‘‘…. කවට දේශපේ‍්‍රමයේ ඒ කූට ඝෝෂාව: ‘හරි හෝ වැරදි වේවා, අපේ රට” – කාල් ෂූර්ස් (අධිරාජ්‍යවාදයේ ප‍්‍රතිපත්තිය)
එය, රාජපක්ෂ මාදිලියේ ප‍්‍රාතිහාර්යයක් විය. අපේ‍්‍රල් 23 වැනි දා බොදුබල සේනා මැරයන් ‘කර්මාන්ත සහ වෙළඳ අමාත්‍යාංශයට’ කඩාවැදුණු අවස්ථාවේ අමාත්‍යාංශයේ සී.සී.ටී.වී. කැමරා කාර්යවිරහිතව තිබුණි. කොටුව මහේස්ත‍්‍රාත්වරයා ඉදිරියේ කරුණු දැක්වුණේ එලෙසයි.
සී.සී.ටී.වී. කැමරා රූප රාමු නැත. සාක්ෂි නැත. බොදුබල සේනාව තවත් අපරාධයකින් ගැලවී යයි.
ශ‍්‍රී ලංකාවේ දණ්ඩමුක්තිය (දඬුවමකට යටත් නොවී අපරාධ කිරීමට ඇති හැකියාව) විශේෂ ප‍්‍රවෘත්තියක් නොවන තරමට සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇත. රාජපක්ෂලා ද, ඔවුන්ගේ නෑසියෝ සහ අතවැස්සෝ ද ප‍්‍රතිවිපාක නොවිඳ ඇස්පනාපිට, ප‍්‍රසිද්ධියේම නීති කඩති.
නීතියේ ආධිපත්‍යය මියගොසිනි. යටහත් පහත් පොලීසියක්, පක්ෂපාතී අධිකරණයක් සහ තොරතුරු නොදත් ජනතාවත් ඉදිරියේ, පාලකයන්ගේ හිතුමතේ නීතිය යෙහෙන් වැජඹෙයි.
අලූත්ගම, බේරුවල සහ දර්ගා නගරය ආගමික ගින්නෙන් ඇවිළුණි. එම ගිනි වෙනත් තැන්වලට ද පැතිරී ගොසිනි. රාජපක්ෂලා ඊට වගකිව යුතුය. මන්ද යත්, යුද්ධයෙන් පසුව, පවුල් පාලනය සහ පරපුරේ උරුමය ගෙන යාම සඳහා බෞද්ධ-මුස්ලිම් එදිරිවාදයක් ඔවුන් හිතාමතාම ඇවිස්සූ බැවිනි.
බෞද්ධ භික්ෂුවකට සහ ඔහුගේ රියැදුරාට පහර දුන්නේ යැයි කියන මුස්ලිම් තරුණයන් දෙන්නා දැන් අත්අඩංගුවේ ය. විය යුතු පරිද්දෙන්ම, නීතිය එහි දී කඩිනමින් ක‍්‍රියාත්මක විය. එහෙත් අළුත්ගම, බේරුවල සහ දර්ගා නගරය ඇතුලූ වෙනත් තැන්වල මුස්ලිම් ජීවිත සහ දේපල විනාශ කළ සැහැසි පිරිස් ගැන තත්වය කවරේද? ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේද? නැතහොත් ඔවුන් වැටෙන්නේ වෙනම නීතියක් යටතට ද?
වැලිවේරිය විරෝධතාකරුවන් බොහෝ සෙයින් සිංහල-බෞද්ධ ය. එය ඔවුන්ට මොන විදිහකවත් පිළිසරණක් වුණේ නැත. අළුත්ගම, බේරුවල සහ දර්ගා නගරයේ කැරලිකරුවන්ට සීමිත දණ්ඩමුක්තියක් හිමි වන්නේ ඔවුන්ගේ සිංහල භාවය නිසා හෝ බුද්ධාගම නිසා නොව, ඔවුන් (දැන්වත්ව හෝ නොදැනුවත්ව) රාජපක්ෂ පාලනයේ චිරස්ථිතියට මුක්කුවක් වන බැවිනි. ඒ ප‍්‍රයෝජනය ඔවුන්ගෙන් ගත් පසු, ඔවුන්ට ද හිමිවනු ඇත්තේ, නීතියේ තඩි පොල්ලකි. සමහර විට ඊටත් වඩා නරක තත්වයකි.
