19 April, 2024

Blog

එක්සත් ජාතීන්ගේ පරීක්ෂණය ශ්‍රී ලංකාවට ‘එරෙහි එකක්’ යැයි රජය විග්‍රහ කරන්නේ කෙසේද?

ආර්. සම්බන්දන්

ආර්. සම්බන්දන්

ආර්. සම්බන්දන්

කථානායකතුමනි” මහජන වැදගත්ගමක් ඇති කරුණු වාදයට ගැනීමට අදාලව ඉදිරිපත් කර ඇති මෝසම පිළිබඳ දෙමළ ජාතික සන්ධානයේ ස්ථාවරය වාර්තාගත කිරීම සඳහා මා ප්‍රකාශයක් සිදූ කිරීමට අදහස් කරමි. රජය තමාගේම පරාජයන් සඳහා මේතරම් පමා වී පාර්ලිමේන්තුවේ සහය පැතීම ඇත්තෙන්ම හාස්‍ය ජනකය. එමෙන්ම තමාගේ වාසිය තකා කිසිදූ ආචාර ධර්මයක් අගය නොකරන විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන්ව තමාගේ පැත්තට ඇද ගෙන ඒ අනුව දැනට පාර්ලිමේන්තුවේ සිටින්නන්ගෙන් අඩකටත් වැඩි මන්ත්‍රීවරුන්ට විධායක තනතුරු ලබා දෙමින් පාර්ලිමේන්තුව හෑල්ලූවට ලක් කර ඇති මෙම රජය” දැන් රටේ අතිශය වැදගත් කරුණක් සඳහා මෙම පාර්ලිමේන්තුවේම” සහය පතයි.

එසේ වුවද” රජයේ මෙම කි්‍රයාව ඉතා පහත් දේශපාලන ප්‍රෝඩාවක් බව මුලූ රටම දනියි. විචක්ෂණ නුවණින් යුතුව ජාතික ප්‍රතිසන්ධානය හෝ විදේශ ප්‍රතිපත්ති වැනි වැදගත් කරුණු සඳහා මං සේවීම වෙනුවට තම ලාබාල දේශපාලන විගඩම් සඳහා පමණක් මෙම උත්තරීතර ගර්භය රජය භාවිතා කරමින් සිටීම රට වැසියන්ගේ සැබෑ කරුමයකි.

ජෙනීවාවල එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය නියෝðතයා දැනටමත් ප්‍රකාශ කර ඇති පරිදියෝðත පරීක්ෂණවලට රජය සහයෝගය දක්වන්නට සූදානම් නැත. එසේ නම් පාර්ලිමේන්තුවේ කරන මෙම ව්‍යායාම්වල තේරුම කුමක්ද? ජගත් සංවිධානයක නිර්දේශයක් ප්‍රතිෙක්ෂ්ප කිරීමෙන් තමන්ට ඇති විය හැති තත්වය හෙවත් ලොවෙන් හුදෙකලා වීමේ තම ප්‍රතිපත්තිය ගැන රජයටම දැන් බිය සිතිලාවත්ද? රජයේ නියෝðතයෙකුගේ හිතුවක්කාර ප්‍රකාශයක් සඳහා පාර්ලිමේන්තුවේ පිටසනක් ලබා ගැනීමට රජය මෙසේ මාන බලන්නේ ඒ නිසාද?

ප්‍රතිසන්ධානය සහ වගකීම් දැරීමට රජය දක්වන ආකල්පය සංකේතමත් කරන රජයේ සෙල්ලක්කාරකමට මෙම මෝසම කදිම නිදසුනකි. මානව හිමිකම් කොමිසමේ තීරණයක් ගැන මෝසමෙහි සඳහන් කර ඇති නමුත් ‘මානව හිමිකම් සඳහා වන එජා කොමිසම’ වෙනුවට ‘මානව හිමික් කවුන්සිලයක්’ ගෙනෙන ලද්දේ වසර අටකටත් පෙරය. තවද කවුන්සිලයේ තීරණය මෝසමේ දක්වා ඇත්තේ ‘ශ්‍රී ලංකාවට එරෙහි’ එකක් ලෙසිනි. ශ්‍රී ලංකාවේ ස්වෛරීබව” ස්වාධීනත්වය” ඒකීය බව සහ භෞමික ඒකාග්‍රතාවය ආදිය සංරෂණය සඳහා කවුන්සිලය කැපවී සිටින බව තීරණය තහවුරු කරයි.

එසේ නම් මෙම තීරණය ශ්‍රී ලංකාවට ‘එරෙහි එකක්’ යැයි රජය විග්‍රහ කරන්නේ කෙසේද?

මෙම අවස්ථාවේ රජයේම තර්කයේ පිහිටමින් මා ප්‍රශ්නනයක් අසනු කැමැත්තෙමි. එනම්” 2009 මැයි 26 වැනි දින එජා මහලේකම් බෑන් කී මූන් සමග එක්ව අතිගරු ජනාධිපතිරයා හවුල් ප්‍රකාශයක් නිකුත් කිරීමෙන් අතිගරු ජනාධිපතිවරයා සිදූ කළේ ‘රටට එරෙහි’ කි්‍රයාවක්ද?එම ප්‍රකිශයෙහි මෙසේ සඳහන් විය.

‘ජාත්‍යන්තර මානුෂීය හා මානව හිමිකම් නීති රීති උල්ලංඝනය වී ඇති දැයි සොයා බැලීම සඳහා වගකීම් දැරීමේ කි්‍රයාවලියක වැදගත්කම එජා මහලේකම්වරයා ඉස්මතු කර පෙන්වූයේය’

එමෙන්ම අතිගරු ජනාධිපතිවරයා පහත ආකාරයෙන් කාර්්‍ය භාරයක් සඳහා දායක වන බව එහි සඳහන්ය.

‘මෙම මැසිවිලි ගැන සොයා බැලීමට රජයද පියවර ගනු ඇත’

කථානායකතුමනි” ගැටුම් සමයෙහි පාර්ශව ද්විත්ය විසින්ම සිදූ කරන ලද උල්ලංඝනයන් සඳහා යුක්තිය පසිඳලීම මෙන්ම වගකීම් දැරීමේ කාරනාව ජාත්‍යන්තරකරණය කිරීම ආදිය සිදූ කරන ලද්දේ රජය සහ ජනාධිපතිවරයා විසින් 2009 මැයි මස ගන්නා ලද තීරණයක් අනුවය. ඇත්තෙන්ම එම තීරණය ඉතා හොඳ එකක් වූ අතර එජා මහලේකම්වරයාට රජය දූන් සහතිකය එලෙසින්ම ඉටු කරන්නට යෙදූනේ නම් මෙරටේ පරිපාලනය වඩාත් බාධක රහිත එකක් වන්නට තිබුනි.

