3 October, 2023

Blog

නොවැම්බර් 02න් පසු වමේ දේශපාලනය

සුමිත් චාමින්ද –

සුමිත් චාමින්ද

නොවැම්බර් දෙවෙනිදා පැවති ආණ්ඩුවේ මර්දනයට එරෙහි ඒකාබද්ධ විරෝධතා ව්‍යාපාරය වැදගත් දේශපාලන සංඥාවන් කිහිපයක් එකවිට රැගෙන එන්නට සමත් විය. එක් අතකින්, වත්මන් පාලනාධිකාරය තම මර්දනීය පිළිවෙත වෙනස් කිරීමට කිසිදු සූදානමක් නොදක්වන බව යළිත් වරක් සනාථ කළේය. අනෙක් අතින්, වෙනස් දේශපාලන ස්ථාවරයන් දරන පක්ෂ, වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන රැසක් මර්දනයට එරෙහි ඒකාබද්ධ ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීම සංකේතවත් විය. ඒ අතුරින්, වඩාත් කැපී පෙනෙන වර්ධනයක් වූයේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය ඇතුළු රැඩිකල් වාමාංශය පොදු ක්‍රියාමාර්ගයක් වෙනුවෙන් සමගි ජන බලවේගය ඇතුළු දක්ෂිණාංශික කණ්ඩායම් සමග වැඩ කරන්නට කැමැත්ත පළ කිරීමයි.

රැඩිකල් වමේ පැත්තෙන් ගත් විට මෙය බොහෝ දෙනෙකු මවිතයට පත් කරමින් කළ අනපේක්ෂිත සහ අසම්ප්‍රදායික හැසිරවීමකි. බොහෝ විට මෙවන් දේශපාලන හැසිරවීමක් අපේක්ෂා කෙරෙනුයේ මධ්‍ය-වාමාංශයේ පැත්තෙන් වුවද, ජවිපෙ/ජාජබ නායකත්වය සෙසු විපක්ෂයේ කොටස් සමග ඒකාබද්ධ ක්‍රියාමාර්ගයකට එළැඹීම ප්‍රතික්ෂේප කළ තත්ත්වයක් යටතේ පෙරටුගාමීන්ට තීක්ෂණ ලෙස ක්‍රියාකාරී වෙමින් දේශපාලන ප්‍රධාන ධාරාව තුළ එවන් අසම්ප්‍රදායික හැසිරවීමක් කළ හැකි විය. දෙවෙනිදා විරෝධතාව තුළ විවිධ මතබේදකාරී සිදුවීම් සිදු වුවද, අනාගත දේශපාලනයේ ගමන් මග කෙරෙහි බලපාන වැදගත් නව පෙළ ගැසීමක් එයින් සලකුණු වූ බව ප්‍රතික්ෂේප කළ නොහැකිය. න්‍යායික බසින් කිව හොත්, රැඩිකල් වම හෙජමොනික දේශපාලනය තුළ තම පෙනී සිටීම සලකුණු කර ගන්නා අතර, මධ්‍ය-වම සාපේක්ෂ හුදෙකලාවකට ලක් විය. මේ වනාහී දකුණේ පැත්තෙන් මෑතකාලීනව රනිල් වික්‍රමසිංහ විසින් සිදු කරන ලද ආකාරයේ ‘පොතේ නැති’ ඇදීමක් වමේ පාර්ශවයෙන් සිදු කිරීමකි.

මේ සමග මෙතෙක් කලක් පාර්ලිමේන්තුවාදී මධ්‍ය-වමට සහයෝගය ලබා දුන් ඇතැම් සිවිල් සමාජ කොටස් අතර කිසියම් ව්‍යාකූලභාවයක් නිර්මාණය වෙමින් පවතින බව පෙනේ. රූපිකව කිව හොත්, 2015 දී දේශපාලනයේ ජනප්‍රිය ධාරාව තුළ නොසිටි පෙරටුගාමී වම අද වන විට නිසැකවම සිටින්නේ ජාතික දේශපාලනයේ වැදගත් හැසිරවීම් සිදු කළ හැකි තත්ත්වයකය. නමුත්, එය ජාතික දේශපාලනයේ අද්දර සිට මධ්‍යයට ප්‍රවේශ වෙමින් සිටින්නේ තම වාමාංශික දැක්ම සහ ස්ථාවරයන් සම්මුතිගත කරමින් නොවේ. හරියටම නොවැම්බර් දෙවෙනිදා විරෝධතාවට දිනකට පෙර කොළඹ පදනම් ආයතනයේදී පවත්වන ලද මහජන කවුන්සිල ගොඩ නැගීමේ ව්‍යාපාරයේ සම්මේලනය මගින් සංකේතවත් කරන ලද්දේ එයයි. මෙසේ දක්ෂිණාංශිකව රූපාන්තරණය නොවී නව ආකාරයක වාම ප්‍රති-හෙජමොනික දේශපාලනයක යෙදීමට පෙරටුගාමී වමට හැකිව තිබෙන්නේ එක් අතකින් අරගලය විසින් විවෘත කරන ලද නව දේශපාලන අවකාශය තුළ ක්‍රියාකාරී වීමෙනි; අනෙක් අතින් මහජන කවුන්සිල ව්‍යාපාරය මගින් සංඥා කෙරෙන පරිදි, ප්‍රජාතන්ත්‍රවාදයේ රැඩිකල්කරණයක් පිළිබඳ නව උපායමාර්ගික හැරවුමක් ගැනීමෙනි. මෙම නව හැරවුම විසින් මෙතෙක් තමන් දෙස නොබැලූ තම කාඩරයෙන් සහ පාක්ෂික ජාලයෙන් පිටත සමාජය ආමන්ත්‍රණය කිරීමේ ශක්‍යතාව පෙරටුගාමී වම විසින් අත්පත් කර ගනිමින් තිබේ.

