29 October, 2021

Blog

බුද්ධාගම ව්‍යවස්ථාවෙන් හලන්නට කාලය පැමිණ ඇත​

තිසුරි වන්නිආරච්චි

තිසුරි වන්නිආරච්චි

විශ්වය කියන්නේ මහ පුදුම දෙයක්. අපි මේ ලෝකයට පැමිණෙන්න කලින් තිබුණු විශ්වය අපි මේ ලෝකෙන් යනකොටත් ඉන්ද්‍රකීලයක් මෙන් නොසැලී සිටි. අද ලෝකයේ ජීවත් වන මිනිසුන් විශ්වයේ දවසක, තප්පර දශමයක් පමණ වටි. මෙතරම් දැවැන්ත විශ්වය ඉදිරියේ පොළොවෙ පයගසා සිටින්න උදවු කරන්නට අපට ලැබුණු අනර්ග අත්පොතකි බුද්ධ ධර්මය​. මහ මුහුදක දිය බිඳුවක් තරම් විතර වටින අපේ ජීවිතවලට​​, ලෝකයටත්, අපිටත් බරක් නොවී ජීවත්වන්නේ කෙසේද​ කියා බුද්ධ ධර්මයෙන් කියාදෙයි. අප සැබෑ බෞද්ධයෝ නම්, ධර්මයේ කියා දෙන ආකාරයට පටු භෞතික තණ්හා අතහැර​, සසරෙන් එතරවෙන්න අවශ්‍ය මානසික සංයමය හිතේ ඇතිකරගත යුතුයි​. බෞද්ධ දේශයක් කියා හඳුන්වන ලංකාවෙ මෙතරම් වටින බුද්ධ ධර්මයෙන් ගත යුතු ප්‍රයෝජනය ගැනෙන්නෙ නැත. බුද්ධ ධර්මයට ලැබියයුතු අවධානය අද ලංකාවේ ලැබෙන්නෙ බුද්ධාගමටයි.

“බුද්ධාගම” බුද්ධ ධර්මයට හාත්පසින්ම වෙනස්.

ආගම භයානකයි

ආගම වනාහි අපට මනුෂ්‍යයින් ලෙස උප්පත්තියෙන් ලැබී ඇති, අපගේ ක්‍රියාවන්ට අප සතු වගකීමේ හා වගවීමේ හැකියාව පසෙකලා අදෘශ්‍යමාන​, අධිමානුෂික පාලන බලයකට යටත් නීතිරාමුවක​ අප ජීවිත පාලනය කිරීමට අවස්ථාව ලබාදීමයි.

මතුපිටින් බැලූ කල ආගමේ කියන්නට තරම් වැරැද්දක් නැත​. ජීවිතේ කටුකබව, අමිහිරිබව වගේම​, විටෙකදී දරාගත නොහැකිතරම් වන සුන්දර බව ද විඳදරාගැනීමට අවශ්‍ය සංයමය අප තුළ ඇතිකරගන්නට විවිධ මෙවලම් ලෝකය විසින් අපට ලබා දී ඇත​. කලාව​, ආදරය​, මත්පැන්, බලය​, මත්ද්‍රව්‍ය​, ක්‍රීඩාව​, සූදුව… මෙවලම් ලැයිස්තුවට නිමක් නැත​. ආගමත් ඒ මෙවලම් ලැයිස්තුවට අයත් වේ.

පදනම් කරගන්න දර්ශනය කොතරම් වෙනස්වුණත්, සියලු ආගම් භාවිතා කරන රාමුව බොහෝ දුරට එකමයි. “මාගේ දර්ශනය ලොව උතුම්ම දර්ශනයයි, මාගේ ශාස්තෲවරයා/ දෙවියා උතුම්ම ශාස්තෲවරයා ය/ දෙවියා ය​. මාගේ දර්ශනයේ අනුගාමිකයකු වීම ස්වර්ගයට යෑමට​/ නිවන් දැකීමට ඇති එකම මගයි. මාගේ ආගම පිළි නොපදින්නෝ පවුකාරයෝය​, ඔවුන්ට මාගේ ලෝකයෙ ඉඩ නැත​.”

ආගම් හැදෙන රාමුවත් ත්‍රස්තවාදී සංවිධාන පදනම් කරගන්න රාමුවත් අතර බියජනක සමානතා තිබේ. ත්‍රස්තවාදී සංවිධානයක් බිහිවීමට අවශ්‍ය සියලු සාධක​, ආගම තුළ දැකිය හැක​. ඇමරිකාවෙ වෙස්ට්බොරො බැප්ටිස් පල්ලිය පටන්, මැදපෙරදිග ISIS, ඊසානදිග මියන්මාරයේ විරතු හිමිගේ 969 දක්වා ලෝකය පුරා, ඉතා සූක්‍ෂම හා කාර්යක්ෂම ලෙස ආගම පදනම් කරගත් ත්‍රස්තවාදී ව්‍යාපාර සාදාගත හැකි වූයේ මේ සාධක නිසාය​.

ව්‍යවස්ථාවට ආගමක් කුමටද​?

බුද්ධාගමට තැනක් ව්‍යවස්ථාවේ ලබාදෙන්න ඕනේ කියන අයගේ මූලික තර්කය ලංකාවේ අනන්‍යතාවයට බුද්ධාගම අත්‍යාවශ්‍යයි කියන එක​.

මම සතුන්ට හිරිහැර කරන්නේ නැහැ. බොරු කියන්නේ නැහැ. කාමයේ වරදවා හැසිරෙන්නේ නැහැ, හොරකම් කරන්නේ නැහැ, මත්පැන් බොන්නේ නැහැ, කියන සුපිරි බොරු පහේ පදනම මතයි ලංකාවේ බුද්ධාගම හැදෙන්නේ. ඇත්තටම ලංකාවේ ඔය පන්සිල් පහම රකින මිනිස්සු සීයට පහක්වත් ඉන්නවද? මස්මාලු නැති කොට දානෙ වලඳන්නෙ නැති හාමුදුරුවො ඉන්න​, බොරුවෙන්ම ජීවත් වෙන දේශපාලනඥයො වැහි වැහැපු, සිල්ලර බඩු කඩේ ලාච්චුවෙ සිට​ මහ බැංකුව වෙනකම්ම හොරකම් සිද්ධ වෙන, පාසැල් ළමුන් කාලේ ඉඳන් පටන් ගන්න මත්පැන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම පිරුණු රටක අනන්‍යතාවය තුළ​ ඇත්තටම බුද්ධාගමට ඉඩ තිබේද​?

