25 April, 2024

Blog

ජනාධිපති රාජපක්ෂ ස්වකීය ‘අවිශ්වාසය කැමැත්තෙන් අත්හිටුවීම’

හේමා බස්නායක

හේමා බස්නායක

හේමා බස්නායක

‘‘අවිශ්වාසය අත්හිටුවීම’’ හෝ ‘‘අවිශ්වාසය කැමැත්තෙන් අත්හිටුවීම’’ යන්න අර්ථකථනය කළොත් මෙසේය: ‘‘කෙනෙකුගේ විචාරක ශක්තිය තාවකාලිකව නතර කොට, ඇදහිය නොහැක්ක ඇදහීමට ඇති කැමැත්ත’’ නැතහොත්, ‘‘ප‍්‍රමෝදය සඳහා යථාර්ථය සහ තර්කය කැප කිරීම.’’

මේ අත්දැකීම අප සාමාන්‍යයෙන් අත්විඳින්නේ සිනමා ශාලාවකදී ය. තිරය මත දිග හැරෙන දේවල් සත්‍ය නොවන බව අපි දනිමු. අපේ ඇසට පෙනෙන දේ සැබෑව නොවෙතැ යි සිතුවොත් සිනමා පටය රස විඳීමට අපට නොහැකි වෙනු ඇත. ඒ නිසා, සිනමාව රසාස්වාදය සඳහා විශේෂිත වූ මානසික සංසිද්ධියක් සිනමාහල තුළදී ක‍්‍රියාත්මක වෙයි. එනම්, පේ‍්‍රක්ෂකයා විසින් ‘‘කැමැත්තෙන්ම අවිශ්වාසය අත්හිටුවනු ලැබීමයි’’

මෑතකදී බොදුබල සේනාවේ වර්ගවාදී සහ රස්තියාදුකාර හැසිරීම අප නැරඹුවේ එවැනි මානසිකත්වයකිනි: බොදුබල සේනා කි‍්‍රයාකලාපයේ ඇදහිය නොහැක්ක අදහන්නට අපට සිදුවිය. 83 කළු ජුලියෙන් පසු නැවත වරක් රටේ නාමය කෙළෙසෙන තෙක් ජනාධිපතිවරයා ද, එයින් ප‍්‍රමෝදයට පත්වන්ට ඇත. සිනමා පටය දැන් අහවර ය: අවාසනාවට, ජීවිත ගණනක් නැති වී දේපළ ද විනාශ වී අහවරයි. එය, කළු ජුලිය යළි රඟදැක්වීමකි. මෙවර එය සිදුවුණේ, ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ඇල්ම බැල්ම යටතේ, ජුනි මාසයේ කළු ඉරිදාවක ය.

මෑත අතීතයේ, විශේෂයෙන් යුද්ධයේ ජයග‍්‍රහණයෙන් පසුව, ජනාධිපතිවරයා සහ සමහර විට ආරක්ෂක ලේකම්වරයා ද ඇතුළු සිංහල බහුතරය බොදුබල සේනාවේ ක‍්‍රියාකලාපය ඉදිරියේ හැසිරුණේ චිත‍්‍රපටියක් නරඹන ආකාරයෙනි. අපේ තාර්කික ඥානය සිය කැමැත්තෙන් පැත්තකින් තැබූ අපි නොඇදහිය හැක්ක ඇදහූවෙමු. එනම්, වාර්ගික සංහිඳියාවට බොදුබල සේනාව තර්ජනයක් නොවන බවත්, රට වෙනුවෙන් ඔවුන් කරන මෙහෙවර වැදගත් බවත් අපි විශ්වාස කෙළෙමු. ඔවුන්ගේ හැසිරීම අද වන විට ජීවිත තුනක් බිළි ගෙන ඇත. ඒ අතර අතදරුවෙක් ද විය. 83 කළු ජුලිය වාගේම, නැවතත් රටේ කීර්ති නාමය පළුදු විය. මේ රට, ආගමික හෝ වාර්ගික සුළුතරයන්ට නුසුදුසු තැනකැ යි ජාත්‍යන්තර ප‍්‍රජාවෙන් බොහෝ දෙනාට දැන් සිතෙනු ඇත.

