20 April, 2024

Blog

කොරෝනා වෛරස් වසංගතය හා කල් දමනු ලැබූ පාර්ලිමේන්තු මැතිවරණය: මහින්ද රාජපක්‍ෂ

මහින්ද රාජපක්‍ෂ – 

මහින්ද රාජපක්‍ෂ – අග්‍රාමාත්‍ය

කොරෝනා වෛරස් වසංගතය ඇමරිකාව, ඉන්දියාව, බංග්ලාදේශය වැනි රටවලට බලපෑවේ එම රටවල් කාලයක් මුළුල්ලේ වේගවත් ආර්ථික වර්ධනයක් සාක්ෂාත් කරගෙන, ශක්තිමත්ව සිටි අවස්ථාවකය. නමුත් ලංකාවට මේ උවදුරට මුහුණ දීමට සිදුවූයේ දරුණු ආර්ථික කඩාවැටීමක් මධ්‍යයේය. 2015 සිට 2019 දක්වා සිදු වූ අවපාලනය නිසා අපේ ණය බර 71% කින් වැඩි විය. රුපියලේ අගය 30% කින් කඩා වැටුණි. ආර්ථික වර්ධන වේගය 2.7% ක් දක්වා අඩුවිය. 2019 නොවැම්බරයේදී අපි ජනාධිපතිවරණය දිනා අලුත් ආණ්ඩුවක් පිහිටෙව්වද, අපට පාර්ලිමේන්තුවේ බහුතරයක් නොමැති වීම හේතුවෙන් පහුගිය ආණ්ඩුවේ බෙහෙත් හා පොහොර සැපයුම්කරුවන්ට හිඟ මුදල් ගෙවීම සඳහාවත් අතුරු සම්මත ගිණුමක් සම්මත කර ගැනීමට නොහැකි විය.

මේ අවස්ථාවේදී අස්වැසිල්ලට ඇත්තේ ව්‍යවස්තාවේ 150(3)  වගන්තිය යටතේ ජනාධිපතිවරයාට හිමිවෙන මුදල් බලතල පිළිබඳ විධිවිධාන පමණි.  අපිට කොරෝනා වෛරස් වසංගතයට මුහුණ දීමට සිද්ධ වූයේ මේ සියලුම අවාසිදායක තත්ත්වයන් මධ්‍යයේය. පසුගිය මාර්තු 11  වැනිදා පළමු කොරෝනා රෝගියා  හමුවීමත් සමගම,  අපි රෝගය කල්තියා හඳුනා ගැනීම, රෝගීන් වෙන්කර ප්‍රතිකාර කිරීම, අවදානමට ලක්වූ පුද්ගලයන් නිරෝධායනයට ලක් කිරීම,  රෝගීන් ඇසුරු කළ පුද්ගලයන් සොයා ගැනීම සහ සමාජ දුරස්ථ භාවය පවත්වා ගැනීම වැනි පාලන ක්‍රමවේදයන් හඳුන්වා දුන්නෙමු. මේ ආකාරයේ මෙහෙයුමක් අපගේ ජීවිත කාල තුළ කිසිදාක අපි අත්දැක නැත. රෝගය පැතිරීම වැළැක්වීමට සති ගණන් එක දිගට ඇඳිරිනීතිය පැනවීමටත් අපට සිදුවිය.

රට පුරාම තම නිවෙස්වලින් පිටවීමට නොහැකි ජනතාවට ආහාර, බෙහෙත් වැනි අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ලබාගැනීමට ක්‍රමවේදයක් සැලසිය යුතු විය. අඩු ආදායම්ලාභී පවුල්වලට ආධාර සැපයිය යුතු විය.  රටේ නිෂ්පාදන ක්‍රියාවලිය පවත්වාගෙන යෑම සඳහා වී ගොවීන්,  එළවළු ගොවීන්, හා ධීවරයන්ගේ නිෂ්පාදන මිලදී ගත යුතු විය. මේ සියලුම දේවල් එක විට ඉතා කෙටි කාලයක් තුළ සංවිධානය කර ගැනීමට හැකිවීම සැබැවින්ම කලමනාකරණයේ ප්‍රාතිහාර්යයකි. කොරෝනා වෛරස් වසංගතය පාලනය කිරීමේදී ලංකාව ලබාගෙන ඇති සාර්ථකත්වය අද මුළු ලෝකයම පිළිගනී.

ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් අද්විතීය නායකත්වයක් සපයා ඇත. අපේ රජයේ වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල මුලු ලෝකයේම අවධානය දිනාගෙන ඇත.  රෝගීන් ඇසුරු කළ පුද්ගලයන් සොයාගැනීමේදී අපේ බුද්ධි අංශ පෙන්වා ඇති දක්ෂකම හා කැපවීම නිසාත්, නිරෝධායනය ක්‍රියාවලිය පවත්වාගෙන යාමේදී  ත්‍රිවිධ හමුදාව පෙන්වා ඇති කාර්යක්ෂමතාවය නිසාත් රෝගය පැතිරීම පාලනය වී ඇත. පොලීසිය ඇතුළු සෑම තරාතිරමකම රජයේ සේවකයන් කොරෝනා මර්ධන ව්‍යාපාරයේ සාර්ථකත්වයට දායක වී ඇත. අද කොරෝනා වෛරසය නිසා අනාරක්ෂිත වී ඇති ලෝකය තුළ අපේ රට වඩාත්ම සුරක්ෂිත ස්ථානයකි. අපිට මේ තත්ත්වයට ඒමට පුළුවන් වූයේ විනාශ කරන ලද ආර්ථිකයකුත්, පුළුවන් හැම අවස්ථාවකදීම ආණ්ඩුවේ කකුලෙන් අදින, රටට ආදරයක් නැති අවස්ථාවාදී විපක්ෂයකුත් මේ රටේ තිබියදීය.

නිරෝධායනයට යෑම ප්‍රතික්ෂේප කළ අය දිරි ගැන්වීම තුළින් විපක්ෂනායකවරයා මුල් අවස්ථාවේ සිටම කොරෝනා වෛරස් මර්ධන ව්‍යාපෘතිය කඩාකප්පල් කිරීමට උත්සාහ දැරීය. ඉන්පසු, පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබෙන අවස්ථාවක රජයේ මුදල් වැය කිරීමට ජනාධිපතිවරයාට බලය නැතැයි කියමින් ඔවුන් සෞඛ්‍ය සේවය ඇතුළු සියලු රජයේ  සේවාවන් කඩාකප්පල් කිරීමට උත්සාහ දැරුවේය. නව පාර්ලිමේන්තුව ජූනි දෙවැනිදාට කලින් හමුවිය යුතු බවත්, පාර්ලිමේන්තු මැතිවරණය ඊට කලින් පැවැත්වීමට නොහැකි බවත්, එම නිසා පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් පත්‍රය අහෝසි කළ යුතු බව අද ඔවුන් පවසා සිටී. 

යහපාලන ආණ්ඩුව අවුරුදු තුනකින් පළාත් පාලන ඡන්දය කල් දැමූ ආකාරය අපට මතකය. ඒ ඡන්දය උසාවියට ගොස් දින නියමයක් නැතිව කල් දමා ගැනීමට ඔවුන් ගත් උත්සාහය  ව්‍යාර්ථ වූයේ නඩු නැති පළාත් පාලන ආයතන වලට හෝ ඡන්දය පවත්වන බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කළ නිසා පමණි. 2017 දී පළාත් සභා විසුරුවා හැරීමට දින කිහිපයක් තිබියදී,  පළාත් සභා ඡන්දය පැවැත්වීම  වැළැක්වීමට යහපාලන ආණ්ඩුව පළාත් සභා ඡන්ද ක්‍රමය වෙනස් කළේය. ඒ සංශෝධන පනත සම්මත කිරීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයක් අවශ්‍ය බව නීතිපතිවරයා ප්‍රකාශ කළ විට ඔවුන් පාර්ලිමේන්තුවේ කොරිඩෝවේ දැමූ ඩීල් තුළින් ඡන්ද වෙනුවෙන් ප්‍රතිපත්තිය පාවා දී අවශ්‍ය බහුතරය ලබාගත්තේය.

ඒ අපකීර්තිමත් ගනුදෙනුවේ ප්‍රතිඵලයක් හැටියට 2017 අගෝස්තු 25 වැනිදා සම්මත කළ පළාත් පාලන මැතිවරණ සංශෝධන පනතේ සමානුපාතික නියෝජිත  ප්‍රතිශතය 40% ක්  වන අතර,  ඊට මාසයකට පසු සම්මත කරනු ලැබූ පළාත් සභා මැතිවරණ සංශෝධන පනතේ සමානුපාතික නියෝජිත ප්‍රතිශතය 50% ක් වේ. ශ්‍රේෂ්ඨාධිකරණයට  පෙත්සමක් ඉදිරිපත් කොට ප්‍රකාශයට පත් කර තිබුණු පාර්ලිමේන්තු මැතිවරණයක් අවලංගු කර ගත් දේශපාලන පක්ෂ සිටින ලෝකේ එකම ප්‍රජාතන්ත්‍රවාදී රට වෙන්නෙත් ශ්‍රී ලංකාවය.  වත්මන් පාර්ලිමේන්තු මැතිවරණය කල් දමා ගැනීමට මේ ගෙනියන උත්සාහය ඒ අපකීර්තිමත් යටගියාවේම දිගුවකි.

