26 April, 2024

Blog

ජාතිය ගොඩනගන නොරොච්චෝලේ ආකෘතිය

සෝමපාල ගුණධීර –

සෝමපාල ගුණධීර

සෝමපාල ගුණධීර

එජාප මන්ත්‍රී කණ්ඩායමක් විවාදයට භාජනය වී ඇති නොරොච්චෝලේ විදුලි බලාගාරය නැරඹීමට යන බව ඇසූ විට මගේ සිතට නැගුනේ ඔවුන් සිතා මතාම,  හම්බන්තොට සිද්ධිය වැනි හබයකට මුහුණ දෙන්නට යන බවකි. එහෙත් ඇත්ත වශයෙන් සිදුවූ දේ ඇසූ මට ඇති වූයේ එම සැකය දුරුවීමේ ප්‍රීතිය යි.

මාධ්‍ය වාර්තා අනුව, ආණ්ඩු පක්ෂයේ දේශපාලන නායකයින් පිරිසක්  එජාප මන්ත්‍රී කණ්ඩායමට මල් මලා පළඳ,වා වැළඳ ගෙන, පිළිගෙන ඇත. මෙම ප්‍රතිචාරය, බලයේ සිටින්නන්ගේ වරප්‍රසාද ලබන සුරතල් නිජබිමේදී, ඇම්බැට්ටයින්ගෙන් හා මැරයින්ගෙන් පමණක් නොව පිස්තෝල රැගත් සෙල්ලම් ලොක්කන්ගෙන් ලත් ගල් වරුසාවට සහ කුණු බිත්තර ප්‍රහාරයට හාත්පසින්ම වෙනස් ය.

එකම බල කණ්ඩායමකින් මෙසේ ප්‍රතිවිරුද්ධ ප්‍රතිචාරයක් ලැබීමට හේතුව කුමක්ද? බැලු බැල්මට සිතෙන්නේ හම්බන්තොට ප්‍රතිචාරය බලයෙන් මත්වූ ලාමක ආධුනිකයන් කණ්ඩායමක් විසින් සැලසුම් කරන ලද්දක් බව ය. තම ජන්ම භුමියේදී ආගන්තුකයන් කණ්ඩායමක් අපහසුවට පත්කිරීමේ සැලැස්මක් තිබුන බව රාජ්‍ය නායකයා දැන නොසිටියා වුවත්. මේ සිද්ධිය තුළින් රජයේ මර්මස්ථානයකට අවධානය යොමු වේ. එනම්, ලේ නෑකමින්  හෝ දේශපාලන වශයෙන්  බල කේන්ද්‍රය ආසන්නයේ සිටින්නන්ගේ බොළඳ ක්‍රියා මෙල්ල කිරීමට දක්වන උදාසීනත්වය ය. දුර දැක්මක් නැති හිතවන්තයින්ගේ බොළඳ සිතැඟි වලට ඉඩ දීම විනාශයට හේතුවකි. සම්ප්‍රදායික ඥානය මෙවැනි අවස්ථාවන් බැහැර කරන්නේ `බහුබුද්ධි මරණං භවෙත්’ (සියල්ලන්ගේම උපදෙස් පිළිගන්නට යාම විනාශකාරී ය) යන ආප්තොපදේශය මගිනි. නොරෝච්චෝලේදී  මෙම උපදේශය සාර්ථක ලෙස පිළිපැද ඇත. නොරොච්චෝල ආකෘතියෙන් ලැබෙන පළමුවෙනි පාඩම මෙය යි.

සමස්ථයක් වසයෙන් යහපාලනයට, විශේෂයෙන් ජාතික ඒකාබද්ධතාවය  ගොඩ නැගීමට, බාධාවක් වී ඇත්තේ හුඹස් බිය යි. ජාත්‍යන්තරය සමග, විශේෂයෙන් අපේ ආසන්නතම අසල්වැසි රට සමග, ප්‍රශ්න ඇති වීමට හේතුව ද මෙය යි.  අසල්වැසියා දුර්වලව සිටීම නිසාත් සෙසු ලෝකයා සංවිධානය නොවී සිටීම නිසාත් අපේ විවේචකයන් සමග කට්ටි පනිමින් සිටීමට මෙතෙක් හැකි විය. දැන් ජිනීවා සංවිධානය මැනවින් ක්‍රියාත්මක වී ඇති නිසාත්, ඉන්දියාව ශක්තිමත්  නායකයකු යටතට පත්ව ඇති නිසාත්, ඵලදායී නොවන කොමිෂන් සභා සහ කෙළවරක් නැති කමිටු උපයෝගී කර ගෙන හදිසි සංස්කරණ නො කොට කල්මරමින් සිටිය නොහැකි තත්වයක් උදා වී තිබේ.

