28 September, 2020

Blog

විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න සම්පූර්ණ සහාය දෙනවා – දෙමළ ජාතික සන්ධානයේ නායන සම්පන්තන්

දෙමළ ජාතික සන්ධානයේත් ඉළංකෛ තමිල් අරසු කච්චි නම් 1950 දී චෙල්වනායගම් ගේ නායකත්වයෙන් ආරම්භ වූ දෙමළ දේශපාලන පක්ෂයේත් වත්මන් නායක අසූ විය පසුව ඇති රාජවරෝතම් සම්පන්තන් අදට ඉන්නා ඉතාම ජ්‍යෙෂ්ඨ, අත්දැකීම් බහුල පළමු පෙළ දේශපාලනඥයෙකි. ඔහු කුරුණෑගල සාන්ත ආනා විiාලයයේ හා යාපනයේ සාන්ත පැටි‍්‍රක් විiාලයයේත් පසුව මොරටුව සාන්ත සෙබෙස්තියන් විiාලයයේත් ඉගෙනුම ලැබූවෙකි. පසුව ඔහු නීති විiාලයයෙන් පෙරකදෝරු විභාගය සමත්ව නීතිඥයෙකු ලෙස සිය වෘත්තීය ඇරඹීය.

Sampanthan, leader of the political proxy of the Tamil Tigers, the Tamil National Alliance, addresses reporters during a media conference  in Colomboදෙමළ ජාතිකත්වයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලනයෙන් 1960 දී පමණ කි‍්‍රයාකාරී දේශපාලනයට පැමිණි සම්පන්තන් 1962 බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුව විසින් ආණ්ඩු විරෝධී සිවිල් නීති කැඞීමේ ව්‍යාපාරය මර්දනය කිරීමේදී මාස කිහිපයක් පනාගොඩ හමුදා කඳවුරේ රඳවා සිටි දෙමළ කි‍්‍රයාකාරී පිරිස අතර වූ එක් තරුණ දේශපාලනඥයෙකි.

පළමු වරට 1977 මහ මැතිවරණයෙන් ඔහු ති‍්‍රකුණාමල ආසනයට තේරී පත්විය. දෙමළ දේශපාලනයේ ඒ පැරණි ප‍්‍රජාතන්ත‍්‍රවාදී යුගයේත් ඉන්පසු වසර 26 ක පමණ ප‍්‍රචණ්ඩ යුධවාදී  සන්නද්ධ දෙමළ ජාතිකවාදී යුගයේත් දැන් පශ්චාත් යුධ, ප‍්‍රජාතන්ත‍්‍රවාදී දෙමළ දේශපාලනයේත් යුග තුනක අත්දැකීම් ලැබූ අය අතුරෙන් සම්පන්තන් අද ප‍්‍රමුඛයෙකි. ‘‘රාවය’’ සඳහා කුසල් පෙරේරා විසින් ඔහු සමග කරනු ලබන දීර්ග සම්මුඛ සාකච්ඡුාවෙහි මෙය එක කොටසකි.

කුසල් – අපි කතාව වර්තමානයෙන් පටන් ගත්තොත්, දීර්ග කාලයක් තිස්සේ දිනා ගැනීමට උත්සාහ කරන දෙමළ ජාතික අපේක්ෂාවන් වෙනුවෙන් ඒකීය රටක හෝ තනි රටක පිළිගත හැකි ප‍්‍රමාණවත් බලය බෙදීමක් මත සොයන විසඳුමකට අද ඇති ඉඩ කඩ සැළකුවහොත්, විශේෂයෙන් මේ රාජපක්ෂ පාලනය යටතේ එවැනි විසඳුමකට ඇති ඉඩ කඩ ගැන මොන වගේ කියැවීමක් ද තියෙන්නේ ? එය ශී‍්‍ර ලාංකීය දේශයක් ගොඩ නැගීමේ කතාව සමග එකට ගෙන සැළකුවහොත් මොන වගේ උත්තරයක් ද දිය හැක්කේ ?

සම්පන්තන් – අද මේ මොහොත ගැන කතා කළොත්, එතරම් බලාපොරොත්තු ඇතිව කතා කළ නොහැකියි. ඒක අවාසනාවක්. නමුත් අපි හැමෝටම වගකීමක් පැවරී තියෙනවා, මේ රටේ ඉදිරි අනාගතය වෙනුවෙන් මේ ප‍්‍රශ්න කාටත් පිළිගත හැකි ආකාරයට විසඳා ගන්න. මේ රටේ හැමෝටම ප‍්‍රශ්න විසඳා ගන්න අවශ්‍යයි. ඒ අයට යන්න වෙන රටක් නැහැ. මේ හැමෝගෙම රට. ඉතාම අවාසනාවන්තම කාරණාව තමයි, එල්.ටී.ටී.ඊයේ හමුදාමය පරාජයේ ඇත්ත දේශපාලන අර්ථය ආණ්ඩුව තේරුම් නොගැනීම.

කුසල් – මට මෙතැනදී අතුරු ප‍්‍රශ්නයක් අහන්න ඉඩ දෙන්න. ඔබ දකින හැටියට, එල්.ටී.ටී.ඊය ඉවත් කෙරුනු පසු, විසඳුමක් සඳහා මතු වූ අවස්ථාව වාසිදායක අවස්ථාවක් ද ? නැතිනම් දැන් තත්ත්වය තිබුණාට වඩා අවාසි සහගත ද ?

සම්පන්තන් – අවාසනාව මෙයයි. යුද්ධය අවසාන වෙන්නට පෙරත් අවසාන වූ පසුත් එක්සත් ජාතීන්ගේ මහ ලේකම්ට, ඉන්දීය අගමැතිට, ජාත්‍යන්තර ප‍්‍රජාවගේ අනෙක් නායකයින්ට, ජනාධිපති ප‍්‍රසිද්ධියේ දුන්නු ප‍්‍රතිඥා තියෙනවා. ඒ ප‍්‍රතිඥාවල නැවත පදිංචි කිරීම්, පුනරුත්ථාපන කටයුතු, මිනිසුන්ගේ ජීවනෝපාය සකස් කර ඔවුන්ට නැවත දෙපයෙන් සිට ගැනීමට හැකි අවස්ථා ලබා දීම, 13 වන ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ ලෙස කි‍්‍රයාත්මක කර බලය බෙදීම එතැන් සිට වඩා ශක්තිමත් කිරීම මත දේශපාලන විසඳුමක් සහ ඒ සමගම, වගවීම පිළිබඳ කාරණාවට පිළිගත හැකි විශ්වාසයක් තැබිය හැකි විවෘත දේශීය පරීක්ෂණයක් පැවැත් වීමත් ඇතුලූ වෙනවා. අවාසනාවකට ආණ්ඩුව ඒ ප‍්‍රතිඥා අනුව කටයුතු කෙරුවෙ නැහැ. යුද්ධයෙන් පසුව ආණ්ඩුවම පත් කළ උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන කොමිසමේ අවසන් වාර්තාවෙත් මේවා අවධාරණය කර තිබුණා. නමුත් ආණ්ඩුව ඒ ප‍්‍රතිඥා සඳහා කැප වුනේ නැහැ. ඉතිං මේක අවාසනාවන්ත තත්ත්වයක්. යුද්ධයෙන් පසුව අවුරුදු පහක් ගත වෙලත් රටට යහපත් තත්ත්වයක් නෙවෙයි මේ පවතින තත්ත්වය.

කුසල් – දැන් ඒ කරුණු කාරණා සමග දෙමළ දේශපාලනයේ දිගු කාලයක් පුරා ඉටු නොවුනු ජනතා අපේක්ෂාවන් පිළිබඳ කතාව ඉදිරියට ගත්තොත්, යාපනයේ මෑතක පැවැත්වූ ඊ.පි.ආර්.එල්.එෆ් සම්මේලන රැුළියෙහි ඔබ ඉතා පැහැදිලිව ප‍්‍රකාශ කෙරුවා දෙමළ ජාතික සන්ධානයත් දෙමළ ජනතාවත් වෙනම රාජ්‍යයක් ඉල්ලන්නේ නැතැයි කියලා. නමුත් ඔබලා ඉල්ලා සිටින්නේ තනි රටක කි‍්‍රයාත්මක කළ හැකි වැදගත් හා නිශ්චිත ලෙස බලය බෙදීමක් මත ඉදිරිපත් කෙරෙන විසඳුමක් කියලා. මේ ඉල්ලන විසඳුම නිදහසින් පසු මෙතෙක් අප අතහැර ඇති ශී‍්‍ර ලාංකීය දේශය ගොඩනැගීම සමග ගැලපෙන්නේ කොහොම ද ?

