26 April, 2024

Blog

තිළිණි සහ සුද්දි

උපුල් කුමරප්පෙරුම

උපුල් කුමරප්පෙරුම

උපුල් කුමරප්පෙරුම

සුද්දිලාගේ කතාවෙහි සුද්දිගේ කුසගින්නට මුදලාලි නියම කරන මිල ඇයගේ ශරීරය ය. සුද්දි මුදලාලිට අවනත වන්නේ කුසගින්න නිසාය. සුද්දිගේ ශරීරය මුදලාලි විසින් ඇයට සපයනු ලබන බත් පත සඳහා නියමිත ලංසුව බවට පත්කර ගත්තේය. ගැහැණියකගේ අසරණ භාවය මත ඇතිවන නොහැකියාව සහ අවනත භාවය මුදලාලිගේ පුරුෂාධිපත්‍යය පැතිරවීම සඳහා වූ ඉස්තරම් මාධ්‍යයක් (Culture) බවට පත්වූයේය. සුද්දිලාගේ කතාවෙහි දිග හැරෙන පුරුෂාධිපත්‍යය යන සංකල්පය සහ ඒ මත ගැහැණියක හුදු භාණ්ඩයක් බවට පත් වීමේ ක‍්‍රියාවලිය අද වන විට සමාජ සම්මතයක් බවට පත්කර ගැනීමට පුරුෂ මූලික සමාජය කටයුතු කර ඇත.

පුරුෂ මූලික සමාජය තුළ ගැහැණිය භාණ්ඩයක්, මෙවළමක්, නොන්එන්ටිටියක් බවට පත්වන්නේ ඓතිහාසිකව ගැහැණිය සම්බන්ධයෙන් රැුගෙන එන සමාජ අර්ථ නිරූපණයත් සමග ය. සුද්දි මුදලාලිගේ ලිංගික ආක‍්‍රමණයට යටත් වන්නේ සුද්දිට නොදැන සුද්දිගේ චෛතසිකයන් ග‍්‍රහණයට ලක් කරගෙන තිබූ පෙර දැක් වූ සමාජ අර්ථ නිරූපණයයි. වාරියපොල තිළිණි ගේ අත්දැකීම සුද්දී තරම් ප‍්‍රබල නොවුව ද මුදලාලි සහ සෙල්වා ගේ සිත් තුළ ඇතිවූ මානසික ක‍්‍රියාවලිය සමාන විය හැකිය.
තමාගේ පුද්ගලිකත්වය නම් වපසරිය වෙනකෙකු ආක‍්‍රමණය කිරීමට තැත් කිරීම තිළිණිගේ ප‍්‍රහාරයට හේතු සාධක වී ඇත. ඒ ප‍්‍රහාරය රටෙහි මුළු මහත් සමාජයට ආන්දෝලනයක් වූ ප‍්‍රහාරයක් වූයේය. තිළිණි පොලිස් අත් අඩංගුවට පත්වන්නේත්, අධිකරණය විසින් මානසික රෝගයක් සම්බන්ධයෙන් පරීක්ෂණයකට භාජනය කරන්නේත් ඇයගේ ප‍්‍රහාරය නිසාය. මේ සමාජය ආරක්ෂා කරනු ලබන මූලික මෙවලම වන්නේ නීතියයි. නීතිය සම්බන්ධයෙන් ඇති ප‍්‍රධානම සංකල්පය නීතිය මධ්‍යස්ථ සහ සර්ව සාධාරණය යන කාරණයයි.

Thiliniසර්ව සාධාරණ වූ නීතියක පැවැත්මක් ඇති සමාජයක චූදිතයාට පෙර වින්දිතයා අත් අඩංගුවට පත් වන්නේ ඇයි ? . තිළිණි පවසන ආකාරයට සෙල්වා සිදුකර ඇත්තේ ලිංගික අතවරයකි. එය ලංකාවේ දණ්ඩ නීති සංග‍්‍රහයෙහි 345 වගන්තියෙන් කියැවෙන ආකාරයට අවුරුදු දෙකක සිර දඬුවමක් හෝ දඩයකින් හෝ මෙම දඬුවම් දෙකෙන්ම දඬුවම් කළ හැකි වරදකි.

