17 January, 2021

Blog

නව ලිබරල්වාදය සහ නූතනත්වයේ ඉරණම

සිරි හෙට්ටිගේ

මහාචාර්ය සිරි හෙට්ටිගේ

මහාචාර්ය සිරි හෙට්ටිගේ

දේශපාලනික වශයෙන් බළමුළු ගන්වන ලද කම්කරු පංතියක් විසින් පාලක ධනපති පංතිය පෙරලා දමා සමාජවාදී සමාජයක් ස්ථාපිත කරන තෙක්, බටහිර කාර්මික ධනවාදයට ආවේණික පරස්පරයන්හි අවසානක් ඇති කරගත හැකි වෙතැ යි කාල් මාක්ස් පෙර-දුටුවේ නැත.

එහෙත් ධනපති ක‍්‍රමය ගැන ඊට වඩා මධ්‍යස්ථ විවේචකයෝ, ප‍්‍රාග්ධනයේ හිමිකරුවන් සහ කම්කරු පංතිය අතර දිනෙන් දින පුළුල් වන පරතරය පියවාගෙන, ප‍්‍රචණ්ඩ සමාජවාදී විප්ලවයක් මගහැර යාමට ඇති හැකියාව දැක්කෝය. සමාජ-ප‍්‍රජාතන්ත‍්‍රවාදි පාලන ක‍්‍රමයන් යටතේ බටහිර යුරෝපයේ ගොඩනැගුණු සුභසාධන රාජ්‍යයන් තුළ එවැනි විභවයක් තිබුණි. ඔවුන්ගේ උපාය මාර්ගය වුණේ, සමාජ ප‍්‍රතිසංස්කරණ, ප‍්‍රගාමී බදු සහ සමාජ ආයෝජනයන් වර්ධනය කිරීම් හරහා, ජාතික රාජ්‍ය රාමුවක වෙසෙන විවිධ ජන කොටස් අතර පවතින වෙනස්කම් අතික‍්‍රමණය කරමින්, තිරස් සහ සිරස් සමාජ සහයෝගීතාව ප‍්‍රවර්ධනය කෙරෙන පුළුල් සමාජ පුරවැසි භාවයක් නිර්මාණය කිරීමයි. ප‍්‍රගාමී බදු ක‍්‍රමයක් මගින් (වැඩියෙන් හරිහම්බ කරන්නන්ගෙන් වැඩියෙන් බදු අයකර ගැනීම) මගින් ඇති-නැති පරතරය අවම කරගෙන, පොදු ජනතාවගේ ජීවන තත්වයන් සහ රැුකියා තත්වයන් වර්ධනය කර ගැනීමක් අපේක්ෂා කෙරුණු අතර, ලෞකික අධ්‍යාපනය, සැමට සමාන අවස්ථා සැපයීම සහ සමාජ, ආර්ථික සහ දේශපාලනික අයිතීන්ට අදාළ ක්ෂේත‍්‍ර තුළ කෙරෙන මැදිහත්කාරක ක‍්‍රියාවන් හරහා, ආගම භාෂාව ජාතිය සහ ලිංග භේදය වැනි සමාජයීය සහ සංස්කෘතික බෙදීම්වලට යටත් විවිධ ජන කණ්ඩායම් ව්‍යුවහාත්මකව අනුකලනය කර ගැනීමට (සමාජය තුළට එක්කාසු කර ගැනීමට) අපේක්ෂා කෙරුණි.

ඉතිං, විවිධ සමාජ කොටස්වල අවශ්‍යතා නියෝජනය කරන රාජ්‍යය, සමාජ ගැටළු සහ ප‍්‍රශ්න විසඳාලීමට මැදිහත් වුණේ, පවතින සාක්ෂි මත පදනම් වන, සාධාරණ සහ අපක්ෂපාතී මහජන ප‍්‍රතිපත්තීන් උපයෝගී කර ගනිමිනි. ඒ මාර්ගයෙන්, මිනිසුන්ගේ සංස්කෘතිකමය අනන්‍යතා ඔවුන්ගේ පෞද්ගලික පරිමණ්ඩලයට සීමා කොට, සාමූහික අනන්‍යතාව මූලික වශයෙන් නිශ්චය කෙරෙන පුළුල් සමාජ පුරවැසි භාවයක් නිර්මාණය කර ගැනීම අරමුණු කෙරුණි. අනිත් පැත්තෙන්, ඉහළ බදු අයකිරීම් නිසා, අධ්‍යාපනය, සෞඛ්‍ය, සමාජ ආරක්ෂණය, ප‍්‍රවාහණය සහ ළමා රක්ෂණය වැනි මූලික මහජන සේවාවන් සාධාරණ ආකාරයකින් සැපයීමට රාජ්‍යයට හැකි වුණි.