කුමන අවස්ථාවකදී හෝ සාමාන්‍ය ජනජීවිතය මෙය රටේ නැවත ආරම්භ විය යුතුය.  අපේ පරිපාලන දිස්ත්‍රික්ක 25න්, එකොළහක එකම කෙරෝනා වෛරස් ආසාදිතයෙක් වත් නැත.  තවත්  දිස්ත්‍රික්ක හතක ආසාදිතයන්  හමුවී ඇත්තේ එක්කෙනෙකු හෝ දෙදෙනෙකි. තවත් දිස්ත්‍රික්ක දෙකක රෝගීන් පස් දෙනෙකුත් හත් දෙනෙකුත් අතර ගණනක් සොයාගෙන ඇත.  රෝගීන් සැළකිය යුතු ගණනක් සොයා ගෙන ඇත්තේ දිස්ත්‍රික්ක පහක පමණි.

පසුගිය මාර්තු දෙවැනිදා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් මැතිවරණය පවත්වන දිනය අප්‍රේල් 25 හැටියටත්,  අලුත් පාර්ලිමේන්තුව මුල් වරට හමු වෙන දිනය මැයි 14 වැනිදා හැටියටත් නියම කළේය. ඊට දින දහයකට පසු පළමු කොරෝනා රෝගියා සොයා ගත් අවස්ථාවේදී මැතිවරණය පවත්වන දිනය කල් දැමීමට ජනාධිපතිවරයාට බලය නොතිබුණි. 1981 අංක 1 දරණ  පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 24(3)  වගන්තියට අනුව ජනාධිපතිවරයා නියම කළ දිනයට පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නොහැකි නම්, ඒ සඳහා වෙනත් දිනයක් නියම කිරීමට මැතිවරණ කොමිසම බැඳී සිටී. දිනයක් නියම නොකොට පාර්ලිමේන්තු මැතිවරණය කල් දැමීමට මැතිවරණ  කොමිසමට  බලයක් නැත.

සති ගණනක් හෝ මාස ගණනක් ඉදිරියට අනාගතයේ විය හැකි හෝ නොහැකි දේවල් පිළිබඳව ඇතිකරගන්නා උපකල්පන මත අනිවාර්යෙන්ම පිළිපැදිය යුතු නීතිමය ප්‍රතිපාදන නොසළකා හැරිය නොහැක. මැතිවරණ කොමිසම මුලින්ම 24(3) වගන්තිය යටතේ ඔවුන් වෙත පැවරී ඇති කාර්‍යභාර්ය නීතියට අනුකූළව ඉටුකර, ඉන් පසුව සාකඡ්චා කළ යුතු කාරණයක් ඇත්නම් ඒ වෙත යොමු විය යුතුය.  

*මහින්ද රාජපක්‍ෂ – අග්‍රාමාත්‍ය 

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    0

    For the sake of entire nation we plead do not resort to opportunistic moves which could seriously risk the lives of innocent people. We salute the leadership given by the President and those who are supporting him relentlessly. All those achievements will become of no use if we hold the election just to satisfy the power hunger of few. President has shown his capabilities. So If it is to get the 2/3 majority using this pathetic situation to change the constitution, its not needed, Entire opposition should and will definitely support those legitimate changes he needs. China is experiencing its second phase of infections and now again closing down certain areas. We cannot compare our country with South Korea or China. Monetarily they can conveniently afford to bear another round of attack. We cannot bear another round of corona attack because our economy has virtually already collapsed people has suffered to the maximum they could bear. People are tolerating present extreme difficulties and supporting the efforts of the Govt purely due to fear of their lives. Hold elections in August. If recalling the past parliament is what needs to be avoided, let president run the country with the support of all party leadership representatives to get required funds approved and hold elections under suitable conditions in August 2020.

