9 August, 2020

Blog

මානව හිමිකම්: ප‍්‍රතිහෙජමොනික දේශපාලන කතිකාවක් ලෙස

උපුල් වික‍්‍රමසිංහ

උපුල් වික‍්‍රමසිංහ

මානව හිමිකම් යනු වර්තමානය වන විට ශ්‍රී ලංකාව තුල ඉතා උණුසුම්ව කතා බහට ලක්වන මාතෘකාවකි. දේශීයව මෙන්ම ජාත්‍යන්තරවද විවිධ පාර්ශවයන් විසින් මානව හිමිකම් පිලිබඳ විවිධාකාරයේ අදහස් පල කරනු දැකිය හැකිය. ශ්‍රී ලංකාව තුල දේශීය වශයෙන් පවතින මානව හිමිකම් කතිකාවෙහි පරස්පරතාවයන් සහ ශ්‍රී ලංකාවට අදාලව ජාත්‍යන්තර තලයෙහි පවතින කතිකාව පිලිබඳ ඉතා කෙටියෙන් සාකච්ඡ කිරීම මෙම ලිපියෙහි අරමුණ වන අතර විමුක්තිකාමී දේශපාලනයෙහි විෂයයක් ලෙස මානව හිමිකම් කතිකාව ශ්‍රී ලාංකීය සන්දර්භය තුල ස්ථානගත කරන්නේ කෙසේද? යන්න පිලිබඳ ලිපිය අවසානයේදී කෙටි අදහසක් පල කිරීමටද බලාපොරොත්තු වෙමි.

2009 වර්ෂයේදී යුද්ධය මිලිටරිමය වශයෙන් අවසානයට පත්වීමෙන් පසු ගත වූ වසර හතරකට ආසන්න කාලය තුලදී මානව හිමිකම් පිලිබඳ කතිකාව ප‍්‍රබල ලෙස ඉස්මතු විය. විශේෂයෙන්ම යුද්ධයේ අවසාන අදියර තුලදී සිවිල් වැසියන් ඝාතනයට ලක්වීම ඇතුළු යුධ අපරාධ සිදුවී යයි යන්න එහිදී ප‍්‍රමුඛ ස්ථානයක් ගනී. යුද්ධයෙන් පසු මුල් අවධියේදී රජයේ ස්ථාවරය වුයේ කිසිදු සිවිල් වැසියෙකු ඝාතනය නොවීය ( civilian casualities) යන්න වූ අතර ඒ සම්බන්ධයෙන් කෙරෙන දේශීය හෝ ජාත්‍යන්තර හෝ කුමන ආකාරයේ පරීක්ෂණයකට දැඩි ලෙස විරුද්ධ විය. එක්සත් ජාතීන්ගේ මහලේකම් විසින් 2010 වර්ෂයේදී යුද්ධයේ අවසන් අදියරේදී සිදු වී යැයි කියන යුධ අපරාධ සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ දරුස්මාන් කමිටුවට ශ්‍රී ලංකාවට ඇතුල් වීමට පවා ඉඩ නොදුන්නේ එම ස්ථාවරය නිසාය. යුද්ධය අවසාන වී ගත වූ මුල් කාලය තුල එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුල ශ්‍රී ලංකාවට වාසිදායක තත්වයක් පැවති අතර පසුව 2010 වර්ෂයේ අග භාගයේ සිට එය අවාසිදායක තත්වයක් දක්වා වර්ධනය වූ අතර ඇමරිකා එක්සත් ජනපදයේ ප‍්‍රධානත්වයෙන් ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවක් 2013 මාර්තු මසදී සම්මත කර ගැනීමට පවා හැකියාව ලැබුනේ වගවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය දැක්වූ දැඩි දරදඬු සහ අමනෝඥ ප‍්‍රතිපත්තියයි. ජාත්‍යන්තරව සහ දේශීය වශයෙන් එල්ල වූ දැඩි පීඩනය නිසාවෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිලිබඳ මහකොමසාරිස් නවනීදන් පිල්ලේ මහත්මියට මෙරට සංචාරය කිරීමට අරාධනා කිරීමට රජයට සිදු වූ අතර (ඇයට මෙරට සංචාරය කිරීමට ආරාධනා කිරීම මෙරට ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ශක්තිමත්බාවය පිලිබඳ මහඟු සාක්ෂියක් ලෙස හුවා දැක්වීමට පසුගියදා අල්ජසීරා නාලිකාව සමඟ පැවති සම්මුඛ සාකච්ඡුාවේදී ජනාධිපතිවරයා උත්සහ කලද සැබවින්ම ඇයට ආරාධනා කලේ එසේ නොකර සිටිය නොහැකි වූ නිසාය. ජනාධිපතිවරයාගේ සම්මුඛ සාකච්ඡුාව සඳහා මෙම සබැඳියාවට පිවිසෙන්න. පසුගිය අගෝස්තු මාසයේදී සිදුවූ ඇයගේ සංචාරයත් සමඟ නැවතත් අලූත් වටයකින් මානව හිමිකම් කතිකාව උණුසුම් වී තිබේ.

