25 April, 2024

Blog

වැලිවෙරියට හමුදාව යැවුවේ මම: ඇත්ත වශයෙන්ම අප හා වැලිවේරිය සිදු වීමේ සම්බන්ධය කුමක්ද ? – බොදු බල සේනා

බොදු බල සේනා මාධ්‍ය නිවේදනය –

බොදු බල සේනා ඉතාමත් කෙටි කාලයකදී ජනතාව අතර ජනප්‍රිය වුත්, සමාජගතවුත් සංවිධානයක්. මේ  සඳහා සිංහල බෞද්ධ සමාජය තුල තිබෙන සමාජ ප්‍රාග්ධනය අතිශය තීරණාත්මක සාධකයක් වුනා.  බොදු බල සේනා ඉදිරිපත්කල  නව ජාතික පුනරුද ව්‍යාපාරයේ  වැඩපිළිවෙල මෙම සමාජ ප්‍රාග්ධනය යොදා ගනිමින් සමාජගත කිරීම සඳහා මාධ්‍ය විසින් කරනු ලැබූ කාර්යභාරය අතිශය අගයකිරීමකට ලක් කල යුතු වෙනවා. මෙහිදී ඉතා සුළු පිරිසක් සිංහල ජන මාධ්‍ය ඔස්සේත්, විශේෂයෙන් ජාතික හා ජාත්‍යන්තර ඉංග්‍රීසි ජනමාධ්‍ය ඔස්සේ අප වැඩ පිළිවෙල දුර්වල කරන්නටත්, අපට එරෙහි වන්නටත් කුමන්ත්‍රණ කරන බව ප්‍රසිද්ධ රහසක්. ඒ කෙසේ වුවත් ලක්ෂ ගණනින් අප වටා රොක්වන ජනතාව මෙම කුමන්ත්‍රණ ඉදිරියේ අපට ඇති පැරදවිය හැකි ශක්තියක්.

මෙවැනි පරිසරයක් තුල රතුපස්වල සිදු වූ , අප විශ්වාස කරන ලෙස සිදු නොවීය යුතුව තිබු  “වැලිවේරිය රතුපස්වල” අවාසනාවන්ත සිද්ධිය සම්බන්ධව , විශේෂයෙන් මෙහිදී අප නිහඩ ඇයි දැයි කරනු ලැබූ මාධ්‍ය විමසුමක් අවසන් වුයේ  “වැලිවෙරියට හමුදාව යැවුවේ මම” නමින් එක්තරා ඉංග්‍රීසි පුවත්පතක  2013 අගෝස්තු 5 දින පළවූ ශිර්ෂ පාඨයයි.  බොදු බල සේනාවේ මහා ලේකම් හිමියන් මෙසේ ප්‍රකාශ කරන ලදැයි කරනු ලැබූ මෙම ශීර්ෂය පරිවර්තන දෝෂයක් බව එම මාධ්‍ය හා එහි අයිතිකරුවන් ප්‍රකාශ කිරීම ඇත්තෙන්ම හාස්‍ය ජනකය. රටේ ජාතික පුවත්පතක පරිවර්තකයින් මෙසේ පරිවර්තනය කිරීම විශාල ගැටලුවකි. එමෙන්ම ජාතික පුවත්පතක ශීර්ෂය දමන්නේ පරිවර්ත්කයින්ද යන්න තවත් ගැටලුවකි. අනෙක් ගැටලුව වනුයේ මෙහි කතෘ කෙනෙක් නොමැතිද යන්නය. වෘත්තීය මාධ්‍යවේදීන්  ව්‍යාපාරිකයින්ගේ හා දේශපාලකයින්ගේ න්‍යායපත්‍ර වලට වැඩ කිරීම හරහා ශ්‍රී ලාංකීය පාඨකයා මෙම මාධ්‍ය මාෆියාවේ සිර අඩස්සියේ සිටීමට සිදු වීම ජාතියේම අවාසනාවකි. විශේෂයෙන්ම මෙම පුවත්පතේ කතෘ වරිය සිංහල බෞද්ධ විරෝධී වෙනත් ආගමික අන්තවාදයක ඒජන්තවරියකද යන්න අප සියලු දෙන සොයා බැලිය යුතුය.