    • 1
      0

      මහාචාර්ය හූල්ට මම සැබවින්ම ගරු කරමි, නිශ්ශබ්දතාව බිඳ දැමීමට සහ නිර්භීත ධෛර්යයක් ඔහුට ඇති බව පෙනේ.
      එකම කොමිෂන් සභාවේ අනෙක් දෙදෙනාට නොපෙනෙන එවැනි විශේෂ අයිතිවාසිකම් හිමි කර ගැනීමට ඔහු කොමිසමේ සභාපති විය යුත්තේ ඇයි? උදාහරණයක් ලෙස පුරවැසියෙකු ලෙස ඔහු නියෝජනය කරන දේ ෆේස් බුක් වෙත හුවමාරු කර ගැනීම ඔහුගේ වෘත්තිය තුළ නොකළ යුතුය. මෙය විශාල උල්ලං is නය කිරීමකි. මම හිතන්නේ සාමාජිකයන් 3 දෙනෙකු පමණක් නොව, එවැනි ආයතන නියෝජනය කිරීමට අපට සාමාජිකයන් 6 ක් අවශ්‍ය වේ. බ්‍රිතාන්‍යයන් එය 3 ට නියම කරනු ඇත්තේ ඔවුන්ගේ සමාජය අපගේ සමාජයට වඩා බොහෝ දැනුමක් ඇති හෙයිනි – ශ්‍රී ලංකාවට සාපේක්ෂව ඔවුන්ගේ දේශපාලන ගැටලු පිළිබඳ දැනුවත්භාවය බෙහෙවින් වැඩි ය. ඔවුන් එය ආරම්භ කළේ ඇයිදැයි මම නොදනිමි. පාලකයින් බ්‍රිතාන්‍ය ක්‍රම භාවිතා කරන බවක් පෙනෙන්නට තිබුණත් එය සමාජයට නොගැලපේ. නීතිය හා සාමය ද එක හා සමානයි – ඔවුන් බ්‍රිතාන්‍ය නීතිය ක්‍රියාත්මක කරමින් සිටියද, ශ්‍රී ලංකාවට ගැළපෙන විධිවිධාන සකස් කර අනුගත නොකරමින් – එය අප නැවත නැවතත් විනාශයට පත්වේ .. අපට දැඩි නීති අවශ්‍යයි මේ රටේ සෑම පුරවැසියෙකුම හීලෑ කිරීම සඳහා නීතිය ක්‍රියාත්මක කිරීම.

      • 1
        0

        අද අපේ සමාජයේ බොහෝ දෙනෙක් අවම වශයෙන් මානව සාරධර්මවලට යටත් නොවෙති. මිනිසුන් දෙවරක් නොසිතයි. ඔවුන් විශ්වාස කරන්නේ රූපවාහිනිය පුරා පැතිර ඇති දේ. එය ඔවුන්ගේ පහසු තොරතුරු මූලාශ්‍රය බවට පත්ව ඇත. නැතහොත් ඔවුන් ෆේස්බුක් මත විශ්වාසය තබති. ෆේස් පොත් කියවන බොහෝ දෙනා සහ ලේඛකයින් ලොව පුරා වගකීම් විරහිත ය. එය තවමත් බොහෝ දෙනෙකුට පැහැදිලි නැත. ඔබේ ආදරණීයයන් ආසාදනය වීමට ඉඩ තිබුණත්, ඔවුන් දිගින් දිගටම අතවර කරන දේශපාලන .යන්ට උදව් කරනවා. මෙම ප්‍රවණතාවය මෙතෙක් දන්නා මාරාන්තික වෛරසයකට වඩා භයානක ය. වෙනත් බොහෝ දියුණු වෙමින් පවතින රටවල් මෙන්, විශ්ව විද්‍යාල ජ්‍යෙෂ් resear පර්යේෂකයන් ඔවුන්ගේ නිශ්ශබ්දතාව බිඳ දැමිය යුතු අතර එමඟින් වෛරසය රට පුරා ව්‍යාප්ත වීම පිළිබඳව ජනතාව දැනුවත් කිරීම වැඩි දියුණු කළ හැකිය. එමඟින් අවදානමට ලක්විය හැකි අයට පැතිරීම වළක්වා ගත හැක්කේ ඔවුන්ට පමණි. ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අවනත නොවන්නේ නම් ඔවුන් සිදුවිය හැකි ප්‍රතිවිපාක නැවත නැවතත් කළ යුතුය.

        • 0
          0

          ශ්‍රී ලංකන් රජයට මේ දිනවල ඇමරිකානු ඩොලර් මිලියන 1200 කට වඩා ලැබී ඇති අතර, එම අරමුදල්වලින් ඔවුන් කරන්නේ කුමක්ද? මිලියන 22 ක ජාතියක් සඳහා තවමත් පරීක්ෂණ 6500 ක් සිදු කර නොමැත. ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩි වැඩියෙන් පරීක්ෂණ සඳහා යන ලෙස ඉල්ලා තිබේ. අපගේ විද්‍යාගාරවල ධාරිතාව දිනකට 1200 ඉක්මවන බව වාර්තා වේ. එසේ නම්, මිනීමරු ජනාධිපති සහ ඔහුගේ සහෝදරයා තවමත් ප්‍රමාණවත් පරීක්ෂණ නොකරන්නේ ඇයි? ඔවුන් සිය මැතිවරණ ප්‍රචාරක කටයුතු හෝ පෞද්ගලික අපයෝජනයන් සඳහා අරමුදල් එකතු කර ඇත. ඔවුන් දුප්පතුන්ගෙන් මුදල් කොල්ලකෑමේ ප්‍රවීණයෝ ය. අපට කළ හැක්කේ දෙවිවරුන් උදෙසා යාච් pray ා කිරීම පමණි.
          තවත් දෙයක් – ලෝක තෙල් මිල 50% දක්වා පහත වැටී ඇත. එබැවින් සෑම මිනිත්තුවකම (යුරෝපය තුළ) මිල වෙනස් කිරීම සඳහා සූත්‍රයක් භාවිතා කරන සෑම රටක්ම එම නිසි සහනය ජනතාවට ලබා දී ඇත. එහෙත් ශ්‍රී ලංකා රජය තවමත් තෙල් මිල අඩු කර නැත. අදටත් ඔවුන් එම තෙල් මිල අඩු කිරීමෙන් එතරම් මුදලක් ඉතිරි කරයි. . ඇයි ඒ ඉතිරිකිරීමෙන් ඔවුන්ට අද දින කබලෙන් ලිපට වැටී සිටින ජනතාවට වැඩි සහන ලබා දිය නොහැක්කේ. හිටපු රජය සෑම දිනකම පාහේ ජනතාවට මෙම සහනය ලබා දුන්නේ එම සූත්‍රය මාසිකව යාවත්කාලීන කිරීමට නියමිතව තිබූ බැවිනි. මිනිස්සු හිටපු ඇමතිට පහර දුන්නත් ඔහු ලොකු වැඩක් කළා. ජනතාවට බොහෝ දේ කර ඇත්තේ කවුරුන්ද යන්න දැන් ජනතාව වටහා ගත යුතුය.