මේ කිසි අපචාරයක් පිළිබඳ පරීක්ෂණයක් කිරීමට රාජපක්ෂලාට උවමනාවක් නැත. ඔවුන් විරුද්ධ වන්නේ ජාත්‍යන්තර පරීක්ෂණයකට පමණක් නොවේ. දේශීය පරීක්ෂණවලට ද ඔවුන් විරුද්ධ ය.
එක්සත් ජාතීන්ගේ පරීක්ෂණවලට ඔවුන් දක්වන විරෝධතාව පදනම් වන්නේ එකී පරීක්ෂණවල ඇති දේශීය නොවන ගතියක් නිසා නම්, මෙය එය ඔප්පු කිරීමට ඔවුන්ට ලැබෙන අගනාම අවස්ථාවයි. ජාත්‍යන්තර පරීක්ෂණය හෙලාදකිමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආණ්ඩුවේ යෝජනාවට ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කොට ඇති සංශෝධන පිළිගැනීමෙන් එය කළ හැකිය.
එම සංශෝධනය හරහා ජනතා විමුක්ති පෙරමුණ සිදුවීම් ගණනාවක් පිළිබඳ අපක්ෂපාතී පරීක්ෂණ පවත්වන්නැ යි ඉල්ලා සිටී. එම පරීක්ෂණ මාස තුනකින් අවසන් කොට, අවසාන විනිශ්චයන් ප‍්‍රකාශයට පත්කොට, වැරදිකරුවන්ට දඬුවම් පැමිණවිය යුතු යැයි එම පක්ෂය ඉල්ලා සිටී. මෙම සංශෝධනය තමන්ගේ යෝජනාවට ඇතුළත් කර ගැනීමට ආණ්ඩුව කැමති නම්, එක්සත් ජාතීන්ගේ පරීක්ෂණය හෙළාදකිමින් ආණ්ඩුව සමග ඡුන්දය පාවිච්චි කිරීමට ජනතා විමුක්ති පෙරමුණ සූදානම් ය.
ආණ්ඩුවේම ප‍්‍රචාරකවාදය අනුව බලන විට, ජනතා විමුක්ති පෙරමුණේ මේ සංශෝධනය ආණ්ඩුවට කිසි සේත්ම ප‍්‍රශ්නයක් විය යුතු නැත. එම සංශෝධනය තුළ, යුද්ධයේ දී හෝ ඉන් පසුව හෝ සිදුවිණැ කියන උතුරේ කිසි අපරාධයක්, ඇතුළත්ව නැති බව පෙනේ. ත‍්‍රිකුණාමලේ ශිෂ්‍යයන් පස් දෙනාගේ ඝාතනය, මුත්තූර්හි සේවකයන් 17 දෙනාගේ ඝාතනය, එල්.ටී.ටී.ඊ. රූපවාහිනී නිවේදිකා ඉසිප‍්‍රියා හෝ ප‍්‍රභාකරන්ගේ බාල පුත් බාලචන්ද්‍රන් ඝාතනය, සිවිල් වැසියන්ට ෂෙල් වෙඩි ප‍්‍රහාර එල්ල කිරීම හෝ යටත් වූ එල්.ටී.ටී.ඊ, වැසියන් ඝාතනය කිරීම පිළිබඳ සිදුවීම් කිසිවක් ඊට ඇතුළත්ව නැත. වැඩි වශයෙන් දකුණේ ඇති වූ සිදුවීම් සහ යුද්ධයෙන් පසුව ඇති වූ සිදුවීම්වලට, ජනතා විමුක්ති පෙරමුණේ ලැයිස්තුව සීමා වන බවක් පෙනේ. ඔවුන් සඳහන් කරන එම සිදුවීම්වලින් අගතියට පත් වින්දිතයන්, මොන කෝදුවකින් මැන්නත්, කොටින් හෝ කොටි හිතවාදීන් වශයෙන් නම් කළ හැකි අය නොවේ. එසේ හෙයින් එම සිදුවීම් විභාග කොට වැරදිකරුවන්ට දඬුවම් කිරීම රාජපක්ෂලාට ප‍්‍රශ්නයක් විය නොහැක. පූජණීයත්වයකින් ඔවුන් සළකන බව කියන – නිදහස, ස්වෛරීත්වය සහ භෞමික අඛණ්ඩතාව – ආදියේ මවිලකටවත් එවැනි පරීක්ෂණයකින් හානියක් වන්නේ නැත.
