රට සංවර්ධනය කිරීමට වඩා තම බලය තහවුරු කරගැනීමේ අරමුණින් 2/3 බලය සොයා ගිය ගමනේ දී රාජ්‍ය අදායම 2/3 කින් අඩුවී තිබීමෙන් ගෝඨාභය ජනපතිවරයාගේ රජයට කිසිදු ආර්ථික දැක්මක් නොමැති බව ඔප්පුවේ.
2020 වසරේ අවසන් මාස හතර සඳහා නව රජය මගින් ඉදිරිපත් කිරීමට නියමිත අතුරු සම්මත ගිනුම මගින් රාජ්‍ය වියදම් සඳහා රුපිය බිලියන 1700 වෙන් කර ඇති අතර එම වියදම පියවීම සඳහා රාජ්‍ය ආදායම අඩුවී රජය සතුව ප්‍රමානවත් මුදල් නැති නිසා රුපියල් බිලියන 1300 ක් ම ණය වශයෙන් ලබා ගැනීමට කටයුතු යොදා තිබීමෙන් රටේ ආර්ථික අර්බුදය මනා ලෙස ප්‍රදර්ශනය වේ.
2020 වසර සඳහා අය–වැයක් සම්මත නොකල පසුබිමේ කිසිදූ සංවර්ධන කටයුත්තක් මෙම වසර පුරාවට රටේ සිදුවන්නේ නැත. මෙම සතියේ සම්මත කිරීමට නියමිත අතුරු සම්මත ගිණුමේ සඳහන් පරිදී ඉදිරි මාස හතරට රජය අපේක්ෂා කරන රාජ්ය ආදායම රුපියල් බිලියන 400 පමණි.
මා මුදල් අමාත්‍යවරයා වශයෙන් කටයුතු කල අවස්ථාව සමග සසඳන විට මෙය රාජ්‍ය ආදායමේ 2/3 ක පමන අඩුවීමකි. 2019 නොවැම්බර් ජනාධිපතිවරණයෙන් පසුව පාර්ලිමේන්තුව මසක් පමණ වාර අවසන් කරමින් හා මාර්තු 2 වන දින සිට අගෝස්තු 20 දක්වා පාර්ලිමෙන්තුව රැස් නොකොට පවත්වාගෙන යාමෙන් මෙරටේ ජනතාවට රටේ ආර්ථිකයේ සැබෑ තත්වය අසා දැනගන්නට අවස්ථාව අහිමි විය.
ප්ලාස්ටික් හෝ වීදුරු බෝතල් වෙනුවට මැටි වීදුරු වල ජලය පානය කිරීමට හා සතියකට වරක් රාජ්‍ය සේවකයන්ට බතික් අදින ලෙස ඉල්ලීමෙන් සාර්ව ආර්ථිකය දියුණු කළ හැකියැයි සිතන, වැඩ පිළිවෙලක් නැති ක්‍රමවේදයක් ප්‍රදර්ශණය කරන මෙම රජය යටතේ 2020 වසරේ මුල් කාර්තුව තුළ ආර්ථික වර්ධන වේගය 1.6 % ක සෘණ අගයක් වාර්තා විය. 2001 වසරෙන් පසුව මෙරටේ සෘණ ආර්ථික වර්ධන වේගයක් වාර්තාවූ ප්‍රථම අවස්තාව මෙයයි. මහ මැතිවරණ සමයේ දී ආර්ථිකයේ සැබෑ පසුබෑම ජනතාවගෙන් වසං කරමින් සිටි රජය එම සෘණ ආර්ථික වර්ධන වේගය පිළිබඳ පුවත ප්‍රසිද්ධ කළේ මැතිවරණයට පෙර දින රාත්‍රියේය.
කොරෝනා වසංගතයෙන් ඇතිවූ ව්‍යසනයන්ට වඩා මෙම රජයේ ආර්ථික වැඩ පිළිවෙල නිසා රටට ඇතිවන හානිය බැරෑරුම් වන බව 2020 වසරේ මුල් මාස හතරේ දී අත්වූ සෘණ ආර්ථික වේගයෙන් මනා ලෙස පෙන්නුම් කරන බව අවධාරනය කරමි.
රාජ්‍ය ආදායම අඩුවී රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවීමට පවා නොහැකිව මාස් පතා ණය ලබා ගන්නා රජය, රු 20,000 ක මාසික දීමනවකට උපාධිධාරීන් 50,000 ක් රාජ්‍ය සේවයට යැයි පුහුණුව සඳහා බඳවා ගැනීමේ රජයේ අරමුණද සැකය හා කුතුහලය උපදවන්නකි. අඛණ්ඩ විශ්‍රාම යෑම් මත ගුරු සේවයේ මෙන්ම පළාත් හා මධ්‍යම රජය යටතේ ගුරු හා සංවර්ධන නිලධාරී පුරප්පාඩු තිබියදී මෙම උපාධිධාරීන් ආරක්ෂක අමාත්‍යාංශය යටතේ බඳවාගනු ලබන්නේ කුමණ අරමුණින් ද.
