24 April, 2024

Blog

ජනාධිපතිවරයාගේ වැරදි ආදර්ශය

ෂාමිනී සේරසිංහ

ෂාමිනී සේරසිංහ

ෂාමිනී සේරසිංහ

බහු-ආගමික සමාජයක කිසි නායකයෙකු ලෝකෙට පරකාසෙන් තමන්ගේ ආගම ඇදහිය යුතු නැත.

මේ රටේ ජනාධිපතිවරයා සෑම ජන කොටසකගේම නියෝජිතයෙකි: බෞද්ධයන්, හින්දූන්, මුස්ලිම්වරුන් සහ කිතුණුවන් ඊට අයත් ය. එබැවින් එවැනි ජනාධිපතිවරයෙකු, තමාගේම ආගමට වුවත්, වැඩි කිට්ටුකමක් ප‍්‍රසිද්ධියේ නොපෑ යුතුය. ආගම වෙනුවෙන් සිය ගරුසර භාවය ප‍්‍රදර්ශනය කළ යුතුව ඇතැ යි ඔහු විශ්වාස කරන්නේ නම්, එය අනිත් ආගම් සමග ද බෙදාහදා ගත යුතුව තිබේ. මන්ද යත්, ඔහු බෞද්ධයන්ගේ පමණක් නොව, රටේ සියලූ ජනතාවගේ නායකයා වන බැවිනි.

එසේ හෙයින්, ඔබ බෝ ගසකට වඳිනු දැකීම, එය මෙරටේ බෞද්ධයන් බහුතරයකගේ වන්දනීය ගසක් වුව ද, බෞද්ධයෙකු වන මගේ හිත තදින් පාරවයි.

තවද, බෝ ගසකට වැඳීම මගින් ඔබ කරන්නේ විවෘතවම බුදුන් වහන්සේගේ ධර්මයට නිගා දීමයි. ද්‍රව්‍යයන්ට වන්දනාමාන කිරීම උන්වහන්සේ හෙළාදුටු සේක.

Maithri Sri Maha bodhi 1මෙවැනි දේවල්, කිසිවෙකුට හානියක් ගෙන නොදෙන අහිංසක සංස්කෘතික ක‍්‍රියාකාරකම් යැයි බොහෝ දෙනා කිව හැකිය. එසේ වතුදු, එවැනි ක‍්‍රියාකාරකම් බුද්ධාගම සමග ඈඳී ඇති බව අපි දනිමු. ඔබ බහු-ආගමික ජාතියක නායකයා වන බැවින්, වෙනත් ආගම් සමග නැති එවැනි එක ආගමක සංස්කෘතික ක‍්‍රියාකාරකම් සමග වැඩි නෑකමක් ප‍්‍රසිද්ධියේ පෑම සුදුසු නැත.

අපේ ආගමික විශ්වාසයන් වූ කලී අපගේ පෞද්ගලික කටයුත්තක් වශයෙන් සළකන බොහෝ දෙනෙක් අප අතර සිටිති. ඒවා ප‍්‍රසිද්ධියේ ප‍්‍රදර්ශනය කිරීම ශෝභන දෙයක් වශයෙන් ඔවුහූ නොසළකති. අවාසනාවකට, රටේ ජනතාව විසින් තෝරාගනු ලැබූ ජනාධිපතිවරයා වශයෙන් සිටින ඔබ වැන්නෙකු එවැනි හැඟීමකට නායකත්වය නොදෙන්නේ නම්, එවැනි ‘සංස්කෘතියක්’ අපගේ වැනි බහු-ආගමික සහ බහු-සංස්කෘතික රටක මුල් අදින්නේ නැත.

එපමණක් නොවේ: ඔබ ප‍්‍රසිද්ධියේ වඳින මේ බෝ ගස බුද්ධාගමේ සංකේතයකි. ඒ මගින් ‘බොදුබල සේනාව’ වැනි උන්මත්තක සංවිධාන පතුරුවන හිංසාවෙන් පීඩාවට පත්ව සිටින මේ රටේ සුළු ජාතියේ මෑත කාලීන තුවාල ද පාරයි.