සම්පන්තන් – ශී‍්‍ර ලාංකීය දේශයක් ගොඩනැගීම පිළිබඳව කිසිදු පරස්පරයක් තියෙන්න බැහැ. එහෙම පරස්පරයක් ඇත්තේ නැහැ. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් හෝ වෙනත් ඔිනෑම ජාතියකට ඒක පොදු පිළිගැනීමක්. ඒ හැම පුද්ගලයෙකුම, වාර්ගික වෙනස්කම් නොතකා, අවශ්‍යයෙන්ම ශී‍්‍ර ලාංකික දේශයේ පුරවැසියකු විය යුතුයි. ඒ ගැන මතභේදයක් ගැටුමක් තියෙන්න බැහැ. බලන්න ඉන්දීය සන්දර්භය. ඒ තියෙන්නේ ඉන්දීය දේශයයි. එහේ ඉන්නවා පංජාබි ජාතිකයින්, බෙංගාලි ජාතිකයින්, කේරල ජාතිකයින්, ආන්ද්‍රා ජාතිකයින්, දෙමළ ජාතිකයින්, මරවාර් ජාතිකයින්. නමුත් ඔවුන් හැමෝම අවසානයේ ඉන්දීය දේශයේ වැසියෝ. මොනවා උනත් ඔවුන් පළමුව ඉන්දියානුවන්. ඒ නිසා ඒ ගැන මතභේදයක් තියෙන්න බැහැ.

මේ ගැටුම් නවතා නොබෙදුනු එක්සත් ශී‍්‍ර ලාංකීය දේශය ගොඩ නගා ගන්න පුළුවන් වෙන්නේ සියලූ දෙනාටම පොදු තනි රටක් හැටියටයි. ඒ ගැන අපට වෙනස්කම් නැහැ. සංවාදයකට දෙයක් නැහැ.

කුසල් – නමුත් මෙහි අඩුවක් මට පේනවා. මට පේන හැටියට, දෙමළ ජාතික සන්ධානය පමණක් නෙවෙයි, ඊට පෙර ෆෙඩරල් පක්ෂයේ මුළු ඉතිහාසය තුලත් දෙමළ අපේක්ෂාවන් ඉදිරිපත් කෙරුනේ තනි රටක් නැත්නම් පොදු ශී‍්‍ර ලාංකීය දේශයක් ගොඩනැගීම සඳහා කියලා සිංහල සමාජයට ඒත්තු යන ආකාරයෙන් නෙවෙයි ඉදිරිපත් කෙරෙන්නේ.

සම්පන්තන් – මේ රට තනි ශී‍්‍ර ලාංකීය දේශයයක් ලෙස ගොඩ නගා ගත යුතුයි කියලා මම අවිවාදයෙන් පිළිගත්තත්, එයින් තේරුම් යන්නේ නැහැ, මේ රටේ විවිධ ජනකොටස් ඉන්න බව මම අමතක කරනවා කියලා. මේ රට බහු වාර්ගික, බහු ආගමික, බහු සංස්කෘතික, ද්වි භාෂාමය සහ සිංහල, දෙමළ, මුස්ලිම් සහ වෙනත් අයගෙන් සැදුම්ලත් බහුත්වවාදී රටක්. ඒ හැමෝටම ඔවුන්ගේ ඉතිහාසයක් තියෙනවා. ඔවුන්ට ඔවුන්ගේ භාෂාවක් තියෙනවා. ඔවුන්ගේම ශිෂ්ඨාචාරයක් තියෙනවා. ඔවුන්ගේම චාරිත‍්‍ර වාරිත‍්‍ර, සම්ප‍්‍රදායන් ගොඩ නගා ගෙන තියෙනවා. ඒවා රැුක ගන්නත් ඔවුන්ට අවශ්‍යයයි. තමන්ගේ සංස්කෘතික, වාර්ගික අනන්‍යතාව රැුක ගැනීමේ දී මේ භුමියේ ශී‍්‍ර ලාංකීය දේශයේ පංගුකාරයින් වෙන්න නොහැකිය කියන කතාවක් නැහැ. ශ‍්‍රී ලාංකීය දේශයේ පංගුකාරයින් වන අතරම. තමන්ගේ අනන්‍යතාවයත් රැුක ගන්න පුළුවන්. දෙමළ ජනතාව ඔවුන්ගේ ප‍්‍රශ්න සඳහා විසඳුමක් ලෙස බලය බෙදීමක් ඉල්ලන්නේ ශී‍්‍ර ලාංකීය දේශයේ පංගුකාරයින් හැටියට තමන්ගේ අනන්‍යතාව රැුක ගනිමින්, සමාජ ආර්ථික අවශ්‍යතා ඉටු කර ගනිමින් ගරුත්වයක් ඇති ජනතාවක් ලෙස ශී‍්‍ර ලංකාවේ ජීවත් වෙන්නයි. සිංහල ජනතාවටත් ඒ අවශ්‍යතාව තියෙනවා. සිංහල ජනතාවටත් ඔවුන්ගේ අනන්‍යතාවය තියා ගැනීම අවශ්‍යයයි.

කුසල් – එහෙමනම්, වැරදුනේ කොතැන ද ? කාටද ?

සම්පන්තන් – වැරදුනේ සිංහල පමණක් රාජ්‍ය භාෂාව කෙරුවම. වැරදුනේ එක ආගමකට ව්‍යවස්ථාවේ විශේෂ වරප‍්‍රසාදයක් දුන්නම. 1972 ව්‍යවස්ථාවෙන් රාජ්‍ය අනුග‍්‍රහය දුන්නම. වැරදුනේ රාජ්‍ය සම්පත් බෙදීමේදී විශේෂයෙන් අධ්‍යාපනය, සෙඛ්‍ය වැනි ක්ෂේත‍්‍රවල, රැුකියා ලබාදීමේදී වාර්ගික අනන්‍යතාවය අනුව ප‍්‍රදේශ වලට අඩු සැළකිල්ලක් තිබුණම. ඒ වගේ වැරදි දිගටම සිදුවුනා. ඒ වැරදි ඔබේ වාර්ගික අනන්‍යතාවය හේතුවෙන් සිද්ධ වෙන්න පටන් ගත්තා. ඔබේ අනන්‍යතාවය නිසා ඔබට අඩු සැළකිල්ලක් ලැබෙන්න පටන් ගත්තා.

කුසල් – ඔව්. ඔබ කියන ආකාරයට, අපේ සමාජ ආර්ථික ජීවිතයෙන් දෙමළ ජනතාව ක‍්‍රමානුකූලව හලා දැමුණා. ඒ හේතු සාධක තමයි මම හිතන්නේ වෙනම දෙමළ රාජ්‍යක් සඳහා 1976 දී වඩුක්කොෙඩෙ සමුළුව යෝජනා සම්මත කෙරුවෙ. ඒ යෝජනාවට 1977 මැතිවරණයේදී දෙමළ ජනතාව විශාල ඡුන්දයක් දුන්නා. නමුත් පොරොන්දු වුන ආකාරයට ඒ යෝජනාව වෙනුවෙන් ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ මැතිවරණයෙන් පසු ඉදිරි පියවර තැබුවෙ නැහැ. ඒ වෙනුවට ජයවර්ධන ජනාධිපතිගේ ඉතාම බාල විසඳුමක් වුන දිස්ති‍්‍රක් සංවර්ධන සභා වලට එකග වුනා. ඇයි එහෙම වුනේ? ඇයි වෙනම රාජ්‍යක් සඳහා තිබූ විශාල අනුමැතිය මේ වගේ බාල විසඳුමක් වෙනුවෙන් අත හැරියේ?

