22 October, 2019

Blog

ඒකාධිපතියෙකු ඉල්ලා සිටීම වැඩි වෙමින් තිබීම භයානක ලක්ෂණයකි – II

ආචාර්ය ඩබ්. ඒ. විජේවර්ධන

ආචාර්ය ඩබ්ලිව්. ඒ. විජේවර්ධන

‘තහවුරු කිරීමේ දෝෂයට’ සහ ‘තිබෙන දෙයෙහි දෝෂයට’ යට වීම

ඒකාධිපතියෙකු ඉල්ලා උද්ඝෝෂණය කරන පිරිස් අගතීන් දෙකකට ගොදුරුව සිටිත්. එකක් වන්නේ, ‘තහවුරු කිරීමේ’ අගතියයි. අනෙක වන්නේ ‘තිබෙන දෙයෙහි’ අගතියයි. තහවුරු කිරීමේ අගතියෙන් පෙළෙන විට කෙනෙකු බලන්නේ හුදෙක් තමාගේ මතය සනාථ කරගත හැකි කරුණුම සෙවීමටයි. තමාගේ මතයට සහායක් නොලැබෙන වෙනත් ඕනෑම කරුණක් එවිට ඉවතලනු ලැබේ. ‘තිබෙන දෙයෙහි’ අගතියෙන් පෙළෙන විට කෙනෙකු කරන්නේ, දැනට තිබෙන කරුණු මත පමණක් පදනම්ව විනිශ්චයකට පැමිණීමයි. ඊට අමතරව, තමාගේ මතය ඔප්පු කිරීමට හෝ නිෂේධ කිරීමට වෙනත් සාක්ෂි ඇත්දැයි සොයා බලන්නේ නැත.

යමක් සනාථ කරගැනීම සඳහා අමතර සාක්ෂි සෙවීමට යාම, කාලය සම්බන්ධයෙන් බැලුවත්, වියදම පැත්තෙන් බැලුවත්, මානසික ආයාසය පැත්තෙන් බැලුවත්, ඉතා දුෂ්කර කර්තව්‍යයකි. ඒ දුෂ්කර තත්වය මගහැරයාම සඳහා එවිට කෙනෙකු කරන්නේ, පවතින සීමිත කරුණු මත පදනම්ව, පටු මතයකට එළැඹීමයි. ඒ අනුව බැලූ විට, පවතින සීමිත කරුණු මත බැසගන්නා නිගමන, යම් ආකාරයක දෙවැනි පංතියේ ඒවා මිස ප්‍රශස්ත ඒවා නොවන්නේය. එසේ දෙවැනි පංතියේ නිගමන අසීමිතව සහ සදාකාලික දත්ත සේ ගත් විට, ගොබෙල්ස්ගේ නියාමය පරිදි, කෙනෙකු තමාගේ මතය පරම සත්‍යය වශයෙන් බාරගනී. ඒ අනුව, ඒකාධිපතියෙකුගේ යහගුණ කෙනෙකු නිරතුරුව වයන විට, එවැනි ඒකාධිපතියන් රටකට අත්කර දිය හැකි ප්‍රාතිහාර්යයන් කෙරෙහි විශාල විශ්වාසයක් තබයි.

සාර්ථක කතා දෙකකට ප්‍රතිපක්ෂව අසාර්ථක කතා රාශියක්

අධිකාරීවාදී රාජ්‍ය තන්ත්‍රයන් පිළිබඳ සාර්ථක කතා දෙකක් වශයෙන් සිංගප්පූරුව සහ දකුණු කොරියාව උදාහරණයට ඉදිරිපත් කෙරෙන විට, ඉහත කී අගතීන් දෙකම ඒ අර්ථකථනය තුළ අඩංගු වන්නේය. මෙවැනි අතලොස්සක් සාර්ථක කතා පසෙකින් ඇති තව රාශියක් අසාර්ථක කතා මෙකී අයවළුන්ගේ සැලකිල්ලට යොමු නොවෙයි.