යුරෝපයේ හටගත් නුතන සුභසාධන රාජ්‍යය මාදිලිය එහි විවිධ වූ ආකාරයන්ගෙන් සීමා වුණේ ලෝකයේ කුඩා කොටසකට පමණි. උතුරු සහ බටහිර යුරෝපය, කැනඩාව, ඔස්ටේ‍්‍රලියාව, ජපානය සහ නවසීලන්තය එම කොටසට අයත් විය. ලෝකයේ ඉතිරි හරියේ පිහිටි බොහෝ රටවල් වැඩිමනත් පැවතියේ අසංවර්ධිතවයි. එම රටවල්වල ජීවන සහ රැුකියා තත්වයන් උසස් තත්වයක නොවුණි. ඒ ප‍්‍රදේශවල පුරවැසියන් ද, තිරස් අතටත් සිරස් අතටත් සමාජයට අනුකලනය වුණේ අසාර්ථක අන්දමකිනි.

සංවර්ධිත ලෝකයේ සිදුවූ කාර්මීකරණය මගින් පුරවැසියන්ගෙන් අති බහුතරයකට ක‍්‍රමවත් රැුකියා නිර්මාණය කර දුනි. එම ක‍්‍රමවත් සේවා නියුක්තිය හේතුවෙන්, වැඩ කරන ජනතාවට අවම වැටුප්, විරැුකියා රක්ෂණ, විශ‍්‍රාම අයිතීන් ආදිය සපයාගත හැකි විය. පෞද්ගලික සහ සමාගම් බදු ඉහළ මට්ටමකින් පවත්වා ගැනීම හේතුවෙන්, සෞඛ්‍ය සහ අධ්‍යාපනය වැනි බොහෝ සේවාවන්, පංතිය, සමාජ පදනම හෝ වෘත්තීය පදනම නොසලකා සියල්ලන්ට සැපයීමට රාජ්‍යයට පිළිවන් විය. පංති විෂමතා සහ ආදායම් විෂමතා බොහෝ දුරට අඩු කෙරුණු අතර කම්කරු පංතියට පවා රැුකියා ආරක්ෂණය පිළිබඳ යම් හැඟීමක් ද, තමන් රාජ්‍යයට අයත් පුරවැසියන්ය යන හැඟීමක් ද ඇති කර ගැනීමට පිළිවන් විය. එවැනි තත්වයන් යටතේ, ආගම සහ ජාතිය වැනි කරුණු මත ගොඩනැගෙන පුද්ගල අනන්‍යතාවන් එකිනෙකාගේ පෞද්ගලික පරිවාරයන් තුළට පමණක් සීමා කෙරුණි. පුරවැසියන් වශයෙන් එම කරුණුවල අදාළත්වය එක්කෝ නැති කෙරුණි. නැත්නම් බාල කෙරුණි.

සංවර්ධනය වෙමින් පවතින ලෝකයේ තත්වය බොහෝ සෙයින් ඊට වෙනස් විය. ප‍්‍රමාණවත් පරිද්දෙන් කාර්මීකරණයක් නොවීම නිසා, මේ රටවල ජනයාට සිදුවුණේ ගැමි කෘෂිකර්මය, ධීවර කර්මාන්තය සහ ශිල්පීය ක්ෂේත‍්‍රයන්ට කොටු වීමටයි. එය ද බොහෝ කොට, ස්වයං-රැුකියා වශයෙනි. වැටුප් ලබන්නන්ගෙන් බොහොමයකට යෝග්‍ය රැුකියා තත්වයන් හෝ ජීවන තත්වයන් හිමි වුණේ නැත. බොහෝ නාගරික වැසියෝ අවිධිමත් රැුකියාවන්හි නිරත වෙමින් අසතුටුදායක නාගරික පරිසරවල ජීවත් වූහ. මෙය, සමස්තයක් වශයෙන් ගත් විට, සංවර්ධනය වෙමින් පැවති ලෝකයේ සමාජ-ආර්ථික සහ දේශපාලනික විවිධත්වය අවතක්සේරු කිරීමක් නොවේ. එහෙත් එම රටවල පැවති සමාජ-ආර්ථික තත්වයන් ඉහත කී සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෝකයේ පැවති තත්වයන්ට වඩා බෙහෙවින් වෙනස් ස්වරූපයක් ගත් බව කිව යුතුය. අසංවර්ධිත රටවල් ඉදිරියේ පැවති ප‍්‍රධාන අභියෝගය වුණේ, සාමාන්‍ය මිනිසාගේ සමස්ත ජීවන තත්වය නැංවෙන පරිදි, ඉහළ සංවර්ධන මට්ටමක් ඇති කර ගැනීමයි. මීට දශක කිහිපයකට කලින් නව-ලිබරල්වාදයෙන් මේ රටවලට ඉදිරිපත් කෙළේ ඒ සඳහා වන අපේක්ෂාවකි.