සම්පන්තන් – වෙනම දෙමළ රාජ්‍යක් සඳහා 1976 වඩුක්කොෙඩෙ යෝජනාව සම්මත කෙරුණේ ඇත්තෙන්ම 1972 පළමු ජනරජ ව්‍යවස්ථාවට විරුද්ධ ප‍්‍රතිචාරයක් හැටියටයි. ඒ ව්‍යවස්ථාව සම්පාදනය කරන්න ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය රැුස්වුන වෙලාවේ, මධ්‍යම බලයට හවුල් විය හැකි සන්ධීය ක‍්‍රමයක් පිළිබඳ යෝජනාවක් ෆෙඩරල් පක්ෂය ඉදිරිපත් කෙරුවා. එය සාම්ප‍්‍රදායික ෆෙඩරල් පාලනයක් සඳහා කෙරෙණ යෝජනාවකට වඩා අඩු යෝජනාවක්. අවශ්‍ය නම් එය යම් තරමකට සීමා කෙරුනු ප‍්‍රාදේශීය බල බෙදීමක් හැටියට, ඇත්ත කි‍්‍රයාත්මක බල බෙදීමක් හැටියට පිළිගැනීමටත් සාකච්ඡුා කරන්න සූදානම් බව කිව්වා. අවාසනාවකට, ෆෙඩරල් පක්ෂය ඉදිරිපත් කළ යෝජනා සියල්ලම ප‍්‍රතික්ෂේප කෙරුවා. අපේ හැම යෝජනාවක්ම ප‍්‍රතික්ෂේප කෙරුවා.

ආණ්ඩුවේ ස්ථාවරය වුනේ, දැන් රටටම අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ලබා දීලා තියෙන්නේ කියන ස්ථාවරය. ඒ ස්ථාවරය චෙල්වනායගම් පිළිගත්තේ නැහැ. ඔහු කිව්වා, ‘‘ඔබලා හිතනවා නම් මේ අලූත් ව්‍යවස්ථාවට ජනතා කැමැත්තක් තියෙනවා කියලා, මම කියනවා, දෙමළ ජනතාව එය එකහෙළා ප‍්‍රතික්ෂේක කරනවා කියලා. දෙමළ ජනතාව නියෝජනය කරන අපි, ෆෙඩරල් පක්ෂය, මේ ව්‍යවස්ථාව ප‍්‍රතික්ෂේප කරනවා. ඒ අනුව මම මගේ මන්තී‍්‍ර ධුරයෙන් ඉල්ලා අස් වෙනවා. කරුණාකරලා මගේ ආසනයට ඇවිල්ලා ඔබලගේ ස්ථාවරය ඉදිරිපත් කරලා බලන්න, එය අනුමත කරනවාද කියලා.’’ නමුත් කාලයකට අතුරු මැතිවරණය පැවැත්තුවේ නැහැ. හැකි තරම් ප‍්‍රමාද කරලා පැවැත්වූ අතුරු මැතිවරණයෙන් චෙල්වනායගම් විශාල ජයග‍්‍රහණයක් ලැබුවා.

ඊට කෙටි කාලයකට පසුව, 1977 දී අපි මහ මැතිවරණයට ගියේ 1976 වඩුක්කොෙඩෙ සමුළුවේ සම්මත කළ යෝජනාව සමගයි. ඒ මැතිවරණයේදී අපි උතුරු-නැගෙනහිර බහුතර දෙමළ ජනතාවක් සිටි සියලූ ආසන දිනුවා. පැරදුනේ කල්කුඩා ආසනය විතරයි. ඒත් ඡුන්ද 250 කින් පමණ.

අපි පාර්ලිමේන්තුවට ආවම, අපට සිද්ධවුනා ජාත්‍යන්තරයත් එක්ක, විශේෂයෙන්ම ඉන්දියාවත් එක්ක ගනුදෙනු කරන්න. ඒ වෙලාවේ ඉන්දීය අගමැතිනි ඉන්දිරා ගාන්ධි මහත්මිය අමීර්තලිංගම් සමග කිව්වා, මොනම හේතුවක් නිසාවත් වෙනම දෙමළ රාජ්‍යක් වෙනුවෙන් සහාය දෙන්න, අනුමත කරන්න ඉන්දියාවට බැහැ කියලා. නමුත්, ශී‍්‍ර ලාංකීය දෙමළ ජනතාව, ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ බලය බෙදීමකට, කිසියම් ආකාරයක ෆෙඩරල් ක‍්‍රමයකට එක`ග වෙනවා නම්, ඒ වගේ විසඳුමකට සහාය දෙන්න පුළුවන් කියලා ඇය කිව්වා. මේ නිසා, අපේ දෙමළ නායකයින් අතර අලූත් අදහස්, යෝජනා සාකච්ඡුා වුනා. ඒ අනුව, පවතින ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා රාමුව තුල නොබෙදුණු ශී‍්‍ර ලංකාවක, දෙමළ ජනතාවට ආරක්ෂාවත් ගෞරවයත් ඇතිව ජීවත් විය හැකි, තමන්ගේ වුවමනාවන් තම ප‍්‍රදේශයේ දී ඉටු කර ගැනීමට හැකි ආකාරයේ ඇත්ත බලය බෙදීමකට යා යුතුයි කියලා අපි එක`ගත්වයකට ආවා,

කුසල් – නමුත් දෙමළ නායකයින් බාර ගත්ත දිස්ති‍්‍රක් සංවර්ධන සභා එවැනි විසඳුමක් නෙවෙයිනෙ?

සම්පන්තන් – කොහොම නමුත් ජයවර්ධන ජනාධිපති දිස්ති‍්‍රක් සංවර්ධන සභා යෝජනා කෙරුවේ, ඒ සන්දර්භය ඇතුළෙයි. ඔව්, අපි අදහස් කළ දේවල් එහි තිබුණේ නැහැ. නමුත් අපි කල්පනා කෙරුවා, මේ ඡුන්දයට මුහුණ දීලා ජනතාව ඉන්නේ අප සමගයි කියලා නැවත ඔප්පු කරන්න ඕනැ කියලා. ඇත්ත බලය බෙදීමකට ජනතාව මෙහෙයවා ගන්න අවශ්‍යයි කියලා අපි හිතුවා. ඒ අනුව අපේ මැතිවරණ ව්‍යාපාරයේ අපි පෙනී සිටියේ ඇත්ත බලය බෙදීමක් සමගින් අපේ දෙමළ ජනතාවට තමන්ගේ ප‍්‍රශ්න තමන්ගේ ප‍්‍රදේශයේදී විසඳා ගැනීමට දේශපාලන අවස්ථාවක් ලබා දෙනවා නම්, අපි එවැනි දේශපාලන බලයක් සමග වැඩ කරන්න සූදානම් කියන එකයි. දිස්ති‍්‍රක් සංවර්ධන සභා එවැනි විසඳුමක් නොවන බව අපි දැන සිටියා. නමුත් වැදගත් බලය බෙදීමකට හවුල් වෙන්න අපි සූදානම් කියන පණිවිඩය දෙන්න ඒ මගින් පුළුවන් කියලා අපි කල්පනා කළා. එවැනි ආරම්භයක් හැටියට අපි තරග කරලා අම්පාර හැර උතුරු නැගෙන හිර අනෙක් සියලූ දිස්ති‍්‍රක්ක අපි දිනුවා.
එක අතකින් අපි දිස්ති‍්‍රක් සංවර්ධන සභා තරග කළ එක හොඳයි. 1983 ජූලි දෙමළ සංහාරයෙන් පස්සේ, දෙමළ දේශපාලන ඉල්ලීම් සඳහා විසඳුමක් නැවත සාකච්ඡුා කරන විට, ජයවර්ධන ජනාධිපති ඉන්දියාවට කිව්වා, දිස්ති‍්‍රක් සංවර්ධන සභා පූර්ණ ලෙස කි‍්‍රයාත්මක කරන්න එයා සූදානම් කියලා. අපි ඉන්දියාවට කිව්වා, ඡුන්දයෙන් අපි දිස්ති‍්‍රක් සංවර්ධන සභා තරග කරලා දිනුවට, ඒවා කිසිසේත් අපේ ප‍්‍රශ්න වලට ප‍්‍රමාණවත් විසඳුම් නෙවෙයි කියලා. පළාත් සභා යෝජනා වුනේ ඒ අනුවයි. ඒ නිසා දිස්ති‍්‍රක් සංවර්ධන සභා තරග කරලා ඒවා අසාර්ථක බව ඔප්පු කිරීම වැදගත් වුනා.

කුසල් – ඉන්දියාව සැළකුවාම, ඔව් ඒක ඇත්ත. නමුත් වෙනම රාජ්‍යක්් හැදීමේ පොරොන්දුව සහ ජනතා අනුමැතිය අත හැර එවැනි බාල විසඳුමකට යෑමෙන් ඒ වන විට මතුවෙමින් තිබූ සන්නද්ධ දෙමළ තරුණ කණ්ඩායම් සඳහා වැඩි ඉඩක් ලැබුණා නේද? ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ නායකයින් දෙමළ ජනතාව පාවා දුන්නා කියන චෝදනාවට හයියක් ලැබුණා නේද?

