26 April, 2024

Blog

මහින්ද එක්ක නැගිටින්නේ මක්කටද ?

උපුල් කුමරප්පෙරුම

උපුල් කුමරප්පෙරුම

උපුල් කුමරප්පෙරුම

හිට්ලර් තම දේශපාලන න්‍යාය පත‍්‍රයේ ප‍්‍රමුඛස්ථානයක් ලබා දුන්නේ දේශපේ‍්‍රමය නම් මාතෘකාවටය. හිට්ලර්ගේ දේශපාලන රැුලිවලට ලක්ෂ ගණනින් ශුද්ධ වූ ජර්මානු ආර්්‍යයන් එක් රොක් වූයේ දේශපේ‍්‍රමය ඔවුන් සියලූ දෙනාම ඇද බැද ගත් මාතෘකාව වූ නිසාය. එ් දේශපේ‍්‍රමය නාමයෙන් සිදුකරනු ලැබූ යුදෙවු සංහාරයෙන් පසුව එහි සෘජු ප‍්‍රතිලාභයන් හිටිලර් පාලනය අවසන් වන තෙක් ශුද්ධ වූ ජර්මානුවන්ට භුක්තිවිදීමේ වරම හිමිවූයේය.

කොටි සමග සිදු කල තිස් අවුරුදු යුද්ධයේ ජයග‍්‍රාහකයා තමන් බව මහින්ද රාජපක්ෂ රජය ලොවටම හඩගා කීවේය. එසේ කියන්නේ එල්ටීටීඊය සහමුලින්ම පරාජය කරනු ලැබ මේ පොලොවෙන් අතුගා දැමූ බවට උදම් අනමිනි. එල්ටීටීඊය සහ සුද්දෙන්ම පරාජය කරනු ලැබූ බවට උදම් ඇනූ රාජපක්ෂ රජය එය නැවත හිස ඔසවන බවට යුද ජයග‍්‍රහණය වාර්ෂිකව සමරන අතරම වරින් වර කීවේය.

දෙදහස් දහයේ ජනාධිපතිවරණයේ සිට 2015 ජනාධිපතිවරණය දක්වා පැවති සියලූ මැතිවරණයකදීම රාජපක්ෂ රජයේ ප‍්‍රධාන සටන් පාඨය වූයේ නැවත හිස ඔසවන එල්ටීටීඊයට ජීවය දීමට විපක්ෂය සූදානම් බවත් එය පරාජය කිරීම සදහා මහින්ද රාජපක්ෂ නායකත්වයෙන් යුත් එක්සත් ජනතා නිදහස් සන්ධානය බලයට ගෙන ආ යුතු බවත්ය. මේ සටන් පාඨය වන්නියෙන් පහළට වූ සිංහල ජන සමාජය විසින් කොතරම් වැලඳගත්තේද යත් 2014 දී පැවති ඌව පලාත් සභා මැතිවරණය තෙක් පැවති සියලූ මැතිවරණ වල ජයග‍්‍රහණය මහින්ද රාජපක්ෂට ගෙන දීමට ඔවුහු කටයුතු කළෝය.

එ් සටන් පාඨයේ බලය දුර්වල වී ඇති බවට මහින්ද රාජපක්ෂට පළමුවෙන්ම වැටහෙන්නේ ඌව පළාත් සභා මැතිවරණයේදීය. ඉන් අනතුරුව 2015 පැවති ජනාධිපතිවරණයේදී එල්ටීටීඊය නැවත හිස එසවීමේ දේශ පේ‍්‍රමී සටන් පාඨය අක‍්‍රිය වී ඇති බවට මහින්ද රාජපක්ෂට වැටහෙන්නේ මෛති‍්‍රපාල සිරිසේනගේ ජයග‍්‍රහණයත් සමගය. මේ ජයග‍්‍රහණයෙන් ප‍්‍රකාශ කෙරුන එක් වැදගත් කාරණයක් නම් දේශපේ‍්‍රමයද ඕනෑවට වඩා අලෙවි කල නොහැක්කක් බවයි.