ඒ අසාර්ථ කතා අතරින් සමහර ඒවා සෘජු හමුදා ආඥාදායකත්වයන් ය. තවත් ඒවා, ප්‍රජාතන්ත්‍රීයව බලයට විත් පසුව ඒකාධිපති ප්‍රවණතාවන්ට යට වූ නායකත්වයන් ය. තවත් ඒවා රජවරුන්ගේ පාලන තන්ත්‍රයන් ය. තවත් ඒවා පුද්ගල වන්දනාමාන මත පදනම් වූ ඒකාධිපතිත්වයන් ය. එසේම, පුරවැසියන්ගේ බහුවිධ මතිමතාන්තරවලට ඉඩක් නොදෙන, තනි පක්ෂයක් විසින් පවත්වාගෙන යන ඒකාධිපතිත්වයන්ද තිබේ.

සාර්ථක යැයි කියන ඒකාධිපති රාජ්‍ය පාලන තන්ත්‍ර අතලොස්සට වඩා, මෙකී අසාර්ථක ඒකාධිපති පාලන තන්ත්‍ර සංඛ්‍යාව අති මහත් ය. එබැවින්, සීමිත රටවල් කිහිපයක අත්දැකීම් මත පමණක් පදනම්ව, අපේ රටටත් ඒකාධිපතියෙකු අවශ්‍ය යැයි කීමට කලින් කෙනෙකු අතිශයින් පරිස්සම් විය යුතුව තිබේ.

ඒකාධිපතියන් තමන්ගේ ජනතාවට සෞභාග්‍යය උදාකර දී නැත

අඳුරු මහද්වීපය වශයෙන් ගැනෙන අප්‍රිකාවේ අසාර්ථක ඒකාධිපතිත්වයන් බොහොමයක් අපට හමුවෙයි. ඇංගෝලාව, බුරුන්ඩි, කැමරූන්, මධ්‍යම අප්‍රිකානු ජනරජය, චාඞ්, කොංගෝව, එරිටි්‍රයාව, ඉතියෝපියාව, ගැබොන්, රුවන්ඩාව, සෝමාලියාව, සුඩානය සහ බටහිර සහරාව ඊට අයත් වෙයි. ලතින් ඇමරිකාව ගත්තොත්, ඉක්වටෝරියල් ගිනියාව, නිකරගුවාව, කියුබාව සහ වෙනිසියුලාවේ එවැනි ඒකාධිපතිත්වයන් අපට හමුවෙයි. මේ රටවල් කිසිවකට, තමන්ගේ පුරවැසියන්ට ආර්ථික සෞභාග්‍යය උදාකර දීමට හැකි වී නැත. ආසියාව ගත්තොත්, උතුරු කොරියාව, කසකස්තානය, ටජිකිස්තානය, තුර්ක්මෙනිස්තානය වැනි ඒකාධිපති පාලන තන්ත්‍ර අපට හමුවෙයි. මේ සෑම රටකම අධික ලෙස ස්වභාවික සම්පත් තිබුණත්, ඒ සෑම රටක්ම ආර්ථික අසාර්ථකත්වයන් ඇති රටවල් වශයෙන් පරසිඳුයි.

තනි පක්ෂ ඒකාධිපතිත්වයක් යටතේ රටේ ආර්ථිකය මුළුමණින් කඩාවැටීමකට පත්කළ හොඳම උදාහරණය සෝවියට් දේශයයි. මේ ආර්ථික අගාධය, දශක හතකට ආසන්න කාලයක් තිස්සේ සෙසු ලෝකයාගෙන් වසං කොට තිබුණි. එහෙත් අවසානයේදී 1989 දී එම ආර්ථිකය එක රැයකින් කඩා වැටීමත් සමගම, එතෙක් උත්කර්ෂයට නංවා තිබුණු එම රට ‘දියුණු වෙමින් පවතින’ රටක තත්වයට පත්විය.

