‘‘තමාගේ පෝරකයම තැනූ තැනැත්තා ය
තමාගේ අවසානය අඩුවෙන්ම තක්සේරු කෙළේ’’
ලා ෆොන්තෑන් (තෝරාගත් උපමා කතා)
වේලූපිල්ලේ ප‍්‍රභාකරන්ට ඔහුගේ ජනතාවගේ විමුක්තිදායකයා විය හැකිව තිබුණි. දෙමළ ජනතාව සඳහා වන ෆෙඩරල් විසඳුමක් ඔහුට ජයගත හැකිව තිබුණි. සමහරවිට, සංයුක්ත රාජ්‍ය ක‍්‍රමයක් වුව දිනාගත හැකිව තිබුණි. එහෙත් එසේ නොවුණි. මන්ද යත්, එය ඔහුගේ එල්ලය නොවුණු බැවිනි. ඔහුගේ එල්ලය වුණේ, ඔහුගේම රාජ්‍යයකි. ඔහු කැපවු ඊලාමය, දෙමළ කතා කරන ජනතාවගේ ඊලාමයක්වත්, දෙමළ ජනතාවගේ ඊලාමයක්වත්, අඩුම වශයෙන්, කොටි ඊලාමයක්වත් නොව: ඔහුගේ එල්ලය වුණේ, ප‍්‍රභාකරන්ගේ ඊලාමයක් ගොඩනැගීමයි. එනම්, තමාම රාජ්‍යය වන, තමාම නීතිය සහ ආගමත් වන, තමාගේම ඊලාමයක්.
ඒ උන්මාද පිපාසය කෙළවර වුණේ මහා විනාශයකින්. දෙමළ ජනතාවත්, එල්.ටී.ටී.ඊ. ව්‍යාපාරයත්, අවසානයේ වේලූපිල්ලේ ප‍්‍රභාකරන්වමත් ගිලගත්, මහා විනාශයකින්.
යුද්ධයේ ජයග‍්‍රහණයෙන් පසුව, ලංකාව සඳහා වන වෙනම මාර්ගයක්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී සාමය සහ මානව සංවර්ධනය සඳහා වන වෙනම මාර්ගයක්, සකස් කිරීමට රාජපක්ෂලාට හැකියාව තිබුණි. දෙමළ ප‍්‍රශ්නය නිරාකරණය කොට, ආගමික සහජීවනය ශක්තිමත් කොට, සැබෑ ශ‍්‍රී ලාංකීය ජාතියක් සඳහා වන දේශපාලනික සහ සමාජ=ආර්ථික පදනම් ගොඩනැගීමට රාජපක්ෂලාට හැකියාව තිබුණි. එසේ වුවත්, ඔවුන් එසේ කෙළේ නැත. මන්ද යත්, ඔවුන්ගේ අභිලාෂය එය නොවුණු බැවිනි. එල්.ටී.ටී.ඊ. සංවිධානය පරාජය කිරීමෙන් ලැබුවා වූ දැවැන්ත දේශපාලනික වාසිය ඔවුන් පාවිච්චි කෙළේ, ශ‍්‍රී ලංකාව ඔවුන්ගේ පවුලේ නින්දගමක් කිරීමටයි. ඔවුන්ගේ අභිලාෂය එය වීම ඊට හේතුවයි.
වර්තමාන ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය මදයක් නැති හිස් කට්ටකි. අධිකරණය සහ නිලධාරී පැලැන්තිය, දාස භාවයේ ය. සුළුජාතීන්ගේ බල සිඳලා තිබේ. මහජාතිය, වාර්ගිකාගමික අන්තවාදයේ උමතුවක ය. ඒ සියල්ල, පවුල් පාලනයක් සහ රාජවංශික අනුප‍්‍රාප්තියක් කරා වැටී ඇති මාවතක අනිවාර්ය පියවරයන් ය.
