21 September, 2020

Blog

බැඳුම්කර කොල්ලය මගින් අර්ථසාධක අරමුදලට කරන ලද අනර්ථයේ පරිමාව​

රුසිරිපාල තෙන්නකෝන්

රුසිරිපාල තෙන්නකෝන්

1958 වසරේ සම්මත කළ පනතක් මගින් මේ රටේ ප්‍ර​ධානතම සමාජ රක්ෂණාවරණ​ ක්‍රමය වශයෙන් සේවක අර්ථ සාධක අරමුදල (සේ.අ.අ.) පිහිටුවනු ලැබීය. විශ්‍රාම​ වැටුප් ක්‍ර​මයකට හිමිකම් නොකියන රාජ්‍ය සහ පුද්ලික අංශවල සියලූම සේවකයන්ට විශ්‍රාම​ යාමේදී ලබන දීමනාවක් වශයෙන් ලබා දීම මෙහි ප්‍ර​ධාන අරමුණ විය. කම්කරු ඇමතිවරයාගේ සම්පූර්ණ නීතිමය බලතල යටතේද අරමුදල් එකතු කිරීම, ආයෝජනය, ගෙවීම් කිරීම හා ආරක්ෂා කිරීම මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය යටතේද ක්‍රියාත්මක වීමේ

ප්‍ර​තිපාදන එම පණතට ඇතුලත් වී ඇත. වරින්වර එම පණතට කරන ලද සංශෝධන වලින් පසුව වර්තමානයේදී සේවකයෙකුගේ දළ වැටුපින් 20%ක් එම අරමුදලට බැර වන්නේ ය.

2016 අවසාන වන විට රුපියල් බිලියන 1800 ක් ඉක්මවන වත්කම්/තැන්පතු ප්‍ර​මාණයක් එම අරමුදල සතුව පවතී. මේ වන විට එය රුපියල් බිලියන 2000 ක් පමණ වත්කමක් සහිත අරමුදලක් බවට පත්ව ඇත. එම වත්කම්වලින් 93% ක්ම රජයේ සුරැුකුම්පත්වල ආයෝජනය කර ඇත. වෙනත් ආයෝජන ද ඇතුළුව අරමුදල 2016 වසර සඳහා උපයාගත් දළ ආදායම් රුපියල් බිලියන 193 කි. අරමුදල නඩත්තු කිරීම සඳහා එම ඉපැයුම් වලින් වැය කරන ප්‍ර​මාණයට පසුව 2016 වසරේදී බිලියන 15 ක් ආදායම් බදු වශයෙන් රජයට ගෙවා ඇත. ආදායම් බදු ගෙවීමෙන් පසුව අර්ථ සාධක අරමුදලේ සාමාජිකයින් අතර බෙදීයාම සඳහා රු. බිලියන 176 ක මුදලක් 2016 වසරේ දී අරමුදලට ඉතිරි විය. සාමාජිකයන්ගේ නමින් අරමුදලේ පවතින ශේෂයට වසරකට 10.50% ක් බැගින් පොලී අනුපාතයක් ගෙවා ඇත.

දැනට මෙම අරමුදලේ සක‍්‍රීය දායකත්වයක් සහිත ලක්ෂ 24ක සාමාජිකත්වයක් සිටින අතර, දැනට අක‍්‍රීයව පවතින ගිණුම් ලක්ෂ 147 ක් ද ඇත. විශ‍්‍රාම යාමේ දී සෑම සාමාජික සේවකයකුටම සිය දායකත්වය සහ ඒ වෙනුවෙන් එක් රැුස් වූ පොලියද එකවර ආපසු ගෙවන දීමනාවන් වශයෙන් ලබා දෙනු ඇත. අප රටේ ශ‍්‍රම බලකායෙන් අති විශාල බහුතරයක් විශ‍්‍රාම වැටුපකට හිමිකම් නොකියන බැවින් මෙම අර්ථ සාධක දීමනාව ඔවුන්ගේ ඉතිරි ජීවිත කාලය සඳහා ලැබෙන එකම සමාජ රක්ෂණ මුදල වන්නේ ය. කලින් කල අය වැය යෝජනා මගින් මෙම අවසන් දීමනාව මත එකවර අය කරන බදු මුදලක් කපා ගැනීම සිදු වී ඇත. එම ප‍්‍රතිශතය වරින් වර වෙනස් වෙමින් ද ඇතැම් වකවානුවලදී මුළුමනින්ම බද්දෙන් නිදහස් කරමින්ද පැවතී ඇත. මෙය කම්කරු ජනතාවගේ මැසිවිල්ලක් ලෙසින් දිගටම පැවතුන ගැටළුවකි.