මේ රටවල් සියල්ල, ඇමරිකාවේ ස්ථාපිත ‘සාමය සඳහා වන අරමුදල’ විසින් හඳුන්වා ඇත්තේ අසාර්ථක රාජ්‍යයන් වශයෙනි. ඒ අනුව පෙනී යන්නේ, ඒකාධිපතිත්වයක් හෝ අධිකාරීවාදී පාලන තන්ත්‍රයක්, රටක ආර්ථික සෞභාග්‍ය සඳහා රහස් ඔසුවක් නොවන බවයි.

ඉන්දිරා ගාන්ධිගේ නිර්දය පාලනයේ අසාර්ථකත්වය

අපේ අසල්වැසි ඉන්දියාව ගන්න: 1971 ජයග්‍රහණයෙන් පසු ඉන්දීය අගමැති ඉන්දිරා ගාන්ධි ගෙන ගිය පාලනය විචාරකයන් හඳුන්වන්නේ දුෂ්ට පාලනයක් වශයෙනි. 1975 දී ඉන්දියාව හදිසි නීතිය යටතේ පාලනය කිරීමට පටන්ගැනීමත් සමගම ඇගේ පාලනය ඉතා අධිකාරීවාදී ස්වරූපයක් ගත්තේය.

මේ කාලයේ ඉන්දියාවේ ආර්ථික වර්ධනය, ඊට කලින් වකවානුව සමග සැසඳීමේදී පෙන්වන්නේ මහත් අසාර්ථකත්වයකි. 1971 දී සියයට 5.2 ක් වශයෙන් පැවති ආර්ථික වර්ධන වේගය, 1972 වන විට සියයට 1.8 දක්වා පහළ බැස්සේය. 1971 වන විට එය සියයට -1.5 ක සෘණ අගයක් ගත්තේය. 1974 වන විට තත්වය තරමක් සතුටුදායක වී සියයට 5 දක්වා වර්ධනය විය. එහෙත් ඊළඟ වසරේදී, එනම් 1975 දී සියයට 0.9 දක්වා පහළ වැටුණේය. ඇගේ සමස්ත පාලන කාලය එකට ගත් විට පෙන්නුම් කෙළේ සියයට 2 කට තරමක් වැඩි වර්ධන වේගයකි. එහෙත් එය ඊට කලින් 1954-1974 කාලයේ පැවති සියයට 4 ට වඩා බෙහෙවින් අඩු අගයකි.

මේ අනුව පෙනී යන්නේ, ඉන්දිරා ගාන්ධිගේ බහුතරයේ පාර්ලිමේන්තු බලයක් සහිතව ගෙන ගිය දුෂ්ට පාලනය තුළින් ඉන්දියාවට ආර්ථික සමෘද්ධියක් අත්කරගත නොහැකි වූ බවයි.

සිරිමාවෝ බණ්ඩාරනායකගේ පාලනය ඊට වඩා යහපත් වුණේ නැත

1970 ජුලි මහ මැතිවරණයෙන් තුනෙන් දෙකක බලයක් ලබාගනිමින් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය පිහිටැවූ 1971-77 සමගි පෙරමුණු ආණ්ඩුව මීට සමාන තත්වයක් මෙරටේ ඇති කෙළේය. 1971 ජනතා විමුක්ති පෙරමුණේ අසාර්ථක කැරැල්ලෙන් පසු එම ආණ්ඩුව එක දිගටම රට පාලනය කෙළේ හදිසි නීතිය යටතේ ය. එම හදිසි නීතිය, ජනතාවගේ නිදහස මර්දනය කිරීම සඳහා එම ආණ්ඩුව උපරිමයෙන් ප්‍රයෝජනයට ගත්තේය. එහෙත් පළමු රූප සටහනෙන් පෙන්නුම් කරන පරිදි, මේ කාලය තුළ රටේ ආර්ථිකය බරපතල ලෙස පල්ලම් බැස්සේය. කලින් තිබූ සියයට 4.8 ආර්ථික වර්ධනය වේගය, සියයට 2.9 දක්වා පහළ වැටුණි. එය, ලංකාවේ නිදහසෙන් පසු යම් ආණ්ඩුවක් යටතේ අඩුම ආර්ථික වර්ධන වේගයක් පෙන්නුම් කළ අවස්ථාවයි.