නමුත් එය එසේ සිදූ නොවීය. මහලේකම්වරයාට දූන් පොරොන්දූව රජය කඩ කළ අතර” එහි ප්‍රතිවිපාකයක් ලෙසින් ශ්‍රී ලංකා රජය සමග වන තමාගේ ගිවිසුම කි්‍රයාත්මක කිරීමට තමා කුමක් කළ යුතු දැයි උපදෙස් ලබා ගැනීම සඳහා විශේඥ මණ්ඩලයක් පත් කිරීමට මහලේකම්වරයාට සිදූ විය.

එජා මහලේකම්වරයාට දූන් පොරොන්දූව ඉටු කරනවා වෙනුවට ජනාධිපති මහින්ද රාජපක්ෂ කළේ 2010 මැයි 15 වැනි දින ‘උගත් පාඩම් සහ ප්‍රතිසන්ධාන කොමිසම’ (සංහිදියා කොමිසම- නමින් කොමිසමක් පත් කිරීමය. පසුව 2011 දෙසැම්බර් 16 වැනි දින කොමිසම සිය වාර්තාව ප්‍රකාශයට පත් කළේය. අවතැන් වීම” ඉඩම් ආරවුල් සමතයකට පත් කිරීම” පුද්ගලයන් රඳවා තැබීම” මාධ්‍ය නිදහස” නීිතියෙන් පිට සිදූ කරන ලද ඝාතණ පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම හා බලයෙන් අතුරුදහන් කරවීම ආදිය ඇතුලත් මානව හිමිකම් ගැට¿ පිළිබඳ සංහි¢යා කොමිසම විසින් ඉදිරිපත් කර තිබුනු ඇතැම් යෝජනා ජාතික දෙමළ සන්ධානයද පිළිගත්තේය.

එසේ වුවද” මේ දින දක්වා මෙම ඵලදායී යේජනාවලින් කි්‍රයාවට නගා ඇත්තේ අතලොස්සක් පමණකි. මෙම අන්තයෙන් ලබා ඇති ප්‍රගතිය පිළිබඳ රජයේම ප්‍රකාශද එකකට එකක් පටහැනිය. උක්ත නිරේදේශවලින් 85 ] ක්ම සම්පූර්ණයෙන්ම කි්‍රයාවට නංවා ඇත යැයි 2014 පෙබරවාරියෙහි විදේශ ඇමති ජී. එල්. පීරිස් පාර්ලිමේන්තුවෙහි ප්‍රකාශ කළේය. මේ අතර එයින් මසකට පමණ පසු සංහිදියා කොමිසමේ නිර්දේශවලින් 30 ] ක් සම්පූර්ණයෙන් කි්‍රයාවට නංවා ඇත යැයි එජා මහලේකම්වරයාට ජනාධිපතිවරයා දැන්වූයේය. එමෙන්ම එයට පෙර 2013 මාර්තු මස පැවති මාධ්‍ය හමුවක§ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද සමරසිංහ කොමිසමේ නිර්දේශවලින් 99 ] ක්ම කි්‍රයාවට නගා ඇත යැයි ප්‍රකාශ කළ සැටිද අපට මතකය. මේ අනුව මෙම විෂයයෙහි රජය සද්භාවයෙන් තොර බව අපට පෙනී යයි. ‘සම්පූර්ණයෙන්ම කි්‍රයාවට නංවා ඇත’ යැයි රජය පවසන කොමිසමේ බොහෝ නිර්දේශ කොහෙත්ම කි්‍රයාවට නගා නොමැත.

නිදසුනකට මාධ්‍යවේදින්ට එල්ල කරන ලද ප්‍රහාර සම්බන්ධව සොයා බැලීමේ නිර්දේශය සම්පූර්ණයෙන්ම කි්‍රයාත්මක කර ඇත යැයි රජය ප්‍රකාශ කළ නමුත්” එය සඳහා රජය ලබා දි තිබුනේ අන්තර්ජාලය මගින් එවැනි ප්‍රහාර ගැන ශ්‍රී ලංකා පුවත්පත් කවුන්සිලයට පැමිණිලි කළ හැකි පෝටලයක් පමණි. මෙය අතිශයින්ම නිෂ්ඵල ව්‍යායාමයක් වුවා පමණක් නොව මාධ්‍ය නිදහස සංරක්ෂණය කර එය නගා සිටුවනවාට වඩා මෙයින් සිදූ වන්නේ එය සීමා කර එයට වැඩකටුලූ බැදිමට මං විවිර වීමය. එපමණක් නොව” සන්ඩේ ලීඩර් පුවත්පතේ කතෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතණය” මාධ්‍යවේදි ප්‍රගීත් එක්නැලියගොඩගේ අතුරුදහන්වීම” යාපනයේ සිට කි්‍රයාත්මක වන උදයන් පුවත්පත් කාර්යාලයට හා එහි කාර්ය මණ්ඩලයට එරෙහිව සිදූ කරන ලද ප්‍රහාර ආදිය විෂයයෙහි සිදූ කරන ලද විමර්ශන එක්කෝ අසම්පූර්ණය නැත්නම් කිසිදූ විමර්ශනයක් කොහෙත්ම කර නොමැත. එමෙන්ම නීති විරෝධී අවි ගත් කල්ලි විෂයයෙහි විමර්ශන සිදූ කර වැරදිකරුවන්ට ද~ුවම් ලබා දිය යුතුය යැයි සංහි¢යා කොමිසම කර තිබුනු නිර්දේශය සම්පූර්ණයෙන්ම කි්‍රයාවට නංවා අවසන් යැයි 2014 ජනවාරි මස රජය ප්‍රකාශ කළද එවැනි කල්ලිවලට අයත් හා මානව හිමිකම් උල්ලංඝන බුරුතු පිටන් සිදූ කළ සුප්‍රකට මැරයන් රජයේ අනුග්‍රහයෙන් තවමත් නිදැල්ලේ හා සුවසේ සැරිසරමින් සිටිති.

වගකීම් දැරීම පිළිබඳ සෘජු අධිකාරියක් සංහි¢යා කොමිසමට තිබුනේ නැතිවුවද ‘ජාතික එකමුතු බව සහ අනාගතයේ ජාතින් අතර නොසන්සුන්තා නැවත ඇති නොවීම’ තහවුරු කිරීම පිළිබඳ බලාධිකාරියක් කොමිසම සතු වෙයි. වගකීම් දැරීමේ විෂයය පිළිබඳ කි්‍රයා කරන්නට කොමිසම යන්ත දැරුවේ මෙම පසුතලයේ සිටය.

මේ අනව 2013 ජනවාරි මස ප්‍රකාශයට පත් කරන ලද සංහි¢යා කොමිසමේ වාර්තාවට ජාතික දෙමළ සන්ධානය ප්‍රතිචාර දක්වමින්” වගකීම් දැරීම පිළිබඳ කොමිසමේ සොයා ගැනීම් පිළිබඳ තම නොසතුට ප්‍රකාශ කර සිටියේය.

