20 April, 2024

Blog

මගේ ලංකාව වෙනුවෙන් මම හදවතින්ම කණගාටු වෙමි

තුෂ් වික්‍රමනායක

වෛද්‍ය තුෂ් වික්‍රමනායක

සමානාත්මතාවය,  යුක්තිය, බලාපොරොත්තුවඑක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය ආරම්භ වන්නේ, “මූලික මානව අයිතිවාසිකම් කෙරෙහි විශ්වාසය, මනුෂ්‍යයාගේ ගෞරවය හා වටිනාකම පිළිබඳ විශ්වාසය,  පුරුෂයින් හා ස්ත්‍රීන් හා ලොකු කුඩා ජාතීන්ගේ සමාන අයිතිවාසිකම් කෙරෙහිවන  විශ්වාසය තහවුරු කරමිනි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනා අයිතමය 2: L.1/Rev. 1 යටතේ, “සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම  සඳහා රාජ්‍යයන් 22 ක් විසින් පක්ෂවද, 11 ක් ඊට එරෙහිව ඡන්දය භාවිත කළ අතර, රටවල් 14 ක් 2021 මාර්තු 23 වන දින ඡන්දය භාවිත කිරීමෙන් වැළකී සිටියහ.

මෙය, විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් මෝඩ හා විහිළුකාරී ස්වරූපයෙන් ප්‍රකාශ කළාක් බඳු  ජයග්‍රහණයක් නොවේ. එමෙන්ම, ඔහුගේ තර්කනය හා ගණිතය පිළිබඳ දැනුමට ඊර්ෂ්‍යා නොකළ යුතුය. මෙය නැවත නැවතත් කරන ලද අනතුරු ඇඟවීම් නොසලකා හැරීම අධෛර්යමත් කරමින් ලද වත්මන් ආණ්ඩුවේ අන්ත පරජයක් වන අතර, ශ්‍රී ලංකාවේ ජනතාව වෙත එල්ල වූ බරපතල නින්දාවකි.

මෙම ඡන්දය ශ්‍රී ලංකාවේ ජනතාවට එරෙහිව නොවූවක් වුවත්, රජයේ මිත්‍ර පාක්ෂිකයින් විසින් එය එක්සත් ජාතීන්ගේ කවුන්සිලය දේශපාලනීකරණය වීමක් හා ජාතිවාදයේ එකම පැරණි තුරුම්පුව භාවිත කිරීමට උත්සාහ දැරීමක් ලෙසට ලේබල් අලවමින්, එය අපගේ ස්වෛරීභාවයට හා ස්වාධීනත්වයට එරෙහිව දෙනු ලැබූ තීන්දුවක් ලෙසින් හඳුන්වමින්, ජනතාවගේ බලාපොරොත්තු සුන්වීම වෙනතක හැරවීමට උත්සාහ දරමින් සිටිති. ශ්‍රී ලංකාවේ සියලුම පුද්ගලයන්ට ආගම,  විශ්වාසය හෝ ජනවාර්ගික සම්භවය නොතකා සාමකාමී හා එක්සත් රටක ජීවත් වීමේ අයිතිය ඇතුළත් මානව හිමිකම් පූර්ණ ලෙස භුක්ති විඳීමට අයිතිය ඇති බව යෝජනාව මගින් සනාථ වේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය ස්වාධීන සාමාජික රටවල් 193 කින් සමන්විත වේ. එහි ප්‍රධාන ආයතන හයක් පවතී. ඒවායින් ආයතන පහක්: එනම් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය, ආරක්ෂක මණ්ඩලය, ආර්ථික හා සමාජ කවුන්සිලය, භාරකාර මණ්ඩලය සහ ලේකම් කාර්යාලය යන ආයතන නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ පිහිටා ඇත. හයවන ආයතනය ලෙසින්, ජාත්‍යන්තර අධිකරණය, නෙදර්ලන්තයේ හේග් නුවර පිහිටා තිබේ. අපගේ ජීවිත කාලය තුළ දෙවරක්ම මිනිස් සංහතියට අප්‍රමාණ ශෝකයක් අත් කරදුන් යුද වසංගතයෙන් ඊළඟ පරපුර බේරා ගැනීමට මෙන්ම, මනුෂ්‍යයා සතු අභිමානයෙන් සහ වටිනාකමෙන් ජීවත් විය හැකි පරිදිලොකු කුඩා ජාතීන්ට අයත් ස්ත්‍රීන්ගේ හා පුරුෂයින්ගේ  සමාන අයිතිවාසිකම් සහිතව මූලික මානව අයිතිවාසිකම් කෙරෙහි විශ්වාසය තහවුරු කිරීමට, ගිවිසුම් සහ වෙනත් ජාත්‍යන්තර නීති හේතුවෙන් පැන නගින බැඳීම් මගින් යුක්තිය සහ ගෞරවය පවත්වා ගත හැකි කොන්දේසි ස්ථාපිත කිරීමට සහ සුවිශාල නිදහසකින් යුක්තව, සමාජ ප්‍රගතිය හා  යහපත් ජීවන තත්වයන් ප්‍රවර්ධනය කිරීමට එක්සත් ජාතීන්ගේ ප්‍රජාව තීරණය කළහ.

