දේව වරමින් ශාස්ත්‍ර කියන බව සඳහන් ස්ථාන කෙරෙහි පවත්නා ජන ආකර්ශනයේ යම් ප්රවර්ධනයක් මෑත කාලය තුළ සිදුවෙමින් පවතින බවට පිළිගත හැකි තොරතුරු ලැබෙමින් තිබේ.ඊට ආසන්නතම හේතුව වශයෙන් දැක්විය හැක්කේ ගෝලීය වසංගතයක් වශයෙන් පැතිර පවතින කෝවිඩ් 19 රෝග තත්වය යටතේ තමන්ගේ සහ තම පවුල් වල සාමාජිකයන්ගේ සෞඛ්‍ය සේම ආර්ථික යහපැවැත්ම සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු තුළ පැන නැඟී ඇති අවිනිශ්චිත හා අනාරක්ෂිත භාවයයි.ඒ අතර මෙම රෝග තත්වය සහ එය පිටු දැකීම සම්බන්ධයෙන් කාලි දෙවඟන වෙතින් පිටිවහලක් ලද හැකිය යන මිථ්‍යා ආකල්පය රාජ්‍ය නායක කාරකාදීන්ගේ අනුග්‍රහයෙන් රට පුරා ව්‍යාප්ත වීම ද මෙම උනන්දුවට හේතු වී ඇති බව පෙනෙයි.
මෙලෙස දේව වරමින් ශාස්ත්‍ර කියන ස්ථාන බොහොමයක් එක් එක් දෙවිවරුන්ගේ නම ද සඳහන් කොට තිබේ. ඒ කාලි වරමින්, දැඩිමුණ්ඩ වරමින්, ගම්බාර සූනියම් වරමින්, කඩවර වරමින් ආදී වශයෙනි. එම පුවරු අතරේ කතරගම හෝ පත්තිනි දේව වරමින් යනුවෙන් සඳහන් දැන්වීම්ද දැකිය හැකිමුත් විෂ්ණු දේව වරමින් සමන් දේව වරමින් යනුවෙන් සඳහන් පුවරු දැකිය හැක්කේ ඉතා කලාතුරකිනි. ශ්‍රී ලාංකීය බෞද්ධ සමාජයේ ප්‍රමුඛතම දෙවියා වන ‘ශක්‍ර දේව වරමක්’ ගැන පැවසෙන
එකම නාම පුවරුවක්වත් නැත.
මෙලෙස දේව වරමින් ශාස්ත්‍ර කියන ස්ථාන බොහොමයක එක් එක් දෙවිවරුන්ගේ නම් ද සඳහන් කොට තිබේ. ඒ අතර වැඩිපුරම දක්නට ලැබෙනුයේ කාලි දේව වරමින් ශාස්ත්‍ර කියන බව පැවසෙන තැන් ය.මීට අමතරව දැඩිමුණ්ඩ , ගම්බාර සූනියම් කඩවර ආදී වරම් වලින් ශාස්ත්‍ර කියැවෙන බව පැවසෙන පුවරු ද දක්නට තිබේ.එම පුවරු අතරේ කතරගම හෝ පත්තිනි දේව වරමින් යනුවෙන් සඳහන් පුවරු ද ඇති මුත් විෂ්ණු,සමන්,නාථ යන දෙවි වරුන්ගේ නම් දැකිය හැක්කේ ඉතා කලාතුරකිනි. ශ්‍රී ලාංකීය බෞද්ධ සමාජයේ ප්‍රමුඛතම දෙවියා වන ‘ශක්‍ර දේව වරමක්’ ගැන පැවසෙන එකම නාම පුවරුවක්වත් මා නම් දැක නැත. එමඟින් අපට වැටහෙන එක් දෙයක් තිබේ.
එනම් මෙලෙස වරම් දීම සම්බන්ධයෙන් අප රටේ අදහනු ලබන ක්ෂාන්තිවාදී ලක්ෂණවලින් යුතු ප්රමුඛ පෙළේ දෙවිවරුන්ට වඩා යක්ෂ සම්භවයකින් යුතු දෙවන පෙළ දෙවි දේවතාවන් ඉදිරියට “වැඩම කොට” සිටින බවකි.එමෙන්ම එම දේව වරම හා සබැඳි ආරූඪ වීමේ දී ක්ෂාන්තිවාදී දෙවි වරුන්ගේ ආරූඪයන්ට වඩා යක්ෂ සම්භවයකින් යුතු දෙවි වරුන්ගේ ආරූඪයන් වඩාත් භාවාත්මක,ප්‍රදර්ශනාත්මක හා ප්‍රාසාංගික වීම ද මෙම නැඹුරුවට හේතු වී බව පෙනෙයි.මෙම දේව වරම් ලැබීමේ දී පුරුෂ පක්ෂය අබිබවා කාන්තා පක්ෂය පෙරට පැමිණීම ද ඉතා පැහැදිලිවම දක්නට ලැබෙන්නකි. දේව වරමින් ශාස්ත්‍ර කියන ‘පියවරුන්’ට වඩා ‘මෑණිවරුන්’ බහුල
ලෙසම දැකිය හැක්කේ එබැවිනි. එමෙන්ම මොවුන්ගෙන් වැඩි පිරිස ජීවිතයේ යොවුන්විය ඉක්මවූවන් බව ද පෙනෙයි. සමාජමය පසුබිම අනුව මොවුන්ගෙන් බහුතරය අඩු හෝ නොවිධිමත් ආදායම්ලාභී පහළ මධ්‍යම පන්තියට අයත් වෙති. මෙරට ග්‍රාමීය සමාජ ස්ථරයෙන් වැඩිපුර දක්නට ලැබෙන මොවුන්ගෙන් සුළුතරයක් නාගරික අඩු හෝ නොවිධිමත් ආදායම්ලාභීන් අතරින් මතුව ඇති බව පෙනෙයි ඉහත සඳහන් සමාජ ස්ථරයන්ගෙන් බැහැරව මෙවන් දේව වරම්ලාභීන් වාර්තා වන්නේ නම් ඒ ඉතා සුළු වශයෙනි. මෙලෙස දේව වරම් ලැබූවන් පිළිබඳ වෙන් වෙන් වශයෙන් කරුණු විමසා බැලීමේදී පෙනී යනුයේ ඔවුන්ගෙන් වැඩි පිරිස ජීවිතයේ යොවුන් වියේදී විවිධාකාර පෞරුෂ, පවුල්, සමාජමය ගැටලු අර්බුදවලට මුහුණ පාන ලද්දවුන් බව ය.