මෙයට හේතු වූයේ එය සඳහා කොමිසම උපයෝගීකර තිබුනු විශ්ලේෂණ ක්‍රමවේදය වැරදි සහගත සහ දූර්වල එකක් වීම” යුද්ධයේ අවසන් අදියර වටා තිබුනු කරුණුවලට අදාල ජාත්‍යන්තර නීති රීතින් යෙදවීම හා සම්බන්ධ ගැටලූ ඇතුලූ කාරණා ගණනාවකි. එසේ වුවද” ඇතැම් සිවිල් වැසියන්ගේ ඝාතණ හා සම්බන්ධ සුවිශේෂී සිදූවීම් පිළිබඳ විමර්ශන පැවැත්විය යුතුය කොමිසම ඉල්ලා සිටීම අපගේ අවදානයට ලක්ව ඇත්තේය. මෙයට 2009 මැයි 10 චණ්ඩිකුලම් ප්‍රදේශයේ නාවික හමුදාව විසින් සිවිල් වැසියන් කිහිප දෙනෙකතුට එරෙහිව සිදූ කරන ලද ප්‍රහාරය” එම වසරෙහිම අප්‍රෙල් මස 20 වැනි දින මාතලන් ප්‍රදේශයේ රජයේ පාලනය යටතේ තිබුනු පෙදෙසට යාමට සිවිල් වැසියන්ට හමුදාව ඉඩ නොදිම” පොක්කනායිහි සිවිල් වැසියන්ට රජයේ හමුදා විසින් එල්ල කරන ලද ෂෙල් ප්‍රහාරය ආදිය ඇතුලත් වෙයි. එසේ වුවද” මෙම සිදූවීම් සම්බන්ධ නිසි විභාග කිරීමක් සඳහා අවශ්‍ය පියවර තවමත් ගෙන නොමැත.

මේ අතර කොමිසමේ යෝජනා ගැන අදහස් දක්වන හමුදා මණ්ඩලය ‘ඇත්තෙන්ම සිවිල් ජනයාට හිතා මතා හානි ඇති කරන ලද්දේද නැතිනම් මෙම හානි යුධ ගැටුම් තත්වයක සාමාන්‍යයෙන් ඇති වන අනතුරුද යන පැනයට කොමිසම විසින් නිශ්චය පිළිතුරක් ලබාදි නොමැත’ යැයි පවසා තිබුනි. එසමගම චැනල් 4 විඩියෝ දසුන්වලින් පෙන්වා තිබුනු සිදූවීම් හා සංහිදියා කොමිසමේ වාර්තාවේ ඇතුලත් වී තිබුනු චෝදනාවලට අදාල සිද්ධීන් ගැන සොයා බැලීම සඳහා වෙනත් හමුදා විමර්ශන මණ්ඩලයක් පත් කළ යුතුය යැයිද හමුදා මණ්ඩලය නිර්දේශ කර තිබුනි. එයින් අනතුරුව එවැනි විමර්ශණ ම~ුල්ලක් හමුදාව විසින් පත් කරන ලද අතර ‘සංහිදියා කොමිසමේ වාර්තාවේ සඳහන් කරන ලද ෂෙල් ප්‍රහාර සිදූවීම් ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් සිදූ කරන ලද ඒවා නොවේ’ යැයි එම ම~ුල්ල සිය අවසන් වාර්තාවෙහි සඳහන් කර තිබුනි. එමෙන්ම නාවික හමුදාව විසින් පත් කරන ලද තවත් ම~ුල්ලක් ‘සිවිල් වැසියන්ට ශ්‍රී ලංකා නාවික හුමදාව ප්‍රහාර එල්ල කළේය යන චෝදනාව පදනම් විරහිත එකක් වන අතර” සිතා මතා හෝ අප්‍රවේශම නිසා සිවිල් ජනයාට හෝ ඔවුන්ගේ දේපළට සිදූ කරන ලද ප්‍රහාර කිසිවකට නාවික හමුදාව වගකිව යුතු නොවේ’ යැයි සඳහන් කර තිබුනි.

තත්වය මෙය වුවද” මේ දින දක්වා යුධ හමුදාවේ සහ නාවික හමුදාවේ උක්ත වාර්තා දෙක තවමත් ප්‍රසිද්ධියට පත් කර නොමැත. වැදගත් කරුණු රහසිගතව තබා ගැනීමේ හා විනිවිදභාවයෙන් තොරව කි්‍රයා කිරීමේ මෙම රජයේ ප්‍රතිපත්තිය උදලාගම කොමිසමේ වාර්තාව විෂයයෙහි රජය කටයුතු කළ ආකාරයම අපට සිහිපත් කරයි. ති්‍රකුණාමලයේ සිසුන් පස්දෙනෙකු සහ 2006 වසරෙහි මූතූර් ප්‍රදේශයේ සහන ක්‍රියාකාරීන් 17 දෙනෙකු ඝාතණය කිරීම ඇතුලත්ව දැවැන්ත මානව හිමිකම් උල්ලංඝන කිහිපයක් සම්බන්ධව සිදූ කරන ලද විමර්ශනයට අදාල එම කොමිසමේ වැදගත් සොයාගැනීම්ද රජය විසින් ප්‍රසිද්ධියට පත් නොකර වසන් කරන ලදී.

මෙලෙසින් ජනාධිපති මහින්ද රාජපක්ෂ සමග තමා ඇති කර ගත් ගිවිසුමේ නිර්දේශ පරදි ඉදිරි පියවර ගැනීමට එජා මහලේකම්වරයාට සිදූ වූයේ පිළිගත හැකි ආකාරයෙන් අභ්‍යන්තර විභාග කිරීමක් සිදූ කිරීමට මෙම රජයට ඇති නොහැකියාව මනාවට නිරාවරණය වූ නිසාය. එපමණක් නොව” ශ්‍රී ලංකාවේ වගකීම් දැරීමේ කරුණට අදාලව මහලේකම්වරයාගේ විශේඥ මණ්ඩලයට හිමි කරන ලද බලාධිකාරියට මූලික වශයෙන් පදනම් වූයේද අන් කිසිවක් නොව ජනාධිපතිවරයා සමග මහලේකම්වරයා ඇති කර ගත් හවුල් එකඟතාවයේ කොන්දේසිමය. ඇත්තෙන්ම විශේ්ෂඥ මණ්ඩලයේ අත්‍යන්ත අරමුණ වන්නේ ‘උල්ලංගණවල ස්වාභාවය සහ විහිදූමට අදාලව වගකීම් දැරීමේ කි්‍රයාවලියක් සඳහා වන හවුල් කැපවීම මෙන්ම එයට අදාල සමාන අත්දැකීම් සහ එයට ආදේශ කළ හැකි ජාත්‍යන්තර ප්‍රමිතීන් හා මොඩල ආදිය පිළිබඳ එක්සත් ජාතීන්තේ සංවිධානයේ මහලේකම්වරයාට උපදෙස් දිමය’ යනුවෙන් එහි පැහැදිලිවම සඳහන් කර ඇත.