සම්පන්තන් – ඔව්, ඕක තමයි ඒගොල්ලෝ කිව්වේ. දෙමළ සංහාරයෙන් පස්සේ උනත් අපේ උත්සාහය වුනේ ප‍්‍රායෝගික විසඳුමක් හොයා ගන්න එක. අපි උත්සාහ කෙරුවා තරුණ කොටස් එක්ක සංවාදයක් ගෙන යන්න. එල්.ටී.ටී.ඊය එක්කත් අපි කතා කෙරුවා. ඒ අය ඊළාමයෙන් මෙහා විසඳුමක් බාර ගන්න ඒ වන විට සුදානම්ව සිටියේ නැහැ. ඒ අයට ශී‍්‍ර ලංකා ආණ්ඩුව ගැන විශ්වාසයක් තිබුණේ නැහැ. විසඳුමකට එක`ග උනත් ඒක ශී‍්‍ර ලංකා ආණ්ඩුව කි‍්‍රයාත්මක කරයි කියලා ඒ අය විශ්වාස කෙරුවෙ නැහැ. අපේ උත්සාහය වුනේ මේ තරුණ පිරිසුත් විසඳුමක් සඳහා හවුල් කර ගන්න. නමුත් මං හිතන්නේ නැහැ අපි සාර්ථක උනා කියලා.
මේ ප‍්‍රශ්නය මං හිතන්නේ එක්තරා ආකාරයක න්‍යායික ප‍්‍රශ්නයක් විතරයි කියලා. ඊට හේතුව තමයි, එල්.ටී.ටී.ඊය විනාශ වුනාට පස්සේ, හමුදාමය වශයෙන් පරාජය කළාට පස්සේ, ඒ සමස්ථ පරිච්ෙඡ්දයම දැන් අවසන්. දැන් ඒ යුගය ඉවරයි.

ශී‍්‍ර ලංකාව තනි එක්සත් රටක් ලෙස පිළිගනිමින්, ශී‍්‍ර ලාංකීය ව්‍යවස්ථාවක් යටතේ විසඳුමකට සූදානම් නොවුනා කියලා චෝදනා කරන්න පුළුවන් එල්.ටී.ටී.ඊට විතරයි. ඉන්දු-ලංකා ගිවිසුම සමග එවැනි විසඳුමක් බාර ගැනීමට අනෙක් සියලූම සංවිධාන එක`ග වුනා.

කුසල් – ඇත්ත. පසුගිය අවුරුදු 25 ක විතර කාලය තුල ඒ හැමෝම මැතිවරණ වලට විවිධ පෙරමුණු හැටියටත් තනිවත් තරග කරලා තියෙනවා. ඉතිං අපි පෝඞ්ඩක් උතුරු පළාත් සභාවට හැරෙමු. විග්නේස්වරන් මහ ඇමති හැටියට තීන්දු කිරීම ඔබගේ ඉතා උපායශීලි තීන්දුවක් කියල කියනවා. අතිශය දැවැන්ත ජයග‍්‍රහණයක් දෙමළ ජාතික සන්ධානය විග්නේස්වරන් ඉදිරිපත් කරලා ලැබුවා. දැන් ඔබ හිතන්නේ නැද්ද එල්.ටී.ටී.ඊ දිගටම දරපු මතය, අවිශ්වාසය හරියි කියලා ?

සම්පන්තන් – අපටත් තක්සේරුවක් කියෙනවා මේ ආණ්ඩුව ගැන. නමුත් දෙමළ ජනතාව අපට ලබා දුන්න ප‍්‍රජාතන්ත‍්‍රවාදී වරම ගැන ලොකු ගෞරවයක් වගේම වගකීමක්ද තියෙනවා. ඒ නිසා ආණ්ඩුව එක්ක ගනුදෙනු කරන්න හැකි ඉඩ අපි තියා ගන්නවා. ඒ මැතිවරණයේ ආණ්ඩුව අපට විරුද්ධව කරන්න පුළුවන් හැම දෙයක්ම කෙරුවා. බොරු කිව්වා. රාජ්‍ය උපරිම ලෙස යොදා ගත්තා. මර්දනය කෙරුවා. උදයන් පත්තරේ හොරට ගැහුවා. නමුත් ජනතාව පුදුමාකාර විදියට අපට ඡුන්දය දුන්නා පළාත් සභාවේ 38 න් 30 ක් අපි දිනුවා. යාපනයේ දී විශාල උත්සවයක් තියලා විග්නේස්වරන් මහ ඇමති හැටියට දිවුරුම් දෙන්න යෝජනා තිබුණා. අපි ටිකක් ප‍්‍රවේසම් උනා. මම කල්පනාකාරීව තීන්දු ගන්නේ. කොළඹ ඇවිත් මම ජනාධිපති හමුවෙලා කිව්වා, විග්නේස්වරන් විශාල ඡුන්ද සංඛයාවකින් දිනුවා. දෙමළ ජාතික සන්ධානයත් විශාල ජයග‍්‍රහණයක් ලැබුවා. ඒ නිසා අපි කැමති මහ ඇමති හැටියට විග්නේස්වරන් රටේ ජනාධිපති ඉදිරියේ දිවුරුම් දෙනවට. ඔහු කොළඹට ඒවි දිවුරුම් දෙන්න. ඒ ගැන ඔබේ අදහස දැන ගන්න කැමති කියලා මම ජනාධිපතිට කිව්වා. ඔහු කැමති වුනා. අපි කල්පනා කළේ, දිනුව එක හරි. නමුත් දැන් පළාත් සභාව කි‍්‍රයාත්මක කරවා ගන්න අපට ආණ්ඩුව එක්ක වැඩ කරන්න සිද්ධ වෙනවා. ඒ සඳහා අප ඉඩ තබා ගත යුතුයි.

කුසල් – නමුත් එවැනි ඉඩක් නැහැ නේද ?

සම්පන්තන් – ගැටළු තියෙනවා. අපි බලපොරොත්තු වුනේ නැහැ ඉතාම පහසු ගමනක්. නමුත් ඒවා ලිහා ගන්න ඉවසීමක් තියෙන්න ඕනෙ. එක ගැටළුවක් ආණ්ඩුකාරවරයා. විග්නේස්වරන් ඒක ජනාධිපති සමග කතා කළා. ඔහු මිලිටරියේ හිටිය නායකයෙක්. වැඩ කරලා පුරුදු ඒ විදියට. දැන් කාලයක් ආණ්ඩුකාරයා හැටියට ඔහුට ඕනෙ විදියට පාලන යාන්ත‍්‍රණය හදා ගෙන තියෙන්නෙ. විග්නේස්වරන් ඒ නිසා වෙන ආණ්ඩුකාරයෙක් පත් කරලා ඉල්ලූවා. ඔහු යෝජනා කලා මහාචාර්ය සවිත‍්‍රි ගුණසේකරව. ඔහු කිව්වා උතුරට හොඳ සවිති‍්‍ර ගුණසේකර වගේ දැනුම තියෙන ස්වාධීන කාන්තාවක් කියලා. පළාතේ ප‍්‍රධාන ලේකම්වරියත් ප‍්‍රශ්නයක්. ඇයත් ආණ්ඩුකාරයාට අවශ්‍ය විදියට වැඩ කරන්න, ඇයගේම විධික‍්‍රම හදාගෙන ඉන්නේ. ඒ නිසා ඇයව මාරු කැන්න කියලා ඉල්ලූවා. පණතෙ හැටියට ජනාධිපති විසින් ප‍්‍රධාන ලේකම් පත් කළ යුත්තේ මහ ඇමතිගේ කැමැත්ත අනුවයි. නමුත් ඒක වුනේ නැහැ. එහෙම ප‍්‍රශ්න එක්ක තමයි අපි ඉන්නේ. ඒවා මේ ආණ්ඩුව එක්ක විසඳ ගන්න වෙනවා.