ශ්‍රී ලංකා රජයේ සහ රජයට පක්ෂපාතී විමල් වීරවංශ, චම්පික රණවක, නලින් ද සිල්වා, ගුණදාස අමරසේකර වැනි සිංහල ජාතිකවාදී (සත්‍ය වශයෙන්ම ජාතිවාදී) කණ්ඩායම් විසින් මතු කරන ප‍්‍රධානතම කාරණයක් වන්නේ මානව හිමිකම් යනු බටහිර සංකල්පයක් බවත් එමනිසාම මානව හිමිකම් සම්බන්ධයෙන් මතුවෙන ඕනෑම විවේචනයක් හෝ බලපෑමක්, දේශීය වේවා, විදේශීය වේවා, එකහෙලා එයට විරුද්ධ විය යුතු බවයි. කරුණුමය ලෙස ගත්කල මෙම තර්කයේ කිසියම් සත්‍යතාවයක් නැතුවාම නොවේ. මානව හිමිකම්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඇතුළු යහ පාලනය සම්බන්ධයෙන් වර්තමානයේදී ගෝලීය වශයෙන් පවතින අධිපති කතිකාව බටහිර සහ යුරෝපා රටවල් මූලික කරගෙන ගොඩ නැගුනු කතිකාවකි. එහිදී, ඇමරිකා එක්සත් ජනපදය වැනි ආර්ථික සහ දේශපාලනමය වශයෙන් බලවත් රටවල්වල සමාජ, සංස්කෘතික අභිලාෂයන්ට අනුරූපව ගොඩ නැගුනු සංකල්ප අනෙකුත් රටවලද එලෙසින්ම ක‍්‍ර‍්‍රියාවට නැංවීමට ඔවුන් විසින් සෘජු සහ වක‍්‍රාකාරයෙන් බලපෑම් කරනු ලැබේ. බලවත් රාජ්‍යයන්හි (ජාත්‍යන්තර ප‍්‍රජාව ලෙස බොහෝ විට හඳුනා ගැනෙන්නේ මෙම රාජ්‍යයන්ය) මෙම එළඹුමෙහි මූලික ගැටළු දෙකක් හඳුනා ගත හැකිය.

