28 March, 2025

Blog

තව මොනවාටද විරුද්ධ වෙන්නේ ?

රනිල් වික්‍රමසිංහ

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

රජයේ සුබසාධන නොපිරිහෙලා පවත්වාගෙන යා යුතුය. එයටත් අපි එකඟයි. මැතිවරණ ක්‍රමය වැඩි කේවල මන්ත්‍රී සංඛ්‍යාවකින් හා අඩු සමානුපාතික සංඛ්‍යාවකින් සමන්විත මිශ්‍ර ක්‍රමයක් විය යුතුය කියලා තිබෙනවා. එයටත් අපි එකඟයි. තව මොනවාද අපි කරන්න ඕනෑ ? දැන් විරුද්ධ වෙන්නේ ඇයි? තව මොනවාද තිබෙන්නේ ? දැන් අපි ඔක්කෝම එකට එකතු වෙලා වැඩ කරමු. අපි දැන් වාඩි වෙලා මේ ගැන සාකච්ඡා කරලා එකඟත්වයකට එන්න බලමු. You are not against what I have said here. දෙමළ ජාතික සන්ධානයත් එකඟයි. ජනතා විමුක්ති පෙරමුණත් එකඟයි. තව මොනවාටද විරුද්ධ වෙන්නේ ? අපි මේ කාරණා ටික අපි මහා සංඝරත්නය, අනෙකුත් ආගමික නායකයන් එක්ක කථා කරලා ඊට පස්සේ ඉදිරියට ගෙනි යමු. එච්චරයි මම කියන්නේ. මෙතැන තිබෙන්නේ අතුරු වාර්තාවක් මිසක් වෙන එකක් නොවෙයි. අපි දන්නවා, දහතුන්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට වාර්තා කීයක් ආවාද කියලා. දේශපාලන පක්ෂ වාර්තා ආවා. අනෙක් සම්මේලන වාර්තා ආවා. මේවා සාකච්ඡා කරන එක හොඳයි. මොකද, මෙතැනින් වෙන්නේ එකතු වෙන එකයි. දැන් මම පෙන්නලා තිබෙනවා, අපි කට්ටියටම එකතු වෙන්න පුළුවන් මූලික යෝජනා මොනවාද කියලා. අපි ඒවා දිහා සලකා බලලා තීරණයක් අරගනිමු. ඒ නිසා විශේෂයෙන්ම  මේ අවස්ථාවේදී අපි මේ යෝජනාව තවදුරටත් සාකච්ඡා කරලා බලමු. අපි එකඟත්වයකට එන්න මම හිතන්නේ මේ රටේ ඉතිහාසයේ ජනතාව ඊළඟ පරම්පරා කීපයම අපට ස්තුතිවන්න වෙනවා මේ වැඩ කටයුත්ත අපි කරනවා නම්. එයට ඔබ සියලූ දෙනාගේම සහයෝගය ඉල්ලමින් මගේ වචන ස්වල්පය මම අවසන් කරනවා

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා 01 දින පාර්ලිමේන්තුවේ පැවැති ව්‍යවස්ථාදායක සභාව අමතා කළ සම්පූර්ණ කතාව:

ගරු සභාපතිතුමනී,

විපක්‍ෂ නායකතුමාගේ කථාවෙන් අපට එක දෙයක් පැහැදිලි වුණා. ඒ තමයි, අප මේ රටේ භෞමික අඛණ්ඩතාව ආරක්‍ෂා කරගෙන, මේ ඒකීයභාවය ආරක්‍ෂා කරගෙන විසඳුම් සොයන්න වුවමනායි කියන එක. පළමුවෙන්ම මා කියන්න කැමැතියි මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය පිළිබඳව. මෙය පත් කළේ පාර්ලිමේන්තුවේ යෝජනාවක් අනුවයි. සමහරු අහනවා, “කොහොමද මෙය කරන්නේ?” කියා. පාර්ලිමේන්තු මැතිවරණයට ඉස්සර වෙලා මා හිතන විධියට ජනාධිපතිරණයේදී මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ජන වරමක් ඉල්ලූවා, ව්‍යවස්ථාදායක මණ්ඩලයක් ඇති කරලා නව ව්‍යවස්ථාවක් ගෙන එන්න. අපිත් ඒ ගැන කතා කළා. පාර්ලිමේන්තු මැතිවරණයේදී අපි ඒ ගැන කතා කරලා වරමක් ලබා ගත්තා. එහෙම නම්, පක්‍ෂ ගණනාවකට වරමක් ලැබුණා ව්‍යවස්ථාදායක මණ්ඩලයක් මාර්ගයෙන් අලූත් ව්‍යවස්ථාවක් සකස් කරන්න. ජනතාව දුන් ඒ වරම අනුවයි අප ක්‍රියා කරන්නේ. ඒ වරමින් පිට යන්න බැහැ. කාටවත් කියන්න බැහැ, ‘ඒ වරම අහෝසි කරන්න කියා. අපි මෙහිදී සාර්ථක වන්න පුළුවන්; අසාර්ථක වන්නත් පුළුවන්. ඒක වෙනම දෙයක්. ඒ වරම අනුව තමයි අප ක්‍රියා කරගෙන යන්නේ. ඒ වරමේ සඳහන් කර තිබෙන වැඩ කටයුතු අනුව තමයි අපට ක්‍රියා කරන්න වෙන්නේ. මොකක්ද අපට පැවරුණු කාර්යය? ඒ තමයි.

ශ්‍රී ලංකාව සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම පිළිබඳව සලකා බලා ජනතාවගේ අදහස් හා උපදෙස් ලබාගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 75 වන ව්‍යවස්ථාව යටතේ ඒ වෙත පැවරී ඇති බලතල ක්‍රියාත්මක කරමින් පාර්ලිමේන්තුව විසින් සලකා බලනු පිණිස ව්‍යවස්ථා පනත් කෙටුම්පතක් සැකසීමේ කාර්යය. එහෙම නම්, අපට කාර්ය භාරයක්  පවරා දී තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරීමේ මූලික පියවර හැටියට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පතක් සකස් කරන්න. පාර්ලිමේන්තුවට තිබෙන්නේ, ඒ කෙටුම්පත සම්මත කරන එක පමණයි. ඒ සඳහා විවිධ කාරක සභා පත් කළා. ඒ අනුව මෙහෙයුම් කමිටුව කියා එක් අනුකාරක සභාවකුත්, තවත් අනුකාරක සභා ගණනාවකුත් පත් කළා. දැනට අනුකාරක සභා 6ක් පත් කර තිබෙනවා. තවත් එකක් යෝජනා කළා. ඒ අනුව අනුකාරක සභා 7 ක් පත්කර තිබෙනවා. ඒ අනුකාරක සභාවලට තමයි වැඩ කටයුතු කරන්න ඉඩ දුන්නේ. අපේ මෙහෙයුම් කමිටුව අනුකාරක සභා 6කට විෂයයන් 6ක් බාර දුන්නා. ඊට අමතරව, සුසිල් ප්‍රේමජයන්ත ඇමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් තත් කාර්යය කමිටුවක් පත් කළා.