කුසල් – ඒ කියන්නේ ආණ්ඩුව එක්ක ගැටළු බාධා තිබුණට, දැන් දෙමළ දේශපාලනය පැත්තෙන් බාධාවකින් තොරව විසඳුමක් සාකච්ඡුා කළ හැකිය කියන එක-නෙ. ඊළාම් කතාවත් දැන් නැහැ. ඒ නිසා ඔබලා විසඳුමක් වෙනුවෙන් වැඩි මහන්සියක් ගන්න සූදානම් කියන එක-නෙ……

සම්පන්තන් – වෙනම රාජ්‍යයක් අපි ප‍්‍රතික්ෂේප කෙරුවා. පාර්ලිමේන්තුවෙත් මම ඒක කිව්වා. වෙනම රාජ්‍යකට අපි එක`ග නැහැ කියලා එල්.ටී.ටී.ඊය හිටිය කාලෙත් මම කිව්වා. අපි ප‍්‍රසිද්ධියේ ඒක කියලා තියෙනවා. අපේ පක්ෂයේ ප‍්‍රකාශනවල අපි ඒක කියලා තියෙනවා. ඒ ගැන අඩුවක් නැතිව අපේ මැතිවරණ ප‍්‍රකාශනවල අපි කියලා තියෙනවා. මම ඒ ගැන කැනඩාවේ, ඇමෙරිකාවේ, යුරෝපයේ දෙමළ පිටමං සමාජයේ රැුස්වීම් වල කතා කරලා තියෙනවා. ඒ ගැන විශ්වාසයක් නොතියන යම් පිරිසක් ඉන්නවා තමයි. නමුත් ඉතා විශාල පිරිසක් කියන්නේ විසඳුමක් වෙනුවෙන් අපි දිගටම උත්සාහ කළ යුතුයි කියලා.

කුසල් – එවැනි විසඳුමකට ආණ්ඩුව පැත්තේ බාධාව ඔබ දකින්නේ කොහොමද? ආරක්ෂක ලේකම් බාධාවක් ද?

සම්පන්තන් – ජනාධිපති ඉතාම හොඳ ප‍්‍රවේශයක් ලබා දුන්නා, සර්ව පාක්ෂික නියෝජිත සමුළුව ආරම්භ කරමින් කළ කතාවෙන්. ජනාධිපති කිව්වා, බණ්ඩාරනායක-චෙල්වනායගම් ගිවිසුමේ ඉඳලා මංගල මුණසිංහ වාර්තාව, 13 වන ව්‍යවස්ථා සංශෝධනය තෙක් මෙතෙක් ගත්ත උත්සාහයන්, ව්‍යවස්ථා කෙටුම්පත් සියල්ල අධ්‍යනය කරන්න කියලා. ඔහු කිව්වා බලය බෙදීම ගැන වෙනත් රටවල අත්දැකීම් අධ්‍යනය කරන්න කියලා. විශේෂයෙන්ම අපේ අසල්වැසි ඉන්දියාවේ බලය බෙදීමේ අත්දැකීම් අධ්‍යනය කරන්න කිව්වා. අපට අවශ්‍ය වන්නේ සියලූ ජනකොටස් සඳහා ඔවුන්ගේ අනන්‍යතාවය සුරැුකෙන, සමාජ ආර්ථික සංවර්ධනයට හවුල් විය හැකි ඉතාම සාරවත් බලය බෙදීමක් වෙනුවෙන් ප‍්‍රායෝගික, අපේම ස්ථිර විසඳුමක් කියලා ඔහු කිව්වා. ඒ වෙනුවෙන් ඔහු පත් කළ විශේෂඥ කමිටුවත් බහු වාර්ගික කමුටවක්. ඔහු කිව්වේ, ‘‘මම විසඳුමක් පටවන්නේ නැහැ. ඔබලාගේ විසඳුම මම බාරගන්නවා’’ කියලා. එදා ජනාධිපතිගේ කතාව ඉතා ප‍්‍රගතිශීලි කතාවක්.

කුසල් – එයට දෙමළ ජාතික සන්ධානය සහභාගි නොවුනෙ ඇයි ?

සම්පන්තන් – අපට ආරාධනා කෙරුවෙ නැහැ.

කුසල් – ඒකට හේතුවක් දන්නවාද?

සම්පන්තන් – දවසක් අරලියගහ මැදුරේ උත්සවයකදී ජනාධිපති සමග මම කතා කරමින් ඉන්නවිට, පාලිත කොහොන – එයා එතකොට විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් – මගෙන් ඇහුවා, කැමතිද සර්ව පාක්ෂික සමුළුවට සහභාගි වන්න කියලා. මම උත්තර දෙන්නත් කලින් ජනාධිපති කොහොනට කිව්වා, ‘‘නැහැ….මම එයාලට දැන්ම ආරාධනා කරන්නේ නැහැ. මම එයාලට ආරාධනා කරන්නේ සිංහල එක`ගතාවක් ලබා ගත්තට පස්සේ, ඒ ගැන කතා කරන්න’’ කියලා.

ඊට පස්සේ විශේෂඥ කමිටුවේ බහුතරය, දෙමළ හා මුස්ලිම් අයත් හිටිය බහු වාර්ගික විශේෂඥ කමිටුවේ සිංහල අයද ඇතුළු බහුතරය, ඉතාම හොඳ වාර්තාවක් ඉදිරිපත් කෙරුවා. සිංහල අයත් ඇතුළු බහුතරය ඒ වාර්තාව ඉදිරිපත් කෙරුවේ. නමුත් අවාසනාවකට, ජනාධිපතිගේ කලින් තිබුණු තීන්දුව පසුව වෙනස් වුනා. හෙළ උරුමය නිසාද නැතිනම් ආණ්ඩුවේ අනෙක් පක්ෂවල බලපෑම නිසාද නැතිනම් ආණ්ඩුවේ ඉන්න වෙනත් කාගෙ හරි බලපෑමක්ද කියන්න මම දන්නේ නැහැ. නමුත් ඔහුගේ ආරම්භක කතාවේ ස්ථාවරය වෙනස් වුනා. ඒක තමයි ඇත්ත ගැටළුව. ජනාධිපති දිගටම එක අදහසක ඉන්නෙ නැති එක. විටින් විට ස්ථාවරය මාරු කරන එක.
නොබෙදුණු, එක්සත් ශී‍්‍ර ලංකාවක පළාත් වලට බලය බෙදීමක් පිළිගන්න බහුතර සිංහල ජනතාව ලෑස්තිය කියන එක, මගේ අදහසක් විතරක් නෙවෙයි. ඒක සිංහල ජනතාව අතර ඉන්න සාමාන්‍ය මධ්‍යස්ථ පිරිසගේත් ඒවගේම උගත් සංඝයාගේත් අදහසක්්. මම කැමති කියන්න, මේ මෑතක මට ඉතා උගත් ජ්‍යෙෂ්ඨ සංඝයා වහන්සේ නමක් සමග කතා කරන්න ලැබුණා. උන්වහන්සේ කිව්වා, 1957 බණ්ඩාරනායක-චෙල්වනායගම් ගිවිසුම අත්සන් කළ වෙලාවේ, එය අවලංගු කරන්න කියලා රොස්මිඞ් පෙදෙසේ බණ්ඩාරනායකගේ ගෙදර ඉදිරියේ උපවාස කරන්නට උන්වහන්සේත් තරුණ භික්ෂුවක් ලෙස වාඩි උනා කියලා. එදා ඒක නොකළා නම් හොඳයි කියලා උන්වහන්සේ මාත් එක්ක කිව්වා.

කුසල් – දෙමළ ජාතික සන්ධානය ඇයි සර්ව පාක්ෂික නියෝජිත සමුළුවේ වාර්තාව කි‍්‍රයාත්මක කරන්න කියලා බල නොකරන්නේ ? දකුණේ එක`ගත්වයක් එහි තියෙනවා. ඒක ජනාධිපති කිව්ව විදිහට දේශීය නිර්මාණයක්. ඔබලා දකුණේ සමාජය එක්ක ගනුදෙනුවක් තියා ගන්නෙත් නැහැ.

