27 April, 2024

Blog

කදවුරු තුනක්, එක සටනක්

තුෂාර වන්නිආරච්චි

තුෂාර වන්නිආරච්චි

ලංකාවේ දේශපාලනය පෙළගැසෙමින් තිබෙන ආකාරය අනුව ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය බිදවැටීමට ඇති ඉඩකඩ වැඩිබව මගේ හැගීමයි. එක්සත් ජාතික පක්ෂයට හා දෙමළ සන්ධානයට, මුස්ලිම් කොන්ග්‍රසයට, මෙරට සිවිල් සමාජයට කෙතරම් අවශ්‍යතාවයක් තිබුණද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සාර්ථකව ඉදිරියට පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිල් දෙකේම ප්‍රතිගාමී හා තක්කඩි ආකල්ප ඉඩදෙතැයි සිතිය නොහැක.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සිදුකරනු ලැබුවද කාරණා පෙළගැසෙමින් තිබෙන ආකාරය අනුව ජනාධිපති ධූරය තවදුරටත් පැවතිය හැකිය. එබැවින් මෙරටේ ජනතාවටත්, සියලුම දේශපාලන බලවේග වලටත්, 2020 මුල් කාර්තුවේදී ජනාධිපතිවරණයකට මුහුණ දීමට සිදුවනු ඇත. පළාත්සභා හා පළාත් පාලන මැතිවරණ වලින් පසු එළැඹෙන ජාතික මැතිවරණය වන්නේ 2020 ජනවාරියේදී පමණ පැමිණීමට නියමිත ජනාධිපතිවරණයයි.

එක්සත් ජාතික පක්ෂය, මුස්ලිම් කොන්ග්‍රසය, දෙමළ සන්ධානය හා වතුකරයේ දේශපාලන පක්ෂ සමග එක් පෙරමුණක් ගොඩනගනු ඇත. එම පෙරමුණට ද්‍රවිඩ, මුස්ලිම් හා කතෝලික ආගමික ඡන්දත්, එක්සත් ජාතික පක්ෂයේ සාම්ප්‍රදායික ඡන්ද පදනමත් ලබා ගැනීමේ කිසිදු බාධාවක් නැත. එම පෙරමුණේ අපේක්ෂකයා ලෙස පැමිණීමට 100% කම ඉඩකඩ ඇත්තේ රනිල් වික්‍රමසිංහය. එම පෙරමුණ තම මැතිවරණ සටන ආරම්භ කරනුයේ දෙමළ, මුස්ලිම්, කතෝලික හා එක්සත් ජාතික පක්ෂ සාම්ප්‍රදායික ඡන්ද පදනම මත ශක්තිමත්ව සිටගනිමිනි. එතැන් සිට ඔවුන්ට පාවෙන ඡන්ද, අලුතින් එකතුවන ඡන්ද හා විරුද්ධ බලවේගවල සහයෝගය ලබා ගැනීමේ සටන ආරම්භ කළ හැකිය. එම පෙරමුණට ජයග්‍රහණයට බාධා කරනු ලබන ප්‍රධානම දුර්වලතාවය වන්නේ යහපාලන ආණ්ඩුව මගින් පාක්ෂිකයා රැකබලා ගත්තා මදිය යන ජනප්‍රිය ආකල්පයයි. එම ආකල්පය එක්සත් ජාතික පක්ෂයේ, පාක්ෂිකයින්ගෙන් ඉවත් කිරීම සදහා පාක්ෂිකයින් රැකබලා ගැනීමේ කටයුතුත් පක්ෂය විසින් හැකි ඉක්මනින්ම ආරම්භ කළ යුතුය.