විශ්වීයත්වය සහ සංකේතීය හිණිමග

දකුණ බවට රූපාන්තරණය නොවී හෙජමොනික දේශපාලනයේ යෙදෙන්නේ කෙසේද යන්න වත්මන් යුගයේ වමේ දේශපාලනය හමුවේ ඇති මූලධාර්මික ගැටළුවකි. මෑතකදී ජීවන්ත පියතුමා විසින් මහජන කවුන්සිල ව්‍යාපාරයේ ක්‍රියාකාරීන් කිහිපදෙනෙකු සමග සංවිධානය කරන ලද සාකච්ජාවකදී මගෙන් මේ ප්‍රශ්නය විමසනු ලැබිණ.

මගේ අවධාරණය වන්නේ පවත්නා යථාර්ථ ලෝකයේ රාමුවෙන් පිටත පවත්නා වඩා පරමාදර්ශී නොහොත් විශ්වීය අරමුණක් පිළිබඳ අදහස වමේ දේශපාලනය තුළ සෑම කලෙකම පැවති (සහ පවතින) බවයි. දේශපාලනයේදී එවන් යථාර්ථයට වඩා වූ දෙයක් පැවතීම ඉතාම වැදගත්ය. මන්ද යත්, මිනිසුන් අනුරාගිකව බැඳෙන්නේ තමන්ට පහසුවෙන් අත්පත් කර ගත හැකි දේ සමග නොව අත්පත් කර ගැනීමේ සිතිජයෙන් පිටත පවත්නා ‘වඩා වූ දෙය’ සමගය. එය අත්පත් කරගත හැකි යැයි අප සිතූවද කිසිදාක එය සම්පූර්ණයෙන්ම අර්ථවත් කර ගන්නට අපට නොහැකිය. හරියට පෙමින් බැඳෙනවා වැනිය. එය පවතින්නේ අපගේ තාර්කික බුද්ධියට එපිටින්ය. අප කවුරුත් දන්නා පරිදි, විශේෂයෙන්ම 1989 දී බර්ලින් තාප්පය බිඳ වැටීමට පෙර පැවති ලෝක ක්‍රමය තුළ මෙම යථාර්ථයට ‘වඩා දෙය’ අත්පත් කරගැනීම පිළිබඳ දේශපාලන ලාළසාව වමේ විවිධ ප්‍රවණතා තුළ පැවතිණ. නමුත්, ඊනියා සැබවින්ම පැවති සමාජවාදය බිඳ වැටුණු පසුව වාමාංශිකයින් බහුතරයකගේ විශ්වීය ප්‍රාර්ථනාව නොහොත් කොමියුනිස්ට් සමාජය පිළිබඳ අදහසද ප්‍රශ්න කිරීමට ලක් විය.