ජයග්‍රාහකයන් සහ පරාජිතයන් එකම සංස්කෘතික පසුබිමකින් පැවත එන්නන් වීම

මේ සියල්ලෙන් පෙනී යන්නේ, අධිකාරීවාදී පාලන තන්ත්‍රයක් රටක සෞභාග්‍යයක් සඳහා අනිවාර්ය මාර්ගයක් නොවන බව ය. සිංගප්පූරුව සහ දකුණු කොරියාව වැනි රටවල් කිහිපයක් පමණක් ඒ මාර්ගයෙන් දියුණුව අත්පත් කරගෙන ඇතත්, වෙනත් බොහෝ රටවල් ඒ මාර්ගයෙන් අසාර්ථකත්වයට පත්ව ඇත. කොරියානු අර්ධ ද්වීපය සම්බන්ධයෙන් ගත්තත්, දකුණු කොරියානු අධිපති තන්ත්‍රයට ආර්ථික සමෘද්ධිය ගෙන ඒමට හැකි වී ඇතත්, උතුරු කොරියානු අධිපති තන්ත්‍රයට එසේ කිරීමට හැකි වී නැත. එහිදී මතක තබාගත යුතු කාරණය වන්නේ, දකුණු කොරියානු සාර්ථකත්වය සඳහා ආරම්භයේදී පමණක් අධිකාරී තන්ත්‍රයක් භාවිත වී ඇති බවත්, උතුරු කොරියාව එදා සිට අද දක්වාමත් පවතින්නේ එවැනි ආඥාදායක ක්‍රමයක් යටතේ බවත් ය. එසේ තිබියදීත් ඔවුන් අසාර්ථක වී ඇත.

මේ කියන රටවල් දෙකටම, එනම් දකුණු කොරියාවට සහ උතුරු කොරියාවට ඇත්තේ එකම සංස්කෘතික සහ ඓතිහාසික පසුබිමකි. එයින් එක් රටක් (දකුණ) ඉහළට ගිය අතර අනිත් රට (උතුර) පහළට ගියේය. එයින් පෙනී යන්නේ, සාර්ථකත්වයේ රහස අධිකාරීවාදී පාලන තන්ත්‍රයක පැවැත්ම නොවන බවත්, සංවර්ධනය පිළිබඳ වෙනත් සාධක ඊට බලපාන බවත් ය. එම සාධක නොමැතිව රටක් ඒකාධිපති වුවත්, ප්‍රජාතන්ත්‍රවාදී වුවත් සංවර්ධනයක් අත්කරගත නොහැක්කේය.

නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කරගැනීමේ සහ දේපළ අයිතීන් ආරක්ෂා කරගැනීමේ ඇති වැදගත්කම

ඉහත කී සාධක අතරින්, රටක නීතියේ ආධිපත්‍යයේ බල සීමාව යටතේ දේපළ අයිතීන් සුරක්ෂිත කරගැනීම අතිශය වැදගත්කමක් ගනී. ඉන්දියාවේ ඉන්දිරා ගාන්ධිත්, ලංකාවේ සිරිමාවෝ බණ්ඩාරනායකත් එක පැත්තකින් පුද්ගල දේපළ අයිතිය උල්ලංඝණය කළ අතර අනිත් පැත්තෙන් නීතියේ ආධිපත්‍යයේ වැදගත්කම බරපතල ලෙස නොතකා හැරියේය. ඉන්දිරා ගාන්ධි බැංකු ජනසතු කළාය. පෞද්ගලික සමාගම්වල නිෂ්පාදන සැලසුම් කෙරෙහි දරුණු සීමාවන් පැනෙව්වාය. ආර්ථිකය කළමනාකරණය කිරීම රාජ්‍ය කේන්ද්‍රීයව මධ්‍යගත කළාය. එසේම, සමස්ත හදිසි නීති පාලනයක් යටතේ මිනිස් ප්‍රාග්ධනය තුළ ඵලදායීව ආයෝජනය කිරීමට අසමත් වූවාය.