ඒ වන විටමත් ඇතිව තිබූ විනාශය තවත් තීව‍්‍ර කරමින් බොදුබල සේනාවේ ඥානසාර, රටත් සිංහල ජනතාවත් නැවත වරක් පාවා දෙමින් මාධ්‍යයට මෙසේ ද කීය: ‘‘ඇති වෙච්ච ප‍්‍රචණ්ඩත්වයට අපි හවුල් නැහැ. ඒක සිංහල සහ මුස්ලිම් අන්තවාදීන් අතර ඇති වෙච්ච ගැටුමක්.’’ මේ මගින් ඔහු ලෝකයාට කීවේ, සිංහලයන් අන්තවාදීන් බව ය. සිංහල-බෞද්ධ අන්තවාදීන් රටේ සිටින බව ය. මුළු රටම මේ මතය ප‍්‍රතික්ෂේප කරන බවට සැකයක් නැත. සුළු ජාතීන් පවා එය ප‍්‍රතික්ෂේප කරනු ඇත. නූතන සිංහල-බෞද්ධ අන්තවාදය, ඉහළ පෙළේ පරිපාලකයෙකුගේ දේශපාලනික ව්‍යාපෘතියකි. ලෝක ඉතිහාසයෙන් අප දන්නා පරිදි, දේශපාලනික පෝරිසාදයන්ට තමන්ගේ කෑදර දේශපාලනික ඉලක්ක අත්පත් කර ගැනීම සඳහා ‘අඩු මට්ටමේ ගැටුම්’ පවත්වාගෙන යාමට අවශ්‍ය කෙරේ. එහි දී අහිංසක සිවිල් ජනතාවට වෙන නස්පැත්තිය ඔවුන්ට ප‍්‍රශ්නයක් නොවේ.

‘‘ජීවිතයට ඇති අයිතිය අනිත් සෑම අයිතියකටම වඩා වැදගත්’’ යැයි ජනාධිපතිවරයා උජාරාවෙන් කියයි. ඔහුගේ අභිනයන් සහ මුහුණේ හැඟීම්වලින් පෙන්නුම් කෙළේ එය ඔහු සැබවින්ම විශ්වාස කරන බවකි. බියකින් තොරව නිදහසේ ජීවත් වීම යනුවෙන් තමන් විශ්වාස කරන දෙය, 66 වැනි නිදහස් සමරු උළෙලේ දී බුදුන් වහන්සේවත් සාක්ෂියට ගනිමින් ඔහු සාඩම්බරයෙන් ඉදිරිපත් කෙළේය.

ඇත්තෙන්ම එය ඔහුගේ සැබෑ විශ්වාසය ද? ලංකාවේ ජීවත් වන අය සේම ජාත්‍යන්තර ප‍්‍රජාවත්, අළුත්ගම මුස්ලිම්-විරෝධී ප‍්‍රහාරයෙන් පසු, ජනාධිපතිවරයා කියන දේවල් ඔහුමත් විශ්වාස කරති යි නොසිතනු ඇත. එහෙත් වෙනත් විදිහකින් අපි ඒ ගැන හිතමු. අඩු වශයෙන්, ශ‍්‍රී ලාංකිකයන්ගෙන් බහුතරයකුත්, සුළුජාතීන්ගෙන් සෑහෙන පිරිසකුත්, ඔහු තමන් කියන දේවල් ඇත්තෙන්ම විශ්වාස කරතියි සිතති. එසේ නම්, මුස්ලිම්-විරෝධී ජාතිවාදී ප‍්‍රචණ්ඩත්වය, වෙනත් බොහෝ දෙනා පෙරදැක තිබියදී ඔහු පමණක් කල් තියා නොදැක්කේ ඇයි?

බොහෝ වෘත්තිකයන්, ලේඛකයන් සහ ආණ්ඩුවේම ඇමතිවරුන් පවා බොදුබල සේනාවේ ක‍්‍රියාකලාපයන් 1983 ඇති වූ තත්වයට සමාන ප‍්‍රතිවිපාක ඇති කළ හැකි බව පෙන්වා දී තිබුණි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය පවා ඒ ගැන කල්තියා අනතුරු අඟවා තිබුණි. ඒ සියල්ල මැද්දේ, අනතුර පැහැදිළි යථාවක් සේ හැම පැත්තකින්ම පෙනෙන්ට තිබුණි. එහෙත් ජනාධිපතිවරයා එය නොදැක්කේය. ඔහු ස්වකීය ‘අවිශ්වාසය කැමැත්තෙන්ම අත්හිටුවා’ සිටියේය. එසේ අවිශ්වාසය කැමැත්තෙන් අමතක කිරීමට ජනාධිපතිවරයාව පෙළඹවූයේ කවුද?

