25 April, 2024

Blog

කොරෝනා මර්දනය වෙනුවට​ සත්‍යය පවසන විද්‍යා සන්නිවේදකයන් දඩයම් කිරීම; අලුත්ම බිල්ල වෛද්‍ය චමල් සංජීවද ?

මංගලා සිල්වා –

බොහෝ රටවල් corona තෙවන රැල්ලට වඩාත් සංවිධානාත්මක සූදානම් වෙන බව පෙනෙන්නට තිබේ.  ඒත් අපේ රටේ තවමත් දේශපාලකයින්ද වෘත්තීය සමිති මාෆියාව ජන ජීවිතය ගැන කිසිදු තැකීමක් කරන්නේ නැත. දිනපතා කොවිඩි  නිසා වන මරණ ගණන අහස උසට නගී.

මේ වන විට රට දැඩි ව්‍යසනයකට හා අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇතරටපුරා මහත් වසංගතයක් පැතිර යන අවස්ථාවකදී මෙය ජාතික හා ජාත්‍යන්තර ව්‍යසනයක් වූ විට එය පාලනය කිරීම සඳහා නිසි ක්‍රමවේදයන්ට අනුව ජනතාව දැනුවත් කරමින් පවතින අඩුපාඩු හඳුනාගනිමින් ඒවාට පිළියම් යෙදීම පාලකයන්ගේ වගකීම්කි. අපේ රටේ අසන්නට ලැබෙන්නේ ඊට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් කතාවකි. අඩුපාඩු හදුනාගෙන ඒවාට පිළියම් යෙදීම පාලකයන්ගේ වගකීමකි අපේ රටේ අසන්නට ලැබෙන්නේ ඊට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් කතාවකි.

රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව භාෂණ නිදහසක් ඇත. තොරතුරු ගැන දැනගැනීම සඳහා මහජනතාවට අයිතියක් ඇත. එසේම තොරතුරු දැනගැනීම සඳහා ජනතාවට දැනුවත් කිරීමටද සිදුවිය යුතු වය්‍යසනය වළක්වා ගැනීමට රාජ්‍ය නිලධාරීන්ට වගකීමක් ඇත. එසේ ජනතාව සමුල ඝාතනයන්ට යොමු වේ නම් එය වලක්වා ගැනීමට කටයුතු කළ යුතුය.

හිපොක්‍රටිස් ප්‍රතිඥාව ලබා දුන්නු වෛද්‍යවරුන් විදියට ඔවුන්ගේ ප්‍රධාන අරමුණ රෝගී ජනතාව වෙනුවෙන් කැප කිරීමයි එයට අන්‍රව සෑම වෛද්‍යවරයකුටම රෝගීන් වෙනුවෙන් දිවිහිමියෙන්  කැපවිය යුතුය.

රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව භාෂණ නිදහස පවතින අතර ජීවත්වීම සඳහා මිනිසුන්ට මානව අයිති අයිතිවාසිකම්ක් ඇත. තොරතුරැ දැනගැනීමට ජනතාවට අයිතියක් ඇත.  මෙම මානව අයිති අයිතිවාසිකම කුමන හේතුවක් නිසාවත් ජනතාවගේ බදු මුදලින් වැටුප් ලබා ජීවත්වෙන රාජ් නිලධාරීන් විසින් අහිමි කිරීම් සිදු කළ යුතු නැත මේ නිසා හැකි සෑම විටම රාජ්‍ය නිලධාරීහු විශේෂයෙන්ම වෛද්‍යවරුන්ගේ ප්‍රධාන කාර්යය මහජනතාව මේ මහා ව්‍යසනය මැද සමුල ඝාතනයක් සිදු නොවන අන්දමට ජනතාව දැනුවත් කිරීමය.

නමුත් අපේ රටේ ඇසෙන්නට අහන්නට දකින්නට ලැබෙන්නේ ඊට වඩා වෙනස් කතාවක්ය. මහජනතාවගේ ජීවිතය ආරක්ෂා කරගැනීමට කතා කළොත් වැරදිව නිවැරදි කිරීමට පෙන්වා දුන්නොත් සෞඛ්‍ය​ පද්ධතිය අඩුපාඩු ගැන කතා කළේ නම් ඔවුන්ට බොහෝ විට විනය පරීක්ෂණ වලට මුහුණ දීමට සිදුවේ එහෙම නැත්නම් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ස්ථාන මාරු වලට ලක්වවේනම් අප කෙතරම් අවාසනාවන්තද? අනිල් ජාසිංහ මහතා ගෙන් පටන් ගත් මෙය ජයරුවන් බණ්ඩාර මහතාගේ අවසන් වන ඇතැයි අප සිතුවද දැන් එය සිදු නොවන බව පෙනේ.