ඔබට පෙර මේ රට පාලනය කළ ජේ. ආර්. ජයවර්ධන, චන්ද්‍රිකා කුමාරණතුංග සහ ඔබේම වර්තමාන අගමැතිවරයා වන රනිල් වික‍්‍රමසිංහ වැන්නන්ගෙන් මේ පිළිබඳ ඉඟියක් ලබා ගැනීමට ප‍්‍රමාද වැඩි නැත. ආගම, ඊට නිසි ස්ථානයේ තබන්න. රාජ්‍ය පාලනය හැකි තාක් එයින් ඈත් කර ගන්න.

ඔබව බලයට පත් කිරීම සඳහා ඡන්දය පාවිච්චි කළ අපි, ඔබේ වටිනා කාලය ගස්වලට වන්දනාමාන කරනවාට වඩා අර්ථවත් දේවල් සඳහා වැය කරමින්, මේ රට වඩාත් යහපත් තැනකට ගෙන ඒමට කටයුතු කරනු දැකීමට ආශා කරමු.

*2015 ජනවාරි 27 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ The President’s Faux Pas  නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Print Friendly, PDF & Email

Latest comments

  • 33
    3

    I have been following Sharmini for a long time. I wonder where she has got knowledge on Buddhism. Please follow the correct Buddhism. Lord Buddha has preached once when asked whom to worship in his absence in Jethawanarama, one can worship Ananada Bodhi ( Bo tree). Remember by worshiping to Bo tree or a statue of Buddha, you are not worshiping a material instead you try to visualize the qualities of Buddha through imagination.
    Further what is wrong with President worshiping Bo tree? You have to understand, Sri Lanka is a country with a lot of Sinhalese Buddhists living. While respecting other ethnic groups and religions, we have to respect the majority’s sentiments. That is what exactly President Obama is doing openly accepting Bible, nothing wrong with that. That is why constitution of Sri Lanka has already given prominence to Buddhism. Sharmini, remember in the world there are so many groups, countries to protect other religions but not Buddhism. Shame on you Sharmini being a fake Buddhist.

  • 15
    1

    Ok, This is what I believe! I totally agree with the fact that president should make sure people from every ethnicity respects each other. But he too has to the right to worship what ever he believes in! Its like asking you to forget where who you are and where you are coming from, just because you became the president! Plus, he wont cause any harm in worshiping a bo tree

  • 5
    2

    Sharmini, I can see where you come from. Having living in Western world for many years, I can understand your style of thinking. Yes our president should not show his affinity to a particular religion in public if he has to become the president of ”everyone ”. No doubt about the validity of your argument. If he worships the Sri Maha Bodhi(it is not just a bo tree as it has a unique place in our history :sorry to highlight )he has to worship the other religious places like churches ,mosques and kovils as well. Easiest would be to refrain from all as you have suggested. Our leaders have to learn to go this extra mile to ensure true democracy and to win the confidence of all the citizens leaving aside differences. I believe you have boldly highlighted an important issue.

  • 2
    7

    True, Hon. President has the right to worship what ever as his belief. The issue is the publicity given for such activities. Such personal activities shall not be published.
    (I see the person behind the President worship the president but not the Sri Maha Bodhi.)

  • 3
    0

    My comment is no way challenging the writer who expressed an opinion well worth considering. We also need to respect the right of the president anyone to worship what ever he/she wants and believe in what ever the religion he/she wants. It is essential in a multicultural society that we are tolerant about the various beliefs people have.

    • 3
      6

      I believe the writer is right here.
      Presidents should not worship the way that any other lay man would do. They should be examples. But I also think that My3 did this just without thinking twice. From his latest public speech given by State TV explains a lot about his thinking how he would react against anyone go against law etc. That is a clear message. So we must not compare this with those of stupid former s and his activities that almost brought all tensess dividing even once peaceful nation. However MR’s ignnorance in such issues left a vacuum .. givng no chance to even discuss the issue further. LiKE the attacked exercised on Altuhagama or Beruwala hurting muslim communities.. were not focused by the press adequately.