කුමන හෝ හේතුවක් මත සිය පවුල් දිවිය බිඳවැටුණු හෝ අසාර්ථක වූ ‘මෑණිවරු” ද මෙම පිරිස් අතර සිටිති. වරක් මා එම කරුණ සම්බන්ධයෙන් එවන් දේව වරම් ලැබූ බව පැවසෙන මෑණි කෙනකුගෙන් විමසූ විට මා නිරුත්තර කරමින් ඇය කියා සිටියේ “පත්තිනි මෑණියන්ටත් පවුල් ප්‍රශ්න තිබුණා” යන්න ය.ඒ අනුව මේ සම්බන්ධයෙන් මූලික ව කිව හැක්කේ ශාස්ත්‍ර අසන්නවුන් තමන් වෙතින් අසන ප්‍රශ්න වලට දිය හැකි”රෙඩි මේඩ්” පිළිතුරු කට්ටලයක් මොවුන් සතුව තිබෙන බවකි.
පුරා තිස් වසරක පමණ කාලයක් තිස්සේ වරින් වර මා විසින් කරනු ලැබූ අධ්‍යයනයනට අනුව මෙම මැණිවරුන්ට දේව වරම් හිමිවන ක්‍රම කිහිපයකි. තම ජීවිතයට එළැඹි අනේක විධ දුක් කරදර දෙවියන් හමුවේ නිරන්තයෙන් කියා සිටින අතරේ ඇය එම දුකින් මුදාලනු පිණිස දේව වරමක් දිය හැකි බව දෙවියන් විසින් ඇය වෙත පවසා හිඳීම ඉන් එක් ක්රමයකි. ඇතැම් විට එම කාන්තාවට නිතර පෙනෙන සිහිනයක් ලෙසින් මෙම පණිවුඩය ලැබෙන අතර තවත් විටෙක හිටිහැටියේ පත්වන ආරූඪයක් මගින්ද දෙවියන්ගේ මෙම පණිවුඩය ඇය වෙත හිටිහැටියේ සන්නිවේදනය විය හැක.
ඉහත සඳහන් කවර හෝ ලෙසකින් දේව වරමක් ඇති බව වටහා ගන්නා කාන්තාව හෝ පිරිමියා එය ලබා ගැනීම පිණිස එම දෙවියන් හා සම්බන්ධ ප්‍රධාන දේවාලයට යාම පිළිගත් සම්ප්රදායයි. එහිදී එම දේවාලයේ ප්‍රධාන කපු හෝ පූජක තැනට තමන් පැමිණි කාරණය පැවසූ විට එම දේව වරම හිමි තැනත්තාට හෝ තැනැත්තියට එම වරම ප්රදානය කිරීම ඒ දේවාලයේ ප්‍රධාන කපුවා හෝ පූජකවරයා විසින් කළ යුතුව තිබේ.එහෙත්, ඒ සම්බන්ධ ප්‍රායෝගික පක්ෂය ඊට සපුරාම වෙනස්ය. එනම් ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේවාල බොහෝමයක පාලක පක්ෂය හෝ කපු මහතුන් එබඳු වරම් ගැනීමට පැමිණෙන්නවුන් සතපහකට වත් ගණන් නොගැනීම ය.ඒ නොතැකීම කොතෙක් ද යත් පසුගිය කාලයේ හලාවත මුන්නේෂ්වරම භද්‍ර කාලී කෝවිලේ “ආරූඪ වීම තහනම්” යනුවෙන් දැන්වීම් පුවරුවක් ද සවි කොට තිබිණ.එය කාලි මෑණියන් ගේ “අන පරිදි” සවි කරන ලද්දක් දැයි දැන ගනු පිණිස මා එහි ඥානසුන්දරම් පූජක වරයාගෙන් විමසූ විට ඔහු ගත් කටටම කියා සිටියේ”ඔය බොරු වැඩ වලට අපි සපෝට් දෙන්නේ නෑ”යනුවෙනි.