එසේ වූයේ මන්ද? මෙම ඓතිහාසික අත්දැකීම මගින් අපට උගන්වනු ලබන වැදගත්ම න්‍යායික පාඩම වන්නේ විශ්වීයත්වය පිළිබඳ අදහසක් පැවතීම පමණක් දේශපාලනයට ප්‍රමාණවත් නොවන බවයි. එම විශ්වීයත්වයත් අපගේ දෛනික ජීවිතයේ ආසන්න යථාර්ථයත් සම්බන්ධ කරන්නා වූ කිසියම් මධ්‍ය ලක්ෂ්‍යයක්ද වුවමනා බවයි. වෙනත් වචනවලින් කිව හොත්, පවත්නා සංකේතීය යථාර්තයේ රාමුවට පිටතින් පවත්නා දෙය වෙතට දිශානත වූ කිසියම් සංකේතීය හිණිමගක්ද වුවමනාය. (අර්නෙස්ටෝ ලැක්ලාවූ ‘හෙජමොනික බැම්ම’ ලෙස හඳුන්වන්නේ එයයි). විශ්වීය පරමාදර්ශය පිළිබඳ පොරොන්දුව සැබෑ කරගත හැකි යැයි මිනිසුන්ට ඒත්තු යන්නේ එවිටය. විශ්වීයත්වය සමග දෛනික ජීවිතයේ යථාර්ථය සම්බන්ධ කරන ක්‍රිස්තියානි සංකේතය වන ජේසුස් වහන්සේ මේ සඳහා නිදසුනකි. ඔහු මෙලොව ජීවිතය තුළ දිව්‍යත්වය නියෝජනය කළද, අප වැනිම මනුෂ්‍යයෙකුද වේ. ජීවන්ත පියතුමා කදිමට පැහැදිලි කළ පරිදි, ජේසුස්ගේ පණිවිඩය එකල ඊශ්‍රායලය තුළ ප්‍රචලිත වූයේ එය පැවති පීඩාකාරී දේශපාලන ක්‍රමයෙන් ගැලවීමේ පොරොන්දුවක් වූ බැවිනි. සාමූහික විමුක්තිය පිළිබඳ සමාජයීය බලාපොරොත්තුව එයින් සංකේතවත් කෙරිණ.

මේ සාකච්ජාවට මා එකතු කරන්නට කැමති කාරණය වන්නේ විශේෂයෙන්ම දේශපාලනයේදී එම පොරොන්දුව මිනිසුන්ට ඒත්තු යන සුළු එකක්ද විය යුතු බවයි. පෙරෙයිට්‍රොයිකාවට පෙර යුගයේ බොහොමයක් වාමාංශිකයින් හට විප්ලවීය පක්ෂයේ නායකත්වයෙන් කෙරෙන සමාජ විප්ලවය නමැති පොරොන්දුව නොහොත් සංකේතීය හිණිමග එසේ ඒත්තු යන සුළු එකක් විය. නමුත්, සමාජ විප්ලවය පිළිබඳ සංකේතීය හිණිමග බිඳ වැටුණු පසුව වමේ බොහෝ කොටස් කළේ විශ්වීයත්වය පිළිබඳ අරමුණ මුළුමනින්ම අතහැර දමා පවත්නා යථාර්ථ රාමුව තුළම යම් යම් වෙනස්කම් කිරීමේ දේශපාලනයකට සීමා වීමයි. එක්සත් ජනපදයේ ටෝනි බ්ලෙයාර්ගේ තුන්වැනි මාවතේ සිට ලංකාවේ ජවිපෙ/ජාජබ දූෂණවලින් තොර යහපාලනයක් ගොඩ නැගීමේ දේශපාලනය දක්වා නිදසුන් ගණනාවක් ඒ සඳහා සැපයිය හැකිය. නොඑසේනම්, බහුතර ජන්දයෙන් බලය දිනාගැනීමේ අරමුණ වෙනුවෙන් පවත්නා අධිපති ජනවාර්ගික, ආගමික, පන්තිමය, සමාජ-ලිංගික යනාදී සබඳතා සමග ක්‍රම ක්‍රමයෙන් අනුගත වීමේ දේශපාලනයක් ලෙසද එය හැඳින්විය හැකිය. මා මින් පෙරද පෙන්වා දී ඇති පරිදි, ඒ ආකාරයෙන් බලය දිනාගත හැකි වුවත්, එසේ බලය කරා යන ගමනේ කෙළවරදී වමේ නායකත්වය දක්ෂිණාංශික පාලකයෙකු බවට රූපාන්තරණය වී සිටිනු ඇත.