තිළිණිගේ ප‍්‍රහාරය ද ලංකා දණ්ඩ නීති සංග‍්‍රහය යටතේ වරදක් වන අතර එම වරද දණ්ඩ නීති සංග‍්‍රහයේ සුළු තුවාල කිරීම නම් වරද වන අතර එහි 314 වගන්තියෙහි සඳහන් ආකාරයට අවුරුද්දක දක්වා කාලයක සිර දඬුවමකින් සහ/හෝ රුපියල් දහසක දඩයකින් හෝ මේ දෙකෙන්ම දඬුවම් කළ හැකි වරදක් වේ.
සෙල්වාගේ ලිංගික හිරිහැරයට තිළිණිගේ ප‍්‍රතිචාරයට තිළිණි අත්අඩංගුවට ගැනීමට මෙහෙය වූ සාධකය ඉතා පැහැදිලිය. නීතිය මධ්‍යස්ථ සහ සර්ව සාධාරණව ක‍්‍රියාත්මක කළ යුතු බවට නීති පොත් හි සඳහන් කර තිබුනද පුරුෂ මූලික සමාජයක ආකල්පවල හැසිරීම මත ඇති වූ පක්ෂපාතීත්වය එනම් පුරුෂාධිපත්‍යය කෙරෙහි ඇති සංස්කෘතික පක්ෂපාතීත්වය, ආයතනික පක්ෂපාතීත්වය සහ නීතිය ක‍්‍රියාත්මක කිරීමේ දී ඇතිවූ පක්ෂපාතීත්වය යන සියල්ල තිළිණිට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කිරීමට පෙළඹ වූ සාධකයෝ වූහ.

පොලිසියට යන තිළිණි අත්අඩංගුවට ගැනීමත්, ඇය අත්අඩංගුවට ගත් බව පොලිසිය විසින් එසැනින් මාධ්‍යයට අනාවරණය කිරීමත්, පොලිසියට සැකකරුවකු රඳවා ගත හැකි උපරිම කාලය වන පැය 24 ක කාලය තුළම මානව හිමිකම් කොමිෂන් සභාව මැදිහත් නොවන්නට ඇයව රඳවා ගැනීමට උත්සහ කිරීමත්, සුළු තුවාල කිරීම නම් වූ වරද සමථ මණ්ඩලයට එක එල්ලයේම යොමු කළ හැකි නීතිමය තත්වයක් තුළ පොලිසිය විසින් ඇය මහේස්ත‍්‍රාත්වරයා ඉදිරියට පමුණුවීමත් යන කාරණා වලින් පැහැදිලිව පෙන්නුම් කරන්නේ පුරුෂාධිපත්‍යයට හෝ පුරුෂ මූලික සමාජයට එරෙහිව ඇය විසින් අත එසවීම තුළ ආයතනික වශයෙන් ඇයට අත්විඳීමට සිදුවූ ප‍්‍රතිවිපාකයි.

සිද්ධිය සිදුවූ සැනින් ඇයට විරුද්ධව නැගුණු සමාජ ප‍්‍රතිචාරය සම්බන්ධයෙන් සියුම්ව නිරීක්ෂණය කළහොත් පෙනෙන්නේ පුරුෂාධිපත්‍යය මත දිවෙන සමාජයක මෙවැනි වික‍්‍රමයක් කිරීමට නම් තවත් පුරුෂයෙකුගේ හයිය අවශ්‍යය යන මතය සමාජගත කිරීමයි. ඒ අනුව ඇයට හයිය ලැබුණු පිරිමින් ගැන සමාජ වෙබ් අඩවිවල ඕපා දූප පිරී යන්නේ ගැහැණිය ගැහුවත් ගැහුවේ පිරිමියෙකුගේ හයියෙන් යන මතය සමාජගත කිරීමෙන් තර්ජනයට ලක් වූ පුරුෂාධිපත්‍යය ආරක්ෂා කිරීමයි. තිළිණි බජාර් එකේ භාෂාවෙන් බඩුවක් බවට පත් කරන්නේ මෙම තර්ජනය යම් හෝ ආකාරයකින් මානසිකව සමනය කර ගැනීමෙන් ලබාගත හැකි ව්න්දනය නිසාය.