2020 මැතිවරණයට පැමිණෙන අනික් පෙරමුණ විය හැක්කේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රි පිල පෙරටු කරගත් පොදු අපේක්ෂක පෙරමුණයි. මෙම පෙරමුණ මූලික වශයෙන් රනිල් වික්‍රමසිංහ විරෝධී, එක්සත් ජාතික පක්ෂ විරෝධී පොදු පෙරමුණක් බවට නිතතින්ම පත්වනු ඇත. ඩිලාන් පෙරේරලා, ඉසුරු දේවප්‍රියලා, ශිරාල් ලක්තිලකලා එහි ප්‍රධාන පෙලේ කසකරුවෝ වන අතර යහපාලන ආණ්ඩුවේ මාධ්‍ය ඔස්තාර්ලා ගණනාවක් එළිපිටම තම නාට්‍යය රගදක්වනු ඇත. මෙම කදවුරේ පොදු අපේක්ෂකයා බවට පත්වීමට ඉඩකඩ ඇත්තේ චම්පික රණවක ඇමතිවරයාටය. විමල් වීරවංශ ප්‍රමුඛ ජාතික නිදහස් පෙරමුණ 2020 දී විරුද්ධ වනු ඇත්තේ මූලික වශයෙන් මෙම කදවුරටයි. මෙම කදවුරේ මැතිවරණ ව්‍යාපාරයට නිර්මාල් රංජිත්ලා, පිලිප් ශාන්තලා, ජයදේව උයන්ගොඩලා හා ජනතා විමුක්ති පෙරමුණ එකතු වෙතැයි සිතීමට තවමත් කල් වැඩිය. නමුත් ජනතා විමුක්ති පෙරමුණ ඔවුන් හා එකතු වුවහොත් ලංකාවේ සිවිල් කෙරුමන්ට හා ආණ්ඩුවේ මාධ්‍ය ඔස්තාර්ලාට අමුඩය කඩා නොගෙන රැගීමට එය මහගු වේදිකාවක් වනු ඇත. එම කදවුර මූලික වශයෙන් ලංකාවේ මධ්‍යම පාන්තික කාන්තා ඡන්දත්, පාවෙන ඡන්ද හා තරුණ ඡන්ද මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ කැඩී යන කණ්ඩායම්වල සහයද ලබා ගැනීමට උත්සහ කරන අතර දුර්වල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පිලෙහි ඡන්දද අනිවාර්යයෙන් දිනා ගනු ඇත. චම්පික රණවකට සෑම කාලයකම මුස්ලිම්, ද්‍රවිඩ හා කතෝලික ජනතාවගේ දැඩි විරෝධයක් තිබේ. එබැවින් එම කුලකයේ ඡන්ද කිසිවක් දිනා ගැනීමට චම්පික රණවක වැනි පොදු අපේක්ෂකයෙකුට හැකියාවක් නොලැබෙන අතර ස්වඋත්තෝමවාදී සිංහල ඡන්ද පදනම තුළ ඔහුගේ පොදු අපේක්ෂක මැතිවරණ ව්‍යාපාරය පදනම් වනු ඇත.

අනෙක් ප්‍රධාන කදවුර වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රාජපක්ෂ පිලයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රාජපක්ෂ පිලෙහි ජනාධිපති අපේක්ෂකයා වනු ඇත්තේ ඝෝඨාභය රාජපක්ෂයි. ඒ මහින්ද රාජපක්ෂ අගමැති කිරීමේ සටන් පාඨයද සමගයි. එම ජනාධිපතිවරණ සටනේ රාජපක්ෂවරු ඝෝඨා ජනාධිපති මහින්ද අගමැති කිරීමේ එම විශාල දේශපාලන ව්‍යාපෘතියේ සාර්ථකව නියලෙනු ඇතැයි මාගේ නිගමනයයි. ඝෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණයට පැමිණීම ජාතිකවාදී බලවේග අමන්දානන්දයට පත්වෙනු ඇත. මූලික වශයෙන් මෙම කදවුරේ ඉලක්ක ඡන්ද පදනම වනුයේ ස්වඋත්තමවාදී සිංහල බෞද්ධ ඡන්ද පදනමයි. ඝෝඨාභය රාජපක්ෂ වැන්නෙකුට එම ඡන්ද පදනම තුළ විශාල ආකර්ෂණයක් තිබේ. එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාම්ප්‍රදායික ඡන්ද පදනමෙන්ද විශාල කොටසක් මෙම කදවුර විසින් දිනාගනු ඇත. අද මේ මොහොතේ මෛත්‍රී පිලේ ප්‍රමුඛයින් ගණනාවක්ද එම කදවුර සමග නිශ්චිතවම එකතුවනු ඇත.

එසේනම් 2020 ජනාධිපතිවරණය යනු ප්‍රබල තුන්කොන් සටනකි. මෙම තුන්කොන් සටනේ ජයගැනීමට නම් මුලු ඡන්ද සංඛ්‍යාවෙන් 50% කුත් තවත් එක් ඡන්දයකුත් ලබාගත යුතුය. මෙම මැතිවරණය ජයග්‍රහණය කිරීම සදහා මෙවැනි තත්ත්වයක් යටතේ විභවහාත්මක හැකියාවක් ඇත්තේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයාටය. මන්දයත් මේ මොහොතේ පවතින දේශපාලන තත්ත්වය අනුවත්, අතීතයේත්, අනාගත ප්‍රක්ෂේපනයට අනුවත් දෙමළ, මුස්ලිම් හා කතෝලික ඡන්ද ලබාගත හැක්කේ එම අපේක්ෂකයාටය. මෙම මැතිවරණය ජයග්‍රණය කිරීමට සිංහල බෞද්ධ ඡන්ද පදනමෙන් ලබාගත යුතු වන්නේ 30% ක ප්‍රමාණයකි. එම ගණන එක්සත් ජාතික පක්ෂයේ සිංහල බෞද්ධ ඡන්ද පදනමට වඩා අඩුය. එබැවින් එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත්වන රනිල් වික්‍රමසිංහ හෝ වෙනත් ඕනෑම අපේක්ෂකයෙකුට 2020 ජනාධිපතිවරණය ජය ගැනීම කජු කනවා වැනි වැඩකි. කළයුතු එකම දෙය පාක්ෂිකයා බලාකියා ගැනීමය.

එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පිලේ පොදු අපේක්ෂකයාට හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහින්ද පිලට එක්සත් ජාතික පක්ෂය පැරදවීමට එක් අවස්ථාවක් ඉතිරිව ඇත. ඒ එම පිල් දෙකම ඒකාබද්ධ වී එක් පිලක් බවට පත්වී පැමිණීමෙනි. නමුත් එසේ වුවද එම දෙපිලේම සිටිනා ජනප්‍රිය අපේක්ෂකයා වන ඝෝඨාභය රාජපක්ෂට දෙමළ, මුස්ලිම් හා කතෝලික ඡන්ද ලබාගත නොහැකිය. එම ඡන්ද පදනම තුළ ඔහුට ඇත්තේ මාරාන්තික විරෝධයකි. එසේම මේ රටෙහි සිවිල් සංවිධාන හා ජනතා විමුක්ති පෙරමුණට ඝෝඨාභය සමග හෝ රාජපක්ෂවරු සමග එකම වේදිකාවක සිටගත නොහැකි අතර ඔවුන්ගේ අමුඩය බේරා ගැනීමට ඡන්ද 4% ක් හෝ 5% ක් ගන්නා තුන්වෙනි අපේක්ෂකයෙකු ඉදිරිපත්කළ යුතු වේ. මෙවැනි සන්ධර්භයක් තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයාට එම ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට සිංහල බෞද්ධ ඡන්ද පදනමින් 70% කට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් ගතයුතු අතර විපක්ෂයේ සිටින ජාතිකවාදී බලවේග වලට එය අසීරු ඉලක්කයකි. විශේෂයෙන් සිංහල බෞද්ධ ඡන්ද පදනම පනහට පනහ බෙදී සිටින අවස්ථාවක එම ඉලක්කයට ළගාවීම යථාර්තවාදී නොවේ.

එම නිසා මට කීමට ඇත්තේ 2020 න් පසු මේ රටේ නැවතත් තනි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවකට ඉඩකඩ විවර වන අතර එය එම පාක්ෂිකයින් අමන්දානන්දයට පත් කිරීමට හේතුවක් වනු ඇත.

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    0

    Thushaara

    you are totally wrong. In this context, as described by you, I will definitely cast my vote for UNP candidate against both of racist candidates. It will be my first vote for UNP.

    Philip Shantha

  • 0
    0

    තුෂාර කියන්නේ “ද්‍රවිඩ, මුස්ලිම් හා කතෝලික ආගමික ඡන්දත්, එක්සත් ජාතික පක්ෂයේ සාම්ප්‍රදායික ඡන්ද” එක් පෙරමුනක් බවය. 2012 සංඛ්‍යා ලේඛන වලට අනුව ලංකාවෙ ද්‍රවිඩ හා මුස්ලිම් ප්‍රතිශතකය අාසන්න වශයෙන් 25% කි. කතෝලික ප්‍රතිශතකය 5% කි. 2015දී ජනාධිපති වූ සිරිසේන 51.28% ක ගත්තේය. ද්‍රවිඩ මුස්ලිම් කතෝලික පෙරමුනක් ලෙස සිරිසේනට චන්දය දුන්නේ නම්, සිරිසේනට චන්දය දුන් සිංහල බෞද්ධයන්ගේ ප්‍රතිශතකය [51.28-(25%+5)] = 21.28%කි. අැත්ත වශයෙන්ම සිරිසේනට ලැබුනු සිංහල බෞද්ධ 21.28% ම එජා පාක්ෂිකයන් නොවේ. එම ගොඩේ 4-5% ක් ජවිපෙට චන්දය දෙන අයද සිටියේය. ජවිපෙ කාඩරයන් අනුරලා ටිල්වින්ලා නෙවෙය් දෙවියන් කීවත් බටලන්දේ රනිල්ට චන්දය නොදෙනු අැත.