පළමුවැන්න නම්, ශ්‍රී ලංකාව වැනි කුඩා රාජ්‍යයන්හි ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ මානව හිමිකම් සම්බන්ධයෙන් පවතින ගැටළු වලට අදාලව විවිධාකාරයේ විවේචනයන් සහ බලපෑම් කරන, එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි ජාත්‍යන්තර සංවිධාන හරහා විවිධ ක‍්‍රියාමාර්ග ගන්නා ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු බොහෝ බලවත් රාජ්‍යයන්ගේ තීන්දු තීරණ සහ ක‍්‍රියාමාර්ග ඔවුන් විසින්ම ගොඩනංවන ලද යහපාලනයට අදාළ කතිකාවන් තුලින් මතු කෙරෙන ඇගයීම් සහ වටිනාකම්වලට කොතෙක් දුරට එකඟද යන්නයි. ඔවුන්ගේ ක‍්‍රියාකලාපයන් එම වටිනාකම්වලට සපුරා පටහැනි බවට සාධක එමටය. ඇමරිකා එක්සත් ජනපදය ප‍්‍රමුඛ බලවත් රාජ්‍යයන්ගේ හමුදා ආක‍්‍රමණ වලින් ඇෆ්ඝනිස්ථානය, ඉරාකය, ලිබියාව වැනි රටවල සිවිල් වැසියන් සහ ළමුන් දහස් ගණනින් මිය යාම මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ලෙස ඔවුන් නොදකින අතර ශ්‍රී ලංකාව වැනි රටවල පවතින යුද්ධයන්හිදී සිවිල් වැසියන් සහ ළමුන් මියයාම පමණක් මානව හිමිකම් උල්ලංඝනය වීම් ලෙස ඔවුන් හඳුනා ගනී. නමුත් සත්‍යය වශයෙන්ම අප තේරුම් ගත යුත්තේ මෙම අවස්ථා දෙකෙහිදීම සිදු වන්නේ මානව හිමිකම් උල්ලංඝනය වීම් බවය. සිංහල ජාතිකවාදීන් සහ ”දේශපේ‍්‍රමීන්”, බටහිර රාජ්‍යයන් විසින් සිදු කරන අපරාධ පමණක් විවේචනාත්මකව දකින අතර ආණ්ඩුව විසින් සිදු කරන සහ සිදු කෙරෙමින් පවතින අපරාධ (මෙයට යුද්ධයේ අවසාන අදියරේදී සිදු වී යැයි කියන යුධ අපරාධ වලට අමතරව පශ්චාත් යුධ සමයෙහි සිදු වූ මාධ්‍යවේදීන් ඝාතනය කිරීම් සහ පැහැර ගෙන යාම්, රජය කෙරෙහි විවේචනාත්මක වන පුද්ගලයින් අතුරුදන් කිරීම්, බියවැද්දීම් ඇතුළු අපරාධද අයත් වේ), රාජ්‍ය ආරක්ෂාව නමැති ආවරණයට මුවාවී සාධාරණීකරණය කරනු ලැබේ. අනෙක් අතට බොහෝ සිවිල් සංවිධාන සහ සමාජ ක‍්‍රියාකාරීන් විසින් ආණ්ඩුව විසින් සිදු කරන අපරාධ, මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ලෙස හඳුනා ගනිමින් ඒවාට එරෙහිව ක‍්‍රියාත්මක වන අතර බලවත් රාජ්‍යයන් විසින් සිදු කරන අපරාධ, මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ලෙස විවේචනය නොකරයි. එසේත් නැත්නම් ප‍්‍රසිද්ධියේ එලෙස විවේචනාත්මක වීමට මැළිකමක් දක්වයි. සමහර සිවිල් සංවිධාන සහ ඒවායේ ක‍්‍රියාකාරීන් මෙහි සත්‍යය තත්වය අවබෝධ කරගෙන ඇතිමුත් විවිධ ප‍්‍රායෝගික හේතූන් මත ඒ පිලිබඳ ප‍්‍රසිද්ධියේ විවේචනය නොකරන අතර තවත් සමහර පුද්ගලයින් එම තත්වය අවබෝධ කර ගැනීමටවත් අසමත් වන තරමට දේශපාලනික ඥානය අතින් පහල මට්ටමක පසුවේ.