සම්පන්තන් – ඔව්. ඔබ කියන එක ඇත්ත. අපි දකුණේ සමාජය එක්ක වැඩ කරනවා අඩුයි. අපි අපේ දේශපාලන ඉල්ලීම් දකුණේ සමාජය එක්ක සාකච්ඡුා කළ යුතුයි. අපේ ඉල්ලීම් ගැන අපිම ඔවුන්ට කිව යුතුයි. අපි දන්නවා, නොයෙකුත් චෝදනා තියෙනවා අපට. අපි දෙමළ පිටමං සමාජයේ තීන්දු උඩ කි‍්‍රයාකාරන්නේ කියලත් මතයක් දකුණේ තියෙනවා. මම ඉතා පැහැදිලිව කියන්න ඕනේ, මේක මම පිටරට රැුස්වීම් වලත් කියලා තියෙනවා, අපට දෙමළ ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී වරමක් තියෙන තාක් කල්, ඒ දෙමළ ජනතාව වෙනුවෙන් තීන්දු ගන්නේ අපි. වෙන කවුරුවත් නෙවෙයි. නමුත් අපි සූදානම් දෙමළ පිටමං සමාජය කියන දේ අහන්න. සාකච්ඡුා කරන්න. ඒ උනාට කරන දේ තීන්දු කරන්නේ අපි. මේ රටේ සියයට 85 ට වැඩි පිරිසක් නොබෙදුණු ස්වාධීන ශී‍්‍ර ලංකාවක, එක්සත් තනි රටක, දේශපාලන බලය හවුලේ බුක්ති විඳින ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රමයක් බාර ගන්න සූදානම්  කියලා අපට විශ්වාසයක් තියෙනවා. ඒ නිසා ඒක තමයි අපි කතා කරන එකම විසඳුම.

කුසල් – මෙතැනින් එහාට යන්න, මේ ප‍්‍රශ්න විසඳගන්න, ඔබලගේ සැළැස්ම මොකද්ද? එහෙම සැළැස්මක් තියෙනවද?

සම්පන්තන් – මම ජනාධිපතිව හමු වුනා අප දෙගොල්ලෝ අතර 2010 සාකච්ඡුා පටන් ගන්න කලින්. තනිව හමුවුනේ. මම කිව්වා ඔබ දැන් දෙවන වරටත් ජනාධිපති ලෙස පත් වුනා තව අවුරුදු 06 ට. මම දන්නෙ නැහැ, නමුත් ඇතැම් විට ඊටත් වැඩි කාලයක් ඔබ ජනාධිපති හැටියට ඉන්න පුළුවන්. අපටත් උතුරු-නැගෙනහිර ජනතාව විශාල වශයෙන් ඡුන්දෙ දීලා තියෙන්නේ. ඒ මිනිස්සු හොඳටම බැට කාලා, හෙම්බත් වෙලා ඉන්නේ. ඒ මුනිසුන්ට නැවත පදිංචි වීමේ, පුනරුත්ථාපනය කිරීමේ, ජීවනෝපායන් හදා ගැනීමේ, පවුල් හැටියට නැවත තහවුරුවීමේ නොයෙකුත් ගැටළු, ප‍්‍රශ්න තියෙනවා. ඒ මිනිසුන්ට අවශ්‍යයැයි සාමාන්‍ය මිනිසුන් වගේ ජීවත් වෙන්න. මේවාට විසඳුම් හොයන්න අපි සූදානම් ඔබත් එක්ක වැඩ කරන්න. විසඳුම් කි‍්‍රයාත්මක කරන්න අපි සූදානම් හවුල් වෙන්න කියලා මම ජනාධිපතිට පෞද්ගලිකව කිව්වා. මම කිව්වා අපිත් එක්ක වැඩ කරනවා නම් ආණ්ඩුවට ජාත්‍යන්තර ප‍්‍රජාව අතර වැඩි විශ්වාසයක් ඇතිවෙයි, ආධාර, ආයෝජන ලබා ගැනීමේ වැඩි ඉඩක් ලැබෙයි කියලා. අපට පුළුවන් දෙමළ පිටමං සමාජයේ සියලූ සම්පත් නැවත එකතු කරන්න මෙහේ වැඩ වලට කියලා මම ජනාධිපතිට කිව්වා.

ඔබටත් ප‍්‍රශ්න නැතුව නෙවෙයි කියලත් මම කිව්වා. විශේෂයෙන් යුද්ධයේ අවසන් කාලයේ ජාත්‍යන්තර නීති උල්ලංඝණය හා වගවීම් පිළිබඳව, යුධ අපරාධ හා මානව හිමිකම් උල්ලංඝණය පිළිබඳව ඔබටත් ප‍්‍රශ්න තියෙනවා. ඒවා දිගින් දිගටම ඇදෙනවා. ඒවා ඉදිරියේ තව උග‍්‍ර වෙන්නත් පුළුවන්. මම කිව්වා ජනාධිපතිට අපි එකට වැඩ කරමු. මේ සේරටම විසඳුම එකට වැඩ කිරීම කියලා මම ජනාධිපතිට කිව්වා. මේ සියලූ කාරණා සඳහා අපි එකතු වෙලා දේශීය වශයෙන් විසඳුම් සොයමු, විසඳුම් කි‍්‍රයාත්මක කරමු කියලා මම කිව්වා. ජාත්‍යන්තරයට පේනවා නම්, අපි එකතු වෙලා මේ රටේ සියලූ පුරවැසියන්ගේ ප‍්‍රශ්න විසඳන්න වැඩ කරනවා කියලා, මම හිතන්නේ නැහැ කාටවත් අවශ්‍යවෙයි කියලා ඒකට බාධා කරන්න.

පැය භාගයක් පමණ මේ ටික විස්තර කෙරුවා. ඊට පස්සේ ජනාධිපති මට කිව්වා, ඔබත් එක්ක තනිව කතා කරලා ඉවර වෙනකම් මම ජී.එල්ට ඉන්න කිව්වා ඇමති මණ්ඩල කාමරයේ. දැන් ඔහුට මම කතා කරන්න ද කියලා ඇහුවා. ජී.එල් එක්ක ජනාධිපති කිව්වා, සම්පන්තන් යෝජනා කරනවා ද්වි පාර්ශවීය සාකච්ඡුා පටන් ගන්න. මම සාකච්ඡුා පටන් ගන්නවා කියලා. ඒ වෙලාවේ මම ජනාධිපතිට කිව්වා අපි ලෑස්ති ලබන සුමානයේ වුනත් සාකච්ඡුා වලට කියලා. ඔහු කිව්වා නැහැ, මම පටන් ගන්නවා මගේ දෙවන ධුර කාලයට දිවුරුම් දුන්නට පස්සේ, නොවැම්බර 18 වන දා. ඔහු ජී.එල්ටත් උපදෙස් දුන්නා සාකච්ඡුා වලට සුදානම් වෙන්න කියලා. නමුත් කිසිවක් උනේ නැහැ. මම දන්නේ නැහැ මේ ගොල්ලන්ට මේ ගමන තව කොයිතරම් කලක් යන්න පුළුවන් වෙයිද කියලා.

කුසල් – ඔබ හිතන විදියට, ඇයි ජනාධිපති ඒ විදිහට කි‍්‍රයාකරන්නේ? හරියට ඇසුවොත් ඇයි ජනාධිපති පොරොන්දු ඉටු නොකරන්නේ?

සම්පන්තන් – මම හිතන්නේ එයා තාමත් සිංහලවාදී ඡුන්ද වලට කතා කරන්නේ. එයාට අවශ්‍යයි සිංහල ජනතාවගේ ගැලවුම්කාරයා හැටියට එයාගේ ප‍්‍රතිරූපය තියා ගන්න. එල්.ටී.ටී.ඊය ගැන සිංහල ජනතාව අතර තාමත් නරක මතකයක් තියෙන්නේ. දෙමළ ජනතාව අතරත් එහෙම මතක තියෙනවා. මම හිටියා එල්.ටී.ටී.ඊයේ මරණ ලැයිස්තුවේ. ඔවුන්ගේ මරණ ලැයිස්තුවේ ඉන්න එක කොයි තරම් අමාරුද කියලා ඔබලට තේරෙන්නෙ නැතුව ඇති. චන්ද්‍රිකා මට ඒ කාලේ සැළකිය යුතු ආරක්ෂාවක් දුන්නා. ආරක්ෂකයින් මැද ඉන්න එක ඉතාම අමාරු සහ අපහසු වැඩක්. නමුත් එල්.ටී.ටී.ඊය වගේ සංවිධානයක විධානයකට යටත් කෙරුනම, ඒක භයානකයි. මොනවා වෙනවද කියලා හිතන්න අමාරුයි. ටික කලක් මට එහෙම ඉන්න උනා.

සිංහල සමාජයත් එවැනි බියකින් හිටියා. මරණ බය තිබුණා. ඒ මතක තාම තියෙනවා. ජනාධිපති ඒ සිංහල මානසිකත්වය තමයි තාම ප‍්‍රයෝජනයට ගන්නේ.