වමේ හෙජමොනික උපායමාර්ග දෙකක්

ස්ලේවෝයී ශිෂෙක් පෙන්වා දෙන පරිදි වාමාංශය විසින් දේශපාලනයේ විශ්වීයත්වය පිළිබඳ මානය අත් හළ විට එම ස්ථානය අත්පත් කර ගනු ලැබුවේ අන්ත-දක්ෂිණාංශික ජාතිකවාදීන් විසිනි. “එක්සත් ජනපදය යළිත් ශ්‍රේෂ්ටත්වයට පත් කිරීම”, “ඉන්දියාව රාම රාජ්‍යයක් කිරීම”, “ලංකාව ආසියාවේ ආශ්චර්යය බවට පත් කිරීම” යනාදියෙන් සංකේතවත් වූයේ එයයි. එපමණක් නොව, දේශපාලනය තුළ අත් හැර දමන ලද පවත්නා යථාර්ථයට වඩා දෙයක් පිළිබඳ වූ අපේක්ෂාව වෙළඳ දැන්වීම් ලෝකය විසින්ද සාර්ථකව අත්පත් කරගෙන ඇති බව ඔහු පෙන්වා දෙයි. ග්‍රාම්ස්චිගේ වචනයෙන් කිව හොත්, පාරිභෝජනවාදය අපගේ දෛනික ජීවිතයේ ආගමක් බවට පත් වූයේ කෙසේදැයි වටහාගැනීමේදී ඒ කාරණයද අදාළය. දේශපාලනය හුදෙක් “දූෂණ හා වංචා පිටුදැකීම”, “ධනවාදය කළමනාකරණය කිරීම”, “යහපාලනය ඇති කිරීම” යනාදී තේමාවලට සීමා කිරීමේ ගැටළුව වන්නේ දේශපාලනයේ වඩා රැඩිකල් මානය වන ‘විය නොහැකියාව’ සඳහා අරගල කිරීම එයින් මග හැරී යාමයි. එවන් දේශපාලනයක් වඩ වඩාත් සබුද්ධිකවාදී වීම වැළැක්විය නොහැකිය. මන්දයත්, එය ගණුදෙණු කරන්නේ මිනිසුන්ගේ තර්ක බුද්ධිය සමග මිස හැඟීම් සමග නොවන බැවිනි. එවිට වඩා බලවත් හා ආකර්ශනීය හැඟීම්වල දේශපාලනය අන්ත-දක්ෂිණාංශයේ ඒකාධිකාරයට ලක් වීම අපේක්ෂා කළ යුතුය. ආරම්භයේ සිට මේ දක්වාම ජාජබ දේශපාලනයේ ප්‍රධාන ගැටළුවක් වූයේ මෙසේ දේශපාලනය වඩ වඩාත් සබුද්ධිකකරණයට ලක් කිරීමයි. එය නාගරික හා අර්ධ නාගරික උගත් වැදගතුන්ගේ සහ වෘත්තිකයින්ගේ ආකර්ෂණය දිනාගැනීම මේ අනුව පුදුමයට කරුණක් නොවේ.

මීට වෙනස්ව, පෙරටුගාමී වාමාංශය ප්‍රයත්න දරමින් සිටින්නේ විශ්වීයත්වය පිළිබඳ තම ප්‍රාරම්භක අදහස පවත්වා ගන්නා අතරම ප්‍රති-හෙජමොනික දේශපාලනයේ නිරත වීමටය. නමුත්, එම අදහස සමග මිනිසුන්ගේ දෛනික ජීවිතයේ යථාර්ථය සම්බන්ධ කරන්නා වූ මධ්‍ය-ලක්ෂ්‍යයක්, හෙජමොනික බැම්මක් නොහොත් සංකේතීය හිණිමගක් මෑතක් වනතුරුම ඔවුන් සතුව තිබුණේ නැත. එබැවින්, පිටත සමාජයට ඔවුන්ව දිස් වූයේ බොහෝ විට යථාර්ථවාදී නොවන සිහින දකින්නන් පිරිසක් ලෙසිනි. විශේෂයෙන්ම අරගලයේ පළමු අදියරෙන් පසුව පෙරටුගාමී වම ජයගනිමින් සිටින්නේ මෙම න්‍යායික සහ ප්‍රායෝගික බාධාවයි. මහජන කවුන්සිල පිළිබඳ අදහස දැන් වමේ සාම්ප්‍රදායික කවයෙන් පිටත කිසියම් පිරිසකට ඒත්තු යන සුළු යෝජනාවක් වීමෙන් පෙනී යන්නේ එයයි. මෙම සංකේතීය හිණිමග සහ කොමියුනිස්ට් පරමාදර්ශය එකිනෙකට සම්බන්ධ කෙරෙන කතාන්දරය තවමත් පැහැදිලිව ගොඩ නගා නොමැති බවද ඒ අතරම කිව යුතුව තිබේ. එසේම, තවමත් රාජ්‍ය බලය පිළිබඳ ප්‍රශ්නයට ආමන්ත්‍රණය කිරීමේදී මහජන කවුන්සිලය පිළිබඳ අදහසෙහි කිසියම් සීමාවක් ප්‍රදර්ශනය වේ. මේ සීමාව ජයගැනීම සඳහා මා යෝජනා කරන්නේ ද්විත්ව ක්‍රියාමාර්ගයකි. පළමුව, මහජන කවුන්සිලය ප්‍රාදේශීය තලයෙහි සංවර්ධන සැලසුම් සකස් කරන සහ ක්‍රියාවට නගන ප්‍රතිජනනාත්මක දේශපාලන ආයතනයක් බවට පත් කළ යුතුය. දෙවනුව, ප්‍රාදේශීය මහජන කවුන්සිල මගින් මැතිවරණ සඳහා අපේක්ෂක ලැයිස්තු ඉදිරිපත් කිරීමේ අවකාශය (ඔවුන්ව නැවත කැඳවීමේ බලය සහිතව) විවෘතව තබා ගත යුතුය.