දෙවැනි කාරණය වන්නේ බටහිර සහ යුරෝපීය සමාජ සංස්කෘතික හර පද්ධතීන්ට අනුරූපව යහපාලනය සම්බන්ධයෙන් ගොඩනැගී ඇති වත්මන් අධිපතිවාදී කතිකාව එලෙසින්ම අනෙකුත් රටවලට අදාළ කිරීම කොතෙක් දුරට ප‍්‍රායෝගිකද සහ යුක්ති සහගතද යන්නයි. සර්වභෞමිකත්වය (ක්‍දිපදචදකසඒබසිප* සම්බන්ධයෙන් දැනට පවතින ජනප‍්‍රිය අදහස බොහෝ දුරට නියෝජනය කරන්නේද බටහිර සහ යුරෝපය මුලික කර ගෙන ගොඩනැගී ඇති මෙවැනි අදහස් සහ සමාජ වටිනාකම් සමස්ත ලෝකයටම අදාළ කිරීම හරහා ”විශ්වීය පුරවැසියන්”ගෙන් සමන්විත සමජාතීය ගෝලීය සමාජයක් ගොඩ නැගීමය. මෙය එක් අතකට සංස්කෘතික ආධිපත්‍යයක් ලෙසද සැලකිය හැකිය. ගෝලීයකරණ ක‍්‍රියාවලිය සහ තොරතුරු තාක්ෂණයේ දියුණුව මෙම සංස්කෘතික ආධිපත්‍යයට මනා පිටුවහලක් සපයන අතර විවෘත වෙළඳ පොල සහ නවලිබරල් ආර්ථික ප‍්‍රතිපත්තීන් එයට අවැසි ආර්ථික වටපිටාව සකස් කර දෙනු ලැබේ. ඇයගේ  On the political (2005)කෘතියෙහි චන්තාල් මූෆ් ( Chantal Mouffe) විසින් ඇමරිකා එක්සත් ජනපදය ප‍්‍රමුඛ බලවත් රාජ්‍යයන්ගේ මෙම සංස්කෘතික සහ දේශපාලන අධිකාරීත්වය දැඩි ලෙස විවේචනය කරන අතර ඊට ප‍්‍රතිපක්ෂව සංස්කෘතික විවිධත්වයන් පිළිගන්නා බහුත්ව ගෝලීය සමාජ සැකැස්මක් යෝජනා කර සිටී. වෙනත් ආකාරයකට කියන්නේ නම් පවතින ඒක-ධ‍්‍රැවීය  ගෝලීය සමාජ සැකැස්ම වෙනුවට බහු-ධ‍්‍රැවීය සමාජ සැකැස්මක් ඇය යෝජනා කර සිටී. මෙම කාරණය ගැඹුරින් සාකච්චා කල යුත්තකි.

