4 June, 2023

Blog

මන්ත්‍රී නිවසේ සිටි දැරියගේ මරණය හා වාර්තාකරණයේ ධ්‍රැවීකරණය

නෙවිල් උදිත වීරසිංහ –

නෙවිල් උදිත වීරසිංහ

2021 ජූලි මස 3 වන දින, හිටපු අමාත්‍ය සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටි බාල වයස්කාර දැරියක් වූ හැටන්, දියගම පදිංචි ජූඩ් කුමාර් ඉශාලිනී පිළිස්සුම් තුවාල සහිතව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. 15 වන දා දැඩි සත්කාර ඒකක අංක 2 හි 73 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඇයගේ තුවාල හේතුවෙන් ඇය මිය ගියාය.

ඉන්පසුව, අංක B/52944/2/21 දරන ඇයගේ නඩුව අනුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍ර සූරියා මියගිය දැරියගේ දේහය නිරීක්ෂණයට කොළඹ ජාතික රෝහලට පැමිණි අතර, පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නියම කරන ලදි.

ඉශාලිනී 2004 දෙසැම්බර් 11 වන දින හැටන්, දියගම දී උපත ලැබීය. ඇය ගෘහ සේවිකාවක් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිව‍සේ සේවයට පැමිණෙන විට ඇයගේ වයස අවුරුදු 15ක් සහ මාස 11ක් පමණි. ඇයගේ මරණය අවස්ථාවේ දී ඉශාලිනීගේ වයස අවුරුදු 16ක් සහ මාස 8ක් පමණක් විය. ඇයගේ සේවා කාලය තුළ දී, ඇයට ඇයගේ පවුල සමඟ කිහිපවතාවක් පමණක් දුරකථනයෙන් සන්නිවේදනය කිරීමට අවස්ථාව ලබා දී ඇති අතර ඇයට ඇගේ පවුලේ අය බැලීමට යෑමට අවසර ලබා දී නොතිබුණි. වසරකට ආසන්න කාලයක් ඇගේ පවුලේ සාමාජිකයන් නොදැකම ඇය මිය ගියාය. (CPA)

ඉෂාලිනීගේ මරණයත් සමග මෙම සිදුවීම පිළිබඳව ලංකාවේ මාධ්‍ය තුළ විශාල සංවාදයක් මතු විය. ලංකාවේ බොහෝ මුද්‍රිත මාධ්‍යවල සති කිහිපයක් පුරා ඉෂාලිනීගේ සිදුවීම ප්‍රධාන සිරස්තලය බවට පත් විය. ඉෂාලිනීගේ මෙම ඛේදනීය සිදුවීමත් සමග ලංකාවේ මාධ්‍ය මෙම සිදුවීම වාර්තා කෙරුණු අකාරය විමර්ශනයට ලක් කරන විට එම වාර්තාකරණයන් හරහා ප්‍රකාශයට පත් වූ ධ්‍රැවීකරණයන් මැනවින් හඳුනාගත හැකිය.

සමීක්ෂණයෙහි පසුබිම

මාධ්‍ය වාර්තාකරණය තුළ සිදුවන ධ්‍රැවීකරණයන් බොහෝ විට සමාජයේ සිදුවන වාර්ගික, ආගමික හා සංස්කෘතිමය ධ්‍රැවීකරණයන් පරාවර්ථනය කරයි. සමහර අවස්ථාවලදී මාධ්‍ය ආයතනවල පවතින විවිධ පක්ෂපාතීත්වයන්ද මාධ්‍ය වාර්තාකරණයේ ධ්‍රැවීකරණයන් හරහා ප්‍රකාශයට පත් වේ. ඉෂාලිනීගේ සිදුවීම ලංකාවේ විද්‍යුත්, මුද්‍රිත හා සමාජ මාධ්‍යන් හරහා වාර්ථා කෙරුණු ආකාරය අනුව මෙම මාධ්‍යන් හරහා ප්‍රකාශයට පත් වූ ධ්‍රැවීකරණයන් නිරීක්ෂණය කර එය විශ්ලේෂණය කිරීම මෙම ලිපියේ අරමුණයි. ඉෂාලිනීගේ සිදුවීම හිටපු අමාත්‍යවරයෙකු සහ සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන රිෂාඩ් බදියුදීන් හා සම්බන්ධ සිදුවීමක් බැවින්, මෙම සිදුවීම හරහා මාධ්‍ය තුළ ප්‍රකාශයට පත් වූ ධ්‍රැවීකරණයන් තුළ වාර්ගික, ආගමික හා දේශපාලනික ධ්‍රැවීකරණයන්ද පරාවර්තනය කෙරෙන බව අපට නිරීක්ෂණය කළ හැකිය.