මම එසේ කියන විට ඔබ පෙරළා අසන්නට පුලුවන්, මේ ප්‍රශ්න රටේ තියෙන නිසාම නේද ව්‍යවස්ථාවට ආගමක් අවශ්‍ය කියා. මෙය ජනප්‍රිය තර්කයක් වුණත්, මට ඒ තර්කයේ දුර්වලතා බොහොමයක් පෙනේ. එක: ආගමට ව්‍යවස්ථාවේ හිමිවෙන තැන රටක විනය ඇතිකරන්නට සාධක වෙනවා නම්,  මෙතරම් කාලයක් බුද්ධාගමට ප්‍රමුඛතාව දුන්න ව්‍යවස්ථාවක් තිබ්බ රටක් වංචාව​, දූෂණය​, මතට ඇබ්බැහීවීම අතින් මෙච්චර අගාදයකට වැටුනේ කෙසේද​? දෙක​, ආගමේ නාමයෙන් සිදුවන දූෂණය, හොරකම​, අනුගාමිකයින් දේශපාලන වාසීන් සඳහා හැසිරවීම, දේශපාලන හැලහැප්පීම් මේ ප්‍රශ්න තවත් උත්සන්න කරනවා නොවේද​? තුන: සංඝයාට සමාජයේ සියල්ලදත් පඬිවරයාගේ තත්ත්වය ලබාදීම තාත්විකද​? ගිහියන්ට හාත්පසින්ම වෙනස් දිවිපෙවෙතක් ගතකරනා භික්‍ෂු භික්‍ෂුණීන්ට​, ගිහි ජීවිතයේ අපි මූණදෙන සංකීර්ණතා ගැන දැනුමක් තිබේද​? පවුල් ජීවිතයේ, රැකියාවේ, සමාජයේ මුහුණ දෙන ඉතා බැරෑරුම් ප්‍රශ්නවලට ගිහි අපි, සංඝයාගෙන් පිළිතුරු ඔවදන් බලාපොරොත්තුවීම සාධාරණද​? 

බුද්ධාගම හුදෙක්, බුද්ධ ධර්මයේ පහනින් එළිය බලන හෙන්චයියෙකි. කෞතුකාගාරයක තිබිය යුතු නටබුනකි. මානව විද්‍යාව, ඉතිහාසය වැනි විෂයයන්හි ශාස්ත්‍රාලික විශ්ලේෂණය සඳහා ඇති වටිනාකමින් ඔබ්බට ගිය අවශ්‍යතාවක් අද සමාජයේ ආගමට නැත​.

බුද්ධාගමට රටේ ප්‍රමුඛත්වය දිය යුතුයි කියන බොහෝදෙනෙකු සොයන්නේ තමන්ගේ කියන්නට දෙයකි. ඔවුන් ආගම දකින්නේ පිලක් ලෙසය. තමන්ගේ කියා අනන්‍යතාවක් සාදාගැනීමට අපහසු වූ කලි, තමා සම්බන්ධකම් කියන සමාජ සංවිධානයකට තම සහය ප්‍රකාශ කරන ඔවුන් ඒ තුලින් මේ දැවැන්ත විශ්වය තුල ඔවුන්ට දැනෙන අනාරක්ෂිතබව යම්තාක් දුරට අඩු කරගනී. මේ තුලින ඔවුන් පන්තිවාදයක් ඇති කරගෙන, ඒ පන්ති අරගලයේ ඉහල මාලයේ පිලට ඔවුන්වම ඇතුල් කර ගනිති. මෙය සංස්කෘතිකවාදයේ ලක්ෂණයකි. සංස්කෘතිකවාදය විවිද මුහුණුවර ගනී. කුඩාකල තමා ඉගෙනගත් පාසලද මේ සංස්කෘතික පිල් බෙදීමේ ක්‍රියාවලියේ කොටස්කරුවෙක් කර ගැනීමට නූතන සංස්කෘතිකවාදියා සමත් වී ඇත. ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ ඇති විශමතා ප්‍රයෝජනයට ගනිමින් පන්ති භේදයක් ඇතිකර ගැනීම තම පුද්ගලික අනාරක්ෂිතබාවය වසා ගත හැකි මෙවලමක් බව ඔවුන් හදුනාගෙන ඇත. 

සංස්කෘතිය වනාහි සියලු මානුශික හා විද්‍යාත්මක තර්ක මියදෙන්නට යන ගැඹුරු ළිදකි. එම ළිදෙහි සිටින මැඩියාට ළිද වටා ඇති තාප්පය පණටත් වඩා වටී. ඒ තාප්පය මත වැවෙන පාසි, වල් පැලෑටි මැඩියාගෙ ලෝකයේ දෙවිවරුය. එම දෙවියන්හට රටේ ව්‍යවස්ථාවේ ප්‍රමුඛත්වය දියයුතුබව මැඩියාගේ විශ්වාසයයි. මැඩියාගේ පැත්තෙන් බැලූ විට එය සාධාරණ ඉල්ලීමකි.

ආගම ගැටලුසහගතයි

ව්‍යවස්ථාව වනාහි රටක් පාලනය කිරීමට අවශ්‍ය මූලධර්ම ඇතුළත් වූ ලේඛනයකි. රටක ප්‍රජාතන්ත්‍රවාදය රැකීමට භාවිතා කළ හැකි මූලික මෙවලම ද ව්‍යවස්ථාවයි.   

ප්‍රජාතන්ත්‍රවාදය සහ ආගම අතිනත යන්නේ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදයට අත්‍යාවශ්‍ය සාධකයක් ලෙස “the seperation of church and state” නොහොත් ආගම සහ රාජ්‍යයේ වෙන්වී කටයුතු කිරීමේ අතිශය වැදගත්කම​ දේශපාලන විද්‍යාවේ කියාදෙන්නේ මේ නිසයි. ව්‍යවස්ථාවේ තෙවන පරිච්ඡේදයේ 12 වන වගන්තියේ සඳහන් වන සියලු ජාති, ආගම්වල සියලු පුරවැසියන් සතු සම අයිතීන් හා සම තැන,​ දෙවන පරිච්ඡේදයේ බුද්ධාගමට ප්‍රමුඛත්වය දීමෙන් ව්‍යවස්ථා වගන්ති අතර එකිනෙකට​ ​පරස්පරසහගත තත්ත්වයක් මතුකරයි.