ජාතිය ගොඩනැගීම රාජපක්ෂලා සළකන්නේ, සමානයන් අතර වන සමමිතික සන්ධානයක් වශයෙන් නොව, අසමානයන්ව බලහත්කාරයෙන් පුරුද්දන අභ්‍යාසයක් වශයෙනි. රාජපක්ෂලාගේ ‘ලාංකීය ජාතිය’ අරමුණු කෙළේත්, මත්තට පවතිනු ඇත්තේත්, රාජපක්ෂ පාලනයට යටත්, සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදී ස්ථිතියක් වශයෙනි. දෙමළ ජනතාව දිනා ගැනීමේ උනන්දුවක් රාජපක්ෂලාට නැත. වාර්ගිකාගමික සහජීවනය අංශුමාත‍්‍රයකින් හෝ රැක ගැනීමේ ආශාවක් ඇති කිසි පාලන තන්ත‍්‍රයක්, සෑම සුළු ජාතික ප‍්‍රජාවක්ම සතුරු කර ගැනීමේ විවෘත අවසරය, ගුරු පාට චීවරධාරී අසංවර රැළකට නොපවරනු ඇත.
කිසිවෙකු සමග, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ අධිකරණය සමග පවා, බලය බෙදාහදා ගැනීමට බැරි, බොක්කෙන්ම එන අපුලක් රාජපක්ෂලාට තිබේ. උතුරේ පළාත් සභාවත් රාජපක්ෂලා ඉවසනු ඇත්තේ, රටේ වෙනත් පළාත් සභා සේම එයත් ස්වකීය කෙළි බඩුවක් කර ගැනීමට හැකි නම් පමණි. හම්බන්තොට පොදුරාජ්‍ය මණ්ඩලීය නායක සමුළුවට ස්වකීය සහාය සැපයීම, සාපේක්ෂ වශයෙන්වත් නිදහස් සහ සාධාරණ උතුරේ මැතිවරණයකට හුවමාරුවක් වශයෙන් ගැට ගැසීමට ඉන්දියාව බල කළොත් මිස, මීට පෙර අවස්ථාවක උතුරු=නැගෙනහිර පළාත් සභාව දෙකට කැඞීම සඳහා අධිකරණය පාවිච්චි කළ ආකාරයෙන්ම, මෙවර උතුරු පළාත් සභා මැතිවරණය කල් දැමීමටත් රාජපක්ෂලා අධිකරණය පාවිච්චි කරනු ඇත.
උතුරේ මහඇමති තනතුර සඳහා දෙමළ ජාතික සන්ධානයේ අපේක්ෂකයා ගැන රාජපක්ෂලා විසප්පුවෙන් ඇවිස්සීම පුදුමයක් නොවේ. එම තනතුර සඳහා තරග කිරීමට, කලින් ඉදිරිපත්ව සිටි මාවෙයි සේනාධිරාජා එම අපේක්ෂකත්වයෙන් ඉවත් වීම, රාජපක්ෂලාගේ රජවාසල වාචාල පඹයා වන විමල් වීරවංශට අනුව විදේශ කුමන්ත‍්‍රණයකි: ‘‘සේනාධිරාජාගේ පවුලේ උදවිය තමන්ගේ රටේ වෙසෙන බවටත්, යම් හෙයකින් ඔහු උතුරේ මහ ඇමති තනතුරට තරග කළොත් එම ඥාතීන්ව ආපසු ශ‍්‍රී ලංකාවට එවන බවටත්, ඉන් පසු නැවත එම රටට ඇතුල් විය නොහැකි පරිදි ඔවුන්ගේ වීසා අවලංගු කරන බවටත් එක් රටක තානාපති කාර්යාලයක් අනතුරු අඟවා තිබේ. තවත් රටක තානාපති කාර්යාලයක්, උතුරේ මහ ඇමති අපේක්ෂකත්වය සඳහා විග්නේෂ්වරන්ව තමන් පිළිගන්නා බව, දෙමළ ජාතික සන්ධානයේ සෑම මන්ත‍්‍රීවරයෙකුටම පෞද්ගලිකව කතා කොට දන්වා තිබේ.’’ එසේ කියන මේ වාචාලයා, ඊළඟට බෙදුම්වාදී භූතයාව ද පණ ගන්වයි: ‘‘ශ‍්‍රී ලංකාවේ වෙනම රාජ්‍යයක් පිහිටුවීම සඳහා අවශ්‍ය කරන නීතියේ හිඩැස් සොයා ගැනීමට විග්නේෂ්වරන් සමත් වනු ඇතැ යි විදේශ තානාපති කාර්යාල විශ්වාස කරයි.’’