ඉතිං, ජනතා විමුක්ති පෙරමුණේ ඉල්ලීමට ඔවුන් එකඟ වේද? එසේ වුවහොත් සැබවින්ම ඒවා ක‍්‍රියාත්මක කරයිද? එසේ නැතිව, මුලින් එකඟ වී පසුව වංචාවේ සහ කල්මැරීමේ සුපුරුදු ලතාව තුළට එම සමස්ත ක‍්‍රියාදාමය පත්කරනු ලැබේවිද?
යුද වේදිකාවෙන් පිටස්තරව ඇති වී යැයි කියන සිදුවීම් මාලාවකට තම ඉල්ලීම සීමා කිරීමෙන් ජනතා විමුක්ති පෙරමුණ කර ඇත්තේ ජාතික අවධානය වැදගත් මූල කාරණයකට යොමු කිරීමයි. දණ්ඩමුක්තිය උතුරට පමණක් සීමා වන්නක් නොවේ. එය, එන්න එන්නම දකුණ ද ගිල ගනිමින් සිටී. ඊට බිළිවන්නෝ, කොටි සාමාජිකයන් සහ දෙමළ ජනතාව පමණක් නොවේ. සිංහල-බෞද්ධයන් වශයෙන් උපන් සහ එයාකාරයෙන් පෝෂණය කරන ලද්දන් ද ඊට ගොදුරු වෙත්.
මේ නිසා, ජනතා විමුක්ති පෙරමුණේ සංශෝධනය රාජපක්ෂලා ප‍්‍රතික්ෂේප කළොත්, ඒ මගින් වැදගත් සත්‍යයක් ඔප්පු වෙනු ඇත: එනම්, රාජපක්ෂ සහෝදරයන් එක්සත් ජාතීන්ගේ පරීක්ෂණයට විරුද්ධ වන්නේ එය ‘ජාත්‍යන්තර’ පරීක්ෂණයක් වන නිසා නොව, එය පරීක්ෂණයක් වන නිසා ය.
ශ‍්‍රී ලංකාවේ වෙසෙන ඕනෑම පුරවැසියෙකුට හෝ ආයතනයකට තමන් කැමති විදිහෙන් සැළකීමට අයිතියක් තමන්ට ඇතැ යි රාජපක්ෂලා විශ්වාස කරති. ජාතික ස්වෛරීත්වය පිළිබඳ ඔවුන්ගේ අර්ථකථනය එවැන්නකි. එක්සත් ජාතීන්ගේ පරීක්ෂණයට සහයෝගය දැක්වීම රාජපක්ෂලා දැනටමත් ප‍්‍රතික්ෂේප කොට තිබේ. ඒ නිසා එම ප‍්‍රශ්නය තවදුරටත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම තවත් උප්පරවැට්ටියකි. එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ ලවා ජාත්‍යන්තර පරීක්ෂණය ඉදිරියේ තමන්ව කොන්දේසි විරහිතව ආරක්ෂා කරවා ගැනීම සඳහා ඔවුන්ට දේශපේ‍්‍රමී පොල්ලෙන් ගසා තමන්ගේ බහට නම්මවා ගත හැකි යැයි සමහර විට රාජපක්ෂලා සිතනවා ඇති.
විපක්ෂය වෙනුවෙන් ප‍්‍රශංසා මුඛයෙන් කතා කිරීමට මෙසේ හෝ අවස්ථාවක් ලැබීම භාග්‍යයකි. එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ රාජපක්ෂලාගේ ඒ උගුලට හසු වීම දැන් ප‍්‍රතික්ෂේප කොට තිබේ. ඒ වෙනුවට, ඔවුන්ගේම වන වෙනස් ආකාරයන්ගෙන්, රාජපක්ෂ වංචනිකත්වය ඔවුන් විසින් හෙළිදරව් කරනු ලැබ ඇත.
එය අළුත් ආරම්භයකැ යි අපි විශ්වාස කරමු.