මෙම ලිපිය සඳහා ප්‍රධාන වශයෙන් 2021 ජූලි මාසයයේ තුළ නිකුත් වූ ප්‍රධාන ධාරාවේ දිනපතා සිංහල පුවත්පත් 3ක් සහ මෙම සිංහල පුවත්පත්වලම සහෝදර දිනපතා ඉංග්‍රීසි පුවත්පත් 3ක් තෝරාගෙන ඇත. ඉෂාලිනී දැරිය 2021 ජූලි 03 වන දින පිළිස්සුම් තුවාල සහිතව රෝහල් ගතකෙරුණද මා විසින් තෝරාගෙන ඇති සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍ය පුවත්පත් (Ceylon Today පුවත්පත පමණක් 2021ජූලි 06 දින මෙම සිදුවීම සම්බන්ධයෙන් වාර්තාකරණයක් සිදු කර ඇත) ඇතුළු සියදුම ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මෙම සිසුවීම වාර්තා කර ඇත්තේ 2021 ජූනි 16 වන දිනෙන් පසුවයි. මෙම සන්දර්භය යටතේ 2021 ජූලි 06 වන දින සිට ජූලි 31 දක්වා දිනපතා ‘දිවයින’ පුවත්පත්, දිනපතා ‘ලංකාදීප’ පුවත්පත්, දිනපතා ‘මවුබිම’ පුවත්පත් සහ මෙම පුවත්පත්වල සහෝදර ඉංග්‍රීසි මාධ්‍ය පුවත්පත් වන පිළිවෙළින් The Island, Daily Mirror සහ Ceylon Today පුවත්පතත්වල මෙම සිදුවීමට අදාළ වාර්තාවන් නිරීක්ෂණය කිරීමෙන් මෙම සිදුවීම වාර්තාකරණයේ දී මාධ්‍ය ධ්‍රැවීකරණන් සිදු වී ඇති ආකාරය හඳුනා ගැනීමට මෙම ලිපිය හරහා උත්සාහකරමි.

වගුව 1: සමීක්ෂණයට පාදක වූ පුවත්පත් හා පළ වූ ප්‍රවෘත්ති සංඛ්‍යාව

පුවත්පතේ නම අදාළ පුවත් පළවූ පුවත්පත් සංඛ්‍යාව මුල් පිටුවේ ප්‍රධාන සිරස්තලය යටතේ පළ කෙරුණු පුවත් සංඛ්‍යාව මුල් පිටුවේ ප්‍රධාන සිරස්තල නොවූ පුවත් සංඛ්‍යාව ඇතුළු පිටුවල පළ වූ පුවත් සංඛ්‍යාව විශේෂාංග ලිපි
දිවයින 13 07 09 02 01
The Island 06 03 03
ලංකාදීප 12 04 06
Daily Mirror 04 04
මවුබිම 10 04 06
Ceylon Today 08 05 02 01

