26 April, 2024

Blog

රනිල් ඇයි මෙහෙම

තුෂාර වන්නිආරච්චි –

තුෂාර වන්නිආරච්චි

ඉන්දියානු සාගර කලාපයේ කාලගුණය කැලඹෙන්නට පෙර ශ්‍රී ලංකාවේ දේශපාලනය තුල පසුගිය සති තුන ඇතුළත විශාල ලෙස කැලඹීමක් පැවතිණි. විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහින්ද පිල අතර පැවති සාම සාකච්ඡා නිසාවෙන් එම දෙපක්ෂය තුළත්, එක්සත් ජාතික පක්ෂය තුළත් විශාල කැළඹීම් ස්වරූපයක් තිබුණි. එමෙන්ම මහ බැංකු බැඳුම්කර සිද්ධිය මත අග්‍රාමාත්‍යවරයා බැඳුම්කර කොමිසමට පැමිණීමත්, එම පැමිණීමට හා සමානව ශ්‍රි ලංකා නිදහස් පක්ෂය විසින් දියත් කරන ලද බැඳුම්කර කොමිසම එක්සත් ජාතික පක්ෂය දඩයම් කිරීම උදෙසා යොදාගත හැකි උපකරණයක් ලෙස මාධ්‍ය වලට ප්‍රකාශ නිකුත් කිරීමත් වැනි කාරණා නිසා එක්සත් ජාතික පක්ෂය තුළ විචිකිච්චාවක් ඇති විය. එහි ප්‍රතිඵලයක් ලෙස එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු ගණනාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විවේචනය කිරීමට උත්සහ කළ අතර සුජීව සේනසිංහ අමාත්‍යවරයා සෘජුවම ජනාධිපතිවරයා වෙත එම චෝදනා එල්ල කළේය. මෙම කාරණා දේශපාලන කරළිය තුළ සිදුවෙද්දී අග්‍රාමාත්‍යවරයා සිටියේ ඉන්දියානු සංචාරයේ නිරත වෙමිනි. එම සංචාරය අවසන් වී ශ්‍රී ලංකාවට පැමිණි විගස පාර්ලිමේන්තුවේදී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම හමුවේ අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කරනු ලැබුවේ, ජනාධිපතිවරයාට විරුද්ධව, ජනාධිපතිවරයාගේ පක්ෂය විසින් සිදුකරනු ලබන දේශපාලන කාරණා වලට විරුද්ධව ප්‍රකාශ නිකුත් නොකරන ලෙසයි. එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු ඒ සම්බන්ධයෙන් එතරම් සතුටට පත් නොවූහ. නමුත් පක්ෂ නායකයාට එකඟ වෙමින් ඔවුන් ජනාධිපතිවරයාට හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විරුද්ධව අදහස් දැක්වීම නවතා දැමිණි.

එක්සත් ජාතික පක්ෂයේ තත්ත්වය එසේ වුවත් රටේ රූපවාහිනී මාධ්‍ය ආයතනයක් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලන ක්‍රියාකාරීන් මෙන්ම එහි නායකයින් විසින් එක්සත් ජාතික පක්ෂයට එරෙහිව මඩ ගැසීම් හා එහි නායකයා විවේචනය කිරීමක් පවත්වාගෙන ආවේය. අද වන විටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් එක්සත් ජාතික පක්ෂය විවේචනය කිරීමේ කටයුතු ගම් මට්ටමේ සිට ජාතික දේශපාලන දක්වා හැම ස්තරයකම සිදුකරගෙන යයි. නමුත් එක්සත් ජාතික පක්ෂයේ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ස්ථාවරය වන්නේ කිසිදු හේතුවක් මත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන කටයුතු විවේචනය නොකළ යුතු අතර ජනාධිපතිවරයාට එරෙහිව කිසිදු ප්‍රකාශයක් හෝ ක්‍රියාකාරකමක නොයෙදිය යුතු බවයි.