කෙතරම් ප්‍රභල ජන බලයක් තිබුනද භික්ෂුන් වහන්සේ කෙනෙකුට යම් ස්ථානයකට හමුදාව යැවිය නොහැකි බව ඕනෑම ළදරුවකට පවා තේරුම් ගත හැකිය.  ඒ බව මෙම මාධ්‍ය ප්‍රධානීන්ද නොදන්නවා නොවේ. සිංහල පුවත්පත්වල මෙම ශිර්ෂය නොදා ඉංග්‍රීසි පුවත්පතක දමන්නේ අහම්බෙන් නොවේ.  ඉංග්‍රීසි පුවත් පත් තිබෙන්නේ මේරටේ ජනතාව සඳහාම නොවේ. තානාපති නිලධාරීන්, ජාත්‍යන්තරය මොවුන්ගේ ගොදුරුය. බොදු බල සේනා යනු ත්‍රස්ත සංවිධානයක් බවත්, එය බෞද්ධ තලේබාන්වරු බවත් නිර්මාණය කලේ ඔවැනි මාධ්‍ය විසිනි. රජය හා ආරක්ෂක ලේකම් බොදු බල සේනාවට සහය පල කරන බව නිර්මාණය කලේ ඔවැනි මාධ්‍ය විසිනි.

බෞද්ධකම හා බෞද්ධ භික්ෂුන් වහන්සේලා අපකීර්තියට පත් කිරීමට TIME සඟරාව කල ජාත්‍යන්තර කුමන්ත්‍රණයට උඩ ගෙඩි  දෙන මෙවැනි  මාධ්‍ය අද ශ්‍රී ලාංකීය සමාජය තුල නැගී සිටින සිංහල බෞද්ධ ව්‍යාපාරය නසා දමන්නටත්, භික්ෂු ප්‍රතිරූපය කෙලෙසීමටත් කටයුතු කරන බව අපට නොරහසකි. ඒ අනුව මෙම පරිවර්තන දෝෂ නම්වූ මාධ්‍ය නාටකයේ අරමුණු කිහිපයක් තිබිය හැක.

1) රතුපස්වල සිද්ධියේ නැගී එන විරෝධය තුලින් බොදු බල සේනා ජනප්‍රියත්වය විරෝධයක් බවට හැරලීම

2) පොදුවේ බොදු බල සේනාවට එක්විය හැකි මධ්‍යම පන්තික පිරිස් අපගෙන් ඈත කිරීම

3) බොදු බල සේනා මගින් ආරක්ෂක හමුදා ලවා පහර දිය හැකි බවට බොරු හැඟීමක් මුස්ලිම් ජනය අතර පතුරවා සමාජ බෙදුම් වාදයක් ඇති කිරීම

4) බොදු බල සේනා හා බෞද්ධ ව්‍යාපාරයටත්, බෞද්ධ භික්ෂුවටත් වැරදි ප්‍රතිරූපයක් ජාතිකවත්, ජාත්‍යන්තරවත් නිර්මාණය කිරීම.

5) ශ්‍රී ලංකා රජය, ආරකෂක අමාත්යංශය, ආරක්ෂක ලේකම් වරයා හා ආරක්ෂක හමුදාවේ ප්‍රතිරුපය විකෘති කිරීම.

6) මෙවැනි කොන්ත්‍රාත්තු මගින් ජාතික හා ජාත්‍යන්තර කුමන්ත්‍රණ කිරීම හා ප්‍රතිලාභ ආකර්ෂණය කර ගැනීම

ඇත්ත වශයෙන්ම අප හා වැලිවේරිය සිදු වීමේ  සම්බන්ධය කුමක්ද ?