කොටින් මෙන්
‘හියුමන් රයිට්ස් වොච්’ සංවිධානයේ විමර්ශිකා ජෝ බෙකර්, එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ළමා සොල්දාදුවන් ගැන ගවේෂණය කොට ඒ ගැන බොහෝ සේ ලීවාය. ඩයස්පෝරාව තුළ එල්.ටී.ටී.ඊ. සංවිධානය ගෙන ගිය සාපරාධී ක‍්‍රියාවන් ගැන ඈ සකස් කළ වාර්තාව, කැනඩාවේ සහ යුරෝපා සංගමයේ එල්.ටී.ටී.ඊ. සංවිධානය තහනම් කිරීම කෙරෙහි ඉවහල් වූ එක් සාධකයකි. ඒ හේතුවෙන්, එල්.ටී.ටී.ඊ. සහ එහි ඩයස්පෝරා ආධාරකරුවන්ගේ බලවත් කෝපයට ඇය ලක්විය.
අත්තනෝමතික නායකයන් සහ සංවිධාන, මොන ආකාරයෙන් ඔවුන් වෙනස් වෙතත්, එම අර්ථයෙන් එක සමාන වෙත්: ඔවුන්ට විවේචන දිරවන්නේ නැත. වේලූපිල්ලේ ප‍්‍රභාකරන් ජීවතුන් අතර සිටියේ නම්, ජාත්‍යන්තර පරීක්ෂණයකට ඔහු ද විරුද්ධ වෙනු ඇත. ඔහු සහ ඔහුගේ ගෝලබාලයන්, එවිට දෙමළ ජනතාව සහ එම ජනතාවගේ අභිමානය හුවා දක්වනු ඇත. නවී පිල්ලේ සිංහල රාජ්‍යයේ අතකොලූවක් වශයෙන් ගරහනු ඇත.
එක්සත් ජාතීන්ගේ පරීක්ෂණයකට ඔවුන් විරුද්ධ වෙනු ඇත්තේ ද, අද රාජපක්ෂලා ඊට විරුද්ධ වෙන හේතු පෙරදැරිවමයි. ඔවුන් දෙගොල්ලන්ටම අවශ්‍ය කරන්නේ, තමන්ගේ අපරාධ වසංගා ගත හැකි අන්ධකාරයකි. ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවිය වාර්තා කරන විස්තරාත්මක තොරතුරු නිවැරදි නම්, ඇස් අරවන එක් යථාර්ථයක් ඒ මගින් හෙළිදරව් වනු ඇත. එනම්, යුද්ධය අස්සේ පවා, සැබෑ බලය තිබුණේ වෙන කිසිවෙකුගේ අතේ නොව, රාජපක්ෂ සහෝදරයන්ගේම අතේ බවයි.
ඇතැම් කොටි නායකයන් තමන්ගේ ජීවිත බේරා ගැනීම සඳහා කොළඹ සමග සම්මුතියක් ඇති කර ගැනීමට බැලූ අවස්ථාවේ (සාමාන්‍ය දෙමළ වැසියන් එම මානුෂීය හේතුව යටතේම කොළඹ සමග ඊට සමාන ගනුදෙනුවකට යන විට කොටි සාමාජිකයන් ඔවුන්ට වෙඩි තබා ඝාතනය කරද්දී), එම නායකයන්ගෙන් කිසිවෙක් රාජපක්ෂලා සමග මිස වෙන කිසිවෙකු සමග සාකච්ඡුා කෙළේ නැත. කොටි නායක නඬේසන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රොහාන්චන්ද්‍ර නේරුගෙන් හදිසි උදව් ඉල්ලා සිටි අවස්ථාවේ, නේරු කතා කෙළේ හමුදාපති සරත් ෆොන්සේකාට නොවේ. එවකට, පත් කළ සහ ආධුනික මන්ත‍්‍රීවරයෙකු වශයෙන් සිටි බැසිල් රාජපක්ෂටයි. අවසානයේ ජනාධිපති රාජපක්ෂ එම ගනුදෙනුවට එකඟ වූ පසු රොහාන්චන්ද්‍ර නේරුට බැසිල් රාජපක්ෂ කීවේ හමුදාපතිවරයා සමග කතා කරන ලෙස නොව, ගෝඨාභය රාජපක්ෂට කතා කරන ලෙසයි.
