26 April, 2024

Blog

මහාචාර්ය සෞම්‍ය ලියනගේ තනතුරින් ඇද දැම්මේ ඇයි?

සරත් චන්ද්‍රජීව

මහාචාර්ය සෞම්‍ය ලියනගේ සම්බන්ධව ගනු ලැබූ තීරණය ප්‍රශ්න කිරීම්, අභ්‍යන්තර හා රාජ්‍ය විගණන පරීක්ෂණ වලටත් ලක්වෙමින් කෝප් කමිටුවේදීත් සංවාදයට ලක්වූ සිද්ධි දාමයක් වූයේ ඔහුගේ කෞශල්‍ය, ද්වීභාෂික හැකියාව, විශ්වවිද්‍යාලය තුළ කැපවීමෙන් හා වේගවත්ව වැඩ කිරීමට ඊර්ෂ්‍යා කළ අය විසින් ඔහුට එරෙහිව කරුණු නිර්මාණය කරමින් දිගින් දිගටම විගණන අංශ සහ කෝප් කමිටුවට පෙත්සම් ගැසීම නිසාය.

මහාචාර්ය සෞම්‍ය ලියනගේ

මෙම කාරණය 2018 මාර්තු මස 22 දින ‘කෝප්’  කමිටුවේදී ප්‍රශ්න කෙරුණි. විශ්වවිද්‍යාලයේ පාර්ශවයෙන් වී ඇති ප්‍රමාද දෝශ, විෂමතා හා කරුණු හරිහැටි හැදෑරීමකින් තොරව සිදුකරන ලද තාක්ෂණික දෝෂ සහිත ලිපි නිකුත් කිරීම පිළිබඳව කරුණු පැහැදිලි කරන ලදි. එමෙන්ම 2007 පෙබරවාරි 02 දින ආධුනික කථිකාචාර්ය පත්වීම් ලබා තිබෙන සෞම්‍ය ලියනගේ මහතා සිය දර්ශනසූරී උපාධි නිබන්ධය ඔස්ටේ්‍රලියාවේ ලා ට්‍රෝබ් විශ්වවිද්‍යාලයට 2014 සැප්තැම්බර් 30 දින භාරදී තිබෙන හෙයින් අවුරුදු 08 ක පරිවාස කාලයට පෙර, එනම් අවුරුදු 07 මාස 07 දින 28 තුළ එය භාර දී ඇති බවට කරුණු දැක්වීමෙන් පසු එකී ප්‍රශ්නය කෝප් කමිටුව තුළ සමතයකට පත් විය.

විශ්වවිද්‍යාලයේ පුරප්පාඩුව තිබූ අනුමත තනතුරක් වූ නියෝජ්‍ය උපකුලපති තනතුරට සුදුස්සන් කැඳවීමෙන් පසුව අයදුම්කරුවන් වූ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර හා මහාචාර්ය සෞම්‍ය ලියනගේ යන දෙදෙනාගේ විශ්වවිද්‍යාලයේ ඉදිරි සංවර්ධනය පිළිබඳ ඔවුන් විසින් ඉදිරිපත් කරන ලද දෘශ්‍ය පිළිගැන්වීම් හා සම්මුඛ පරීක්ෂණයේ ඉහළ තත්වය සලකා බැලූ පාලක සභාව විසින් මහාචාර්ය සෞම්‍ය ලියනගේ තෝරාගෙන ඔහුගේ නාම යෝජනා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සම්මුතිය සඳහා ඉදිරිපත් කරන ලදි.