වැලිවේරියේ සිදු වෙමින් පවතින විරෝධතා පිළිබඳ අප මාධ්‍ය මගින් දැන ගත අතර ජනතාවගේ ජල අවශ්‍යතාව පිළිබඳ අපද සංවේදී වූයෙමු. එහෙත් යම් පාර්ශවයක් ආරම්භ කල සටන් වලට ගොස් ලකුණු දමා ගැනීම හෝ මාධ්‍ය ප්‍රදර්ශන  කිරීම හෝ ඒ මගින් දේශපාලන හෝ වෙනත් අරමුණු සඳහා උසි ගැන්වීම් කිරීම අපගේ ක්‍රමවේදය නොවන නිසා අප මේ ගැන සුපරික්ෂාකාරීව බලා සිටියෙමු. මෙම ජලය අපවිත්‍ර හෝ විෂ වීම පිළිබඳ විද්‍යාත්මක කරුණු වල වැදගත්කමද අපගේ අවධානයට් යොමු වුයේ රසායනික පොහොර භාවිතය නිසා දිනපතා වකුගඩු රෝගයට හා අන් රෝග වලට ලක් වෙන හා මියයන පිරිස් ගැන අප දන්නා නිසාවෙනි. පසුගිය සති කිහිපයකදීම නිවාස මට්ටමේ ජල පවිත්‍ර කිරීමේ ක්‍රම පිළිබඳ සොයමින් සිටියෙමු. උද්ගෝෂණ කිරීම් මෙන්ම විසදුම්ද ලබා දීම පිලිබඳ අප හැමවිටම කටයුතු කරන්නෙමු.

විරෝධතා සිදු වී දින කිහිපයක් ගත වෙද්දී අප කාර්යාලයට දුරකතනයෙන් කතා කල භික්ෂුන් වහන්සේලා හා ගිහි පිරිසක් මෙම විරෝධතා වල පාලනය කර නොහැකි තත්වයක් ඇති බවත් මෙයට බොදු බල සේනා මැදිහත් වී රජය සමගද සාකච්ජා කොට ඉක්මන් විසදුමක් ලබා දෙන ලෙස ඉල්ලා සිටයේය. එහිදී මහනුවර මහනායක හිමියන් බැහැදැකීමට ගොස් සිටි අප ලේකම් හිමියන් දැනුවත් කල අතර ඒ අනුව කොළඹට එන අතර තුර මේ ගැන සොයා බැලීමට නිහඩව කටයතු කරන ලදී. එහිදී ජල ප්‍රශ්නය නිසා ජනතවගේ දෛනික ජීවන කටයුතු අඩාල වීම, මෙම විරෝධයට වගකිවයුතු ප්‍රාදේශීය දේශපාලකයින් හා නිලධාරීන් ප්‍රමාණාත්මකව හා ගුණාත්මකව මැදිහත් නොවීම, ජලය අපවිත්‍ර වීම පිළබඳ විද්‍යාත්මක කරුණු සොයා ගැනීම් ප්‍රමාද වීම, මෙම විරෝධය ගැටළු කාරී  තත්වයක් බවට පත් කිරීමට විවිධ බලවේග උත්සහ ගැනීම, හා කල්පනාකාරී නොවන කලහකාරී පිරිස් මෙම ගැටලුව මැදට පන සිටීම් හා විශේෂයෙන් පාලනයකින් තොරව විවිධ කණ්ඩායම් කටයුතු කිරීම් පිලිබඳව ජනතාව අපව දැනුවත් කොට මේ සඳහා ආරක්ෂක අමාත්‍යංශය පිලිබඳ ඔවුන් විශ්වාස කරන බැවින් එවැනි  මැදිහත්වීමකට අපගේ සහය ඉල්ලා සිටින ලදී. ඒ අනුව මෙම ගැටලුවට සම්බන්ද පාර්ශවයන් වන ගම්වැසියන්, අදාළ සමාගම් හා රජයේ නිලධාරීන්ගේ රැස්වීමක් පවත්වා අනවශ්‍ය ගැටුම් වලින් තොරව සාකච්ඡාවෙන් හා සම්මුතියෙන් මෙම ගැටලුව  නිරාකරණය කිරීම සඳහා ආශිර්වදත්මකව වගකිවයුතු බෞද්ධ සමාජ සංවිධානයක් ලෙස අනුශාසසන කොට මහියංගනයේ පැවැත්වීමට සැලසුම් කර තිබු බොදු මහා සමුළුවට සභාගී වීම සඳහා 2013 අගෝස්තු මස 1 උදේ වරුවේ කොළඹින් පිටත් වූයෙමු. මේ බව අප ලේකම් හිමියන් විසින් මාධ්‍යයට කල ප්‍රකාශය “වැලිවේරියට හමුදාව යැවුවේ මම” ලෙස පරිවර්තනය වීමත්,  එවෙලේම දේශීය හා විදෙශීය වෙබ් අඩවි වල පල වීමත්, ෆේස්බුක් වැනි සමාජ ජාල වල පල වීමත් අහම්බෙන් සිදු නොවන බව අප දනිමු. මෙවැනි මාධ්‍ය වලට අප දැනුම් දෙන්නේ මෙවැනි කටයුතු ඉදිරියටත් කළහොත් සිදු වන්නේ ජනතාව විසින් සමාජ වාරණයක් ඇති කිරීම වැලක් විය නොහැක.

