20 April, 2024

Blog

බුද්ධාගම ව්‍යවස්ථාවෙන් හලන්නට කාලය පැමිණ ඇත​

තිසුරි වන්නිආරච්චි

තිසුරි වන්නිආරච්චි

විශ්වය කියන්නේ මහ පුදුම දෙයක්. අපි මේ ලෝකයට පැමිණෙන්න කලින් තිබුණු විශ්වය අපි මේ ලෝකෙන් යනකොටත් ඉන්ද්‍රකීලයක් මෙන් නොසැලී සිටි. අද ලෝකයේ ජීවත් වන මිනිසුන් විශ්වයේ දවසක, තප්පර දශමයක් පමණ වටි. මෙතරම් දැවැන්ත විශ්වය ඉදිරියේ පොළොවෙ පයගසා සිටින්න උදවු කරන්නට අපට ලැබුණු අනර්ග අත්පොතකි බුද්ධ ධර්මය​. මහ මුහුදක දිය බිඳුවක් තරම් විතර වටින අපේ ජීවිතවලට​​, ලෝකයටත්, අපිටත් බරක් නොවී ජීවත්වන්නේ කෙසේද​ කියා බුද්ධ ධර්මයෙන් කියාදෙයි. අප සැබෑ බෞද්ධයෝ නම්, ධර්මයේ කියා දෙන ආකාරයට පටු භෞතික තණ්හා අතහැර​, සසරෙන් එතරවෙන්න අවශ්‍ය මානසික සංයමය හිතේ ඇතිකරගත යුතුයි​. බෞද්ධ දේශයක් කියා හඳුන්වන ලංකාවෙ මෙතරම් වටින බුද්ධ ධර්මයෙන් ගත යුතු ප්‍රයෝජනය ගැනෙන්නෙ නැත. බුද්ධ ධර්මයට ලැබියයුතු අවධානය අද ලංකාවේ ලැබෙන්නෙ බුද්ධාගමටයි.

“බුද්ධාගම” බුද්ධ ධර්මයට හාත්පසින්ම වෙනස්.

ආගම භයානකයි

ආගම වනාහි අපට මනුෂ්‍යයින් ලෙස උප්පත්තියෙන් ලැබී ඇති, අපගේ ක්‍රියාවන්ට අප සතු වගකීමේ හා වගවීමේ හැකියාව පසෙකලා අදෘශ්‍යමාන​, අධිමානුෂික පාලන බලයකට යටත් නීතිරාමුවක​ අප ජීවිත පාලනය කිරීමට අවස්ථාව ලබාදීමයි.

මතුපිටින් බැලූ කල ආගමේ කියන්නට තරම් වැරැද්දක් නැත​. ජීවිතේ කටුකබව, අමිහිරිබව වගේම​, විටෙකදී දරාගත නොහැකිතරම් වන සුන්දර බව ද විඳදරාගැනීමට අවශ්‍ය සංයමය අප තුළ ඇතිකරගන්නට විවිධ මෙවලම් ලෝකය විසින් අපට ලබා දී ඇත​. කලාව​, ආදරය​, මත්පැන්, බලය​, මත්ද්‍රව්‍ය​, ක්‍රීඩාව​, සූදුව… මෙවලම් ලැයිස්තුවට නිමක් නැත​. ආගමත් ඒ මෙවලම් ලැයිස්තුවට අයත් වේ.

පදනම් කරගන්න දර්ශනය කොතරම් වෙනස්වුණත්, සියලු ආගම් භාවිතා කරන රාමුව බොහෝ දුරට එකමයි. “මාගේ දර්ශනය ලොව උතුම්ම දර්ශනයයි, මාගේ ශාස්තෲවරයා/ දෙවියා උතුම්ම ශාස්තෲවරයා ය/ දෙවියා ය​. මාගේ දර්ශනයේ අනුගාමිකයකු වීම ස්වර්ගයට යෑමට​/ නිවන් දැකීමට ඇති එකම මගයි. මාගේ ආගම පිළි නොපදින්නෝ පවුකාරයෝය​, ඔවුන්ට මාගේ ලෝකයෙ ඉඩ නැත​.”

ආගම් හැදෙන රාමුවත් ත්‍රස්තවාදී සංවිධාන පදනම් කරගන්න රාමුවත් අතර බියජනක සමානතා තිබේ. ත්‍රස්තවාදී සංවිධානයක් බිහිවීමට අවශ්‍ය සියලු සාධක​, ආගම තුළ දැකිය හැක​. ඇමරිකාවෙ වෙස්ට්බොරො බැප්ටිස් පල්ලිය පටන්, මැදපෙරදිග ISIS, ඊසානදිග මියන්මාරයේ විරතු හිමිගේ 969 දක්වා ලෝකය පුරා, ඉතා සූක්‍ෂම හා කාර්යක්ෂම ලෙස ආගම පදනම් කරගත් ත්‍රස්තවාදී ව්‍යාපාර සාදාගත හැකි වූයේ මේ සාධක නිසාය​.

ව්‍යවස්ථාවට ආගමක් කුමටද​?

බුද්ධාගමට තැනක් ව්‍යවස්ථාවේ ලබාදෙන්න ඕනේ කියන අයගේ මූලික තර්කය ලංකාවේ අනන්‍යතාවයට බුද්ධාගම අත්‍යාවශ්‍යයි කියන එක​.

මම සතුන්ට හිරිහැර කරන්නේ නැහැ. බොරු කියන්නේ නැහැ. කාමයේ වරදවා හැසිරෙන්නේ නැහැ, හොරකම් කරන්නේ නැහැ, මත්පැන් බොන්නේ නැහැ, කියන සුපිරි බොරු පහේ පදනම මතයි ලංකාවේ බුද්ධාගම හැදෙන්නේ. ඇත්තටම ලංකාවේ ඔය පන්සිල් පහම රකින මිනිස්සු සීයට පහක්වත් ඉන්නවද? මස්මාලු නැති කොට දානෙ වලඳන්නෙ නැති හාමුදුරුවො ඉන්න​, බොරුවෙන්ම ජීවත් වෙන දේශපාලනඥයො වැහි වැහැපු, සිල්ලර බඩු කඩේ ලාච්චුවෙ සිට​ මහ බැංකුව වෙනකම්ම හොරකම් සිද්ධ වෙන, පාසැල් ළමුන් කාලේ ඉඳන් පටන් ගන්න මත්පැන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම පිරුණු රටක අනන්‍යතාවය තුළ​ ඇත්තටම බුද්ධාගමට ඉඩ තිබේද​?