Mahinda Hitlerමහින්ද රාජපක්ෂගේ පරාජයෙන් පසුව ඔහු නැවත අගමැති පුටුවෙහි වාඩි කරවීමට දිනේශ්, වාසුදේව, විමල්, ගම්මන්පිල යන මහත්වරුන් නැවත යොදාගනු ලබන්නා වූ සටන් පාඨයද මෙයම ෙවි. විමල් හා ගම්මන්පිල පුන පුනා තමන්ගේ දේශපාලන ෙවිදිකා වල කියන්නේ එල්ටීටීඊය හෙට හිස ඔසවන බවයි.

එදා හිට්ලර් වටා ශුද්ධ වූ ජර්මානුවන් එක්වූවාසේම මේ සටන් පාඨය වටාද ජනතාවගෙන් සැකියයුතු ප‍්‍රමාණයක් එක් රොක් වනු ලැබීම සුලභ දර්ශණයකි.

යුද්ධය ආරම්භ වූයේ 2007 වර්ෂයේදීය. එ් මාවිල්ආරු සටනත් සමගය. යුද්ධය අවසන් වූයේ 2009 වර්ෂයේදීය. එ් නන්දිකඩාල් කලපුවේ අවසන් සටනත් සමගය. 2009 මැයි මස 19 වන දින සිට 2015 ජනවාරි 7 වන දින දක්වා මේ රටේ යුද්ධයේ නාමයෙන් බෝම්බ හෝ වෙඩි උණ්ඩ පිපිරී ගියේ නැත. එදා ආණ්ඩුව කියූ පරිදි එ් යුද්ධය ආණ්ඩුව විසින් ජයග‍්‍රහණය කල නිසාය.

එහෙත් 2007 සිට 2015 මුල දක්වා මෙරටෙහි ප‍්‍රධාන දේශපාලන සටන් පාඨය වූ ”එල්ටීටීඊයට නැවත හිස එසවීමට ඉඩ නොතබමු – විජාතික කුමන්ත‍්‍රණය පරදවමු” යන්න නිසා පසුගිය අවුරුදු අටක කාලය තුල මෙරටට අහිමි වූ දෑ අනන්තය අප‍්‍රමාණය.

මහින්ද රාජපක්ෂ රජය පැවති කාලය තුල අතුරුදහන් කල හෝ මරා දැමූ මාධ්‍යවේදීන් ප‍්‍රමාණය විශාලය. එසේම තවත් මාධ්‍යවේදීහු විශාල ප‍්‍රමාණයක් රට අතහැර ගියහ. රටෙහි පාලනය ගෙන ගියාවූ යකඩ හස්තය හමුවේ ජනමාධ්‍ය සර්ව සම්පූර්ණයෙන්ම නිශ්ක‍්‍රිය වූ අතර අවසානයේදී රටේ මාධ්‍ය ආයතන බහුතරයකම හිමිකාරත්වය මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ හිතවතුන් අතට පත් වූයේය.

කොතරම් භීතියට යටත් කොට තැබුවේද කියතොත් රටේ සමාන්‍ය ජනතාව පවා තමන්ගේ දුරකථනයට බුද්ධි අංශයෙන් සවන් දෙන්නේ යැයි භීතියකින් පසු වූයේය. පුද්ගල අතුරුදහන්වීම්, වෙඩිතැබීම් සියල්ල රාජපක්ෂ ආණ්ඩුව විසින් දෛනික ජීවිතයේ කොටසක් ලෙස සිදු කොට එ්වා සාහසික ලෙස යටපත් කරනු ලැබුවේය.