ඉංග්‍රිසි සහ සිංහල වෙනස

2021 ජූලි 20 දින දිනපතා ලංකාදීප පුවත්පතේ “රිෂාඩ්ගේ ගෙදර දැරියට දිගින් දිගටම ලිංගික අතවර – වෛද්‍ය වාර්තා තහවුරු කරයි” යනුවෙන් මුල්පිටුවේ ප්‍රධාන සිරස්තලයක් වශයෙන් සදහන් වේ. මෙම ප්‍රධාන සිරස්තලය යටතේ “ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී සිරුරට ගිනි ඇවිළී පිළිස්සීමෙන් මියගිය බාලවයස්කාර දැරිය කාලාන්තරයක් තිස්සේ ලිංගික අතවරයට ලක්ව සිටි බවට අධිකරණ වෛද්‍ය වාර්තාවේ සදහන්ව ඇතැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය හමුවේ බොරැල්ල පොලීසිය ඊයේ (19) ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තාවේ සදහන්ව ඇත” වශයෙන් වාර්තා කරයි. වෛද්‍ය වාර්තාවේ සදහන් කරුණ “රිෂාඩ්ගේ ගෙදර දැරියට දිගින් දිගටම ලිංගික අතවර” යන සිරස්තලය තුළ ‘දිගින් දිගටම’ යන වචන සඳහන් කිරීම හරහා මතු කෙරෙන සංඥාර්ථය වෛද්‍ය වාර්තාවෙන් මතු කෙරෙන ‘කාලාන්තරයක් තිස්සේ ලිංගික අතවරයට ලක්ව සිටි බවට” යන කරුණ ප්‍රකාශ කිරීමෙන් ඔබ්බට ගිය සංඥාර්ථයක් මතු කරයි. මෙවැනි සිරස්තල වෘත්තීමයභාවයෙන් ඹබ්බට ගිය යම් පාර්ශවීය අදහසක් ප්‍රතිනිෂ්පාදනය කරයි.

දිනපතා ලංකාදීප පුවතපතේ සහෝදර පුවත් පත වන Daily Mirror පුවත්පත මෙම සිදුවීම සම්බන්ධයෙන් කරනු ලබන වාර්තාතරණයන් තුළ ලිංගික අතවර පිළිබඳ කිසිදු සඳහනක් දක්නට නොමැති අතර ඉෂාලිනීගේ සිදුවීමට අදාළ වාර්තාකරණයන් මූලාශ්‍ර සහිතව පමණක් වාර්තා කෙරී ඇත. අප අවධානය යොමු කරණ මෙම කාලය තුළ Daily Mirror පුවත්පත මුල් පිටුවේ සිරස්තල හරහා ප්‍රධාන වශයෙන් අවධානය යොමු කර ඇත්තේ ඒවන විට ලංකාව තුළ පැවති කොවිඩ්-19 තත්ත්වය පිළිබඳවය.

ප්‍රධාන සිරස්තල 8ක්

ජූලි මාසය තුළ දිනපතා දිවයින පුවත්පත පුවත් 7ක් මුල් පිටුවේ ප්‍රධාන සිරස්තල වශයෙන් පළ වී ඇති අතර, එක වාර්ථාකණනයක් දිවයින දෙවන පිටුවේ ප්‍රධාන සිරස්තලයක් වශයෙන් පළ වී ඇත. සමස්තයක් වශයෙන් මෙම සිදුවීම ප්‍රධාන සිරස්තල 08ක් යටතේ වාර්තා කෙරී ඇත.

