17 December, 2017

Blog

කසල ප‍්‍රශ්නයට විසඳුම සම්මන්ත්‍ර​ණයද?

රුසිරිපාල තෙන්නකෝන්

රුසිරිපාල තෙන්නකෝන්

මේ රටේ පැවති බරපතල ඛේදවාචකයක් වූයේ කසල වවාගෙන කෑමේ වසල ප‍්‍රතිපත්තියයි. ටෙන්ඩර් දීමේදීල කසල ප‍්‍රවාහනය කිරීමේදී සහ ඒවා කසල රැුස්කරන ස්ථානවලට බෑමේදී බඩගෝස්තරවාදීන් මුදල් උපයා ගැනීමේ මාර්ග ලෙසට ඒවා යොදා ගැනීම කසල ප‍්‍රශ්නය උග‍්‍රවීමට තවත් හේතුවක් විය. කළමනාකරණය සඳහා විවිධ යෝජනා ව්‍යාපාරික සැලසුම් ඉදිරිපත් වූ නොයෙකුත් අවස්ථාවලදී දේශපාලන බලවතුන් ජරාව කෑමේ පිළිවෙතට මුල් තැන දෙමින් ඒවා ක‍්‍රියාත්මක කිරීමට බාධා කිරීමද සිදුවී ඇත. මේ සියලු දෙනා සඳහා වෙන්වී පවතින අවීචි මහා නරකාදියේ දොරවල් වලින් ඔවුන් නිසැකව ඇතුල්වන බව ජනතාව දන්නා නමුත් ඔවුන්ගේ අධම ක‍්‍රියා තුලින් මිහිපිටම අපායක ගත කිරීමට ජනතාවට සිදුවීම අභාග්‍යයකි.

රට පුරා ඉහල පෙළේ සම්මන්ත්‍ර​ණ පැවැත්වීමෙන් කසල උවදුරට පිළියෙමක් යෙදිය හැකිද? දැඩි කොන්දේසි හරහා කසල දමන්නන් ඇල්ලීම එයට විසඳුමක්ද? පන්ති පවත්වා ජනතාව දැනුවත් කිරීමෙන් එයට විසඳුමක් ලැබේද? කසල පාලනය යන්න මේ එකකින්වත් ආවරණය නොවන විෂයයක් බව පැහැදැලිවම පෙන්වා දිය යුතුව ඇත.

නගරයේ කුණු කසල එකතුකර කොතැනක හෝ කුණු කන්දක් ගොඩගැසීම අපේ රටේ කසල පාලනයේ හරය හැටියට පාලකයින් තේරුම්ගෙන ඇති බවක් පෙනේ. ජාතියක් හැටියට අපි මුහුණ දෙමින් සිටින දවසින් දවස වැඩිවෙමින් පවතින ව්‍යසන හා උවදුරු වලට වගකිව යුත්තේ කිසිම සැලැස්මක් තබා සැලැස්මක සේයාවක්වත් නොමැතිව එසේ නන්දොඩවන, බණ කියන දේශපාලකයින්ම බව සඳහන් කළ යුතුය. මීතොටමුල්ල විපත ඉතිහාසයේ යටගියාවට එක්වූවක් වී ඇත. ගෙන්වන ලද ජපන් විශේෂඥයින් සොයා ගන්නටවත් නැත. ඔවුන්ව හදිසියේ කැඳවාගත් දේශපාලකයින් දැන් කට හොල්ලන්නේද නැත. කැඩුණු ගෙවල්, යටවුන මිනිස් ජීවිත, සොච්චම් වන්දි මුදලකට සමාන කර ඇත. එම පරිසරයේ අදටත් ජීවත්වන මනුෂ්‍ය වර්ගයා මිහිපිට අපාය දකිමින් තවමත් කල් ගෙවති. කුණු කන්ද කඩා වැටීමෙන් වැසීගිය අපද්‍රව්‍ය බැස යන ජල මාර්ගය උතුරා යමින් අවට ගෙවල් තුලටද ගලා ඒමත්, පණුවන්, මදුරු කීටයන් ඇස්වලට පෙන පෙනී වැඩෙමින් තිබීමත් ඕනෑම කෙනකුට දැකගත හැකි දසුනකි.