වෙනත් කිසිදූ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක දකින්නට නැති ආකාරයට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ආර්ක්ෂක අමාත්යාංශය යටතට ගෙන සියළු ප්‍රාදේශීය ලේකම් හා දිසාපති කාර්‍යාල ආර්ක්ෂක අමාත්යාංශය යටතට ගෙන බඳවාගැනීමට නියමිත උපාධිධාරීන්ව ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත කර හමුදා පුහුණුව ලබාදීමට සැරසෙන බව වාර්තාවේ. ඵලදායිතාවයක් අපේක්ෂා නොකරන කේෂ්ත්‍රවලට බඳවාගන්නා මෙම පිරිසට වැටුප් ගෙවීම සඳහා අවශ්‍ය රුපියල් බිලියන තුනක මුදල ද මාසිකව ණය වශයෙන් ලබාගැනීමට සිදුවීම ජනතාව මත තවත් බර පැටවීමක් පමණි.
චීන කොමියුනිස්ට් පක්ෂය මෙන් පාලන පොහොට්ටු පක්ෂය ද තිබිය යුතු බවට රජයේ වගකිව යුත්තන් පවසා ඇති සන්දර්භය තුළ මෙම පත්වීම් දීමේ පසුබිම විමසා බැලිය යුතුය.
චීන කොමියුනිස්ට් පක්ෂය මගින් රාජ්‍ය සේවය තුළට හමුදා පුහුණුව ලැබු සේවකයන් යොදවා ග්‍රාමීය ඔත්තු සේවයක් පවත්වාගෙන යන ආකාරයට ශ්‍රී ලංකාවේ ද පළාත් රාජ්‍ය සේවය රාජ්‍ය සේවය හමුදාකරණය කිරීමේ පෙර නිමිත්තක් දැයි සැක සහිතයි. මෙයට පෙර ද විදුහල්පති වරුන්ට හමුදා පුහුණුව දී ඔවුන්ට කර්නල් තනතුරු ලබා දුන් අතර උපාය මාර්ගිකව වැදගත් සෑම රාජ්‍ය ආයතනයකම සිවිල් නිලධාරීන් අතර එක් හමුදා පුහුණුවලත් නිලධාරියෙකු ස්ථානගත කිරීමේ සැලසුමක් තිබිණි.
තුනෙන් දෙකක බලයක් ලබාගත් ශ්‍රී ලංකාවේ සියළු පක්ෂ සෑම විටම උත්සාහ කළේ තම පවුලේ දේශපාලන අනාගතය උදෙසා බලය තහවුරු කරගැනීමටය. මෙම රජයද රට සංවර්ධනයට වඩා වැඩි ප්‍රමූඛතාවයක් දී ඇත්තේ පවුලේ දේශපාලන බලය ඉදිරි පරම්පරාව දක්වා තහවුරු කරගැනීමය. රටේ ආර්ථිකය සංවර්ධනය කිරීමට වැඩපිළිවෙලක් නොමැති අවස්ථාවක රට ආර්ථිඅක ප්‍රපාතයකට යන අවස්ථාවකදී මුලින් රාජ්‍ය සේවකයන් තුළ ප්‍රාදේශීය මට්ටමින් විරෝධයක් පැන නගින අවස්ථාව මග හැරීමේ අරමුණින් ප්‍රාදේශීය රාජ්‍ය සේවය ට අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා දිසා ලේකම් කාර්යාල ආර්ක්ෂක අමාත්යාංශය යටතට ගෙන අලුතින් බඳවා ගන්නා උපාධිධාරීන් ද එම අංශවලට අනුයුක්ත කර හමුදා පුහුණුවට යොමු කිරීම තම බලය තහවුරු කරගැනීම සඳහා බව තහවුරු වේ
මුලු රටම දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුන පා තිබෙන මේ මොහොතේ එය සඳහා යතාර්ථවාදී විසඳුම් සොයනවා වෙනුවට ඊනියා දේශප්‍රේමිත්වයේ මුවාවෙන් මුලු රටම මිලිටරිකරණයට ලක් කිරීමටත් අපගේ අහිංසක උපාධිධාරීන් එම සැලස්මේ ගොදුරක් කර ගැනීම රටට සැබෑ ලෙසම ආදරය කරන සැබෑ දේසප්‍රේමීන් හෙළා දැකිය යුතුය.