ඒ විෂයයන් සියල්ල ඒ කමිටුවලට භාර දුන්නා. ඒවායෙන් ලැබුණු වාර්තා මේ පාර්ලිමේන්තුවට මේ සභාවට; ව්‍යවස්ථාදායක සභාවට ලබා දී තිබෙනවා. එහෙම නම්, අප ඒ වැඩ කටයුත්ත කරලායි තිබෙන්නේ. ව්‍යවස්ථාදායක සභාව හැටියට අපි ඔක්කෝම එකතු වුණා, අපි ඔක්කෝම එකඟ වුණා. අපේ පක්‍ෂවලට වරමක් තිබුණා. ඒ අනුව අපි පළමු වන පියවර ගත්තා. ඊට පසුව, ඉතිරි විෂයයන් ගැන අප ගත යුතු පියවර වුණේ මොකක්ද? ඒ අවස්ථාවේදී අපේ මෙහෙයුම් කමිටුව තීරණය කළා කිසිදු අනුකමිටුවක් වෙත බාර නුදුන් ඉතිරි විෂයයන් සම්බන්ධයෙන් කටයුතු කරන්න. එතැන වැදගත් කාරණා, එනම් රජයේ ස්වභාවය, බුද්ධාගම, බලය බෙදා හැරීම, අධිකරණය හා සම්බන්ධ කරුණු ගණනාවක් තිබුණා. ඒවා වෙන් වෙන්ව ගන්නත් අමාරුයි. ඒ ඔක්කෝම එකතු කරගෙන එක රාමුවක් තුළ සිට තමයි අපට වාර්තාව සකස් කරන්න තිබෙන්නේ. අපි මේ ගැන පවතින අදහස් විශාල සංඛ්‍යාවක් පිළිබඳව සාකච්ඡා කළා. එසේ සාකච්ඡා කරද්දී මේ සභාවේදීම මේ පාර්ලිමේන්තුවේදීඇහුවා, “මේ කමිටුව මොනවාද කරන්නේ? එය අපට දැනුම් දෙන්න කියා“. ඒ නිසා අප ඒ අවස්ථාවේදී මේ අතුරු වාර්තාව සකස් කළා. මේ සභාවට දැනුම් දෙන්න. එහෙත් ඒ එක්කම බැලූවා, යම්කිසි යෝජනා කීපයකුත් ඉදිරිපත් කරන්න. මොකක්ද අප ඉදිරිපත් කර තිබෙන්නේ? “73 වරක් රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුව විසින් කරන ලද සාකච්ඡා පිළිබිඹු කරන ප්‍රතිපත්ති හා සුත්‍රණයන් මෙම වාර්තාවේ අන්තර්ගත වේ කියායි අප සඳහන් කළේ. අප කතා කරපු කරුණු ගැන මිස වෙනත් යෝජනා ස්ථීරත්වයන් මොකවත් නැහැ. අන්න ඒ යෝජනා ගැන පමණයි අප කතා කළේ. මේක ව්‍යවස්ථා කෙටුම්පතක් නොවෙයි; නීතිමය කෙටුම්පතක් නොවෙයි. මට පුදුමයි සමහර අය ගැන. ඉංග්‍රීසි භාෂාවෙන් තිබෙන වාර්තාව කියවන විට එය ඊටත් වඩා පැහැදිලියි.

එහි මෙසේ සඳහන් වනවා:

“contains principles and formulations that reflect the deliberations of the Steering Committee of the Constitutional Assembly that met 73 times..”

විවිධ අදහස් තිබුණා. අන්න ඒවා පිළිබිඹු කරන්න යෝජනා කළා. ඒ අදහස් ගැන තවත් විකල්ප යෝජනා තිබුණා. සමහර විකල්ප යෝජනා පාගත සටහන් හැටියට ඇතුළත් කරන්න පුළුවන්ද කිව්වා. අපි කිව්වා. “පාගත සටහන් වුවමනා නැහැ. එහෙම පාගත සටහන් තියන්න එපා. මේ වාර්තාවේම තමන්ගේ අදහස් ඉදිරිපත් වෙන්නට ඕනෑ කියා. වාර්තාවේ පළමුවන කොටසේ තිබුණේ පිළිබිඹු වන අදහස්. දෙවන කොටසේ තිබුණේ තමන්ගේ අදහස්. තමන්ගේ අදහස් ඒ කාරණාව පිළිබඳව විතරක් නොවෙයි. ව්‍යවස්ථාව ගැනත් අදහස් තිබෙනවා නම් සම්පූර්ණයෙන්ම දාන්න. අපට කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද අපි මෙහාට එවන්නේ රැස්වීම් හැත්තෑතුනක සාකච්ඡා කර පිළිබිඹු වුණු අදහස් ටිකයි. ඒ සාමාජිකයන්ට වුවමනා අදහස් ටිකයි. අන්න එහෙම වාර්තාවක් අපි මෙතැනට ඉදිරිපත් කර තිබෙන්නේ. මේක ව්‍යවස්ථාවක්වත් ව්‍යවස්ථා කෙටුම්පතක්වත් වෙන කාරණයක්වත් නොවෙයි. දැන් මෙතැන තිබෙන්නේ මේ සභාවට ගෙනැවිත් මේ සභාවේ අදහස් දැන ගත්තාට පස්සේ ඊළඟ පියවර ගන්නයි.

ගරු සභාපතිතුමනි,

ඔබතුමා බ්‍රහස්පතින්දාටත්, හෙට දිනයේත් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ රැස්වීම පැවැත්වීමට කටයුතු කරනවා. ඒක හොඳයි. මන්ත්‍රීවරුන් සියලූ දෙනාටම අදහස් ප්‍රකාශ කරන්නට පුළුවන්. ඊට පස්සේ අපි මොකක්ද කරන්නේ? දැන් තමයි අපට වැඩකටයුතු ආරම්භ කරන්නට තිබෙන්නේ. මේ අදහස් සියල්ලම අරගත්තායින් පස්සේ මොකද කරන්නේ. මේ ව්‍යවස්ථාදායක සභාව ඇති කරපු 16 වෙනි යෝජනාවේ තිබෙනවා. ඒ කියන්නේ අනුකමිටු හයේ – “5 වගන්තිය යටතේ පත් කරන ලද අනුකමිටුවල සහ මහජන අදහස් සලකා බැලීමෙන් අනතුරුව මෙහෙයුම් කමිටුව විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය වෙත වාර්තාවක් ඉදිරිපත් කළ යුතුය. එකී වාර්තාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත් යෝජනාවක්ද සමග ඉදිරිපත් කළ යුතුය කියා. දැන් අපිට එතැනට එන්නට තිබෙන්නේ. අපි තවම එතැනට ඇවිත් නැහැ. එතැනට යන්න ඉස්සෙල්ලා මේ අන්තර් වාර්තාවේ තිබුණු අදහස් අරගන්න. අපි මෙතැන සඳහන් කළ පරිදි මේ අනු කමිටු හයේ යෝජනා තවම සලකා බලා නැහැ. මහජනතාවත් එක්ක අපි සාකච්ඡා කර නැහැ. අපි දැනට එක කමිටුවක් පත් කළා, ජනතා අදහස් ගන්නටය කියා. ඒකවත් අපි සලකා බලා නැහැ. මේ ව්‍යවස්ථාදායක සභාවේ අනුකමිටුවක්. එම නිසා අපේ අතුරු වාර්තාව දෙන්නට තිබෙන්නේ මේ සභාවට. ඒ අදහස් අරගත්තායින් පස්සේ මේ සභාව එකඟ නම් අපිට තිබෙන්නේ ඉතිරි වැඩකටයුතු කරන්න. දැන් තමයි වාර්තාවක් අරගෙන එම වාර්තාව කෙටුම්පත් යෝජනාව සමග ම ආපසු මේ සභාවට යවන්න තිබෙන්නේ. දැන් අපි මේ අවස්ථාවේදී මේ අනුකමිටු වාර්තාව සලකා බලනවා.