සම අයිතීන් ගැන කතාකරන විට බුද්ධ ධර්මයේ නැති ලිංගවාදී, කුලවාදී සංකල්ප බොහොමයක් ලාංකීය බුද්ධාගමේ තිබේ. කොටින්ම කිවහොත් ඒකීය රාජ්‍යයක් ඉල්ලන ලාංකීය සංඝරත්නය පවා තදබල ලෙස බෙදීගිය​ කුල-පන්ති (නිකාය​) පද්ධතියක සිරවී කටයුතු කරති. සැබෑ ප්‍රජාතන්ත්‍රවාදයක ආගම රජයට ඇගිලි නොගසයි. දශක ගණනක් පුරා රැවුලත් සමග කැඳ බීපු අපහට දැන් තීරණයක් ගැනීමට කාලය පැමිණ ඇත​: වතිකානුවේ මෙන් පූජක පක්‍ෂයට රජය කරගෙනයාමට භාර දෙනවාද, නැතිනම්, අවංකවම ප්‍රජාතන්ත්‍රවාදී, ආගම් ජාති නොතකා සියලු මිනිසුන්හට සමතැන දෙන ව්‍යවස්ථාවකට යටත් නූතන දේශයක් තනනවාද බැවු තීරණය කල යුතුවේ.

ඥානසාරගෙන් මෛත්‍රිය ඉගෙන ගන්නට, සම්න්ත්‍රභද්‍රගෙන් අල්පෙච්චතාවය ඉගෙන ගන්නට තරම් අන්ද වූ අපේ බුද්ධාගම කෙරෙහි ඇති භක්තිය​, බුදුන් දෙසූ ධර්මයට අපහාසයකි. බුද්ධාගමට නව​ ව්‍යස්ථාවේ ප්‍රමුඛත්වය දුන්නහොත්, ආගම තවදුරටත් දේශපාලනීකරණය​ කෙරෙනු ඇත​.

බුද්ධාගමට නව​ ව්‍යවස්ථාවේ ඉඩක් දීම බුද්ධ ධර්මයට කල හැකි ලොකුම නිග්‍රහය යි.

*තිසුරි වන්නිආරච්චි ශ්‍රී ලංකාවේ ලාබාලතම රාජ්‍ය සම්මාන ලාභී ලේකිකාවයි.

Print Friendly, PDF & Email

Latest comments

  • 21
    21

    ඔබේ ආගම මොකක්ද? ඔබට ආගමක් නැහැ. ගැරහුම සහ විවේචනය කියන්නේ හාත්පසින්ම වෙනස් දෙයක්.

    මගෙ කේන්තිය නිවුනට පස්සේ මේකට comment එකක් ලියනවා. ඒ මොකොද කිව්වා නම් මම දැන් ලිව්වොත් පාවිච්චි කරන වචන සැර වැඩි වෙන්න පුළුවන්.

    • 16
      22

      Champa@ obawanei aya mee samaajayata hariyata pilikaawak waeniyi.
      ඔබ මේ දක්ශ කාන්තාවට ගරහන්න තියා, ඇයගේ සිතන පතන රටාවෙ 0,0000000% ක් තේරුම්ගන්න මනසක් ඇති කෙනෙකු නොවන බව ඔබ මනාව ඔප්පුකර ඇත. මැවැනි තරුන කානතාන්ගේ අපක්ෂපාති විශ්ලේෂණයන්- හැම පැත්තෙන්ම පිරිහුනු සමාජයට ආලෝකය ලබාදෙන මිනිපහනක් බවයි මගේ හැන්ගීම. මේ සමාජයට විශබීජයන් ඇතුලු කරල දයන්, මහින්ඩපාල වැනි කඩාකප්පල් කාරි දේශපාලනයෙ ප්රවර්දනයට රෙදිනැතිව වැඩකරන එවුන්ට වඩා මේ තරුන අදස් වල වටිනාකම අහස හා පොලවාට ඇති පරතරයක් ලෙස මා දකිනව. සාමාන්‍ය මිනිසාගෙ සිතන පතන ආකාරය දියුනු වුවහොත තමයි, ඒ සමාජය හොන්දපැත්තට යන නායක්යන් බිහින්වන්නෙ. මෙය දියුනුලෝකවල පෙන්නුම කරන අතර, කුහක ඉර්ශාව, ජාතිවදය පිරිනු රටවල මිනිසාගේ ඇති අනවභෝදය නිසා ඒ ඒ රට්වාල මුහුන දෙන්නට ඇති ඉරනමහැමටම පහැදිලියි.
      ලන්කාවෙ බුද්ධාගම හරියට, පිටපොත්ත ලස්සන උනත් ඇතුලත කුනුවෙච්ච පලතුරු ගෙඩියටක සමාන කලහැකියි. බුද්ධාගම කිය කිය වාන්චාකාරී ජාතිවාදි අන්තවාදි එවුන් බලයට පත්වීම නතරවුවහොත් මේ සමාජය ගොඩනැගී ඉදිරි අනාගතය සාර්තකවෙන ඒකන්තයි. රටට අවශය විනය හා නීතිපද්ධති හරියට ලේඩ්වී වින්දවන කෙනෙකුට නැගී සිටින්නට බෙහේත් ලබාදීම වැන්නක්.