මේ අතර සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ සංගීත පීඨයේ පිහිටුවාගෙන ඇති “ඊනියා” වෘත්තීයවේදීන්ගේ සංවිධානය උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් වෙත 2019.07.19 ‘සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති සම්බන්ධවයි’ යන හිසින් ලිපියක් ලියමින් ‘මෙම තනතුර ස්ථාපිත කිරීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හදිසි විය යුතු නොවන අතර මේ අවස්ථාවේදී ඊට අනුමැතිය හිමි නොවිය යුතු බව අපගේ අදහසයි ’ යනුවෙන් සඳහන් කොට යවන ලද ලිපියකට උපකුලපතිවරයාගේ නීරීක්ෂණ වාර්තාවක් අමාත්‍යාංශයේ ලේකම් වෙනුවට එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ සංවර්ධන දේශිනී තිලකරත්න විසින් 2019.08.16 වන දින ඉල්ලා සිටින ලදි. ඊට පිළිතුරු වශයෙන් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට නියෝජ්‍ය උපකුලපතිවරයෙකුගේ කාර්යභාරයේ අවශ්‍යතාවය පැහැදිළි කරමින් උපකුලපතිවරයා විසින් පාලක සභාවද දැනුවත් කරමින් වාර්තාවක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් 2019.09.04 දින අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කළද එයට කිසිදු ප්‍රතිචාරයක් නොමැතිව, ඉල්ලා සිටින ලද තනතුරට කොමිෂන් සභාවේ සම්මුතිය නොලැබ නිහඬ වීමකින් එය යටපත් කෙරිනි. මේ අතරතුර මහාචාර්ය සෞම්‍ය ලියනගේට එරෙහිව විවිධ චෝදනා නිර්මාණය කරමින් පෙත්සම් යැවීම නොකඩවා සිදු විය.

2020 මෑතකදී සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට උපකුලපතිවරයෙකු පත් කිරීම පිණිස අයදුම්පත් කැඳවුනු ලැබූ අතර ඒ සඳහා මහාචාර්ය සෞම්‍ය ලියනගේ ද අයදුම් පතක් ඉදිරිපත් කර තිබුණි. නැවතත් ඔහුගේ ජ්‍යෙෂ්ඨත්වයට පත්වීම සම්බන්ධයෙන් මීට අවුරුදු 05 ට පෙර එනම් මහාචාර්ය ආරියරත්න කළුආරච්චි උපකුලපතිව සිටියදී හා දැනට සිටින ලේඛකාධිකාරී බී.එම්.දයාවංශ ඇතුළු පාලක සභාව ගන්නා ලද තීන්දුව අසෝභනව කරලියට ගෙන ඔහු දරමින් සිටි සියළු තනතුරුවලින් ඉවත් කොට තාවකාලික කථිකාචාර්ය තනතුරට නින්දා සහගතව පත්කර තිබේ.

තනතුරකින් ඉවත් කිරීමේ තීරණයක් ගැනීමට පෙර පාලක සභාවෙන් පිටස්තර පරීක්ෂකවරයෙකු පත්කර මූලික පරීක්ෂණයක් පැවැත්විය යුතුය. නමුත් එසේ සිදුවී නැත. ඒ වෙනුවට සිදුව ඇත්තේ පාලක සභාවේ සාමාජිකයන් අතරින් කිහිප දෙනෙකුගේ කමිටුවක් පත්කොට නැවත පාලක සභාවෙන්ම තනතුර අහෝසි කිරීමට තීරණ ගැනීමයි. මෙය විනිවිද භාවයෙන් තොර ‘ලබැඳියාවන් අතර ගැටුමකට හේතුවන’ අසම්පූර්ණ තත්වයකි. එමෙන්ම මේ සඳහා විධිමත් පරීක්ෂණයක්ද සිදුකොට නැත. කෙනෙකු සිය තනතුරින් ඉවත් කිරීමට පෙර විධිමත් පරීක්ෂණයක් පැවැත්වීම අනිවාර්ය පරිපාලන කාර්යයකි. මෙකී කාරණය පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුව හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් මත විමසීමට පෙර ඉහතින් සඳහන් පරිපාලන ක්‍රියාමාර්ග ගෙන තිබූ බවට කිසිදු සාක්ෂියක් නොමැත. නීතිපති දෙපාර්තමේන්තුව හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ලේකම් විසින් 2020.03.04 දිනැතිව නිසිබලධාරී සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය වෙත, ‘මහාචාර්ය සෞම්‍ය ලියනගේ මහතාගේ පත්වීම් දිනය වෙනස් කොට සේවයෙහි තහවුරු කිරීම සහ පත්වීම් ලබාදීම සම්බන්ධව’ යන හිසින් එවා ඇති ලිපියෙන් පෙන්වා දී ඇත්තේ විශ්වවිද්‍යාල ‘පාලක සභාව විසින් මෙය නිවැරදි කිරීමට කටයුතු කළයුතු බවයි’.