ජූලි 24 වන දින ප්‍රධාන සිරස්තලය යටතේ “බදියුදීන්ගේ ගෙදර තරුණියන් 11 කට දැඩි හිංසන” “ ඇතමුන්ට ලිංගික අතවර කරලා” “එක් තරුණියක් දුම්රියටත් පැනලා” “ ඇමති නිල නිවස ඇතුළෙත් අපචාර” වශයෙන් වාර්තා කෙරී ඇත. මේ වනවිට පරීක්ෂණ සිදුකෙරෙමින් පවතින සිදුවීමක් පිළිබඳව නෛතික වශයෙන් පූර්න වශයෙන් තහවුරු කෙරී නොමැති තත්වයක් යටතේ මෙවැනි වාර්තාකරණයන් තුළ පවතින වෘත්තීමයභාවය පිළිබඳව ගැටලු මතු කරන අතරම මෙවැනි වාර්තාකරණයන් හරහා වාර්තාකරණයේ පාර්ශවීයත්වයක් ද ප්‍රකාශ කෙරෙයි. ජූලි 25 වන දින දිවයින පුවත්පත “රිෂාඩ්ගේ නිවසින් අතවර සිද්ධීන් පොකුරක්” යන සිරස්තලයක් යටතේ පළ කරන වාර්තාකරණය තුළ සඳහන් කරන්නේ “හිටපු ඇමැති රිෂාඞ් බදියුදින්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටි බාල වයස්කාර දැරියන් සහ තරුණියන් විශාල පිරිසක් විවිධ ලිංගික අතවරයන්ට සහ දැඩි හිංසනයන්ට ලක් වී ඇති බව කියන සිද්ධීන් රැසක් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට විශේෂ පොලිස් කණ්ඩායම් 5ක් පත් කර ඇත” වශයෙනි. තවදුරටත් මෙහි සඳහන් වන්නේ “මෙසේ රැගෙන ආ තරුණියක් රිෂාඞ් බදියුදීන්ගේ මස්සිනා විසින් දූෂණය කළ බවට ලැබී ඇති තොරතුරු මත පොලිසිය පුළුල් පරීක්‍ෂණයක් ආරම්භ කර තිබේ” වශයෙනි. තවමත් පරීක්ෂණ පැවැත්වෙමින් පවතින මෙවැනි සිදුවීමක් සම්බන්දයෙන් එම සිදුවීම සනාථ කෙරෙන ඉහත සඳහන් ආකාරයේ සිරස්තලයක් යෙදීමෙන් මෙම වාර්තාකරණය තුළ වන පාර්ශ්වීයබවක් ප්‍රකාශ කෙරෙයි. එමෙන්ම වාර්තාකරණයේ වෘත්තීමයභාවය පිළිබඳවද ගැටලු මතු කරයි. මෙවැනි සිරස්තල සහිතව දිවයින පුවත්පත ප්‍රධාන සිරස්තල 07ක් යටතේ ඉශාලිනීගේ සිදුවීම වාර්තාකිරීම හරහා අපට මෙම වාර්තාකරණයේ පවතින ධැවීකරණය හඳුනාගත හැකිය. “ළමා හිංසනයට විරුද්ධ නම් ආණ්ඩුව හෝ විපක්ෂය රිෂාඩ්ට විශ්වාසභංගයක් ගේන්න” යන සිරස යටතේ පාහියන්ගල ආනන්ද සාගර හිමිගේ ප්‍රකාශයක් පළ කෙරෙන්නේද මෙම වාර්තාකරණයේ ධ්‍රැවීකරණයේ සන්දර්භය තුළය.

දූෂණයද? අපයෝජනයද?

දිවයින පුවත්පත සිරස්තල 4ක් තුළ ඉෂාලිනී සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ මට්ටමේ පවතින එතෙක් තහවුරු නොවුණු අතවරයට ලක්වීම පිළිබඳ කරුණ මතු කර දක්වයි. නමුත් The Island පුවත්පතෙහි වාර්තාකරණය තුළ මෙම අතවරයට ලක්වීම පිළිබඳ කිසිදු සඳහනක් නොමැත. The Island පුවත්පත තුළ ද ඉෂාලිනී ගේ සිදුවීම මුලාශ්‍ර මත පමණක් පදනම්ව වාර්තා කර ඇත.

ජූලි 19 දින මවුබිම පුවත්පතේ මුල්පිටුවේ පළ කර ඇති ඉෂාලිනිගේ සිදුවීමට අදාළ සිරස්තල දෙකින් දෙවන සිරස්තලය වශයෙන් “ පිළිස්සී මියගිය දැරියට ලිංගික අතවරත් කරලා” වශයෙන් සඳහන් කර ඇත. මේ සම්බන්ධයෙන් 15 වන පිටුවේ “රිෂාඩ්ගේ නිවසේදී මියගිය 16 වියැති දැරිය කලක සිට බරපතළ ලෙස දූෂණයට ලක්වෙලා, අධිකරණ වෛද්‍ය නිලධාරියා අධිකරණයට දැනුම් දෙයි” යන සිරස්තලය යටතේ පළ කර ඇති වාර්තාව තුළ “ එම දැරිය මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසට පැමිණීමෙන් පසුව එලෙස දූෂණයට ලක්වූවාද නැතිනම් එහි ඒමට පෙර සිය නිවසේදී දූෂණයට ලක් වී තිබුණා ද යන්න පිළිබඳව මේ වනවිට විමර්ශන සිදු කරන බව බොරැල්ල පොලීසිය අධිකරණය හමුවේ වාර්තා කර සිටියේය. දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වමින් මෙම දැරියගේ මරණය ඇය විසින් සිරුරට ගිනි තබාගෙන සිදු වූ මරණයක් හා ඇයගේ යෝනි ද්‍රෝණියට බොහෝ ප්‍රවේශයන් දීර්ඝ කාලයක සිට විශාල ලෙස සිදු වී ඇති බව අධිකරණ වෛද්‍යවරයා විසින් නිකුත් කළ වාර්තාවේ සදහන් වී ඇති බව බොරැල්ල පොලීසිය අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කර සිටියේය.”