    • 20
      19

      බුද්ධාගම හෝ වෙනත් ආගමක් ගැන කිසිම දැනීමක් නැතුව,
      ආගමක සාමාන්‍ය හරය කියන එක මොකක්ද කියල වත් දන්නේ නැතුව,
      අඩුම ගානේ ලංකාවේ සංස්කෘතිය, සභ්‍යත්වය, වටිනාකම්, ගැන හෝ
      ලංකාවේ ඉපැරණි ශිෂ්ඨාචාරය ගොඩ නැගුනේ කෘෂිකර්මය සහ බෞද්ධ සංස්කෘතිය මත කියන සාමාන්‍ය දැනීමවත් නැති,
      රැල්ල යන අතට පීනන්න,
      ඒ කියන්නේ දැන් තියෙන ව්‍යවස්ථාවෙන් බුද්ධාගම “හලන්න” පොඩි තල්ලුවක් දෙන්න කියලා,
      තමන් කිසිම දෙයක් නොදන්නා ආගමකට ගැරහීම පමණක් එකම පරමාර්ථය කර ගෙන ලියපු ලිපියක්.
      .
      පෘතුග්‍රීසින්, ලන්දේසින් සහ ඉංග්‍රීසින් මේ රට යටත් කරගන්න ඉස්සෙල්ල, ලංකාවේ හිටපු හැම සිංහලයෙක්ම බෞද්ධයෙක්.
      .
      අවුරුදු 2600ක් තිස්සේ රැක ගෙන ආපු බුද්ධාගමට, 1815 ඉඳන් 1948 වෙනකම් ලංකාව යටත් කරන් හිටපු ඉංග්‍රීසි ආණ්ඩුවවත් අත තිබ්බේ නැහැ. රටේ වැඩි දෙනාගේ ආගමට ඉංග්‍රීසි ආණ්ඩුව ගරු කළා, ප්‍රමුඛත්වය දුන්නා. රටේ ප්‍රධාන හැම කටයුත්තකදීම, ඒවා පටන් ගැන්මට පෙර සිංහලයන්ට බෞද්ධ චාරිත්‍ර විධි පවත්වන්න ඉඩ දීල ඉංග්‍රීසින් ඒ දිහා ඉවසීමෙන් බලා හිටිය. කිසි දවසක ඒවා කරන්න එපා කියල වත් නවත්තන්න කියලාවත් කිව්වේ නැහැ. ඉංග්‍රීසි අධිරාජ්‍යයට යටත් අනිත් රටවලට වඩා අපේ රටේ මිනිස්සු ශිෂ්ඨසම්පන්න, ගුණ ගරුක ජාතියක් වෙලා ඉන්නේ බුදුදහමින් ලැබුණු අභාෂය සහ මඟ පෙන්වීම නිසා කියලා ඉංග්‍රීසින් තේරුම ගත්ත. ඒ නිසා බුද්ධාගමට ගරු කළා. ඉංග්‍රීසින් තමන්ගේ ශිෂ්ඨත්වය සහ හැදියාව පෙන්නුවේ එහෙම.
      .
      ලෝකෙට පේන්න ඇදහැව්වේ නැතත්, සමලිංගිකයෝ ඇරුනහම ලංකාවේ අනිත් හැමෝටම තමන්ට කියලා ආගමක් තියෙනවා. ලංකාව අන්‍යාගමික කරන්න නටන නැටුම පස්සේ තියෙන්නෙ ඒ කතාව විතරයි.
      .
      “පවුල”කියන ඒකකය මුල් කරගත් සිංහල බෞද්ධ සමාජය තුල සමලිංගිකත්වයට ඉඩක් නැති නිසා, ඒක ප්‍රචාරය කරන්න අවශ්‍ය පසුබිම හදන එක තමයි ලංකාව අන්‍යාගමික කරන්න හදන ජවුසම පස්සේ තියෙන්නේ, වෙන මුකුත් නෙමෙයි. ඕක කරන්න ලැබෙන්නේ නැහැ කවදාවත්.

      • 3
        5

        මාර කතාවක් “සමලිංගිකයෝ ඇරුනහම ලංකාවේ අනිත් හැමෝටම තමන්ට කියලා ආගමක් තියෙනවා”. නව සොයා ගැනීමක්

      • 0
        0

        This comment was removed by a moderator because it didn’t abide by our Comment policy.For more detail see our Comment policy https://www.colombotelegraph.com/index.php/comments-policy-2/

    • 23
      6

      “බුද්ධ ධර්මයට ලැබියයුතු අවධානය අද ලංකාවේ ලැබෙන්නෙ බුද්ධාගමටයි.
      “බුද්ධාගම” බුද්ධ ධර්මයට හාත්පසින්ම වෙනස්.”
      .
      මේක දැකල මට හිනාව නවත්ත ගන්න බැරි වුනා. ඒකයි කලිනුත් කිව්වේ ඔබ බුද්ධාගම ගැන මෙලොව හසරක් දන්නේ නැතුව ලියපු ලිපියක් කියල
      .
      බුදු දහම කියන්නේ න්‍යාය. සිද්ධාන්ත කොටස. බුද්ධාගම කියන්නේ ඒකෙ ප්‍රයෝගික යෙදවීම හෙවත් ජීවිතයේ යථාර්තයට අනුව බුදු දහමේ ඉගැන්වීම් සහ හරයන් එදිනෙදා ජීවිතයට එකතු කර ගැනීම. වෙන ආගම වල මෙහෙම එකක් නැහැ. බුදු දහම කියන්නේ ආගමකට වඩා දර්ශනයක් කියලා කියන්නේ ඒකයි. පිලිපදින්න ඕනේ අවබෝධයෙන්. හැමෝටම ග්‍රහණය කරගන්න බැහැ.

    • 12
      4

      “ආගම වනාහි අපට මනුෂ්‍යයින් ලෙස උප්පත්තියෙන් ලැබී ඇති, අපගේ ක්‍රියාවන්ට අප සතු වගකීමේ හා වගවීමේ හැකියාව පසෙකලා අදෘශ්‍යමාන​, අධිමානුෂික පාලන බලයකට යටත් නීතිරාමුවක……”
      .
      මොනවාද මේ කියන්නේ?
      .
      ඔය කියන්නේ හින්දු ආගම ගැන හෝ ඇදහිලි සහ විශ්වාස ගැන. බුද්ධාගමයි ඒකයි පටලව ගෙන, බුද්ධාගමට පහර ගහනවා.
      .
      බෞද්ධයන්ගෙයි අන්‍ය ආගමිකයන්ගෙයි තියෙන වෙනස මේක. බෞද්ධයෙක් කවදාවත් අන්‍ය ආගමකට ගරහලා මේ වගේ ලිපියක් ලියන්නේ නැහැ.
      .
      බෞද්ධයන් බුද්ධාගමට ගරු කරනවා වගේම අන්‍ය ආගම් වලටත් ගරු කරනවා. පොඩි කාලේ ඉඳන්ම බෞද්ධයන්ව හැඩ ගස්සන්නේ එහෙම. මේ හැදියාව අනිත් ආගම් වලින් ලැබෙන්නේ නැහැ. ඒකයි අපි හැම තිස්සෙම දකින්නේ අන්‍ය ආගමිකයන් හාමුදුරුවරුන්ට, බුද්ධාගමට, බෞද්ධයන්ට, පන්සල් වලට ගරහනව.
      .
      අපේ රට පෝෂිත වුනේ බුදු දහමින්. බෞද්ධයන් පෝෂිත වුනේ බුදු දහමින්. මහා සංඝ රත්නය සහ බෞද්ධයන් අතර තිබෙන බැඳීම වැනි බැඳීමක් වෙන කිසිම ආගමක නැහැ. බුද්ධාගමේ පැවැත්ම නැති කරන්න නම් මේ බැඳීම කඩන්න ඕනේ. ඒක කඩන්න ආණ්ඩුවෙන් පටන් අරන් ඇමතිවරුන්ගෙන් පටන් අරන් අන්‍ය ආගමිකයන් නොකරන දෙයක් නැහැ. හැබැයි, විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ, “අන්‍ය ආගමික නායකයන්” මේ පහත් ක්‍රියාවේ යෙදෙන්නේ නැහැ.
      .
      බෞද්ධයන් නිරාගමික කරන්න සැලසුම් සහගත ව්‍යාපාරයක් යනව. සිංහලයන්ගේ සදාචාරාත්මක හැදියාවන් බෞද්ධාගම එක්ක බැඳිලා තියෙන එක තමයි අන්‍ය ආගමිකයන්ට තියෙන ලොකුම අමාරුව. ඉස්සර වගේ උපේක්ෂාවෙන් ඉන්න බැරි තරමට හාමුදුරුවරුන්ට සහ බුද්ධාගමට පහර ගහනවා. ඒ නිසා කතා කල යුතු තැන මහා සංඝ රත්නය කතා කල යුතුයි. බෞද්ධයා කතා කල යුතුයි.
      .
      වැඩිහිටියෙක් මේ වගේ ලිපියක් ලියනවට වඩා නරකයි තරුණ වයසේ කෙනෙක් ලිවීම. හරි මඟ පෙන්වීම කලේ නැත්නම්, අපේ බෞද්ධ දරුවන් මේ බහුබූත අදහස් ඔළුවට දාගන්නවා. මේ comments ලිව්වේ බෞද්ධ අපේ දරුවන් වෙනුවෙන් වැඩිහිටියෙක් වශයෙන් කලයුතු යුතුකමක් විදියට. අපිට වගකීමක් තියෙනව ඔවුන් මේ අනාගමික රැල්ලට අහු වෙන්න නොදී රැක ගන්න.