පසුව මේ සම්බන්ධයෙන් කළ වැඩිදුර විමසුමකදී නවගමුව පත්තිනි දේවාලයේ කපු මහතකු මා හා කියා සිටියේ එම වරම් ලබා දීම ඒ ඒ පුද්ගලයන්ගේ මියගිය ඥාතීන් විසින් සිදු කරනු ලබන්නක් මිස ඊට පත්තිනි මෑණියන්ගේ හෝ වෙනයම් දෙවිවරුන්ගේ කිසිදු සබැඳියාවක් නොමැති බවකි.‘‘කිසිම දෙවියෙක් මිනිස් ශරීරයකට ආරූඪ වෙන්නේ නෑ. එහෙම වුණොත් ඒ වෙලාවෙම ඒ තැනැත්තාගේ ඔළුව හත්කඩකට පුපුරලා යනවා. දේව බලය ඒ තරම් ප්‍රබලයි. ඇත්තෙන්ම ඒ විදිහට ආරූඪ වෙන්නේ මියගිය ඥාතීන්ම තමයි. නමුත් ඒ ඥාතීන් අතර දෙවිවරුන්ගේ දේව මණ්ඩලවල සේවය කරන අය’ ඒ සම්බන්ධයෙන් එලෙස දේව වරම් ලබා ගන්නවුන්ගේ පාර්ශ්වයේ අය ද එසේ කියති.
ඉහත සඳහන් දෙවිවරුන් සම්බන්ධ ප්‍රධාන දේවාලවල තත්ත්වය එසේ වුවද, එලෙස දේව වරම් ඇත්තවුන් හට එම වරප්‍රසාදය හිමිකරගත හැකි වෙනත් පෞද්ගලික දේවාල තිබේ. මෙලෙස දේව වරමක් ඇති බවට ඉඟි පළවන අයකු එවන් දේවාලයකට ගොස් එවැන්නක් කී විට එම දෙවියන් සඳහා සංවිධානය කෙරෙන සුවිසල් පූජාවකට යටත්ව එම දේව වරම ප්රදානය කරවීමේ කොන්ත්‍රාත්තුව එම දේවාල පාලකයෝ භාර ගනිති. එවිට එම දේවාලයේදී එම කපුවා හෝ එම වරම් හිමි තැනැත්තා ආරූඪයට පත්කොට එම වරමේ ස්වභාවය සහ ඉන් ගත හැකි ප්‍රයෝජන පිළිබඳ දෙවියන්ගේ ස්ථාවරය පැහැදිලි කර දෙනු ඇත. නමුදු ඒ සඳහා සැලකිය යුතු මුදලක් වැය වන අතර ඇතැම් විට එය රුපියල් ලක්ෂ ගණනක්ද විය හැක. ඉන්පසු එම තැනැත්තාට පෞද්ගලික දේවාලයක් ඇරඹීමේ ‘දේව වරම’ හිමි වෙයි. මෙය හරියට රජයේ විශ්ව විද්‍යාලයකට ඇතුළු වී උපාධියක් ගැනීම සඳහා සුදුසු කම් නොලද අයෙකුට පෞද්ගලික විශ්ව විද්‍යාලයකින් එම වරම උදාකර ගැනීමට ලැබෙන අවස්ථාව මෙනි.
මෙලෙස දේව වරම් ලැබ ශාස්ත්‍ර කියන සියල්ලෝම ආරූඪයට පත් නොවෙති. එලෙස ආරූඪත්වයට පත් වූ ශාස්ත්‍ර කියන්නෝ ද ඇතැම් විටෙක දෙවියන්ගේ නාමයෙන් කියන ශාස්ත්‍රය තුළින්ම පට්ටපල් බොරු දෙසා බාන අන්දම මා ද අනේක වාරයක් “රස විඳ” ඇත්තෙමි. මීට වසර විස්සකට පමණ පෙර කාලි අම්මාගේ ආරූඪයෙන් ශාස්ත්‍ර කියන තැනකට ගොස් අපේ වැඩිහිටි ඥාතියෙකුගේ නමක් කියා ඔහුගේ”ප්‍රාණ කාරයා” ගෙන් මට පිහිටක් ලබා ගත නොහැකි දැයි කාලි අම්මාගෙන් අසා සිටියෙමි. අප රටේ ගුප්ත ශාස්ත්‍ර සම්බන්ධ ව්‍යවහාරයේ දී ජීවත් වන හෝ මිය ගිය අයකුගේ ආත්මයක් හැඳින්වීම පිණිස මෙම ප්‍රාණ කාරයා යන වදන යෙදෙයි. එවිට කාලි අම්මා ආරූඪ වූ සාත්තර මෑණියන් කියා සිටියේ “දරුවා, ඔය කියන ප්‍රාණ කාරයාගෙන් උඹලට කැඹුරුමක් තියනවා නම් තමයි. ඒත්, තාම එහෙම දේකට ඒ ප්‍රාණ කාරයාගේ ආත්මේ බලවත් මදි. ඒකා ඔය තාමත් අහසේ පාවෙවී ඉන්නේ. ඒත් උඹලා ඒ වෙනුවෙන් මට පූජාවක් තියලා කන්නලව්වක් කළොත් මං ඔය ප්රාණකාරයව මගේ දේව සමාගමට ගන්නම්. එතකොට ඒකා උඹලට පිහිට වෙයි යනුවෙනි.අවසානයේ ඒ පූජාව සම්බන්ධයෙන් විමසූ මට ඒ සඳහා වන පූජා භාණ්ඩ වලට රුපියල් දස දහසක් පමණ වැය වන බව දැන ගත හැකි විය.