අවසන් වශයෙන් කිව යුත්තක් නම්, ජවිපෙ/ජාජබ සහ පෙරටුගාමීන් අතර මේ දිනවල පවතින විවාදය වනාහී සැබෑ නොහොත් සුපිරිසිදු වම බවට පත්වීමට ඔවුන් අතර පවතින තරඟයක් ලෙස හඳුනාගැනීම සහමුළින්ම වැරදි බවයි. සැබවින්ම සිදුවෙමින් පවතින්නේ එහි අනෙක් පැත්තයි. එනම්, දෙපිරිසම දැන් හෙජමොනික දේශපාලනයට පිවිස තිබෙන අතර එකිනෙකට වෙනස් හෙජමොනික උපායමාර්ග දෙකක් ඉදිරිපත් කර තිබේ. තරඟය පවතින්නේ ඒ අතරය. එම තරඟයේදී දෙපිළම අනෙකාට එරෙහිව වාම සුපිරිසිදුභාවය පිළිබඳ ඉපැරණි චෝදනාව මාරුවෙන් මාරුවට දමා ගසනවා පමණි. වචනවලින් කුමක් කීවද, නොවැම්බර් දෙවැනිදා ඒකාබද්ධ විරෝධයෙන් සංකේතවත් වන්නේ පෙරටුගාමී වාමාංශය හෙජමොනික දේශපාලනය තුළ තම පෙනී සිටීම කැපී පෙනෙන ලෙස සටහන් කිරීමක් මිස අන් යමක් නොවේ.

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    0

    දැනට ලංකාවේ තත්ත්වය මාරාන්තික පිළිකාවක් වැනිය. දැන් ඕනම දේකට විසඳුම් හොයන එක අමාරු වැඩක්. විවිධ ස්වභාවයේ දේශපාලනඥයන්, සමාජීය හා සංස්කෘතිකමය වශයෙන් දැවැන්ත ප්‍රශ්න පවා විසඳා ගැනීම නොසලකා හරිමින්, බලයේ රැඳී සිටීම සඳහා තම හිතවත්කම් පවත්වා ගෙන ගියහ. අවස්ථාවාදය ඔවුන්ගේ ප්‍රධාන ධමනිය තනිවම කපා දැමීය. දැන් ෆෙරිපෙරල් රුධිර නාල වලට රුධිරය සැපයීම අවහිර වෙමින් පවතී … රෝගියා දැඩි සත්කාර ඒකකයේ සිටී, නමුත් කැමැත්ත තිබුණත් නිසි ප්‍රතිකාර ලබා දිය නොහැක. තත්ත්වය එබඳු ය.
    .
    අවසාන කරුණ නම් අපේ ජනතාවට සාමාන්‍යයෙන් විසඳුම් සහ ප්‍රතිසංස්කරණ සෙවීමේදී කුඩා ප්‍රශ්නයකට පවා එකඟ විය නොහැකි බවයි. මේක තමයි අපේ මිනිස්සු තවම නිවැරදි නොකරන ලොකුම වැරැද්ද.
    .
    සැලකිය යුතු වෙනස්කම් දැකිය හැකි වුවද මෙය රටේ සෑම අංශයකටම පොදුය. මැතිවරණයකට යාමට පෙර සමාජ සංස්කෘතික ප්‍රශ්න විසඳා ගත යුතුය. එසේ නොවුවහොත්, පාර්ලිමේන්තුවට “තක්කඩියන්” තෝරා පත් කර ගැනීමට හැකි වීමෙන් ප්‍රතිඵලය එයම වනු ඇත. මට නම් එය හරියට “වටේ” රිය පැදවීම වැනිය. මිනිස්සු සීරියස් මදි.
    :
    නිසි අධ්‍යාපනයක් නොමැතිකම නිසා පවතින තත්ත්වය එකතැන පල්වී තිබේද? නිදහස් අධ්‍යාපනය මේ රටේ මිනිසුන්ගේ දැනුවත්භාවය වැඩි දියුණු කර ඇත්තේ කුමක් ද? එසේත් නැතිනම් වෙනත් සමාන අදහස් ඇති සමාජයන්ට වඩා සංස්කෘතික බලවේග අපේ සමාජය තුළ මුල් බැස තිබේද? පකිස්තානය, සෝමාලියාව සහ සාක්ෂරතාව වැඩි සංඛ්‍යාවක් ඇති ඒ හා සමාන රටවල තත්වය මට හොඳින් තේරුම් ගත හැකිය, කෙසේ වෙතත්, අද වන විට අපේ සහ ඔවුන්ගේ බොහෝ පොදු දේ ඇත.
    :
    මම ගිය සතියේ වැල්ලවත්තේ සිට කඩවතට ගියේ පොදු ප්‍රවාහන බසයෙන්, ප්‍රවාහනය ගැන කරුණු සෙවීමේ මෙහෙයුමක් ලෙස. මම සාමාන්‍යයෙන් මගේ මව්බිමට යන සෑම අවස්ථාවකම එය කරනවා. එහිදී මට දැනුණේ දෛනික මගීන් ලෙස මිනිසුන්ගේ අරගලය දරාගත නොහැකි බවයි. මිනිස්සු අහිංසකයි ඒත් මෝඩයි.