  • 13
    4

    Madam,
    Sri Lanka is country with religious freedom compared to most of the Asian countries.
    can you think of this in context with others, hope you have no idea of the term invasion.
    Only reason why Buddhism has to be protected by law is that Buddhists are generally innocent and tolerant people unlike other religions, do u think it will be a reality to remove religion from law in us,uk or saudi. first two are liberal countries even they wont do it.
    only safe heaven we have is this small island, as long as u dont poke in the eye of th Buddhists others can live peacefully.
    When the bud dist fanatics shouted about the new constitution i thought they were crazy, i thought that people voted for a constitutional change and people wanted certain things to be changed in the country (when I say people I mean majority) those things include abolishing of executive presidency and things like that not removing the priority buddism has, so i knew government wouldn’t try something they were not mandated to by the people. however now even i’m scared of the new constitution after reading your article, may be there is a conspiracy to remove the place Buddhism has in the constitution, when ideas like this are spread we know by experience that its not by coincidence. and u must also know that u didnt write this by coincidence. may be being a part of the minority of people who think Buddhism should loose its position in the constitution is something that makes u happy, and you have a constitutional right to do so, however no one can enforce the needs of the minority on the majority as its called injustice., try to spread your word and gain the majority and then the peoples mandate to remove Buddhism and make Sri Lanka non secular but do not do it otherwise under the carpet. however i highly doubt that majority will allow to be squashed by minority. if that’s enforced country will end up in a bloodshed as the opportunists of the opposition are waiting for an golden opportunity to spread their hatred. and people like me who are sound minded reasonable citizens will loose their voice in the struggle and people like you will have no where to hide. so lets protect the harmony.

    • 6
      0

      It is one another germ ” calling it as invasion” but to make every efforts to inject their thoughts twisting the gulliable minds sets of the masses in the island nation. That then would be a greater help Rajapakshes or the like men to abuse the nation for their live up of power intoxications.
      It is who Weerawanse led uneducated groups spread invsasion related views. If he or you would have lived on the west, you would never see in that angle. Western countries have their own agendas rather than even thinking of our issues.
      At the time, Germany let syrian refugees get enter to their country, how many of Germans stood against ? Like wise, the situaton in UK is similar. So most of them though developed folks have their own problems.
      Latter is no clear to Weerawanse or the like men that lived only in SL, but have the talent to twist the average mind set being part of the party mechanisms of them to stay in polics. Just ask NFF or any other constituent parties of UPFA to campaign alone in the next election. There for sure, these men would have been marginalized as tsunami giant waves drove away even hardly rooted natural assets.

    • 1
      2

      Ishan,
      I am no expert in US
      constitution. Nevertheless 1st amendment clearly says that Congrass shall
      make no laws promoting a religion. That wonderful part of the 1st amendment not
      only guarantees the freedom of religion but also freedom from religion.
      History provides more
      than enough evidence that couragous decision
      by then President Thomas Jefferson opens the door for influx of brightest immigrants from all over the world to USA and continues to be the case to date. Secular constitution alone won’t
      remedy all ills in SL. It would be a good start.

      • 2
        0

        Thanks a lot for ur comment as I have quoted us as a non secular country but it clearly is by constitution thought president trump took oath by keeping his hand on a bible . But Uk and Saudi aren’t.by upholding Buddhism in constitution did not do any crimes in this country it did away wit corruption and lost rule of law and non implementation of equality. No one can be descriminated against religion race sex or caste in Sri Lanka according to our constitution. Do not think that removing Buddhism will do any good but it will only do bad. It will make sure that rajapakshas will come to power very soon , it will make sure that what ever little freedom we got under present government is lost for a long time. It will give wings to Buddhist fanatics and silence the sound minded Buddhist

      • 2
        0

        But when the US President takes his oath of office Bible is held on one hand

    • 1
      0

      Adding to my yesterdays comment for a moment let’s assume that Buddhism as u call it didn’t do anything to stop the crimes that happen in Sri Lanka and constitution is not required to protect it but may I ask the question by Buddhism being there on constitution what harm has it done. What harm has it’s done. All of us has an appendix but unless it causes problems no body removes it so why now Buddhism if Buddhist monks are creating havoc removing Buddhism from constitution will it help no it won’t what we need is law and order equal to every one which is already there in our constitution. Do not create unwanted problems and take away the real need for a constitutional change. We need a constitution change and what u are doing is diverting attention from the real need by creating petty issues to make certain hardcore sections of the minority happy. And Buddhist will retaliate and we will loose the opportunity to change this constitution for good and make our country better. Is this actually part of a conspiracy to actually stop the new constitution coming out ??

  • 16
    10

    මොන මෝඩ කතාවක් ද මේ? බුද්ද ධර්මය ගැන ඔබ දන්න මගුලක් නැති බව පමණක් මෙයින් පැහැදිලි වේ.
    බුද්ධාගමට ප්‍රමුඛස්ථානය නොදීමෙන් සිදුවන යහපත කුමක්ද? පාලකයන්ගේ නොහැකියාවට බුද්ධාගම ඉවත් කල යුතු බව පැවසීම විහිළුවකි.