මෙම වාර්තාකණනය තුළ භාවිතා කර ඇති ‘දූෂණය’ යන යෙදුම වෘත්තීමය වාර්තාකරණයක් සදහා යෝග්‍ය නොවන අතර ‘ලිංගික අපයෝජනය’ යන්න වඩා යෝග්‍ය වේ. එමෙන්ම මෙම වෛද්‍ය වාර්තාවේ නිගමනය අනුව ඇය ලිංගික සබඳතා පවත්වා ඇති බව මිස ඒවා දූෂණයන් හෝ අතවරයන්ද යන කාරණය තහවුරු නොවේ. එහෙත් ඇය 16 හැවිරිදි බැවින්, කලක සිට ලිංගික සබඳතා සිදු වූයේ නම් ඒවා සැලකිය යුත්තේ අපයෝජන වශයෙනි. රිෂාඩ් බදියුදීන් මන්ත්‍රවරයාගේ නිවසේ සිදු වූ ඉෂාලිනීගේ සිදුවීමට අදාළ පරීක්ෂණ හරහා හෙළි කෙරෙන ඉෂාලිනී දැරිය සම්බන්ධ ලිංගික අපයෝජනයන් පිළිබඳ කරුණ බදියුදීන් මන්ත්‍රීවරයාගේ නිවසේ දීම සිදුවූවක්ද යන්න පරීක්ෂණවලින් එතෙක් සනාථ වී නොමැති සන්දර්භයක් තුළ බදියුදීන් මන්ත්‍රීවරයාගේ නිවසේ දී මෙම ලිංගික අතවරයන් සිදුව ඇතැයි ඇඟවෙන පරිදි සිරස්තලයන් යෙදීම මෙම සිදුවීම වාර්තාකරණය තුළ පවතින ධ්‍රැවීකරණය ප්‍රකාශයට පත්වීමක් වශයෙන් හඳුනාගත හැකිය. ලංකාදීප හා දිවයින පුවත්පත් තුළ ද මෙම අපයෝජනයට ලක්වීම පිළිබඳව කෙරෙන වාර්තාකරණයන් හරහා ඉෂාලිනීගේ සිදුවීමට අදාළව මාධ්‍ය වාර්තාකරණය තුළ පවතින ධ්‍රැවීකරණය ප්‍රකාශයට පත් වන අයුරු ඉහත සාකච්ඡා කෙරිණි.

එමෙන්ම මියගිය දැරිය ලිංගික අපයෝජනයකට ලක් වී ඇති බව හෙළිදරව් වීමෙන් පසු ඒ සම්බන්ධ වාර්තාකරණයන් ඇගේ අනන්‍යතාව සඳහන් කරමින් සිදු කළ නොහැක. මෙය ආචාරධර්මීය වරදක් මෙන්ම නීතිමය වරදක්ද වේ.

තහවුරු නොකළ මූලාශ්‍ර

මවුබිම ජූලි 26 දින මුල් පිටුවේ ප්‍රධාන සිරස්තලය වන්නේ “රිෂාඩ්ගේ ගෙදර වැඩ කළ සේවිකාවන් 2ක් කලිනුත් හදිසියේ මිය ගිහින්, අයෙක් දුම්රියට පැනලා, අනෙකා හදිසියේ ලෙඩවෙලා, අනෙක් අටදෙනා ගැන සොයා පරීක්ෂණ” වශයෙනි. මෙම ප්‍රධාන සිරස්තලය යටතේ වන වාර්තාකරණය තුළ සඳහන් වන්නේ “රිෂාඩ් බදියුදීන් හිටපු ඇමතිවරයාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටි සේවිකාවන් පිළිබඳව විමර්ශනයක් සිදු කරන විශේෂ පොලිස් කණ්ඩායමට සියදිවි නසාගත් බව කියන දහසය හැවිරිදි දැරියට අමතරව තවත් සේවිකාවන් දෙදෙනෙකු මරණයට පත්වී ඇති බවට තොරතුරු ලැබී ඇති බවට පොලිස් ආරංචිමාර්ග කියයි” වශයෙනි. මෙහි මුලින් විශේෂ පොලිස් කණ්ඩායමක් පිළිබඳව සඳහන් කෙරෙන අතර පසුව පොලිස් ආරංචිමාර්ග යන්න සඳහන් කරයි. එක් අතකින් මෙම සිරස්තලයන් වෘත්තීමයභාවයක් ප්‍රකාශ නොකරන අතර මෙම වාර්තාකරණය සිදු කෙරෙන්නේ පැහැදිලි මූලාශ්‍රයන් පිළිබඳ සඳහනක් නොමැතිවය. මෙවැනි වාර්තාකරණයන් මෙම සිදුවීමට අදාළ වාර්තාකරණය තුළ වන ධ්‍රැවීකරණය ප්‍රකාශ කෙරෙන තවත් නිදසුන් වශයෙන් දැක්විය හැකිය.

