
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා 2018 නොවැම්බර් 5 වැනිදා පැවැති මහජන රැලියේදී ‘සමරිසි භීතිකාවෙන්’ පෙළෙමින් කරන ලද කතාව සම්බන්ධයෙනි
ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා 2018 නොවැම්බර් 5 වැනිදා සඳුඳා කොළඹ පැවැති මහජන රැලියකදී සමරිසි ප්‍රජාව පිළිබඳව බියකින් පෙළෙමින් අදහස් දැක්වීය. රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පෙරමුණ සමඟ එක්ව ජාතික ආණ්ඩුවක් ගෙන යමින් සිටි ජනාධිපතිවරයා, රනිල් වික්‍රමසිංහ මහතා ජාතික වටිනාකම් ප්‍රතික්ෂේප කරමින් සමනළ ජීවිතයට ඇතුළත් වූ බව ප්‍රකාශ කළේය. ආණ්ඩුවේ ප්‍රධාන තීන්දු තීරණ ගත්තේ ජනාධිපතිවරයා හෝ පක්ෂයේ ප්‍රධානීන් නොව වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ සමනළ රැල යැයි ද එහි පැවැසීය. ජනාධිපතිවරයා මෙම අදහස් පළ කරන ලද්දේ රැලියට රැස්ව සිටි පිරිසගේ අත්පොළොසන් හඬ මධ්‍යයේය. ඔහු එම අදහස් පළ කරන අවස්ථාවේදී වේදිකාවේ සිටි සිරිසේන මහතා විසින් අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කරනු ලැබූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ පිරිස ද සිනාසෙමින් අත්පොළොසන් දුන්හ.
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ රාජ්‍ය නායකයා විවෘතව සමරිසි භීතිකාවක් ව්‍යාප්ත කිරීම සහ එම භීතිකාවට සහාය දක්වමින් කරන ලද ප්‍රකාශය ශ්‍රී ලංකාවේ ‘සමරිසි ප්‍රජාව’ සහ සමරිසි ප්‍රජාවට සහයෝගය දක්වන ජනතාව ලෙස අපි දැඩිව හෙළා දකිමු. ශ්‍රී ලංකාවේ සෑම පුරවැසියකුගේම මූලික අයිතිවාසිකම්, මානව හිමිකම් සහ මානව ආත්ම අභිමානය පිළිබඳව ජනාධිපතිවරයාට කිසිදු කැපවීමක් හෝ හැඟීමක් නැති බව ජනාධිපති සිරිසේන මහතාගේ එම ප්‍රකාශවලින් පෙනී යයි. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටි කාලයේදී සමරිසි භීතිකාවක් ද එය මැඩ පැවැත්වීමක් ද පැවැති තත්ත්වයකදී ශ්‍රී ලංකාවේ ‘සමරිසි ප්‍රජාවේ’ බොහෝමයකගේ ද ඡන්දයෙන් තේරී පත්වූ ජනාධිපතිවරයකු මෙවැනි ප්‍රකාශ කිරීම අතිශය කනගාටුදායක තත්ත්වයකි.
එක්සත් ජාතික පෙරමුණ සමරිසි ප්‍රජාවේ න්‍යාය පත්‍රයකට අනුව කටයුතු කරන බවට එල්ල වූ චෝදනා ප්‍රතික්ෂේප කරන බව ද නැවත වරක් අවධාරණය කළ යුතුය. එක්සත් ජාතික පෙරමුණ ශ්‍රී ලංකාවේ සමරිසි ප්‍රජාවගේ මෙන්ම අනෙකුත් පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් සීමා කිරීමට උත්සාහයන්වල අත්දැකීම් අප සතුව ඇත. සමරිසි මෙන්ම විසම ලිංගික පිරිස්වල මූලික අයිතිවාසිකම් සුරක්ෂිත නොකළ, නොසලකා හැරී අවස්ථාවලට ඕනෑ තරම් උදාහරණ ඇත. ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 377 වැනි වගන්තිය ඉවත් කිරීමට ගත් ප්‍රගතිශීලි සහ සාධනීයේ තීරණයෙන් පසු ශ්‍රී ලංකාවේ සමරිසි ප්‍රජාවේ වෘත්තිකයන් එක්සත් ජාතික පෙරමුණේ අධිකරණ අමාත්‍යවරිය හමුවීමට අවස්ථාවක් ඉල්ලූ අවස්ථාවේදී එය ප්‍රතික්ෂේප කිරීම එවැනි සිදුවීම්වලට උදාහරණයකි. එක්සත් ජාතික පෙරමුණ සමරිසි ප්‍රජාවට අවශ්‍ය පරිදි කටයුතු කළා නම් ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365 ඒ යන කොටස් මේ වනවිටත් අවලංගු කළ යුතුව තිබිණි. එම පක්ෂය හෝ එම පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුව සමරිසි ප්‍රජාවේ න්‍යාය පත්‍රවලට අනුව කටයුතු කළ නම් ලිංගික හැඩගැස්ම, ලැදියාවන්, ස්ත්‍රී පුරුෂ හඳුනාගැනීම සහ/හෝ ලිංගික මුහුණුවර/ලක්ෂණ යනාදිය නොසලකමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේ වනවිට සමානාත්මතාවයට මුල් තැන දිය යුතුව තිබිණි.