කුසල් – මේ අතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ සම්මත යෝජනාව මත පරීක්ෂණ ආරම්භ කෙරෙනවා. ආණ්ඩුවත් දැන් ජාත්‍යන්තර විශේෂඥයින් හවුල් කරගෙන අලූත් කරපු පරණගම කොමිසමත් ගෙනියනවා. නමුත් මේවා අවසන් වෙන්න කලින් බොහෝවිට ජනාධිපතිවරණයක් තීන්දු කරන්න ඉඩ තියෙනවා. විපක්ෂයේ උත්සාහයක් තියෙනවා පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන්න. දැනට වැඩියෙන් කතා වෙන්නේ මාදුළුවාවේ සෝභිත හිමි ගැන. මේ පොදු අපේක්ෂකයා පිළිබඳ කතිකාව ගැන දෙමළ ජාතික සන්ධානයේ අදහස මොකද්ද?

සම්පන්තන් – අපට ඒ ගැන කිසි තීන්දුවක් නැහැ. අපි තාම ඒ ගැන කතා වෙලා නැහැ. නමුත් අපි විශ්වාස කරනවා විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතුයි කියලා. ඒ තනතුර දැන් භයානක තනතුරක් වෙලා. 17 වන සංශෝධනය අහෝසි කරලා 18 වන සංශෝධනය ගෙනාවට පස්සේ විධායක ජනාධිපති ධුරය නිසා ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයකට අවශ්‍ය සියලූ ආයතන පිරිහිලා. ඉහළ අධිකරණය, අල්ලස් කොමිසම, මැතිවරණ පැවැත්වීම, රාජ්‍ය පරිපාලනය වගේ සියල්ලටම ඒක බලපානවා. ඒ නිසා අපි ඉතා පැහැදිලිව කියන්නේ ජනාධිපති ධුරය පමණක් නෙවෙයි, ඊට අදාල සියල්ලම, සමස්ථයක් ලෙස ඉවත් කළ යුතුයි කියලා. මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයකට එහෙම නැතිව ඉඩක් නැහැ. ඊළගට ඇති කරන ව්‍යවස්ථාවට සියලූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී හා මානව අයිතීන් තහවුරු කරන, ජාතික ප‍්‍රශ්නයට විසඳුමක් ලබා දෙන බලය බෙදීම, ඒ සියල්ල ඇතුලූ විය යුතුයි. ඒවා තියෙන්න ඕනේ. විධායක ජනාධිපති ධුරය එහෙම ඉවත් කරන්න අපි සම්පූර්ණ සහාය දෙනවා.

කුසල් – ස්තුතියි. නමුත් අපි නැවත දිග කතාවකට හමු විය යුතුයි.

Print Friendly, PDF & Email

Latest comment

  • 0
    0

    සම්බන්දන් මහතා කියන්නේ ‘වැරදුනේ සිංහල පමණක් රාජ්‍ය භාෂාව කෙරුවම’ කියලයි. හොඳයි එහෙනම් අැයි 1949දී සම්බන්දන්ගෙ පූර්වගාමීන් විසින් ‘Ilankai Tamil Arasu Katchi’ පක්ෂය පටන්ගත්තෙ. 1949 කාලේ ප්‍රශ්ණයක් නැහැනේ, රඡකලේ ඉංගිරිසි භාෂාවනේ. මේවා බයිලා ටෝක්. හාඩි ටෝක් තියා එවැනි සුළු ප්‍රශ්ණයක්වත් සම්බන්දන්ගෙන් අහන්න කුසල්ට කොන්දක් නැහැ, අවශ්‍යත් නැහැ.

    කුසල් උඩපැනල පිළිගත්ත “වෙනම දෙමළ රාජ්‍යක් සඳහා 1976 වඩුක්කොෙඩෙ යෝජනාව සම්මත කෙරුණේ ඇත්තෙන්ම 1972 පළමු ජනරජ ව්‍යවස්ථාවට විරුද්ධ ප‍්‍රතිචාරයක් හැටියටයි” කියන එක අමුලික බොරුවක්.

    අද ලෝක දෙමළ ඡනගහනය මිලියන 70වකට අධිකයි. එයින් අති බහුතරය හෙවත් 95%ක් දෙමළ ඡනතාව ඡීවත්වෙන්නෙ ඉන්දියාවේ. දෙමළ අය ලෝකයේ කොහේ ඡීවත්වූවත් රාඡ රාඡ චෝලන්ගේ සහ වීර පාන්ඩිය කට්ට බෝමන්ගේ වැන්නන්ගේ වීරකතා ඡනකතා කියවා එ්වා සෙලෝලයිඩ් තිරයේ බලමින් සතුටුසාගරයක ඡීවත්වනබව නොරහසක්. තමන්ටම කියල රටක් නැතිඑක මෙවැනි අයට දරාගන්න බැහැ. ඡින්නා පාකිස්තානය ඉල්ලීමට බොහෝ කලකට පෙර එනම් 1938දී ‘ටැමිල් නාඩුව දෙමළුන්ට’ යයි EVR (පෙරියර්) කීවේ එනිසා වියයුතුය.

    ඉන්දියාව අතිවිශාල රටක්. එනිසා 1947 නිදහසෙන් පසුව පෙඩරල් බලතල ඉන්දියාවේ පුන්තවලට හිමිවීම ස්වභාවිකයි. නමුත් ඉන්දියාවේ දෙමළ බෙදුම්වාදීන් පෙඩරල් බලතලවලින් සෑහීමට පත්වූයේ නැහැ. දෙමළ බෙදුම්වාදීන් ඉන්දියාව බෙදා දෙමළ රාඡ්‍යය ඉල්ලීමේ සටන ඉදිරියටම ගෙන ගියා. එහි උච්චතම අවස්ථාව එළඹියේ 1962 මදුරාසී ප්‍රන්ත චන්දයත් සමගය. ‘ටැමිල් නාඩ්’ ඉන්දියාවෙන් වෙනකර දෙමළ රාඡ්‍යය පිහිටුවා ගැනීම එම චන්දයේදී බෙදුම්වාදීන් ඉදිරිපත්කල එකම කාරනාව විය. එම චන්දයෙන් බෙදුම්වාදීන්ගේ DMK පක්ෂය ඔවුන්ගේ අාසන සංඛයාව 13 සිට 50 දක්වා වැඩිකරගත්තා. ඉන්දියාවේ වාසනාවට ශ්‍රි නේරු දෙමළ ඡාතිකයින්ගේ අපේක්ෂාව කුමක්දැයි පැහැදිලිව තේරුම් ගත්තා. ඉන්දියාවේ බෙදුම්වාදයට තිත තැබීම සඳහා 16වන ව්‍යවස්ථා සංශෝධනය 1963දී එක්කලා. එම සංශෝදනය අනුව ඉන්දියාව බෙදා වෙන්කරීමට කතාකරන අයෙකුටවත් කිසිම චන්දයක් ඉල්ලන්න බැහැ. එදා සිට ඉන්දියාවේ දෙමළ බෙදුම්වාදීන්ට කතාකලහැක්කේත් කතාකරන්නේත් උඩගෙඩි දෙන්නේත් ලංකාවේ ඊලම ගැනය. ඔවුන් ඔීනෑ ලංකාවේ ඊලමෙන් වැඩේ පටන්ගන්නය.

    ඉන්දියාවේ දෙමළ බෙදුම්වාදීන් මෙන්ම ලංකාවේ චෙල්වනායකම් සම්බන්දන්ලා වැනි දෙමළ බෙදුම්වාදීන්ද 1977 චන්ද සටන කලේ ඊලම වෙන්කිරීම එකම කාරනාව කරගෙනය. “ඊලමට 1977 මැතිවරණයේදී දෙමළ ජනතාව විශාල ඡුන්දයක් දුන්නා” යයි සම්බන්දන් කියන කතාව අැත්තය. JRJ කලයුතුව තිබුනේ දෙමළ බෙදුම්වාදයේ බැරෑරුම්කම තේරුම්ගෙන ශ්‍රි නේරුගේ ක්‍රියාවලිය අකුරට අනුගමනය කිරීමය. ඉන්දියාවේ 16වන ව්‍යවස්ථා සංශෝධනට සමාන වගන්ති JRJගේ නව ව්‍යවස්ථාවට එක්කිරීමය. එවිට කිසිම රටකට කවදාවත් බෙදුම්වාදය මැඩපැවැත්වීමට විරුද්ධවන්නට බැරිය. පටු දේශපාලනවාදී තක්කඩි JRJ කලේ බන්ඩාරනායක මැතිනියගේ ප්‍රඡා අයිතිය අහෝසිකර ඔහුගේ බලය තහවුරු කරගැනීමය.