ඉෂාලිනීගේ සිදුවීම සම්බන්ධයෙන් වන වාර්තාකරණයේදී දිවයින, මවුබිම හා ලංකාදීප පුවත්පත්වලට සාපේක්ෂව එම පුවත්පත්වල සහෝදර ඉංග්‍රීසි පුවත්පත් වන The Island, Ceylon Today සහ Daily Mirror යන පුවත්පත් මුලාශ්‍ර මත පමණක් පදනම් වෙමින් වෘත්තීමයභාවයක් යටතේ මෙම වාර්තාකරණයන් සිදු කර ඇති බව පැහැදිලි වේ. මෙම ඉංග්‍රීසි පුවත්පත් හරහා රිෂිඩ් බදියුදීන් මන්ත්‍රීවරයාට එරෙහිව සිංහල සමාජය තුළ පවතින විරෝධය සියුම් ලෙස කුළුගැන්වීමක්ද වාර්තාකරණය තුළ ප්‍රකාශ නොවේ. මෙම ඉංග්‍රීසි පුවත්පත් තුනටම සාපේක්ෂව 2021 ජූනි මාසය තුළදී දිවයින, මවුබිම හා ලංකාදීප පුවත්පත් තුන ඉෂාලිනීගේ සිදුවීම සිංහල සමාජය තුළ ගොඩනගා ඇති රිෂාඩ් මන්ත්‍රීවරයාට එරෙහි විරෝධය සමස්තයක් වශයෙන් සියුම්ව කුල්මත් කෙරෙන ආකාරයෙන් වාර්තාකරණය සිදු කර ඇති ආකාරය අපට නිරීක්ෂණය කළ හැකිය.

Print Friendly, PDF & Email

Latest comments

  • 2
    0

    I will add mine to this article later, but I have to add the below comment on this too. I wonder why our people behave like ULTRA modayas again and again.

    මගේ රටේ මිනිස්සු නැවත නැවතත් මෝඩ වෙන්නේ ඇයි? තායිලන්තයේ වගේම වේගෙට ඔළුව උස්සන රටවල් කීපයකම වගේ තුන් වේල බත් එළවලු කනවා. උන් පුන්නකු කෑවොත් හරක් කියලා වෙනසක් නෑ කියලා හිත හදාගන්න පුළුවන්.
    .
    ඔවුන් අන්ධද? ජුලියම්පිටිය අමරයාව ඔබලාගේ නායකයා කරගන්නවාද? නැත්නම් මරුසිර, කදිරය හෝ අපරාධකාරයෙක් ඔබේ නායකයෝද? ශ්‍රී ලාංකිකයන්ගෙන් බහුතරයක් අද අප්‍රිකානු මහාද්වීපයේ එයම කරන කිසිම ගෝත්‍රයකට වඩා වෙනස් නොවන බව පසුගිය මැතිවරණ ප්‍රතිඵලය මුළු ලෝකයම අවදි කළේය.
    .
    15 වසරක දීර්ඝ පිටුවහලේ ගෝඨාබයගේ හැටි අපේ ඡන්ද දායකයන් අධ්‍යයනය කළාද? විශාල අපරාධකරුවන් සැඟවී සිටින අතර ඔවුන්ගේ නීති විරෝධී ක්‍රියාකාරකම් සඳහා දිගු කලක් රටින් බැහැරව සිටිති. මාකඳුරේ මධුෂා ඒ සියල්ල ඔප්පු කළා.