මේ අතර සේවක ජනතාවගේ අවධානයට කෙළින්ම යොමු නොවන වෙනත් ක‍්‍රම හා විධි මගින් ඔවුන්ගේ ප්‍ර​තිලාභ අඩු කිරීමේ විවිධ උපක‍්‍රම ද ක‍්‍රියාත්මක වෙමින් පවතී. කාගේත් අවධානය මෑතක දී යොමු වූ බැඳම්කර ගණුදෙනුව ඒ සම්බන්ධයෙන් ඇති වූ ප්‍ර​ධානතම සිද්ධියයි. ඒ පිළිබඳව මෙම ලිපිය මගින් පසුව විස්තරයක් ඉදිරිපත් වී ඇත. මෙය හැරුන විට බදු ක‍්‍රියාත්මක වීම් තුළින් ද අර්ථ සාධක අරමුදලේ සාමාජික ප්‍ර​තිලාභ ඛාදනය වීම සිදු වී ඇත. මෙතෙක් කල් සේ.අ.අ. විසින් උපයා ගන්නා ආයෝජන ආදායම 10% ක බදු ප්‍ර​තිශතයකට යටත්ව තිබුණි. එමගින් රජයට වසරකට රුපියල් බිලියන 15 ක පමණ බදු ආදායමක් ලැබුණි. මෙවර අය වැය යෝජනා වල බදු ආදායම වැඩිකර ගැනීමේ පියවරක් ලෙසින් එම බදු ප්‍ර​තිශතය 14% ක් දක්වා වැඩි කිරීමට යෝජනා වී තිබේ. මෙම පියවර හේතුවෙන් සේවක අර්ථ සාධක අරමුදලේ සාමාජිකයින් අතරේ ප්‍ර​තිලාභ වශයෙන් බෙදා හැරීමට ඉතිරිවන මුදල් ප‍්‍රමාණය බිලියන 2 කින් පමණ අඩුවීම නිසා එමගින් සෑම සේවකයෙකුටම නොදන්වා බඩට ගැසීමක් කර ඇත. මෙය ඉතාම අසාධාරණ ක‍්‍රියාවක් වන්නේ සේ.අ. අරමුදල ආයෝජන මඟින් උපයා ගන්නා ඉතාමත් සීමිත ආදායමේ වාසිය පවා කම්කරු ජනතාවට අහිමි කිරීම හා විශ‍්‍රාම යාමේදී අති බහුතර සාමාජික සංඛ්‍යාවකට ලැබෙන්නේ සොච්චම් ඉතිරියක් වන බැවිනි.

මෙම බදු යෝජනාව සේවා භාර අරමුදලට ද බල පවත්වන බැවින් එම අරමුදල මඟින් ප්‍ර​තිලාභීන්ට සැලසෙන වාසි ඛාදනය වීමකට භාජනය වී ඇත. කෙලින්ම නොපෙනෙන ආකාරයකට මහා බදු සංහාරයක් මගින් මෙම සූරා කෑමට භාජනය වී ඇත්තේ මෙරට ශ‍්‍රම බලකාය වීම අපරාධයකි. ශ‍්‍රම බලකාය මිරිකා තලා පෙලා රහසිගතව හා වක‍්‍ර ක‍්‍රමවලින් රාජ්‍ය ආදායම වැඩිකර ගැනීම මූල්‍ය පාලන දක්ෂකමක් හැටියට හෝ යහපාලනයට ගැළපෙන ක‍්‍රියාවක් හැටියට අපි නොදකිමු. බදු රැුහැනට ගොදුරු කරගත යුතු වෙනත් වංක බවින් ඉසුරුමත් වන වඩා සමෘද්ධිමත් සමාජ කොටස් පවතින බවද එම කොටස් කෙරෙහි නිසා අවධානයක් යොමු නොකරමින් දුප්පත් කම්කරු ජනතාව තලා පෙලා දැමීම පාපතර ක‍්‍රියාවක් බවද රජයට පෙන්වා දිය යුතුව ඇත.