විමල් වීරවංශගේ කොටළු හඩ අපට නොතකා සිටිය හැක. එහෙත් බැසිල් රාජපක්ෂගේ ප‍්‍රකාශ සම්බන්ධයෙන් එසේ කළ නොහැක. බැසිල් රාජපක්ෂ යනු, ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප‍්‍රියතම බේරුම්කරුවා ය. රාජපක්ෂ සහෝදරවරුන් අතරින් ඒකාන්ත වෙට්ටපිත්තලයා ඔහු ය. ඔහුගේ කටින් යමක් සැරට පිටවුණොත්, ඒ ඔහු කෝපයට පත්ව ඇති නිසා නොව, අදාළ කාරණය සම්බන්ධයෙන් රාජපක්ෂ සමාගම යම් තීරණයකට එළැඹ ඇති නිසා ය.
මෑතක දී ‘හින්දු’ පත්තරයට ඔහු දුන් සම්මුඛ සාකච්ඡුාවක දී, ඔහුගේ කටින් පුපුරා ගොස් ඇත්තේ, හරියටම එවැනි බෝම්බයකි: උතුරේ මහඇමති අපේක්ෂකත්වය සඳහා දෙමළ ජාතික සන්ධානය විසින් විග්නේෂවරන්ව තෝරාගනු ලැබීම ඔහු දකින්නේ, උතුරේ ජනතාව නියෝජනය නොකරන, ‘බාහිර බලවේගවල අපේක්ෂකයෙකු’ වශයෙනි. රාජපක්ෂ ආණ්ඩුවෙන් -මංමාවත්, දුම්රිය මාර්ග, ජලය, විදුලිය, පාසල් සහ රෝහල් – ආදී ‘සියල්ල’ දෙමළ ජනතාවට සපයා ඇතැ යි පවසන ඔහු, උතුරේ පිහිටුවන දෙමළ ජාතික සන්ධාන පළාත් සභාවක් මගින් එම ජනතාව ‘භාවාත්මකව උසිගැන්වීමක්’ කැරැුවිය හැකි බවට අනතුරු අඟවයි. පොලිස් බලතලත් ඔවුන්ට දුන්නොත්, ඔවුන්ගේම හමුදාවක් ද ඔවුන් ගොඩනගා ගනු ඇතැ යි අවසාන වශයෙන් ඔහු නිවේදනය කරයි.
බැසිල් රාජපක්ෂගේ මේ වචනවලින් ඔප්පු කෙරෙන්නේ, 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයත්, උතුරු පළාත් සභාවත් කුජීත බවයි. දෙමළ ජාතික සන්ධානයෙන් පාලනය කෙරෙන උතුරු පළාත් සභාවක් සමග සහයෝගයෙන් කටයුතු කිරීමේ සැලැස්මක් ඇති කර ගැනීමට තබා, එවැනි පළාත් සභාවකට පවතින්ට ඉඩ හැරීමේ උවමනාවක්වත් රාජපක්ෂලාට නැත. දැන් රාජපක්ෂලාට තිබෙන එකම ප‍්‍රශ්නය වන්නේ, හම්බන්තොට පොදුරාජ්‍ය මණ්ඩලීය නායක සමුළුව අවසන් වන තෙක්වත් (ඉන්දියානු බලපෑම මත) උතුරු පළාත් සභාවක පැවැත්මට ඉඩ හරින්නේ ද, නැතහොත් එය පවා අධිකරණමය මාර්ගයෙන් ව්‍යර්ථ කෙරෙන්නේ ද යන්න පමණි.