ජුනි 15 වැනි ඉරිදා බොදුබල සේනාව විසින් අළුත්ගම දී රැුස්වීමක් පවත්වන තෙක් එම ප‍්‍රදේශයේ කිසි වාර්ගික ගැටුමක් ඇතිව තිබුණේ නැත. එම රැුස්වීමේ දී ඥානසාර බෙරිහන් දුනි: ‘‘එක මරක්කලයෙක් හරි සිංහලයෙකුට අතක් තිබ්බොත් ඒක උංගේ අවසානය’’ රැුස්වීම අවසන් වූ වහාම, ඥානසාර කී ආකාරයෙන් සිංහලයෝ කටයුතු කරන්ට වූහ. ඔවුහූ ගල්මුල්වලින් ගැසූහ. කොල්ලකෑහ. මුස්ලිම් දේපලවලට ගිනි තැබූහ. මුස්ලිම් ජාතිකයන්ව ඝාතනය කළහ. සමස්ත මාධ්‍ය මේ සම්බන්ධයෙන් වාරණයකට යට කෙරුණි.

බොදුබල සේනාවට රැුස්වීමක් පැවැත්වීමට දීමේ අවදානම හොඳින්ම දුටු අළුත්ගම පොලිස් ස්ථානාධිපතිවරයාට එය නතර කිරීමට හෝ අඩු වශයෙන් රැුස්වීම වෙනත් තැනකට මාරු කැරැුවීමට හෝ අවශ්‍ය විය. දැන් ආරංචි වන විදිහට, ‘කිසිවක් සිදු නොවන’ බවට යම් පිරිසක් ඔහුට සපථ කොට තිබේ. සාධාරණ පොලිස් නිලධාරියෙකු වන ඔහු, ‘අවිශ්වාසය කැමැත්තෙන් අත්හිටුවීමට’ නොව, ‘අවිශ්වාසය අකමැත්තෙන් අත්හිටුවීමට’ තල්ලූ කෙරුණු පුද්ගලයෙකි. එසේ කිරීමට ඔහුව තල්ලූ කළෝ කවරහුද?

පළාතේ සිදුවන දේවල් පිළිබඳව සිය නිලධාරීන් මාර්ගයෙන් තොරතුරු සොයාගත් පොලිස්පතිවරයා ද කලබලයට පත්ව සිටි බව මාධ්‍ය වාර්තා කරයි. එම නිලධාරීන් මේ රැුලිය නතර කිරීමට ඔහුගේ අනුමැතිය පතා තිබේ. ඒ අනුව පොලිස්පතිවරයා උපදෙස් ගෙන ඇත්තේ ආරක්ෂක අමාත්‍යාංශ නිලධාරීන්ගෙනි. ඔවුන් ද ‘කිසිවක් සිදු නොවන’ බවට පොලිස්පතිවරයාට සපථ කරන්නට ඇත. එබැවින් ඔහු ද අකමැත්තෙන් තමන්ගේ සැකය පැත්තකින් තිබ්බා විය හැකිය. එසේ කිරීමට ඔහුව පෙළඹවූවෝ කවරහුද?

ඉහත කී වගකිව යුතු කිසිවෙකු තුළ තිබූ, අවිශ්වාස කිරීමේ නැමියාව කැමැත්තෙන් හෝ අකමැත්තෙන් පසෙකින් තබා, සියල්ල විශ්වාස කිරීමට පෙළඹවූයේ කවුරුන් ද යන්නට පිළිතුරක් මට නැත. එහෙත් ඒ සඳහා හෝඩුවාවක් මට දිය හැක. බාගෙ විට, කැබිනට් ඇමතිවරු ඇතුළු බොහෝ දෙනාට ද ඒ හෝඩුවාව තිබේ. මෑතකදී වාසුදේව නානායක්කාරගේ සම්මුඛ සාකච්ඡුාවක දී කියා තිබුණු පරිදි, වෙන කිසිවෙකුටත් වඩා ජනාධිපතිවරයා ඇහුම්කන් දෙන පුද්ගලයා වන්නේ ගෝඨාභය රාජපක්ෂයි. ජනාධිපතිවරයාගේ අවිශ්වාසය කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් පැත්තකින් තැබීමට පෙළඹවූයේ ඔහු නම්, එයම, පොලිස්පතිවරයා සහ වෙනත් වගකිව යුතු පුද්ගලයන් සම්බන්ධයෙනුත් වඩාත් පහසුවෙන් කිරීමට ඔහුට හැකියාව තිබේ.