එහෙත්,පිටතින් ගන්නා එම පූජා භාණ්ඩ වල ප්‍රමිතිය සම්බන්ධයෙන් තමන් තුළ විශ්වාසයක් නොමැති බැවින් එම පූජා භාණ්ඩ වලට අවශ්‍ය මුදල තම කාර්යාලයට දී ලදු පතක් ගන්නා ලෙස ද එම ශාස්ත්‍ර මෑණියෝ මගෙන් ඉල්ලා සිටියහ.නමුදු මා එම ශාස්ත්‍රය අසා ආපසු එන අතරේ ඒ ඥාතියා හෙවත් ප්‍රාණ කාරයා “ගම් මට්ටමින්” ඇඟ පත ටිකක් රත් කරගෙන අපේ ගමේ සිල්ලර කඩයක් ඉදිරියේ වාචාල කතා කියමින් සිටින අයුරු මට දැක ගත හැකි විය. නමුදු මගේ එම ඥාතියා මෙන් ජීවත් ව හිඳින්නෙකු සම්බන්ධයෙන් නොව සැබැවින්ම මිය ගිය අයෙකු සම්බන්ධයෙන් මෙවැනි විමසීමක් කළ හොත් ඒ තැනැත්තා “කොරහේ නෑවීමේ කලාව” මේ සාත්තර මෑණිවරු සුපිරියටම දනිති.
“හැබැයි ඔතන මෙහෙම දේකුත් තියනවා. ඔය විදියට ශාස්ත්‍ර කියන අයට සමහර විට ‘‘ආරූඪ වෙන්නේ ප්‍රබල දෙවිවරුන්ගේ දේව සභාවල ඉන්න පහත්ම පෙළේ අය, ඒ අතරේ ප්‍රේතයෝ, කුම්භාණ්ඩයෝ වගේ අයත් ඉන්න පුළුවනි. අන්න එහෙම අය ආරූඪ වුණාම තමයි සාස්තරවලට ඔහොම බොරු කියවෙන්නේ. අනික මොන තරම් වැදගත් ප්‍රභූවරයකු යටතේ වුණත් පහත් පෙළේ සේවකයෝ ඉන්න බැරිකමක් නැහැනේ, මෙතනත් වෙන්නේ අන්න ඒ වගේ දෙයක්.මොකද අපි ඒ අයගේ අයිඩෙන්ටිටි කාඩ් චෙක් කරන්න කියලයැ” එලෙස දේව වරමින් පැවසෙන ශාස්ත්‍ර මගින් පට්ටපල් බොරු කියැවීම සම්බන්ධයෙන් එම පාර්ශ්වයෙන් නිදහසට කරුණු දක්වනුයේ එලෙසිනි.
ඒ කෙසේ හෝ යමකු මෙලෙස ආරූඪයට පත් වීම ඉහත සඳහන් අනුරාධපුර කාන්තාවගේ කතාවේ මෙන් මොළයේ ජෛව රසායනික විෂමතා හැරුණු කොට ඒ තැනැත්තාගේ යටි සිතේ බලපෑමකට අනුව සිදුවන්නක් බව කිව යුතු ය. ඒ විනා වෙනත් බාහිර ගුප්ත බලවේගයක් සිරුර තුළට ඇතුළු වීම කෙසේවත් සිදු නොවන බව මේ වන විට විද්‍යාත්මක වශයෙන් මනාව අනාවරණය වී තිබේ. එමෙන්ම යම් යම් පුද්ගලයන් තම ජීවිතයේ මුහුණ දෙන ගැටලු අර්බුද මත පැන නඟින මානසික ගැටුම නම් වන සාධකය හමුවේ ඒ තැනැත්තා ප්‍රකෘති පෞරුෂයෙන් අත්මිදී වෙනත් පෞරුෂයකට පිවිසීම මෙහිදී සිදුවන බව තහවුරු කරන නවීන මනෝ විද්‍යාව එය හඳුන්වනුයේ විඝටන අපවර්තනය යන නමිනි.ඒ අනුව මනෝ චිකිත්සක ප්‍රතිකාර මගින් සමනය කළ යුතු එවන් මානසික අර්බුද සාම්ප්‍රදායික ජන සමාජයන් තුළ යම් යම් කළමනාකරණයන්ට ලක්වීමෙන් ඒවා මුල්කොට ‘‘දේව වරමින් ශාස්ත්‍ර කීම’’ නම් වෘත්තියක් හෙවත් වෙළෙඳපොළක් නිර්මාණය වී ඇත. මෙය අප රටේ මෙන්ම ආසියා, අප්‍රිකා මහද්වීපවල සාම්ප්‍රදායික ජන සමාජයන්හි බහුල වශයෙන් සිදු වන්නක් බව පෙනේ. එමෙන්ම තමන්හට දේව වරමක් ලැබුණු බවට මානසික සංඥා ලැබීම භින්නෝන්මාදය යන සයිකෝසීය මානසික රෝගයේ මූලික ලක්ෂණයක් ද විය හැක. නමුදු එවැනි රෝග ලක්ෂණ දේව වරම් ලැබීම ලෙස ‘‘කළමනාකරණය’ කළ නොහැක. ඒ එම රෝගයේ ලක්ෂණ වරින්වර විෂම ස්වරූපයන් ගන්නා බැවිනි. නමුදු තම ජීවිතයේ විවිධ ගැටලු, අර්බුද මුල්කොට එවන්, මානසික ගැටුම්වලට ලක්වන සමහරුනට ‘දේව වරම් ලැබීම’ මත ශාස්ත්‍ර කීමෙන් තම ජීවනෝපාය සළසා ගැනීමට අවකාශ ලැබේ. එමෙන්ම ඒ තැනැත්තාගේ මානසික ගැටලුව දුරුවී මනැස ප්‍රකෘතිමත් වීම මත එම ආවේගය හෝ ආරූඪය අහිමි වී යාම ද බොහෝ විට සිදුවන්නකි.