    මගීන්ට ලිංගික අතවර කරන අයද ඒ අතර විය.එය පෞද්ගලික බස් රථයක් සහ ලංගම බස් රථයක් මෙන් මගීන්ගෙන් පිරී ඉතිරී ගිය බස් රථයකි. මට ආසන 2ක විරුද්ධ පැත්තේ ආසනයක් තිබුණා. හිටගෙන එන මගීන්ගෙන් මාව තෙරපුණා. මගේ කකුලේ ආබාධයක් තිබූ නිසා මහ හඬින් වාඩි වීමට තැනක් ඉල්ලා සිටි මැදිවියේ කාන්තාවකට මගේ අසුන ලබා දීමට නොහැකි විය.
    සමහර කාන්තාවන් ඒ මොහොතේ කෑගැසුවේ ඇයට පිටුපසින් සිටි සමහර පිරිමි මගීන් තම ලිංගික අවයව ඇගේ සිරුරේ අතුල්ලමින් සිටින බවයි. මම ඒ මොහොතේ කෑගැසුවෙමි, “ආදරණීය ආදරණීය නෝනාවරුනි, ඔබට ඔවුන්ගේ ලිංගික අවයව වලට එම ස්ථානයේදීම පහර දිය යුතුය, එසේ නොවුවහොත් ඔවුන් දිගටම අතවර කරයි, එම අපයෝජකයින් එය දිගටම කරගෙන යනු ඇත” – එවිට එම කාන්තා මගීන් වඩාත් බලවත් වී ඔවුන්ගේ සමානකම් මට කියන්නට පටන් ගත්හ. අත්දැකීම්.
    මට පැහැදිලි වූ සියලු දේ නම් … එක් කොටසක් පමණක් නොව, අද වන විට මේ රටේ සෑම දෙයක්ම පාහේ අවුල් ජාලයක පවතී.

    tbc.

  • 0
    1

    cont.
    .
    සාමාන්‍ය ජනයාගේ “චින්තන ස්වභාවය” වැඩිදියුණු කිරීමට සම්බන්ධ විය යුත්තේ කුමක්ද සහ කවුරුන්ද? මම හිතන්නේ බලධාරීන් සාමාන්‍ය ජනතාවට කරුණු පෝෂණය කරමින් ඔවුන්ගේ දැනුවත්භාවය වැඩි දියුණු කිරීමට කළ හැකි සෑම දෙයක්ම කළ යුතුයි. ඔවුන්ට කරුණු වැටහෙන්නේ නැත්නම් ඒ අරමුණ ඉටු කරන පාලම් වන්දනා පන්නයේ වැඩසටහන් තිබිය යුතුයි.
    .
    JVP සහ අනෙකුත් සියලුම සහෝදර පක්ෂ ඔවුන්ගේ පක්ෂ මතවලට වඩා බොහෝ දේ පොදු ය. මම කියන්නේ විමල් බුරුවන්සේ සහ පෙරටුගාමි ජවිපෙන් මතුවෙලා පසුව කැඩිච්ච ව්‍යාපාර බවට පත්වුණා. මම ඔවුන් තුළ උද්යෝගිමත් දෙයක් දකින්නේ නැහැ. ඔවුන්ට පොදු වේදිකාවක වැඩ කිරීමට නොහැකි විය, එසේ නම් ඔවුන් පොදු අනන්‍යතා මට්ටම් කරා වර්ධනය වන්නේ කෙසේද? පොඩි ප්‍රශ්නයකටවත් එකඟතාවකට එන්න අමාරුයි කියලා මට දැන් හිතෙනවා. මේක අපේ මිනිස්සු ඉන්න හැමතැනම පේනවා. කෙසේ වෙතත්, ඔවුන්ගේ මුළු ජනගහනයම සම්පූර්ණයෙන්ම මෝඩ සහ සත්‍ය සහ සත්‍ය තොරතුරු වලින් ඈත් වන ඍණාත්මක ඉන්දියාවේ මෙය ඉතා පැහැදිලි නැත. ඒ වන විට ලංකාව සභාග ආණ්ඩු ආරම්භ කර තිබූ අතර බොහෝ ඉන්දියානුවන් එය ප්‍රංශ, ජර්මානු සහ අනෙකුත් යුරෝපීයයන් සහ ඔවුන්ගේ දේශපාලන ක්‍රම සමඟ සංසන්දනය කරමින් සිටියහ.
    එයින් අදහස් කරන්නේ අපේ දේශපාලන ක්‍රම ස්වෝත්තමවාදී ඉන්දියානුවන්ට වඩා තරමක් ප්‍රගතිශීලී වන නමුත්, අපව එකතැන පල් වී ඇති අතර, එය ජල මතුපිටට යටින් බෝලයක් තබා ගැනීම හා සමාන සංස්කෘතික බලවේගයන් විසිනි. මෙම සංස්කෘතික බලවේග ඔවුන්ගේ බලයෙන් ඉවත් කළ යුතුය, එවිට අපට ලෝකයට විවෘතව හා වර්තමාන ඉතියෝපියානුවන් මෙන් විය හැකිය. ඉතියෝපියානුවන් මෑතක් වන තුරුම ඔවුන්ගේ වෙළඳ ගිවිසුම් ගැන සෘණාත්මකව සිතූ නමුත් අද ඔවුන් අප්‍රිකාවේ බලවත් ආර්ථිකයන්ගෙන් එකකි. බොහෝ යුරෝපීයයන් ඔවුන්ගේ විශාල ඉඩම්වල ආයෝජනය කිරීමට නැඹුරු වෙති