නීතිපති දෙපාර්තමේන්තුව විසින් එවා ඇති 2020.07.22 දිනැතිව නෛතික උපදෙස් ලබා ගැනීම (මහාචාර්ය එස්.පී.ඩී. ලියනගේ මහතා) කථිකාචාර්ය තනතුරේ ස්ථීර කිරීම යන හිසින් යුත් ලිපියෙන් දක්වා ඇත්තේ විශ්වවිද්‍යාල පනතේ 3(4) සහ 15(ix) ප්‍රකාරව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් තීරණ එවා ඇති බැවින් ‘නීති උපදෙස් ලබාදීම අවශ්‍ය නොවන බවයි.’ එකී ආයතන දෙකම මහාචාර්ය සෞම්‍ය ලියනගේ සියළු තනතුරු වලින් ඉවත් කිරීමට මත පල කර නොමැත. එහිදී පාලක සභාව දෙකට බෙදී ඇති අතර වැඩි චන්ද දෙකකින් මේ නීති හා සදාචාර විරෝධී තීන්දුව ගෙන තිබේ.

සෞම්‍ය ලියනගේ මහතාගේ ආධුනික පරිවාස කාලය අවසන් වීමට පෙර ඔහු විසින් භාරදී තිබූ නිබන්ධය පරීක්ෂා කර බලා ප්‍රතිඵල සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට ලා ට්‍රෝබ් විශ්වවිද්‍යාලය විසින් එවීම ප්‍රමාදවීම හේතුකොටගෙන ඔහුව තාවකාලික තනතුරකට පත්කළ අවස්ථාවේ පශ්චාද් උපාධි පීඨාධිපතිවරයා ලෙස මවිසින් මාගේ විරෝධතාවය එකළ (2015) පාලක සභාව තුළ ප්‍රකාශකර තිබේ. මගේ මතකය අනුව එය වාර්තා ගතවී ඇත. ප්‍රමාද වූ කාලයක් ඉදිරියට ගෙන යමින් පත්වීම් දිනය වෙනස් කිරීමේ හැකියාවක් අපට නොමැති බවද මත පලකර ඇත්තෙමි. එහෙත් එකළ එයට අවධානයක් යොමු නොකොට එකී තීරණ ගන්නා ලදි. විශ්වවිද්‍යාලය විසින් වැටුප් සහිත නිවාඩු ලබා දී ආචාර්යවරයෙකුට සුදුසුකම් සපුරා ගැනීමට ඉඩදීම විශ්වවිද්‍යාලයේ තත්වය ඉහළ ගෙනයාම සඳහා කරනු ලබන ආයෝජනයකි. වසර 03/04 ක් පුරා විදේශ විශ්වවිද්‍යාලයක වෙහෙස මහන්සි වී පර්යේෂණයක නියැලී අත්පත් කරගන්නා දර්ශනසූරී උපාධියක් මාස 06/07 ක කාලපරිච්ඡේදයක් හෝ තාක්ෂණික වැරදීමකට හිලව් කොට ලඝු කිරීම ඛේදවාචකයකි.