සහජීවන ආණ්ඩුව පවත්වාගෙන යාමෙන් මේ රටේ ජනතාව එක්සත් ජාතික පක්ෂයට හා ජනාධිපතිතුමාට ලබාදුන් ජනවරම අනුව පොරොන්දු වූ කටයුතු ඉටු කිරීමට අගමැතිවරයාගේ කැපවීම අප අගය කළ යුතුයි. විටෙක ඒ සඳහා ඔහුට හා ඔහුගේ පක්ෂයට ගෙවීමට සිදුවන වන්දිය විශාල වුවද ජනවරමට අනුව කටයුතු කිරීමට අග්‍රාමාත්‍යවරයා අදිටන් කරගෙන ඇති බව බැලූ බැල්මට පෙනී යයි. කෙතරම් අපහසු තත්ත්වයක් තිබුණද දේශපාලන බලය පවත්වා ගැනීමෙන් එහාට, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් ආණ්ඩුකරණය පුළුල් දැක්මකින් හා පරිණත භාවයකින් යුතුව කරමින් සිටින බව අපට පෙනීයයි. විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂය මේ මොහොතේ දී ජනතාව අතර සාපේක්ෂ ශක්තිමත් බවකින් පවතින අතර පළාත් පාලන මැතිවරණය දිනා ගැනීමේ ප්‍රබල හැකියාවක් ඇති බව අගමැතිවරයාගේ විශ්වාසයයි. එම නිසා මෙම තත්ත්වය හමුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන ක්‍රියාවලිය ආරක්ෂා කර ගැනීම සඳහා ජනාධිපතිවරයා විසින් දියත් කරනු ලබන වැඩපිළිවෙළට අකුල් හෙලීමෙන් වළකින ලෙසත්, එක්සත් ජාතික පක්ෂයට නියෝග කර තිබේ. මන්දයත් මේ ආණ්ඩුව ස්ථාවරව පවත්වා ගැනීමට නම් එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත්ව පැවතිය යුතු බව අගමැතිවරයාගේ අවබෝධයයි.

සැබවින්ම ඉදිරි එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහින්ද පිල නොහොත් පොදු ජන පෙරමුණට ජයග්‍රහණය කිරීමට ඇති ඉඩකඩ පිළිබඳව දැන් දැන් සමාජය තුළ විචිකිච්චාවක් පැනනැගී තිබේ. විශේෂයෙන්ම මහින්ද පිලට රට පුරා විසිරී පැතිරුණු පක්ෂ යාන්ත්‍රණයක් නොමැති නිසා එම මැතිවරණයට මුහුණ දීමේ විශාල අපහසු කම් අත්විදිමින් තිබේ. ජනතා විමුක්ති පෙරමුණටද සිදුවී ඇත්තේ එයයි. ඔවුන්ද රට පුරා ඇති සියලුම කොට්ඨාසවලට අපේක්ෂකයන් යොදවා ගැනීමේදී කාන්තා නියෝජනයට අදාළ කාන්තා අපේක්ෂකයන් සොයාගැනීම් විශාල අර්බුදයකට මුහුණ දී තිබේ.

නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ, පක්ෂ යාන්ත්‍රණය සියයට හැත්තෑවකටත් වඩා සතුව ඇත්තේ ජනාධිපතිවරයාගේ පිලටයි. එබැවින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිතුමාගේ පිලට මෙම තත්ත්වයට මුහුණ දීමේ කිසිදු තාක්ෂණික අපහසුතාවයක් නැත. එසේම එක්සත් ජාතික පක්ෂයට මෙවැනි තත්ත්වයන් අදාලම නොවේ. මේ මොහොත වන විටත් එක්සත් ජාතික පක්ෂය අපේක්ෂක ලැයිස්තු සකස් කිරීමේ කටයුතු වල සියයට අසූවකටත් වඩා අවසන් කර ඇති අතර අපේක්ෂකයන් ඉතාමත් වේගයෙන් ග්‍රාමීය මට්ටමේ සංවිධාන කටයුතුවල යෙදෙමින් සිටී. මෙම තත්ත්වය මත එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ දැඩි විශ්වාසය, මෙම මැතිවරණය එක්සත් ජාතික පක්ෂයට පහසුවෙන් ජයග්‍රහණය කළ හැකි බවයි. එම නිසා යහපාලන ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂ දෙකේ සහජීවනයට හානිවන ආකාරයේ කිසිදු දේශපාලන ක්‍රියාවලියක්, ප්‍රකාශයක් හෝ වැඩසටහනක් සිදු නොකරන ලෙස පක්ෂයේ සියලුම ස්තර වල ක්‍රියාකාරීන්ට හා නායකයින්ට අගමැතිවරයා විසින් තරයේ අවවාද කරන ලදී.