වෛද්‍ය චමල් සංජීව

දැන් මේ ලේකනයට තවත් නමක් එකතු වි ඇති බව යුතු බව දැනගැනීමට ලැබී ඇත හම්බන්තොට හිටපු දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ දැනට ඛ්‍ය අමාත්‍යාංශය නියෝජ්‍ය අධ්‍යක්ෂක වරයෙකු ලෙස සේවය කරන වෛද්‍ය චමල් සංජීව මහතා . මහතා විසින් ඉතාමත් පැහැදිලිව විද්‍යානුකූල පදනමක් මත රට ගමන් ගන්නා අනතුරුදායක තත්ත්වය ගැන සිදුකළ නිවැරදි අර්ථ දැක්වීම් රාජ්‍ය නිලධාරීන්ගේ සහ මහජනතාවගේ ජනමාධ්‍ය යන සියලු අංශවල අඩුපාඩු පෙන්වා දෙමින් කළ ප්‍රකාශයක් නිසා රජයේ ඉහලම බලධාරීන්ට තදින්ම සිතු රිදවීම නිසා  දඩුවමට ඉලක්ක වී ඇත. සැලැස්මක් නැති දේශපාලකයන් හා නිලධාරීන් වෛද්‍ය චමල් සංජීව ගේ ප්‍රකාශයෙන් තම නිරුවත හෙළිවේ යැයි බිය වි ඇත   අද වුවද අප අත්දකින චීනයට corona නම්වෛරසය  පැමිණි අවස්ථාවේදී ගැන කල්තියා හඳුනා දුන් චීන වෛද්‍යවරයාට දඬුවම් කළේය. අවසානයේ සමස්ත ලෝකයම මේ නව කොරෝනා වසංගතයේ ගොදුරු බවට පත්ව ඇත්තේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි . අපේ රටේ ජනතාව කොරෝනා වසංගතයේ මුදා  ගැනීම සඳහා නිවැරදි ප්‍රතිපත්ති සකස් කරනවා වෙනුවට රාජ්‍ය නිලධාරීන් හා දේශපාලකයන් ව්‍යසනය කල් ඇතිව දැක අනතුරැ හගවන වෛද්‍ය චමල් සංජීව වැනි මානව හිතවාදී විද්‍යා සන්නිවේදකයන්ට දඩයම් කිරීම හරහා සිදුවන්නේ corona විපතින් රට ගලවා ගැනීමට හැකි දැයි ප්‍රශ්න කළ යුතුව ඇත.

Print Friendly, PDF & Email

Latest comments

  • 6
    0

    මේ රටේ කල්ලි වාදයේ මාත්රුවරය තමයි… වීරකැටියේ පල්හොරු ටික. ඒ දිනවල, රටට කරන්න තිබුන එකම දෙය, හම්බන්තොට වරාය උකස් කරන නිසා.. රනි ඇතුලු පිරිසට ඒක නැතිව වෙනම මාර්ගයක් තිබුනේ නැහැ, අද බලයට ඇවිදින් තිබෙන, පල්හොරු ටික…. ඊටත් එහ ගිහින් බලයෙන්.. චීනට රටේ කොටස් බාර දෙන්නව, පහාර බල්ලො ටික හිතන්නෙ, උන්ට චන්දය තීපු හැම කෙනාම ඒක දීල තිබෙන්නෙ, රාජපක්ෂ පරබල්ලොන්ට මේ රටට ජාතියට ඕනැම දෙයක් කල හැටි විදියට ඉඩ යුතුයි කියල.
    .
    ඉතින් කොහේද මේ රටේ මිනිසුන්ගේ… රටට ලැදි කම… වෙනකෙනෙක් කොලොත්… රට කනවා කියනව.. එනමුත් රටේ හැමදෙයක්ම විකුනන තිරිසන් බල්ලො ගැන කවුරුවත් … කතා කරන්නෙ නැහැ…

    • 1
      0

      කිසිම අවභොදයක්… මිනිසුන් ගැන කනගාටුවක් නැති තිරිසන් බල්ලන්.. නූගත් එවුන් මේ රටේ නායකත්වය පත්කරනගෙන… අපේ රටේ මිනිසුන්ට අත වෙලා ඇති දෙය ඉතා භයානකයි… චීන එන්නත කියන්න මුලු යුරෝපයම ප්රතික්ශේප කරපු එන්නතක්…. එනමුත් ඒකට ඉතා අදික මිලක් ගෙවිය යුතු වෙනව… දැනට පවතින එන්නත් අතර වැඩිම මිලක් උන එන්නත චීන එන්නත කියල මුලු ලොවම දන්නව.. එනමුත් අපේ බැල්ලිගෙ පුතාල මේ වා නොසලක… හරිය බලයෙන්… දූශනය වෙන්නට කැමති ගනීකාවන් සේ කට යුතු කිරීම මේ රටේ ඉදිරියට ඉතාමත් භයානකයි.. මේ එන්නත සම්බන්ත්ඩයෙන් මේ ලෝකයට හෙලිවී නැති දේවල් අනන්තයි.. චීනය හැම විටම මිනිසුන්ට සලකන්නෙ සත්තු විදියට… එහෙම රටක එන්නත් අපේ රටේ ජනයාට ලබාදීමට තරම්. පහත් වීම රටේ ජාතියට කරන විපැත්තියක් බව යුරෝපයේ ඉන්නා විචාරකයෝ පවසනව… මේකට හේතුව… රාජපක්ශ්වරුන්ගේ නූගත් කම… එවුන්ගේ බඩ කට පිරෙනවා නම්… රටේ ඉන්න අහිංසක මිනිසුන් බිලිදෙන්න උනත පාහර බල්ලන් කැමතියි.. xxxxx

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.