26 April, 2024

Blog

ශ්‍රී ලංකාවට ගැලපෙන නායකත්වය කුමක්ද?

රසික ජයකොඩි

රසික ජයකොඩි

ලංකාවට අවශ්‍ය නායකත්වය ගැන බොහෝ අය බොහෝ දේ ප්‍රකාශ කොට ඇත. එයට හේතුව ලංකාවට අවශ්‍ය විදියේ නායකත්වයක් මෙතෙක් රටට ලැබී නොතිබීමයි.

ලංකාවේ දේශපාලනය කරන හුඟ දෙනෙකුගේ සිහිනය කවදා හෝ රටේ නායකයා බවට පත්වීම ය. එලෙස නායකත්වය ගැන සිහින මවන අති විශාල පිරිසකට ඒ සිහිනය යථාර්ථයක් කරගන්නට ලැබෙන්නේ නැති බව පැහැදිලිය.

සත්‍ය වශයෙන් ම නායකයෙකු වීමට ඇති හොඳ ම සුදුසුකම නම් නායකයාට නායකත්වය අවශ්‍ය නොවීමයි. නායකත්වය අවශ්‍ය පුද්ගලයාගේ ප්‍රමුඛ ම කාර්‍යභාරය වන්නේ නායකත්වය ලබාගැනීම හෝ රැකගැනීම වෙනුවෙන් දිවා රෑ නැතිව වෙහෙසීම මිස තමන්ගෙන් විය යුතු වගකීම් ඉටු කිරීම නොවේ.

ඒ නිසා අන් සියල්ලට ම කලින් නායකයා නායකත්වය අවශ්‍ය, නායකත්වයට ගිජු, නායකත්වයට ලෝභී පුද්ගලයෙකු නොවිය යුතු ය. එවැනි අයෙකුට කිසිදා අධ්‍යාත්මවාදී අර්ථයෙන් සැබෑ නායකයෙකු විය නොහැකිය.

යම් කෙනෙකු නායකයෙකු බවට පත් වන්නේ කෙසේ ද? එයට මූලික අවශ්‍යතාව පෙනුම ද? පෞරුෂය ද? උඩු රැවුල තිබීම හෝ දරුවන් සිටීම ද? නැත්නම් වෙනත් දෙයක් ද?

අපි ඉතා ම සරලව මෙය තේරුම් ගන්නට උත්සාහ කරමු. නායකයා යනු ඉහත කී කිසිවක් නොව රටේ අනාගතය ගැන අන් අයට නොපෙනෙන යමක් දකින්නා ය. එසේත් නැත්නම් රටේ කිසිවෙකුට කළ නොහැකි යම් දෙයක් කළ හැකි තැනැත්තා ය. මේ දෙකෙන් එකක් හෝ මේ දෙකම හෝ කළ හැකි බවට මහජන විශ්වාසය දිනාගත හැකි යම් පුද්ගලයෙකු වේ ද ඔහු හෝ ඇය රටේ නායකයා බවට පත් වේ. එවැන්නෙකුට නායකත්වය බලහත්කාරයෙන් හඹා යාමට අවශ්‍ය නැත.

ඊළඟ වැදගත් ම කාරණය නම් ඔහු දකින “චිත්‍රය” තමන් ගේ පුද්ගලික සීමාවන්ට වඩා විශාල එකක් වීම ය. එනම් තමන්ට, තමන්ගේ පවුලට, තමන්ගේ හිතවතුන්ට සහ තමන්ගේ පාක්ෂිකයන්ට වඩා විශාල වූ එකක් වීම ය. ලොකු හෝ කුඩා පුද්ගලික සීමාවන්ට හසු වූ පටු මිනිසෙකු කිසිදා නායකයෙකු වන්නේ නැත. ඔහු ඒ සීමාවන් ජයගත් පුද්ගලයෙකු විය යුතුය. අතික්‍රමණය කළ පුද්ගලයෙකු විය යුතුය.