ඒ ආකාරයටම සිරිමාවෝ බණ්ඩාරනායකත්, වතු ජනසතුවේ සිට ‘බුරියානි’ කඩයක් පවා ජනසතු කළාය. දැඩි ආනයන අපනයන සීමාවන් ඇති කොට, රාජ්‍ය අංශය ව්‍යාප්ත කරමින් පෞද්ගලික ව්‍යවසායකත්වය මරා දැම්මාය. අනිත් අතට, සාර්ථකත්වය අත්කරගත් සිංගප්පූරුව සහ දකුණු කොරියාව යන රටවල් දෙකම ජනතාවගේ දේපළ අයිතිය ආරක්ෂා කෙළේය. ඒ අනුව, වැඩි වැඩියෙන් ආයෝජනය කොට නිෂ්පාදන ධාරිතාව වැඩි කරමින් කටයුතු කිරීමේ දිරිගැන්වීම පෞද්ගලික අංශයට එම රටවල් දෙකම ලබා දුන්නේය.

රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ කැරැට්ටුව

පළමු රූප සටහනින් පෙන්වා දෙන පරිදි, 2015-2019 අතර රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව, වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී දිසාවට යොමු වූ පාලනයක් වෙතත්, අත්කරගෙන ඇති ආර්ථික ප්‍රගතිය සෑහීමකට පත්විය හැක්කක් නොවේ. ඊට ප්‍රධාන වශයෙන් හේතුකාරක වී ඇත්තේ, එක් පැත්තකින් ආර්ථික කළමනාකරණයේ අඩුවත්, අනිත් පැත්තෙන් නීතියේ ආධිපත්‍යය පිළිබඳ නොතැකීමත් ය.

ආර්ථික කළමනාකරණය පැත්තෙන් ගත්තොත්, සමස්ත ආර්ථිකය අරා රජයන ජාතික සැලැස්මක් ඇති කරගන්නවා වෙනුවට සියලු ආර්ථික තීරණ ගැනුණේ කුඩා කණ්ඩායමක් කේන්ද්‍ර කරගනිමිනි. අගමැතිවරයාගේ සභාපතිත්වය යටතේ පැවති “ආර්ථික කළමනාකරණය පිළිබඳ කැබිනට් කමිටුව” යටතේ ඔවුන් ඒකරාශී වී තිබුණි. ඒ මගින් කෙරුණේ, සාර්ව දෘෂ්ටි කෝණයකින් සමස්ත ආර්ථිකය දෙස බලනවා වෙනුවට ක්ෂුද්‍ර ආර්ථික ප්‍රශ්නවලට ආමන්ත්‍රණය කෙරෙන ‘ගිනි නිවන හමුදාවක’ ආකල්පයෙන් කටයුතු කිරීමයි.

නීතියේ ආධිපත්‍යය සම්බන්ධයෙන් ගත්තොත්, කුප්‍රකට බැඳුම්කර වංචාවට අදාළව පැවැත්වුණු ජනාධිපති කොමිසම ඉදිරියේ සාක්ෂි මගින් නිරාවරණය වූ පරිදි, නීතියේ හස්තයට ළඟා විය නොහැකි ඇතැම් සමාජ කොටස් සක්‍රීයව සිටි ඇති බව හෙළි විය. එසේ වන විට සිදුවන්නේ, දීර්ඝ කාලීන ඵලදායී ආයෝජනයන් සඳහා ඉදිරිපත් වීමට සෙසු පෞද්ගලික ව්‍යාපාරිකයන් බිය වීමයි.