එක්සත් ජාතීන්ගේ අංශ හෝ කුළුණු සතර වන්නේ: සාමය සහ ආරක්ෂාව, මානව හිමිකම්, නීතිය හා  සංවර්ධනය යි. මෙම කුළුණු හතර එකිනෙකට සම්බන්ධ වී ඇති අතර, සියල්ල සාක්ෂාත් කර නොගෙන, ඉන් එකක් සම්පුර්ණයෙන්ම සාක්ෂාත් කරගත නොහැක.

2018 වසරේ සිට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරිය ලෙස කටයුතු කරන මිෂෙල් බැචෙලෙට්, ශ්‍රී ලංකාවේ පිරිහෙන මානව හිමිකම් තත්වය පිළිබඳව තමාතැතිගත්බව ප්‍රකාශ කරමින්  හා අනාගත මානව හිමිකම් උල්ලංඝන කිරීම් පිළිබඳ වර්ධනය වන අවදානම හමුවේ මුහුණ දීම සඳහා මානව හිමිකම් කවුන්සිලය විසින් ගත යුතු පියවර පිළිබඳ යෝජනා කරමින්, 2021 ජනවාරි 27 වන දින සිය වාර්තාව නිකුත් කළාය.

ලොව පුරා මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම හා ආරක්ෂා කිරීම අරමුණු කරගත් මානව හිමිකම් කවුන්සිලය (එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම හෝ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය සමඟ පටලවා නොගත යුතුය) සෑම වසර තුනකට වරක් ප්‍රාදේශීය කණ්ඩායම් පදනමින් මහා සභා රැස්වීමේදී සෘජු හා රහසිගත ඡන්දයෙන් තෝරා ගනු ලබන එක් සභාපතිවරයකුගෙන් සහ උප සභාපතිවරුන් සිව් දෙනෙකුගෙන් සහ සාමාජික රටවල් 47 කින් සමන්විත වේ. අඛණ්ඩව මැතිවරණ දෙකකට පසුව, වසර තුනක කාලයක් සඳහා සාමාජික රටකට නැවත තේරී පත්විය නොහැක.

ජනවාර්ගික හෝ ආගම් භේදයකින් තොරව සියලුම ශ්‍රී ලාංකිකයන් හට මෙය ශෝක දිනයකි

1 වැනි සත්‍යයශ්‍රී ලංකාව 2006-2008 වසර දක්වා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටක් විණි. අපට රාජ්‍ය නායකයා ලෙස ආත්මාර්ථය කේන්ද්‍ර කරගත්, අත්දැකීම් අඩු, කුඩා දරුවෙකු සිටින බව සත්‍යයක් නමුත්, යුක්තිය සහ සංහිඳියාව සෙවීමේ සහ මූලික මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් පොදු නොසලකා හැරීමක් පෙන්නුම් කරමින්, 2015 සම්මුති යෝජනාව සඳහා සම අනුග්‍රාහකත්ව සහය දැක්වීම, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉල්ලා අස්කර ගත් විට, පළපුරුදු ජ්‍යෙෂ්ඨ සාමාජික පිරිවර, ඉදිරියේදී සිදුවිය හැකි විනාශය ගැන අනතුරු අඟවා තිබිය යුතුය. වඩාත්ම අවදානමට ලක්වූවන් ආරක්ෂා කිරීමට එක්සත් ජාතීන්ගේ කවුන්සිලය ක්‍රියා කරනු ඇති බැවින්, ඔවුන්ගේ අධිමාන්නයෙහි ප්‍රතිවිපාක ඔවුන් දැන සිටිය යුතුය. අප ජීවත් වන්නේ විශ්‍රාමික නිවසක සිටීමට සුදුසුකම් ඇති අකාර්යක්ෂම වැඩිහිටි පුරවැසියන් සමූහයක් විසින් පාලනය කරන රටක .