බොදු බල සේනා විසින් මහියංගන පුජා භූමියේදී  ලක්ෂයක් දරුවන් බිහි කොට ජාතියට පුජා  කිරීමට “ආර්ය දරුවෝ” වැඩපිළිවෙල දියත් වෙද්දී අපේම දරුවන් අපේම අයගේ වෙඩි පහරින් මිය යාම අවාසනාවකි. කුමන ආගමකට, ජාතියකට අයත්වුවත් කිසිවකුත් ගැටුම් නිසා බිය වීම, තුවාල සිදු වීම හෝ මරණයට පත් වීම අපට අනුමත කල නොහැක. එපමණක් නොව වස විස කා බී ලෙඩ වී අකාලයේ මිය යන, හදිසි අනතුරු නිසා අකාලයේ ලෙඩ වෙන මිය යන, ආදී විවිධ ස්වරුපයෙන් අපට අහිමි වන ජීවිත උපරිම ලෙස රක ගත යුතු මොහොතක් අපි අද ගත කරමින් සිටිමු.  71-89 කලබල වලදී, 30 වසරක යුද්ධයේදී අපට අහිමිවූ ජීවිත අපමණය. පුජ්‍ය  දඹරාවේ රතනසාර හිමි,  වීරසුරිය ඝාතනය ආදී වශයෙන් සිදු වූ හා  එලෙස සිදු වෙමින් පවතින මෙවැනි ගැටළු හා ප්‍රචණ්ඩත්වය අප පිටු දැකිය යුතුය. මෙවැනි සිදු වීම් අපට කිසි ලෙසක අනුමැත කල නොහැකි මෙන්ම මෙවැනි සිදු වීමක් නිසා තිස් වසරක් සාපකරී යුද්ධයෙන් අප මුදවාගත්, වෙඩි තැබීම්, බෝම්බ පිපිරීම් වලින් තොර සමාජයක් නිර්මාණය කල අප සොල්දාදුවන් මෙවැනි සිදු වීමක් තුලින් අපකීර්තියට පත් කිරීමට ද අප ඉඩ ලබා නොදිය යුතුය.

අහන්න මෙතනින් සම්පූර්ණ සාකච්ජාව

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.