    නීතිය හා සාමය ඉහළින්ම රකින ශීලාචාර රටක බල්ලෙකු පවා හැදී වැඩුණේ නම්, යම් තරමකට හෝ ශිෂ්ට සම්පන්න වූ මව්බිමට ආපසු ප්‍රතිචාර දක්වනු ඇත, නමුත් ගෝඨාභයට ප්‍රගතිශීලී කිසිවක් ඉගෙන ගැනීමට තරම් අඩුම ගුණාංගයක් නොමැති බව පෙනේ. එහෙම කළා නම් අද තත්ත්වය මීට වඩා හොඳ අතට හැරෙන්න තිබුණා.

    එම කාලය තුළ ඔහු ලබාගත්තේ කුමන ආකාරයේ අධ්‍යාපනයක්ද? බලවත් සිංගප්පූරුවේ සාක්ෂරතා අනුපාතයට සමාන රටකට නායකත්වය දීමට ඔහුට වැඩිදුර අධ්‍යයනය කිරීමට හැකි වූවාද?

    අපගේ ජනතාව, ඔබ වෙතට, .ඔබේ ඡන්දය නැවත එම අපරාධකරුවන්ට භාවිතා කිරීමට පෙර කිහිප වතාවක් සිතන්න.

    • 3
      0

      රාජපක්ෂ දේශපාලනයත් අර ඩේසි ආච්චිගෙ මැණික් මල්ල වගෙයි. සිංහල ව්‍යවහාරයේ සාමාන්‍ය කියමනක් ඇත,- කිතුල් රා එකතු කිරීමට නැග්ග කොල්ලෙකුට පවා යමක් පැවසීමට සිදුවේ. දැන් අජිත කබ්රාල්, වන්ඩිබට්ටයා, අභියෝග කරනවා, ක්වාටර් සහ ඩුබායි ඉතුරුම් වලින් රටට ගෙනාපු මහා කළු සල්ලිත් එක්ක ජාතික සංචිතය ඉක්මනින්ම බිලියන 3.5ක් වෙනවා කියලා. ඉතිරිකිරීමේ අවශ්‍යතා වලින් ජීවත් වූයේ කවුද?
      දෙසැම්බර් 31 වෙනිදාට දිනය නියම කර ඇත,,.. ඔබට සිතාගත හැකිද ? එවිට මාධ්‍ය මාෆියා කාරයෝ “රාජපක්ෂ නැවතත් මේ රට බේරා ගත්තා” යැයි ප්‍රචාරණය කිරීමට පටන් ගනී: මුළු ජාතියේම වියදමින් කිරිබත් කන්නට පටන් ගනීවි. එය නියත වශයෙන්ම එම සතුන් වැනි ජාතියම රවටා ගැනීමේ ඔවුන්ගේ මීළඟ සටන් පාඨය බවට පත්වනු ඇත.
      සොරකම් කළ විශාල මුදල් සම්භාරයක් යටපත් කිරීම සඳහා එය විශාල බොරුවක් විය. අනික අයිතිකාරයෙක් නැති පට්ටපල් හොරු වලින් මාලිගාවක් හදනවා රටක් කොහොම ඉවසන්නද? ඔවුන් එය කරන්නේ ඔවුන්ට පක්ෂව, මහ දවල් ඔවුන්ගේ කොල්ලකෑම් සඳහා ය, ඔවුන්ගේ නැවත පැමිණීමට ඡන්දය දුන් ජනතාව අද සාගින්නෙන් පෙළෙති. මේ මිනිසුන් ජාතියට පිළිකාවක් වී ඇත – ජනතාවනි, පාරට බැස උද්ඝෝෂණ කිරීමට එන්න. .. කිසිදා උදාසීන නොවන්න… මේ අපරාධකරුවන් සදහටම පලවා හරින්න !