මේ නිසා ජනාධිපතිවරයා ඔහුගේ පක්ෂයත් ඔවුන්ට සහයෝගය දක්වන්නන් සියලු දෙනාටත් වැරැදි තොරතුරු ලබාදෙමින් ඔවුන් සියලු දෙනා නොමඟ යවා ඇත. සමරිසි භීතිකාවක් ඇති කරමින් ඔහුගේ දේශපාලන ගැලරිය පිනවීමට කරන කතාව අපි දැඩි සේ හෙළාදකිමු. සමරිසි භීතිකාවක් ඇති කිරීමේ වගකීම ජනාධිපතිවරයා බාර ගත යුතු අතර ඉදිරි දිනවලදී ශ්‍රී ලාංකික පුරවැසියන්ට අත්විඳීමට සිදුවන විශේෂයෙන්ම සමරිසි භීතිකාවට සම්බන්ධ සිදුවීම්වලට ජනාධිපතිවරයා වගකිව යුතුය.
සමානාත්මතාව, යුක්තිය හා සාධාරණත්වය සහ අභිමානය වෙනුවෙන් සෑම ශ්‍රී ලාංකික පුරවැසියකුම සතු මූලික අයිතිවාසිකම්වලට ගරු කරන්නැයි සියලු ශ්‍රී ලාංකිකයන්ගෙන් අපි ඉල්ලා සිටිමු. එමෙන්ම සමරිසි භීතිකාවක් ඇති කරමින්, සමරිසි ප්‍රජාව පිළිබඳව වෛරයක් ඇති කරමින් ජනාධිපතිවරයා කරන ලද ප්‍රකාශයට විරුද්ධ වීමට අපි සමඟ එක්වන්නැයි ද අපි සියලු ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටිමු.
- A.M.M.Safran
- Abinaya Rajasekaran
- Adil Suraj
- Aji V.Y
- Akila Dias
- Aloka Wijesinghe
- Amalini De Sayrah
- Amarasiri Abegunawarena
- Amila Sampath Wijegunaratne
- Ammaarah Zuhry
- AMS Gunawardene
- Amy Hunter
- Anonymous
- Aritha Wickramasinghe
- Arun Welandawe-Prematilleke
- Asiri Ekanayake
- Bashya Ratnayake
- Benjamin Subasinghe
- Bunty Burah
- Camryn S. Kingsley
- Chamath
- Chameli Karunathilake
- Chandana Gunarathne
- Chanuka Kaluthanthri
- Charith Silva
- Chathu Dhamsara
- Chathurya Silva
- Chathushka Perera
- Chethana Daniels
- Chethika Hapugalle
- Chiranthi Rajapakse
- Christos Perera
- Damiru Siriwardana
- Danuja Perera
- Dasanayaka
- Dasun Wijewardena
- Dave Hunter
- Devin Hewage
- Devindani Saranga
- Diani Dodamgoda
- Dilvi
- Dimuthu Ranasinghe
- Dinesh Perera
- Dinesh Rajawasam
- Dinuka perera (Firon Seshon)
- Dr Chamindra Weerawardhana
- Dr Fiona Kumari Campbell
- Dr Neshantha Harischandra
- Dushan Kumaravel
- Eema
- Eesha Coswatte
- Ephraim Shadrach
- Erica
- Eshanthi
- Farah Macan Markar
- Fatema
- Gayan sanjeewa
- Gayathri Abeywickrama
- Gihan Alwis
- Haleema Iftikar
- Hans Billimoria
- Hansi Deshapriya
- Harini
- Harini Perera
- Dhanushaka Thilina
- Hashan Komasaru
- Hasna Farouk
- Imaad Majeed
- Imap ukey
- Infaz
- Inoka Priyadarshani
- Inshira
- Inura Kadawatha Arachchi
- Ishan Ali Marikar
- Ishan Jalill
- Isuru Gunasekara
- J Fernandez
- Janindu de Zoysa
- Janith Weerasinghe