සේ.අ.අ. ට කණ කොකා හැඬවූ බැඳුම්කර කොල්ලය

මුළු රටම ආන්දෝලනයකට පත් කළ මෙම කාරණය ගැන ජනතාව හොඳින් දැනුවත් වී සිටී. එහෙත් මෙම කොල්ලයට පාදක කරගෙන ඇත්තේ අප රටේ අහිංසක ශ‍්‍රම බලාකයට අයත් වන අරමුදලක් නිසා ඒ පිළිබඳව නිවැරදි ලෙසින් අවබෝධ කර ගැනීම වැදගත් ය. පියවරින් පියවර ගත් විට මෙම වංචාව යට දැක්වෙන පරිදි සංක්ෂිප්ත කළ හැකිය.

01. මහ බැංකුව මුදල් අමාත්‍යංශයෙන් ගලවා වෙනත් අමාත්‍යංශයකට අනුයුක්ත කරයි, එමගින් සේ.අ.අ. පාලනය එම අමාත්‍යංශය යටතට ඉබේම වැටේ.

02. ඒ නියායෙන්ම සේ.භා. අරමුදලද එම අමාත්‍යංශය යටතට පවරා ගනී.

03. හිස් වූ මහ බැංකු අධිපති ධුරයට සිංගප්පූරු පුරවැසියෙකු ආනයනය කර බඳවා ගනී. එම නව අධිපති වරයාගේ ඥතියෙකු මහ බැංකුව සමග බැඳුම්කර ව්‍යාපාරයක් පවත්වයි.

04. ඥති සබඳතාව හේතුවෙන් ඇතිවිය හැකි සබැඳියා පිළිගැටුමක් වැලැක් වූ බව පෙන්නුම් කිරීමට ඇස් බැන්දුමක් හැටියට ඥතියා වන අධිපතිගේ බෑණා එම සමාගමේ අධ්‍යක්ෂ ධුරයෙන් ඉල්ලා අස් වේ. සැලැස්ම ක‍්‍රියාත්මක කිරීම සඳහා යට දැක්වෙන පියවර ගැනේ.

05. අර්ථ සාධක අරමුදලේ නිලධාරීන් හා බැඳුම්කර වෙන්දේසි අංශවල නිලධාරීන් මාරු කරයි.

06. තමන්ට කීකරු හා හිතවත් පුද්ගලයන් ශ‍්‍රී ලංකා මහ බැංකුවේ විවිධ වැදගත් ස්ථානවලට ස්ථානගත කරයි.

07. ජා.ඉ. බැංකුවේ බැඳුම්කර ආයෝජන අංශයට ශ‍්‍රී ලං.ම.බැ. නිලධාරියෙක් අනුයුක්ත කරයි. (ඔශු දැන් රට හැර ගොස් ඇත)

08. බැංකු පොලී අනුපාතය හිතුවක්කාරී ලෙස වැඩිකර ගනී. (මූල්‍ය මණ්ඩලයටද පිටින්)

09. ප‍්‍රාථමික වෙළඳුන්ට ශ‍්‍රී ලං.ම. බැංකුවෙන් හා රාජ්‍ය බැංකු පද්ධතියෙන් ලබාදෙන පහසුකම් ලිහිල්කර ගනී.

10. බැඳුම්කර මේරුම් කාලය (වලංගු කාලය) 30 ස් අවුරුදු ලෙසට තීරණය කරයි.

11. රජයේ මූල්‍ය අවශ්‍යතා අනුව ශ‍්‍රී ලං.ම.බැ. අනුගමනය කරමින් තිබූ ක‍්‍රමවේදය යටතේ බැඳුම්කර මගින් ලබා ගැනීමට නියමිත මුදල් ප‍්‍රමාණයට වඩා වැඩි ප‍්‍රමාණයක් හදිසියේ අවශ්‍ය වී ඇති බව මවා පෑමට පසුබිමක් නිර්මාණය කර ගනී.

12. ඒ සඳහා ඇමතිවරු, අග‍්‍රාමාත්‍ය උපදේශක සහ මහා මාර්ග දෙපා. වල සහභාගීත්වයෙන් අසම්මත රැුස්වීමක් පවත්වයි. වැඩිපුර මුදල් හදිසියේ අවශ්‍ය වී තිබෙන බව එහිදී තීරණය කරයි.