සම්මන්ත්‍ර​ණ පැවැත්වීම හොඳය. එහෙත් එය බණ දේශනාවන්ට සීමාවුනු සැසි වාරයක් පමණක් නම් එයින් වැඩක් වන්නේ නැත. සම්මන්ත්‍ර​ණ අවශ්‍ය වන්නේ කිසියම් යෝජනාවක් දියත් කිරීම මුල්කරගත් අරමුණකින් විය යුතුය. මන්ත්‍රීන්ගේ සහ ඇමතිවරුන්ගේ නොහැකියාව ගැන අමුතුවෙන් කියන්නට කිසිම දෙයක් නැත. එය කුඩා ළමයෙක් පවා දැන් දනිනි. ඔවුන්ව හොඳින් හඳුනති. කුණු සම්මන්ත්‍ර​ණවලට සහභාගී වන ඔවුන් ඒ තැන්වල කථාකළේ මොනවා ගැනදැයි පසුව වත් සිතන්නට පෙළඹේද යන්න සැක සහිතය. එමනිසා නොදන්නා විෂයයන් ගැන බහුබූත දේශපාලන සම්මන්ත්‍ර​ණ පැවැත්වීමට වඩා විෂය ගැන දැනුමක් සහිත විද්වතුන් සමූහයකට මෙම ප‍්‍රශ්නය භරදී දින දෙක තුනක හෝ වැඩමුළුවක් එක දිගටම පවත්වා තිරසාර පවත්නා විසඳුමක් ලැබෙන යෝජනාවලියක් ලබා ගැනීම වඩා කාලෝචිත පියවරක් වනු ඇත. එම යෝජනාවලිය අදියර කීපයකින් දියත් කිරීමට හැකිය. ක්ෂණික ගැටළුවට විසදුමල මධ්‍යම කාලීනව දිය හැකි විසඳුම්ල සහ දීර්ඝකාලීනව මුළුරට පුරාම ක‍්‍රියාත්මක කළ හැකි යෝජනා යනුවෙන් එය සකස් විය යුතුය.