සර්ව පාක්ෂික තේරීම් කමිටුවේ සැබෑ වරය කවරාකාර වේ ද යන්නත් බැසිල් රාජපක්ෂගේ කතාවෙන් ගම්‍ය වෙයි. එය වූ කලී, 13 වැනි ව්‍යවස්ථාවේ බල නහර කපා, අතුනුබහන් ඉවත් කිරීමයි. එම කමිටුව වර්ජනය කිරීමට විපක්ෂය ගෙන ඇති තීරණය, ඒ අනුව, නිවැරදි ය. එම කමිටුවට විපක්ෂය සහභාගී වීමෙන්, රාජපක්ෂලාගේ අභිමතාර්ථය වෙනස් කළ නොහේ. සහභාගීත්වයෙන් සිදුවෙනු ඇත්තේ, ඔවුන්ගේ ව්‍යායාමය සුජාත භාවයේ සළුපිළියෙන් සැරසීම පමණි. රාජපක්ෂලාගේ සර්වපාක්ෂික සමුළු ක‍්‍රියාත්මක වන්නේ කෙසේද යන්න, විපක්ෂයේ පූර්ණ සහභාගීත්වයෙන් වේදිකාගත කළ දෝෂාභියෝග නාඩගමෙන් මොනවට පෙන්නුම් කෙරුණි. වාර්ගික ප‍්‍රශ්නය සම්බන්ධයෙන් වන ඔවුන්ගේ සර්ව පාක්ෂික සමුළුවක් ද දායක වනු ඇත්තේ, එවැනි මිරිඟුවකට පමණි.
අවසානයේ දී 13 ඉරා දැමෙනු ඇත. තමන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කෙළේ යැයි ඔවුන් කියනු ඇත.
ආකූල ජාලයක්
පුද්ගලයෙකුට කඹුරන පක්ෂයක් හෝ පවුලක්, ස්වකීය යහපත සඳහාම ක‍්‍රියා කිරීමට වුව අසමත් වන්නේය. ඇඩොල්ෆ් හිට්ලර්ගේ ජර්මනියටත්, වේලූපිල්ලේ ප‍්‍රභාකරන්ගේ එල්.ටී.ටී.ඊ. සංවිධානයටත් වුණේ ඒ නස්පැත්තියයි.
ශ‍්‍රී ලංකාවේ රාජ්‍යය, අද වන විට පාලක පවුලේ අතකොලූවකි. රාජ්‍යය සහ රාජ්‍ය පාලකයන් අතර පැවතිය යුතු සෑම සීමා ඉරක්ම, හිතමතාම අකාමකා දමා තිබේ. ඒ නිසා, රාජ්‍යය මෙහෙයවෙනු ලැබෙන්නේ, රටට සහ ජනතාවට පවා වින්නැහියක් වෙමින්, පාලක පවුලේ අවශ්‍යතා සහ සිතැඟියා, දේශපාලනිකවත්, සමාජාර්ථික වශයෙනුත්, සාක්ෂාත් කර ගැනීමටයි.
බලතල බෙදාහැරීම/උතුරු පළාත් සභාව පිළිබඳ කාරණයේ දී රාජපක්ෂලා හැසිරෙන ආකාරය හේතුභූත වනු ඇත්තේ, දෙමළ ජනතාව කළකිරවා ලාංකීය රාජ්‍යයෙන් ඔවුන්ව පරාරෝපණය කිරීමටත්, ඉන්දියාව තරහා කර ගැනීමටත් ය. චීනයේ අනුග‍්‍රහයෙන් මත්ව, චීන සහාය ගැන මේ සා ඔලූව උදුම්මා නොගන්නට, ඒ සා විනාශකාරී මගකට ඔවුන් අවතීර්ණ නොවන්නට ඉඩ තිබුණි.