      • 0
        0

        තවත් දෙයක් – ලෝක තෙල් මිල 50% දක්වා පහත වැටී ඇත. එබැවින් සෑම මිනිත්තුවකම (යුරෝපය තුළ) මිල වෙනස් කිරීම සඳහා සූත්‍රයක් භාවිතා කරන සෑම රටක්ම එම නිසි සහනය ජනතාවට ලබා දී ඇත. එහෙත් ශ්‍රී ලංකා රජය තවමත් තෙල් මිල අඩු කර නැත. අදටත් ඔවුන් එම තෙල් මිල අඩු කිරීමෙන් එතරම් මුදලක් ඉතිරි කරයි. . ඇයි ඒ ඉතිරිකිරීමෙන් ඔවුන්ට අද දින කබලෙන් ලිපට වැටී සිටින ජනතාවට වැඩි සහන ලබා දිය නොහැක්කේ. හිටපු රජය සෑම දිනකම පාහේ ජනතාවට මෙම සහනය ලබා දුන්නේ එම සූත්‍රය මාසිකව යාවත්කාලීන කිරීමට නියමිතව තිබූ බැවිනි. මිනිස්සු හිටපු ඇමතිට පහර දුන්නත් ඔහු ලොකු වැඩක් කළා. ජනතාවට බොහෝ දේ කර ඇත්තේ කවුරුන්ද යන්න දැන් ජනතාව වටහා ගත යුතුය.

        • 0
          0

          අද දින එක් පවුලක් තම බලය අයුතු ලෙස පරිහරණය කරන නිසා අපේ දුප්පත් ජනතාව කබලෙන් ලිපට ගිනි නොගත යුතුය. මිනිසුන්ට විවිධාකාරයෙන් පහර දෙන අතර ඔවුන් බලයට පිස්සු වැටී සිටිති. කොරෝනා එක් දෙයක් වන නමුත් වෛරසය ආසාදනයට වඩා කුසගින්න ඊටත් වඩා කුරිරු ය. ජනතාවගේ බදු අරමුදල් සහ ජාත්‍යන්තර ප්‍රජාවෙන් ලැබෙන අරමුදල් අද රටේ සෑම අස්සක් මුල්ලක් නෑරම සාගින්නෙන් පෙළෙන දුප්පතුන්ට ලබා දිය යුතුය. බලයේ සිටින අය – ඔවුන්ගේ වැටුප දුප්පතුන්ට සහ ඔවුන්ගේ කුසගින්න වෙනුවෙන් ඉදිරිපත් කළ යුතුය. අවම වශයෙන් මාස දෙකක්වත් ඔවුන්ට එය කළ නොහැක්කේ ඇයි?
          රාජපක්ෂයන් අන් සියල්ලන්ට වඩා බොහෝ දේ ඉදිරිපත් කළ යුත්තේ ඔවුන් වසර ගණනාවක් තිස්සේ මිනිසුන්ගේ අරමුදල් කොල්ලකෑම හෝ ජීවත් වීම නිසාය.