ගරු සභාපතිතුමනි,

ඒ එක්කම මාත් ප්‍රකාශ කර තිබෙනවා. අපේ ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ප්‍රකාශ කර තිබෙනවා. අපි මහානායක ස්වාමීන් වහන්සේ වෙනම හමු වන්නට යනවා. අනුනායක ස්වාමීන් වහන්සේ හමු වෙනවා. අපේ ආගමික නායකයින් හමු වෙනවා. මෙහෙම විශාල සාකච්ඡාවක් ඇති කර ගන්නවා. මේ ගැන අදහස් කුමක්ද කියා බලන්න. මේක සුමානයකින් කරන්නට බැහැ. මා හිතන හැටියට පෙබරවාරි, මාර්තුවලටත් වැඩි කාලයක්යයි. මොකද පළාත් පාලන ඡන්ද කරන්න මාසයක් අරගන්න වෙයි. ඒ කාලයේදී මේවා කථා කර කර ඉන්න බැරි වෙනවා. නත්තලත් තිබෙනවා. සිංහල අවුරුදු කාලය වෙනතුරු හෝ මේ සාකච්ඡා අපිට ගෙනියන්නටයි තිබෙන්නේ. එතැනදී මේ අදහස් අර ගන්නම්. ජනාධිපතිතුමා කිව්වා, ඊටපසු ඒ නායකයින් එතුමා ආපසු රැස් කරනවා කියා. වෙනම ගිහින් හමු වෙමු. අපි ඒ අයත් එක්ක සාකච්ඡා කරමු. පක්‍ෂ හැටියට අපි මෙතැන සාකච්ඡා කරමු. ඊළඟට මහජන නියෝජිත අදහස් තිබෙන වාර්තාවත් අරගෙන සලකා බලමු. අපි දැනට ඒවා මොකුත් ඇතුළත් කර නැහැ. ඇත්ත වශයෙන්ම මම එය කියවලාවත් නැහැ. වුවමනා නැහැ. දැන් මෙතැන තිබෙන පළමුවන පියවර අපේ ව්‍යවස්ථාදායක සභාවේ කමිටුව, ව්‍යවස්ථාදායක සභාවට යෝජනා කරනවා. අතුරු වාර්තාව ඉදිරිපත් කළා. දැන් ඒක අවසානයි. දැන් අපේ වටේ වාර්තාවක් ආරම්භ කරන්න ඉස්සෙල්ලා ජනතාවත් එක්ක මෙතැන පුළුල් සහයෝගයක් තියාගන්න යුතුකමක් තිබෙනවා. ජනතාවත් එක්ක සාකච්ඡා කරන්න. ඒක අවසන් කළාම තමයි අපි එකඟත්වයකට ඇවිත් ආපසු ව්‍යවස්ථාදායක සභාවට ඉදිරිපත් කරන්නට තිබෙන්නේ. ව්‍යවස්ථාදායක සභාව ඒක වාද කළායින් පස්සේ ව්‍යවස්ථාදායක සභාවේ සභාපතිතුමාට කියන්නට පුළුවන් සංශෝධන ඇතුළත් කර අවසාන වාර්තාව මෙතැනට එවන්න කියා. මොකුත් නොකියා ඉන්නත් පුළුවන්. නැත්නම් එතුමා දෙන යෝජනාව ව්‍යවස්ථාදායක සභාවට ප්‍රති‍ක්ෂේප කරන්නටත් පුළුවන්. ඒක පිළිගත්තොත් කියනවා, එහෙනම් සංශෝධන ඔක්කොම ඇතුළත් කර අවසාන වාර්තාව මේ සභාවට දාන්න.

මේ සභාවට දාලා ඒක සම්මත වුණේ නැත්නම් මේ සභාවත් අහෝසි වෙනවා; අපේ වැඩ කටයුතුත් අහෝසි වෙනවා. මේක සාමාන්‍ය ඡන්දයෙන් සම්මත වුණොත් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කරලා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයෙන් සම්මත වුණොත් ආපසු කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනවා. නිල වශයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත හැටියට පාර්ලිමේන්තුවට ගෙනෙන්න කියලා. ඒත් ව්‍යවස්ථා සභාව තුනෙන් දෙකක බලයකින් මේක සම්මත කර ගත්තොත් කෙළින්ම කැබිනට් මණ්ඩලයට යනවා. කැබිනට් මණ්ඩලය ඒක ව්‍යවස්ථා කෙටුම්පත හැටියට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඕනෑ. ඊට පස්සේ පාර්ලිමේන්තුවේ තීරණයක් අරගෙන, එතැනදී වුවමනා නම් ජනමත විචාරණයකට යන්න පුළුවන්. ඉතින් මේක මේ හදිසියේ ගෙනෙන්න පුළුවන් එකක්වත්, රට බෙදන්න පුළුවන් එකක්වත් නොවෙයි. අපි දීර්ඝව සාකච්ඡා ඇති කරලයි වැඩ කටයුතු කරගෙන යන්නේ. එහෙනම් මෙතැන රහසක් නැහැ. දැන් මේක පටන් ගත්තා විතරයි. අපට දැන් තිබෙන්න් ඉදිරියට ගෙන යන්නයි.

දැනට අපේ අදහස් ප්‍රකාශ කරලා විවිධ අදහස් තිබෙනවා. එකඟත්වයකට එන්නේ කොහොමද කියලා බලමු. මේ වාර්තාවේ තිබෙන වැදගත්කම මොකක්ද? පළමු වතාවට හැම පක්‍ෂයකම එකඟත්වයක් තිබෙන වාර්තාවක් මේ සභාවට ඉදිරිපත් කර තිබෙනවා. 1972 ෆෙඩරල් පක්‍ෂය සහභාගී වුණේ නැහැ. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙනෙන වෙලාවේ ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ සහභාගී වුණේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය අන්තිමට ඒකෙන් පිට වෙලා ගියා වාර්තාවක් දීලා. මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා ගෙනාවා, package එක. පළාත් සංගමය ඒකටත් එකඟ වුණේ නැහැ. මා හිතන්නේ ඒක පිච්චුවා. ඊට පස්සේ මහාචාර්ය තිස්ස විතාරණ ඇමැතිතුමා ආවා. ඒකත් සාර්ථක වුණේ නැහැ. දැන් පළමුවැනි වතාවට අපි ඔක්කොම එකඟත්වයෙන් මෙතැනට වාර්තාවක් දාලා තිබෙනවා. විවිධ අදහස් තිබෙන එක වෙනම දෙයක්. පළමුවැනි වතාවටයි හැම පක්‍ෂයක්ම එකඟත්වයෙන් වාර්තාවක් මේ සභාවට ආවේ. ඒකෙන් ප්‍රයෝජනය අරගෙන අපි ඉදිරියට යනවාද? මේක විනාශ කරනවාද? ඉදිරියට යනවා කියන්නේ එක පාර එකඟ වෙනවා කියන එක නොවෙයි. ප්‍රශ්න ගණනාවක් තිබෙනවා විසදා ගන්න. ඒත් අපි තීරණය කරන්න ඕනෑ, අපි සියලූ දෙනාගේම සහභාගීත්වය ඇතිව ඉදිරියට ගිහිල්ලා මේ ප්‍රශ්නවලට මුහුණ දෙන්න. අපි සටන් පාඨවලට යන්න ඉස්සෙල්ලා බලමු මොකක්ද තිබෙන ප්‍රශ්නය කියලා.