2011 මාර්තු 31 වැනි දින විශේෂඥ මණ්ඩලය සිය වාර්තාව ප්‍රකාශයට පත් කළ විට ‘සිදූ වී ඇති උල්ලංඝනවල ස්වාභාවය සහ පරාසය සැලකිල්ලට ගනිමින්’ ශ්‍රී ලංකා රජය විසින් මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධනාය විසින් ගත යුතු පියවර ගැන එම ම~ුල්ල ගැඹුරු අධ්‍යයනයක් සිදූ කර ඇති බව පෙනෙන්නට තිබුනි. උක්ත මණ්ඩලයට පවරන ලද කාර්යභාරයෙහි අංගයක් වන උල්ලංගණවල ස්වාභාවය සහ පරාසය නිරීෂක්ණය කිරීමෙන් අනතුරුව පාර්ශව ද්විත්වය විසින් යුද්ධයේ අවසන් අදියරෙහිදී මිනිස් බවට එරෙහි අපරාධ ගණනාවක්ම සිදූ කර ඇති බවට පිළිගත හැකි සාධක අනාවරණය විය. එසේ අනාවරණය කර ගන්නා ලද පාර්ශව දෙක විසින්ම කර තිබුනු ම්ලේච්ඡ අපරාධ කි්‍රයා සිත් කම්පාකරවන සු¿ දැවැන්ත ඒවා විය. ඝාතණ” සිරගත කිරීම්” වධහිංසා දීම්” අතුරුදහන් කරවීම් ආදියට අදාල වැරදිගණනාවක්ම රජයේ පාර්ශවයෙන් සිදූ වී තිබුනි. යුද්ධයේ අවසාන අදියරෙහි සිදූ වුනු සිවිල් ඝාතණ බහුතරයක්ම රජයේ හමුදා විසින් සිදූ කරන ලද ෂෙල් ප්‍රහාර නිසා හට ගත් ඒවා බව එම වාර්තාවෙහි සඳහන් වී තිබුනි. එමෙන්ම කොටින්ගේ පාර්ශවයෙන්ද මිනිස් ඝාතණ සම්බන්ධ වැරදි ඇතුලූ යුධ අපරාධ කිහිපයක්ම සිදූ කර තිබුනි. මේ සියල්ලටම රජයේ යුධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්” රාජ්‍ය නායකයන් මෙන්ම කොටි සංවිධිනයේ ජ්‍යෙෂ්ඨ නායකයන් වගකිව යුතු බවද වාර්තාවෙන් පෙන්වා දී තිබුනි.

කථානායකතුමනි” එජා සංවිධානය සමග රජය කවදත් කි්‍රයා කළ ආකාරය අනුවම කි්‍රයා කරමින් ගරුකටයුතු රාජතාන්ත්‍රිකයෙකු මෙන්ම ඉන්දූනීෂියාවේ හිටපු ඇටෝනි ජනරාල්වරයෙකු වන මර්සුකි දාරුස්මාන් මහතා මෙන්ම දකුණු අප්‍රිකා සහ සියරාලියොන් සත්‍යය හා ප්‍රතිසන්ධාන කොමිසමේ හිටපු කොමසාරිස්වරිය වූ යස්මින් සූකා මෙනෙවිය සහ එක්සත් ඇමරිකා ප්‍රාන්තවල ප්‍රකට විද්වතෙක් වන මහාචාර්්‍ය ස්ටීවන් රැට්නර් වැනි එජා විශේෂඥ මණ්ඩලයේ බුහුමන් කටයුතු සාමාðකයන්ට දූෂ්ට පමණක් නොව ත්‍රස්තවාදී මුහුණු පවා ආදේශ කරන්නටම රජය වෑයම් කළේය.

එසේ් වුවද” උක්ත විද්වත් මණ්ඩලයේ මෙම විමර්ශන කි්‍රයාවලියට රජයද සහභාගී වූයේ ද්වි පාර්ශික එකඟතාවයෙන්ය යන කරුණ අමතක කළ නොයුතුය. අනුන්ගේ මැදිහත් වීම්වලට විරුද්ධ වන දේශීය වීරයෙකු ලෙසින් රට වැසියාට තමන්ව පෙන්වන්නට රජය වෑයම් කරන අතරම නිව්යෝර්ක් නගරයට උසස් මට්ටමේ දූත පිරිසක්ද 2011 පෙබරවාරි 22 වැනි දින රජය පිටත් කළේයග එම පිරිස විශේෂඥ මණ්ඩලයට අංගසම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කළහ. මෙම දූත පිරිසේ සාමාðකයන්ගේ නම් වාර්තාවේ 127 වැනි පිටුවෙහි සඳහන් කර ඇත. මෙයට එවිට ඇටොනි ජනරාල්වරායව සිටි හා වත්මන අගවිනිසුරුවි සිටින මොහාන් පීරිස් මහතා” විදේශ ලේකම් රොමේෂ් ජයසිංහ මහතා මෙන්ම නිව්යොර්ක් නගරයේ එජා සංවිධිනයේ නිත්‍ය හා නියෝජ්‍ය නියෝðතයන් සහ විදේශ අමාත්‍යාංශයේ උපදේශකවරයෙක්ද ඇතුලත් වූහ.

පාර්ශව ද්විත්යම විසින් සිදූ කර ඇති ජාත්‍යන්තර අපරාධ සම්බන්ධ චෝදනා ගැන කරුණු දැන ගැනීමෙන් අනතුරුව අවිගත් ගැටුම් සමයෙහි පාර්ශව දෙක විසින්ම සිදූ කරන ලද ජගත් මානව හිමිකම් නීති රීති උල්ලංගණ සම්බන්ධව සද්භාවයෙන් යුත් පරී

ෂණ නොපමවා ආරම්භ කළ යුතුය යැයි ම~ුල්ල රජයට නිරේදේශ කළේය.