මහින්ද රාජපක්ෂ විසින් තම බල ලෝභය ප‍්‍රකාශ කරනු ලැබූ උච්චතම අවස්ථාව වූයේ දහ අට වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයයි. රටෙහි එතෙක් පැවති යම් හෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලක්ෂණයන් වූයේ නම්, එ් සියල්ල දහ අට වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් දියකර හැරියේය. එතෙක් පැවති කොමිෂන් සභා, ජනාධිපතිගේ දූර කාලය සියල්ල රාජපක්ෂගේ අවශ්‍යතා අනුව වෙනස්කල අතර සදාතනික රජෙකු ලෙස තම ජීවිතයේ ඉතිරි කාලය ගත කිරීමට අවශ්‍ය නීති ප‍්‍රතිපාදන ඔහු රැුගෙන ආවේය. මේ සියල්ල සිදුවූයේ දේශ පේ‍්‍රමයේ නාමයෙනි, රටට එරෙහිව නැගෙන විජාතික කුමන්ත‍්‍රණය පැරදවීමේ නාමයෙනි.

මේ සියල්ල මෙසේ සිදුවද්දී 2015 ජනාධිපතිවරණය මෛති‍්‍රපාල සිරිසේන මහතා විසින් ජයග‍්‍රහණය කරනු ලබන්නේ රාජපක්ෂගේ සිහිනයන් ඔහුගේ ඇස් ඉදිරිපිටදීම ඔහුට අහිමිකරවමිනි. ඉන් පසු රටේ ඇතිකරගනු ලැබූ දේශපාලන ප‍්‍රතිසංස්කරණ තුල විධායක ජනාධ්පති බලතල අහිමිකිරීම, ජනාධිපති ධූර කාලය වාර දෙකකට හා වසර පහකට සීමා කිරීම, ජනාධිපති පාර්ලිමේන්තුවට වගකිව යුතු වීම, ජනාධිපතිට එරෙහිව අධිකරණයන් ඉදිරියේ ප‍්‍රශ්න කිරීමට හැකියාවක් ඇති කිරීම, ආණ්ඩුක‍්‍රම වි්‍යවස්ථා සභාව සහ රාජ්‍ය පාලනයට වැදගත් වන්නාවූ කොමිෂන් සභා ඇති කිරීම රට ප‍්‍රජාතාන්ත‍්‍රික මාර්ගයට ප‍්‍රවිශ්ඨකරවීම සදහා ගනු ලැබූ සාධනීය පියවරයන් වූයේය.

අද මහින්ද රාජපක්ෂ බලයට ගෙන එ්ම සදහා වලිකන්නාවූ කණ්ඩායම්, මහින්ද රාජපක්ෂ බලයට ගෙන එ්මේ පරමාර්ථය කුමක්ද යන්න මේ වන තෙක් ජනතාවට පැහැදිලි කර නැත. මහින්ද රාජපක්ෂ බලයට ගෙන එන්නේ නම් ඔහු බලයට ගෙන එ්මට පෙරමුණ ගන්නා කණ්ඩායම දැනට රටෙහි ඇති වී ඇති දේශපාලන හා සමාජීය ප‍්‍රතිසංස්කරණයන් ගෙන් ඔබ්බට ගිය වෙනසක් ඇති කල යුතුය. එසේ ඔවුන් ඇති කරන්නට බලාපොරොත්තු වන්නා වූ අලූත් ප‍්‍රතිසංස්කරණයන් සමාජයට ඉදිරිපත් කල යුතුය. මේ කිසිවක් මහින්ද රාජපක්ෂ වෙනුවෙන් පෙරහැරෙහි යන කසකාරයන් ජනතාව ඉදිරියෙහි තබා නැත. එසේ නැතිව 2005 සිට ඔවුන්ගේ සක‍්‍රිය සටන් පාඨය වූ දේශ පේ‍්‍රමය සහ විජාති කුමන්ත‍්‍රණය යන සටන් පාඨයන් රටෙහි ඇති වී ඇති සමාජ විප්ලවය වෙනස් කිරීමට තරම් බලවත් නම් රටෙහි ජනතාවගේත් මානසික මට්ටම පරීක්ෂා කිරීම වටින්නේය.