බණ්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුමේ සිටම මේ ප්‍රශ්නය ඇති වුණා. එකක්, සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කළාම ද්‍රවිඩ භාෂාවේ තත්ත්වය. ඊළඟට, තමන්ගේ පළාත්, ප්‍රදේශ පාලනය කිරීම. රට සභා. මේ ප්‍රශ්න තිබුණා. ඒ නිසා ඒක ක්‍රියාත්මක කරන්න බැරි වුණා. දෙවනුව ආවා, ඩඩ්ලිචෙල්වනායගම් ගිවිසුම. ඩඩ්ලිචෙල්වනායගම් ගිවිසුම බණ්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුම තරම් ඉදිරියට ගිය එකක් නොවෙයි. කෙසේ හෝ ද්‍රවිඩ භාෂාව යොදවා ගන්නත්, ඒ එක්කම රට සභා ඇති කරන්නත්, දිස්ත්‍රික් සංවර්ධන සභා ඇති කරන්නත් සාකච්ඡා කළා. එතැනදී පෙළ පාලියක් ගිහිල්ලා භික්‍ෂුන් වහන්සේ නමක් මරණයට පත් වුණා. ඒකත් එතැනින් ඉවර වුණා. ඊළඟට,  ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා ව්‍යවස්ථාවක් සකස් කරන්න යන අවස්ථාවේදී ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ කිව්වා, “අපට දැන් වෙනම රාජ්‍යයක් සඳහා වරම තිබෙනවා කියලා. කෙසේ හෝ එතුමා ඉදිරිපත් කරපු දිස්ත්‍රික් සංවර්ධන සභාවලට ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ සහභාගි වුණා; ක්‍රියා කළා; වැඩිපුර බලතල ඉල්ලූවා. එතුමා බලතල දෙන්න ලැහැස්ති වුණත්, අනෙක් අය ඒකට විරුද්ධ වුණා. මා හිතනවා, එදා අපි දිස්ත්‍රික් සංවර්ධන සභාවලට වැඩිපුර බලතල දුන්නා නම් අද මේ රටේ මේ තත්ත්වය ඇති වන්නේ නැහැ කියලා. අපි ඒක සම්මත කළා; බලය දුන්නා; ඊට පස්සේ අපි ක්‍රියා කළා, බලතල වැඩි කරන්න. නමුත්, එතැනදී විරුද්ධත්වයක් ආවා. මේවා ප්‍රමාද වුණා. අපි අතර සාකච්ඡා තිබුණා. ඒවාට මම, ගරු සම්පන්දන් මැතිතුමා, අපි ඔක්කෝම සහභාගී වුණා. ඒ වෙලාවේ මේ බලතල දුන්නා නම් අද මේ රටේ මේ තත්ත්වය ඇති වන්නේ නැහැ.

මොකද, දිස්ත්‍රික් සංවර්ධන සභා එක්ක එකතු වෙලා තමන්ගේ දිස්ත්‍රික්කය සංවර්ධනය කරන්න මන්ත්‍රීවරුන්ට අවස්ථාව ලැබුණා. නමුත් අවාසනාවකට අප එය නැති කරගත්තා.

ඊළඟ කාරණය මේකයි. යුද්ධයක් ඇවිල්ලා අප දහතුන්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවා. දහතුන්වන ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනයෙන් මේ රට නැති වෙනවා කියා එදා සමහර අය කිව්වා. ඒත් ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වා, “ඒකෙන් රටේ ඒකීයභාවය ආරක්ෂා වෙනවා කියලා. අද හැම එක්කෙනාම කියනවා එම සංශෝධනයෙන් රටේ ඒකීයභාවය ආරක්ෂා වෙනවා කියලා. එදා ඒකට විරුද්ධ වුණු අය:  රට බෙදනවා කියපු අය : රට විනාශ වෙනවා කියපු අය ; දැන් ඒකට කැමැතියි. දහතුන්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය එනකොට රටේ යුද්ධයක් තිබුණා. එම නිසා යුද්ධය විසදා ගන්න තිබුණා. අපි අවස්ථා කීපයක් බැලූවා. යුද්ධය කොහොමත්  අවසන් වුණා. යුද්ධය අවසන් වුණාට ප්‍රශ්නය අවසන් වුණේ නැහැ. මේ ප්‍රශ්නය අනික් අතටත් ගියා. ද්‍රවිඩ අයට විතරක් නොවෙයි, මුස්ලිම් අයටත් ඒ ප්‍රශ්නයට මුහුණ දෙන්න සිදු වුණා.

අන්තිමට මල්වත්තේ මහානායක ස්වාමීන් වහන්සේටත් ඒ ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිද්ධ වුණා. පන්සලත් වට කළා. අන්තිමට මොකක්ද සිදු වුණේ? 2015 දී අපිට ඡන්දය ලැබුණා. මේ ප්‍රශ්නය දැන් විසඳලා දමමු. අපි රටක් හැටියට ඉදිරියට යමු. අන්න ඒ කාරණයට විසඳුම් දෙන්න. විවිධ විසඳුම් තියෙන්න පුළුවන්. අපි සාකච්ඡා කරලා හොඳම ඒවා තෝරා ගනිමු. සභාවක් හැටියට අපි මෙතැනට ඇවිත් තිබෙන්නේ ඒ විසඳුම දෙන්නයි. නිකම් රට නැතිවෙනවා කියා කෑගහන්න නොවෙයි. අපි සිංහල බෞද්ධයෝ නැති වෙනවා කියලා කෑගහන්නේ නැහැ. මෙතැන ඉන්න හුඟක් අය සිංහල බෞද්ධයෝ. සිංහල බෞද්ධ නොවන මෙතැන අය ඉන්නවා. ඒ අය ඇරුණාම මෙතැන ඉන්න  බහුතරයක් සිංහල බෞද්ධයෝ. අපි මෙතැන ඉන්නේ සිංහල බෞද්ධයෝ නැති කරන්නද? අප මේ ඉන්නේ ඒකීයභාවය නැති කරන්නද?

එදා දහතුන්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගේනකොට සමහර අය කිව්වා, ඒකීයභාවය නැහැ කියලා. අපි කිව්වා ඒකීයයි කියලා. අන්තිමට අපි කිව්ව කාරණය හරි ගිහින් තිබෙනවා. ඒකීයභාවය කුමක්ද කියා අපට තේරෙනවා. අද ලංකාවේ තිබෙන ඒකීයභාවය එංගලන්තයේ තිබෙන unitary concept එකට වඩා ඉදිරියෙන් තිබෙන්නේ. අපට ඒකීයභාවය නැති කරන්න වුවමනාවත් නැහැ. සිංහල බෞද්ධයන් වට්ටන්න වුවමනාත් නැහැ. අපි ඔක්කොම ඉන්නේ ඒකීයභාවය ආරක්ෂා කරන්නයි. ඒ නිසා මෙතැන කෑ ගහලා වැඩක් නැහැනේ. සිංහල බෞද්ධකම නැති කළා කිව්වාය කියා අපි කවුරුවත් බයේ දුවන්නේ නැහැ. අප දන්නවා අප එහෙම කර නැති බව ඒ නිසා අපට පුළුවන් ඒක කියන්න.

අපි ඇත්ත වශයෙන්ම වුවමනා තැනට එමු. වුවමනා තැන ගැන කථා කරන්න. අපේ දේශපාලනය එතැනට එන්න ඕනෑ. මේ තිබෙන ප්‍රශ්නය කුමක්ද? අපි ඒක විසදමු. මෙතැනට එන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාවත්, රනිල් වික්‍රමසිංහ අගමැතිවත්, යූඑන්පී එකවත්, ජාතික ආණ්ඩුවවත් නොවෙයි. ව්‍යවස්ථාදායක සභාවයි. ඒකයි අප මේ පාර්ලිමේන්තුව එවැනි සභාවක් කළේ. මේ කාර්යය සාර්ථක වෙනවා නම් අපි ඔක්කොම ලැහැස්තියි එහි ගෞරවය අරගන්න. කවුරුවත් කොන් කරන්න වැඩක් නැහැ. පාර්ලිමේන්තුව අපි බෙදමු. මේ ව්‍යවස්ථාව සකස් කරන කටයුත්තේදී ව්‍යවස්ථාදායක සභාව හැටියට අපි ක්‍රියා කරමු. ඒ නිසා අපි ජාතික එකඟතාවකට එමු. කිසිම යෝජනාවක් අප සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කළ යුතුයි කියා මම හිතන්නේ නැහැ.