  • 1
    0

    මගේ ඔළුව කවදාවත් මේ තරම් ලේසියෙන් අතහරින්නේ නැහැ කියලා හිතන එක ප්‍රාර්ථනාවක් වෙන්න පුළුවන්, කොහොම වුණත් ජනතාවම ඊට එරෙහිව නැඟී සිටියොත් පවතින තත්ත්වයට පයින් ගහලා තමන්ට දැනෙන වෙනසක් කරන්න පුළුවන්. මම මගේ රටේ කිසිම දෙයක් හරි හැටි දකින්නේ නැති තරම්.

    ඔක්තෝම්බර් මාසයේ දෙවන භාගයේදී, ශ්‍රී ලංකාවේ ටික කලක් ගත කළ මගේ ඇස් පැහැදිලි වී ඇත්තේ මිනිසුන් තවමත් “බූරුවන්” වැනි බවයි: ඔවුන් කන්නේ අමු අමුද්‍රව්‍ය නොව “බත් සහ කරි” බව පමණි. ඔවුන්ට කුමක් සිදුවේද යන්න ඔවුන් ගණන් ගන්නේ නැත, නමුත් තවත් දිනක් ජීවත් වේ.

    දේශපාලකයන්ගේ ඡන්ද බලය ජනතාව අතේ තිබුණත් ඔවුන් ළමා කාලයේ සිට නව යොවුන් විය දක්වා මුල් බැසගත් මානසිකත්වයට බල රහිත ශාපයක් සේ පවතී. මගේ ඇස් විශ්වාස කළේ විවිධ අසාධාරණයන්ය. මම මගේ විවේකය හෝටලයක ගත කළෙමි, කෙසේ වෙතත්, මම පාරට ගොස් සමහර පූර්වගාමීන් සමඟ කතා කළෙමි. රථවාහන පොලිස් නිලධාරීන් සහ තවත් බොහෝ දෙනෙක් මා වෙත පැමිණියහ.
    එහිදී, මම එය දුටුවේ, පොදු ප්‍රවාහනයෙන් WP සහ ගාල්ල ප්‍රදේශයේ a සිට b දක්වා ගමන් කරන ආකාරයයි. ලොකු මිනිස්සු හැසිරෙන්නේ තමන්ගේ ඉන්ද්‍රියයන් 5 සැඟවුණු දෑතින් කුලියට ගත් ආකාරයටයි. ඇස් දෙකෙන් බලන් ඉන්න බැරි අසාධාරණකම්වලට විරුද්ධව මම කෑ ගැහුවත් වැඩි දෙනෙක් මාත් එක්ක සාකච්චාවක යෙදුනේ නෑ.

    මම ප්‍රශ්න කළේ මිනිස්සු බයද කියලා. සමහර මැදිවියේ පිරිමින් සහ ගැහැනුන් මගීන් ලෙස හොඳ අදහස් කිහිපයක් එකතු කළ නමුත් ඔවුන් ගැන මා රැස් කළ මතය ප්‍රගතිශීලී නොවීය.