කිසිදු ආකාරයක සමාජයීය හා දේශපාලනික වැඩපිලිවලික් ජනතාවට ඉදිරිපත් නොකරමින් මහින්ද රාජපක්ෂ දේශපේ‍්‍රමයේ නාමයෙන් බලයට ගෙන එ්ම තුල මෙම කණ්ඩායම ඉශ්ඨ කර ගැනීමට බලාපොරොත්තු වන්නා වූ අරමුණු රාශියක් ඇත්තේය. පසුගිය දශකයකට ආසන්න කාලයක් පුරා නීතිය යටපත් කරමින් ගෙන ගිය පාලනය තුල ඔවුනට රටෙහි නීතියේ බලපෑමක් නොමැති බව ඔවුන් සමාජයට එ්ත්තු ගැන්වූයේය. පසුගිය දශකයක කාලය පුරා මහින්ද රාජපක්ෂලාගේ දේශපාලනයට සම්බන්ධයක් ඇති කවරෙකු වුවද නීතියෙන් ගැලවෙන්නේ ඔවුන් රටෙහි නීතියට යටත් නොවූ නිසාය. මීනිමැරුම් ස්ත‍්‍රි දූෂණ වංචා අල්ලස් කප්පම් වැනි අපරාධ සියල්ලන්ගෙන්ම බොහෝ මහින්දවාදීහු බේරී යන්නේ තමන්තේ නඩය ආරක්ෂාකරගැනීම වගකීමක් යැයි එවකට පැවති පාලනය සිතූ නිසාය. පේ‍්‍රමවතී මනම්පේරී ක‍්‍රිශාන්ති කුමාරස්වාමි කොබෙයිගනේ අවුරුදු කුමාරිය දූෂණය කොට මරා දැමූවන් එල්ලූම් ගහට නියම වෙද්දී කුරාම් ශෙයික් ඝාථනයේ සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලීසිය දුක් විදන්නේත් සාරුවාගේ සුනිල් තම කන්‍යා දූෂණයේ ශතකය සමරන්නේත් රාජපක්ෂ ආණ්ඩුවේ රැුකවරණය ඔවුන වෙත තිබූ නිසාය.

රාජපක්ෂ නැවත බලයට ගෙන එ්මට ගෙන එනු ලබන ක‍්‍රියාන්විතයෙහි මූලික හරය තමන්ට අහිමි වී ගිය මේ අසීමිත හා අසම්මත බලය සහ පාලනය නැවත අත්පත් කර ගැනීමයි. එය එදා හිටිලර් වටා රොක්ව දේශපේ‍්‍රමයේ නාමයෙන් යුදෙවු සංහාරය තුල කොල්ල කෑ සම්පත් සහ අනෙක් ප‍්‍රතිලාභයන් භුක්තිවිදීමට රොක් වුණු කල්ලියේ චෛතසිකයන් හා සමානය. අද වන විට මේ ආණ්ඩුව විසින් කරනු ලැබූ සියුලූම දේශපාලන ප‍්‍රතිසංස්කරණ මහින්ද රාජපක්ෂ ඇතුලූ කණ්ඩායම විසින් පසුගිය දින සියයක කාලය සදහා ගෙන එනු ලැබූ සියලූ ප‍්‍රතිසංස්කරණයන්ට එරෙහි වන්නේ මේ ප‍්‍රතිසංස්කරණයන්ගේ ක‍්‍රියාකාරීක්ව තුල බිහිවන නිදහස් පුරවැසියා යන සංකල්පය ඔවුන්ගේ බල ව්‍යාපෘතිය පවත්වාගෙන යාම සහ ඔවුන් විසින් පසුගිය කාලය පුරා ගෙන ගිය රටෙහි සම්පත් කොල්ල කෑම තව දුරටත් සිදුකිරීම සදහා ඇති විය ඇති ප‍්‍රධානතම අභියෝගය වන බැවිනි.