එමෙන්ම (1- කෙතරම් දූරට රජය මෙම පරීCෂණ නිසියාකාරව සිදූ කරන්නේද යන කරුණ අධීක්ෂණ්‍ය කිරීමට අවශ්‍ය හා (2- අදාල උල්ලංගණ විෂයයෙහි ස්වාධීන විමර්ශන පැවැත්වීම සඳහා අවශ්‍ය යාන්ත්‍රණයක් පිහිටුවන මෙන් සහ (3- යුද්ධයේ අවසන් අදියරෙහි සිදූ වුනු වගකීම් දැරීමට අදාල තොරතුරු අනාගත ප්‍රයෝජනය සඳහා සංරක්ෂණය කිරීම සඳහා වන යාන්ත්‍රනයක් පිහිටුවා ගන්නා මෙන්ම ම~ුල්ල මහලේකම්වරයාට නිර්දේශ කළේය. එසමගම යුධ සමයෙහි එජා ක්‍රමෝපායේ කි්‍රයාකාරකම් සඳහා අභ්‍යන්තර පුනරීක්ෂණයන් මහලේකම්වරයා පැවැත්විය යුතුය යැයිද” ම~ුල්ලේ වාර්තාව 2009 තීරණය අනුව නැවත සැලකිල්ලට ගැනීම සඳහා එජා මානව හිමිකම් කවුන්සිලයට ඇරියුම් කළ යුතුය යැයිද එම ම~ුල්ල නිර්දේශ කළේය.

කථානායකතුමනි මණ්ඩලයේ උක්ත වාර්තාව හෙළිදැක්වීමෙන් අනතුරුව මානව හිමිකම් කවුන්සිලයේ සභාපතිවරයාට මෙන්ම ශ්‍රී ලංකා රජයටද එහි පිටපත් මහලේකම්වරයා විසින් යවන ලදී. ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වන මෙන් විශේෂඥ මණ්ඩලය හා මහලේකම්වරයාගේ නීති උපදේශකවරුන් නිර්දේශ කර තිබුනද හා එසේ කිරීමේ බලාධිකාරිය මහලේකම්වරයාට ඇති බව ඔවුන් නැවත නැවත පෙන්වා දූන්නද එසේ කිරීමෙන් මහලේකම්වරයා වැළකී සිටියේය. තමාගේම විශේෂඥ මණ්ඩලයේ ඉල්ලීමට පවා සවන් නොදීමෙසේ කිරීමෙන් ලංකා රජය පොරොන්දූ වූ දේ කිරීමට රජයට කාල අවකාශ ලබා දීම අතිශයින්ම කාරුණික වූ මහලේකම්වරයාගේ අපේක්ෂාව විය.

කථානායකතුමනි” වාර්තාවේ අන්තර්ගතය සහ රජයේ ‘හැංගිමුත්තම’ සැලකිල්ලට ගන්නා කල” 2012 මාර්තු මස ‘ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධානය සහ වගකීම් දැරීම ප්‍රවර්ධනය කිරීම’ නමින් වූ 19/2 තීරණය සම්මත කරනවාත් සමගම කි්‍රයාත්මක වීමට එජා මානව හිමිකම් කවුන්සිලයට සිදූවිය. මෙම තීරණයේ අන්තර්ගතය ඉතා සරල විය. එය ඉල්ලා සිටියේ සංහි¢යා කොමිසමේ ඵලදායී නිර්දේශ කි්‍රයාත්මක කරන මෙන් හා යුක්තිය පසිඳලීමට අවශ්‍ය හා රජයට ඇති නෛතික වගකීම් ඉෂ්ට කිරීමට අවශ්‍ය සාධනීය හා ස්වාධීන පියවර ගන්නා මෙන් පමණි.

තවත් ලෙසකින් කිවහොත් මානව හිමිකම් කවුන්සිලය කළේ එයට පෙර එජා මහලේකම්වරයා කළ එම දේමය. එනම් ප්‍රගතියක් පෙන්වීමට රජයට කල්දී මය. එසේ වුවද” ඔවුන් දක්වන කාරුණික අනුග්‍රහයට ප්‍රතිවරුද්ධ ආකල්පයක්ම රජය එදත් අදත් දක්වමින් සිටියි. මෙම තීරණය සම්මත කරන ලද්දේ වසර දෙකහමාරකටත් වැඩි කාලයකට පෙර බව අප සිහි තබා ගත යුතුය. රජයේ යුද්ධයට සහය දැක්වූ එම රටවලම මෙම මිත්‍රශීලී ඉල්ලීම්වලට රජය මෙතරම් විරෝධතාවය පළ කරන්නේ මන්දැයි මා අසනු කැමැත්තෙමි. රජය මෙයටත් වඩා මේරූ ආකල්පයක් දැක්වුවහොත් මෙම රට වඩාත් ප්‍රයෝජන නොලබන්නේද? ඔවුන් ඉල්ලූ පරිදි ප්‍රගතියක් පෙන්වීම වෙනුවට රජය තවතවත් මුරණ්ඩු වෙමින් සිටියි. මෙම ආකල්පය ගැන නොතකා එජා මානව හිමිකම් කවුන්සිලය මෙයට අතිශය සමාන පසුවිපරම් තීරණයක් 2013 මාර්තු මස ආදේශ කර ගත්තේය. එවිට කරන ලද ඉල්ලීම් පිළි නොගැනීමටම රජය නැවතත් කි්‍රයා කළේය. යුද්ධයෙන් පසුව වු ත්තවය ගැන සැලකිලිමත් වන්නට එරෙහිව සිදූ කරන ප්‍රහාරය රජය නොකඩවා කරන්නට විය.

කථානායකතුමනි” ශ්‍රී ලංකාවේ මිතුරන්ගේ ඉවසීම දැන් තුනී වෙමින් පවතින බව නොකිව මනාය. වසර පහක් තිස්සේ රජය කට්ටි පනිමින් සිටි කාරනා අංගසම්පූර්ණව විභාග කිරීමට කි්‍රයා කළ යුතුය යැයි දැන් තීරණය වී ඇත. මෙමගින් යුධ සමයෙහි මෙන්ම එහි අවසන් අදියරෙහි ඇත්තෙන්ම සිදූ වූයේ කුමක්දැයි සොයා බලා තවමත් හමුදා ප්‍රස්තූතියේ සිටිමින් දූක් වි¢න හානියට පත් වූවන්ට හානිපූර්ණ ලබා දීමට කි්‍රයා කළ හැකිය. පමා වූ මෙම මොහොතේ හෝ සාක්ෂිකරුවන් හමු වීමට පහසුකම් සලසා දෙමින් හා අධිකරණ සාක්ෂිවලට ප්‍රවේශය ලබා දෙමින් මෙම පරීක්ෂණ කි්‍රවලියට අර්ථවත් ලෙසින් සහභාගී වන මෙන් මානව හිමිකම් මහකොමසාරිස් කර ඇති ආරාධනාව රජය පිළිගනු ඇත යැයි අප බලාපොරොත්තු වෙමු. එසේ නොකළහොත්” රජය තවතවත් හුදෙකලා වනු ඇත. එවැනි මාර්ගයක් පෙර නොඇසූ විරූ එකක් වනු නොඅනුමානය.