ආණ්ඩුව සහ ආණ්ඩුවට හිතවත් පිරිස් ඉහතින් සඳහන් කල කරුණු මත පදනම්ව මානව හිමිකම් ඇතුළු යහපාලනය සම්බන්ධයෙන් බටහිර රටවලට එරෙහිව මතු කරන විවේචනය සැබෑ දේශපාලන විවේචනයක් නොවේ. එනම්, ඔවුන්ගේ තර්කයේ කරුණුමය වශයෙන් සත්‍යතාවයක් තිබුනද එම තර්කය ඉදිරිපත් කිරීම පිටුපස ඇති දේශපාලනික අරමුණු වන්නේ තමන් විසින් සිදු කරන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ අනෙකුත් අපරාධවලට හෝ ඒවා සම්බන්ධයෙන් මතුවන ජනතා විරෝධයන් යටපත් යටපත් කිරීමය. එමෙන්ම, තවත් සඳහන් කල යුතු කරුණක් වන්නේ රජයට සහයෝගය දක්වන ”බුද්ධිමතුන්” ඉතා සුළු පිරිසක් ඉහත සඳහන් කල ආකාරයට කිසියම් හෝ දේශපාලනික අර්ථයකින් මානව හිමිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් රජයට එල්ල වන ජාත්‍යන්තර බලපෑම් වලට විරුද්ධ වුවද සමස්තයක් ලෙස රජයට සම්බන්ධ අතිබහුතරයකගේ හැසිරීම අනෙක් විෂයන්වලට අදාලව මෙන්ම ගෝත‍්‍රිකය. එයට ඉතාම හොඳ මෑත කාලීන උදාහරණයක් නම් නවී පිල්ලේ මහත්මියගේ ශ්‍රී ලංකා සංචාරයට අදාලව රජයට සම්බන්ධ ඇතැම් මැතිඇමතිවරුන් ප‍්‍රතිචාර දැක්වූ ආකාරයයි. ඇයට විවාහ යෝජනා ඉදිරිපත් කරමින් මර්වින් සිල්වා වැන්නන් පෙන්නුම් කලේ රාජ්‍ය තාන්ත‍්‍රික නිලධාරිනියකට තබා සාමාන්‍ය ගැහැනියකටවත් දැක්විය යුතු අවම ගරුත්වයක් හෝ නොදක්වන ප‍්‍රාථමික හැසිරීමකි. ඊට වෙනස්ව ජාතික හෙළ උරුමය වැනි ජාතිවාදී පක්ෂ සුපුරුදු ජාතිවාදී මතිභ‍්‍ර‍්‍රමණයන් වපුරන්නට විය. හෙළ උරුමයේ ඉහල පෙලේ නායකයෙකු වන උදය ගම්මන්පිළට අනුව නවී පිල්ලේ ප‍්‍රතික්ෂේප කල යුත්තේ ඇයිදැයි යන්න ජාතිය හමුවේ තැබීම ඔවුන්ගේ වගකීමක් වන අතර ඔහුට අනුව පිල්ලේ මහත්මියගේ ද්‍රවිඩ සම්භවය සහ දකුණු අප‍්‍රිකාවේ වර්ණභේද වාදී පාලන සමය තුල සුළු ජාතිකයන් ලෙස ඇයට සහ ඇයගේ සමීපතමයින්ට අත්විඳින්නට සිදුවූ හිරිහැර නිසා ශ්‍රී ලංකාව පිලිබඳ පරීක්ෂනයකදී අනිවාර්යෙන්ම දෙමළ ජනතාවට පක්ෂපාතීව ඇය කටයුතු කල හැකි බවයි. වසර පනහකට පමණ පෙර දකුණු අප‍්‍රිකාවේ සිදුවූ සිදුවීම් සහ නවී පිල්ලේගේ ද්‍රවිඩ සම්භවය නිසා ඇය දෙමල ජනයාට පක්ෂපාතී විය හැකි බවට තර්ක කරන ගම්මන්පිලලාට තමන්ද නියෝජනය කරන, යුද්ධයේ එක් සෘජු පාර්ශවයක්ද වූ ශ්‍රී ලංකා රජයේ ජනාධිපතිවරයා විසින් යුද්ධය අතරතුරදී සිදු වූවා යයි කියන යුධ අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝනය වීම් පිලිබඳ සොයා බලා ඊට එරෙහිව කටයුතු කිරීමට පත්කළ උගත් පාඩම් සහ සංහිඳියා කොමිසම ඇතුළු අනෙකුත් කොමිසම් ශ්‍රී ලංකා රජයට පක්ෂපාතී විය හැකි බවට ජාතිය හමුවේ කරුණු පැහැදිලි කිරීමේ යුතුකමක අවශ්‍යතාවයක් මඳකට හෝ නොදැනීම කෙසේනම් තේරුම් ගත යුතුද?

අවසන් වශයෙන් සඳහන් කල යුත්තේ අප මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටිය යුත්තේ සහ ඒවා දිනා ගැනීමට සටන් කල යුත්තේ බටහිරින් එන බලපෑම් නිසා නොව සමස්ත ශ්‍රී ලංකික ජනතාවටම සැබෑ නිදහසක් ලඟා කරගත යුතු නිසාය. එහිදී, මානව හිමිකම් සහ යහපාලනය සම්බන්ධයෙන් අපටම අනන්‍ය වූ කතිකාවක් නිර්මාණය කර ගත යුතු අතර එය, බටහිර මුලික කරගෙන ගොඩ නැගී ඇති කතිකාව සම්පූර්ණයෙන්ම ප‍්‍රතික්ෂේප නොකරන එහි ප‍්‍රගතිශීලී අදහස් ඇතුලත් කර ගන්නා වූ කතිකාවක් විය යුතුය. තවද, එම කතිකාවට ජාති, ආගම් බේදයෙන් තොරව සියළුම ජනයාගේ අයිතිවාසිකම් ඇතුලත් විය යුතු අතර එය අධිපති කතිකාව බවට ඔසවා තැබීම ප‍්‍රතිහෙජමොනික දේශපාලන අරගලයකි. එය විමුක්තිකාමී දේශපාලනයෙහි ඒජන්තයෙකු වනු නොඅනුමානය.