Print Friendly, PDF & Email

Latest comments

  • 1
    0

    honda lipiyak. me lipiyama mahinda wenuwata patali champikage namath yoda pala karanna. lankawedi balayata emata uthsaha darana darunuma hitler paterli’. mahinda oluwak nathi hitler .eyata aith nagitinna kalayak naha. me oluwak athi hitler gana puluwan tharam janathawa danuwath karanna

  • 0
    0

    එන්ජීඔි කාරයෝ සහ උගත්තු කාලයක් කීවෙ ශ්‍රි ලංකාව failed state එකක් යයිද එනිසා ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලනය ගෙන එ්මට R2P අවශය බවය. නමුත් මහින්ද ගෙ දෙවන ධූර කාලයේ අවසාන භාගය වන විට ‘failed state’ චෝදනාවත් ‘R2P’ ඉල්ලීමත් නැති වෙලා ගියා. එකක් කිව යුතුය. වැඩ බැරි ටාසන්, සිරිසේන ජනාධිපති උනොත් ශ්‍රි ලංකාවට අනිවාර්යයෙන්ම වෙන්නේ අපහු failed state එකක් වී එය හරි ගස්සවා ගැනීමට බටහිරයන්ගේ R2P ගිල ඉරාකයක් හෝ ලිබියාවක් වෙන්න වෙන බවය. “ඊර්ෂියාව, වෙෙරය, ක්‍රෝධය නොමැති චන්ද දාකයන්ට නුවන පහල වේවා!” යන්න පසු ගිය ජනාධිපතිවරන සමයේ අපගේ ප්‍රාර්ථනය විය.
    නමුත් චන්ද දායකයින්ට වෙනසක් අවශ්‍ය විය. 2015 ජනවාරි 9 වන දි සිට සිරා ටත් රනිල ටත් වෙනස කිරීමට අවස්ථාව ලැබින. සිරා/රනිල් රජය ‘යහපාලනය’ නම් විය. ‘යහපාලනය’ ට පාර්ලිමේන්තුවේ සහයෝගය හිමි විය. සිරා/රනිල් දක්‍ෂ නම් දින 100 යේ ‘යහපාලනය’ වැඩ ලැයිස්තුව නිම කල හැකිව තිබුනි. දැන් දින100 ය දින 150 ක ටත් වඩා වැඩි වී අැත. කියපු වෙනස ලැබුනද? වෙනසක් බලා පොරොත්තු වෙන් සිරා ට චන්දෙ දුන්න කියන හිටපු අග්‍ර විනිශ්චකාර සරත් සිල්වා නම් කියන්නෙ මෙ වගෙ අච්චාරු අාණ්ඩුවක් එයා ගෙ ජිවිතේට දැකල නෑ කියලයි. එතුමා කියන්නෙ මේක ‘යහපාලනයක්’ නෙවෙයි ‘යමපාලනයක්’ කියලයි. ‘FCID’ කියන්නෙ දේශපාලන විරුද්ධ කාරයන්ගෙන් පලිගන්න හදපු නීති විරෝධී අායතනයක් කියලයි. නමුත් වෙනසකට කඩේ ගිය මේ ලියන්න වගේ එවුන් සිරා යි රනිල යි කරන වෙනස එ් කියන්නෙ ‘යහපාලන රෙජිමය’ ගැන හොයන එක පැත්තක තියල දිගටම මහින්ද රාජපක්‍ෂ ට හිට්ලර් කියල මඩ ගහල ස්වයං වින්දනයක් ලබන්න උත්සාහ කරනව. යකෝ හිට්ලර් වත් මුබාරක්ල වගේ නූතන හිට්ලර් ල වත් චන්ද තියල පැරදිලා නැහැ නෙ. මහින්ද පරදින බව දැන ගත්ත ගමන් ජනාධිපතිවරනෙ ප්‍රථිපල එන්න ඉස්සල්ල නිල නිවසෙනුත් යන්න ගියා නෙ. දිනපු අපේක්‍ෂකයගෙ දිවුරැම් දීමෙ ලියකියවිලි ලැහැස්ති කරල එම උත්සවයටත් මහින්දගෙ ලේඛම් සහභාගි උනා නෙ.