සමාන තත්වයන් ඇති වුනු අන් බොහෝ රටවලට වඩා ජගත් අපරාධ නීතියට සහය දැක්වීමේ සාඩම්බර ඉතිහාසයක් ශ්‍රී ලංකාවට ඇත. එපමණක් නොව” ඇටෝර්නි ජනරාල්වරයාගේ කාර්යාලයේ සේවය කළ ශ්‍රී ලාංකික විනිසුරුවන් සහ නීිතිවේදීන් ජාත්‍යන්තර විනිශෂ්චය මණ්ඩල ගණනාවක විනිසුරුවරුන් මෙන් මෙන්ම නඩු මෙහෙයවන්නන් ලෙසින් උසස් තනතුරු ගණනාවක්ම දරා ඇතග යුගොස්ලාවියාව” රුවාණ්ඩාව” නැගෙනහිර ටිමෝරය වැනි රටවල රාජ්‍ය නායකයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට වත්මන උපරිමාධිකරණයේ කටයුතු කරන ලාංකික නීතිඥයන් පවා සහය දක්වා ඇත. එපමණක් නොව” හිටපු අග විනිසුරු අශෝක ඩි සිල්වා” මහ බි්‍රතාන්‍යයයේ ශ්‍රී ලංකාවේ මහකොමසාරිස් ලෙසින් කටයුතු කළ විනිසුරු නිහාල් ජයසිංහ” අභාවයට ගිය විනිසුරු රාජා ප්‍රනාන්දූ වැනි ශ්‍රී ලාංකික නීති විශාරදයන් රුවාණ්ඩාව” කාම්බෝජය” සියරා ලියෝන් වැනි රටවල ත්‍රීපුද්ගල විනිසුරු ම~ුලූවල සේවය කර ඇත. එජා සංවිධානය සඳහා වන නිත්‍ය ශ්‍රී ලාංකික නියෝðතවරයා ලෙසින් දැනට කටයුතු කරන පාලිත කෝහන මහතා ඉස්රායේලය විසින් අත්පත් කරගත් පෙදෙස්වල සහ අන් ප්‍රදේශවල පලස්තීන ජනයා සහ අන් අරාබි ජනයා විෂයයෙහි මානව හිමිකම් විෂයයට බලපෑම් ඇති කළ ඉස්රායේලයේ කි්‍රයා කලාපය විභාග කිරිමේ විශේෂ කමිටුවේ සභාපති ලෙසින්ද කටයුතු කර ඇත. එසේ ලාංකික නීතිවේදීන් අන් රටවල විනිසුරු ම~ුලූවල සේවය කිරීම යනු එකී රටවල ස්වෛරීත්වයට බලපෑම් කිරීමක් ලෙසින් ලංකා රජය කිසි විටෙක අදහස් කළේ නැත. ඇත්තෙන්ම” ඉස්රායේලය සම්බන්ධව කෝහන මහතා එජා සංවිධානයේ මහා සමු¿වට ඉදිරිපත් කළ වාර්තාවෙහි පලස්තීන වැසියන්ට එරෙහිව යුදෙව්වන්ගේ කි්‍රයාකලාපය ඔහු තියුණු ලෙසින් විවේචනයට ලක් කර තිබුනේය.

අතීතය එසේ අභිමානවත් එකක්ව තිබෙන විට වත්මන හුදෙකලා වීමේ ප්‍රතිපත්තියකට රජය දැඩි ලෙසින් නැඹුරු වෙමින් සිටීම අතිශය සංවේගජනකය.

කථානායකතුමනි” විනිසුරුවන් සහ නීතිවේදීන්ගේ ආකල්පය පමණක් නොව අතීතයේ අපගේ දේශපාලන නායකයන්ට තිබුනේද හුදෙකලා ආකල්පයක් නොව සහභාගීත්ව ආකල්පයකි.

කලකට පෙර වත්මන් ජනාධිපතිවරයා අයුක්තියට ලක් වූවන්ගේ අයිතින් වෙනුවෙන් සටන් කළ ප්‍රධාන පෙළේ විරුවෙකු විය. 1990 සැප්තැම්බර් 11 වැනි දින ජෙනීවාහි පැවති ‘බලයෙන් හෝ අකැමැත්තෙන් සිදූ කරනු ලබන අතුරුදහන්වීම් පිළිබඳ වූ එජා කි්‍රයාකාරී කණ්ඩායමේ 31 වැනි සැසි වාරයට’ අපගේ වත්මන් ජනාධිපතිවරයා සහභාගී විය. එම රැස්වීමට යන විට ඔහු තමන් සමග ජෙනීවාවට රැගෙන යන්නට වෑයම් කළ අතුරුදහන් වූ පුද්ගලයන් සහ නීතියෙන් පරිබාහිරව ඝාතණය කරන ලදවුන්ගේ තොරතුරු අඩංගු ලිඛිත සාක්ෂි ඇතුලත් ලියවිලි 533 ක් සහ රූපමය සාධක සහිත පිටු 19 ක ලියවිල්ලක් පොලිසිය විසින් ගුවන් තොටුපළෙහි දී රාජසන්තක කරන්නට යෙදූනි. ජෙනීවා නගරයෙන් ආපසු පැමිණි විගසම අදහස් ප්‍රකාශ කිරීමේ තමාගේ නිදහසට බාධා ඇති කරන ලද යැයි පැමිණිලි කරමින් මහින්ද රාජපක්ෂ ඇමතිවරයා උපරිමාධිකරණයෙහි නඩුවක් ගොනු කළේය. එයින් අනතුරුව මෙම සභා ගර්භයෙහිම සුවිශේෂී ප්‍රකාශ කිහිපයක්ම එම සිද්ධියට අදාලව ඔහු සිදූ කළේය. 1990 වසරේ ඔක්තෝම්බර 25 වැනි දින කථනයක් පවත්වමින්” ශ්‍රී ලංකාවේ මානව හිමිකම් විෂයයට මැදිහත් වීමට ජාත්‍යන්තරයට ඇති අයිතිය සාධාරණීකරණය කළේ අද අතිගරු ජනාධිපතිව සිටින මේ මහින්ද රාජපක්ෂ මහතාමය.