මම එසේ කියන විට ඔබ පෙරළා අසන්නට පුලුවන්, මේ ප්‍රශ්න රටේ තියෙන නිසාම නේද ව්‍යවස්ථාවට ආගමක් අවශ්‍ය කියා. මෙය ජනප්‍රිය තර්කයක් වුණත්, මට ඒ තර්කයේ දුර්වලතා බොහොමයක් පෙනේ. එක: ආගමට ව්‍යවස්ථාවේ හිමිවෙන තැන රටක විනය ඇතිකරන්නට සාධක වෙනවා නම්,  මෙතරම් කාලයක් බුද්ධාගමට ප්‍රමුඛතාව දුන්න ව්‍යවස්ථාවක් තිබ්බ රටක් වංචාව​, දූෂණය​, මතට ඇබ්බැහීවීම අතින් මෙච්චර අගාදයකට වැටුනේ කෙසේද​? දෙක​, ආගමේ නාමයෙන් සිදුවන දූෂණය, හොරකම​, අනුගාමිකයින් දේශපාලන වාසීන් සඳහා හැසිරවීම, දේශපාලන හැලහැප්පීම් මේ ප්‍රශ්න තවත් උත්සන්න කරනවා නොවේද​? තුන: සංඝයාට සමාජයේ සියල්ලදත් පඬිවරයාගේ තත්ත්වය ලබාදීම තාත්විකද​? ගිහියන්ට හාත්පසින්ම වෙනස් දිවිපෙවෙතක් ගතකරනා භික්‍ෂු භික්‍ෂුණීන්ට​, ගිහි ජීවිතයේ අපි මූණදෙන සංකීර්ණතා ගැන දැනුමක් තිබේද​? පවුල් ජීවිතයේ, රැකියාවේ, සමාජයේ මුහුණ දෙන ඉතා බැරෑරුම් ප්‍රශ්නවලට ගිහි අපි, සංඝයාගෙන් පිළිතුරු ඔවදන් බලාපොරොත්තුවීම සාධාරණද​? 

බුද්ධාගම හුදෙක්, බුද්ධ ධර්මයේ පහනින් එළිය බලන හෙන්චයියෙකි. කෞතුකාගාරයක තිබිය යුතු නටබුනකි. මානව විද්‍යාව, ඉතිහාසය වැනි විෂයයන්හි ශාස්ත්‍රාලික විශ්ලේෂණය සඳහා ඇති වටිනාකමින් ඔබ්බට ගිය අවශ්‍යතාවක් අද සමාජයේ ආගමට නැත​.

බුද්ධාගමට රටේ ප්‍රමුඛත්වය දිය යුතුයි කියන බොහෝදෙනෙකු සොයන්නේ තමන්ගේ කියන්නට දෙයකි. ඔවුන් ආගම දකින්නේ පිලක් ලෙසය. තමන්ගේ කියා අනන්‍යතාවක් සාදාගැනීමට අපහසු වූ කලි, තමා සම්බන්ධකම් කියන සමාජ සංවිධානයකට තම සහය ප්‍රකාශ කරන ඔවුන් ඒ තුලින් මේ දැවැන්ත විශ්වය තුල ඔවුන්ට දැනෙන අනාරක්ෂිතබව යම්තාක් දුරට අඩු කරගනී. මේ තුලින ඔවුන් පන්තිවාදයක් ඇති කරගෙන, ඒ පන්ති අරගලයේ ඉහල මාලයේ පිලට ඔවුන්වම ඇතුල් කර ගනිති. මෙය සංස්කෘතිකවාදයේ ලක්ෂණයකි. සංස්කෘතිකවාදය විවිද මුහුණුවර ගනී. කුඩාකල තමා ඉගෙනගත් පාසලද මේ සංස්කෘතික පිල් බෙදීමේ ක්‍රියාවලියේ කොටස්කරුවෙක් කර ගැනීමට නූතන සංස්කෘතිකවාදියා සමත් වී ඇත. ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ ඇති විශමතා ප්‍රයෝජනයට ගනිමින් පන්ති භේදයක් ඇතිකර ගැනීම තම පුද්ගලික අනාරක්ෂිතබාවය වසා ගත හැකි මෙවලමක් බව ඔවුන් හදුනාගෙන ඇත. 

සංස්කෘතිය වනාහි සියලු මානුශික හා විද්‍යාත්මක තර්ක මියදෙන්නට යන ගැඹුරු ළිදකි. එම ළිදෙහි සිටින මැඩියාට ළිද වටා ඇති තාප්පය පණටත් වඩා වටී. ඒ තාප්පය මත වැවෙන පාසි, වල් පැලෑටි මැඩියාගෙ ලෝකයේ දෙවිවරුය. එම දෙවියන්හට රටේ ව්‍යවස්ථාවේ ප්‍රමුඛත්වය දියයුතුබව මැඩියාගේ විශ්වාසයයි. මැඩියාගේ පැත්තෙන් බැලූ විට එය සාධාරණ ඉල්ලීමකි.

ආගම ගැටලුසහගතයි

ව්‍යවස්ථාව වනාහි රටක් පාලනය කිරීමට අවශ්‍ය මූලධර්ම ඇතුළත් වූ ලේඛනයකි. රටක ප්‍රජාතන්ත්‍රවාදය රැකීමට භාවිතා කළ හැකි මූලික මෙවලම ද ව්‍යවස්ථාවයි.   

ප්‍රජාතන්ත්‍රවාදය සහ ආගම අතිනත යන්නේ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදයට අත්‍යාවශ්‍ය සාධකයක් ලෙස “the seperation of church and state” නොහොත් ආගම සහ රාජ්‍යයේ වෙන්වී කටයුතු කිරීමේ අතිශය වැදගත්කම​ දේශපාලන විද්‍යාවේ කියාදෙන්නේ මේ නිසයි. ව්‍යවස්ථාවේ තෙවන පරිච්ඡේදයේ 12 වන වගන්තියේ සඳහන් වන සියලු ජාති, ආගම්වල සියලු පුරවැසියන් සතු සම අයිතීන් හා සම තැන,​ දෙවන පරිච්ඡේදයේ බුද්ධාගමට ප්‍රමුඛත්වය දීමෙන් ව්‍යවස්ථා වගන්ති අතර එකිනෙකට​ ​පරස්පරසහගත තත්ත්වයක් මතුකරයි.