ඊට අමතරව ගෝඨාභය රාජපක්ෂ, බොදුබල සේනාව සහ ගලගොඩඅත්තේ ඥානසාර සම්බන්ධයෙන් විශ්වාස කළ නොහැකි දේවල් ගැන විශ්වාසය තබමින්, තමාගේම විචාර ශක්තිය අත්හිටුවා තිබූ බවත් සෘජුවම අප දැක තිබේ. බොදුබල සේනාවේ, බෞද්ධ නායකත්ව ඇකඩමිය වන ‘මෙත් සෙවණ’ විවෘත කිරීමේ ප‍්‍රධාන ආරාධිතයා වුණේ ඔහු ය. එහි දී කතාවක් පවත්වමින් ඔහු කීවේ, ‘‘මේ ව්‍යාපාරයේ කාලීන වැදගත්කම තේරුම් ගැනීමෙන් පසු’’ තමන් එම විවෘත කිරීමේ උළෙලට සහභාගී වීමට තීරණය කළ බව ය. එසේම, ‘‘ජාතික වශයෙන් වැදගත් කාර්ය භාරයක නියැලී සිටින මේ භික්ෂු ව්‍යාපාරය ගැන කවුරුවත් බිය විය යුතු නැති බවත්, සැක කළ යුතු නැති’’ බවත් එහි දි ඔහු කියා සිටියේය.

දැන්, අවසානයේ මහා විනාශයෙන් පසුවත්, ගෝඨාභය තවමත් සිටින්නේ ‘අවිශ්වාසය කැමැත්තෙන් අත්හිටුවීමේ’ මානසිකත්වයක විය හැකිය. ඔහු තවමත් සිටින්නේ සිනමා ශාලාව තුළ චිත‍්‍රපටියක් නරඹමින් විය හැකිය. එහෙත්, සෙසු ශ‍්‍රී ලාංකිකයන් වන අපි එසේ නොවෙමු. මේ කෝලාහලය මගින් ඇති කළ භීෂණය අප ඉදිරියේ සැබෑ යථාවකි. එය රටේ ජාත්‍යන්තර කීර්ති නාමයට කැළලකි.

බොහෝ දෙනා විසින් කල්තියා දැක තිබූ වාර්ගික කැරලිකාරීත්වයක් වැළැක්වීමට අසමත් වීම සුළුපටු වරදක් නොවේ. එවැනි කලකෝලාහලවලින් පෙන්නුම් කරන්නේ රටේ ශිෂ්ට සම්පන්න භාවයේ මට්ටමයි. මා ගෝඨාභය වුණි නම් එම තනතුරෙන් මම ඉල්ලා අස්වෙමි. එය, මගේ ‘අවිශ්වාසය කැමැත්තෙන් අත්හිටුවීමක්’ හෙවත් ගෝඨාභයගෙන් අපේක්ෂා නොකළ යුත්තක් අපේක්ෂා කිරීමකි. මන්ද යත්, ගෝඨාභය එදා උදේ ඉල්ලා අස්වුණේ නම්, හැන්දෑ වන විට බොදුබල සේනාවක් නොපවතින බැවිනි. ? වන විට මුළු රටම සැනසුම් සුසුම් හෙළන බැවිනි.

*2014 ජුනි 19 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ President Mahinda Rajapksa’s Willing Suspension Of Disbelief! නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    3

    This writer හේමා බස්නායක should be charged for rumor mongering. He wrote, “බොදුබල සේනාවේ, බෞද්ධ නායකත්ව ඇකඩමිය වන ‘මෙත් සෙවණ’ විවෘත කිරීමේ ප‍්‍රධාන ආරාධිතයා වුණේ ඔහු ය (Gota).” And that’s a deliberate lie because in spite of reports BBS do not own ‘මෙත් සෙවණ’ academy. Now see the rumor mongering. “දැන් ආරංචි වන විදිහට, ‘කිසිවක් සිදු නොවන’ බවට යම් පිරිසක් ඔහුට සපථ කොට තිබේ.” This writer should be charged for inciting hate.

    මා ගෝඨාභය වුණි නම් එම තනතුරෙන් මම ඉල්ලා අස්වෙමි. Didn’t you read what Gota said publically. He said, he had no affiliation with BBS, if proved he will resign. Go on prove it you can get him to resign.

  • 0
    0

    He had no affiliation with BBS, and he doesn’t have to, because HE IS BBS.
    Uneducated dumbass 7 eleven Gota+Tom Pachaya Chumpuka+Moron Dilantha+Judas Gommanpilla are birds of a feather.

    We don’t want him to resign. He is already retarded.
    An invalid Pissek.
    Let him be there for an another year or so.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.