    ශ්‍රී ලාංකේය සංස්කෘතියේ ඔබට හෝ බොහෝ දෙනෙකුට නොතේරෙන දෙයක් තිබේ, එය මිනිසුන්ගේ නොසැලකිලිමත් ස්වභාවයයි. මම මෙය වසර ගණනාවක් තිස්සේ නිරීක්ෂණය කර ඇත්තෙමි. නිදහස් අධ්‍යාපනයේ ආශිර්වාදය ලැබුවත් ඔවුන් හැසිරෙන්නේ නිදහස් අධ්‍යාපනයේ ආශිර්වාදයක් නැති නූගත් පකිස්තාන් ජාතිකයන් ලෙසය.

  • 0
    0

    මේ රට සහ ජාතිය හෝ මෝඩ මිනිසුන්ගෙන් පිරුණු වෙනත් ඕනෑම ජාතියකට මඟ පෙන්විය හැක්කේ දැනුවත්භාවයෙන් පමණි.

    සියලුම විශ්‍රාමික වෘත්තිකයන් එකතු වී නූගත් ජනතාවට මූලික කරුණු ග්‍රහණය කර ගැනීමට ප්‍රතිකාර කළ යුතුයි. කෙසේ වෙතත්, උගත් සහ වෘත්තීය යැයි විශ්වාස කරන ඇතැමුන් එම උතුම් උත්සාහයෙන් ඈත් විය යුතුය.

    බයිරා වැවේ බලහත්කාරයෙන් ගිල්වා දඩුවම් ලැබූ මැදිවියේ ගුරුවරියක් හෝ අප දන්නා පරිදි තවමත් එවැනි මනසක් ඇති පිරිමින් සහ ගැහැණුන් සිටී, එය කිසි විටෙකත් පොදු කාරණයක් සඳහා වෙනස් නොවේ. එබැවින් ගැටලුව පෙනෙනවාට වඩා බරපතල ය. ඔවුන්ගේ ප්‍රබල අදහස් සහ සිතිවිලි කිසිදා ලේසියෙන් මැකී යන්නේ නැත… ගල් ගැසුවද. ඉතින් ඔවුන් මෝඩයි… …ඉතින් ඇය හෝ ඔහු ගුරුවරියක් වූ පමණින් ඔහු හෝ ඇය දක්ෂයෙක් නොවේ. ඉතින් අපේ රාජපක්ෂ දඬුවම් දේශයේ වෙන කොහේවත් නැති විදියට බුද්ධිමතුන් සහ බුද්ධිමතුන් අතර රේඛාව බොඳවෙලා.

    tbc

  • 0
    0

    එය දැවැන්ත කර්තව්‍යයක් වන්නේ මාධ්‍ය දැවැන්තයින් මෙතරම් කාලයක් රාජපක්ෂ මාෆියා ජාලයට ගැට ගැසී සිටි බැවිනි. දැන් එය අපේ රටේ බලවත්ම සමාජ මාධ්‍ය බවට පත්වෙමින් තිබේ. නාමල් බබා හෝ ඔබ වැනි අය මේ ජාතියට කළ නීති විරෝධී වැඩවලට සදාකාලිකවම පහර දී සිරගත කළ යුතුය.

    ඌරුමස් පිටිපස්සෙන් කපයි කියන කියමනට අනුව ටීවී චැනල් වලට වඩා ලංකාවේ මාධ්‍යවලට ලැබිය යුතු සියලුම මුදල් රාජපක්ෂලා හොරකම් කරනවා.

    නිකම්ම නිලතල දරන්නෙකුට නමුත් විද්‍යා උපාධිධාරියෙකුට නිසි නායකත්වයක් සමඟ වෙහෙස මහන්සි වී වැඩ කිරීමෙන් තම අරමුණු ඉටු කර ගත හැකි බව ඔහු ජාතියට පැහැදිලි කළේය. දූෂණය වංචාව එතැනින් ඉවත් කළ යුතුයි. මමත් වරක් ඒ පූජකතුමාට කිව්වේ “යුරෝපීය ස්ටයිල් ඩ්‍රැග් රැජිනක් හෝ පාරාදීසයේ කුරුල්ලෙක්” කියලා. නමුත් අද සමාජයේ සැබෑ නායකයෙකු වීමට ඔහු තම පෞරුෂය වර්ධනය කරගෙන ඇත.

    ඔහුට එල්ල වූ සියලු ගල් ප්‍රහාර නොතකා, ඔවුන්ට උදව් කිරීමට සහ ඔහුගේ අරමුණු සාක්ෂාත් කර ගැනීමට ඔහු සියලු බලවතුන් වෙත ළඟා විය. බොහෝ ව්‍යවසායකයින් සහ බාහිර වෘත්තිකයන් ඔහුට අරමුදල් සැපයූහ. දැන් “” ස්ථානය “වෙහෙස මහන්සි වී වැඩ කරන්නන්ට” ඔවුන්ගේ අවසාන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ආදර්ශයක් වී ඇත.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.