ගරු සභාපතිතුමනි,

මම යෝජනා ගණනාවක් ගැන කථා කරමින් සිටියේ. අපේ මෙහෙයුම් කමිටුවට ඒකාබද්ධ විපක්ෂය විසින් ඉදිරිපත් කළ යෝජනාවලිය ගැන මම දැන් කියන්නම්. එතුමන්ලාගේ යෝජනාවලියේ එක තැනක කියා තිබෙනවා, “අතිපූජ්‍ය මහානායක හිමිවරුන් විසින් පසුගියදා නිකුත් කරන ලද ඒකීය රාජ්‍යය, සම්බුද්ධ ශාසනය හා රටේ පැවැත්ම අනතුරකට පත්වන ව්‍යවස්ථාවක් සකස් නොකරන ලෙසට කරන ලද ප්‍රකාශනය සමඟ අප එකඟ වන බවද වැඩිදුරටත් මෙහිලා සටහන් කරමු.” කියලා.

ඔබතුමන්ලා විතරක් නොවෙයි මමත් ඒකට එකඟ වෙනවා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාත් ඒකට එකඟ වෙනවා.

ගරු සභාපතිතුමනි,

ඔය පෙනෙනවානේ. මම කිව්වේ, ඔබතුමන්ලා එක්ක එකඟ වෙලා මේ ගැන කථා කරන්න අපි ලැහැස්තියි කියන එකයි.

මෙතැන කෑ ගසන්නේ ඒක එපා කියන අය. මේ ගොල්ලන්ට ඕනෑ කරන්නේ වෙන එකක්. තමුන්නාන්සේලා බයයිද? මම කිව්වේ අපි එකඟ වනවා කියලායි. අපි යෝජනා ටික දැන් සකස් කරමු. මෙතැන තිබෙන්නේ reflection. ඒකයි ඇති වුණු ප්‍රශ්නය. මෙතැනින්ම ආ විකල්පයක් අරගෙන මම එකඟ වනවා. මෙතුමන්ලා එකඟ වන්නේ නැත්නම්, මම මොනවා කරන්නද ? මගෙන් අහන්න ඉස්සෙල්ලා මල්වතු පාර්ශ්වයේ මහා නායක හාමුදුරුවන්ගෙන් අහන්න, පන්සල වට කළේ කොහොමද කියලා. මම ඒවා අදින්න යන්නේ නැහැ. දැන් තිබෙන වෙනස මේකයි. ඒකාබද්ධ විපක්ෂයේ සමහර අය මේකට ඇහුම් කන් දෙනවා. ඒ වාගේම ඔවුන් මට පිළිතුරු දෙයි. සමහරු එකඟ වෙයි. සමහරු විරුද්ධ වෙයි. අනික් අය කෑ ගසනවා. ඒ ගොල්ලන්ට තේරෙන්නේ නැත්නම්, මහා නායක ස්වාමීන් වහන්සේ කියන්නේ මොකක්ද? මම මොනවා කරන්නද? මේ සම්බන්ධයෙන් මම වෙනම කථා කරලා තිබෙන්නේ. මේ ගොල්ලන් කැමති නැහැ, අපි එකඟ වනවාට. මම බලනවා, එකඟ වන්න. ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කළ මෙම යෝජනාවලියේ මෙසේත් සඳහන් වනවා.

ඒකීය රාජ්‍ය ආරක්ෂා කර ගනිමින් සිංහල, දෙමළ, මුස්ලිම් ඇතුලූ සියලූ ජනවර්ගවලට සාමකාමී හා සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක් ගොඩනැගිය හැකි බව තරයේ අපි විශ්වාස කරමු.”

ඔබතුමන්ලාගේ උපලේඛනය 1හි මෙසේ සඳහන් වනවා.

පරමාධිපත්‍ය ජනතාව කෙරෙහි පිහිටා තිබිය යුතු වීම හා එය අත්හළ නොහැකි විය යුතු වීම

මේ කියමනට විපක්ෂ නායකතුමාත් එකඟයි. I would say you all agree with it. Do you all agree with it? මේ  ගොල්ලනුත් එකඟ වනවා. අපිත් එකඟ වනවා. අපි එකඟ වෙලා වැඩ කරමු. අපි එකඟයි කියන කොටත් මේ ගොල්ලන් විරුද්ධ වනවා. මේක හරි එකක්නේ. තමන්ගේ නායකයාට විරුද්ධව යනවානේ ? ඒකයි අපිත් එකඟයි. මේ ඔබතුමන්ලාගේ උපලේඛනය 1.

එම උපලේඛනය 1හි තව දුරටත් මෙසේ සඳහන් වනවා.

ජනරජයට අයත් දේශය 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 5 වන ව්‍යවස්ථාවේ අනුව විය යුතුය.” අපි ඒක සලකා බලන්න ලෑස්තියි. ඒක අපට ඒ විධියටම දමන්න පුළුවන්. නැත්නම් ලෝකයා අපට පෙන්වා තිබෙන මායිම් අනුව දමන්න පුළුවන්. නැත්නම් දෙකම දමන්න පුළුවන්. තමන්ගේ මායිම් දමන එකත් හොඳයි. මේ දෙකම අපි දමන්නේ මේවාට විසඳුම් හොයන්න පුළුවන් නිසායි. මේවා අමාරු ඒවා නොවෙයි. බුද්ධාගම ආරක්ෂා කරන්නත් පුළුවන්. දැන් මේ ඔක්කෝම දැම්මේ මෙතැන වාද කරන්නයි. ඔබතුමන්ලාගේ අදහස් ගත්තාට පස්සේ අපි ඉදිරියට යන්නම්.

පළාත් ඒකාබද්ධ කිරීම නොකළ යුතුය. දැන් තිබෙන්නේ පළාත් 9යි. මුළු රටේම එකඟත්වයක් නැතිව ඒක 10 කරන්නත් බැහැ, 8 කරන්නත් බැහැ, 5 කරන්නත් බැහැ. 15 කරන්නත් බැහැ. මුළු රටේම මිනිස්සු එකඟ නම්, ඒක 15 කරන්න පුළුවන්. මුළු රටම එකඟ නම්, 3ක් කරන්න පුළුවන්. ඒක ජනතාව තීරණය කරන්න ඕනෑ. මම නොවෙයි. ඔබතුමන්ලා එක කාලයක් කිව්වානේ, “රුහුණු රට” “මයා රට කරන්න කියලා. ඒකට මිනිස්සු එකඟ නම්, අපිත් එකඟයි. අපට කමක් නැහැ. මට ඒක ප්‍රශ්නයක් නොවෙයි. 15ක් දමන්න ජනතාවට ඕනෑ නම්, 15ක් දමන්න පුළුවන්. 5ක් දමන්න ඕනෑ නම් 5ක් දමන්න පුළුවන්. ඒක ජනතාව තීරණය කරයි. නිකම් බලෙන් ගිහිල්ලා ඒකාබද්ධ කරන්න බැහැ. පාර්ලිමේන්තුවට ගිහිල්ලා කියන්න බැහැ. මේ පළාත් දෙක එකතු වනවා කියලා.