13. බිලියන 1 ක් බැඳුම්කර නිකුත් කිරීම සඳහා නිවේදනය කර තිබියදී බිලියන 10 ක් දක්වා සීමාව වැඩි කොට බැඳුම්කර නිකුත් කිරීමට නිලධාරීන්ට උපදෙස් දෙයි.

14. එම බිලියන 10 න් බිලියන 5 ක්ම සිය ඥතියාගේ සමාගමට ලැබෙන සේ කටයුතු කරයි.

15. එම ඥතියාගේ සමාගම අනිකුත් ප‍්‍රාථමික වෙළෙඳුන්ට වඩා ඉතා පහල මිල ගණන් ඉදිරිපත් කර තිබුණ නුමත් එය නොතකා ඔවුන්ට ලබා දෙයි.

16. ඇති වූ ආන්දෝලනය හා විරෝධය යටපත් කිරීමට උපක‍්‍රම හා සටකපට ක‍්‍රියා දේශපාලන බලවතුන්ගේ මැදිහත්වීමෙන් සිදු කරයි.

17. නිසි පරීක්ෂණ වලට බාධා පමුණුවයි.

18. පාර්ලිමේන්තුව පවා හදිසියේ විසුරුවා හරින තරමට ආන්දෝලනය උත්සන්න වෙයි.

19. දෙවන COPE කමිටුව පත් කිරීමට පෙර දෙවතාවක්ම පෙරටත් වඩා විශාල ප‍්‍රමාණයේ වංචාකාරී බැඳුම්කර නිකුත් සිදු කරයි. බිලියන 40 ක් ඉල්ලා 77 ක් නිකුත් කරයි. බිලියන 20 ක් ඉල්ලා 50 නිකුත් කරයි.

20. ඉදිරිපත් වූ ලංසු අතරින් බැංකුවට වඩාත්ම අවාසිදායක ලංසු ඉදිරිපත් වී තිබෙන්නේ ඥති පුත‍්‍ර සමාගෙමන් වුවද එය නොතකා මෙම බැඳුම්කර නිකුතු දෙකේදී ම වැඩි ප‍්‍රමාණයක් බැංකු අධිපතිගේ ඥතියාට අයත් සමාගමට මිලයට ගැනීමට ඉඩ දෙයි.

21. මෙසේ අඩු ගණනකට මිලයට ගැනීම සඳහා සේ.අ.සා. අරමුදල ඉදිරිපත් වීම වැලැක්වීමට පියවර ගනී.

22. රාජ්‍ය බැංකුවලින්ද ඉල්ලීම් ඉදිරිපත් වීම මුදල් ඇමතිවරයා ඉදිරිපත් වෙමින් වළක්වයි.

23. එසේ මිලයට ගත් බැඳුම්කර වලින් ඉතා කුඩා ප‍්‍රමාණයක් වෙළදපොළ තුල අස්වාභාවික සංසරණය වීමකට ඉඩ සලස්වමින් ව්‍යාජ පොලී අනුපාතයක් නිර්මාණය කරයි.

24. එසේ ඇතිව අස්වාභාවික පොලී අනුපාතය යොදා ගනිමින් එම පොලී අනුපාතය යටතේ අර්ථ සාධක අරමුදලට බැඳුම්කර විකුණයි.

25. එම අරමුදලේ ස්ථානගත කර සිටින විහේෂ පුද්ගලයන් හරහා මෙම මිලදී ගැනීම අනුග‍්‍රාහාත්මකව සිදු වේ.

26. එමගින් සේ.අ. අරමුදලට මහා අලාභයක් ද, ඥතියාගේ සමාගමට විශාල ලාභයක්ද ඇති කරයි.

27. කම්කරුවාගේ අරමුදල හීන වෙද්දී ඥතියාගේ සමාගම බිලියන 12 ක් ඉක්මවන පෙර නොවූ විරූ අසීමිත මහා ධනස්කන්ධයක් හිමිකර ගනී.