ලංකාවේ නායකයන් සහ නායකයන් වෙන්නට හදන බොහෝ දෙනා දැවැන්ත මමංකාරයක් (Ego) නඩත්තු කරන පිරිසක් බව පැහැදිලි ය. ඔවුන්ට වඩාත් ම රිදෙන්නේ මේ මමංකාරයට පහර එල්ල වන විටදී ය. විවේචනවලට මෙන් ම වාග් ප්‍රහාරවලට ද ඔවුන් කෝප වන්නේ සහ බිය වන්නේ එනිසා ය. ඔවුන් දේශපාලනය බලය දෙස බලන්නේ ද තමන් ගේ මේ ඊගෝව පෝෂණය කරන දෙයක් ලෙසිනි. විශාල ඊගෝවක් නඩත්තු කරන පුද්ගලයෙකු කවදාවත් හොඳ නායකයෙකු වන්නේ නැත. එයට හේතුව ඒ ඊගෝව බැඳී ඇත්තේ ඔවුන් ගේ පුද්ගලික සීමාවන් වටා නිසා ය.

නායකත්වය ගැන මා අසා ඇති ලස්සන කියමනක් නම් නායකයා උස අත්තක වසා සිටින කුරුල්ලෙකු බඳු විය යුතු බවයි. කුරුල්ලා උස අත්තක වැසිය යුත්තේ අන් හැමටම වඩා උඩින් සිටීමේ හීනමාන ආසාවක් නිසා නොවේ. කුරුල්ලා උස අත්තක වැසිය යුත්තේ එවිට ඌට විශාල භූමි ප්‍රදේශයක් පෙනෙන නිසාත් එවිට වඩාත් සාරවත් බිම්කඩකට අනෙක් සතුන් මෙහෙයවිය හැකි නිසාත් ය.

එහෙත් ශ්‍රී ලංකාවේ දැන් සිදුවන්නේ මෙහි අනෙක් පැත්තයි. නායකයන් වෙන්නට හදන හුඟ දෙනෙක් නායකත්වය ගන්නට හදන්නේ එවිට අන් අයට වඩා උඩින් ඉන්නට ලැබෙන නිසා ය. අන් අයට නොලැබෙන වරප්‍රසාද තමන්ට ලැබෙන නිසා ය. අවශ්‍ය වෙලාවට නීති හදන්නත් අවශ්‍ය වෙලාවට නීති කඩන්නත් හැකියාව ලැබෙන නිසා ය. තමන්ගේ පවුලට, හිතමිතුරන්ට සහ පාක්ෂිකයන්ට සලකන්නට ලැබෙන නිසා ය. කෙටි කලකින් මහජන ධනය සොරාගෙන මහා ධනස්කන්ධයක් උපයා ගත හැකි නිසා ය.

නායකයන් වෙන්න හදන අයත් එසේ කරන්නේ වැරදි හේතු නිසා නම් එවැනි රටක අනාගතය බියකරු වීම ස්වාභාවික ය. වැරදි හේතු නිසා නායකත්වයට පත්වෙන්නට හදන කිසිම අයෙකු රට හරි මාවතේ ගෙනියන්නේ නැත. ඒ නිසා ම නායකත්වය යනු කුමක් ද යන කාරණය ගැන ශ්‍රී ලාංකිකයන් ට පැහැදිලි අවබෝධයක් තිබීම ඉතා වැදගත් ය.

ශ්‍රී ලංකාව මේ පවතින අර්බුදයෙන් මුදවා ගැනීම දේශපාලන ක්‍රියාවලියකින් පමණක් සිදු කළ හැකි දෙයක් නොවේ. එම අර්බුදය දේශපාලනයෙන් පමණක් විසඳිය හැකි සීමාව පසුකොට බොහෝ දුරක් ගමන් කොට ඇත. මේ අර්බුදය විසඳිය හැකි එකම මග දේශපාලනයට වඩා විශාල වූ අධ්‍යාත්මික මැදිහත්වීමකි.