    • 1
      0

      අද අපේ සමාජයේ බොහෝ දෙනා අවම වශයෙන් මානව සාරධර්මවලට යටත් නොවෙති. මිනිසුන් දෙවරක් නොසිතයි. ඔවුන් විශ්වාස කරන්නේ රූපවාහිනිය පුරා පැතිර ඇති දේ. එය ඔවුන්ගේ පහසු තොරතුරු මූලාශ්‍රය බවට පත්ව ඇත. රූපවාහිනී ප්‍රවෘත්ති පැය 24 පුරාම ව්‍යාජ බවට පත් වුවහොත් කුමක් කළ යුතුද? නැතහොත් ඔවුන් ෆේස්බුක් මත විශ්වාසය තබති. නමුත් මුළු ලෝකයම දන්නා පරිදි සමාජ මාධ්‍ය සහතික කර නොමැති අතර ඒවා මත විශ්වාසය තැබීම ඔබේ වගකීමකි. එබැවින් ඔබ FACE පොතේ සොයා ගන්නා ප්‍රවෘත්ති විශ්වාසදායක නොවේ. ෆේස් පොත් කියවන බොහෝ දෙනා සහ ලේඛකයින් ලොව පුරා වගකීම් විරහිත ය. සංවර්ධනය වෙමින් පවතින රටවල ජීවත් වන බොහෝ දෙනාට එය පැහැදිලි නැත. මන්ද එය සත්‍යවාදීද නැද්ද යන්න භාර ගැනීමට ඔවුන්ට බල කෙරී ඇත.
      කොල්ලකාරී දේශපාලන politicians යන් හා ඔවුන්ගේ උපක්‍රම වලට හසු වන පරිදි ලැන්කන් දේශපාලන සංස්කෘතිය නිර්මාණය කර ඇත. ඔබගේ ආදරණීයයන් ආසාදනය වීමට ඉඩ තිබුනත්, ඔවුන් බොහෝ දුරට නොදන්නා හේතුන් මත අතවරයට ලක්වන දේශපාලන politicians යින්ට පක්ෂග්‍රාහීව කටයුතු කරයි. සමහර විට, උදාසීනත්වය, මෝඩකම, මෝඩකම සහ සත්‍ය තොරතුරු නොමැතිකම, නිසි දැනුවත්භාවය නොමැතිකම යනාදිය මේ පිටුපස තිබේ. මෙම ප්‍රවණතාවය මෙතෙක් දන්නා මාරාන්තික වෛරසයකට වඩා භයානක ය. වෙනත් බොහෝ දියුණු වෙමින් පවතින රටවල් දැනටමත් කරමින් සිටින පරිදි, අපගේ විශ්ව විද්‍යාල ජ්‍යෙෂ් resear පර්යේෂකයන් ඔවුන්ගේ දීර් silence නිශ්ශබ්දතාව බිඳ දැමීමෙන් ප්‍රතිචාර දැක්විය යුතු අතර එමඟින් රටේ ජනතාව පිළිබඳ දැනුවත්භාවය වැඩිදියුණු කළ හැකිය. විශේෂයෙන්, රට පුරා මාරාන්තික වෛරසය වැළැක්වීම සඳහා ඔවුන් පවුල් බවට පත් කිරීම. සෞඛ්‍ය නිලධාරීන් විසින් නිකුත් කරනු ලබන උපදෙස් වලට කීකරු වීම හැර වෙනත් විකල්පයක් ජනතාවට නොතිබිය යුතුය. සංඛ්‍යා දහස් ගණනක් ඉක්මවා ගියහොත් එයට මුහුණ දීමට අප බලවත් ජාතියක් නොවේ. සිය ගණනකට රෝහල් ඇඳ ඇතිරිලි සහ අයනීකරණ කුටි ලබා දීමට රටේ සෞඛ්‍ය යටිතල පහසුකම් ප්‍රමාණවත් නොවේ. මේ සියල්ලම දූපත් ජාතියේ යථාර්ථයන් වන හෙයින්, තවත් සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස අපට සිදුවිය හැකි අන්තරාය පිළිබඳව ජනතාව නැවත නැවතත් පැහැදිලි කළ යුතුය.