නීතියේ ආධිපත්‍යයට ගරු කරන සහ දේපළ අයිතීන් සුරකින පාලකයෙකු ඉල්ලා සිටින්න

ඉතිං, අද සිටින තත්වයේ හැටියට අපට අවශ්‍ය කරන්නේ ලංකාව ගලවාගත හැකි දරදඬු පාලකයෙකු නොව, නීතියේ ආධිපත්‍යය සහ ජනතාවගේ දේපළ අයිතීන් සුරකින ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙකි. එසේ වුවහොත්, මහන්සි වී වැඩ කිරීමටත්, ආයෝජනය කොට එහි ඵලදාව භුක්ති විඳීමටත් කාටත් හැකි වන්නේය

*2019 සැප්තැම්බර් 23 වැනි දා ‘කලම්බු ටෙලිග්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ The Demand For A Dictator Is On The Rise & It Is A Dangerous Sign නමැති ලිපියේ සිංහල පරිවර්තනය යහපාලනය ලංක

ඒකාධිපතියෙකු ඉල්ලා සිටීම වැඩි වෙමින් තිබීම භයානක ලක්ෂණයකි –I

Print Friendly, PDF & Email

Latest comments

  • 2
    0

    ඔබ නිවැරදියි, නමුත් ජනාධිපති අපේක්ෂකයා ඒකාධිපතියෙක් නොව ෆැසිස්ට්වාදියෙකි. ඔහු තම අණට විරුද්ධ ඕනෑම කෙනෙකුව මරා දමයි. ඔහු අනුකම්පා විරහිත ය. ඔහු එය ඔප්පු කර ඇත්තේ අහිංසක මිනිසුන් killing ාතනය කිරීමෙනි. සමහරු ආරක්ෂිත ගමනාන්ත සඳහා රට හැර ගියහ. මේ සියල්ලන්ගේ මතකයන් අතරින් දවසේ කනගාටුදායකය. මිනිසුන් විද්‍යාගාර මීයන් මෙන් සාදා ඇත. ඔවුන් ඉදිරියේ ඇති අන්තරාය ගැන ඔවුන් සැලකිලිමත් වන බවක් නොපෙනේ. ඔවුන් යටත් කරගනිමින් ඉදිරියට යති. ඡන්දය උදුරා ගැනීම කෙරෙහි අවධානය යොමු කරන විකෘති තොරතුරු හැර වෙනත් විකල්පයක් ජනතාවට ලබා නොදේ. මාධ්‍ය මාෆියාව හසුරුවනු ලබන්නේ ෆැසිස්ට් පවුල විසිනි. එබැවින් සමාජය පිළිබඳ මතය සත්‍යයන්ගෙන් තොරය. රාජකප්ස්කේස් පමණක් ගැලවුම්කරුවා යැයි ඔවුන් විශ්වාස කරන්නේ කෙසේද?ඔබ නිවැරදියි, නමුත් ජනාධිපති අපේක්ෂකයා ඒකාධිපතියෙක් නොව ෆැසිස්ට්වාදියෙකි. ඔහු තම අණට විරුද්ධ ඕනෑම කෙනෙකුව මරා දමයි. ඔහු අනුකම්පා විරහිත ය. ඔහු එය ඔප්පු කර ඇත්තේ අහිංසක මිනිසුන් killing ාතනය කිරීමෙනි. සමහරු ආරක්ෂිත ගමනාන්ත සඳහා රට හැර ගියහ. මේ සියල්ලන්ගේ මතකයන් අතරින් දවසේ කනගාටුදායකය. මිනිසුන් විද්‍යාගාර මීයන් මෙන් සාදා ඇත. ඔවුන් ඉදිරියේ ඇති අන්තරාය ගැන ඔවුන් සැලකිලිමත් වන බවක් නොපෙනේ. ඔවුන් යටත් කරගනිමින් ඉදිරියට යති. ඡන්දය උදුරා ගැනීම කෙරෙහි අවධානය යොමු කරන විකෘති තොරතුරු හැර වෙනත් විකල්පයක් ජනතාවට ලබා නොදේ. මාධ්‍ය මාෆියාව හසුරුවනු ලබන්නේ ෆැසිස්ට් පවුල විසිනි. එබැවින් සමාජය පිළිබඳ මතය සත්‍යයන්ගෙන් තොරය. රාජකප්ස්කේස් පමණක් ගැලවුම්කරුවා යැයි ඔවුන් විශ්වාස කරන්නේ කෙසේද?ඔබ නිවැරදියි, නමුත් ජනාධිපති අපේක්ෂකයා ඒකාධිපතියෙක් නොව ෆැසිස්ට්වාදියෙකි. ඔහු තම අණට විරුද්ධ ඕනෑම කෙනෙකුව මරා දමයි. ඔහු අනුකම්පා විරහිත ය. ඔහු එය ඔප්පු කර ඇත්තේ අහිංසක මිනිසුන් killing ාතනය කිරීමෙනි. සමහරු ආරක්ෂිත ගමනාන්ත සඳහා රට හැර ගියහ. මේ සියල්ලන්ගේ මතකයන් අතරින් දවසේ කනගාටුදායකය. මිනිසුන් විද්‍යාගාර මීයන් මෙන් සාදා ඇත. ඔවුන් ඉදිරියේ ඇති අන්තරාය ගැන ඔවුන් සැලකිලිමත් වන බවක් නොපෙනේ. ඔවුන් යටත් කරගනිමින් ඉදිරියට යති. ඡන්දය උදුරා ගැනීම කෙරෙහි අවධානය යොමු කරන විකෘති තොරතුරු හැර වෙනත් විකල්පයක් ජනතාවට ලබා නොදේ. මාධ්‍ය මාෆියාව හසුරුවනු ලබන්නේ ෆැසිස්ට් පවුල විසිනි. එබැවින් සමාජය පිළිබඳ මතය සත්‍යයන්ගෙන් තොරය. රාජකප්ස්කේස් පමණක් ගැලවුම්කරුවා යැයි ඔවුන් විශ්වාස කරන්නේ කෙසේද?