  • 1
    3

    I do not say you are wrong. please think about the majority of the Srilankan’s way of thinking

  • 17
    0

    බුදුන් වහන්සේත් අනිමිසලෝචන පූජාව සතියක් පැවැත්තුවා.එයත් කාලය කා දැමීමක්ද ? බුදුදහම විකෘති කරන්ඩ එපා.එතුමා පල්ලි වලටත් යනවා.පන්සල් ගිහන් වඳින එක වැරදිද?

  • 2
    1

    What is the wrong worship trees? Don’t u know? if there are no trees we can not even breath. We know who the Sharmini Serasinghe is, she is against the Buddhism, This is the “Kallathoni Sinhala”.

  • 3
    2

    A bitch whose brain is washed by western dogs

  • 3
    2

    OMG this article! I’m not a practicing Buddhist, but even I cant understand the writer’s logic here! The president can worship anything he wants, and whatever he worships *does not* affect other religions!

    “එපමණක් නොවේ: ඔබ ප‍්‍රසිද්ධියේ වඳින මේ බෝ ගස බුද්ධාගමේ සංකේතයකි. ඒ මගින් ‘බොදුබල සේනාව’ වැනි උන්මත්තක සංවිධාන පතුරුවන හිංසාවෙන් පීඩාවට පත්ව සිටින මේ රටේ සුළු ජාතියේ මෑත කාලීන තුවාල ද පාරයි”

    What kind of nonsence is this?

  • 5
    0

    “… එවැනි ‘සංස්කෘතියක්’ අපගේ වැනි බහු-ආගමික සහ බහු-සංස්කෘතික රටක මුල් අදින්නේ නැත.” යනුවෙන් පවසන ඔබ කොතරම් බොළඳ දැයි ඔබටම නොවැටහීම අවාසනාවකි. මෙරට බොහෝ ආගම් ඇත. එහෙත් ඇත්තේ එක සංස්කෘතියකි. එනම් සිංහල බෞද්ධ සංස්කෘතියයි. බුදු දහම ගැන ඔබේ දැනුම ගැන කිසිත් නොකියමි. නමුත් ඒ ගැන අධිතක්සේරුවට නොඑන ලෙස පමණක් පවසමි. මක් නිසාද යත් ලංකා පොලවේ හැදී වැඩුණු පොඩි දරුවකුට වුව ඔබේ දැනුම අල්ප මාත්‍ර බව වැටහෙන නිසාය. ඔබේ නොදැනුම “ලිවීම” තුලින් ප්‍රදර්ශනය කිරීම ඔබටම පාරාවළල්ලක් ව පැමිණිය හැකිය.

  • 4
    0

    අප තථාගතයානන් වහන්සේ වදාළ පරිදි වන්දනාවට සුදුසුවූ චෛත්‍ය තුනකි. ත්‍රිවිධ චෛත්‍ය ලෙස හදුන්වන මේවානම් ශාරීරික චෛත්‍ය, පාරිභෝගික චෛත්‍ය , උද්දේශික චෛත්‍ය වේ.

    බුද්ධාදී ආර්යයන් වහන්සේලා උදෙසා කරන සොහොන් කොත් පිළිරූ සිහිවටන චේතිය නාමයෙන් හදුන්වනු ලැබේ . තථාගතයන් වහන්සේ උදෙසා චෛත්‍ය පිහිටවීම කරන්නේ උන් වහන්සේගේ නියෝගයක් නිසා නොවන අතර, උත්තම පුද්ගලයන් හට තැන තැන දී ගරු කිරීමට කරන මේ වැඩ පිළිවෙල හෙවත් ඒ ශිෂ්ඨ චාරිත්‍රය තථාගතයන් වහන්සේ විසින් ප්‍රතික්ෂේප කරන ලද්දක් නොව උන් වහන්සේ විසින් පිළිගන්නා ලද්දකි . [Edited out]