අපට කියන්න බැහැ, උතුරුනැගෙනහිර එකතු වෙනවා; සබරගමුව වයඹ එකතු වෙනවා කියලා. ඒවා අපට කරන්න බැහැ. ජනතාව කිව්වොත් පළාත් 15ක් ඇති කරන්න කියලා එතකොට ඒක කරන්න. ඊළඟට තිබෙනවා, දැනට තිබෙන ජනාධිපති ක්‍රමය වෙනස් කළ යුතුය කියලා. හරි, එහෙම නම් අපි ඒකත් සාකච්ඡා කරමු. අපි ඒක ගැන සාකච්ඡා කරන්නත් ලෑස්තියි. අගමැතිවරයා පාර්ලිමේන්තුව විසින් තෝරා ගත යුතුය කියලා තිබෙනවා. ඒකත් අපි කරමු. විරුද්ධ පක්ෂ නායකයා පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරු  විසින් තෝරා පත් කර ගත යුතුය. ඔබතුමන්ලා ඒකට විරුද්ධයි ද? ප්‍රසන්න රණතුංග මන්ත්‍රීතුමා කියනවා ඒකට විරුද්ධයි කියලා.  මොනවා කරන්නද ? ඔබතුමන්ලා ඒක විසදාගෙන එන්න. ගරු මන්ත්‍රීතුමාගේ යෝජනාවට එතුමා විරුද්ධයි. ඒකට මම මොනවා කරන්නද? පළාත් සභා ක්‍රමය ඒකීය රාජ්‍යයටයි, ආරක්ෂාවටයි තර්ජනයක් නොවිය යුතුය කියලා තිබෙනවා. මමත් කියන්නේ ඒකයි.

පළාත් සභා තම බලතල පාචිච්චි කළ යුත්තේ මධ්‍යයේ විධායක හා ව්‍යවස්ථාදායක බලයට යටත්ව කියලා තිබෙනවා. ඔව්. මේ සම්බන්ධයෙන් අපේ වැඩිදුර අධ්‍යයන වාර්තා ඉදිරිපත් කරනු ඇත. අපිත් දැන් එවැනි එකක් ගේනවා. මොකද, සෙනෙට් සභාවත් ඇතුළත් කරලා කොහොමද ඒකීයභාවය ආරක්ෂා කරන්නේ, සාමාන්‍යයෙන් අපි ඒක කරන්න ගියේ නැහැ. ඒත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පොරොන්දු වුණ නිසා Thirteenth Plus වලට යන්න අපි බැලූවේ පුළුවන් නම් ඒකටත් උදවු කරගෙන ඒකීයභාවය ආරක්ෂා කරලා එතැනට එන්න. කමක් නැහැ නේද ? ඊළඟට තිබෙනවා පළාත් පාලන ආයතන සතු බලතල ලැයිස්තුවේ ඇති බලතල වැඩි කළ යුතුය කියලා. මම නම් ඒකට කැමැතියි. ඒත්, සමහර ස්වාමීන් වහන්සේලා ඒකට විරුද්ධයි. ඒකට අපි ඔක්කෝම කැමතියි. ඉතිරි බලතල ටිකත් අරගන්නවා. දේශීය ව්‍යාපාරිකයන්ට ප්‍රමුඛත්වය දිය යුතුයි කියලා තිබෙනවා. ඒක කොච්චර හොඳයි ද. කොහොමද ප්‍රමුඛත්වය දුන්නේ ? ගරු දයා ගමගේ ඇමතිතුමාගේ සමාගම ගිහින් අත්පත් කර ගත්තා. එහෙම නම් ඒක අපි ආපහු දෙමු. ඒ ගොල්ලන් දෙන්න ලෑස්තියි නම් අපි කැමැතියි ඔක්කෝටම සහයෝගය දෙන්න.

රජයේ සුබසාධන නොපිරිහෙලා පවත්වාගෙන යා යුතුය. එයටත් අපි එකඟයි. මැතිවරණ ක්‍රමය වැඩි කේවල මන්ත්‍රී සංඛ්‍යාවකින් හා අඩු සමානුපාතික සංඛ්‍යාවකින් සමන්විත මිශ්‍ර ක්‍රමයක් විය යුතුය කියලා තිබෙනවා. එයටත් අපි එකඟයි. තව මොනවාද අපි කරන්න ඕනෑ ? දැන් විරුද්ධ වෙන්නේ ඇයි? තව මොනවාද තිබෙන්නේ ? දැන් අපි ඔක්කෝම එකට එකතු වෙලා වැඩ කරමු. අපි දැන් වාඩි වෙලා මේ ගැන සාකච්ඡා කරලා එකඟත්වයකට එන්න බලමු. You are not against what I have said here. දෙමළ ජාතික සන්ධානයත් එකඟයි. ජනතා විමුක්ති පෙරමුණත් එකඟයි. තව මොනවාටද විරුද්ධ වෙන්නේ ? අපි මේ කාරණා ටික අපි මහා සංඝරත්නය, අනෙකුත් ආගමික නායකයන් එක්ක කථා කරලා ඊට පස්සේ ඉදිරියට ගෙනි යමු. එච්චරයි මම කියන්නේ. මෙතැන තිබෙන්නේ අතුරු වාර්තාවක් මිසක් වෙන එකක් නොවෙයි. අපි දන්නවා, දහතුන්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට වාර්තා කීයක් ආවාද කියලා. දේශපාලන පක්ෂ වාර්තා ආවා. අනෙක් සම්මේලන වාර්තා ආවා. මේවා සාකච්ඡා කරන එක හොඳයි. මොකද, මෙතැනින් වෙන්නේ එකතු වෙන එකයි. දැන් මම පෙන්නලා තිබෙනවා, අපි කට්ටියටම එකතු වෙන්න පුළුවන් මූලික යෝජනා මොනවාද කියලා. අපි ඒවා දිහා සලකා බලලා තීරණයක් අරගනිමු. ඒ නිසා විශේෂයෙන්ම  මේ අවස්ථාවේදී අපි මේ යෝජනාව තවදුරටත් සාකච්ඡා කරලා බලමු. අපි එකඟත්වයකට එන්න මම හිතන්නේ මේ රටේ ඉතිහාසයේ ජනතාව ඊළඟ පරම්පරා කීපයම අපට ස්තුතිවන්න වෙනවා මේ වැඩ කටයුත්ත අපි කරනවා නම්. එයට ඔබ සියලූ දෙනාගේම සහයෝගය ඉල්ලමින් මගේ වචන ස්වල්පය මම අවසන් කරනවා