එහි දී, ගෝලීය ආර්ථිකය තුළට උරා ගැනීමට නම් ජාතික සීමාවන්, එක්කෝ ඉවත් කළ යුතු විය. නැත්නම් අවම කළ යුතු විය. අතීතයේ ඒ ඒ රටවල පැවති දෘෂ්ටිවාදීමය ආස්ථානයන් කවරක් වුවත්, මේ වන විට බොහෝ රටවල් එම කොන්දේසියට අනුගතව ඇත. එහි ප‍්‍රතිඵලය වුණේ, ගෝලීය ධනවාදයේ කොටසක් වූ රටවල් තුළ ඇති වූ යෝධ සමාජ විපර්යාසයයි.

නව-යටත්විජිතවාදය යටතේ ඇති කෙරුණු සමාජ විපර්යාසය, සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදය යටතේ යුරෝපීය සුභසාධන රාජ්‍යයන් තුළ ඇති කෙරුණු ධනපති සංවර්ධනයට සපුරා වෙනස් විය. නව-යටත්විජිතවාදී විපර්යාසය තුළ, පුරවැසියන්ව තිරස් අතටවත්, සිරස් අතටවත් සමාජමය වශයෙන් අන්තර්ග‍්‍රහණය කර ගැනුණේ නැත. එහි ප‍්‍රතිඵලය වුණේ, ජනතාවගෙන් විශාල බහුතරයක් රාජ්‍යයෙන් සහ ප‍්‍රධාන ආයතනික ව්‍යුහයෙන් පරාරෝපණය (පිටමං) වීමයි. ඉතිං ඔවුන් කරන්නේ, සම්ප‍්‍රදායික ආයතන වටේ ද, බල කේන්ද්‍රයන් වටේ ද කැරකෙමින් සිටීමයි. මෙය තරමක් පැහැදිළි කළ යුතුව තිබේ.

කවුරුත් දන්නා පරිදි, නව-ලිබරල්වාදී ආර්ථික ප‍්‍රතිසංස්කරණ තුළ, විදේශ ප‍්‍රාග්ධනය ඇද ගැනීමටත්, ඇද ගත් ප‍්‍රාග්ධනය රට තුළ නතර කර ගැනීමටත්, බදු සහන සැලසිය යුතු විය. ප‍්‍රාග්ධනය රටකට එන්නේ, ප‍්‍රාග්ධන හිමිකරුට වැඩිම ලාභයක් ලැබෙන්නේ නම් පමණි. ඒ තත්වය තුළ, ලාභයට සපයා ගත හැකි සහ ආරක්ෂණයක් රහිත ශ‍්‍රමය, ආයෝජකයා ඉදිරියේ විශාල ආකර්ෂණයක් වන්නේය. එවැනි කොන්දේසි සපුරන විට සිදුවන්නේ, එකී රටට ඉහත කී යුරෝපීය සුභසාධන රාජ්‍ය පද්ධතියේ පවතින රැුකියා තත්වයන් හෝ ජීවන තත්වයන් ස්වකීය ජනතාවට ලබා දීමට නොහැකි වීමයි. එසේම, සමාජ පංතීන් අතර පවතින ආර්ථික විෂමතා සාධාරණ සීමාවක් තුළ පවත්වා ගැනීමට නොහැකි වීමයි. වෙනත් වචනවලින් කිවහොත්, පුරවැසියන් අතරේ සාධාරණත්වය සහ සමාන අවස්ථාවන් පිළිබඳ යම් හැඟීමක් ජනිත කරවන, සිරස් සමාජ සහයෝගීතාවක් ඇති නොවන තරම් ය. අතලොස්සක් දෙනා ධන කුවේරයන් බවට පත්වන අතර රටේ බොහෝ දෙනාට ජීවත් වීමට සිදුවන්නේ, යැපුම් මට්ටමේ හෝ සමහර විට ඊටත් පහළිනි. අසමානත්වය, අසාධාරණත්වය, වෙන් කොට සැළකීම සහ අහිමි කරනු ලැබීම ආදිය ගැන නිසියාකාරයෙන් නියුක්ත වීමට රාජ්‍යය අසමත් වන විට සිදුවන්නේ, තරගකාරී ජන කොටස් අතරේ පවතින ගතානුගතික සහ ආදිකල්පික අනන්‍යතාවන් සඳහා දොරටු විවර වීමයි. පුළුල් පදනමකින් යුත් සමාජ පුරවැසි භාවයක් හරහා ගොඩනැගෙන සර්වව්‍යාපී ජාතික අනන්‍යතාවයක් නැති විට, සමාජ සහයෝගීතාවයේ සහ අවිධිමත් සමාජ පිහිටාධාරයේ වැදගත් පදනමක් බවට පත්වන්නේ, ආචීර්ණ කල්පික (ජාතිය, ගෝත‍්‍රය, ආගම වැනි) වෙනස්කම් ය. තරගකාරී සහ ඇතැම් විට ගැටුම්කාරී උප-ජාතික කල්ලිවලට පවා සමාජය භේදභින්න වීම එහි ප‍්‍රතිඵලයයි. ලෝකයේ පරිවාරයේ පවතින බොහෝ රටවල් තුළ අද පවතින සමාජ නොසන්සුන්තාවන් සහ ප‍්‍රචණ්ඩකාරී අභ්‍යන්තර ගැටුම් මගින් පෙන්වන්නේ ඒ තත්වයයි.