    බොරු චෝදනා එල්ල කරල එ් මතින් පෝර්ට් සිටි, දක්ෂින සහ නුවර අධිවේගී මාර්ගය, හමුදා මූලස්ථානය වැනි මහා පරිමාන ව්‍යාපෘති පමනක් නෙවෙයි ගමේ පාර, පොල, බස් ස්ටෑන්ඩ්, ක්‍රිඩා පිට්ටනි වැනි සුලු ව්‍යාපෘතිනුත් ‘යහපාලනය’ නතර කරල. එ් වා කොන්තරත් ගත්ත අයත් අද කොට උඩ. එ්වයෙ වැඩ කල ලක්‍ෂ සංඛ්‍යාත සේවකයින් ට යන එන මං නැහැ. යහපාලනය රෙජිමය හිතන්නෙ මහින්ද පටන් ගත්ත සංවර්ධන ව්‍යාපෘති නතර කිරීම තමයි මිනිස්සු ඉල්ලපු වෙනස කියල. සිරා ජනාධිපති මේ ලඟදි කිව්වලු ‘ලෝකෙට පෙන්වන්න සංවර්ධන ඔිනෙ නැහැ’ කියල. අලුත් පාරවල් වැඩක් නැහැ, අලුත් බිල්ඩින් වැඩක් නැහැ, අලුත් කඩ සාප්පු වැඩක් නැහැ, මිනිස්සුන්ට අැවිදින්න මං තීරු වැඩක් නැහැ, කොටින්ම කොළඹ ලස්සන කරන්න අවශ්‍ය නැහැ කියල නේද සිරා මේ කියන්නෙ. නමුත් ගමේ සෑම මිනිහෙක්ම ඉල්ලන්නෙ ගමේ පාර කාර්පට් කරන්න ඉස්කෝලෙ ට ඉස්පිරිතාලෙ ට හොඳ බිල්ලඩිං හදල දෙන්න කියලයි.
    අද ලංකාවට විදේශ සංචාරකයන් මිලියන 1.5 ක් එනව. ඔවුන් විදේශ විනිමය US $ බිලියන 2.5 ක් ගෙන එනව. පසුගිය රාජපක්‍ෂ අාණ්ඩුවෙ අරමුන උනෙ 2020 දි විදේශ සංචාරකයන් මිලියන 4 ක් ගෙන්වා ගැනීමත් ඔවුන් ගෙනෙන විදේශ විනිමය US $ බිලියන 7.5 ක් දක්වා වර්ධනය කරගැනිමයි. විදේශ සංචාරකයො, අායෝජකයො වැන්නන් රටට ගෙන්න ගන්න මොන වගේ යටිතල පහසු කම් අවශ්‍යද කියල වැඩ බැරි, නූගත්, මෝඩ සිරාට තේරුම් ගන්න බැහැ. නැත්නම් ‘ලෝකෙට පෙන්වන්න සංවර්ධන ඔිනෙ නැහැ’ කියල සිරා කියයිද? ඉක්මනින් යන්න එන්න ඉස්තරම් පාරවල් තියනව අනර්ග ගනයේ හෝටල් තියනව නොයෙක් මාදිලි යෙ සාප්පු සංකීර්ණ තියනව ඔවුන්ට අැවිදින්න මං තීරු පාර්ක් තියනව කියල ලෝකෙට පෙන්නුවෙ නැත්නම් සංචාරකයො ලංකාවට එයිද?
    මේ ලඟදි ‘මාස්ටර් කාඩ්’ අායතනය ලොකයේ අලුතින් සංවර්ධනය වෙන නගර වලට ලකුනු දීල කොළඹ අංක එකට තේරුවා. රාජපක්‍ෂ රජය කල දක්‍ෂකම් සහ ඔවුන් කල සංවර්ධන වැඩ වල අවශ්‍යතාවය ඉබේම මතු උනා. සිරා ල/ රනිල් ල ගෙ බොරුව සහ පච එලි උනා. තූ නොදකින් අපි ජනාධිපති හැටියට පත්කොර ගත්ත නූගත්, කුහක, හරකගෙ මොලේ තරම. හැබැයි පුතෝ මේ ලඟ එන මැතිවරනෙදි මිනිස්සු ඔය ගොන් බූරු කතා කක්කුස්සියට දමනවා සහතිකයි. බලාපල්ලා මහින්ද සුළඟ යහපාලකයන්ට කුනාටුවක් වෙන හැටි.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.