Print Friendly, PDF & Email

Latest comment

  • 0
    0

    Human rights is NEW weapon of both the Church and the Western govts. Instead of the govt influencing the other countries, they give funds to NGOs to do the job.

    Church also uses various charities and all for conversion.

    church has very wealthy devotees, some times western govts give money to these church-based charities to various work. but, every thing is connected to conversion.

    READ the following article to understand how HUMAN RIGHT ORGANIZATIONS help Multinational companies to exploit poor countries and poor people.

    Human Rights Watch (HRW), on the other hand, fails to name the names in its recent report on Colombia entitled, The Risk of Returning Home, Violence and Threats against Displaced People Reclaiming Land in Colombia. [1] And, this is much to HRW`s discredit.

    Before diving into the report and its grave shortcomings, some general comments about HRW are in order. For years, I have been concerned about what appears to be HRW`s penchant for helping lay the groundwork for U.S. and NATO strikes against claimed enemies of the West. Most recently, HRW`s Executive Director, Kenneth Roth, has been fulminating on his Twitter account against anyone, including the EU, who refuses to acknowledge what has yet to be proven as fact that the Syrian government was allegedly responsible for the chemical attack of August 21, 2013.

    This is an obvious attempt by Roth and HRW, proponents of the so-called right to protect doctrine, to gin up support for an attack on Syria in the ostensible name of human rights. Of course, given that HRW has a former Secretary General of NATO, Javier Solana, on its Board of Directors [2], this pursuit should come as little surprise. Meanwhile, Roth is also promoting what he calls a New alliance formed to secure fair #Afghanistan elections, protect women`s rights & civil society, improve governance httrib.al/Y6L9oty. If you click on the link, you`ll see an alliance headed by such rogues as Stephen Hadly, Former National Security Advisor to George W. Bush Michele Flournoy, Former Under Secretary of Defense for Policy, Obama Administration and, of course, the former Supreme Allied Commander of NATO, Admiral James Stavridis. That is, the alliance that Roth believes will secure human and women`s rights in Afghanistan is made up of the very individuals who have undermined these rights for years.

    In its report on Colombia, HRW betrays not its pro-NATO proclivities, but rather, its pro-corporate ones. In this report, HRW does do a good job of detailing the grisly violence including threats, assaults, rapes and murders which continues to keep Colombia in the number one spot in the world for internally displaced peoples (IDPs) at nearly 5 million. And, as HRW relates, it does so despite a recent law which was passed to allow these peoples, disproportionately Afro-Colombian and indigenous, to return to their farms and ancestral lands which was forcibly taken from them.

    However, while HRW, throughout a 184-page report, gives details and names of both the armed perpetrators as well as the victims of the violent attempt of bad faith landowners to hold on to their ill-gotten land, HRW fails to ever name the corporations which constitute the biggest bad faith landowners in Colombia. Instead, throughout this report, HRW refers vaguely, but ad nauseam, to businesspersons, businessmen, landowners, cattle ranchers, regional elites, mining and agro-industry, private companies, and to unnamed banana companies which are systematically funding and using paramilitary death squads to keep thousands of internally displaced peoples from reclaiming the land which is legally theirs.

    One walks away from this report with a dizzying sense of the violence which stalks the Colombian people in places such as Cubarado and Jiguamiando which are detailed in the HRW report but with an equal sense of powerlessness and hopelessness to do anything about it. What are we to do after all? Should we be writing to the paramilitary groups, such as the Urabenos which are named in the report, and politely ask them to stop raping and killing people?

    Thankfully, to answer this question, we can turn to good and decent people and organizations which, unlike HRW, are not beholden to NATO overlords or to the types of investment bankers which populate the HRW Board. One such organization, which I have mentioned before in my writings, is the Interchurch Justice and Peace Commission (IJCP), an organization which is headed by such brave souls as my friend, Jesuit priest Father Javier Giraldo a man who, in his tiny five-foot frame, has more courage in him than anyone I`ve ever known.