  • 8
    0

    මොනාද මේ කියවන්නේ බව්ද්දයන්ව බෝගසට වදින්න හුරු කලේ බුදු දහම දැන් නැති දේවල් නොකිය බුදු දහම විකුර්ති කරන් නැතුව ඉන්න. තුන්තරා බෝදින්ගෙන් එකක් බෝගස පාරිබෝගික චෛත්‍ය , මොනම ආගමක් ගැනවත් හරියට නොදැන කතා කරන්න එපා ලොකු ප්‍රශ්න ඇතිවෙන මාතෘකාවක්

  • 4
    0

    ෂාමිනී සේරසිංහ මහත්මිය ගැන මට නම් හරිම දුකයි!

  • 4
    0

    සහෝදරයිනේ මෙ බලන්න.මෙහෙම [Edited out] ගැහැණු අද රටේ ජාතික,සමාජ වීරවරියන් කලේ කවුද??.එයට ළිප උඩ බුදියන් සිටින ඔබද මමද වගකිව යුතුය.

    මැය කියන ලේස මේ බෞද්ධ රටේ ජනාධිපතිතුමෙකු ජය ශ්‍රී මහ බෝධියට වැදීමද වරදකි.අප එසේ කරනුයේ එය අපෙ සOස්කෘතියක් සහ කළ ගුණ සැළකීමක් ලෙසටය.එත් මේකි කියන විදියට එක තහනම්.
    ඔබම සිතා බලන්න අප රටේ ආගමික සමගිය ඇති කල හැක්කේ සිOහල බෞද්ධ පදනම යටතේද නැතිනම් මෙවනි තම ආගමට නොබියව ගරහන මෙවැනි මන්ද බුද්ධිකයන්ගේ මෙවැනි ප්‍රකාශ තුලින්ද යන වග.
    අයෙත් කියනවා
    “සිංහල බෞද්ධ හෙවණක මේ රටේ හැම ජාතියකම රැකවරණය සහතිකයි”

    එත් මෙවැනි [Edited out] නොමනා ප්‍රකාශ හමුවේ ද ඔබේ ලේ කකියන්නේ නැතිනම් වහාම ඔබේ පරම්පරාව ගැන සොයන්න මිතුරනේ.අනිවාරෙන්ම ගැටලුවක් ඇති…!!!!!!!!!!!!

  • 0
    0

    me [Edited out] dannawada owa gena,mun hithan inne kos,del gas walata wadinawa kiyala,loke genawath hari heti denumai nethi mun kohomada baudda darshane gena danne,[Edited out]

  • 0
    0

    Charmini ,oya kiyanney athi garu janathipathi yhumata ohuge agama atha ar srwagamika wenna kiyalada.ANE PAWU OYATA MATHAKA NA OYA INNE Sinhala bUDDIST RATAKA KIYALA.Mama aurudu 49 uk wala inna kennek oya danna wada aratheth maha jathiyati garu karanney kiyala.Maha jathiya ingrisi Christian ,eyala apita thanak dennane.ai mhema antha wadiwa katha karanney oya mona NGO akatada wada karanney ,oyath chandrikala wagema doller kakkekda.

  • 3
    0

    මේ ගැනි දන්න ලබ්බක් නැ. තව ටික දවසකින් කියයි බුදු හාමුදුරුවෝ දැන් නෑ, වදින්නත් එපා`කියලා.