සැලසුම් සහගත උපයෝගී කරගැනීම් තුලින් අපද්‍රව්‍ය සම්පතක් වශයෙන් සලකා කටයුතු කෙරෙන වෙනත් රටවල පවතින ක‍්‍රම දෙස බලමින් සුදුසු පරිද්දෙන් දැනුවත් වීමද දේශපාලකයින්ගේ වගකීමකි. ඔවුන්ගේ සීමිත දැනුම, ආත්මීය විෂයබද්ධ සංකල්පයන් යනාදිය එබඳු අධ්‍යයනයක් සඳහා බලවත් බාධකයක් වශයෙන් පැවතුනද අඩුම ගණනේ දරුණු ලෙස එල්ල වෙමින් පවතින මහජන විරෝධතා මත හෝ පදනම් වී ඒ දෙසට සාධනීය ලෙසින් නැඹුරු වීම දේශපාලකයින් විසින් කළ යුතුය. රටේ ඉතා දරුණු ලෙස පැතිර යමින් පවතින ඩෙංගු උවදුර නිසි පාලනයක් නොමැතිකම නිසා ඉවහවා ගොස් ඇති බව පිළිගත යුතුය. එය ජනතාවටම ෙදාස් පවරා නිහඬ විය හැකි තරමේ උවදුරක් නොවන බව වගකිවයුත්තන් තේරුම්ගත යුතුය. මහජනතාවගේ නොසැලිකිලිමත්කමද එයට හේතුවක් බවට විවාදයක් නැත. එහෙත් එය එම කාරණයට පමණක් සීමා වූ ප‍්‍රශ්නයක් හැටියට කිසිසේත්ම සැලකිය නොහැක. ප‍්‍රබල වසංගත තත්ත්වයකට පත්වී වැඩිවෙමින් පවතින සෞඛ්‍ය තත්ත්වයක් දෙස විවිධ පැතිවලින් බලමින් වහ වහා ක්ෂණික විසඳුම් පිළියම් ලබාදීම මුළුමනින්ම රජයේ වගකීමක් වේ. මොනයම් හෝ හේතුවක් නිසාවත් එය මඟහැරිය නොහැකි කාරණයකි. රෝහල්වල ප‍්‍රමාණවත් ඉඩකඩ නොමැතිකම සහ අවශ්‍ය ප‍්‍රතිකාර අප‍්‍රමාදව ලබාදීම සඳහා වහ වහා ක‍්‍රියාත්මක වීම රජය පිටම පැවරෙන කාර්යභාරයකි. ඉඩකඩ මදිකම හේතුවෙන් බලවත් අපහසුතාවයට පත්වෙන එමනිසාම ජීවිත අහිමි වීමේ තර්ජනයට මුහුණ දී සිටින රෝගී ජනතාව වෙනුවෙන් එකද විශේෂිත පහසුකම් සහිත අතිරේක වැඩපිළිවෙලක් මේ දක්වා සෞඛ්‍ය අමාත්‍යංශය කි‍්‍රයාත්මක කර නොමැති. ඒ වෙනුවට තව කලක් ගතවන අත්හදාබැලීම් පිළිබඳව මෙබඳු අවස්ථාවක සෞඛ්‍ය ඇමතිවරයා කථා කිරීම විහිළුවකි. මුලාවකි. ශාඛ භක්ෂණ කීටයන් වර්ධනය සඳහා මදුරුවන් ආනයනය කොට ඔවුන් බෙදාහැර ඔවුන් ලවා බිත්තර දම්මාගෙන ඩෙංගු කීටයන් වඳ කිරීම සිහිනයක් නොවිය හැකි බව අමාරුවෙන් පිළිගත හැකි වුවද ඒ සඳහා ගතවන කාලය අද උද්ගත වී ඇති භයානක තත්වයට ගැළපෙන හදිසි විසඳුමක් නොවන බවද පිළිගැනීමට අපව සිදුවේ. අමැතිවරයාගේ ප‍්‍රකාශයෙන් ගම්‍ය වන්නේ අලංකාරෝක්තිය මුල් කරගෙන කෙරෙන දෙඩවීමකට වඩා ගතයුත්තක් එබඳු ප‍්‍රකාශයක අන්තර්ගත නොවන බවය. පවතින ආපදාමය උවදුර පිළිබඳ වහා අවධානය යොමුවිය යුතු කාරණා දෙස පළමුව බැලීම වෙනුවට ගැලරිය පිනවීමට ප‍්‍රකාශ කිරීම ඉතාමත් කණගාටුදායකය. අසියාවේ ඉන්දියාවේ එබඳු උවදුරක් පැවතීම අපට සැනසීමට හේතුවක් නොවේ. ආපදාවේ බලපෑම අවම කිරීම සඳහා ක්ෂණිකව ගත හැකි සහ ගතයුතු පියවර ගැන කථා කිරීමට කට දිව සීමාකර ගැනීමෙන් ගහෙන් වැටුණු මිනිසාට ගොනා ඇනීම වැනි දෙයක් සිදුවීම වළකා ගත හැක.