Latest comments

  • 0
    0

    නූතන මොණරවිල කැප්පෙටිපොල වගේ විමල් වීරවංශ ඔහුගෙ මන්ත්‍රීවරු 5 අරුනහම, පාර්ලිමේන්තුවේ ඉන්න 225න්, ජාතිද්‍රෝහීන්/දේශද්‍රෝහීන් 220ක්ම TNA බෙදුම්වාදීන්, LTTE ඩියස්පෝරාව, NGOකාරයින් සහ ඇමරිකන්කාරයින්ට ඕනේ විදියට, රටෙන් කොටසක් උතරේ බෙදුම්වාදී දෙමළුන්ට පාවා දෙන ව්‍යවස්ථාවට හවුල්.
    .
    මේකට හවුල් වෙන සියලු දේශද්‍රෝහීන් අනාගතේ එල්ලුම් ගසට නියම විය යුතුමයි.
    .
    සුද්දට රට පාවලා දෙන්න ඉදිරිපත් වුනෙත් සිංහලයෝ. හැබැයි දෙමළ මිනිස්සු මොන තරම් ඉල්ලුවත් සුද්ද පිළිගත්තේ නැහැ දෙමල මිනිස්සුන්ට වෙනම අයිතියක් රටට තියෙනවා කියලා. සුද්දා පිළිගත්තේ රට අයිති සිංහලයන්ට කියලා. අවුරුදු 137ක් රට පාලනය කරලා යනකොට, සුද්ද යන යකා කොරහ බිඳගෙන යනවා වගේ ගියේ නැහැ. සිංහලයන්ගෙන් භාර ගත්ත විදියටම, මුළු රටම නියම විදියට සිංහලයා අතට භාර දීලයි ගියේ. ඒ මොකොද කිව්වා නම් සුද්ද දැක්ක, සුද්දගෙන් රට ආපහු ගන්න සිංහලයෝ නොනවත්වා කැරලි ගහපු හැටි. සිංහලයා තමන්ගේ රට බේරා ගන්න ජීවිත පූජා කරපු හැටි. උඩරට ගිවිසුමෙන් රට පාවලා දුන්නට සිංහලයා ඒක පිලි අරන් නිකම් හිටුයේ නැහැ. කැරලි ගැහැව්වා. සුද්ද දාපු අසාධාරණ නීති හැම එකටම විරුද්ධව කැරලි ගැහැව්වා. පහු කාලෙක, රාජ්‍ය මන්ත්‍රණ සහාවේදිත් ඩී.එස්. වගේ නියම කළු-සිංහලයෝ කතා කලේ මේසෙට ගහලා. අපේ රට ආපහු අපට දියව් කියලා සුද්දට කිව්වා. අපිට සුද්ද එක්ක සමහර දේවලට ප්‍රශ්න තිබුනත්, දේශපාලනමය බලය පැත්තෙන් බැලුවොත්, සුද්ද ආපහු යනකොට සිංහල රට අරාජික කරලා ගියේ නැහැ. දෙමල මිනිස්සුන්ට කියලා රටෙන් වෙනම කොටසක් දීලා ගියේ නැහැ. 50ට50 පිළිගත්තෙත් නැහැ. දෙමල දේශපාලකයෝ එදත් කිව්වා දෙමළුන් වීම නිසා ඔවුන්ට ප්‍රශ්නයක් තියෙනව කියලා. හැබැයි දැන් වගේ ලංකාව අවුරුදු 2 1/2 ක් පාලනය කරපු සිරිසේන-රනිල් කුක්කු පැටව් වගේ නෙමෙයි, ලංකාව අවුරුදු 137ක් පාලනය කරපු සුද්ද පිලි ගත්තේ නැහැ, දෙමල ජාතිකයන් වීම නිසා ඔවුන්ට විශේෂ වූ ප්‍රශ්නයක් තියෙනව කියල.
    .
    ජනාධිපතිතුමා කියනව දෙමල ජාතිකයන්ට විශේෂ ප්‍රශ්නයක් තියෙනවා කියලා පිලි ගන්නලු. තාම කිව්වේ නැහැ මොකක්ද කියලා. රටම බලා ඉන්නේ දෙමල වීම නිසා ඔවුන්ට තියෙන ප්‍රශ්නේ මොකක්ද කියල. ඒ මොකොද කිව්වා නම්, ප්‍රශ්නේ තියෙන්නේ දෙමල වීම නිසා නම්, ඒ ප්‍රශ්නේ උතුරු-නැගෙනහිර විතරක් නෙමෙයි දකුණේත් ඉන්න සියළු දෙමල ජාතිකයන්ට බලපාන ප්‍රශ්නයක් විය යුතු නිසා.

    • 0
      0

      We perfectly know prostitutes in general would do anything and everything for money. Champa has been in the business for all the way along. Now making every efforts to bring his customer Wimal to the scene, will not help her any further. People will open their eyes this time wider than last. So sure of it. රට ජාතිය විනාශකරන අන්තවාදී අදහස් වලින් මුලු ජාතියම විනාශ කරන විමල් වීරවන්සෙ වැනි එවුන්ව සාමය දෙසට යන පාරෙන් ඉවත් කල යුතුයි. ඔහු කට ඇරියොත් නාගසකි බෝම්බයෙන් රට විනාශ වුන හා සමානයි. මිනිසා සිතන පතන ආකාරයන් ඔක්කොම වෙනස් කරල ඔන්න රට බෙදනවා කියල අසත්යා සත්යා ලෙස හෙරොඉන් කරල කින් බහුතර සාඅමනය නූගත් මිනිසා මත් කරන ආකරයට හසුරුව – ජන්ද උදුරාගනන්ට තැත් කිරීම රට ජාතිය වෙනුවෙන් කරන මහා ජාතික අපරාදයක්. මිත්යාව ලේසියෙන් මුල්බැසගත් රටක මිනිසාගෙ සිතුන් පැතුම් ලේසියෙන් හරවා ගන්නවිදියාට ක්රූර දේශපලකයා කට යුතු කිරීම මේ රටට ජාතියට කරන හෙන ගහන අපරාදයක්. රාජපකශෙ වරුන්ට ඒ පාපයෙන් මිදෙන්නට මේ ආත්මය තුල බැරි බව නිසැකයි.

      • 0
        0

        Lansihamy
        .
        විමල් වීරවංශව දේශපාලනයෙන් අයින් කරන්න එහෙනම් රටට ආදරය කරන සිංහලයෝ ඔක්කොම මැරිලා තියෙන්න ඕනේ. තොපි වගේ තාන්න මාන්න මුදල් තනතුරු වලට බලයට කෑදර කමට රට පාවලා දීපු සිංහල වෙසිගෙ පුතාල ඉතිහාසය පුරාම හිටිය. හැබැයි රට ජාතිය බුද්ධාගම අද වෙනකනුත් විනාශ නොවී පවතින්නේ විමල් වීරවංශ වගේ මොණරවිල කප්පෙටිපොලල සිංහල ඉතිහාසය පුරාම නැවත නැවත ආපහු ඉපදුන නිසා. වෙස ආණ්ඩුව අද බෙදුම්වාදීන්ට දෙන දේවල් ඔක්කොම අනාගතේ ආපහු ගන්නවා අනිවාර්යයෙන්ම, හොඳින් හෝ නරකින්. එහෙම කියන්නේ විමල් නෙමෙයි මම. විමල් වටා විමල් වගේම රට ආදරය කරන මිලියන ගණන් මිනිස්සු ඉන්නවා. හැබැයි ඒ හැමෝටම විමල්ට වගේ ඉවසීම නැහැ කියන එක හැම වෙසිගෙ පුතාම මතක තියාගත්තොත් හොඳයි..

      • 0
        0

        Lansihamy: You are a pathetic. why don’t you address your mother they way you address her ? Grow up you gutter rat.

    • 0
      0

      champa: there is an article by Wijedasa Rajapakse. According to that, constituional process from thr begining is unconstitutional. that will not work. Everything what Ranil has done is unconstitutional. Eventhe electoral process that he is propseging ameksa big blunder. so, do not worry. some where it says, the govt politician (say the justice minister) is pressing the deputy AG to not to press charges against Sajin Vass gunawardana. so, If you say Wimal Weerwansha is needed, we can understand, because of the quality of politicians in the parliament even the ones who ride waves are needed in the parliament. Otherwise, wimal weerqawansha at one time talks about country, national, religion etc., these days, he wants to bomb the parliament because of the constitution when a constitution can not be submitted to the parlaiment as the constitutional process, assembly etc.., are all unconstitutional.