සම අයිතීන් ගැන කතාකරන විට බුද්ධ ධර්මයේ නැති ලිංගවාදී, කුලවාදී සංකල්ප බොහොමයක් ලාංකීය බුද්ධාගමේ තිබේ. කොටින්ම කිවහොත් ඒකීය රාජ්‍යයක් ඉල්ලන ලාංකීය සංඝරත්නය පවා තදබල ලෙස බෙදීගිය​ කුල-පන්ති (නිකාය​) පද්ධතියක සිරවී කටයුතු කරති. සැබෑ ප්‍රජාතන්ත්‍රවාදයක ආගම රජයට ඇගිලි නොගසයි. දශක ගණනක් පුරා රැවුලත් සමග කැඳ බීපු අපහට දැන් තීරණයක් ගැනීමට කාලය පැමිණ ඇත​: වතිකානුවේ මෙන් පූජක පක්‍ෂයට රජය කරගෙනයාමට භාර දෙනවාද, නැතිනම්, අවංකවම ප්‍රජාතන්ත්‍රවාදී, ආගම් ජාති නොතකා සියලු මිනිසුන්හට සමතැන දෙන ව්‍යවස්ථාවකට යටත් නූතන දේශයක් තනනවාද බැවු තීරණය කල යුතුවේ.

ඥානසාරගෙන් මෛත්‍රිය ඉගෙන ගන්නට, සම්න්ත්‍රභද්‍රගෙන් අල්පෙච්චතාවය ඉගෙන ගන්නට තරම් අන්ද වූ අපේ බුද්ධාගම කෙරෙහි ඇති භක්තිය​, බුදුන් දෙසූ ධර්මයට අපහාසයකි. බුද්ධාගමට නව​ ව්‍යස්ථාවේ ප්‍රමුඛත්වය දුන්නහොත්, ආගම තවදුරටත් දේශපාලනීකරණය​ කෙරෙනු ඇත​.

බුද්ධාගමට නව​ ව්‍යවස්ථාවේ ඉඩක් දීම බුද්ධ ධර්මයට කල හැකි ලොකුම නිග්‍රහය යි.

*තිසුරි වන්නිආරච්චි ශ්‍රී ලංකාවේ ලාබාලතම රාජ්‍ය සම්මාන ලාභී ලේකිකාවයි.

Print Friendly, PDF & Email

Latest comments

  • 16
    2

    Anyone like it or not the constitution will carry the Buddhism is protected and flourish in this country as long as the majority of people follow Buddhism. Hence this type of articles become futile and only increase in hatefulness among communities…….

  • 0
    1

    This comment was removed by a moderator because it didn’t abide by our Comment policy.For more detail see our Comment policy https://www.colombotelegraph.com/index.php/comments-policy-2/

  • 0
    0

    This comment was removed by a moderator because it didn’t abide by our Comment policy.For more detail see our Comment policy https://www.colombotelegraph.com/index.php/comments-policy-2/

  • 0
    0

    This comment was removed by a moderator because it didn’t abide by our Comment policy.For more detail see our Comment policy https://www.colombotelegraph.com/index.php/comments-policy-2/

  • 5
    0

    All the comments were deleted so how you check your progress or the success …. no let them to critisize u thencan only u realize wht is the truth .. if it will deleted buddhism from the constitution .. our country will be a one of the muslim country and also as dubai abudhabi like desart ….. thats it .. you just wait and watch destiny will decide wht should happen and also you will see my truth thanks

  • 1
    0

    This comment was removed by a moderator because it didn’t abide by our Comment policy.For more detail see our Comment policy https://www.colombotelegraph.com/index.php/comments-policy-2/

  • 9
    0

    මහා සංඝ රත්නය, අගමැති සහ ආණ්ඩුව boycott කරන්න ඕනේ. බුද්ධාගමට එරෙහිව අගමැති ප්‍රමුඛ ආණ්ඩුව නිර්ලජ්ජිත පහර ගැසීමේ ව්‍යාපාරයක් ගෙන යනවා. උඩින් ලෝකෙට පේන්න පන්සල් ගැන කතා කරනවා. හාමුදුරුවනට දානේ දෙනවා. යටින් පන්සල් වලට පහර ගැසීමේ ව්‍යාපාරයක් ගෙන යනවා. ඇමතිවරු ලව්වා බුද්ධාගමට අපහස වෙන ප්‍රකාශ කරනවා. දියවඩන නිලමේට පහර ගහනව. අමූලික බොරු චෝදනා කරනවා. පරිත්‍යාගයක් විදියට මියන්මාර් රටෙන් ලැබුණු ඇතා, සාමාන්‍ය වටිනාකමට වඩා සිය ගුණයක් වැඩි ගානක් දීල ගත්ත කියලා අමූලික බොරු කතාවක් ප්‍රචාරය කරනවා. මේ පහර ගහන්නේ දළදා මාලිගාවට. ඇත්තටම සුද්දගේ කාලේවත් මේ විදියට දළදා මාලිගාවට පහර ගැහුවේ නැහැ. කාලිංග මාඝ යලි ඉපදීලා වගේ.

    බෞද්ධයෝ මේ බොරු කතා පිළිගන්නේ නැති වුනත් දියවඩන නිලමේ ගැන විචිකිච්චාවක් ඇති කරන්න හදනව. අන්‍යාගමිකයන් අතර බෞද්ධාගමට තියෙන පිළිගැනීම නැති කරන්න හදනව. අගමැතිගේ අනුදැනුම නැතුව මේවා කරන්න බැහැ. ව්‍යවස්ථාව තිබෙද්දිත් මෙහෙම නම්, වෙනස් කලාම කොහොමට හිටීවිද?

    මැල්කම් කාඩිනල් අගරදතුමා රට අනාගාමික නොකල යුතුයි කියලා ආණ්ඩුවට අවවාද කරපු එක ඉතාම ඉහලින් අගය කරනවා. අගමැති හදන්නේ ආගම් භේද භින්න කරන්න. එහෙම වෙලාවක අගරදතුමාගේ ප්‍රකාශයෙන් බෞද්ධයන් තුල එතුමා ගැන ගෞරවයක් ඇති වෙනවා.

  • 9
    0

    Before asking for the removal of Constitiutional security to Buddhism, please ask those who are in Welwetithure or Akkaraipattu to allow Sinhalese & Buddhists to live in such places without any fear. If they comply Then Only you can ask for what you request for

  • 14
    1

    අැමරිකාවෙ එදා මෙදා සෑම ජනපති කෙනෙක්ම බය්බල දෙකක අත ගසා දිවුරැම් දෙන්නෙ අැය් දැය් සම්මාන ලාභි ලේඛිකාවට කිව හැකිද?