කුණු කසල පිළිබඳ ජාතික ප‍්‍රතිපත්තියක් නොමැතිකම මුළු රටම ඉතා දරුණු ලෙස අපහසුතාවයට පත්කර ඇත. මීතොටමුල්ලට කුණු ගෙනයාම නිසා මෙම උවදුර ඇතිවුන බව කියන්නට මෙම රජයට කිසිම අයිතියක් නැත. එසේ නම් කරදියානට හෝ මුතුරාජවෙලට කුණු ගෙනායමද එවැනිම ක‍්‍රියාවකි. ප‍්‍රශ්නය උද්ගත වී තිබෙන්නේ වෙනත් දිසාවකින්ය. තාවකාලික පියවරක් හැටියට හෝ පැලැස්තර ඇලවීමක් හැටියට හෝ කරගෙන යමින් තිබූ මීතොටමුල්ලට කුණු ගෙනයාම මෙම රජය විසින්ද අවුරුදු දෙකක්ම සිදුකර ඇත. කුණු කන්ද කඩා වැටෙන තෙක්ම ගොඩ විශාල වූයේ පසුගිය අවුරුදු දෙක තුලය. එය කාගේ වරදක්ද? එයට සම්පූර්ණ වැරදිකරුවන් වන්නේ ජනතා ප‍්‍රශ්න ගැන අවබෝධයක් නොමැති අනුවණ නියෝජිත පිරිස් වටකරගෙන සිටින දේශපාලූවන්ය. නියෝජිතයෝ සැබෑ ජනතා හිතවාදීන් නම් තමන් නියෝජනය කරන කොට්ඨාශවල සිදුවිය හැකිල උද්ගතවිය හැකිල දකින්නට තිබෙනල අනතුරුදායක තත්ත්වයන්ට මැදිහත්වී විසඳුම් ලබා ගැනීම රජයට බලකල යුතුය. අනිත් පැත්තෙන් මෙගා පොලිස් වරාය නගරල සත්මහල් ප‍්‍රසාද සදහා අද්භූත කල්පිත රාම රාජ්‍ය සංකල්ප යෝජනා කරන නායකයින් මහ පොළොවට බැස ජනතා ප‍්‍රශ්න නිවැරදි ලෙස තේරුම් ගැනීමට උත්සාහ දැරිය යුතුය. මේ දෙකොටසම හරිහැටි රටේ ප‍්‍රශ්න හා උද්ගත විය හැකි ඉදිරි උවදුරු ගැන අවධානය යොමුකර තිබුණේ නම් කුණු/කසල ප‍්‍රතිපත්තියක් පිළිබඳව කථා කිරීමට මීතොටමුල්ල කුණු කන්දට යටවී සිය ගණනක් ජීවිත අහිමිකර ගන්නා තෙක් සිටිය යුතු නැත. එමනිසා වැදි බණ, දෝෂාරෝපණ වෙනුවට ප‍්‍රශ්නයට කෙලින්ම අවතිර්ණ වීම වඩා නුවණට හුරුය. නුදුරු නොබෝ දිනයකදීම පැන නැගිය හැකි කසල විරෝධය, සයිටම් විරෝධය මෙන් පොලිස් බලයෙන් නතරකළ හැක්කක් නොවනු ඇත.

දැන් අපි කුණු කසල පිළිබඳව වැදගත් ලෙසින් යමක් කථා කරමු. කසල කළමනාකරණය යනු යමක් කසල බවට පත්වුණු මොහොතේ සිට අවසානයේදී එය නිසි ආකාරයෙන් බැහැර කිරීම හෝ ව්‍යාහරණය කිරීම දක්වා වූ කසල පාලනය කිරීමේ ක‍්‍රියාවලියේ සියලුම ක‍්‍රියාකාරකම් සහ ක‍්‍රියාමාර්ගයන් ඇතුලත් වන විෂයයකි. කසල රැුස්කිරීම, ප‍්‍රවාහනය හා මෙහෙයුම් යටතේ ඒවා අවසාන වශයෙන් බැහැර කිරීම එයට ඇතුලත් වේ. ඒ සමගම කසල කළමනාකරණය සම්බන්ධයෙන් වූ නීති සහ රෙගුලාසි ද ඒ පිළිබඳ මඟපෙන්වීම් හා ප‍්‍රතිචක‍්‍රීකරණ ක‍්‍රියාද එයට අයත් වේ. කසල යනු විශාල පුළුල් ක්ෂේත‍්‍රයක් ආවරණය වන නාම පදයකි. අමුද්‍රව්‍ය උපදවා ගැනීමේදී ද ඒවා නිමි භාණ්ඩ වශයෙන් නිෂ්පාදනය කර ගැනීමේදී ද නේවාසික, ආයතනික හෝ වාණිජ්‍ය්‍ය වශයෙන් සිදුවන මිනිස් ක‍්‍රියාකාරකම් හා පරිභෝජනය හේතුවෙන්ද, කෘෂිකාර්මික කටයුතුවලින්ද, සෞඛ්‍ය හා නිවාස වලින් බැහැර කෙරෙන හානිදායක අපද්‍රව්‍ය මගින්ද කසල රැුස්වේ. මෙසේ එක්රැුස්වන කසල සෞඛ්‍යයට, පරිසරයට හා සෞන්දර්යට ඇතිකරන අයහපත් බලපෑම අවමකර ගැනීම කසල කළමනාකරණය වන්නේය.