එහෙත්, එම තත්ත්වයට මුහුණ දෙන ‘මෑණිවරුන්’ වුව ඉන්පසුව ද තම දේව වරමින් ශාස්ත්‍ර කීම එලෙසින්ම පවත්වාගෙන යනු ලබනුයේ කෘත්‍රිම ආරූඪයක් හෙවත් සමාරෝපණ තත්ත්වයක් යටතේ ය. අප සමාජය තුළ කාලි අම්මලාගේ පැවැත්ම තහවුරු වනුයේ හුදෙක් මෙම සමාජ මනෝ විද්‍යාත්මක පදනම මත බව මනඃකල්පිත කාලි අම්මා පිළිගත්තත් අප සමාජයේ බහුතරය පිළිනොගන්නා බවට සහතික වන්නට මට පුළුවන. මානව විද්‍යාඥයන් අර්ථ දක්වන ආකාරයට කාලි යනු හින්දු ත්‍රිමුර්තියට අයත් ශිව ගේ අව ගුණ විදහා දැක්වෙන අවතාරයකි.නැතහොත් ස්වරූපයකි. ශිව ශිෂ්ඨත්වය නියෝජනය කරන අතරේ කාලි අශිෂ්ටත්වය නියෝජනය කරන්නීය. යම් කලෙක ශිව ගේ බලය බිඳ වැටී ශිව “ශව” හෙවත් මළ සිරුරක් වූ පසු කාලි ඔහුගේ සිරුර මතට නැඟ නිරුවතින් රැඟුම් පාන්නීය. අද අප දකින කාලි රූප සමහරක ඒ අවස්ථාව විදහා දැක් වේ.එම කතා ප්‍රවෘත්තියේ එන දාර්ශනික අරුත අනුව වර්තමානය ශිව ශව බවට පත් කාලි අම්මලාගේ යුගයක් බව ශ්‍රී ලාංකේය අපට කිසිවෙකුත් අමුතුවෙන් කියා දිය යුතු නැත.
leelagemalli / January 23, 2021
නන්දසේනගේ හැකියාවන් ඒ සියල්ලම ඉරිතලා නැත. දුර දිළිඳු අප්‍රිකානු ප්‍රාන්තවල ගෝත්‍රික නායකයින් පවා, ඔවුන්ගේ සමහර කොටස් නොවන්නේ නම් ඔවුන්ගේ ඉලක්ක සපුරා ගැනීමට ඉඩ තිබුණි. එහෙත් රාජපක්ෂයන් විසින් කුඩා ගැටළු තනිවම විසඳා ගැනීමට පවා නොහැකි බව ඔප්පු කර ඇත. සිරිසේන-රනිල් යටතේ පැවති රට හොඳ තත්ත්වයේ පැවතුනි. කෙසේ වෙතත්, රාජපක්ෂයන් රවටමින් ඔවුන් වෙනුවෙන් පින්තූරය නිර්මාණය කළේය. ඒ, මේ රටේ මාධ්‍ය ආයතන ප්‍රධාන වශයෙන් පාලනය කරනු ලබන්නේ රාජපකේ හිතවාදීන් විසිනි. “වෛද්‍ය සෆීගේ ගර්භනී රෝගීන්ගේ වඳභාවයට පත්වීම” වැනි මුළුමනින්ම අසත්‍ය කථා පතුරුවා හැරීමෙන් ඔවුන් ඔප්පු කළ බව. ශ්‍රීලංක ස්වභාවයේ රටක සාමාන්‍ය මනස සකස් කර ඇත්තේ කරුණු හා සංඛ්‍යා වලින් far ත්ව ය. කුරිරු මාධ්‍යවේදීන් විසින් විකාශය කරනු ලබන ඕනෑම බොරු මුසාවකට ඔවුන් හසු වේ. හොඳ අනාගතයක් ගැන මිනිසුන් සිහින මැව්වා විය හැකියි. නමුත් මිනිසුන් එය වඩා හොඳින් සිතිය යුතුව තිබුණි. මෙය ඊනියා ප්රජාතන්ත්රවාදයන් තමන්ගේ ජනතාව නොමඟ යවන ආකාරය පිළිබඳ මූලාකෘති උදාහරණයකි. අද, සෑම කෙනෙකුම පැහැදිලිව පෙනෙන පරිදි, මිනිසුන්ට කතා කිරීමේ නිදහස ක්‍රමයෙන් උල්ලං are නය වෙමින් පවතී. පෙර නොවූ විරූ COVID අර්බුදයෙන් විදේශ රටවල අතරමංව සිටින ජනතාවගේ භයානක කාරණා වත්මන් ජනාධිපතිවරයාට සහ ඔහුගේ මිනිසුන්ට නොතේරෙන්නේ මන්ද? පහළ සින්ඩ්‍රෝම් රෝගියෙකු පවා ඔහුගේ මුඛය විවෘත කරන තෙක් බුද්ධිමත් කෙනෙකු ලෙස සලකනු ඇත. ඒ හා සමානව අපගේ කලියම්මා පාලිත ශ්‍රී ලංකාව ජනතාව අතරට ගෙන යනු ලබන්නේ වාර්ගික දේශපාලන .