    ජවිපෙ කට්ටිය අඩුකල විට තුෂාර කියන එජා පාක්ෂිකයන් අැත්තේ 17.28කි. රනිල්/රවිගෙ වැඩ ගැන ඒ සම්ප්‍රදායිික එජා පාක්ෂිකයන් සිටින්නේ කිසිම තෘප්තියකිින් නොවේ. ‘ලේ කොල පාට’ අයටත් ‘යහපාලන’ බොරැ සහ පච පිළිගැනීමේ සීමාවක් අැත. ඒවැන්නන්ගේ සීමාව දැන් ටික ටික පැන ගෙන යනු පෙනේ. පංච විධ ක්‍රමයට නොතෙමි යන්න කාර් දෙන්න අා රනිල්/රවී අද ත්‍රිවීලයේ මිලත් ඩබල් කොර අැත. ජපන් අැකුව හයිබ්‍රිඩ් ගන්න සිටි අය අද ගන්නේ ඉන්දියන් සුසුකි ලඩියකි. ගෝටා හැදු මංතීරැ වල උදේ හවස අැවිදින අය කියන කතා අැහුවොත් සම්ප්‍රදායික එජා පාක්ෂිකයන් ඉන්නෙ කොතැනක දැය් තුෂාරලාට වැටහෙනු අැත. වෙළඳ ප්‍රජාවටද රජය ගැන විශ්වාසයක් නැත. අපනයන කරැවන් රටට සියලු මුදල් ගෙන එන්නේ නැත. රටට හිමි මුදල් ඔවුන් හැකි තරම් විදේශ වල රඳවා ගන්නා බව නොරහසකි. 10% කට වැඩි සම්ප්‍රදායික එජා පාක්ෂිකයන් ඊලඟ චන්දයේදී චන්ද පොලට නොයන බව ප්‍රසිද්ධයේ කියය්. කෙලවරක් නැතිව කල් දමන පලාත් පාලන චන්දය තිබ්බොත් අැත්ත නැත්ත කාට කාටත් බලා ගත හැක.

    බහුතර සිංහල බෞද්ධයන් වසන ගමේ තත්වය නගරයට වඩා බොහෝ දරැනුය. මහින්දගෙ කාලයේ පොල් පෝර කි.50 රු.1250/-කි. අද රු.3500/-කි. එනිසා කුඩා වතු හිමියන් අද පොහොර දමන්නේ නැත. වසර දෙකක් තුල පොල් ඵලදාව 50%කින් අඩු වී පොල් මිල 100% කින් වැඩි වනු අැත. වී ගොවි තැනටද එසේම වනු අැත.

    විකිනිය හැකි රටේ වටිනා දේපොල සීමා සහිතය. ඒවා විකුනා ලැබෙන සොච්චම් මුදලින් බැඳුන්කර වලින් කොල්ල කෑ අාර්තිකය ගොඩ ගන්නවා බොරැය. 2014 වසරේදී ලංකාවේ විදේශ අායෝජනය US$ මිලියන 1650කි. 2016 දී US$ මිලියන 450 කි. බොරැ වොක්ස්වැගන් අැරෙන්න නියම ඉඳිකටු ෆැක්ටරියක් වත් අලුතින් අරින්න ලංකාවට එන අායෝජකයෙක් නැත. මගේ විශ්වාසය නම් 2020 වන විට රටේ අාර්තිකය ලෙල්ලටම වැටෙනු අැත.

    මේ යන විදිහට 2020 වන විට සිංහල බෞද්ධ 75%ක් සහ ක්‍රිස්තියානි 50% ක් වත් ගෝටාට චන්දය දෙනු අැත. අන්තවාදී නොවන මුස්ලිම් දෙමළ චන්දද යම් ප්‍රමාණයක් (5%) ගෝටාට ලැබෙනු නිසැකය. ඉතින් හීනෙන් මිස අැත්තටම රනිල් රජ කරවන්නට බැරි බව මට නම් ඉතා පැහැදිලිය.

  • 0
    0

    ඔබට පුලුවන්නම් මේ ගණන ඉලවු ගෝටාබයට යවන්නකෝ කරුණාකර ල බණ්ඩා මහත්මයාණෙනි

  • 0
    0

    මගේ ගනන් හිලවු පෙන්නුවේ ඔබේ “එක පෙරමුණක” සහ වෙනත් අතාත්වික තර්කයන්ගෙන් නොමග යැවීමට උත්සාහ කල පාඨකයන්ට මිස ගෝඨාට නොවේ. මගේ දේසපාලන තර්ක සහ විංඤාණය වෙනත් එකකි.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.