    කුසල්ට සම්බන්දන්ගෙන් අහන්න තිබුනේ දෙමළ වීම නිසා දෙමළ අයට අද ලංකාවේ මුහුනදීමට සිදුව අැති ප්‍රශ්ණ මොනවදැයි යන්නය. සම්බන්දන් වැනි ඊලම්වාදියෙක්ගෙන් තබා දෙමළ ඡාතිකවාදියෙක්ගෙන් වුවත් එම ප්‍රශ්ණය අැසුවහොත් ඔවුන් කිසිවෙක් එයට කෙලින් පිළිතුරක් නොදෙනු අැත. එ් වෙනුවට සෑම ඡාතිකවාදියෙක්ම කථාකරනු අැත්තේ ‘දෙමළ අපේක්ෂාවක්’ ගැනය. මේ ‘දෙමළ අපේක්ෂාව’ කුමක්දැයි තේරුම් ගැනීමට නම් පළමුවෙන්ම සම්බන්දන් සහ ඔහුගේ පූර්වගාමීන්ගේ ක්‍රියා කලාපය ගැන විමසා බැලියයුතුය.

    නමුත් මම දෙමළ අයගේ අපේක්ෂාවන්ට තඩිබාන්නේ නැත. එ් ඔවුන්ගේ අපේක්ෂාවන්ට මම විරැද්ධ නැතිනිසාය. නමුත් ‘දෙමළ අපේක්ෂාව’ විසඳාගතයුත්තේ සම්ප්‍රදායික බහුතර දෙමළ ඡනයා ඡිවත්වන රටෙහි බව පමණක් මෙහිලා කෙටියෙන් සඳහන් කරමි. ලක්ෂ 700කට වැඩි දෙමළ ඡනයාට රටක් නොමැති ප්‍රශ්ණයට ශ්‍රි ලංකාව පලි නැත. මේ බොරුකතා තුලින් එම ප්‍රශ්ණය ශ්‍රි ලංකාවට විසඳිය නොහැක.

    දැන් අපි සිංහල පමණක් රාජ්‍ය භාෂාව කෙරීමට පෙර ‘දෙමළ අපේක්ෂාව’ ගැන සම්බන්දන්ලාගේ කෙරුවාව ගැන කථාකරමු. එස්ඡේවී චෙල්වනායකම් යනු මේ කථාකරන සම්බන්දන් වැනි සියල්ලන්ගේ ගුරුදේවයානන්ය. මෝසස් යනු ඡුදෙව්වන් ඊඡිප්තු පාරාවන්ගේ බේරාගත් ගැලවුම්කරු බව බයිබලය අපට කියාදෙයි. මහාචාර්ය එ්ඡේ විල්සන් (චෙල්වනායකම්ගේ බෑනා) කියන්නේ ‘චෙල්වනායකම් දෙමළ මිනිසුන්ගේ මෝසස්’ බවය.

    ශ්‍රි ලංකාව 1948ටේදී නිදහස ලබන විට දෙමළ ඡාතිකවාදීන්ගේ නායකයාවූයේ දෙමළ ඡාතීවාදියෙක්වූ ඡීඡී පොන්නම්බලම්ය. මා පොන්නම්බලම් ඡාතීවාදියෙක්යයි කීවේ ඹහු විසින් නාවලපිටියේදී කල ඡාතීවාදී ප්‍රකාශයකින් පසු පළමු සිංහල-දෙමළ කෝලාහලය 1939දී පටන්ගත් නිසාය. කෙසේ හෝ 1949දී සියලු ඡාතීන් එක්වූ ඩීඑස් සේනානායකගේ රඡයට පොන්නම්බලම් එක්වූ නිසා උග්‍ර ඡාතීවාදීන් පිරිසක්වූ චෙල්වනායකම් සහ නාගනාදන් වැන්නන් පොන්නම්බලම්ගේ ටැමිල් කොංග්‍රස් පක්ෂයෙන් ඉවත්විය. ඔවුන් 1949 දෙසැම්ඹර් වලදී ‘இலங்கைத் தமிழரசுக் கட்சி’ හෙවත් Ilankai Tamil Arasu Katchi (ITAK) යන දෙමළ රාඡ්‍ය පක්ෂය පිහිටුවාගත්තේය. එය පෙඩරල් පාටි (FP) ලෙස ඉංගිරිසියට තක්කඩි පරිවර්තනයක් කර සිංහල අපව ගොනාට අන්දන්නට උත්සාහකලේය. දෙමළ මිනිසුන්ගේ මෝසස් එ්වා කලේ සිංහල පමණක් රාජ්‍ය භාෂාව කිරීමට වසර ගනනාවකට පෙරය.

    පසුව CWC වැනි දෙමළ පක්ෂත් අාඳාගත් චෙල්වනායකම් ඔහුගේ ITAK පක්ෂය Tamil United Liberation Front (TULF) ලෙස 1976දී නමත් වෙනස්කරගෙන ලංකාව බෙදා දෙමළ රාඡ්‍යයක් පිහිටුවීම සඳහා කෙලින්ම පෙනීසිටියේය. පසුව CWC එක TULF වැඩවලින් අයින් විය.

    1976 මැයි 14 දිනය ශ්‍රි ලංකාවට අයිතිහාසික දිනයක්විය. වඩුක්කොඩෙයි අසල පිහිටි පන්නාකම් හි රැස්වූ TULF පක්ෂය චෙල්වනායකම්ගේ නායකත්වයෙන් ‘දෙමළ ඉල්ලාම්’ රාඡ්‍ය පිහිටුවීම සදහා ප්‍රසිද්ධ රැස්වීමේදී මහඡන අනුමැතිය ගත් යෝඡනා මාලාවේ අවසාන වාක්‍යවූයේ “දෙමළ ඊලමි රාඡ්‍යය යන ගෝලය දිනාගන්නාතෙක් මෙම ශුද්ධවූ සටන නොනවත්වා ඉදිරියටම ගෙනයනලෙස දෙමළ තරුණයන්ට සම්පූර්ණයෙන්ම කැපවන ලෙස අායාචනය කරමු” යන්නෙන්ය. ඉන්පසු TULF පක්ෂය විසින් 1977 මැතිවරණ සටන දියත්කලේ රට බෙදීම මුල්කරගෙනය.

    වේලුපිල්ලේ පිරාපකරන් ඉහත රැස්වීමේ සිටි දහස් ගනන් දෙමළ තරුණයන්ගෙන් එක් අයෙකි. ඉහත අවසාන වාක්‍යයෙන් කියූ ලෙසම පිරාපකරන් වැන්නන් මැරෙනතෙක්ම ‘දෙමළ ඊලම’ සදහා ඔවුන්ගේ (ත්‍රස්ත) ක්‍රමයට සටන ගෙනගිය බව අපි සියල්ලෝම දනිමු. පිරාපකරන් ‘දෙමළ ඊලම’ සදහා කොතරම් මුසපත්වී සිටියේදැයි කියන්නේ නම් එවකට සම්බන්දන්ගේ සහ TULF පක්ෂයේ නායකයාවූ අමිර්තලිංකම්වත් වෙඩිතබා මරාදැම්මේය. පසුව සම්බන්දන් සහ පිරිස පිරාපකරන්ගේ ප්‍රොක්සියන් වී ‘දෙමළ ඊලම’ සඳහාවූ ත්‍රස්ත සටනට හැකි අයුරින් උරදුන් බවත් අපි දනිමු.

    TULF අද TNA වී අැත. එසේම එදා වඩුක්කොඩෙයි රැස්වීමේ සිටි දැනට ඡීවතුන් අතර සිටින සියල්ලෝම TNA ලෙස එකට ගොනුවී අැත. නමුත් එ් කිසිවෙක් හෝ TNA එකේ අළුත් සාමාඡිකයින් හෝ එදා මෙදා තුරු වඩුක්කොඩෙයිහිදී අනුමතකරගත් කිසිවක් ඉල්ලා අස්කරගෙන නැත. එය වැරදියයි කියාවත් කියා නැත.

    එනිසා උග්‍ර දෙමළ ඊලාම්වාදියෙක් වන සම්බන්දන් මෙම ලිපිකරු විසින් දෙමළ ඡාතිකවාදියෙක් ලෙස හදුන්වාදීම අපට නම් පිලිගතනොහැක. සිංහල බහුතරය පිලිගන්නේත් නැත. මහින්ද රාඡපක්ෂ ඉවෙන් මෙන් එ් බව දනී.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.