යන් විසිනි. නන්දසේන තෝරා පත් කර ගත් මිලියන 7.9 ක ඡන්දදායකයින් ප්‍රධාන වශයෙන් අතිශය අපචාර මාධ්‍ය මාධ්‍ය මගින් විකාශය කරන ලද වැරදි ප්‍රචාරයන් සමඟ සම්බන්ධ වූයේ මන්දැයි නැවත සලකා බැලීමේදී ජනතාව අද දකිනු ඇත. නැවත බලයට පත්වීමෙන්, ඔවුන් මෙතෙක් වැඩ කළේ ඔවුන්ගේ අපරාධ නඩු නිදහස් කිරීම පමණි. ජනතාවගේ භයානක කරුණු ජනාධිපතිවරයා සහ කැබිනට් මණ්ඩලය විසින් නොසලකා හරිනු ලැබේ.
/
leelagemalli / January 23, 2021
නන්දසේනගේ චරිතය කෙරෙහි ඇති ව්‍යාජ අපේක්ෂාවන් අගය කරන ලදී. අද වන විට ඔහුගේ හැකියාවන් හිටපු ජනාධිපති සිරිසේනට වඩා බෙහෙවින් අඩු ය. නන්දසේනට ගැටලු විසඳා ගත හැක්කේ සෑම අමාත්‍යාංශයකටම හමුදා භටයන් පත් කිරීමෙන් පමණි. අර්ථය, ඔහුගේ නායකත්වය කතා කිරීමට හා අදහස් ප්‍රකාශ කිරීමට මිනිසුන්ගේ නිදහස උල්ලං ting නය කිරීම සඳහා කටයුතු කරමින් සිටී. ගෝත්‍රික නායකයන් පවා තේරී පත්වීමට පෙර තම ජනතාවට දුන් මූලික පොරොන්දු සමඟ සාර්ථක වේ. එහෙත් රාජපක්ෂයන් විසින් කුඩා ගැටළු තනිවම විසඳා ගැනීමට පවා නොහැකි බව ඔප්පු කර ඇත. සිරිසේන-රනිල් යටතේ පැවති රට හොඳ තත්ත්වයේ පැවතුනි. කෙසේ වෙතත්, රාජපක්ෂයන් රවටමින් ඔවුන් වෙනුවෙන් පින්තූරය නිර්මාණය කළේය. ඒ, මේ රටේ මාධ්‍ය ආයතන ප්‍රධාන වශයෙන් පාලනය කරනු ලබන්නේ රාජපකේ හිතවාදීන් විසිනි. “වෛද්‍ය සෆීගේ ගර්භනී රෝගීන්ගේ වඳභාවයට පත්වීම” වැනි මුළුමනින්ම අසත්‍ය කථා පතුරුවා හැරීමෙන් ඔවුන් ඔප්පු කළ බව. ශ්‍රීලංක ස්වභාවයේ රටක සාමාන්‍ය මනස සකස් කර ඇත්තේ කරුණු හා සංඛ්‍යා වලින් far ත්ව ය. කුරිරු මාධ්‍යවේදීන් විසින් විකාශය කරනු ලබන ඕනෑම බොරු මුසාවකට ඔවුන් හසු වේ. හොඳ අනාගතයක් ගැන මිනිසුන් සිහින මැව්වා විය හැකියි. නමුත් මිනිසුන් එය වඩා හොඳින් සිතිය යුතුව තිබුණි. මෙය ඊනියා ප්රජාතන්ත්රවාදයන් තමන්ගේ ජනතාව නොමඟ යවන ආකාරය පිළිබඳ මූලාකෘති උදාහරණයකි. අද, සෑම කෙනෙකුම පැහැදිලිව පෙනෙන පරිදි, මිනිසුන්ට කතා කිරීමේ නිදහස ක්‍රමයෙන් උල්ලං are නය වෙමින් පවතී. පෙර නොවූ විරූ COVID අර්බුදයෙන් විදේශ රටවල අතරමංව සිටින ජනතාවගේ භයානක කාරණා වත්මන් ජනාධිපතිවරයාට සහ ඔහුගේ මිනිසුන්ට නොතේරෙන්නේ මන්ද? පහළ සින්ඩ්‍රෝම් රෝගියෙකු පවා ඔහුගේ මුඛය විවෘත කරන තෙක් බුද්ධිමත් කෙනෙකු ලෙස සලකනු ඇත. ඒ හා සමානව අපගේ කලියම්මා පාලිත ශ්‍රී ලංකාව ජනතාව අතරට ගෙන යනු ලබන්නේ වාර්ගික දේශපාලන .යන් විසිනි. නන්දසේන තෝරා පත් කර ගත් මිලියන 7.9 ක ඡන්දදායකයින් ප්‍රධාන වශයෙන් අතිශය අපචාර මාධ්‍ය මාධ්‍ය මගින් විකාශය කරන ලද වැරදි ප්‍රචාරයන් සමඟ සම්බන්ධ වූයේ මන්දැයි නැවත සලකා බැලීමේදී ජනතාව අද දකිනු ඇත. නැවත බලයට පත්වීමෙන්, ඔවුන් මෙතෙක් වැඩ කළේ ඔවුන්ගේ අපරාධ නඩු නිදහස් කිරීම පමණි. ජනතාවගේ භයානක කරුණු ජනාධිපතිවරයා සහ කැබිනට් මණ්ඩලය විසින් නොසලකා හරිනු ලැබේ.