මෙම සිද්ධිය සරළ නීතිමය භාෂාව තුළ ගතහොත් සුළු තුවාල කිරීමකි. ලංකාවේ අධිකරණවල මෙවැනි නඩු සිය දහස් ගණනක් අද ද පවතී. එසේම සමථ මණ්ඩල වල මෙවැනි ආකාරයේ නඩු සිය දහස් ගණනක් සමථයට පත් වී ඇති අතර එසේ නැත්නම් පවතිනු ඇත. සමහර මෙවැනි නඩු පොලිසියේදීම සමථ වී ගිය අවස්ථා ඕනෑ තරම් ඇත. මෙවැනි නඩු විසඳීම සඳහා මානසික වෛද්‍ය වාර්ථා සුවිශේෂී තත්වයක් නොමැතිව කැඳවන්නේ නැත. ඇයගේ මානසික වෛද්‍ය වාර්ථාව කැඳවීම යන කාරණය සම්බන්ධයෙන් දිය හැකි එක් පැහැදිලි කිරීමක් විය හැක්කේ බියක් සැකක් නොමැතිව පිරිමින් ට පහර දිය හැක්කේ මානසික ආබාධයක් ඇති කාන්තාවන්ට පමණක් බව යන්නයි. එහිදී ද පැහැදිලි වන්නේ පිරිමියාගේ උත්තරීතරත්වයට අබමල් රේණුවක හෝ හානියක් සිදු කිරීම නීතිය ක‍්‍රියාත්මක කිරීමේ දී උදහසට ලක්විය හැකි කාරණයක් බවය.

එදා සුද්දී ගේ නොහැකියාවත් අද තිළිණිගේ හැකියාවත් යන තත්වයන් දෙකම රෝපණය වී ඇති මාධ්‍යය (Culture) කිසිදු ආකාරයක වෙනසකට ලක්ව නොමැත. පුරුෂ මූලික සමාජයක පුරුෂාධිපත්‍යය හමුවේ ගැහැණියක සිටිය යුතු ස්ථානය සුද්දිට මුදලාලිත් කියා දුන් අතර වාරියපොළ සිද්ධියෙන් පසුව සමාජය විසින් තිළිණිට කියා දීමට උත්සහ කළේද එම දේමය.

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    0

    Mema lipiyehi basa hesiraweema ithama ihalayi. Suddilage kathawehi basama daksha widiyata anukaranaya kara thibenawa. Samanya janathawata wada ugath keneku bava penveemata Ingirisi wachanayakuth sinhalen anthargatha karala thiyenawa. Lekhakaya Sthree Vandanaa karayeku lesa eka ellema kiva nohekiyi.

    Aparadhayak sambandha winishchayakadi shaakshi ithama wedagath. Lokaya dutu ekama shakshiya me sambandhawa pala vu prathama patigatha kala darshanayayi. Ehidee apa dakinne geheniyakage darunu wadha himsa walata bhajanya weddith athmarakshawatawath athakwath no ussana shakthimath tharunayeki. Selva pasuwa pawasanne “Eya gehenu lamayekne ! Mama kohomada gahanne? Anith eka mamath vihiluwak kireemen wereddak kalane!” yanuweni.