- Jerad Perera
- Joel Pett
- K.S Gihan
- Kanchana Nanayakkara
- Karthiga
- Kasro Turai
- Kasun Ehelapola
- Kasun Rajapaksa
- Kaushalya Ariyarathne
- Kaushalya Perera
- Parami Anuththara
- Kavindya
- Kisal
- Kuma Chandrathilake
- Kumeli Iddamalgoda
- Kumudini Samuel
- Kumudu
- Kushan Thrimahavithana
- L M S Wijetunga
- Lahiru
- Lakkitha Samarakone
- Lakshan Seneviratne
- Lakshani Godage
- Lashan
- Leana Pieris
- Lishani Ramanayake
- M. Maisan
- Mahela Gamage
- Suranga Chamdima
- Manisha Jayasinghe
- Manoj
- Marshan Murugathass
- Maura Nisantha
- Maureen Ernest
- Melisha
- Meneka Galgamuwa
- Miara
- Michael Mendis
- Minadi Gunawardena
- Miriam Alphonsus
- Moditha Maduranga
- Mohamed Shammakh
- Mohan
- Muqaddasa Wahid
- mx.MIRA
- Nadeeru Gannoruwa
- Nadeesh Jayasinghe
- Natalie Soysa
- Nelie
- Nemindi Rathnayake
- Nethmi Udugama Koralalage
- Nick Tillekeratne
- Nicole Alan
- Nilu rupasinghe
- Nimesh Fernando
- Nora Deemer
- Osura Rathnayake
- Palitha vijaya bandara
- Pasan Jayasinghe
- Pathum Chamara
- Pawara Nilanga
- Prabha Manuratne
- Prabhashana M.
- Pramodha Weerasekera
- Rabiah Roshen
- Rabiah Roshen
- Ramudi Samarasekera
- Randimal Tisara
- Raveen Perera
- Ravi Tissera
- Ravindu Jaysinghe
- Riffan
- Rimaza Hassan
- Rishan
- Rulzmith
- Ruqaiya
- S M R Sameera
- Saakya Rajawasan
- Saarah A
- Sachii
- Sahan Indeewara Guruge
- Sahan Jayamanna
- Sakuni
- Sam Roxanne
- Samank
- Sampath Amarasekara
- Sandamal Weerasinghe
- Sandeepa Perera
- Sanjeewa
- Sanjeewa T. P
- Sathya Amaratunge
- Savini Ganhewa
- Senel Wanniarachchi
- Shabbeer
- Shakeel
- Shamala Kumar
- Shanelle Jayawardena
- Shazana Zarook
- Shehara Gunaratne
- Shenella I
- Shermal Wijewardene
- Soysa W.D.A
- Sudath rohana
- Supul Amarakoon
- Supun Thrikawala
- Suren Weerasekera
- Talya Cassim
- Taniya
- Taniya Pillai
- Tharinda Mallawaarachchi
- Thilini Perera
- Thisara
- Thiyagaraja Waradas
- Thushara Manoj
- Tony Ouyang
- Tulana Ariyaratne
- Thanuja Wijewardena
- Upul Kumara Wickramasinghe
- Ursula Bastiansz
- Venura kasun
- Vidarshana Dominic Fernando
- Vinidu Jayasekera
- Vishane Herath
- W.P. Eran
- Wijith Rohan
- Yamuna Guruge
- Yasheera Fernando
- Young Out Here Sri Lanka
- Zahrah
- Zahrah Rizwan
- Zarha