      • 0
        0

        Jims
        .
        Yeah I saw it. Wimal didn’t say he wants to bomb the Parliament. What he said was if this Parliament passed the Constitution, a bomb should be fallen from the top which could make it collapse and completely. shatter. He never said he was going to bomb the Parliament. In Sinhala what he said was: “මේක සම්මත වුනොත් මේ පාර්ලිමේන්තුවෙන් වැඩක් නැහැ, ඊට පහුවෙනිදට මේකට උඩින් බෝම්බයක් වැටිලා මේක සමතලා වෙලා යන්න ඕනේ” කියල. ඔය වගේ දේවල් මිනිස්සු ඕනේ තරම් කියනව. ආණ්ඩුවට හෙණ ගහන්න ඕනේ කියලා මිනිස්සු කියනවා. ඒ කියන්නේ තමන් එහෙම කරනවා කියන එක නෙමෙයි, නමුත් එහෙම සිද්ධ වෙන්න ඕනේ කියන එක. තමන්ගේ තද විරෝධය පල කරන්න කේන්තිය පල කරන්න මිනිස්සු එහෙම කියනව. දැන් බලන්න මම ජීවිතේට උඹ, පලයන්, තියා, බං කියන වචනේවත් කියල නැහැ මට foul language එන්නේ කොහෙන්ද කියල මටවත් දන්නේ නැහැ, මම ලියන්නේ එක දිගට. ආපහු කියවන්නේ කලාතුරකින්. හිතට එන ආවේගෙට ලියනවා. ඊට පස්සේ කේන්තිය නිවෙනකම් ඉන්නවා ආපහු comment එකක් ලියන්න. එහෙම තමයි.
        .
        විමල් කියපු දේ තේරුම් ගන්නවත් බැරි මිනිස්සු තමයි අද පාර්ලිමේන්තුවේ ඉඳන් ව්‍යවස්ථාව වගේ අති බැරෑරුම් දෙයක් හදන්න කතා කරන්නේ. සරල සිංහලවත් දන්නේ නැති මෝඩ දේශපාලකයෝ ව්‍යවස්ථාව විවරණය කරනවා. මොකොට කියනවද.
        .
        රනිල් බැඳුම්කර සල්ලි වලින් අරන් තියෙන්නේ ආණ්ඩුවේ දේශපාලකයෝ විතරක් නෙමෙයි ඒකාබද්ධ විපක්ෂයේ (විමල් සහ මේකට අයිති නැහැ කියල අමුතුවෙන් කියන්න දෙයක් නැහැ) දේශපාලකයන්වත් සල්ලි වලට අරගෙන කියලා පැහැදිලිවම පේනවා. 15-20 යනවා පිටරට. තමන්ගේ සල්ලි වලින්ද? කවදාවත් නැහැ. 2016 ඉඳන් මේ දක්වා ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලකයෝ පීටරට සවාරි ගිහින් තියෙන ප්‍රමාණය සහ ගිහින් තියෙන සංඛ්‍යාව බැලුවොත් තේරෙනවා ව්‍යවස්ථාවට සහයෝගය දක්වන්නේ මොකොද කියලා. රනිල්ට වැඩක් නැහැ, ව්‍යවස්ථාව විවේචනය කරන එක. රනිල් දන්නවා චන්ද ඕනේ හින්ද ඒකාබද්ධ විපක්ෂයට එහෙම මිනිස්සුන්ව රවටන්න ඕනේ කියල. රනිල්ට ඕනේ වුනේ ඒකාබද්ධ විපක්ෂය Constitutional Assembly එකේ කොටසක් වෙන්න විතරයි. එතකොට තමයි රනිල්ට කියන්න පුලුවන් ව්‍යවස්ථාව සම්මත වුනේ මුළු පාර්ලිමේන්තුවම සාකච්චාවෙන්, අවශ්‍ය වෙනස්කම් කිරීමෙන් සහ එකඟතා වලට එමෙන් කියලා. කවදාවත් සල්ලි වලට තනතුරු වලට ගන්න බැරි විමල් තමන්ගේ පක්ෂේත් එක්ක වේලාසනම මේකෙන් අයින් වුනා. විමල් මහින්දගේ ආණ්ඩුවේ ඉන්න කොටමත් 13+A වලට විරුද්ධ වුනා. JVP එකේ ඉන්න කාලේ රනිල්ගේ CFA එකට සහ P-TOMS එකට විරුද්ධ උසාවී ගිහින් ඒක තහනම් කළා. උතුරු නැගෙනහිර එකතු කරපු වෙලාවේ ඒකට නඩු කියලා වෙන් කර ගත්ත. විමල් එදා ඉඳන්ම ලංකා දේශප්‍රේමී ව්‍යාපාරයේ ඉස්සරහින්ම හිටපු කෙනෙක්. විමල් හැමදාම තමන්ට ඉස්සෙල්ල රට ගැන හිතපු කෙනෙක්. අදටත් ඒකේ වෙනසක් නැහැ. විමල් රට වෙනුවෙන් සටන් කරපු දීර්ඝ ඉතිහාසයක් තියෙන දේශප්‍රේමී දේශපාලකයෙක්. විමල්ට ඉරිසියා කරන එකෙක් දෙන්නෙක් ඉඳල කියලා මොනව කරන්නද.

  • 0
    0

    විමල් ගේ හොරගැනිට Champawathie කුලප්පුව පාලනය කරගැනීමට බැරිබව කාටත් පැහැදිලි දෙයක්. විමලට එන මාසවල හෝ හිරබත් ගිලින්නට යනබව ඉරපායනවා වාගෙ විශ්වාශයි.ඒ වාගේම අර උදය ගොන්තඩිපිලටත් එය වෙනවා මයි. අපි දන්නව ඉදිරිය සාරතකයි. අපි කාටත් සලිලන එකම රටක් ඇතිවෙන එක, තිරිසන් අන්තවාදියන්ට වලක්වන්නට බැහැ. බැල්ලියො හා බැල්ලිගෙ පුතාලාට මෙවර රටේ සිටින පුන්නක්කු ගිලින ජනතාව අන්දන්න අමාරුවෙනව. ගෙදර ඇතුලු මළමිනියක් තිබුන තුරුනයන් දූශනය කරන පෞලක මිනිශෙක් හැටියට විමලවතීඑට හිතට සහනය දෙන්නෙ ඔබ වැනි සුනඛ දේවියන් බවත් අපට පහැදිලියි. කල කලදේ පලපල දේ වාගෙ, ඒකට ඉදිරිය වැනසෙනවාමයි. අපි දන්න කාල වල සිට, විමල් කියන තිරිසන් නූගත් මිනිසා කට හැකරහම ලන්ගදීම නීතියේ රැකවරනය අසුවෙන බව සක්සුදත් සේ විස්වාසයි. රට ජාතිය ගිනිතිය බැල්ලිගෙ පුතාට පාඩමක් ලැබිය යුතුමයි. අපි ට ඒ බව ස්තිරයි. මාෆිය රජ හා එකගෙ පවුලටත් වෙන්නෙ ඒකමයි. එකම නූගත් ජනතාවකට, එක දිගටම බොරු කරන්න බැරිබව ඔප්පු වෙනව මයි.

    • 0
      0

      Samuel Jayaweera
      .
      Jealousy is a disease. Get well soon, idiot.
      .
      මිනිහො, විමල්ට මුකුත් හරි වෙන්න ඉස්සෙල්ල ඔඹ මැරෙනව. ඒ හින්ද ඔඹ හිතන දේවල් කවදවත් විමල්ට වෙන්නේ නැහැ.
      .

  • 0
    0

    Mr. Ranil Wickramsinghe: YOu are a proven leadeer of a gang of thieves. You are not addressing that. Thousands of employyes are waiting to see what do you with the EPF. because, you knew when all those white collar thieves were emptying the almost every financial institution in the country. YOu come and talk economic development when the country had out flow of investments for over $ 2 billion which is worth about 50% of the investments. For 2017, the country economic growth has been 0%.———– with respect to electoral process change also you are misleading readers. Tell us why you are not removeing thieves from the parliament. Tell us how many going to be after all these dictatorship of yours comes into action. Why 25,000 Sq.mile area with 22 million population need about 5000 politicians now and will increase to 10,000. How it is going to be sustainable. You and your gang of thieves come and appear infront of Camaras. but, you all know you are living flamboyant lives with poor peoples money———— CT is also cheap. For this kind of comments their policy comes forward and hide it and try to protect criminals and conmen.

  • 0
    0

    Mr. Ranil Wickramsinge has become simply NAKED and a shamelss thief. Why don’t you here what the people say. You try your best some how to hang on to it. Why the law enforcment and justice neglect a gang leader of bank robbers ?

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.