මහත්මා ගාන්ධි ඉන්දියානු නිදහස් අරගලයට නායකත්වය දුන්නේ එබඳු අධ්‍යාත්මික මැදිහත්වීමක් වශයෙනි. මාටින් ලූතර් කිං ඇමරිකාවේ කළු ජාතිකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කළේ එබඳු අධ්‍යාත්මික මැදිහත්වීමක් වශයෙනි. නෙල්සන් මැන්ඩෙලා දකුණු අප්‍රිකාවේ වර්ණභේදවාදයට එරෙහිව සටන් කළේ එබඳු අධ්‍යාත්මික මැදිහත්වීමක් වශයෙනි. මේ කිසිදු අරගලයක් හුදු දේශපාලන ක්‍රියාවලියක් වශයෙන් පමණක් සිදු වූයේ නැත. ශ්‍රී ලංකාවේ රාජ්‍යය ගරාවැටීම පිළිබඳ අර්බුදය විසඳිය හැකි එක ම මාර්ගය ද එය ම පමණකි.

එය රටේ දේශපාලන ගමන් මාර්ගය වෙනස් කරනවාට සමාන්තරව රටේ ජීවත්වන බහුතරයක් මිනිසුන්ට ද තමන්ගේ ඇතුළාන්තය වෙනස් කරගැනීමට බල කෙරෙන නිහඬ විප්ලවයක් විය යුතුය. මිනිසුන් අවුරුදු පහෙන් පහට ආණ්ඩු මාරු කරන්නට කැමති ය. ඒත් තමන්ගේ ඇතුළාන්තය වෙනස් කිර්‍රම ගැන සිතන්නත් අකැමැතිය. ඒ නිසා ම එය ආණ්ඩු වෙනසක් කරනවාට වඩා අමාරු, වෙහෙසකර ක්‍රියාවලියක් බව අප පිළිගත යුතුය. එහෙත් එසේ නැතිව මේ තරමට ගරා වැටුණු රාජ්‍යයක් නගා සිටුවීම සිදු කළ නොහැකි ය.

ලංකාවට අවශ්‍ය නායකත්වය ගැන මේ සත්‍යය තේරුම් ගන්නා තුරු ලංකාවට යහපත් අනාගතයක් ගැන සිහින මවන්නට අපහසුය.

Print Friendly, PDF & Email

Latest comments

  • 1
    0

    මේ වන විට ශ්‍රී ලංකාව පාලනය කරනු ලබන්නේ කුරිරු පාලනයෙනි. විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, මුස්ලිම් අපේක්ෂක, රිචඩ් බදූඩීන් නමින් පාර්ලිමේන්තුවට පැමිණීමට අවසර දීම සඳහා මැයි 02 වන දින පීසීආර් පරීක්ෂණයට ලක් කරන ලදී. කෙසේ වෙතත්, අපේක්ෂකයා දැනටමත් COVID වලට එන්නත ලබා දී ඇතත් බලධාරීන් හිතාමතාම ඔහුගේ PCR ප්‍රති results ල අවහිර කරයි. අද පාර්ලිමේන්තුවේදී විපක්ෂ මන්ත්‍රීවරුන්ට දිගින් දිගටම සිදුවන අසාධාරණයන් ගැන සැලකිලිමත් වන්නේ කවුද? මේ දිනවල තමන් පෝෂණය කිරීම හැරුණු විට බෞද්ධ පූජක පක්ෂයේ කිසිවෙකු වත් කට ඇරගෙන සිටින බවක් නොපෙනේ. මේ වන විට රට හරස් මාර්ග වෙත ගෙන යනු ලැබේ. ඔවුන්ගේම බෙල්ල කැපීම ගැන කියමනක් තිබේ. අද රට මුහුණ දී ඇත්තේ එයයි.

    • 1
      0

      අද නැවතත් ඔවුන් පාර්ලිමේන්තුවේදී ඔවුන් වෙනුවෙන් වෙන් කළ පැය ගණන අනිසි ලෙස භාවිතා කළහ. ප්‍රවීණයන් පවසන පරිදි, ඔවුන් මෙතෙක් නාස්ති කළ දේ අපේ ජනගහනයෙන් මිලියන 22 ක් සඳහා එන්නත් විශාල ප්‍රමාණයක් 3-4 වතාවක් මිලදී ගැනීමට භාවිතා කළ හැකිය. රාජපක්ෂගේ වැරදි කළමනාකරණයේ යථාර්ථය මෙය වීමත් සමඟම, රාජපක්ෂේ ගව සොරුන්ගේ ඉහළ දූෂණ මට්ටම් සම්බන්ධයෙන් ඔවුන්ගේ නාසයෙන් ඔබ්බට නොපෙනෙන විශාල ප්‍රමාණයක් තවමත් ඇත. මෙතරම් දීර් people කාලයක් තිස්සේ මිනිසුන් එය නිවැරදිව නොදකිනු ඇත, මේ රට සහ ජාතිය ඔවුන්ගේ දුක්ඛිත තත්වයන්හි එකතැන පල්වීමට සිදුවනු ඇත.