චීන සාධකය කෙටිකාලීනව ඵල දැරීමට පිළිවන. එහෙත්, මධ්‍ය කාලයේ සිට දීර්ඝ කාලීනව එය රටට පාරාවළලක් විය හැකිය. නැගීගෙන එන ඕනෑම බලවතෙකු සේ චීනය ද, දබරයට කැමැත්තේය. ජපානය, පිලිපීනය සහ වියට්නාමය සමග, දකුණු සහ නැගෙනහිර මුහුදේ දූපත් සම්බන්ධයෙන් එය ප‍්‍රශ්න ඇති කරගෙන සිටී. චීනයේ මහජන විමුක්ති හමුදා ඛණ්ඩයක්, ඉන්දියානු දේශසීමාවේ කිලෝ මීටර් 19 ක් ඇතුළතින් කඳවුරු බැදීම අරභයා, ඉන්දියාව සමග මෙතෙක් චීනයට පැවති දේශසීමා ගැටුම් නවතමයෙන් වර්ධනය වී ඇත. ඉන්දියානු ආරක්ෂක අමාත්‍යාංශයේ වර්ගීකෘත වාර්තාවකට අනුව, ‘‘චින සබ්මැරීන යාත‍්‍රා, ඉන්දියානු ආරක්ෂාවට තර්ජනයක් වෙමින්, වැඩි වැඩියෙන් ඉන්දියානු සාගරයේ ගැවසෙයි… චීන නාවුක හමුදාවේ ‘වක‍්‍ර එල්ලය’ බව පෙනෙන්නේ, ඉතා සංවේදී සන්නිවේදන සාගර මාර්ග ඔවුන්ගේ පාලනයට නතු කර ගැනීමයි.’’ ඊට අමතරව, බරක් ඔබාමාගේ ‘ආසියාවට නියාමකය’ ප‍්‍රතිපත්තිය හේතුවෙන්, චීනයට ඇමරිකාව සමග ඇති පසමිතුරු තරගය තවත් උත්සන්න කෙරී ඇත.
ජාත්‍යන්තර තලයේ දී චීනය ඉත්තෑවකු මෙන් කටු සහිත ය. ඇනෙන සුළු ය. කිපෙන සුළු ය. එවැනි චීන පඹ ගාලක පැටලීම, ලංකාව වැනි, වැඩිමනත් මිතුරන් නැති, දුර්වල සහ කුඩා රටකට නොගැළපෙයි. චීනයේ වාසිය සඳහා ජාත්‍යන්තරය තුළ ලංකාව ලංසුවට තැබීමට චීනයට ඉඩ දිය යුතු ද නැත.
නුමුහුන් ආත්මාර්ථයට දුර නොපෙනේ ඒ නිසාම, එය අනතුරුදායකයි. ‘මගේ ඊලාමය’ නැමැති සිහිනයෙන් අන්ධ වු වේලූපිල්ලේ ප‍්‍රභාකරන්, තම ජාතියත්, එල්.ටී.ටී.ඊ. සංවිධානයත්, තම පවුල සහ තමාවමත් දක්කාගෙන යන්නේ මොන තරම් මාරක අවුලකට දැ යි, බොහෝ කල් යන තෙක්, තේරුම්ගෙන සිටියේ නැත. ඒ නිසා, රාජපක්ෂලා සහ ඔවුන්ගේ හොරණෑවලින් මත්වීමට අප ද පෙළඹුණොත්, අපටත් හිමිවනු ඇත්තේ මූසල අනාගතයකි.
*2013 ජුලි 21 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ Our Pirapaharan ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’
sam / July 23, 2013
මුසල අනාගතේ එන්නේ මු යුද්දේ දිනොත් ..මොන දේ උනත් ආයෙත් අපේ රටේ ඊලමෙකට ඉඩක් නැ ..ඊලමයක් ඕනේ නම් ඕන කට්ටියට තමිල්නාඩුවට යන්න පුළුවන් මොකද ඊලමයක් ඇති කරන්න බලාගෙන ඉන්න කට්ටිය එහෙ ඉන්නවා…
/
aruna / July 23, 2013
රනිල්ලා තමයි සාම ගිවිසුම් ගහලා මුන්ට ඕන විදියට නටන්න දුන්නේ.. එත් මුන්ට වැඩ වැරදුනා…මහා කොටියට වෙච්ච දේ මතක නම් ලංකාව පැත්තවත් බලන එකක් නැ
/
සාගර / July 23, 2013
තිසරණී කොහෙද ඉන්නේ ලංකාවේද???