    • 1
      0

      Good Question….. [Edited out]

    • 4
      0

      බන්ඩය්යා
      .
      ඇත්ත කතාව. ඇත්ත කතාව. එහෙ විතරක් නම් මොකොද, මෙහෙත් එහෙම නේද? උසාවියේ කතා කරන්න ඉස්සෙල්ල ක්‍රිස්තියානි නම් බයිබලයේ අත ගහලා දිවුරන්න ඕනේ නේද? මට මතකයි බැඳුම්කර කොමිසම සාක්කි දෙන්න ආපු කාට හරි එහෙම කරන්න කිව්වා.

      මේ හදන්නේ බුදු දහම ලංකාවෙන් ඉවත් කරන්න. හැබැයි එක සිද්ධ වෙන්නේ නැහැ. නමුත් වෙන්නේ දැන් හොඳට ඉන්න මිනිස්සු පස්සේ ගහ මරා ගන්න තැනට තල්ලු වෙන එක..

      .

  • 4
    0

    පස් වන සිය වසේ සිට දොලොස් වන සිය වස දක්වා අසල් වැසි ලංකාව, ටිබෙතය වැනි රට වලින් පමනක් නොව චීනය, ජපානය, කොරියාව වැනි අග්නි දිග අාසියානු රට වලින් පවා ගිහි පැවිදි උගතුන් ලෝකයේ ප්‍රථම විශ්ව විද්‍යාලය යය් සලකන මගධයේ (අද ඉන්දියාවේ බිහාරයේ) පිහිටි නාලන්දාවට ඉගැන්වීමට මෙන්ම ඉගන ගැනීමටත් වසර 800ක් නොකඩවා පැමිනි බව රට රට වල ඉතිහාසය සාක්‍ෂි දරය්. එක් වරකට දස දහසක් සිසුන් සහ දෙදහසක් ගුරැ භවතුන් නාලන්දාවේ වාසය කල බවට සාක්‍ෂි අැත. එදා බුද්ධ ධර්මය අනුව සාම කාමි පරිසරයක සිප් සතර ඉගැන් වූ සහ හැදෑරැ නාලන්දාවේ සිසුන් සහ ගුරැ භවතුන් තමන්ට හෝ අායතනයට අාරක්‍ෂාව අවශ්‍ය වේ යය් හිතුවේ නැත. අායතනයේ අාරක්‍ෂාවට හමුදාවක් අවශ්‍ය වේ යය් සිතුවේ නැත.
    ඒ ඔවුන් සැවොම බුද්ධ ධර්මය මත පිහිටා ක්‍රියා කල හෙයිනි. නමුත් සිදු වූයේ බලාපොරොත්ත නොවු දෙයකි: බක්තියාර් කිලිජි නම් ‘අල්ලා මිස වෙන දෙවියෙක් විශ්වාස නොකරන’ ඉස්ලාමික තුර්කි සේනාපතියා නාලන්දාවට කඩා පැන්නේය. අාරක්‍ෂාවක් නොමැති අධ්‍යාපන ායතනය ගිනි තබා විනාස කලේය. ගිහියන්ද පැවිද්දන්ද සමූල ඝාතනය කලේය. එතැන් සිට බුද්ධාගම භාරතයෙන් නන්නත්තාර වන්නට පටන් ගත්තේය. සොලීන් විසින් ලංකාවේ වෙහෙර විහාර කඩා බිඳ දැම්මේ වරක් දෙවරක් නොවේ. නමුත් ලංකාවෙ බුදු දහම වසර 2500 ක් අාරක්‍ෂා විය. එසේ වූයේ බුදු දහමට තිබූ රාජ අනුග්‍රහය නිසාය.

    කොටින්ම කියන්නේ නම් ලංකාව යටත් විජිතයක් කර ගත් පසු ඉන්ගිරිසින්ද බුදු දහම අාරක්‍ෂා කිරිමට එකඟ විය.

    රජතුමා (ජනපති) බෞද්ධයෙක් විය යුතු යය් නියමයක් නැති අද ලංකාවේ ව්‍යවස්ථාවෙන් හෝ අාරක්ෂා නොවන බුද්ධ ධර්මයට වැඩි කල් නොගිහින් වෙන්නේ එදා නාලන්දාවට සිදු වූ දෙයම බව [Edited out]

    • 1
      0

      Bandyya: It is long enough that buddhists reamined silent. Now, it is time go aganst this tide. We have to stop this non-buddhists asking us saying BEHAVE AS BUDDHISTS. Because they want to be muslims and Hindus who slaughtered buddhists and eliminated buddhism from many countries.

  • 2
    0

    Thisuri: The language we speak, particularly, english is based christian dialogs. ID does not have proper words to speak about buddhism. So the closest word for buddha dhrama is buddhism. Two middle eastern religions, if you read their beginnings and existence, are invasive, aggressive, cannibaistic and forceful. Buddha dharma is accomodating and ask people (not force people to) to LIVE AND LET LIVE. It is true, that buddhists are behaving like christianss or muslims. One reason is when people are exposed to bad habits, they like to gor for those. Another thing is Sri lanka budhha Dharma need to be protected from those encroachers. Read and see they, both, do that all over Asia. The pope came from poland had said Church’s new millinium goal is to convert Asia to chsitianity. So, the muslims are also not giving up. So, the western strategy for that is create wahabi states every where they will self-explode. Wahabi states are run by saudi arabian. So, the west will use them. In Sri lanka, too they want, destroy buddhism and make open for every religion to stand equal one thing is that is political anarchy. then an outside force can control the country. Finally buddhism is not a political religion. but, it it needs, whole over the asis, in order to exist. Just think if Buddhism had an INdian Army who fought for buddhism, Buddhists would have been sruvived from Brahmins as well a from muslims. That is why Sinhale need your kind of buddhism.

  • 5
    0

    Quote”ප්‍රජාතන්ත්‍රවාදය සහ ආගම අතිනත යන්නේ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදයට අත්‍යාවශ්‍ය සාධකයක් ලෙස “the seperation of church and state” නොහොත් ආගම සහ රාජ්‍යයේ වෙන්වී කටයුතු කිරීමේ අතිශය වැදගත්කම​ දේශපාලන විද්‍යාවේ කියාදෙන්නේ මේ නිසයි. ” Unquote” could the writer pls explain why US presidents use the bible at the inauguration and why the dollar bill contains “in god we trust”.

    • 1
      1

      Danushi de Silva

      A very good comment!!!

    • 0
      0

      Both the political science and Economics are theoretical. What is said in the book never worked in the field. Ask Dayan Jayathilake, Laksri Fernando and many more what did they achieve with their education. Ask CBK and Mahinda and even Ranil whether they politicians or just want to be leeches, parasites etc., and dewstroying the country.