කසල කළමනාකරණයේදී වැදගත් ලෙසින් සැලකෙන කරුණු 3ක් හඳුනාගෙන ඇත. අවම කිරීම, යළි පාවිච්චියට ගැනීම සහ ප‍්‍රතිචක‍්‍රීකරණය යන එම කරුණු මුල්කර ගනිමින් කසල අවමකර ගැනීම සඳහා සකස් වූ විවිධ උපක‍්‍රම හා ක‍්‍රමවේද කසල කළමනාකරණය තුළින් හඳුන්වා දිය හැක. කසල කළමනාකරණයේදී යොදා ගන්නා උපක‍්‍රම හා ක‍්‍රමවේද වලදී ප‍්‍රමුඛ ස්ථානක් ගන්නේ කසල ඇතිකිරීම අවම කිරීම සඳහා පාදක කරගන්නා ප‍්‍රතිපත්තිමය පිළිවෙත්ය. නැවත භාවිතය, ප‍්‍රතිචක‍්‍රීකරණය ඊළඟට වැදගත් වන කාරණාවය. අපද්‍රව්‍ය අතරින් ප‍්‍රතිචක‍්‍රීකරණ ක‍්‍රියා තුළින් නැවත ප‍්‍රයෝජනයට ගත හැකි ද්‍රව්‍ය තෝරා ගැනීම සහ කසල – බලශක්තිය බවට හැරවීමද එයට ඇතුලත් වේ. කසල මහ පොළොව මත පිරවීම හා දහණය කිරීම තුළින් බලශක්තිය බවට පරිවර්තනය කිරීමේ පිළිවෙත් අද ලෝකයේ බහුලව සිදු කෙරේ. බලශක්තිය බවට හරවා නොගෙනම භූමි පිරවීම හා දහන මඟින් බැහැර කිරීමද තවත් පියවරකි.

ඉතිහාසය අනුව මානව වර්ගයාගේ වර්ධනයේ විවිධ අවස්ථා අනුව කසල බැහැර කිරීම් හා කළමනාකරණ පිළිවෙත් වෙනස් වෙමින් පැවතී ඇත. වත්මන් සමාජයීය තත්වයන් අනුව කසල වශයෙන් බැහැර කරනු ලබන අපද්‍රව්‍ය ප‍්‍රමාණය අතිශයින් විශාල වී ඇති බැවින් ඒවා සම්බන්ධයෙන් කටයුතු කිරීමේ විවිධ නව ක‍්‍රමවේද සකසා ගැනීමට සිදුවී ඇත.

කසල එකතු කිරීම සංකීර්ණ ක‍්‍රියාවක් බවට පත්වී තිබේ. ගෙවල් වලින් බැහැර කරන අපද්‍රව්‍ය මෙන්ම ප‍්‍රසිද්ධ ස්ථානල කුඩා නිෂ්පාදනාගාර වැනි ප‍්‍රභවයන්ගෙන් නිකුත් කෙරෙන කසල බහැර කිරීම් නාගරික ප‍්‍රදේශවල පළාත් පාලන ආයතන මගින් සිදුකෙරේ. ඉතා දුර බැහැර ගම්බද පළාත්වල තවමත් කසල එකතු කිරීමේ කටයුතු සිදු නොවේ. කසල එකතු කිරීමේ කාර්යය ඉතා පරිස්සමින් සැලකිල්ලට භාජනය කොට රාජ්‍ය මැදිහත්වීම සහිතව සකස් කෙරෙන පිළිවෙත්වලට අනුකුලව සිදුකළ යුතු ක‍්‍රියාවකි. ඒවා එක්රැුස් කිරීම සඳහා යොදාගනු ලබන වාහනවල තිබිය යුතු අවම ප‍්‍රමිතිය සහ රැුස්කරන අවස්ථාවේදීම කසල එක්තරා තත්වයකට ප‍්‍රමාණාත්මකව අඩුකර ගැනීම සිදුකළ හැකිය. මේ සඳහා නිසි අයුරින් වර්ගීකරණය කරන ලද කසල වෙන් වෙන් වයෙන් ප‍්‍රවාහනය කිරීමේ සැලැස්මක් තිබිය යුතුය. ඒ සඳහා අවශ්‍ය වාහන සපයා ගැනීම මන්ත‍්‍රීවරුන්ට අතිරේක වාහන සපයාදෙන ක‍්‍රමවේදයට වඩා ප‍්‍රමුඛත්වයකින් සලකා බැලිය යුතුය.