මේ ලිපියේ මෙතෙක් සාකච්ඡුා වූ කරුණුවලින් පෙන්නුම් කළ පරිදි, සංවර්ධනය වෙමින් පවතින බොහෝ රටවලට නව-ලිබරල්වාදී ආර්ථික ප‍්‍රතිසංස්කරණ හරහා ඉහළ ආර්ථික වර්ධන මට්ටමක් ලඟා කර ගැනීමට හැකි වී ඇති මුත්, ඒ ආර්ථික ව්‍යාප්තිය ගමන් කොට ඇත්තේ, දිනෙන් දින වැඩි වන සමාජ විෂමතාවන් ද සමගිනි. බහුතර ජනතාවක් සම්බන්ධයෙන් ගත් විට, අස්ථාවර සහ දිළිඳු රැුකියා තත්වයන් සහ පහත් ජීවන තත්වයන් සමගිනි. ඒ අතරේ, ජාතිය වැනි ආචීර්ණ කල්පික අනන්‍යතාවන් ද, ආගම වැනි සම්ප‍්‍රදායික ආයතන ද, විශාල ජනතාවක් කෙරෙහි පමණක් නොව, රාජ්‍යය කෙරෙහිමත් බෙහෙවින් බලපෑම් කිරීමට තරම්, බලසම්පන්න වී තිබේ. ඒ මගින්, වාර්ගික/ආගමික මූලධර්මවාදයේ හිස එසැවීමට කොන්දේසි නිර්මාණය වී තිබේ. කවුරුත් දන්නා පරිදි, අද වන විට, ශ‍්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල පමණක් නොව, සමස්ත ලෞකික ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෝකය තුළමත්, සමාජ දේශපාලනික ස්ථාවරත්වය තර්ජනයට ලක්කිරීමට තරම් ඒ මූලධර්මවාදයන් ඉදිරියට විත් තිබේ.

*2014 ඔක්තෝබර් 06 වැනි ‘ඬේලි මිරර්’ පුවත්පතේ පළවූ “Neo-Liberalism & The Fate Of Modernity” නැමැති ලිපියේ සිංහල පරිවර්තනය 
‘යහපාලනය ලංකා’ 

Print Friendly, PDF & Email

Latest comment

  • 0
    0

    Dear Prof. SH,

    Enlightening article. Viewed from the current definition of neo-liberalism, I see state intervention in almost all economic activities in Sri Lanka without participatory citizen and modernization of cities without participatory local government.

    Negative impacts of state intervention without participatory citizen are best seen in EU imposing a ban on export of fish from Sri Lanka. Modernized city space is expensive and has started dictating a superior culture over the city spaces that have neither the potential nor the capital.

    At a recent informal discussion on Port City project a young professional questioned the capacity of Sri Lanka with US $ 4,000/= per capita income to sustain a development model, which Singapore sustains with a per capita income of US $ 40,000/=. He ended up saying that for the poor enjoyment of modernized city space would be limited to sight seeing because the poor would be scared to open their “madissale” even to buy a cup of plain tea. That was a very strong point, which none of us had a reasonably strong counterpoint.

    How far are we from Gross Domestic Happiness in the face of neo-liberalism and modernism?

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.