මෙම තත්ත්වය යටතේ එක්සත් ජාතික පක්ෂය එක්තරා අකාරයකට උබ​තෝකෝටිකයකට මුහුණදී තිබුණද රට තුළ ක්‍රියාත්මක වන ආර්ථික වැඩසටහන හා සමාජ, ආර්ථික, දේශපාලනික ප්‍රතිසංස්කරණය පිළිබද කතිකාව ජනතාව හමුවේ තබමින් පරිණත දේශපාලනයක යෙදෙමින් පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කිරීමට අපේක්ෂා කරයි. එසේම චිරහත් කාලයක් වංචාවෙන්, දූෂණයෙන් හා අකාර්යක්ෂමතාවයෙන් පිළිණු වී තිබූ ප්‍රාදේශීය පරිපාලනයට දක්ෂ, උගත්, බුද්ධිමත්, අලුත් මුහුණු හදුන්වාදෙමින් ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රාදේශීය සභා, නගර සභා සහ මහනගර සභා වල බලය අත්පත් කරගැනීමට අපේක්ෂා කරයි.

*ලේඛකයා ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකි

Print Friendly, PDF & Email

Latest comments

  • 3
    0

    Oh, you are doing Propaganda. Just wait and See how the UNP lose. You are just one who is writing crap for living. People are voting because they do not have an alternative. It is just recycling the same old 225 thieves. Maithripala Sirisena is not that clean. His sloth like behaviour towards corruptions show he is also one just like that. anyway, we understand you are paid by the govt for propaganda. Joint opposition aka JAcakal opposition is just JOKERS.

  • 1
    0

    අනේ මොන පිස්සුද. රනිල්ට දැන් වෙලා තියෙන්නේ කපන්න බැරි අත ඉඹින්න. ඇත්ත කතා කරමුකෝ. රනිල් හිතුවේ 2015 ජනවාරි වල මෛත්‍රී ජනාධිපති කරලා, මාර්තු විතර වෙනකොට විධායක බලය අහෝසි කරලා, විධායක අගමති ධූරයක් හදලා, අප්‍රේල් වෙනකොට (දින 100 පැනපු ගමන්) මහ මැතිවරණයක් තියලා විධායක අගමැති වෙන්න. මෙහෙම තත්වයකට ගැලපෙන්න තමයි 19 වෙනි සංශෝධනය හදල තිබුනේ. මහින්ද පැරදුනා, විධායක ජනාධිපති ධූරය අහෝසි වෙලා මෛත්‍රී අයින් වුනා, ඊට පස්සේ ශ්‍රී ලංකා එක සෙට්ටපොච්චි, ආයේ කවදාවත් නැගිටින්න බැහැ, ඊට පස්සේ තව දශක දෙක තුනක් යනකම් යූඑන්පී ආණ්ඩුව හොල්ලන්න බැහැ කියලා තමයි රනිල් හිතුවේ. හැමදාම කියනව වගේ 2015 පෙබරවාරි 18 නුගේගොඩදී රනිල්ගෙ හීන ලෝකේ කඩා දැම්මේ විමල්. ශ්‍රී ලංකා එක බේරුනේ විමල් නිසා. විමල් නොහිටින්න මෛත්‍රීට ජනාධිපතිකම අතාරින්න ලොකු බලපෑමක් එනවා. එහෙම නොවුනේ ආණ්ඩුවට එරෙහිව ලොකු ජන ගඟක් එදා නුගේගොඩට ආව නිසා. විමල් එහෙම නොකරන්න රාජපක්ෂලා wholesale හිරේ යන්නේ 2015 දීමයි. මහින්දව ආපහු ගෙනාපු එක ගැන මම මෙතැන කතා කරන්නේ නැහැ, මොකොද පොතක් එලි දැක්වීමකදී මේ ළඟදිත් මහින්ද කිව්වා එයාව ගෙනාවේ රෝහිතව වගේ මිනිස්සු කියලා. ඒ හින්ද ඒ credit එක විමල්ට අවශ්‍ය නැහැ. නමුත් දන්නෝ දනිති. හැබැයි එදා නුගේගොඩට ජනගඟක් ආවේ විමල් නිසා. පාට පක්ෂ භේදයක් නැතුවයි මිනිස්සු ආවේ. ඊට පස්සේ නුවරත් රත්නපුරෙත් එහෙමයි. සංවිධානය කරන්න, සාකච්චා කරන්න දෙයක් තිබ්බේ නැහැ, විමල් ඊළඟ රැස්වීම තියන්න කොතැන කියලද කිව්වේ එතනට මිනිස්සු ආව. විමල්ගේ මහන්සියේ ප්‍රතිඵල ගන්න බැරි වුනේ හැමදාම වගේ නායකයන්ගේ තිබුණු දෙබිඩි ප්‍රතිපත්ති නිසා. විමල් හදපු ජනපවුරට අද වෙන නම් දාලා හොරු අරන්. කිසි ප්‍රශ්නයක් නැහැ. මම කියාගෙන ආපු තැනට ආපහු යනවා නම්, රනිල්ගේ 19 වන සංශෝධනයේ දැන් රනිල්ම හිරවෙලා. ඒකෙ හැටියට 2/3 නැති නිසා රනිල්ට ශ්‍රීලනිපය ඇර වෙන පක්ෂයක් එක්ක දෙමුහුන් ආණ්ඩුවක් හදන්න බැහැ. හදන්න පුළුවන් පාර්ලිමේන්තුවේ වැඩිම බලය තියෙන පක්ෂ දෙක අතරේ විතරයි. එහෙම නොවුන නම්, රනිල් මෙලහට ශ්‍රීලනිපය ඇත ඇරලා ටීඑන්ඒ එකයි ජේවීපී එකයි තව ශ්‍රීලනිප ඇතුලේ ඉන්න යුඑන්පී පාන්පාරුවො කොටසකුයි එකතු කරන් ආණ්ඩුවක් හදලා, මෛත්‍රීව ගෙදර යවල. රනිල් මේ ලිපියේ කියන තරම් ත්‍යාගශීලී මිනිහෙක් නෙමෙයි. යූඑන්පී ආණ්ඩුවක් හදන්න සහ ඉර හඳ තියෙනකම් ඒගොල්ලෝම රජ කරවන්න තමයි රනිල් බැලුවේ. වැඩේ හරි ගියේ නැත්තේ විමල් නිසා. ලංකාව ණයගැති වෙන්න ඕනේ වෙන කාටවත් නෙමෙයි විමල්ට. විශේෂයෙන් ශ්‍රීලනිපය ණයගැති වෙන්න ඕනේ විමල්ට. රනිල්ට ඊළඟ මහමැතිවරණෙට හෝ ජනාධිපතිවරණෙට මූණ දෙන්න ශක්තියක් නැහැ. හේදිලාම යනව. ඒ හින්දා ඊට ඉස්සෙල්ල ගහන ගැට වලට අහු නොවී ඉන්න එක ආණ්ඩුවේ ඉන්න ශ්‍රීලංකා එකේ යුතුකමක්.