‘මෙම රටේ මව්වරුන්ගේ අෙඳා්නාව මා රැගෙන ගියෙමි. ඔවුන් ගැන කථා කිරීමේ අයිතිය මාහට නැත්තේද? එදා රටවල් 12 ක් සවන වැකුනේ එම මාතාවන්ගේ විලාපයයි’ යැයි එදා මෙම උත්රීතර සභාවේම මහින්ද රාජපක්ෂ අමාත්‍යවරයා කියා සිටියේය. (1990 ඔක් 25 හන්සාර්ඩ් පිටුව 366). ශ්‍රී ලංකාවට ආධාර දීමට නම් ඇතැම් කොන්දේසි පනවන මෙන් තමා ආධාර දෙන රටවලට කියා සිටි බවද ඔහු එදා ප්‍රසිද්ධියේම පිළිගත්තේය (හන්සාර්ඩ් පිටුව 365). ඇතැම් විට එදා පාර්ලිමේන්තුවෙහි ඔහු සිදූ කළ කථනයේ අනුවේදනීයම කොටස වූයේ මෙයයි. ‘මානව හිමිකම් රැකීම මෙම රජය ප්‍රතිෙක්ෂ්ප කරයි නම්” ජෙනීවාවට නොව ලොව ඕනෑම තැනකට පමණක් නොව අවශ්‍ය නම් නරකාදියට වුවත් අප ගොස් මෙම රජයට එරෙහිව කි්‍රයා කළ යුතුය’ (1991 ජනවාරි 25 හන්සාර්ඩ් පිටුව 424)

කථානායකතුමනි” මානව හිමිකම් ගැටලූ යතා තත්වයට ගෙන ඒම සඳහා වන එක්සත් ජාතීන්ගේ සංවිධනානයේ කාර්්‍යක්ෂම යාන්ත්‍රන තමන්ගේ රටවල කි්‍රයාත්මක කිරීමෙහිලා සහයෝගයෙන් කටයුතු කළ රටවල් එනිසා යහපත් ප්‍රතිඵල ලබා ගත් බවට හා එකී රටවල් ජාත්‍යන්තර ප්‍රජාව ලොව ගරුත්වයට ලක් වුනු ජාතින් බවට උස්ස වුනු බවට මෙන්ම මානව හිමිකම් සංරක්ෂණය කිරීම සඳහා වන ප්‍රබල දේශීය ආයතන පිහිටුවා ගැනීමෙහි එම රටවල් අතිශය සාර්ථක වූ බවටද ලෝක ඉතිහාසය දෙස් දෙයි.

සියරා ලියෝන්” කොළම්බියාව” මැක්සිකෝව” නේපාලය” ටෝගෝ” අයිවර කොස්ට් රාජ්‍යය වැනි රටවල් ඉතා බරපතල මානව හිමිකම් ගැටලූ තිබි පසුව එයින් ජයග්‍රාහීව මිදූනු රටවල් සඳහා වන හොඳ උදාහරණ කිහිපයකි. එනමුත් ඒ සියල්ල පසෙකලා” උතුරු කොරියාව” සිරියාව වැනි රටවල නායකයන් තෝරා ගත් ඒකාධිපති ගමන් මගට සමාන ගමන් මගක් අප රටේ පාලන රෙජීමයද තෝරා ඇති හෙයින් අප රට අද එජා ආරක්ෂක කවුන්සිලයේ තියුණු කÓකාවට ලක් වී ඇත.

මේ සියල්ලෙන් අපට ලැබිය හැකි පාඩම ඉතා පැහැÈලිය.

එය නම් හුදෙකලා වීමේ ප්‍රතිපත්තිය අප රට තව තවත් ලොව හුදෙකලා කරනු ඇත යන්න හා ජාත්‍යන්තර වාරණවලට අපව ඉලක්ක කරනු ඇත යන්නයි. එය වෙනුවට තමාගේ ප්‍රතිරූපය සාදා ගැනීම ශ්‍රී ලංකාවට අවංකව අවශ්‍ය නම්” ලංකා රජය විසින් ලෝක ප්‍රජාවට දී ඇති පොරොන්දූ එලෙසින්ම ඉටු කළ යුතුය.

කථානායකතුමන” මුරණ්ඩු බවෙහිම එල්බ සිටීමේ හා තමාව හුදෙකලා කර ගැනීමේ අවිචාරවත් ප්‍රතිපත්තිය දිගින් දිගටම ග්‍රහණය කර සිටීමට රජය මාන බලන බවක් පෙනේ. නමුත්” යම් දිනෙක රජයේ මෙම ස්ථාවරය වෙනස් කර ආපස්සට යාමට මෙම දේශයට සිදූ වනු නිසැකය. එම දිනය පමා වී එළඹෙනවාට වඩා කඩිනමින් එළඹිය යුතුය යනු අපගේ පැතුමයි. මන්” මෙම රටට හා එහි වැසියන්ට සෙත සැලසෙනු ඇත්තේ එවිට හා එවිට පමණි.

බලයේ සිටින්නන් අපරාධ කර දූර්විපාක නොලබා සිටීමේ ව්‍යශසනය නිසා දූකට පත්ව ඇත්තේ මෙරට දෙමළ ජනතාව පමණක් නොවේ. සාමය අගය කරන දකුණේ ජනතාවටද මෙය නොඇසූ විරූ දෙයක් නොවේ. දකුණේ තරුණන් පාලකයන්ගේ අයුක්තියට එරෙහිව නැගී සිටි විට කුරිරු ලෙසින් ඔවුන් වනසා දමන්නට හා දස දහස් ගණනින් ඔවුන්ව අතුරුදහන් කරන්නටද එවකට සිටි රජය කි්‍රයා කළ අතීතය අප කාටත් අමතක වී නැත. උතුරේ අනුකරණය කරන ලද්දේ එම රාජ්‍ය භීෂණයමය. එමෙන්ම ජාතිවාÈන් ලවා මුස්ලිම් ප්‍රජාවට එරෙහිව මුදා හරින්නට ආරම්භ කර ඇති භීෂණ රැල්ලද මේ පටන් ගත්තා පමණි. මේ සියල්ල නුදූරු අනාගතයේ පමණක් නොව ඊයේ සහ අද මෙරට සිදූවෙමින් තිබෙන සාපරාධී වැඩසටහන්ය. දකුණේ පවත්වන අහිංසාවා§ හා සාමකාමී උද්ඝෝෂණවලට රජයෙන් ප්‍රතිචාර ලැබෙන්නේ උණ්ඩ ප්‍රහාර වලිනි. සත්‍යය ලොවට කියන්නට කි්‍රයා කරන්නන් ඝාතණය කරනු ලබති” නැත්නම් පිටුවහල් වීමට පීඩන දෙනු ලබති. රජයේ මතයට ප්‍රතිවිරුද්ධ මත දරන්නන් කිසිසේත් නොඉවසනු ලබති. උතුරේ තත්වය වඩාත් බරපතලය යන්න මිස සමස්ත තත්වයේ වැඩි වෙනසක් නොමැත. තමන්ගෙන් වියෝවූ හිතාදරයන් සිහිපත් කර ඔවුන්ට කඳූ¿ බිඳකින් පූජෝපහාරයක් කිරීමට පවා උතුරේ වැසියන්ට රජයෙන් අවසර නැත. එමෙන්ම රජය විවේචනය කරන මාධ්‍යවේ§න් මහ දවල් ප්‍රහාර එල්ල කරනු ලබති. 2014 ජනවාරි වැනි මෑත වකවානුවල ඒකරාශී කරන ලද තොරතුරු මත පදනම් වුනු ස්ටොප් ටෝචර් වැනි වාාර්තාවලින් පවා දමිළ කාන්තාවන්ට හා පුරුෂයන්ට එරෙහිව පමුණුවනු ලබන ලිංගික ඇතුලූ ශාරීරික හිංසා නොකඩවා කෙරෙන බවට සාධක එමට ලැබී ඇත. මෙසේ වධහිංසා පමුණුවනු ලබන්නේ දමිළ ජනයාගේ දේශපාලන අයිතීන් ඔවුන්ට අහිමි කිරීමේ සැහැසි වැඩපිළිවෙලක ක්‍රමානුකූල අÈයර ලෙසින්ය යන්නටද සාධක මතුවෙමින් පවතියි.