යුද්දේ ඉවර කලේ නැත්නම් තිසරණි මැරිච්ච තැන්වල ගසුත් නෑ.. ගස්වල ගෙඩිත් නෑ..
NGO සල්ලී කටට වැටෙනකන් ඔය ඇට නැති දිවවල් නටයි…
ඉපදුනු රටට දේශදොහියෙක් වෙන්න එපා…
/
Niromi / July 23, 2013
තිසරණි මොන ජාතියකට ජන්මයකට උනත් කමක් නැහැ .එයා දෙමල අයට සදාරණේ කොහෙන් ඉටු කරලා දුන්නත් අපට කමක් නැහැ .අපි අද නිදහසේ ඉන්නේ රාජපක්ෂලා නිසයි.ප්‍රභාකරන් කියන නරුමය විනාශ කරනවානම් කරන්න මිට කලින් හිටපු නායකයන්ටත් හැකියාව තිබුන.නමුත් කලේ නැහැ ඔව්න් කලේ යුද්දය වවාගෙන කාපු එක.අහිංසක සිංහල කොල්ලෝ බිල්ලට දුන්න එක .දෙමල අයට අපේ රටේ තියන වරප්‍රසාද හොඳටම ඇති .ලංකාවේ ඊලම් පාලනයක් ඇති කරන්න අපිට ඕන නැහැ .දෙමල මිනිස්සු හැමදාම කලේ සිංහල අයට වෛර කල එක.තිසරණි කැමති දේශයක් උදා කර ගන්න පුළුවන් .එත් ඒ මේ රටේ නෙමේ .
/
කඩප්පුලියා / July 23, 2013
ඔව්නේ ,කරුණා අම්මාන් කියන ,දළදා මාලිගාවට බෝම්බ ගහපු,අරන්තාලාවේ බෞද්ධ භික්ෂූන් ඝාතනය කළ කොටි බල්ලා,දැන් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ උපසභාපති,නියෝජ්‍ය ඇමතියා එල්.ටි.ටි එකෙන් ගැලවුනේ මහින්ද 2005 දි ජඩාධිපති වුනාට පස්සේනේ.
/
makage yalak / July 24, 2013
යකෝ මේක ඉන්න සැප බලපල්ලකො.ගහන්න හිතෙනවා නරියට මැරෙන්න.
/
kiriya / July 24, 2013
ඌ මලා බන් අපේ කොල්ලෝ ඌට ඇට්ටි හැලේන්න…..ඌ දැන් ගිය ලෝකෙට වෙලා අඬනවා ඇති බන්….
/
WASALAYA / July 24, 2013
යකෝ මූ දින්නා නම් මෙලහට මේ රටේ සුළු ජාතිය සිංහලයෝ වෙලා අපි උගේ පස්ස හෝදනවා.
/
Asiri / July 24, 2013
ඔක්කොටම කලින් මේක ලියපු එකාගේ මොලේ හෝදලා දාන්න ඕනේ…මුන් යුද්දේ ඉවර කරලා දුන්න මනුස්සයටම කෙලින්න හදන හැටි විතරක්.තුක් නොදකින්……තොපි රටත් විකුණයි විපක්ෂේ වගේ ……වගේ නෙමේ ඉතින් විපක්ෂේටම කඩේ යන එවුන්නේ උබලා……
/
විජේසිරි . / July 25, 2013
මේකා මැරුණු එකම තමයි හොද….. මේ වගේ මිනිහෙක් ජිවත් උනා නම් අපිට තාමත් නිදහසක් නැතුව තමයි ඉන්න වෙන්නේ…..අපේ ප්‍රභාකරන් කියල මෙච්චර උඩ පනින්නේ මෙයත් කොටි සාමාජිකාවක් වෙලා හිටියද දන්නෑ…..
/
Niromi / July 25, 2013
තිසරණි ගුණසේකර නෙමේ [Edited out]
/