    පළාත්පාලන චන්දෙදී අපේක්ෂක සංඛ්‍යාව දෙගුණයක් කරපු එක වැරදියි. හොයල බැලුව නම් සමහරවිට බලන්න තිබුන අපේක්ෂකයෝ සංඛ්‍යාව වැඩි කරලා තියෙන විදියේ මොකක් හරි pattern එකක් තියෙනවද කියලා. යුඑන්පී stronghold පැති වල අපේක්ෂකයෝ වැඩි වෙලාද කියලා හොයලා බලන්න වටිනවා. 96ක් ඇමැතිවරුත් වැඩක් නැති කොට තව 8000ක් පළාත්පාලන ආයතන වලට පත් කරගන්න යන්නේ මොනව කරන්නද? රනිල් සහ යුඑන්පී එකේ තියෙන ලොකුම ලක්ෂණය තමයි ඔක්කොම වැඩ අනාගතයට එල්ල කරන එක. ඉතුරු වෙලා තියෙන්නේ තව අවුරුදු දෙකයි, හැබැයි 2025 ට 2030ට ඉලක්ක කරනවලු. යූඑන්පීකාරයන්ව, තවමත් ඉතුරු වෙලා ඉන්නවා නම්, සහ ජාත්‍යන්තරය නොමඟ යවන්න හොඳම විදිය. හැබැයි ඇත්තටම සැලැස්මක් නැහැ, අරක පිටින් දාලා රටේ තියෙන සම්පත් ඔක්කොම විකුණනවා. කොච්චර බංකොලොත්ද කිව්වොත් විකුණලා විකුණලා දැන් බාගෙට හදපු hotels පවා විකුණනවලු. රනිල් කියන්නේ රාජ්‍ය පාලකයෙක් නෙමෙයි Con Artist කෙනෙක්.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.