      • 1
        0

        *************************************************************************************************************************
        ශ්‍රී ලංකාව සඳහා සුදුසු නායකත්වය, අපේ මව්බිම ජාතික පෙරමුණ විසින් නිෂ්පාදනය කළ යුතුය. වත්මන් පාර්ලිමේන්තුවේ සිටින හොඳ මන්ත්‍රීවරුන් කිහිප දෙනා අතරින් හොඳම එන්පීපී මන්ත්‍රීවරියයි. ඇය විනීත හා ආදර්ශවත් ය. ඇයට සැබෑ රසවත් වෙනසක් කළ හැකිය, මම විශ්වාස කරමි, මම බලාපොරොත්තු තබා ගනිමි.
        පාර්ලිමේන්තුවේ ඇගේ ආසනය සමඟ හොඳම දේ බලාපොරොත්තු වෙමු. ශ්‍රී ලංකාවේ වෘත්තිකයන් සහ ජේවීපී එක්ව පොදු පෙරමුණක් ඇති කර ගත යුතු අතර එමඟින් ඔවුන්ට කරුණු ඉදිරිපත් කිරීමෙන් ජාතිය පුනර්ජීවනය කළ හැකි අතර සාම්ප්‍රදායික යෝධ පක්ෂ විසින් ඉටු කරන ලද අසභ්‍ය දේශපාලනය තුළින් මෙතෙක් ගැටුම් ඇති විය. ආචාර්ය හරිනි අමරසූරියාට සහාය දැක්වීම සඳහා පෙළ ගැසීම හැර අපට වෙනත් විකල්පයක් නැතැයි මම සිතමි. විශ්ව විද්‍යාල අධ්‍යයන කාර්ය මණ්ඩලය ඇයට නැගී සිටීමට සහාය විය යුතුය. මගේ ආදරණීය වෘත්තිකයන් සහ උගත් ජනතාව, කරුණාකර එක් අයෙකු ලෙස නැගී අරාබි වසන්ත විප්ලවයක් සඳහා ඉඩ දෙන්න. ඇති තරම් ඇති .. අද නොවේ නම් කවදාද?*************************************************************************************************************************************************************************************************

        • 1
          0

          අද වන විට, විමල් බුරුවන්සා රාජපක්ෂ දේශපාලනයෙන් බැහැර ය. ඔහු මුහුණ නැති වී ඇත. ඒ ගැන ප්‍රමාණවත් සලකුණු තිබේ. ඔහු පෙනී සිටීමට පැමිණෙන්නේ නැත, මහජනතාවගේ ගැටලු ඉහළ යමින් තිබුණද, බැල්ලිගේ පුතා අතුරුදහන් වී ඇත. ඔහු රාජපක්ෂ කුරිරු දේශපාලනයේ සංඛ්‍යා ප්‍රචාරකයා විය. ඔහු ප්‍රචාරක යන්ත්‍රයේ මූලික පුද්ගලයා විය. ඔහුගේ තේරුමක් නැති දේ අද කාපට් යට තැන්පත් කර ඇත. එම පැනියා නිෂ්පාදකයා උසස් කරනු ලැබුවේ ඔහුට යන්ත්‍ර 4 000 000 ක් පිරිනැමීමෙනි …. ඔහුව විශ්වාස කිරීම සහ ප්‍රවර්ධනය කිරීම .. දෙවරක් නොසිතීම, බැලිගේ පුතා එය කළේ තමාගේම සාක්කුවෙන් නොව බදු ගෙවන්නන්ගේ අරමුදල් මගිනි. … ඇයි මේ මිනිස්සු විසින් නාස්ති කරන අරමුදල් ගැන මිනිස්සු වැඩි සැලකිල්ලක් නොදක්වන්නේ … මේ ආකාරයෙන්.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.