  • 0
    0

    ශ්‍රි ලංකාවේ බුදුදහම මිහිඳු මහා රහතන්වහන්සේ හඳුන්වා දුන් දහමය. බුදුන් වහන්සේ ලංකාවට තුන් වරක් වැඩිය බව මහාවංශයේ මෙන්ම යක්‍ෂ ගෝත්‍රිකයන්ගේ කෘතියක් වන වර්ගපූර්ණිකාවෙහිද සඳහන්ය. එසේ නම් මිහිඳු මහා රහතන්වහන්සේ බුදුදහම මෙරටට හඳුන්වා දීමට පෙර ලංකාවේ බෞද්ධයන් සිටියේ යයි මධ්‍යස්ථ මනසකින් බලන අයට තර්ක කල හැක විශ්වාස කලහැක. ඉහත කරැනු නිසාදෝ ත්‍රි පිටකය පමනක් නොව බුදුන් වහන්සේ ලංකාවට වැඩිය බව සහ මිහිඳු මහා රහතන්වහන්සේගේ සිට පැවත එන මහා විහාරයේ අටුවා වල සටහන් සහ ඉගැන්වීම් ථෙරවාද බුදුදහමේ හරය ලෙස සිංහල බෞද්ධයන්ගේ පිළිගනිති. මා ඉතිහාසඥයෙක් නොවන නමුත් ඉහත කරැනු මෙහි සඳහන් කලේ මේ ලිපිය ලියූ කළු සුදු කොලොම්බියන් නෝනාට සිංහල බෞද්ධයන්ගේ සංස්කෘතිය කෙතරම් අෑත කාල පරාසයක සිට විකාශණය වන්නේ දැයි දැනුම් දීම සදහායි. බෝධි වන්දනාව එම සිංහල බෞද්ධ සංස්කෘතියේම කොටසකි.

    ශ්‍රි මහා බෝධිය යනු කවරේදැයි හෝ බෝධි වන්දනාව කරන්නේ අැයි දැයි හෝ සිංහල බෞද්ධ සංස්කෘතිය ගැන හෝ අටුවා වල කියා අැත්තේ කුමක් දැයි හෝ කිසිවක් නොදැන බෝධි වන්දනාව කරන ජනපතිට ගරහන මේ ගැහැනිය බෞද්ධ වෙස් ගත් මිසදිටුවියක් මිස අනෙකියක් නොවේ. මීට වඩා යමක් මෙහි ලා සඳහන් කිරීම මගේ කාලය කා දැමීමකි.

  • 1
    1

    Shamini I think you are not a buddhist..You may be a fake buddhist..Sri Lanka is a buddhist cultured country..Still 74% of this country are Sinhala buddhists..Maithripala Sirisena is not a fake buddhist..He is a real buddhust man..Actually you must be shame on you beiing a buddhist thinking like this way..Sri Lanka is not a multi cultured country..Its a buddhist cultured country..What His Excellency President Mauthripala Sirisen has done exactly correct..Shame on you..Fake buddhist

  • 2
    0

    [Edited out] බෞද්දයන්ගේ මුදුන් මල්කඩ බදු ශ්‍රී මහා බෝදියට වදින්න එක [Edited out] බලන බැරි උනාට අපිට කරන්න දෙයක් නැ.[Edited out]

  • 1
    1

    ශාමිණි දැන් තේරෙනව නේද අපේ රට මොන තරම් ගෝත්‍රික මානසිකත්වයකට අඩන ගිහිල්ලද කියල.මම එංගලන්තේ ජීවත් වෙන්නේ.මම කවදාවත් දැකල නෑ මෙහෙ සුද්දෝ උන්ගේ ජාතිය ගැන පාරම් බානවා.මුන්ට ඕනෙනම් කියන්න පුළුවන්නේ ලෝකෙන්ම ඉන්න ශ්‍රේෂ්ට ජාතිය උන් කියල. ලෝකෙම යටත් කරගෙන උන්ගේ මුළු භාෂාවම ලෝකේ මුල් තැනට ගෙනල්ල උන්ට එහෙම කියන්න හේතු තියෙනව .
    අපිට මොනවද තියෙන්නේ. අපි හැමදාම කරන්නේ වන්ශේ කබල් ගැන එක. ආගම කියන්නේ යම් කෙනෙකුගේ පුද්ගලික විශ්වාසයක්.මමත් බෞද්ධයෙක් .නමුත් මම කිසිම තැනක දැකල නැහැ බුදුන් වහන්සේ තම ධර්මය ඉස්මතු කර අන් ආගමිකයන් පහත කිරීමට උත්සහ කල අවස්ථා.
    උන්වහන්සේ ඉතා නිර්මල දහමක් සියලු සත වෙත පතල මෙත් සිතින් වදහල සේක (සිංහල බෞද්ධයන්ට පමනක නොවේ)
    මෙම ධර්මය ඉදිරියට දම අප පෙන්වන්නේ අපගේ ගෝත්‍රික මානසිකත්වයයි.වෙන කිසිවකුට ඔවුන්ගේ අයිතිවාසිකම් නොදී,අපගේ විශ්වාස ඔවුන්ගේ හිස මත දමා අප මහා ලොක්කන් සේ උජාරුවෙන් පෙනී සිටීමට කැමති ලිඳේ ඉන්න ගෙම්බන්ගේ මානසිකත්වයකි.අවාසනාවකට මෙහි අදහස් පල කර ඇති බොහෝ දෙනෙක් ලෝකය දැකල නැති සෙයක් දැක ගත හැක.