2 වැනි සත්‍යය – 2020 වසරේ සිට ජනාධිපතිවරයා විසින්, අවම වශයෙන් යුද අපරාධ පිළිබඳ චෝදනා ලැබූ වත්මනෙහි හමුදා සේවයෙහි නිරත හෝ හිටපු හමුදා සහ බුද්ධි අංශ සාමාජිකයින් 28 දෙනෙකු, ප්‍රධාන පරිපාලන තනතුරු සඳහා පත් කර ඇති අතර, පවත්නා ආයතනයන්හි බලතල හා සමවන හෝ ඉක්මවා යන  නොපැහැදිලි, පුළුල් හෝ සීමාව ඉක්ම වන බලතල සහිත ජනාධිපති කාර්ය සාධක බලකා කිහිපයක් පිහිටුවා ඇත. මහර බන්ධනාගාර සිද්ධියේදී සිරකරුවන්ගේ අමානුෂික ඝාතනයන් ආරක්ෂක ලේකම්වරයා සාධාරණීකරණය කළේය. මෙමචෝදනාපිළිබඳ කිසියම් සැකයක් ඇත්නම්, ආරක්ෂක ලේකම්වරයාගේ මෑත කාලීන  ස්ථාවරය මෙම චෝදනා ශක්තිමත් කර තිබේ. අප ජීවත් වන්නේ,  රාජ්‍ය අනුග්‍රහය දක්වන උණ්ඩයකින් අපගේ ගැටලු විසඳන හා අපගේ හඬ යටපත් කෙරෙන රටක .

3 වැනි සත්‍යයආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන ව්‍යවස්ථා සංශෝධනය මගින්, ජනාධිපති සහ විධායක බලතලවල විෂය පථය විශාල ලෙස පුළුල් කරමින් සහ 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් හඳුන්වා දුන් බොහෝ ප්‍රජාතන්ත්‍රවාදී වාසි ආපසු හරවමින්, රජයේ විවිධ ශාඛා අතර බල තුලනය වෙනස් විණි. ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන් සහ අනෙකුත් උසස් නිලධාරීන් තෝරා ගැනීම, පත් කිරීම මෙන්ම ධූරයෙන් පහ කිරීම සඳහා වූ ක්‍රියා පටිපාටිය අනුව මානව හිමිකම් කවුන්සිලය, මැතිවරණ කොමිසම, ජාතික පොලිස් කොමිසම සහ අධිකරණය ඇතුළු ප්‍රධාන කොමිෂන් සභා සහ ආයතනවල ස්වාධීනත්වය එමගින් මූලික වශයෙන් සෝදා පාළුවට ලක් කර තිබේ. එමෙන්ම, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව දුමාරයක් මෙන් අහෝසි කරනු ලැබිණි. මෙහි ප්‍රතිඵ ලය වනුයේ, ආණ්ඩුවේ සාමාජිකයන් හා ඔවුන්ගේ හිතවතුන් සම්බන්ධ සියලුම නඩු සම්පූර්ණයෙන් ඉවත් කිරීමයි. අප ජීවත් වන්නේ පූර්ණ බලය නියත වශයෙන්ම දූෂිත, සාමාන්‍ය පුරවැසියන්ට කිසි විටෙකත් යුක්තිය පසිඳලීමට නොහැකි වන රටක .