* සෞම්‍ය ලියනගේ මහතා ආධුනික කථිකාචාර්ය තනතුරට බඳවාගෙන ඇත්තේ කැළණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී සාමාන්‍ය පෙළ උපාධිය (1994/1998) හා ඔස්ටේ්‍රලියාවේ ෆ්ලින්ඩර්ස් විශ්වවිද්‍යාලයේ දෑඅවුරුදු නිර්මාණ කලා ශාස්ත්‍රපති (2001/2003) පිළිබඳ පශ්චාද් උපාධිය ද සලකා බලමින් 02.02 වැනි දින ය.

* සෞම්‍ය ලියනගේ මහතා සිය දර්ශනසූරී උපාධියට අදාළ පර්යේෂණ නිබන්ධය ඔස්ටේ්‍රලියාවේ ලා ට්‍රෝබ් විශ්වවිද්‍යාලයට භාර දී සිය පශ්චාද් උපාධි පර්යේෂණ අවසන් කර ඇත්තේ 09.30 දිනය.

* කථිකාචාර්යවරයෙකුගේ සේවය ස්ථීර කිරීම හෝ/හා ඊළග ජ්‍යෙෂ්ඨ ශ්‍රේණියට උසස් කිරීම සඳහා මෙරට විශ්වවිද්‍යාල සලකා බලන සම්ප්‍රදාය වන්නේ සිය දර්ශනපති හෝ දර්ශනසූරී අවසන් නිබන්ධය අදාළ කථිකාචාර්යවරයා විසින් සිය පර්යේෂණ සඳහා ලියාපදිංචි වී ඇති විශ්වවිද්‍යාලයට භාර දුන් දිනය උපාධිය සඳහා වලංගු දිනය ලෙසයි.

ඉහත සාධක මහාචාර්ය ලියනගේ සම්බන්ධයෙන් මකා දැමීම, හිතාමතා අමතක කිරීම හෝ නොසලකා හැර තිබෙන අතර මෙහි ඇති නිවැරදි නීතිමය තත්වය 2015 උපකුලපතිවරයාව සිටි මහාචාර්ය ආරියරත්න කළුආරච්චිට සහ වර්තමාන නිසිබලධරයා වන ශ්‍රී ජයවර්ධන විශ්වවිද්‍යාලයේ කළමණාකරණ පීඨයේ සම්මානිත මහාචාර්ය ඩබ්.එම්.ඒ.බණ්ඩාරට 2020 දී පෙන්වා නොදීම සම්බන්ධයෙන් හා සිදුවී ඇති සියලු තාක්ෂණික දෝෂ සිදුවන අවස්ථාවේ විශ්වවිද්‍යාලීය ඉහළ පරිපාලන නිළධාරියා වන ලේඛකාධිකාරීවරයා (බී.එම්.දයාවංශ මහතා) එකී ස්ථාන නියෝජනය කර ඇති බැවින් වැරුද්දේ වගකීම ඔහු වෙත පැවරේ.

*සරත් චන්ද්‍රජීව (ජ්‍යෙෂ්ඨ මහාචාර්ය), හිටපු උපකුලපති, සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය

(2020 ඔක්තෝබර් 03 වන දින ‘කලම්බො ටෙලිග්‍රාෆ් ’ හි පලකරන ලද Why Was Professor Saumya Liyanage Removed? ලිපියෙහි සිංහල පරිවර්තනය.)

Print Friendly, PDF & Email

Latest comment

  • 0
    0

    This is totally a brutal professional political trick exicuted by academically, professionally reputationally bankrupt people. One fact related to them who baselessly accused and tried to prove guilty of nowhere of Dr Saumya Liyanage, they have no acceptance in the society, academic field and even among the students nor in the field of arts. Who are sometimes not even good enough to be in to school teaching but got a luck by chance to work at the University V.P.A just because of personal favourations of their predeceasing lecturers.
    Dr. Soumya Liyanage deserves the VC post of the University that these useless people prevented him being so. Dr. Soumya and only very few other faculty members including Prof. Sarath Chandrajeewa brought the true meaning to the country of what this university is established for.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.