  • 12
    8

    ඊට පෙර මෙයාගේ ගොන් කතා හැලීමට කාලය ඇත. එම නිසා මෙය නොකියවෙමි.

    • 6
      8

      Johan Gonwahanse !
      Tolerance one needs to learn.
      The young lady is telling the truth. But you guys have no brains to get it.
      That is the problem.
      Walmeeharak would never see it beyond. They just mix it up everything.

  • 13
    11

    Simply an Awesome article! Kudos to the writer..You have included everything I have tried explaining to my friends and family over the past 10 years into one brilliant article..People will always argue about these matters and even ostracize you for these points, but in the modern world a secular government does so much better than a religious one. Examples are all around us.

  • 5
    3

    මෙම කතාවට එකගයි.

    එනමුත් සිතිය යුතු දෙයක් ඇත. අනුරාධපුර යුගය දක්වා නිර්මල දහම පැවතුන බව නටබුන් වලින් පැහැදිලි වේ. ඉන් පසු දමිල ආක්‍රමණ නිසා රහතුන් පුලුස්සා මරාදමා දහම තුරන් කිරීම සිදුවිය. ඒ නිසාම රහතුන් නොවූ එහෙත් දහම අසූ අය මේ දහම ලියා තැබීමට කටයුතු කලහ. එහෙදී බුදුන්වත් ලියා තැබීමට නොසිතූ අකුරුවලට හරවන දහම පරිවර්තන දොශ වලට ගොදුරු විනි. නියම දහම අවබෝධ නැති වුනත් දහමේ වටිනාකම දුටු ඔවුන් තැන් තැන් වල හන්ගා මේ ලියූ දහම රැකීමට දිවි පිදූහ. කාලයක් යනවිට නියම ලෝකොත්තර අර්ථ ගලපා ගනු බැරිව ලෞකික අර්ථ වලින් දහම ආගමක් බවට පත් විය. ඔබ වැනි භාශා කරුවන් දහම වටහා ගත් එක එක ආකාරවලට එක් එක් අත්තනෝමත වීරයන් විය.

    නොපෙනුනාට නියම අරුත් ගලපාගන්න ආර්යයන් දැනුද සිටී. ඔවුන් මාධ්ය ඉස්සරහ ආන්දොලාත්මක ප්‍රකාශ කරන අය නොවේ. ඔවුන්ට විවස්තාවක් හරහා හෝ ආගමක නමකින් හෝ දෙවල් ඉතුරු වුන නිසා අද සැබැ දහම ගලපා ගනිමින් සිටී.
    සම්මතය වැරදී කියූ විට මාර්කටිං වැඩිවන කාලයකි මෙය. ඔබත් ආගම ගැන කියා හෝ ඔබව මාරකට් කරගන්න. ලාබාලතම ලේඛිකාව නිසා ටිකක් දහම ඉගෙන ගන්න. අකුරු ලියන්නෙක්ට වඩා ලෝකයක් දකින්න.

  • 9
    7

    “ආගම වනාහි අපට මනුෂ්‍යයින් ලෙස උප්පත්තියෙන් ලැබී ඇති, අපගේ ක්‍රියාවන්ට අප සතු වගකීමේ හා වගවීමේ හැකියාව පසෙකලා අදෘශ්‍යමාන​, අධිමානුෂික පාලන බලයකට යටත් නීතිරාමුවක​ අප ජීවිත පාලනය කිරීමට අවස්ථාව ලබාදීමයි.”
    විනෝදසමය වගේ. හිනාකාල මැරෙණව මෙයාගෙ ගොන් ටෝක්ස් අහල.

    • 5
      13

      ඔබ වැනි මෝඩයන් හිනා කාල මැරෙන්න යනව නම් සුබලකුනකි. මන්ද මේ තරුන කාන්තාව කියන දෙය තමයි සත්යය. මෙවැනි තරුන පරපුරක් මේහි බිහිවුවහොත් ලන්කාවෙ ඉදිරිය ගැන බලාපොරොත්තු තියගන්න පුලුවන්. නැතිනම්, රටේ අවුරුදු දශක ගනන් කලැදෙන ප්රශනය පිලිකාවක් වාගෙ දිගට ඇදේවි.

      • 0
        0

        දැනුම මත පදනම් කරගත් ජිවිත රාමුවෙන් පිට හිතන්න ශක්ියක් නෑ. මැය කියන කාරණාවෙ අර්ථය වටහා ගත යුතුයි..

  • 5
    7

    Thisuri, Obata sthuthiyi…Baya-nethuwa kathaa kalaata…! Buddhaagama-Christianity-Islam- wenath oonema Aaagamakin kiyawenne Yahapatha… Sanketha vitharai wenas…! Praanagaathaya narak wenne, aagama kee nisaa nemei, namuth, Aaagama eka niyama karanne naraka-kriyaawen welakiya yuthu nisai…Constitution ekata monowatada Aaagamak..! Halanna oone thamai…Deepa=Wansa kiyana Chronicle eka thamai me Rate thiyena, peranithama Wansa-Kathaawa…Oooka, 4c liyaddi, atheethaya dihaa balaagena liwwe ai kiyala paryeshana karapu Ugath Prajaawa ki oppu-kale, 4c thibunu parisarayata gelapenna ehema atheethayata gihin liyapu bawa…! Deepa-wanse, a kiyanne, 4c liyaddi, kiwwa, Budun ewwa bududahama aaraksakayek lankaawata kiyala….Eelagata, Mahaa-Wanse th ookama kiwwa….Edaa sita, me 21c dakwaa ooka japa-koranawa….Budun nirwaanaya lebuu nisaa, Daham-SGUN Rthna dekak ithiriyi…Eth, ko me Derane Darmaya..? Sgun illanne Sangaayanaawaka peranimithi…4c sita 21c dakwaama, Api Raajya-gawrawayen rakina Budu-Dahama ko…?

  • 1
    0

    Just wondering how one can define / secure the position of Buddhism by the constitution. Lord Buddha had well defined it along මධ්‍යම ප්‍රතිපදාව / ආර්ය අෂ්ඨාංගික මාර්ගය.

    Do we need the constitution to give the Buddhism of its place in the country?
    Buddhism is way beyond constitution and nothing compared to. The problem is we don’t follow any.