    • 2
      0

      You may be right.
      Then why the govts keep make full moon days as public holidays ? I am against to that because not only buddist but also other religious adherents live in that country. On the other hand, productivity of the country per day could bring more to developing naton.

    • 0
      0

      Prasad, ඔබ කොච්චර කල් එංගලන්තෙ සිටිනවා දැයි මා දන්නේ නැහැ. මම නම් එංගලන්තෙට ගියේ හැටේ දසකයේ මැද. එතකොට මට වයස 18යි. එ් කාලෙ එහෙ විදේශිකයන් වැඩිය හිටියෙ නැහැ. මම එහෙ ඉගන ගත්ත ඉගැන්නුවා වෙනත් රක්ෂාවල් කලා බිස්නස් කලා බැන්ද ලමයි හැදුව. දසක දෙක තුනකට පස්සෙ අාපහු ලංකාවට අැවිල්ල මෙහෙ සතුටින් ජිවත් වෙනව. දැන් මගෙ මුනුඹුරාල එහෙත් ඉන්නවා මෙහෙත් ඉන්නවා.

      එ් කාලෙ මම දැකල තියනවා “NO CATS NO DOG & NO BLACKS” කියල හැම ෂොප් වින්ඩෝ එකකම දැන්වීම් දමල තියනවා. එ්කෙ ප්‍රතිපලත් මම හොඳට අත්විඳල තියනවා. එ් කාලෙදී මැනෙජ්මන්ට් ජොබ්ස් කල්ලන්ට ගන්න අමාරුයි. මම කියන කාලෙදි රේස් රිලේෂන් අැක්ට් කියල එකක් එංගලන්තෙ තිබුනෙ නැහැ. මට මක හැටියට 60 දසකයේ අන්තිමට තමයි රේස් රිලේෂන් අැක්ට් එක ගෙනාවෙ. එදා ඉඳල අර මම කලින් කිව්ව අැඩි දමන්න සහ අාගම පාට ජාතිය නිසා කෙනෙක්ව වෙන් කරන්න කොන් කරන්න නිතියෙන් තහනම්. රේස් රිලේෂන් අැක්ට් එකෙන් පස්සෙ බිරිතානියෙ එලි පිට වර්ගවාදය නැහැ. නමුත් වර්ගවාදය බිරිතානියෙ නැහැ කියල කවුරු හරි කියනව නම් එ්ක බොරුවක්. හුඟාත් ඉංග්‍රිසින් හිතාගන ඉන්නෙ එ් ගොල්ල උසස් කියල. මගේ අවුරුදු පහේ මුනුඹුරා උපන් දවසෙ ඉඳලම එයාගෙ නැනි පෝලිෂ්. එයා ලඟදි ඉඳල ඉස්කොලෙ යනව. අවුරුදු පහේ ලමය කියනවා එයා කැමති පොලිෂ් සුද්දන්ට විතරලු. නමුත් මම කියන්නෙ නැහැ හැම සුද්ද සුද්දිම රේසිස්ට් කියල.