එම ප‍්‍රවෘත්තිය නිවැරදි නම්, යුද්ධ කාලය තුළ සැබෑ වැඩකාරයන් වුණේ කවුරුන් දැයි සිතාගත හැකිය. එසේම, රාජපක්ෂලාට මොනම විදිහක හෝ පරීක්ෂණයකට (ජාතික වේවා, ජාත්‍යන්තර වේවා) මුහුණදිය නොහැක්කේ මන්ද යන්නත් එයින් පැහැදිළි කෙරේ. ඔවුන් කරුණු වසංගන්නේ සාමාන්‍ය සොල්දාදුවන් ආරක්ෂා කිරීමට නොව, තමන්ම ආරක්ෂා වීමටයි.
උන්මත්තක බල ලෝභීන්ගේ දඬු අඬුවට සිර වී සිටින ජනතාව ගැන අනුකම්පා කටයුතු ය. එවැනි බල ලෝභීන් තමන් දිවි හිමියෙන් කැප වෙමි යි කියන රට/ජනතාව/ආගම ආදියට විශාලම විනාශය සිදුකරන්නේ ද එවැනි බලලෝභීන් විසින්මයි. නයිජීරියාවේ ‘බොකෝ හරාම්’ හෝ ඉරාකයේ ‘අයි.සී.අයි.එස්’ වැනි උමතු ආගමික කල්ලි මොන විදිහකින්වත් තමන් පෙනී සිටිති යි ඔවුන් කියන ඉස්ලාම් ආගමට කරන හානියක් මිස සේවයක් නැත. දෙමළ ජනතාවගේ යහපතට වඩා ඔවුන්ගේ අයහපතට කොටි සංවිධානය දායක විය. අවසානයේ දී කොටින් කළාටත් වඩා විනාශයක්, ශ‍්‍රී ලංකාවටත්, ශ‍්‍රී ලාංකිකයන්ටත් (විශේෂයෙන් සිංහල-බෞද්ධයන්ට) රාජපක්ෂලා කරනු ඇත.
පාරදෘෂ්‍ය භාවය, වගවීම සහ යුක්ති ධර්මය ගැන ඇති ආත්මීය අවශ්‍යතාව සිංහල-බෞද්ධ දකුණට යම් දවසක වැටහෙනු ඇත. පාලනයකින් සහ හික්මීමකින් තොරව අභ්‍යාස කරන බලයක ඇති භයානක අවදානම යම් දවසක ඔවුන්ට අවබෝධ වනු ඇත. අපට අද අපේක්ෂා කළ හැක්කේ, සිංහල-බෞද්ධ ඉසිප‍්‍රියාලා සහ බාලචන්ද්‍රන්ලා බොහොමයක් රාජපක්ෂලා විසින් දකුණේ ද නිර්මාණය කරනු ලැබීමට පෙරාතුව එම අවබෝධය දකුණට ලැබේවාය යන්නයි.
*2014 ජුනි 15 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ The UN Investigation And The Rajapaksa Right To Impunity නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’
Nikini / June 23, 2014
අලුත් ගම සිද්දිය වෙද්දී ජනාධිපතිතුමා රටේ වත් හිටියේ නැහැ .එතුමා විදේශගතව සිට ආපසු පැමිණි ගමන් ඒ ප්‍රදේශ වල විමර්ශනයකට ගියා .එතුමා විදේශ ගත වෙනකොට කාටවත් කියල ගියෙ නැහැ .කල කෝලාහල කරගන්න කියල .ඒ නිසා එතුමාට චෝදනා කරන එක සම්පූර්ණ වැරදියි .අනික මුස්ලිම් මිනිස්සු විසින් සමිත හාමුදුරුවන්ට පහර දීම සම්බන්දවයි මේ වගේ තත්වයක් ඇති වෙලා තියෙන්නෙ .ඒ නිසා මෙතන සම්පූර්ණ වැරැද්ද මුස්ලිම් මිනිස්සු
/
Pinki / June 23, 2014
තිසරනිට ඕනෙම දේකට රාජපක්ෂලා තමයි වග කියන්න ඕනෙ .තවටික කාලෙකින් ගැබිනියක් උනොත් ඒකටත් රාජපක්ෂලා වග කියන්න ඕනෙ කියයි
/