    Pasu dinaka ohu kiyanne den thamage kanak ehenne nethi bavaya. Gehenu lamaya Sevata pahara deddi kiyanne kumakda? “Paare yana genu lamayinta vihilu kireema hera umbata vena vedak nedda?’ yana adahasa dena kathawaki. E welawe me gehenu lamaya kisi vitekath thamata ohu lingika adantettamak kala bavak kiyannema netha. Ayata “Lingika Adanthttamak” gena mathak venne pasu dinaka Polisiyediya! Ese kiyannata upades dun Manava Aithivasikam Kriyakaraya kavud kiya apa danneth netha. NGO ekakin barata gevanawanam onema deyak liyanna porakana lekhakayan me rate vehi vahinna inna bava kawuruth danithi. Hondama kriyawa nam nadu theenduwak lebena thuru balaa hindeema pamani.

  • 0
    0

    පාරේ යන අහින්සකයෙක් උනත් අල්ලා කූඩු කිරීමට හැකිවන අයුරින් සුද්දා ලියු ‘ලංකා දණ්ඩ නීති සංග‍්‍රහයේ’ වාක්‍ය සකසා අැති බව මේ ලඟදී පොලිස්කාරයෙක් මට කීවා. එසේම එකම වරද කල දෙදනෙකුගෙන් තෝරාගත් එක් අයෙකුට පමණක් නීතිය ක්‍රියාත්මක කලහැකි බවත් එ්කාම කීවා.

    නීතිඥයෙක් නොවන මට පෙනුනේ මුන්ගෙ නීතිය ‘නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ’ නීතිය වගේ බවයි. හිටපු ශ්‍රේස්ඨාධිකරණ විනිසුරුකරුවකුවූ කුලතුංඟ මහතා වරක් ප්‍රසිද්ධයේ කීවේ හැදෙන මිනිසෙකු මේ ලංකාවේ නොයායුතු තැන් තුනක් අැති බවත් එ්වා නම් පොලීසිය, අධිකරණය සහ ඉස්පිරිතාලය යයි කීවේ එනිසා වියයුතුබව මට මතක් උනා.

    වෙන වැඩක් නැති ෆේස් බුක් කාරයෙක් දෙන්නෙක් අතරවූ පුශ්ණය දුරකථනයකින් ෆිල්ම් කර ඡාල ගත කලා. බකපණ්ඩිතයන් නොයෙකුත් උපදෙස් ලියුවා. සෙල්වාගේ මොලේ කොලොප්පන් උනා. සතියකට පසු සෙල්වා බොරුවට රොහල් ගතවී පොලීසියට පැමිණිලි කලා. එ් අනුව පළමුවෙන්ම වල කපාගැනීම කලේ සෙල්වා බව පැහැදිලියිි. ඉන්පසු තිළිණිටත් එ් වලටම පැනීම හැර වෙන විකල්පයක් නැතිවූ බවයි මගේ හැඟීම.

    සෙල්වා පොලීසියට පැමිණිලිනොකලා නම් ඔය පොඩි අවුල පටන්ගත් තැනින්නම ඉවර වෙන බව නම් සිකුරුයි. දැන් ඉතින් කලුකොට් කාරයො තමයි දිනන්නෙ. දින කීයක් කලුකොට් කාරයො මේ අහින්සකයිින්ව මරාගෙන කයිද කියල දෙයියොවත් දන්නෙ නැහැ. එ්තරම්ම ඡරා හැත්ත තමයි පොලීසියෙයි, අධිකරණයෙයි ඉන්නෙ කියල නම් කිව යුතුමයි. මම ඔිවා දන්නෙ පොලීසි සහ උසාවිවල බඩ ගාල තියන නිසයි.

  • 0
    0

    උපුල් කුමරප්පෙරුමට පිස්සු. තිළිණිගෙ කතාව කොහොමද සුද්දිලාගේ කතාවට සමාන වෙන්නෙ? මෙතන අැති මානසික ප්‍රශ්ණයකුත් නැහැ. මෙතන තියෙන්නෙ දෙදනෙක් අතරවූ සුළු අාරවුලක් කරන්න වැඩක් නැතිව බලාඉන්නඋන් විසින් දුරදිග අැදගෙනයෑම පමණයි.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.