මෙයයි අපේ කම්කරු සේවක අර්ථ සාධක අරමුදලට ඊනියා යහපාලනය නමින් අත්කර දුන් ඉරණම. මෙය සිදු කිරීම සඳහා බැඳුම්කර නිකුත් කිරීමේ දී වසර 20 කටත් වැඩි කාලයක් මුළුල්ලේ ශ‍්‍රී ලංකා මහ බැංකුව අනුගමනය කළ ක‍්‍රියා පිළිවෙත අගමැතිවරයා විසින් ලබා දුන් විශේෂ උපදේශයක් යටතේ නව බැංකු අධිපති වෙනස් කරයි. එසේ ක‍්‍රමවේදය වෙනස් කිරීම හේතුවෙන් රජයටත්, මහ බැංකුවටත්, රටේ ආර්ථිකයටත් දැරිය නොහැකි අවාසි සහගත තත්වයක් උදා වෙයි.

අගමැතිවරයාගේ උපදේශය ක්‍රියාත්මක කිරීම යටතේ පුද්ගලික ප්‍රාථමික වෙළෙඳුන් විසින් ඉල්ලුම් කරන මිල ගණන් වලට ප්‍රකාශිත ඉල්ලුමද ඉක්මවා බැඳුම්කර මිලදී ගනී. එසේ උපදේශයක් දුන් බව අගමැතිවරයාත් බැංකු අධිපතිවරයාත් යන දෙදෙනාම පිළිගෙන ඇත. පෙර දී මෙන් සේ.අ. සාධක අරමුදල බැඳුම්කර ගණුදෙනුවලට තරඟකාරී ලෙස මැදිහත් වීමෙන් සුක්ෂම ලෙසින් ඉවත්වන තැනට කටයුතු යෙදේ. වෙනත් ප්‍රධාන ඉල්ලුම්කරුවන් වශයෙන් සිටි රාජ්‍ය බැංකු 3 ද ඉල්ලූම් කිරීමෙන් අනිසි බලපෑම් තුළින් වළක්වයි. ඥති පුත්‍ර​යාගේ සමාගම බැඳුම්කර වැඩිම ප්‍ර​මාණයක් අඩුම මිලකට මිලදී ගනී. පසුව එසේ මිලදී ගන්නා බැඳුම්කර වැඩි ගණනකට ද්විතීය වෙළඳපොලේ ගණුදෙණුවක් හැටියට සේවක අර්ථසාධක අරමුදලට විකුණයි. කම්කරු ජනතාවගේ මුදල් මෙසේ මහා පිල්ලි ගැසීමකට භාජනය වූ වග ඉතිහාසයට එක්වෙයි.

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    0

    Mr. Tennekoon: I think you know the real figures and you are writing it. I heard, the initial deposits in EPF was about Rs 30,000 billion or some huge figure. How ever every govt targeted it. I think to date, they did not arrest any of the cheaters at the top and who should do that ? Are they continuing to do some more damage ? ..
    When the EPF was this rich why did the govt has to go through a private primary dealer even leaving the banks behind. EPF is there to invest their money. Why, a private dealer is needed here. I think, they were looking for election money for some time. So, needed to do that in order keep Sirikotha floating. Maithripala sirisena doe snot have worry about this as his brother says, he gave one Crore to his brother for election. So, remember, MY3 has to earn that money his term as the president.

  • 0
    0

    They bankrupted even the Peoples bank more than once. The question is even when there is convincing evidence, why MY3 is still protecting eggs on his chair and is doing nothing. does he wants to stay the five years and leave saying nothing happened.

  • 0
    0

    What is the solution to the fact that Ranil wickramsinghe is a shameless individual. Even after exposing it he continues to talk like a saint instead of stepping down.

  • 0
    0

    I herd, Bond Scam Ranil is either expecting or has instructed the commiittee would leave some space to escape and exist as the PM. On the other hand, MY3 has asked bond Scam Ranil because of you I also get blamed people starting ridicule and blame me, so step down. It is the same with UNP back benchers. they want him to step down. He accuses them it is bureaucracy that caused the problem. He also has a problem of asking arjum Mahendran to leave because they have family relations. Some how , Hilary also has talked to Arjun Mahendran probably PM knows that too. MY3 is feeling sympathetic to Ranil and probably wants bond Scam Ranil to question why he became part of this. Anyway, Ranil’s scandles and getting knocked outs are not over.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.