  • 0
    0

    This comment was removed by a moderator because it didn’t abide by our Comment policy.For more detail see our Comment policy https://www.colombotelegraph.com/index.php/comments-policy-2/

  • 3
    0

    Christian missionaries find SriLanka a tough nut to crack

    There were some cases where even today, people get forcefully converted to Christianity.
    Missionaries are like this all over the planet. It’s sick.
    Why do Christian Missionaries try and convert us, well, it’s because they believe that the world should be 100% Christian. They think they are superior to us all.
    For god sake, just be you (to the missionaries), and we will be us. We have no problem with Christians, we do however have a problem with you converting us.

    “As many in the missionary trade including this women know, Srilankean Buddist and Hindu India has been a very tough nut to crack. Because of its deep philosophical roots, strong families and time honored traditions, evangelical efforts have been met with great resistance. But the Church has found a weak spot in the SriLanka with anti-Sinhala/anti-Buddhist Ranil Wickramasinghe.
    Anti-Buddhist Agenda of The UNP Under Ranil Wickramasinghe and his Govt. ‘trying to destroy Buddhism.

    This article is part of that conspiracy. She is working for Christian missionaries.

  • 0
    0

    Today, 31st Oct celebrate 500th Anniversary of reformation to Catholic faith. Martin Luther came to reject several teachings and practices of the Roman Catholic Church. Martin Luther,was a German professor of theology, composer, priest, monk, and a seminal figure in the Protestant Reformation.
    I don’t think there will a reformation within Buddhism for next 100 years within Buddhist monk or Buddhist society ; however, this writer provide thought provoking insite to state sponsored Biddhism in Sri Lanka.

  • 1
    0

    Some of her arguments are valid. Others are not. In short, giving Buddhism the Prim place in the constitution is correct since closer to 75% of its citizens are Buddhists. That very same constitution should also protect the rights of other religions practiced in Sri Lanka. One can split hairs on who is a Buddhist and what is Buddhism? To me have a constitution that recognizes all its occupants appropriately.

  • 1
    0

    In nutshell she wanted all of buddist to attend Nirvana because that’s the ending of suffering. That’s what Buddhism is all about, no matter who are you which of the many traditions and culture etc.
    Is Nirvana a goal which every Buddhist must achieve? Yes. Ending the suffering is the ultimate goal of a true budhist. Do we have true budhist?
    Can anyone force us to attend Nirvana or fundamentales like Sotapana. No, This Idea Must be defeated because it’s a conspiracies by extremists. Attending Nirvana is your choice and Humans are humans and law of Karma applied equally.
    Buddhism has no god. The Buddha pointed the way. If you like it try, Even during Lord Buddha’s time we had monks like Pitiduwe Siridhamma Himi etc , then king Ajasatha, Devedhath Himi etc. and also his next door neighbour slaughtering animals all day but Lord Buddha could not stop it, his own family was slaughters. There is NO Magic and Supernatural in Buddhism. Its law of Karma.
    Christianity is a religion. You are told what to believe and told who to worship. You are told what is right and wrong. You are told that you will go to Hell for ‘sinful’ behaviour and you will go to Heaven for living a life of goodness and purity. You are not encouraged to question the Bible’s teachings, but you are taught to follow them. So please don’t mix up.
    Those who force you to attend Nirvana are also insults the teachings of the Buddha.
    i don’t care about constitution.
    This government robbing people, cant settle small issues like garbage problem UNI issues , or providing basic food etc I have no Believe in the Constitution , Constitution issue is a deception plan. Politician are above the law. We need to start from ABC not from XYZ . Now the People do NOT trust them to work for the best of the country.

    It doesnt matter what religion you have, the most important thing is what you do.

  • 0
    3

    බුද්ධ පරිනිර්වාණයෙන් වසර පන්සියයකට වැඩි කාලයක් , දකුණු ඉන්දියාවේ බොහෝ ද්‍රවිඩ ජාතික බෞද්ද ජනතාවක් සිටි බව අප දන්නා කරුණක්. බුද්දගෝෂ හාමුදුරුවෝත් ද්‍රවිඩ ජාතිකයෙක්‌ බව නොරහසකි. මහනුවර රාජදානියේ රජකළ වඩුග ජාතික රජවරු ,බොහෝ දෙනෙක් බුදු දහමට ලැදිව රාජ්‍යය කළහ . අද එහි වත් ලක්දිව වත් ද්‍රවිඩ කී දෙනෙක් බෞද්දද? බෞද්ද බොහෝ දෙනෙක් හින්දු දෙවිවරු , පත්තිනි, කතරගම ආදීන් අදහනවා ද?

    ඉන්දියාවේ සහ ස්විට්සර්ලන්තයේ මායින් නගරවල සෑම දෙනෙක්ම බාෂා තුනක් කතා කරති . ලංකාවේ පාසැල් වල සෑම ළමයෙක්ම භාෂා තුනම එකසේ ඉගනගත යුතු කාලයක් දැන් පැමිණ ඇත. ලෝකයක ජීවත් වෙන ලාංකිකයින්ට එවිට ඉංග්‍රීසිය ප්‍රථම භාෂාව වෙනවා නොඅනුමානය. ආගම හෝ ජාතිය නොතකා සුදුස්සාට සුදුසු තැන දුන් විට මෙම ප්‍රශ්න නිරාකරණය වෙනවා නොඅනුමානය.

    ත්‍රි භාෂා උගත් ද්‍රවිඩ බොහෝ දෙනෙක් නැවතත් බෞද්ද ධර්මය දෙස බලනවා නොඅනුමානය.

    • 2
      0

      Dr.J.M.Seneviratne Banda
      .
      “බෞද්ද බොහෝ දෙනෙක් හින්දු දෙවිවරු , පත්තිනි, කතරගම ආදීන් අදහනවා ද?”