කසල කලමනාකරණය යටතට ගැනෙන රෙගුලාසි, නීති සහ බදු පිළිවෙත් පිළිබඳව විශේෂ අවධානයක් යොමුවිය යුතුය. එක්රැුස් කෙරෙන කසල වර්ගයට ප‍්‍රතිචක‍්‍රීකරණය කළ හැකි ද්‍රව්‍ය මෙන්ම කොම්පෝස් කිරීමට හැකි ද්‍රව්‍ය ඇතුලත් නොකිරීමට මෙම නිති හා රෙගුලාසි උපයෝගී කරගත හැක. වාණිජ්‍යය වශයෙන් බැහැර කෙරෙන කසල හා අපද්‍රව්‍ය වෙනුවෙන් වෙනම නීති රීති සකස් විය යුතු අතර එ් වා සඳහා විශේෂ බදු ක‍්‍රමද හඳුන්වා දිය යුතුය. ඉන්දියාව වැනි අතිවිශාල ජනගහණයක් සිටින රටක පවා ‘‘කසල නාස්ති නොකරනු’’ යනුවෙන් (waste not the waste) සඳහන් නාම පුවරු පවා ප‍්‍රදර්ශනය කෙරෙන බව අප දැක ඇත. එමඟින් කසල චක‍්‍රීකරණයේ වාසිදායකත්වය පිළිබඳ දැනුවත්කමක් ඇති කෙරේ.

විදුලිය හා වෙනත් බලශක්ති නිපදවීම සඳහා කසල උපයෝගී කර ගැනීම අතිවිශාල ලෙසින් සෑම රටකම පාහේ සිදුවන ක‍්‍රියාවලියකි. කසල දහණය තුළින් ලැබෙන උෂ්ණය – වාෂ්ප බවටත් – විදුලි බලය බවටත් හැරවීමට කසල කළමනාකරණය තුළින් අවස්ථාව සැලසේ.

කසල මඟින් බැහැර කෙරෙන අපද්‍රව්‍ය තුල අන්තර්ගත ලෝහ වර්ග, වීදුරු හා වෙනත් ද්‍රව්‍ය ප‍්‍රතිචක‍්‍රීකරණ ක‍්‍රියාවලියට භාජනය කිරීමේ විශාල කර්මාන්ත හා ව්‍යාපාර පවතින බව අප දන්නා කරුණකි. මේ සියල්ල ප‍්‍රායෝගික වශයෙන් ක‍්‍රියාවට නැඟිය හැකි එහෙත් එසේ කිරීමට කිසිවෙක් නැති නිසා නොකෙරී පවතින දේවල්ය.

එනිසා කසල යනු අනාගතයේදී පාවිච්චියට ගත නොහැකි ද්‍රව්‍යයක් ලෙසින් සැලකීමේ සංකල්පය වෙනස් විය යුතුය. ප‍්‍රතිපත්ති හා පිළිවෙත් නිසි පරිදි අනුගමනය කිරීමෙන් කසල සම්පතක් බවට පරිවර්තනය කරගත හැකිය. ක‍්‍රමානුකූල, තාර්කික හා ස්ථාවර කසල කළමනාකරණ වැඩපිළිවෙලක් තුළින් විපුල ඵල ප‍්‍රයෝජන රැුසක් හා ප‍්‍රයෝජනවත් අවස්ථා ගණනාවක් උදාකරගත හැකිය.

ආර්ථික වශයෙන් –
සමාජීය වශයෙන් –
පාරිසරකික වශයෙන් –

විවිධ ඵල ප‍්‍රයෝජන රැුසක්ද, පරම්රපා කීපයක් අතරතුර පවත්වාගෙන යා හැකි, යහපත් පරිසරයක් සඳහා වූ ප‍්‍රබල සමාජයීය කැපවීමක් ද මනා කසල කළමනාකරණ වැඩපිළිවෙලක් තුලින් ඇතිකළ හැකිය.

කයිවාරු – අපවාද කිරීම් – වාචාල දෙඩවීම් – හසරක් හෝ තේරුමක් නැති ප‍්‍රකාශන වෙනුවට මුළු ලෝකයේ හැම රටකම තිබෙන එහෙත් අපගේ දේශපාලකයින්ගේ තරම නිසා තවමත් අපට අහිමිව පවතින කසල කළමනාකරණ පිළිවෙතක් ඉක්මනින්ම දියත් කිරීමට සමාජමය බලපෑමක් ඇති කිරීම යුගයේ ප‍්‍රබල අවශ්‍යතවයක් වී ඇත.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 300 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically shut off on articles after 10 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.