Harshaනොරොච්චෝලේ සිද්ධියට සාර්ථකව මුහුණ දීමේදී උගත් දෙවැනි පාඩම නම් ජය ගැනීම සඳහා ජනාධිපතිවරයාගේ අසමාන විචක්ෂණ භාවයටඋසස් වෘත්තියමය උපදෙස් එක්විය යුතු බව ය. සාමාන්‍යයෙන් යහපාලනයේ අවාසනාවන්ත තත්වයට හේතුවී ඇත්තේ තීරණාත්මක ජාතික ප්‍රශ්න වලදී ප්‍රමාණවත් අධ්‍යනයක් හෝ සැලසුම් කිරීමක් නොමැතිව  ප්‍රතිචාර දැක්වීම ය.  නොරොච්චෝලේදී ලැබූ ධනාත්මක ප්‍රතිචාරයට හේතුව සිතාමතා සැලසුම් සහිතව ක්‍රියා කිරීම බවට සැකයක් නැත.

මල් මාලා එවෙලේ ඇතිවූ අදහසක් අනුව මිලදී ගත්තා විය නොහැක. පිළිගැනීමට සහභාගිවුණු දේශපාලකයන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අහම්බෙන් පැමිණියා විය නොහැක. රංගනය කෙතරම් මැනවින් සැලසුම් කර ඇත්දැයි කිවහොත් ආගන්තුක නළුවන්ගේ පිටපත ජවනිකාවට අදාළ නැතිවි ගියා සේ පෙණින. මේ නිසා ඔවුන්ට සිදුවුයේ විෂය මුලික ස්ථාවරයක පිහිටා සාධනීය අදහස් කිහිපයක් ඉදිරිපත් කොට නම්බුකාර ලෙස පිටවී යාමට ය. නොරොච්චෝලේ බලාගාරයේ ඉතිහාසයේ කිසි දිනක මෙවැනි ධනාත්මක  ප්‍රතිචාරයක් ලැබී නැත. මේ අනුව රජයට  ජයග්‍රාහී ලීලාවෙන් දවස කෙළවර කළ හැකි විය.

කොටින් කිවහොත් නොරොච්චෝලේ සාර්ථකත්වය ඇති වුයේ උපාය මාර්ග දෙකක් නිසාය. පළමුවැන්න, ක්‍රියා කළ යුත්තේ තමන්ගේම බුද්ධිය මත ය. භාවික හේතුන් සහ දෙගෙඩියාව නිසා සිදුවන අතපසුවීම්වලින් තත්වය ව්‍යාකුල වේ. දෙවනුව, ප්‍රතිඵලය වඩාත් සාර්ථක වුයේ, ප්‍රත්යක්ෂව විශේෂඥ උපදෙස් යොදා ගැනීම නිසාය. `ආත්ම බුද්ධි සුඛං දෙති; ගුරු බුද්ධි විශේෂතා’ (කෙනෙකුගේ ආවේනික නුවණ, සතුට ගෙන දෙයි,  විශේෂඥ දැනුම විශිෂ්ටත්වය ලබා දෙයි) යන සම්ප්‍රදායික ප්‍රාඥයන්ගේ මතයෙන් කියැවෙන්නේ ඒ බව යි.

විශේෂඥ උපදෙස් යටතේ තම ප්‍රශ්න ස්වාධීනව විසඳාගත යුතු බවට රජයට පාඩමක් උගන්වමින්   නොරොච්චේලේදී කැපී පෙනුණු උපාය මාර්ගය එය යි. රජයට එරෙහිව දිනෙන් දින ගොඩගැසෙන, දුෂ්කරම කාර්යය වන ජාතික ඒකාබදධතාවය ගොඩනැගීම මුල් කොට ගත්, අභියෝග වලට මුහුණ දීමට සුදුසුම මෙවලම මෙය යි.  දෙපිලෙහිම දේශපාලනඥයින්ට, ඊට වඩා බොහෝ සෙයින් වැදගත් වන මුලික පණිවුඩයක් නොරොච්චෝලේ ආකෘතියෙහි ඇතුළත්ව ඇත. දේශපාලනය, එකිනෙකා අබිබවා යාම, උගුල් ඇටවීම, කේලාම් කීම, කෙණහිලිකම් කිරීම, මඩගැසීම, සහ පන්දම් ඇල්ලිම වැනි අශ්ලීල ක්‍රියා නිසා ශිග්‍රයෙන් පිරිහී ඇත. ප්‍රථම වරට ප්‍රධාන දේශපාලන පක්ෂවල කණ්ඩායම් දෙකක් නොරෝච්චෝලේදී මිත්‍රශීලීව මුහුණට මුහුණ ලා හිඳගෙන  පටු එදිරිවාදිකම් අමතක කොට පොදු ශුභසිද්ධියට ප්‍රමුඛත්වය දෙමින් ජාතික ප්‍රශ්නයක් සුහදව  බේරුම් කරගෙන තිබේ. මේ ක්‍රියාදාමයේ අවසාන ප්‍රතිඵලය  වන්නේ එක් කණ්ඩායමක් අනෙකා පරයමින් සමෘධිමත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට සහයෝගයෙන් කටයුතු කිරීම මගින් ප්‍රශස්ත පාර්ලිමේන්තු සම්ප්‍රදායක් බිහිවීම ය.

*අනුවාදය: හේමකිර්ති දිසානායක

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.