/
leelagemalli / January 23, 2021
සිංහලයන් අතර වාචික කියමනක් ඇත “එය වැලි මත සාදන ලද මාලිගා වැනි ය”. වත්මන් ජනාධිපතිවරයාගේ හැකියාවන් දෙස බලන සෑම අවස්ථාවකම මෙය මට මතක් කර දෙයි. ඩී බී විජේතුංග සහ සිරිසේන පවා නන්දසේනට වඩා දහස් ගුණයකින් බලවත් විය.
මහජනයාගේ යහපත සඳහා ඉතා කුඩා දෙයක් වත් සාක්ෂාත් කර නොගනී. ඔහුගේ සේවා කාලය තුළ තවත් කුමක් ගැනද කතා කරන්නේ. COVID පහරදුන් ජාතිය පිළිබඳ දැනටමත් සකස් කර ඇති වැඩසටහන් සහ විශ්වාසදායක එන්නතකින් ඒවා ආරක්ෂා වන්නේ කෙසේද යන්න වැනි කිසිවක් නොමැත. එවකට සිටි ඉතියෝපියානුවන් පවා ඔවුන්ගේ එන්නත් කිරීමේ ව්‍යාපෘතිය පිළිබඳව නිසි ලෙස සැලසුම් කර ඇත. ඒ වෙනුවට, ඊයේ වන විටත්, ජනාධිපති සහ ඔහුගේ කැබිනට් මණ්ඩලය එන්නතක් ලබා ගැනීම සඳහා කිසිදු උත්සාහයක් ගෙන නොමැත. ඒ වෙනුවට, දේශීයව සැකසූ කසාය මගින් මිනිසුන් නොමඟ යවනු ලැබේ. LOCAL විකල්ප වෛද්‍ය විද්‍යාව එතරම් බලවත් නම්, එය රට තුළ දීර් long කාලයක් තිස්සේ ඔප්පු කළ යුතුව තිබුණි. අද ජනාධිපතිවරයා විසින් ගනු ලබන සියලු පියවරයන් කිසියම් සිහිබුද්ධියකින් යුත් ඕනෑම කෙනෙකුගේ සමච්චලයට ලක් වේ.
/
leelagemalli / January 23, 2021
මේ රටේ බහුතරයක් පින්ගොන්නු කියන දෙය මහින්ද රාජාක්ශ් කියන පුදගලය හරියටම දන්නව…කවුරු කෙසේ කීවත් බලයට කැදර වෙලා රට වනසපු ඔහු තවමත් ජනතාවගේ පැත්ත නොසිතා බඩවඩා ගන්න කටයුතු කරපු නිසා තමයි… නන්ඩසේනය බලයට ගෙනවේ.. ඒ නිසා තමයි… රටේ ඉන්න තට්ටමමල අල්ලගෙන රටේ ජාතිවාදය වපුලරල .. කිසිදෙයක් කරගන්න බැරි නන්දසේන කියන පුතගලය බලයට ගෙනවේ..
. නදසේන හරියට කටුස්සගෙ කරේ රත්තරන් බැන්ද වාගෙ… හැසිරෙන්නෙ, කරගන්න බැහැ සුලු දෙයක් වත… හරියට කරලලු… කතා කරන්න වත දන්නෙ නැති මන්ද බුඩ්දික පුද්ගලයෙක් යන්න මේ රටේ පොඩි ලමයින්ට පවා අඩහ් පැහැදිලි වෙමින් පවතියි. මිනිසුන් නූගත් නොවේ නම්, වැටහෙන්න ඕන දෙයක් තම්යි…. නන්දසේන රට දමල ඇමරිකාට පැනල ගිහින අවුරුදු 15 ක් හැන්ගිලා අනාතයෙක් විදියට හිටිය.. මේ රටේ බලසෙනාවලට ඒ පුද්ගලයාගේ සහභාගිතවය අවස්වෙනකොට.