      ලංකාවෙ රේස් රිලේෂන් අැක්ට් එකක් කවදාවත් තිබුනෙ නැහැ. නමුත් අර වගේ අැඩ් කවුරුවත් දානව ඔබ දැකල නැහැ නේද? එ් අැයි කියල නිකමටවත් හිිතුවද?

  • 1
    0

    බුදුන් වහන්සේ තමන් වෙනුවට වන්දනා කල හැකි දේවල් තුනක් කියල තියනවා .
    1. ශාරීරික
    2. පාරිබෝගික
    3. උද්දේශික
    බෝධිය ඉහල ඒවාට අයත්

    ඔහු තම ආගම නිවෙරදිව පිළිපදින අතර අනිත් ආගම් වලට නිගා නොකරයි
    ” කිසි නායකයෙකු ලෝකෙට පරකාසෙන් තමන්ගේ ආගම ඇදහිය යුතු නැත.”
    යන්න සත්‍යයි . ඔහු අදරශයෙන්ම පන්සිල් රැක ඔහු ලෝකෙට පරකාසේ නොවන බව පෙන්වා ඇත .

    මුස්ලිම් රටක ව්‍යවස්ථාව මුස්ලිම්. අනිත් ආගම වලට ඉඩක් නැත. ලංකාවේ ව්‍යවස්ථාව බවුද්ද . අනිත් ආගම් වලට නිදහස ඇත .

    ඔබ උපතින් බව්ද්ද වෙන්න පුළුවන්. නමුත් ක්‍රියාවෙනුත් එසේම විය යුතුයි

  • 0
    0

    Dear Samuel, do you the government has given four Sundays to the Christians to go to church but just one poya to the Buddhists. there was a time in Sri Lanka the official weekends was on four poya days of the month and then the church protest against.

    • 0
      0

      Countries such as Germany, Switzerland and several other states in Europe hold sundays as commecial holidays. Most supermarkets not open on public in Germany on sudays. These countries are christian dominated ones but nonoe of these states have fixed day as public holidays for each month. I think where buddhists are not dominated ( I am also a buddhist btw), other communities should have the right not to have the day full off for their activities. Besides today, with cost of living getting higher, holding public holidays should be restricted.

  • 1
    0

    බටහිර සංස්කෘතියට අනුව හැදුනු මේ අයට ආසියානු මිනිස්සුන්ගේ සංස්කෘතිය තේරුම් ගත නොහැකිය. ඉංග්‍රිසියෙන් ලිවීමට ඉගෙන ගත් පමණින් තමා පවසන සියල්ල සත්‍යයයි සිතීම මුලාවකි. ඉන්දියාවට ඔබාමා පැමිණිවිට ඉන්දියාව ඔහුට බෝපැලයක් ලබා දුන්නේ ඉන්දියාවේ අනන්‍යතාව පෙන්වීමටයි. මැය ඉන්දියාව පිළිබද ලියුවේ නම් එය ඉතා නොහොබිනා වැඩක් ලෙස කියනු ඇත. බහුතර හින්දුන් පිළිබද නොසලකා බෝපැලයක් සිටවිම පිළිබදවයි. ඔනෑම රටක ජනතාවට සංස්කෘතියක් තිබේ පාලකයන් යනුද එම සංස්කෘතියේම කොටසකි. සංස්කෘතියට අනුගත නොවූ අබබ්බ අදහස් ඇති මැය වැනි අයද ඇතැම් සමාජවල ජීවත්වේ. ඔබාමාට නත්තල් දවසට නත්තල් පාටියකට ගොස් තමන් කිතුනෙුවෙකු බව ප්‍රසිද්ධියේ කිමට හැකිය එහේත ලංකාවේ ජනාධිපතිට තමා බෞද්ධයෙකු බව කීමට නොහැකිය.

  • 0
    0

    This woman does not understand Sri Lanka is a majority Buddhist nation – I don’t think she should be taken seriously

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.