      බොහෝ දෙනෙක් වැරදියට වටහා ගෙන තිබෙන මේ කතාව ගැන දෙයක් කියන්න හිතුව.
      හින්දුන් කතරගම දෙවියෝ විදියට අදහන්නේ මුරුගන් දෙවියෝ.
      .
      බෞද්ධයෝ කතරගම දෙවියෝ කියල අදහන්නේ මියගිය සිංහල රජ කෙනෙක්. බුදුහාමුදුරුවෝ ලංකාවට තෙවෙනි වර වැඩිය වෙලාවේ, ලංකාව පුරාම ස්ථාන 16ක ඇවිද්ද. දකුණට එහෙම ගියපු වෙලාවේ හමුවුනේ දේව වංශික මහානාග කුමාරය. බුදුහාමුදුරුවන්ගෙන් බන අහලා පස්සේ සෝවාන් වුනා. බුදුහාමුදුරුවෝ මහනාග කුමාරයාව පත් කළා බුදු සසුන ආරක්ෂා කරන්න. ඊට පස්සේ කාලෙක, බුදුහාමුදුරුවන්ගේ ගමන සිහි වෙන්න මහානාග රජ්ජුරුවෝ කිරි වෙහෙර හැදුවා. කිරිවෙහෙර හදන කොට තැන්පත් කලේ බුදුහාමුදුරුවෝ වාඩි වෙලා බණ කියපු රන් ආසනෙයි, රජ්ජුවන්ගේ රන් කඩුවයි, තව එකකුයි (මට දැන් මතක නැහැ). මහානාග රජ්ජුරුවෝ තමයි පහු කාලෙක මිය ගිහින් දේවත්වෙට පත් වෙලා බුදු සසුනයි දකුණයි ආරක්ෂා කරනවා කියලා මිනිස්සු විශ්වාස කලේ. කලින් හිටියේ වැඩහිටි කන්දේ කියල කියනව. පස්සේ දුටු ගැමුණු රජ්ජුරුවෝ එළාර එක්ක යුද්ධෙන් දිනුවට පස්සේ වෙච්ච බාරේ ඔප්පු කරන්න කතරගම දේවාලේ දැන් තියෙන තැන හැදුව කියල ජනප්‍රවාද වල තියෙනව. හැබැයි, කතරගම දෙවියෝ අවුරුද්දෙන් වැඩි හරියක් දේවාලේ නැහැ, කැබිලිත්ත කැලේ භාවනා කරනවා, ජුලි අගෝස්තු උත්සව මාසේ කතරගමට එනවා කියල විශ්වාසයක් තියෙනවා. කතරගම දේවාලේ ඉන්නේ කතරගම දෙවියන්ගේ ආරක්ෂකයා කඩවර දෙවියෝ කියලා විශ්වාස කරනවා. මිනිස්සු තියන පුද පූජා කතරගම දෙවියන් වෙනුවෙන් බාර ගන්නේ කඩවර දෙවියෝ කියලා කියනව. වෙච්ච බාරේ ඔප්පු නොකොළොත් පලි ගන්නවා කියලා කියන්නේ කඩවර දෙවියෝ, කතරගම දෙවියෝ නෙමෙයි. භාවනාවේ සම වැදිලා ඉන්නවා කියල විශ්වාස කරන කතරගම දෙවියෝ මිනිස්සුන්ට යහපත සලසන කෙනෙක් මිසක් නරකක් කරන කෙනෙක් නෙමෙයි.

      පත්තිනි දෙවියෝ ගැන කියන්න තියෙන්නෙත් ඒ වගේ කතාවක්. හින්දුන් අදහනවා කන්නගී කියල. ඒ මොකොද පත්තිනි දෙවියන් 7 වරක් ඉපදුන කියලා ජනප්‍රවාද වල කියනවා. බෞද්ධයෝ පත්තිනි දෙවියන්ව අදහන්නේ බුදු සසුන ආරක්ෂා කරනවා කියලා විශ්වාසයක් තියෙන නිසා මිසක් හින්දු දේවතාවියක් කියල නෙමෙයි. පත්තිනි දෙවියන් වෙනුවෙන් බෞද්ධයෝ පවත්වන කිරි අම්මාවරුන්ගේ දානය සම්බන්ධ වෙන්නේ බුදු දහම එක්ක මිසක් හින්දු ආගම එක්ක නෙමෙයි.

    • 0
      0

      Dr. J. SEnevirathne Banda: YOu are trying to academic but not practical. Here we are arguing about Buddhism and buddha dharma and not about Dravidean if needed Tamils. All those gods you mentioned are buddhists. For Example, PAtthini is a goddess and she is considered a Mahabodhisathwa and included among the ten maha bodhisathawas. KAtaragama God is a sovan aryaa Sravaka. Shiva, ISwar, Vaisvana are all one god called VISHNU. HE represent so many different beliefs. Anyway, for buddhists he is the one who is protecting buddha – sasana. We need Tami,l only to the extent that sinhala people can get employment in the north

  • 1
    0

    Can writer explain as to why secular state of US involved in Missionaries’ war and killing millions to spread the Christianity or Killing in the Name of God.

    “George Bush has claimed he was on a mission from God when he launched the invasions of Afghanistan and Iraq, according to a senior Palestinian politician in an interview to be broadcast by the BBC later this month.
    One of the delegates, Nabil Shaath, who was Palestinian foreign minister at the time, said: “President Bush said to all of us: ‘I am driven with a mission from God’. God would tell me, ‘George go and fight these terrorists in Afghanistan’. And I did. And then God would tell me ‘George, go and end the tyranny in Iraq’. And I did.”
    Mr Bush went on: “And now, again, I feel God’s words coming to me, ‘Go get the Palestinians their state and get the Israelis their security, and get peace in the Middle East’. And, by God, I’m gonna do it.”
    Mr Bush, who became a born-again Christian at 40, is one of the most overtly religious leaders to occupy the White House, a fact which brings him much support in middle America.” https://www.theguardian.com/world/2005/oct/07/iraq.usa
    “After the declaration of “a war for souls” by US Christians, the arrival in Iraq of missionaries with almost a million Arabic translations of the Bible has become a new security flashpoint.
    Non-religious aid workers accuse the missionaries of exposing all foreigners to more attacks because of the risk of inflaming Muslim sensitivities.” http://www.theage.com.au/articles/2004/03/24/1079939714048.html

  • 0
    0

    බුද්ධාගම ව්‍යවස්ථාවෙන් හලන්නට කාලය පැමිණ ඇත.​
    තිසුරි වන්නිආරච්චි –
    *තිසුරි වන්නිආරච්චි ශ්‍රී ලංකාවේ ලාබාලතම රාජ්‍ය සම්මාන ලාභී ලේකිකාවයි.
    ලාබාල වියේදී මා සිතුවේත් තිසුරි ගෑණු දරුවා සිතන ආකාරයෙන්ම ය.

  • 0
    0

    [Edited out] Comments should not exceed 300 words. Please read our Comments Policy for further details.

  • 2
    0

    It’s funny how some people like this girl who has got their heads deep inside the ass of US system do not see the whole picture. They only see what they want to see or what the west wants us to promote… They think what US has is pure democracy, when in reality their system is as corrupt as ours. Has she ever heard of the lobbying system that anything can be bought for money? Does she think it’s any different from the “commission” based corrupt politicians we have? She uses some part of US political ideologies like “separation of state and religion” but fails to identify the reason that works for them is that no religion or “race” is involved in their 2 party political system. Anyone can be a member of either party Republican or Democrat regardless of their colour, race or religion. Same in Britain and Canada where Democrats and Liberals are only separated by their political ideology, not the race or religion.