4 වැනි සත්‍යයබහුතරයේ අනුමැතිය ලබා ගැනීම සඳහා කොවිඩ් -19 මෙහෙයුම් මිලිටරීකරණය කිරීම සහ වාණිජකරණය කිරීම,  ඉස්ලාමීය හා කතෝලිකයන්ගේ සිරුරු බලහත්කාරයෙන් ආදාහනය, පුද්ගලයන් ලේබල් කිරීම හා නින්දාවට පත් කිරීම සහ අපගේ විදෙස් ශ්‍රම බලකාය නැවත මෙරටට ගෙන්වා ගැනීම ප්‍රතික්ෂේප කිරීම මානව හිමිකම් සෘජුව කඩ කිරීමකි.  එමෙන්ම, පාස්කු ඉරිදා ප්‍රහාරයේ වින්දිතයින්ගේ ජීවිත සමග දේශපාලනය ක්‍රීඩවෙහි නිරත වීම, බුද්ධ ප්‍රතිමා,  සුසාන භූමි සහ දෙමළ ජනතාවගේ ස්මාරක විනාශ කිරීම මගින් ජනවාර්ගික ගැටුම් ඇති කිරීමට යත්න දැරීම  කණගාටුවට කරුණක් වන අතර,  මුස්ලිම්වරුන්, සිංහලයන් සහ තර්ජනයක් ලෙස සලකන වෙනත් ඕනෑම අයෙකු නීති විරෝධී ලෙස රඳවා තබා ගැනීම පොදු සංසිද්ධියක් වී තිබේ. රම්සි රසීක් සහ හිජාස් හිස්බුල්ලා එලෙස අසාධාරණයට ගොදුරු වූ අතර, හිස්බුල්ලා 2020 අප්‍රේල් මාසයේ සිට කිසිදු චෝදනාවකින් තොරව සිරගෙදර ළතැවෙති. අප ජීවත් වන්නේ අපේ සිතුවිලි, කථාව, ලිවීම සහ සමාජ මාධ්‍ය භාවිතය පවා පාලනය කිරීමේදී ICCPR සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අනිසි ලෙස භාවිතා කරන රටක .

5 වැනි සත්‍යයශ්‍රී ලංකාවේ අපරාධ යුක්ති විනිශ්චය පද්ධතිය දිගු කලක් තිස්සේ බාධාවන් හා ඇඟිලි ගැසීම්වලට  ලක්ව ඇති අතර, වර්තමාන රජය විසින් අතීත අපරාධවලට වගවීම වැළැක්වීම සඳහා අඛණ්ඩ පරීක්ෂණ සහ අපරාධ නඩු විභාග නතර කිරීමට උත්සාහ දරා තිබේ. ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයින් සහ පොලීසිය සහ රාජ්‍ය සංස්ථාවල සේවකයින්දේශපාලන හිංසනයට ලක් කිරීමපිළිබඳව විමර්ශනය කිරීම සඳහා ඉකුත් ජනවාරියේ මාසයේදී, රජය විසින් රාජ්‍ය නිලධාරීන් ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් පත් කරන ලදී. කොමිසම සිය පුළුල් වරමත් සමග පොලිස් පරීක්ෂණ සහ අධිකරණ ක්‍රියාමාර්ගවලට මැදිහත් වී ඇති අතර, ඉහළ පෙළේ මානව හිමිකම් හා දූෂණ සම්බන්ධ නඩු කිහිපයකින්ම පොලීසිය හා අධිකරණය අවතක්සේරු කරමින් බලපෑම් කර තිබේ. නාවික හමුදා  ප්‍රධනීන් වන කරන්නාගොඩ සහ දිසානායක යන මහත්වරුන්ගේ නඩු කිහිපයක් නිදහස් වුණු නමුත් වික්‍රමතුංග ඝාතනය, එක්නැලිගොඩ අතුරුදහන් වීම සහ අබේසූරිය රඳවා තබා ගැනීම  ආදිය සම්බන්ධ නඩු කිසිවක් තවමත් විසඳී නොමැත. අප ජීවත් වන්නේ අපේ අනාගතයේ සැබෑ ප්‍රතිලාභීන් වන අපේ දරුවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයට පූර්වාදර්ශ සපයන, කිසිදු වගවීමකින් තොරව මරණීය දණ්ඩනය නියම වූ කුරිරු ළමා ඝාතකයා ජනාධිපතිවරයා විසින් නිදහස් කරනු ලබන රටක .