  • 2
    0

    මැතිවරණය ගැන කියන්න තියෙන්නේ මැතිවරණයකට යන්න තරම් වාතාවරණයක් රටේ නැති බව.
    අගමැතිතුමා වුනත් නිරීක්ෂණය කරලාඇති, ජනාධිපතිවරණය පැවැත්වෙන කොට තිබ්බ අදහස් ප්‍රකාශ කිරීමේ කිරීමේ නිදහස දැන් ජනතාවට නැහැ.
    ආරක්ෂක අමාත්‍යාංශය පිස්සු බල්ලන් වගේ මිනිස්සු පස්සේ එලවනවා.
    සමාජජාල වල නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස බින්දුවයි.
    මිනිස්සුන්ට ඇඳිරි නීතිය කාලේ අත්දැකීම් කිසි දෙයක් අනිත් මිනිස්සු එක්ක බෙදා ගන්න නිදහසක් අද නැහැ. හමුදාව, පොලිසිය, නිරෝධනය, කොරෝනා දත්ත මේ කිසි දෙයක් ගැන කතා කරන්නවත් නිදහසක් නැහැ. සිංහල මාධ්‍ය වල මිනිස්සුන්ගේ අදහස් පළවෙන්නේ නැහැ. මම සිංහල පත්තරේකට ලියපු හුඟක් දාල තිබුනේ නැහැ.
    ඇඳිරි නීතිය කැඩුවා කියල 31,680ක් මිනිස්සු අත්අඩංගුවට අරන් තියෙනව.
    මම මේ ගැනත් සිංහල කොමෙන්ට් එකක් ලිව්වා මේ මිනිස්සු කරපු වැරදි වල breakdown එකක් දෙන්න කියල. ඒක වැටුනෙත් නැහැ.
    19 අහෝසි කරන්නත් ඉස්සෙල්ල මෙහෙම සාමාන්‍ය මතයක්වත් ලියන්න නිදහසක් නැත්නම්, ඊටපස්සේ?
    ඇඳිරි නීතිය කඩන්න තරම් 31,680ක් මිනිස්සුන්ට තිබ්බ අවශ්‍යතාවය මොකක්ද?
    මිනිස්සු පාරට ගියේ කෑම හෝ බෙහෙත් ගන්න වෙන්න බැහැ. එහෙනම් මළගෙවල් වලටද? ලෙඩ්ඩු බලන්නද? මේ මිනිස්සුන්ගෙන් කීදෙනෙක් ගෘහ මූලිකයෝද? කීදෙනෙක් දරුවන්ද? කීදෙනෙක් වයසක වැඩිහිටියෝද? මේ, මේ රටේ අහිංසක පුරවැසියෝ.
    මේසා විශාල මිනිස්සු ප්‍රමාණයක් අත්අඩංගුවට ගන්න හේතුව තොරතුරු හංගන්න. ජනාධිපතිවරයා ආරක්ෂක ලේකම් කාලේ කාන්තාවන්ට සහ දරුවන්ට වුනු අතවර වල දත්ත හංගපු පළපුරුද්ද තියෙනව. මේ අවුරුද්දේ පලවෙනි මාස දෙකට විතරක් කාන්තා සහ ළමා අපරාධ 2500ක් සිද්ධ වෙලා තිබුන. අද වෙනකොට කීයක් වෙලාද? තොරතුරු නැහැ.
    ජනාධිපතිවරයා සහ ඔහුගේ ආරක්ෂක අමාත්‍යාංශය රට පාලනය කරන්නේ මිනිස්සු බියගන්වීමෙන්.
    මෙතරම් 31,680ක් මිනිස්සු අත්අඩංගුවට අරන් තියෙන්නේ කොරෝනා වෛරසයෙන් බැටකන වෙලාවක ඒ පවුල්වල මිනිස්සු මුහුණ දෙන මානසික පීඩා ගැන කිසිම හැඟීමක් නැතුව.
    ජනාධිපතිවරයාට අමතක වෙලා මේ රටේ මිනිස්සු තමන්ව බලයට ගේන්න කලින් මොන තරම් ආර්ථික සමාජමය ප්‍රශ්න වලට මුහුණ දුන්නද? ඒ සියලු කැපකිරීම් වලට තෑග්ග සිරදඬුවම්ද?
    මේ සියලු ලක්ෂණ වලින් පෙන්වන්නේ අනාගතය ඉතා අඳුරුයි කියල.
    මිනිස්සු බලාපොරොත්තු වුනාට වඩා හාත්පසින්ම වෙනස් දරදඬු දුෂ්ඨ පාලනයක් මැතිවරණයට පස්සේ ඇතිවන ලකුණු වේලාසනම පෙන්නුම් කරලා තියෙනවා.
    ඔබටත් කරන්න දෙයක් නැතිවෙයි අගමැතිතුමා. ඔබත් ඔවුන්ගේ ප්‍රාණ ඇපකාරයෙක් වෙයි.