    And so, it was of no surprise to me when, in searching the internet to find the answers left open by the HRW report, I chanced upon an August 2012 report authored by IJCP entitled, Colombia: Banacol, a company implicated in land grabbing in Cubarado and Jiguamiando. [3] And, there you have it, right in the title Banacol. And, while this is not a household name, IJCP tells you just who Banacol is, and why you should care.

    Thus, IJCP explains that Banacol is the successor-in-interest to Banadex, the former subsidiary of none other than Chiquita Brands which pled guilty to paying paramilitary death squads $1.7 million between 1997 and 2004, and supplying them with 3,000 AK-47s. Chiquita pled guilty after being indicted by the U.S. Justice Department for illegally funding the AUC paramilitaries a designated terrorist group through the Banadex subsidiary which supplied it from Colombia with fruit sold under the Chiquita Brands name. For its high crime, Chiquita was fined a mere $25 million which it was allowed to pay over five years.

    As IJCP pointedly relates, Banacol is not just the successor to the Colombian fruit business of the Chiquita subsidiary, but also to its business of propping up the death squads. And indeed, this was all by design. As IJCP`s report explains:

    Chiquita put forward a `sales` operation of the questionable Banadex to the transnational Banacol Marketing Corporation at a far below market price (fire sale). Banadex, a subsidiary of Chiquita that has worked in Colombia since 1989, was transferred to Banacol (Banacol Marking Corp. SA based in Panama), in the year 2004, just when the United States Justice Department gave notice of its investigations. (emphasis added).

    IJCP further explains that Chiquita, which claimed to abandon its Colombian operations after the terrorist-payment scandal, entered into an agreement with Banacol through which Banacol would continue to sell Chiquita pineapples and bananas at a particularly advantageous price for an initial period of eight years.

    IJCP, citing the Colombian Attorney General, explains that Banacol continued paying millions between 2004 and 2007 to the security cooperatives that are facades for the self-defense groups (aka, paramilitary death squads). IJCP states, [t]hat is to say, it continued backing the trail of violence of its predecessor to the tune of $3 billion that on top of the 1.7 million which Chiquita admitted to. Citing former AUC paramilitary leader Salvatore Mancuso, IJCP explains that other companies, including Dole and Del Monte, also financed the paramilitary groups that continue to plague the Colombian countryside.

    The results of this support beginning in the mid-1990`s when these banana companies began bankrolling the death squads, and continuing until the present time have been horrifying. As IJCP details:

    Paramilitaries, with the complicity and lack of action by the [U.S.-backed] 17th Brigade and Uraba Police, assassinate, disappear, torture and displace local inhabitants, while claiming to fight the guerilla. Businessmen associated with these criminal structures appropriate the territories that traditionally belong to the Afro-descendant communities authorities at the service of the businessmen try to legalize this fraudulent land-grab and the national government supports more than 95% of the illegal investment. This leads to oil palm agribusiness being implemented on the ruins of the communities` homes, cemeteries and communal areas. It provides the foundation for large-scale cattle ranching and transnational plantain, banana, pineapple and cassava production, which are all increasing at the hands of the paramilitaries. These violent structures see the opportunity to expand the agricultural production onto the high quality soil, which will gradually replace the depleted soils of Antioquian Uraba. The paramilitaries also see the opportunity in these territories due to their demonstrated reserves of gold, copper, molybdenum and other minerals and for the opportunities to construct infrastructure for exportation.

    In its mere 20-page report, IJCP does more to give the concerned reader an avenue for protest and action than in the bulky HRW report of nine times its size. If one wishes to help the largest IDP community in the world reclaim its land, one can start by protesting such companies as Chiquita, Banacol, Del Monte and Dole. One can also pressure the U.S. Justice Department to do its job in bringing these companies to justice for their crimes, and in disgorging these companies of all of their profits for the years in which they have funded death squads funds which can be used to compensate the thousands of victims of their malfeasance.

    [1] See, http://www.hrw.org/sites/default/files/reports/colombia0913webwcover.pdf

    [2] See, http://www.hrw.org/node/76172

    [3] See, http://www.tni.org/sites/www.tni.org/files/download/banacolcasestudy.pdf

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.