  • 1
    0

    රටක, බහුතරයක් මිනිසුන් අන්ධයන් බවට පත් කර ඇත .. ඔවුන්ගේ දේශපාලන පැවැත්මට පක්ෂව, ඔවුන් ඉහළ අපරාධ කළත්, ජනතාව ඔවුන්ට එරෙහිව නැගී නොසිටිනු ඇත. මිනිසුන් ඔවුන්ගේ ව්‍යාජ හැකියාවන් ගැන පුනරාවර්තනය කරන ලද පුනරාවර්තනයන් හාස්‍යයට සමාන ය. පහර දෙන්නා විසින් මෙහෙයවන ලද ජර්මනියේ දවස්වල, මිනිසුන් ඔහුගේ වහලුන් වන තෙක් ඔවුන්ගේ ගුවන් විදුලි යන්ත්‍ර නැවත නැවතත් විකාශය විය. එය ගොබෙල්ස් න්‍යාය ලෙස හැඳින්වේ. … අද කිම් ජොන්ග්ගේ උතුරු කොරියාව හැසිරෙන්නේ හිට්ලර්ගේ ආකාරයටමයි. රාජපක්ෂේ අපරාධකරුවන් ප්‍රශ්න කළහොත්, එම මාධ්‍ය ආයතන පැය 24 පුරාම පැහැරගැනීම් හා හිංසාවන්ට මුහුණ දෙනු ඇත. පාතාලය මෙහෙයවනු ලබන්නේ රාජපක්ෂගේ ආධාරකරුවන් විසිනි. රාජාක්ෂස් ආධාරකරුවන්ගෙන් බහුතරයක් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ මීට පෙර නීතිවිරෝධී භාණ්ඩ රට තුළට ආනයනය කළ ඉහළ ව්‍යාපාරිකයන් ය. මත්ද්‍රව්‍ය ජාවාරම පමණක් නොව ග්ලයිපොසයිට් වැනි කෘෂි රසායනික ද්‍රව්‍ය ද ඊට ඇතුළත් ය. දුප්පත් තරුණ ගොවියාට ඔවුන්ගේ ජීවිත ගෙවීමට සිදු වූ නමුත් නව රජය විසින් ග්ලයිපොසැට් ආනයනය තහනම් කරන තෙක් රාජාක්ෂේ අපරාධකරුවන් එය නතර කළේ නැත.

Leave A Comment

Comments should not exceed 300 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically shut off on articles after 10 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.