කථානායකතුමනි” මානව හිමිකම් ඉසව්ව සම්බන්ධයෙන් අපට ඉදිරිපත් කරනු ලබන ජගත් මිත්‍රශීලී සහය සියල්ල ‘දේශයේ ස්වෛරී බවට සිදූ කර ඇඟිලි ගැසීම්’ යැයි හංවඩු ගසමින් රජය ප්‍රතිෙක්ෂ්ප කරමින් සිටියි.

අපට පෙනෙන ආකාරයට දේශයක ස්වෛරී බවට මෙම රජය දෙන අර්ථකථනය අතිශයින්ම වැරදි සහගතය. රටක ස්වෛරී බව යනු ලොව අන් සැම තරහ කර ගැනීම හෝ ඔවුන්ගෙන් ඈත් වීම නොවේ. ස්වෛරීබව යන්නෙහි නියම අරුත පළමුවෙන් එය අදාල වන්නේ රජයකට නොව එහි වැසියන්ට යන්නයි. තවද සෙසු ලෝකයා සමග ආත්ම විශ්වාසයෙන් යුතුව අන්තර්කරණය කරමින් සමාන ගරුත්වය ලබන ගෝලීය සාමාðකයන් ලෙසින් වැජඹීමට අවශ්‍ය වාතාවරණයක් එම රටේ වැසියන්ට සකසා §මද ස්වෛරී බවේ තවත් විග්‍රහයකි. ඒ අනුව බලන කල ” මෙරටේ වැසියන්ට මෙම අවස්ථා ලබා ගැනීමට ප්‍රධාන බාධකය බවට පත්ව ඇත්තේ අන් කිසිවක් නොව මෙම රෙජීමයයි. මේ රටේ වැසියන්ගේ අයිතීන් උදූරා ගැනීමෙන් ඔවුන්ව සෙසු ලෝකයාගෙන් හුදෙකලා කිරීමෙන් හා ශ්‍රී ලංකාවේ මිතුරන්ට ගරහමින් ඔවුන් පන්නා ගැනීමෙන් මේ රටේ වැසියන්ගේ ස්වෛරී බව ඔවුන්ට මෙම රජය අහිමි කරමින් සිටියි. බලයේ සිටින පටු මතධාරී අතලොස්සකගේ වාසිය උදෙසා සමස්ත රටේ හා මුලූ මහත් ශ්‍රී ලාංකික ජනයාගේ ස්වෛරී බවේ උරුමයන් මෙලෙසින් බිලි §මට තැත් කිරීම කිසිසේත් පිළිගත නොහැක. සැබෑ තත්වය මෙය නිසා රටේ ස්වෛරී බව ගැන රජයෙන් ප්‍රශ්න කරනු ලබන විට එයට හානි ඇති වන්නේ පිටතින්ය යැයි පෙරලා කීමට රජයට කොහෙත්ම නොහැක.

නියම තත්වය කුමක්ද යත්” ස්වෛරී බව පිළිබඳ ලෝකයාට ඇති අවදානය හා එය සංරක්ෂණය කිරීමට ඔවුන් විසින් කරනු ලබන ව්‍යායාම් සියල්ල එම ස්වෛරීත්වයේ සැබෑ හිමිකරුවන් වන රට වැසියන්ව මෙන්ම එම ස්වෛරී බවේ සංකල්පය තවතවත් ශක්තිමත් කරනු ඇතය යන්නයි. එය මිස -රජය මවා පාන්නට තැක් කරන්නා සේ- ස්වෛරී බව වෙනුවෙන් ලෝක ප්‍රජාව නගන හඬින් එම සංකල්පයට කිසි විටෙක හානියක් ඇති වන්නේම නැත.

මෙතෙක් මා විස්තර කළ කරුණු අනුව යෝðත එජා පරීක්ෂණ කිසිසේත් ශ්‍රී ලංකාවට ‘එරෙහි එකක්’ වන්නේ නැත. එය ඇත්තෙන්ම එරෙහි වන්නේ” මානූෂීය හා මානව හිමිකම්වලට අදාල නීති රීති උල්ලංගණය කරන්නන්ට පමණි.

එයින් රිදවෙන්නේ මුලූ රටටම අද ශාපයක් වී ඇති අපරාධ කර ප්‍රතිවිපාක නොලැබෙන සංස්කෘතියක් මෙරටට රෝපණය කළවුන්ට පමණි. තවද උතුර දකුණ යැයි කිසිදූ වෙනසක් නොමැතිව තරුණන් අතුරුදහන් කළවුන්ට එය එරෙහි වනු නිසැකය. එදා මුල්ලිවායික්කාල්හිද” නුදූරු අතීතයේ වැලිවේරියේද” ඊයේ දර්ගා ටවුමේද ආපරාධ රැලි මුදා හැරියවුන්ට එය එරෙහි වනු ඇත. එමෙන්ම කොටි සංවිධානයේ අපරාධවලට මෙන්ම මෙම රෙජීමයේ අපරාධවලටද එය එරෙහි වනු ඇත. මෙම තත්වය නිසා පාර්ශව ද්විත්වයම විෂයයෙහි විමර්ශ පැවැත්වීම දෙමළ ජාතික සන්ධානය සාදරයෙන් පිළිගනියි. අපගේම නමින් සිදූ කරන ලද අපරාධ කි්‍රයා ගැන අවලෝකනය කරන්නට මෙම විමර්ශන කි්‍රයාවලිය දමිළ ජනයාට අවස්ථාවක් උදා කර දෙනු ඇත යැයි අප උදක් බලාපොරොත්තු වන්නා සේම යුක්තියේ නව යුගයක් බිහි කිරීමට මෙන්ම ශ්‍රී ලංකාවේ සිය¿ම ජනකොටස් අතර එක්සත් බව” ප්‍රතිසන්ධානය නැවත ලියලවීමට මෙම කි්‍රයාවලිය උපයෝගී කරන්නට රජයද ඉදිරිපත් වනු ඇත යැයිද අප ස්Óරවම විශ්වාස කරමු.

*ආර්. සම්බන්දන් මහතාගේ ප්‍රකාශය – දෙමළ ජාතික සන්ධානය

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.