මෙය, ජනවාර්ගිකත්වය හෝ ආගම නොකතා සියලුම ශ්‍රී ලාංකිකයන් හට පිබිදීමේ දිනයකි

යෝජනාවේ යථාර්ථය පිළිබඳව රජයේ පාර්ශවය අවිනිශ්චිත වන අතර, පුද්ගලයන්ට එරෙහි යෝජිත සම්බාධක බැහැර කරමින්, අවසාන යෝජනාවෙහි අන්තර්ගත බලය දුර්වල ලෙස හුවා දැක්වීම නිසා, එය ජයග‍්‍රහණයක් ලෙස සලකමින් එක්සත් ජාතීන්ගේ කවුන්සිලයට නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කිසිවක් කළ නොහැකි බවට සතුටට පත් වේ. ඔබට ඔට්ටු ඇල්ලීමට අවශ්‍යද?

නිර්දේශ ක්‍රියාත්මක කිරීම සහතික කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ කවුන්සිලය මගින් මාස 22 කාලයක් තුළ ඇමරිකානු ඩොලර් මිලියන 2.8 ක් වෙන් කෙරිණි. කවුන්සිලය නැවත රැස්වන 2021 ජුනි සහ සැප්තැම්බර් මාසවලදී ශ්‍රී ලංකාවේ ප්‍රගතිය දැඩි ලෙස සෝදිසි කරනු ලැබේ.

අපගේ ආසන්න අසල්වැසි පාකිස්තානය සහ බංග්ලාදේශය හැරුණු විට, ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා විසින් අවසාන මොහොතේ ලබා දුන් දුරකථන ඇමතුම් තිබියදීත්, බහරේන්, බුර්කිනා ෆාසෝ, කැමරූන්, කෝට් ඩි අයිවෝර්, ගැබොන්, ලිබියාව, සෙනෙගල්, සෝමාලියාව, සුඩානය සහ උස්බෙකිස්තානය ආදී ඉස්ලාමීය රටවල් සංවිධානයේ (OIC) සාමාජික රටවල් බොහොමයක් ඡන්දය භාවිත කිරීමෙන් වැළකී දුරස්ව සිටියහ. එබැවින්, එක්කෝ, නිලධාරී නාටක මගින් හෝ සමාජ මාධ්‍ය මගින් සිදු කෙරෙන අපගේ මුස්ලිම් ප්‍රජාව වෙනස් කොට සැලකීම නතර කළ යුතුය. නැත්නම්, බරපතල විපාකයන්ට මුහුණ දීමට සූදානම් විය යුතුය. අපගේ මුස්ලිම් ප්‍රජාවද පෙරළා, විදේශීය අන්තවාදයට අනුබල දීමට වඩා ලාංකීය සදාචාරයට හා සම්මතයට අනුගතව කටයුතු කළ  යුතුය.

ශ්‍රී ලංකාවේ සියලුම පුද්ගලයින් හට, ආගම්  හේතුවෙන්,  විශ්වාසය හෝ ජනවාර්ගික සම්භවය හේතුවෙන්, කිසිදු වෙනස් කමකින් තොරව, සාමකාමී හා එක්සත් රටක ජීවත් වීමේ මානව හිමිකම් පූර්ණ ලෙස භුක්ති විඳීමට අයිතිය තිබේ. ප්‍රොපගැන්ඩා තුවක්කු නිරන්තරයෙන් එක් දිසාවක් ඉලක්ක කර ගනිමින් එල්ල වන අතරතුවාල සුවපත් කිරීමෙහිලා අසමත් .  රටේ උතුරු  නැගෙනහිර,  දකුණ හෝ බටහිර අහිංසක ජනතාව විනාශ කිරීම සඳහා ලේ හෙළන ව්‍යසනයකට අපට ඉඩ දිය නොහැක. අනුව, ඕනෑම ජනවාර්ගික කණ්ඩායමක් විසින්නිජබිමබෙදීම සඳහා වන ඕනෑම උත්සාහයක්, දීර්ඝ කාලීන විසඳුමක් ලෙසින් අර්ථවත් සංවාදයකින්, ජනතාවගේ පූර්ණ එකඟතාව සහිතව ප්‍රතික්ෂේප කළ යුතුය.