    Not so in Sri Lanka, where we have Muslim parties, Tamil Alliances and now Buddhist parties. These parties only cater to their races or religion’s interest not for the country. I can’t be a member of the Muslim congress or Tamil alliances because their ideologies are different from my race and religion. So where is their concern for the country? With all their faults, SLFP, UNP & JVP are different where anyone can be a member, because they represent everyone. So she needs to first preach about removing the race & religion from the political parties, before trying to remove them from the constitution. Did she ever think Buddhism may exist in the constitution in the first place to protect the Christian missionaries that were trying to convert people from colonial days? (continued)

  • 2
    0

    (continued) From my understanding Buddhism is one religion that doesn’t force convert anyone, therefore it needs to be protected especially from these religion based parties. I am always amused when I see the west (US, UK and others) advice us and try to implement a democracy like theirs, but don’t advice us on having a similar political party system. They never sees the danger of having a race and religion based political parties, because it serves their agenda It’s a half baked advice because in reality they know it won’t work, and we will continue have issues and conflicts. The more we fight it’s better for them, whether it be supporting with weapons, advice or influence, they can brain wash people like her to carry out their political agendas. More importantly it also allows their Christian missionaries to easily convert poor folks in Sri Lanka. In the end it’s nothing different from what the British did.. Divide and Conquer!

  • 0
    0

    This comment was removed by a moderator because it didn’t abide by our Comment policy.For more detail see our Comment policy https://www.colombotelegraph.com/index.php/comments-policy-2/

  • 0
    0

    This comment was removed by a moderator because it didn’t abide by our Comment policy.For more detail see our Comment policy https://www.colombotelegraph.com/index.php/comments-policy-2/

  • 2
    0

    ආගමක් ප්‍රමුඛ වන රටවල් තිබෙනවා. නමුත් ලංකාව ආගමක් ප්‍රමුඛ කරගත් රටක් නෙමෙයි. මා ආගම් ප්‍රමුඛ රාජ්‍ය වලට පෞද්ගලිකව එකඟ නෑ. මොකද එවන් දේ ප්‍රශ්නකාරී වෙනවා. නමුත් ව්‍යවස්ථාව තුල තිබෙන්නේ බුද්ධාගම කියා. එය වැරදි යෙදුමක්. නමුත් අනෙත් බොහෝ රටවල් ආගමක් ප්‍රමුඛ කරගන්න (භෞතික සංවර්ධනයක් තිබෙන රටවල්) හේතුවක් තිබෙනව. ඒ අදාළ ඉගැන්වීම් වල කොටසක් තුලින් හෝ සාමය, ආකල්ප වර්ධනය, මානසික සෞඛ්‍යය සහ පොදු මානව අභිවෘද්ධිය පිණිස පවතින ධර්මතා වැඩිදියුණු කිරීමට යම් මෙහෙයක් කල හෝ කරන නිසා. කල යුත්ත නම්, යම් දර්ශනයක් රාජ්‍යයක් පිළිපදින්නේ නම්, එය මේ ආකාරයෙන් පිළිපදින බවත්, එහි අගයත්, ඒ නිසා එය ප්‍රමුඛ වන්නේ කුමන කටයුතු සම්බන්ධයෙන් ද යන්නත්, ඒ තුල ඒ සම්බන්ධ පර්යේෂණ ආයතන වලට දෙන දායකත්වයත් පැහැදිලිව දක්වන්න ඕන. බුදුදහම හෝ දර්ශනය (දෘෂ්ටි නොවේ) ඒ අනුව සම්බන්ධ කරගත හැකියි. අන්‍ය ආගම් අදහන අයට ඒ තුල කිසිම ගැහැටක් නොවිය යුතුයි. ජීවන දර්ශනයක් හෝ දෘෂ්ටිගත නොවූ දහමක් තුල ගොඩනැගෙන්නේ අන්තවාදී නොවන පෞර්ෂ සහ පද්ධති. මේ තුල අනවශ්‍ය බලයක් ලැබෙන්නෙ නෑ. නමුත් වත්මන් කාලය තුල පවතින දේශපාලනය සහ විවිධ දෘෂ්ටීන් නිසා මේ කරුණ නිසි ලෙස ස්ථාපනය කිරීම කල හැකිදැයි සැකයක් තිබෙනවා. මන්ද බොහොමයක් සිටින්නේ තමන්ගෙ කඳවුරු වල විනා ප්‍රතිපත්ති මත නොවන නිසා. මේ පෝස්ටුව තුල මා දකින්නේ නම් බුදුදහමට වෙනත් චෝදනා එල්ල වී නැති බවයි. පෝස්ටුවේ ගැටළුවක් මා නම් දකින්නේ නෑ. නමුත් එල්ල වෙන චෝදනා වෙනුවෙන් කලයුතු සාධනීය පියවරක් දැක්වෙන්නෙ නැති එක තමයි අඩුව. තිරිපිටකය තුල නිර්මානවාද සහ දේව ඇදහිලි කිසිවක් නැතිබවද කිවයුතුයි. ඒවා පසුකලක ප්‍රත්‍යක්ෂයෙන් තොර වෛදික සහ අටුවා ආචාර්ය වරුන් එක් කල මත පමණි.
    ස්තුතියි!

  • 1
    0

    This is part of the government-led disinformation campaign and fake news can lead to violence.
    Some peole knows Dharma better than lord buddha and try to teach us. Was the Buddha a god? NO, He was a human being who perfected himself and he did not claim that he was a god. The Buddha taught with clarity and in detail and if some fail to understand fully, the Buddha cannot be blamed. combination of political and social changes together with muslim , christianity and Indian wars and invasions made peole to now behave differently after 2500 years.
    After all, buddists clung to a set of values that differs quite radically due to The crucial global climate. People believe and they feel they are at the receiving end of conversion drives by other globaly powerfull faiths. And they feel that if other religions are going to get tough, they had better follow suit. when global religious war settled down we are probably ok. Unfortunatly Global Religious Conflict Won’t End.

    Yes, We’re Corrupt Nation. people are corrupt because whole political system is corrupt and vice versa.

    The separation of church and state.- Not relevant to us but Is This the Biggest Deception in the Last 100 Years. “ It is amazing how many think that separation of church and state means keeping God out of government and the public discourse. That is simply false.”