  • 3
    0

    In order to understand the complexity of the problem the writer is attempting to address, I recommend the following two articles by Gananath Obeysekere to the readers:

    1. “Dutthagamani and the Buddhist Conscience,” in Religion and political conflict in South Asia : India, Pakistan, and Sri Lanka / edited by Douglas Allen. A Sinhala adaptation of the article under the title දුටුගැමුණු ගේ හෘද සාක්ෂිය can be found online on kathika.wordpress.com

    2.”Buddhism, ethnicity, and identity: a problem in Buddhist history,” in Buddhism, conflict, and violence in modern Sri Lanka / edited by Mahinda Deegalle. A Sinhala adaptation of the article under the title “බුදුසමය, ජනවාර්ගිකත්වය හා අනන්‍යතාව: බෞද්ධ ගැටළුවක්“ can be found online on kathika.wordpress.com

  • 9
    6

    ඔබ සරලව ලියා ඇත්තේ ගැබුරු සුලබ සත්‍යක්. ආගම පෙරටුවට දාගෙන මේ රටේ මහා විකාරයක් විනාසයක් කරනවා .බුදුරජාණන් වහන්සේ මේ කාලයේ වැඩියොත් මොනවා සිතේවිද? සඟ පරපුර හැසිරෙන අජුව විලාසය දැක අපි අප්පෝ යයි කියනවා මිස අපෙන් ඒවා නතර කිරීමට අපෙන් සිදුවන දෙයක් නැත. නිත‍රම පන්සල් දුවන මේ දිනවල විජිත්‍ර කටින පුජාවල නිරත පිරිස් අතර සිටින බොහෝ දෙනා විශේෂයෙන් විශ්‍රාම පිරිස් එලොව ගැන සිතා තරගයට පින් වැඩ කරති. නමුත් වෙනත් ජාතියක් ගැන කී පමණින් මරපිය කොටපිය මේ අපේ රට යයි කියන්නේය. ඔය අය එසේ කියන මොහොතේම මිය ගියොත් අනිත් ආත්මයක බුදු දහමේ කියන පරිදී නොපමාව උප්පත්තිය ලැබුවහොත් ලබන්නට සිදුවන්නේ සිංහල බෞද්ද ලෙසටම නොවේ . සුඩානය, පකිස්ථානය, සිරියාව, ශ්‍රී ලංකාවේ කිල්ලිනොච්චි, මුලතිව්,මොනරාගල, බදුල්ල විය හැක. නැතිනම් මනුස්ස ආත්මයක් නො ලැබේන්නට පිළිවන. සැබැ සත්‍ය එයයි. නටන මොන නැටුමත්‍ සියල්ල සැනෙකින් වෙනස් වේ. සැබවින්ම සියල්ලන් එක්ව කල යුත්තේ රට දියුණු කිරිමය. විශ්ව විද්‍යාලවල පවතින ප්‍රශ්න නිරාකරණය කිරීමය. කෙසේමුත් විවස්ථාව සම්බන්ධයෙන් කිසිවක් නොසංගා රටේ ජනතාවට අවංකව තොරතුරු ලබා දිය යුතුය. රනිල් සහ මෛත්‍රී එක මතයකට පැමිණිය යුතුය.

  • 1
    0

    This comment was removed by a moderator because it didn’t abide by our Comment policy.For more detail see our Comment policy https://www.colombotelegraph.com/index.php/comments-policy-2/

  • 11
    2

    මේක සරලව කිව්වොත් අපොස උසස් පෙළ විභාගයෙන් සුළු ප්‍රතිශතයක් පමණක් විශ්වවිද්‍යාල වලට සුදුසුකම් ලබන නිසා ඒ විභාගය නවත්තලා දාන්න කියනවා වගේ වැඩක්.

  • 4
    0

    I would like add to my above list of Gananath Obeyesekere’s articles related to the subject of Buddha dharma and Buddhist religion, the following talk by him as well: යළි ලෝකශාසන වෙතට: ආණ්ඩුකරණයට බුදුසමයෙන් (විඝටිත) ආදර්ශයක් found on line at kathika.wordpress.com

  • 6
    2

    I am not writing here with anger. I have to emphsize that. How ever, today, I understood that Gananath Obesekara is an idiot. Before treading this comment,I had some respect for him. Other than that, I know there is a gang of people who bear the saame opinions. the common factor is they all were educated in Failed Post-colonial education system in which Catholic religion was the prominent ideology………….Anyway, THISURI, you are an award winning writer. but, that doe snot mean, that you do not write CRAP. When the westerners defined the word religion, they were not aware with the Buddhism, Jainism, Brahminism, and Hinduism like words. They knew only about Catholicsm, christianity, Judaism and they did not give a hoot about Islam, even though Islam is part of the middle eastern religions. So, what every they are applicable to those religions originated in the middle east. Even some sinhale buddhist monks try to define buddhism as a religion. but, they are wrong. It is the westerners who gave the word buddhism, Mysticism like words. For the Eastners the word is BUDDHA DHARMA. For your information, buddha dhamma is an endangered religion. The reason middle eastern religions are canibalistic and they expect world domination. Therefore, I agree that the word buddhism should be removed and the word BUDDHA DHARMA should included and it should be the foremost religion——————I am wondering whether you are Christian or you were educated in an international school which does not teach the country’s culture and all but teaches only everything related to Materialism. FYI, Buddha dhama has never created wars and slaughtered humans in the name of it.———-Anyway, I think, you have some connections. So you were studied in International schools. So, you were awarded this award for your writing. that may have taken you to the UN like place too. YOu are trying to be intelligent but you are not.

  • 4
    3

    අවංකවම හොද අදහසක් … නමුත් එහෙම දෙයක් මේක ඇතුලේ නොවෙන එකයි ඇත්ත …මොකද මේකට රටක් විදිහට ඉස්සරහට යන්න අවශ්‍ය ක්‍රියාවලියක් කිසිදු කණ්ඩායමකට නොමැති වීමයි …මිනිස්සුන්ටත් මේ මෝඩ චුන් එකමයි …

  • 4
    5

    Thisuri, you are correct! We, human beings are blessed to be born in an era where Lord Buddhas teachings are still prevailing.
    Those who really come across the correct teachings of lord Buddha, only sort out the way to handle this life to overcome the endless chain we undergo in ‘sansara’.
    LEAVE THE CORRUPTED LOT ASIDE.; it’s a waste of time to argue with them; Let them go on! Already they are lost. Sad part is – the journey is irreversible; Utmost care is needed to not to fall in to this pitfall!
    Still all of us have the choice; all the professionals, politicians, be extra vigilant to – not to allow your own minds to do wrong things; turn back to your own inside; harm is done to your own self; not to any one else! Be honest and truthful and it is the only console to all the wrong things you’ve done so far.
    STANDING ALONG WITH AN HONEST LOT WITH A CORRECT VISION is the only qualification if someone dreams to guide this society!