    • 3
      0

      ස්ත්‍රී දූෂණ හා ශාරීරික පහරදීම් පිළිබඳ පහත් මට්ටමේ වාර්තාවලින් පැහැදිලි වන්නේ මේ රට සහ රාජ්‍යය ජනතාවට නිසි යුක්තිය ඉටු කිරීමට අපොහොසත් වී ඇති බවයි. මේ රටේ නීතීඥවරු 20000ක් පමණ සිටින අතර ඔවුන්ගෙන් බහුතරයක් ධනවතුන්ගේ කුලියට ගත් අයයි. අද වන විට ප්‍රජාතන්ත්‍රවාදය සරදමක් බවට පත්ව ඇත. එදා සොරිසේන සහ රනිල් ප්‍රමුඛ ඔහුගේ ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය දොරගලන්ව බව ජනතාවට පැහැදිලි විය. ඔවුන්ගේ මගපෙන්වීම යටතේ පොලිසියේ භාෂණයේ සහ සේවයේ වැඩි නිදහස හොඳින් දියුණු විය. කෙසේ වෙතත්, එහි ප්‍රගතිය දරාගත නොහැකිව, රාජපක්ෂ භූගත ජාලයන් දැඩි ලෙස හා ඵලදායී ලෙස ක්‍රියා කළේ, නැවත බලයට පැමිණීමට, ජනතාව නගා සිටුවීමට නොව, ඔවුන්ගේ අධිකරණ නඩුවලින් නිදහස් වීමට ය. ඒ කුරිරු පවුල තුළ එක පුද්ගලයෙක්වත් චෝදනා රහිතව සිටියේ නැත. ජනතා උසාවි ඔවුන් සැබෑ අපරාධකරුවන් බවට පත් කළ නමුත්, ඉතා අපවාදාත්මක මාධ්‍ය මාෆියාවක්, ඔවුන්ගේ නැවත පැමිණීම සඳහා එය නැවත විකෘති කළේය.

    • 2
      0

      සාධාරණත්වය සහ දැනුවත්භාවය වෙනුවෙන්, ශ්‍රී ලංකාව අද මුහුණ දෙන මිනිසා විසින් සාදන ලද අවුල ගැන මට ඔබ සමඟ බෙදා ගැනීමට අවශ්‍යයි.
      අසත්‍යය මිනිසුන්ගේ පොදු අවබෝධය බවට පත් වූයේ, පක්ෂග්‍රාහී මාධ්‍ය සහ ම්ලේච්ඡ දේශපාලකයන්ගේ සංකලනය ශ්‍රී ලාංකීය සමාජය ආධිපත්‍යය දැරූ මුග්ධ හා මෝඩ මනස ඒත්තු ගැන්වීමට ඉවහල් වූ බැවිනි. මෙය සුනාමි කුරිරු රැල්ලට සමාන නමුත් කරුණු මත පදනම් නොවේ.
      Nietsche යනු ජර්මානු දාර්ශනිකයෙක්, maverick සහ දේවධර්මීය මග පෙන්වීම සහ මිනිසා කෙරෙහි ඇති බලපෑම අවබෝධ කර ගැනීමට නොහැකි වූ මහාචාර්යවරයෙකි. ඔහු වසර ගණනාවක් ස්වයං හුදකලා වී ඉතාලිය පුරා සංචාරය කළ අතර ඔහුගේ පසුකාලීන ජීවිතය ගැන ඔහුට හැඟුණු දේ ලිවීය. ඔහු පෙනී සිටියාට වඩා අමානුෂික බව විශ්වාස කළ අතර කරුණාව සහ නිසි චින්තනය තුළින් මිනිසුන්ට මනසේ සාමය සහ සතුට ළඟා කර ගත හැකිය: ඒ දිනවල මුළු ලෝකයම ක්‍රිස්තියානි ධර්මයෙන් සහ දෙවියෙකු පිළිබඳ විශ්වාසයන්ගෙන් පිළිසිඳ ගත් නමුත් නීට්ෂේගේ සිතුවිලි ඔහුට ඉදිරියට යාමට ඉඩ දුන්නේ නැත. එහෙම හිතනවා. නීට්ෂේගේ ප්‍රකාශයට පත් නොකළ සටහන් ඔහුගේ අභාවයෙන් පසු ඔහුගේ සහෝදරිය විසින් ප්‍රකාශයට පත් කරන ලදී. නමුත් ඒ කාලයේ සිටි නාසි බුද්ධිමතුන් නීට්ෂේ ලියූ දේ වැරදි ලෙස අර්ථකථනය කළහ. නීට්ෂේ මත වරද පැටවීමට හිට්ලර් ජර්මනිය මෙහෙයවීමට හේතුව එයයි
      https://www.youtube.com/watch?v=u9f1F5jUzaM

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.