වගවීම සහ සංහිඳියාව ඉතා වැදගත් වන අතර, අමානුෂික ඝාතන, බලහත්කාර අතුරුදහන් කිරීම්, අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීම, වධහිංසා පැමිණවීම සහ ලිංගික හිංසනය ඇතුළු දෙපාර්ශවයේම අඛණ්ඩව සිදු කෙරුණු, බරපතල මානව හිමිකම් උල්ලංඝනයන් සහ අපයෝජනයන් අප විසින් අමතක නොකළ යුතුය. එල්ටීටීඊ සහ අනෙකුත් සන්නද්ධ කණ්ඩායම් විසින්, ළමුන් දහස් ගණනක් ක්‍රමානුකූලව ඊට බඳවා ගෙන සටන්කරුවන් ලෙස යොදා ගන්නා ලදී. එමෙන්මමුස්ලිම් සහ සිංහල ප්‍රජාවන් උතුරෙන් බලහත්කාරයෙන් නෙරපා හරින ලද අතර,  එල්.ටී. ටී.ඊය විසින් පොදු ස්ථානවලට හා පොදු ප්‍රවාහන සේවාවන් ඉලක්ක කරමින් එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරවලින් සිවිල් වැසියන් අමානුෂික ලෙස ඝාතනය කරනු ලැබිණි. ත්‍රිවිධ හමුදාව මානව හිමිකම් උල්ලංඝනය කළේ යැයි චෝදනා ලබන්නා සේම,  විදේශයන්හි ජීවත් වන හිටපු එල්. ටී. ටී. ත්‍රස්තවාදීන්ද මනුෂ්‍යත්වයට එරෙහි සාහසික අපරාධ සම්බන්ධයෙන් වගකිව යුතුය.

යෝජනාවට එරෙහිව ඡන්දය දුන් රටවල් සතුව මානව හිමිකම් උල්ලංඝ නය කිරීම පිළිබඳ ඉතිහාසයක් පවතියි. අනෙක් අයට තමන් අනුගමනය කරන ලෙස ඉල්ලා සිටිමින් සඳහා පසුබිම සකස් කළ අපගේ සමීපතම සගයා වන චීනයට, අන්තර්ජාලය මගින් කණේ පහරක් ලැබිණි. මෙය ජාත්‍යන්තර ප්‍රජාව අනෙකාගේ බිය ගැන්වීමට ලක් නොවන බවට ඇඟවීමකි. ශ්‍රී ලංකා රජය සිය ස්වාධීනත්වය හා ස්වෛරීත්වය ආරක්ෂා කිරීමට අධිෂ්ඨාන කරන්නේ නම්, ශ්‍රී ලංකාවට වෙනත් ජාතීන්ගේ වලිගවල එල්ලී ගෝලීය වශයෙන් හුදෙකලා වීමේ යථාර්ථවාදී පරීක්‍ෂණය අවශ්‍ය වේ. අපගේ අන්ධ විශ්වාසය සේම, අසාර්ථක රජයක් වෙත දේශපාලන පක්ෂපාතීත්වය රඳවා සිටීමේ දාමය අප විසින් බිඳ දැමිය යුතුය.

අවසාන යෝජනාව මගින් පුද්ගල සම්බාධක නිර්දේශ කර නොතිබුණද, මානව හිමිකම් ක්‍රියාවලියෙහි නිරත වීමට ශ්‍රී ලංකාව දිගින් දිගටම අපොහොසත් වන්නේ නම්, එක්සත් ජාතීන්ගේ කවුන්සිලය මගින් අනුග්‍රහය දක්වන ජාත්‍යන්තර උසාවියකින්  පුද්ගල සම්බාධක පැනවීම දක්වා ගැටලුව දුරදිග යා හැකි බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරයි. තවද, අනෙකුත් සාමජික රටවලටද ශ්‍රී ලංකාවට එරෙහි සම්බාධක පැනවීමට හැකි බවට, කවුන්සිලය වැඩිදුරටත් අවධාරණය කරයි. එම ක්‍රියාවලිය සිදු කෙරෙන ආකාරයද ඉන් මැනවින් පැහැදිලි කර තිබේ. අප සියල්ලන්ම කුසගින්නෙන් මරණයට පත් වීමට පෙර, ස්වකීය උද්දච්චකම පරාජය කර නිහතමානිව වරද පිළි ගන්නා හැටියට අප රජයට බල කළ යුතුය.

අනාගතයේ සැබෑ ප්‍රතිලාභීන් වන අපේ දරුවන් සඳහා……. සමානාත්මතාව, යුක්තිය, බලාපොරොත්තුව

*වෛද්‍ය තුෂ් වික්‍රමනායක – සභාපතිනිය, ළමා හිංසනයට තිත පදනම

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.