeenge kudu karayange etanol karayange sarnai.

  • 1
    0

    I relay appreciate the true Buddhist friend who wrote this letter.We are Srilankas we should have the freedom to worship any God.If any one says
    that he was given money and converted it is wrong.The true believe and the experience makes some one to change.If any religion wants to have more people to know there believe, they should step out and teach and keep there believers in.To do this they have to work hard.Teach the good news rather attacking others who are relay doing there good works.

  • 3
    0

    I can comment only one thing. There is a huge accusation for Evangelical Churches on Unethical Conversions which is totally untrue as I clearly know most of these Pastors are very basic people and some times don’t have a single penny ,some times for their meals either. I know many Christian Reverends are living very poor life,i know these things as I am very closely associate with many of them.

    If you are hungry and if you go there they will give you food they will never let you down, its same with most of the Buddhist temples as well, so can we say that this is an inducement? every religion do support poor.

    These pastors have a huge faith on what they believe. We may agree with them or not but this is the reality. We shouldn’t challenge any body`s faith as they have a right for it, we only can do is peaceful dialogue with each other , as Buddha said.

    Lakshan Dias – Attorney At Law

  • 2
    1

    i do not have a problems with idiots just changing their faiths, one doctrine to the other, both are similarly , unequivocally harmful to humans. they can kill each other too, it does not concern me. i think we need to give both sides a fair go by giving them guns, so they can shoot each other dead, does not worry me at all>

  • 1
    0

    mama sithanne me lipiya godak wadagath ekak mewani asilachara lesa hasirena ayata dewiyan wahanse wadawasaya karanawa kiwwe ethuma adahana yatahath murdu manushshayange hadawathwala esenam siwru porogana bawddha agama deshanakarana manushshayange wandum labana mowunge kothanada budun deshanakarapu maythriya thiyenne me aya karapu me paharadeem banawadim buddhadharmaye kothanakahari thiyanawada nayaka bhikshun wahansela wauni pasuthawennalajja wenna samawa ganna obla desa niraya kata aragana balan innawa ikmanata langama thiyana palliyakata gihin dewiyanwahanse adahagana jewithaya wenaskaraganna

  • 0
    1

    buddhists do not have to worry about sri lanka becoming a christian country.Instead there will be no christians in a couple of decades. because most of catholics marry buddhists people, especially catholic girls. because buddhists target catholic famillies and marry catholics girls. and converting their children into buddhism. almost all middleclass catholics marry into buddhist famillies. and catholic population has gone down to 6 percent now. in near future, all sinhala people will be buddhist.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.