–
අදත් ගම වලට ගිහින්, අහින්සක නූගත් බහුතරයකට කතා කරමින්, සෑර් ත්රුප්තියක් ලබන බව මට පෙනී යනව..මේවගේ නූගත් මිනිසුන්ගේ හීනමාන්ය නිසා මේව කරනවා මිසක්.. ජාතිය ගැන හැන්ගීමක් නැතිබවක් පේන්නෙ.
–
. මම මේ දේවල් දුර දිගින් දුටු කෙනෙකු විදියට… නොවෙම්බෙර් 2019 ට කලින් කාටත් මේ ගැන නිතරම කිව්ව.
මහින්ඩ රාජපක්ශට මේ කරපු පාපයෙන් මිදෙන්නට කිසිම විදියකින් බැහැ… අද මහ ලොකු පුරා ජේරු කතා කරන රටේ නායකයා මේ ගමක ඉන්න “මෝලේ අඩු කාන්තවාකගෙ“ කොඩිවින අනවිනට අසුවීම නිසා… මේ රට අද වැටී ඇති තත්වය අර නිතරම “රාජපකශලාගෙ ඔඩොක්කුවේ සිටපු ජයතිලකත්“ අද පවසනව. මැදගොඩ තට්ටමම හා අනිකුත් තට්ටමමලාට අද වෙනකොට හැම දෙයක්ම උඩු යටිකුරුවෙල.. එනමුත් අතන මෙතන නටන රතන කෙසේ හෝ පැත්තකට වෙලා ඉන්න බවක් පේනව. රටකාපු බොදු බල සේන මිනිහත් හැන්ගිලා වාගෙ පේනව. මේ වා ඔක්කොම මේ ජාති වාදී තිරිසන්නු බහුතරයක් ඉන්න රටේ විනාශයට සිදුවෙන්නක් කියල මට හිතෙන වාර අනන්තයි.
/
leelagemalli / January 28, 2021
ආපහු තිරිසන්නු කලු සල්ලි සුදු කරන රටවල් අල්ලගෙන එවුන් හොරකම් කරපු රටේ සල්ලි පිටරට බැන්කු වල දමන්න කට යුතු කරන්නෙ. ඔන්න රාජපකශෙ බලවතුන්ගේ වැඩ කිඩ…
https://en.wikipedia.org/wiki/Liechtenstein
මේකටද පරයන්ට එන්න ආපහු ඉඩ දුන්නෙ ? අපේ රටේ ඉන්න මීහරක් ජනතාව මෙවුන්ට ආපහු බලයට එන්න දීල කරගත්තෙ තනියෙන්ම බෙල්ල කපා ගත්ත වාගෙ තිරිසන් වැඩක්. මේරටට ඉදිරියක් නැහැ, … අපේ මෝඩමිනිස්සුන් සත්‍යය තෝර බේරගන්නතෙක්.
අද වෙනකොට අර හිටපු රටේ ගුවන් සේව ආයතනය බන්කොලොත් කරපු පාද බල්ලහ්, මෙවර යුරෝපයේ පුන්චි කලුසල්ලි සුදු කරන රටට යවල…. එවුන් බලයේ ඉන්නකොට හොරා කාපු මුදල් ඒ රටවල තැනපත කරන්න යන බව ආරන්චි මාර්ග පෙන්වා දෙනව.. අනේ දෙවියනේ.. මේ රටේ මිනිසුන්ට මෝලය කලදක් වත් ඇතිවන්නෙ කවදාද යන්න මට හිතා ගන්නවත් බැහැ.. ඒතරම් මෝඩයන් පිරුනු ගර වැටුන රටක්.
/
hanchopancha / January 23, 2021
Dear LM,
I can bet, you are using online English Sinhala translator.
/
leelagemalli / January 23, 2021
Thank you Mr HP
I use both English Sinhala Translater and http://www.easysinhalaunicode.com/
It is high time us to pass the message in LOCAL languages. We have to make effort to post them also in sinhala and tamil.
/
hanchopancha / January 24, 2021
Mr. LM.
I was expecting your email as you already have mine.
/
leelagemalli / January 25, 2021
Dear Mr HP,
.
I am afraid, I dont have yours yet.
.
Cheers,
LM
/
hanchopancha / January 25, 2021
You got it from SM. I am eager to hear from you. Thanks.
/
SarathP / January 24, 2021
Fully agree. English writing is fine, but how many Sinhala Buddhists in the lunatic fringe understand it?
/
leelagemalli / January 25, 2021
Sarath P,
.
thanks. Please do your contributions accordingly. We must not wait any further.
A fibre string cant do much but a rope made out of fibres could do lot more good work.
/
Sinhala_Man / January 28, 2021
“SM” seems, on these pages, to refer to me. What the devil is meant here?
.
Sinhala? English? Is there any mystical value to be placed on any of this?
.
I greatly appreciate the fact that language must be used to communicate. All this writing in Sinhala is of value if it is read by people. What “leelagemalli” has written looks laudable. Unfortunately, I read Sinhala slowly.
.
How do we communicate with millions who use the Sinhala language? They don’t come here. I shall address all this, some day, some time.
/