    “The separation of church and state was made after the history of church-state combined or when the leaders of the state were church leaders, the sad history revealed that these church-state leader coerced and persecuted those people who did not accept their dogmas and creeds. Historians reveal this”

    I am not personally interested buddhist Clause in Constitution or not but If we drop buddist Clause From a Constitution Amendment better to replace it with Christianity befor we comes under sharia law,then at least Trump will help us.If not faithless SriLankens may lose more than just buddhist culture. i don’t wants to live under sharia.

  • 3
    0

    මේ ලිපියේ අරමුණ “ලංකාව අනාගමික රාජ්ජයක් කරන” එක සාදාරනීකරණය කරන එක අමුතුවෙන් කියන්න ඕන නැහැ නේ. ප්‍රශ්නෙ තියෙන්නෙ තිසුරි මෙතන ඒක කරන්න හදල තියන විදිය.

    තිසුරි ලිපිය පටං ගන්නෙ තමන් බුද්ධ ධර්මය ගැන හසල දැනුමක් තියන කෙනෙක් කියන එක පාඨකයාට හුවා දක්වගෙන. එතනින් එහාට තිසුරි බුද්ධ ධර්මයට ගහන්න පාවිච්චි කරන්නෙත් මේ හුවා දක්වන “දන්නා කමම” තමයි. තිසුරි හිතන්නෙ එයා ධර්මය ගැන අවබෝධයක් සහ උනන්දුවක් තියන කෙනෙක් කියල පාඨකයට පෙන්නුවට පස්සෙ එතනින් එහාට ධර්මය ගැන ඕන දෙයක් කියන්න පුළුවන් අමුතු සුපර් පවර් එකක් එනව කියල. එනව ඇති නමුත් ඒත් එක්කම ඒව පිළිගන්න පාඨකයට අං එන්නෙ නැහැ. තිසුරි මේ කියන පට්ටපල් බොරු කතාව පොඩ්ඩක් විග්‍රහ කරල බලමු. තිසුරි තමන් ධර්මය දන්නා බව සහ ධර්මයට ලැදි බව ලිපිය ආරම්භයේ හුවා දක්වන්නෙ,

    //විශ්වය කියන්නේ මහ පුදුම දෙයක්. අපි මේ ලෝකයට පැමිණෙන්න කලින් තිබුණු විශ්වය අපි මේ ලෝකෙන් යනකොටත් ඉන්ද්‍රකීලයක් මෙන් නොසැලී සිටි. අද ලෝකයේ ජීවත් වන මිනිසුන් විශ්වයේ දවසක, තප්පර දශමයක් පමණ වටි. මෙතරම් දැවැන්ත විශ්වය ඉදිරියේ පොළොවෙ පයගසා සිටින්න උදවු කරන්නට අපට ලැබුණු අනර්ග අත්පොතකි බුද්ධ ධර්මය​. // කියල කෑල්ලකින්.

    නමුත් වැඩේ කියන්නෙ, බුද්ධ ධර්මයට අනුව මේ ලෝකය එහෙමත් නැත්නං විශ්වය කියන එක අපි ඉපදෙන්න කලින් තිබුන එකක් නෙවෙයි. අපි මැරුණට පස්සෙ තියන එකකුත් නෙවෙයි. පෙර සංස්කාර නිසා ඇතිවෙන “ඇස, කන, දිව, නාසය, ශරීරය සහ මනස” කියන ආයතන වල ඉපදීමම තමයි සත්වයෙකුට අනුව මේ විශ්වයේ (නැත්නං ලෝකයේ) හට ගැනීම. ඒ ඉන්ද්‍රියන්ගේ නැති වීමම තමයි තමන් ඉන්ද්‍රියයන් වලින් උපාදාන කරගෙන හිටපු විශ්වයේ නැති වීම. එහෙම නැතුව කාටත් පොදු විශ්වයක අපි ඉන්නව නෙවෙයි. සරළව කිව්වොත් අපි නැතුව විශ්වයක් නැහැ. ඉතිං මේ කියන “විශ්වයේ දවසක, තප්පර දශමයක්” වගේ ගොං කතා ගැන කවර කතාද?

    බුදු හාමුදුරුවො රෝහිතස්ස කියල දෙවියෙක්ට කියනවා, “රෝහිතස්ස මම බඹයක් තරම් වූ මේ ශරීරය තුල ලෝකයද, ලෝකයේ හට ගැන්මද, ලෝකය නැති වීමද, ලෝකය නැති කිරීමේ මාර්ඝයද පනවමි” කියල.

    ධර්මය ගැන නොදන්න පඬි කතා කරන්න ආවට ඇත්තටම ධර්මය ගැන උනන්දුවක් නැත්නං, ඒ අයට පුළුවන් කොන්ටම් භෞතිකයේ එන,

    the world doesn’t exists when you are not looking at it කියන කතාව පොඩ්ඩක් ගූගල් කරල බලන්න.

  • 3
    0

    Pointing out the shortcomings of Buddhist, its seems she is working for US missionaries who try to convert srilankeans , with manipulation and degrading Buddhist.
    Why was such a process initiated, because White Christians are now a minority and don’t trust gods in US. Also to gain more control in SL, They know to gain advantage in political issues and in a broad sense can control the country’s moves to some extent. SriLankean are also very easy targets, can they do it in a Muslim country. If she try to do same in India, Pak or Nepal (south Asian country) she may face up to 10 -20 years in prison term for “hurts religious sentiment” .

    its not bad to spread good things through religion but defaming other religion and beliefs of people is so very sin, thats what is done in many convent school in SriLanka.
    I myself respect jesus but not the people who disgrace other religion. The way you respect your religion and jesus in the same manner we do respect ours.
    This women make fun of another person’s faith or mock someone means she need psychological treatment.

  • 1
    0

    I am Christian who knows God.

    God gifted the land of Sri Lanka to Buddhists, who have no faith in any God, but also willed Tamils and Muslims to live in it. It is the powerfully wished will of True God that commands Sinhala Buddhists and Christians, Tamil Hindus and Christians and Islamic Muslims, to live in this beautiful country together in peace, mutual understanding and harmony, consciously helping each other in to happiness and prosperity. It is possible, since it is the majestic wish of true God.

    Then when Muslims and Tamils came to this land at first, Sinhala Buddhists made them the citizens in this country. Tey gave their Sinhala-Buddhist daughters in marriage to be their wives. Sinhala Buddhists are very kind and generous people.

    Some Muslims and Tamils religious extremists try to seed the hatred of racism and religious fanaticism. Now God is angry with Muslims and Tamils and will make your life difficult. We must find a homegrown solution based on Buddhist ideology. Also the True God knows that there are no Gods.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.