  • 2
    0

    මැතිවරණය පවත්වන්න ඕනේ දවස ගැන මැතිවරණ කොමිසම වෛද්‍යවරුන්ගෙනුයි හමුදාවෙනුයි දේශපාලකයන්ගෙනුයි උපදෙස් ගන්න ඕනෙයි කියල මම නම් හිතන්නේ නැහැ.
    මැතිවරණ කොමිසම බලන්න ඕනේ ජනතාව මේ අවස්ථාවේ මැතිවරණයකට මුහුණ දෙන්න තරම් සුදුසු මානසික තත්වෙක ඉන්නවද කියන එක. මැතිවරණෙ මේ හදිස්සියේ තිබ්බොත් සිද්ධ වෙන්නේ බොහෝ පිරිසක් චන්ද නොදා ගෙදර ඉන්න එක.
    ඒ නිසා කොරෝනා වෛරසය පැතිරෙන මේ වකවානුව විශේෂ කාලයක් ලෙස සැලකිය යුතුයි.
    ඒ වගේම මුළු ලෝකෙම තිගැස්සිලා ඉන්න වෙලාවක, අපේ රටෙත් කොරෝනා වෛරසය පැතිරීම ගැන කිසි කෙනෙක් හරි තොරතුරු නොදන්නා වෙලාවක, ඒ වගේම ඒ සම්බන්ධ හෝ රජය ගැන කිසිම නිදහස් තොරතුරු හුවමාරුවීමක් කරන්න බැරි විදිහට මිනිස්සුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස නැති කරල තියෙන වෙලාවක, කොරෝනා නිසා අති විශාල පුරවැසියන් ප්‍රමාණයක් සිරගතත් වෙලා ඉන්න වෙලාවක, ස්ථිර රැකියා නැති මිනිස්සු දරු පවුල් එක්ක බඩගින්දර ගැන හිතන වෙලාවක, බොහෝ දෙනෙක් ගෙවල් කුලී සහ වෙනත් බිල් ගෙවා ගන්න බැරුව ඉන්න වෙලාවක, ගොවීන්ට අස්වැන්න විකුණගන්න විදිහක් නැතුව ඉන්න වෙලාවක, කොටින්ම රටේ ජනගහනයෙන් 2/3ක් බරපතල මානසික වැටීමකට ලක් වෙලා ඉන්න වෙලාවක මිනිස්සුන්ට චන්දෙ දාන්න යන්න තරම් මානසිකත්වයක් තියෙනවද කියලා මැතිවරණ කොමිසම ස්වාධින තක්සේරුවකට එන්න ඕනේ.

    • 0
      0

      හිතවත් චම්පා, මම මේ අවස්ථාවේදී ඔබ සමඟ සැබවින්ම එකඟ වෙමි. මම ඔබට ගොඩාක් ස්තූතියි.
      අද දින මාධ්‍යයට දන්නා ශ්‍රී ලංකාවේ සංඛ්‍යා සංවර්ධිත රටවලින් වාර්තා වී ඇති සංඛ්‍යා වලට වඩා නිවැරදි සංඛ්‍යා නොවේ. ශ්‍රී ලංකාවේ අපගේ පසුබිම අපි දනිමු – මිනිසුන් ප්‍රමාණවත් දැනුමක් නොමැති අතර සති කිහිපයකට පෙර ඉතාලියෙන් ආපසු පැමිණියද ඔවුන් වැළකී සිටියි. ඔවුන්ගෙන් කොපමණ සංඛ්‍යාවක් සහ ඔවුන්ගේ නොදැනුවත්කම නිසා ආසාදනය වී ඇත්ද යන්න කිසිවෙකු විසින් සම්පූර්ණයෙන්ම ලේඛනගත කර නොමැත. මෙය ඉතා භයානක ය. දත්ත නිවැරදිව නොදැන සිටීම අපට නිගමනයකට එළඹිය හැකිය. මේ පිළිබඳව නිගමනවලට එළඹීම සඳහා ආසාදිතයන් පිළිබඳ අඩු තොරතුරු අප විසින් කළ යුතු නොවේ. එය අපේම හිස කපා ගැනීම හා සමාන වනු ඇත.
      සතියක් හෝ ඊට වැඩි කාලයක් ගතවනු ඇතැයි නොදැන දැන් කනස්සල්ලට පත්ව සිටින දුප්පත් මිනිසුන් ලොව පුරා පොදු ය. මගේ ශෝකය පමණක් මිනිසුන්ට ඔවුන්ගේ එදිනෙදා අවශ්‍යතා සපයා නැත. ඔවුන් ඉහළින් කතා කරන නමුත් දැන් ඔවුන්ගේ නිවෙස්වලට අගුලු දමා ඇති අසරණයන්ට මූලික කරුණු සපයා නැත. ලෝක වෙළඳපොලේ අඩු තෙල් මිල ගණන් යටතේ ඔවුන්ට මෙය පහසුවෙන් කළ හැකිය. මන්දයත් රජය තවමත් එම සහනය ජාතියට ලබා දී නොමැති බැවිනි. වෙනත් අරමුදල් දුප්පත් ජාතීන්ට මෙන් සති කිහිපයකට පෙර රට තුළට ගලා එයි. දුප්පතුන් මිලියන 4 කට සෑම රුපියල් 5000 බැගින් ලබා දෙන්නේ නම්, අසරණයන්ට පක්ෂව තත්වය වෙනස් විය හැකිය. පාලකයන්ට ප්‍රමාණවත් හදවතක් ඇත්නම් මෙය කළමනාකරණය කළ හැකිය. ඒ සඳහා රජයට වැය වන්නේ 5000 x 40 හිඟය = 20 0 000 (මිලියන 20000) = රුපියල් බිලියන 20 (ඩොලර් බිලියන 0.1) පමණි.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.