  • 0
    0

    This comment was removed by a moderator because it didn’t abide by our Comment policy.For more detail see our Comment policy https://www.colombotelegraph.com/index.php/comments-policy-2/

  • 0
    0

    This comment was removed by a moderator because it didn’t abide by our Comment policy.For more detail see our Comment policy https://www.colombotelegraph.com/index.php/comments-policy-2/

  • 1
    1

    You are talking about Budda Dharmaya now – How do you get that knowledge ? Do you think you would have that knowledge to talk about even that much if all Sri Lankans embraced Christianity due to pressure under British or Dutch or Portuguese during the colonial period. You wouldn’t have even know Buddagama or Buddha Dharmaya by now. Imagine a new born in Filipino What is the chance of that person knowing Dharmaya(philosophy) or agama(Religion) Although about 150 years or so before whole philipine was a Buddhist country. If some one think that Buddhist Philosophy is so great and worth preserving, isn’t it a good idea to have provision in a constitution for the benefit of the future Generations?

  • 2
    2

    Although this writer is has won some awards, I feel sad about her immaturity and not having knowledge in History of other countries such as Afghanistan, Bangladesh, Philippines etc. Even in India under some emperors. She should read more history in my opinion. She is too young & immature to comment on Such a vast subject If she thinks that Buddhism is something worth preserving. Her writing at the beginning shows she value and has some knowledge in Buddhism. If somebody is against or does not think it is worth preserving Buddhism Then it is a different story. some one might argue Buddhism can survive without the patronage of the government or constitution, but it has not happened in the world so far.

  • 4
    0

    She could be the best writer. But need to learn Buddhism lot. It shows her immaturity regarding the topic.

  • 7
    1

    ඔබේ නොදැනුවත්කම හැර වෙන කිසිවක් මෙම ලිපියේ නොමැත….

  • 6
    0

    ‘This culture has been developed over over 2500 years of struggles, trials and victories by millions of men and women who have sought freedom’
    When a young person writes antisocial, anti Sinhala Buddhists article we look for back ground check to understand what’s wrong with this young person.
    I am too from Christian background school but had never been a school,based on hard core christian action. But I was told in history that

    “පෘතුගීසි, ඕලන්ද සහ බ්‍රිතාන්‍ය යටත් විජිත සමයන්හිදී ක්‍රිස්තියානි මිෂනාරිවරුන් ලංකාවට පැමිණියේ කිතුදහම ස්වදේශිකයන් අතර පැතිරවීමටත් ඔවුන් කිතු භක්තිකයන් කරවීමටයත්ය. එය සාර්ථක කරගනීමොවුන් නොයෙකුත් උපක්ක්‍රම යොදා ගත්තේය, මිල මුදල්, තානමාන්න දීමෙන් ඔවුන්කලේ මානවයා උපතින්ම ලබා එන දුර්ලවකම් වන කෑදරකම හා තණ්හාව උපරිමයෙන්ම ගසාකෑමෙනි (by exploiting the human weakness of greed and craving).එම ක්‍රමවේදය සියේට සියයක්ම සාර්ථක ක්‍රමයක් නොවිය. ඔවුන් ඊළඟට යොදාගත් ක්‍රමයනම් පාඨශාලා ආරම්හ කර එමගින් ළමයින්ට කිතුදහම ඉගැන්වීමය. කුඩා දරුවෙකුගේ මනසේ ඕනෑම විශ්වාසයක් තැන්පත් කිරීමට ඉතා පහසුය. මුල් කාලයේදී මිෂනාරිවරුන්ගේ මූලික අවශ්‍යතාවය වුයේ ක්‍රිස්තියානි ආගම පැතිරවීමටය. ඔවුන් විශ්වාස කල තව දෙයක්නම් ගැහැණුලමයින් බොහෝ විට මව් පදවිය ලබන බවය. එබැවින්, ක්‍රිස්තියානි පරිසරයක හැදුන ගැහැණු ළමයෙකු කවදා හෝ මවක් වූ පසුව ඇගේ දරුවන්ද ක්‍රිස්තියානි පරිසරයක සහ ඇදහිලි අනුගමනය කරමින් හැදී වැඩෙයි. එවන් දරුවෙකු වැඩිවියට පැමිණි පසු තම ආගමට හරවා ගැනීමට පහසු වෙයි. මෙය මිහනාරි වරුන්ගේ අදහසවිය. ඔවුන් ඒ නිසාවෙන් කතු දහම් පැතිරවීම හැකිය කියා අනුමාන කල ස්ථානවල් වලපාසල් ඇරඹීය.”

    I feel terrified for being Sinhala Buddhists, in recent years.
    this type of very crude language, , insulting Sinhala Buddhists or targeting one ethnic group certainly would not be accepted.
    Sinhalese are not racists not involved with ethnic cleansing. The tolerance of the Sinhala people in the face of this type of provocative propaganda , had proved to the world that we are NOT racists. She may written this due to a lack of sufficient life experience [Edited out]
    What she says theoretically not possible, also practically out of reach.

    • 0
      0

      Very well said!

  • 1
    1

    Feel sorry for her

  • 0
    0

    [Edited out] Comments should not exceed 300 words. Please read our Comments Policy for further details.

  • 0
    0

    This comment was removed by a moderator because it didn’t abide by our Comment policy.For more detail see our Comment policy https://www.colombotelegraph.com/index.php/comments-policy-2/

  • 2
    0

    Nice to read a thought from millennial world. Although in context it sounds good in reality Buddhism is in great danger with others trying to destroy the great teachings. Simple reason to protect is to give this great teachings to the future generations who would understand the context. Please don’t worry about what people do in the name of Buddhism or Buddhist. Buddha ask each person to look within and improve themselves. Not criticize. We need to protect Buddhism with the constitution. Please open your eyes and see what is going on around? Unless you are one of those who wanted this great teachings destroyed you would see the truth more clearly and why it need protection with our laws.

  • 1
    1

    Buddhism has to be protected from buddhists. The biggest damage is caused by those ignorant of the philosophy of Buddha trying to use it for political gain. Thisuri is correct in asking for the separation of any religion from the constitution /politics.

  • 0
    0

    Her poorly argued claims and not worth arguing against her aida about srilanka buddhism is dangerous and negative effects of buddhism etc. But one thing is for sure i.e.
    [Edited out]

1 2 3

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.