20 April, 2024

Blog

පර්සි මහේන්ද්‍ර සහ ඔහුගේ චින්තනය

ශාන්ති විජේසිංහ

පර්සි මහේන්ද්‍රගේ පර්ස් එක එන්න එන්න තර වෙමින් තිබේ. එය පටන් ගත්තේ සුනාමි සල්ලි ‘හෙල්පිං හම්බන්තොට’ ගිණුමට බැර වීමටත් කලිනි. පර්සිව වඩාත් හොඳින් ප‍්‍රසිද්ධ වන්නේ, චින්තනයත්, ඒ මත පදනම් වූ ක‍්‍රියාකාරකමුත් නිසා ය. නූතන චීනයේ නිර්මාතෘ මා ඕ සේතුං තරමටම තමාත් ශ්‍රේෂ්ඨයෙකැ යි අප ලවා විශ්වාස කැරැුවීමට ඔහුට අවශ්‍ය වී තිබේ. මා ඕ සේතුං ද ‘පුංචි රතු පොත’ නමින් ඔහුගේ චින්තනයක් ලියා ඇත. චීනයට අවශ්‍ය කරන සකල කලමනාවම ඒ පොතේ තිබුණි. ඒ ආකාරයෙන්, ලංකාවට අවශ්‍ය සියල්ලමත් පර්සිගේ චින්තනය තුළ තිබේ. ජී. ඇල්. පීරිස් වැනි ඔහුගේ විකට සිව්පා සේවකයෝ, පර්සිගේ මේ චින්තනය එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉදිරියේ ද උපුටා දක්වති. එකත් එකටම, මා ඕගේ රචනා පන්නය සොරකම් කිරීම වනාහී, පර්සි අද වන විට රෝගී වී සිටින ව්‍යාධියක එදා දක්නට තිබූ රෝග ලක්ෂණයක් ද විය. අද ඔහු පෙළෙන රෝගය වන්නේ, ලංකාව චීනයට විකුණා දැමීමට ඔහු තුළ පවත්නා නැමියාවයි. මේ ව්‍යාධිය හඳුන්වන වෛද්‍ය පාඨය වන්නේ ‘‘ඇකියුට් මැනික් සිනයිටිස්’’ ය.

Mahinda Rajapaksa 2‘චින්තනය’ යන්නට පැහැදිළි අරුත් දෙකක් තිබේ. එකක් වන්නේ, සතෙකුට පවා පොදු දෙයක් වන ඕනෑම සිතිවිල්ලකි. දෙවැන්න වන්නේ, තාර්කික, සංගත, බුද්ධිමත් සිතිවිල්ලයි. පර්සිට හැකියාව ඇත්තේ මුලින් කී ආකාරයෙන් සිතීමට පමණි. එම සිතිවිලි ක‍්‍රියාදාමයෙන් පිරිමැසෙන කරුණු දෙකක් තිබේ. එකක් වන්නේ, තමාගේ පර්ස් එක දිනෙන් දින පිරෙන බවට වගබලා ගැනීමයි. දෙවැන්න වන්නේ, මාතෘභූමිය ආරක්ෂා කර දීමේ අබිං ටික ජනතාවට පෙවීමයි. විමර්ශනාත්මක, සංවිධිත සහ තාර්කික සිතීමක් අවශ්‍ය වන තැනට පර්සි අහලකින්වත් කිට්ටු වන්නේ නැත. හිටිහැටියේ කෙනෙකු මතු කරන ප‍්‍රශ්නයකට පිළිතුරු දීමට ඔහුට යාන්ත‍්‍රික සහායක් අවශ්‍ය කරන්නේ එබැවිනි. එසේ නොමැතිව ප‍්‍රශ්නවලට පිළිතුරු බැඳිය හැක්කේ, ඔහුගෙන් ලැප්ටොප් ලබාගත් මාධ්‍යවේදීන් කටට දී අසන ප‍්‍රශ්න සම්බන්ධයෙන් පමණි.

පර්සිගේ චින්තනය, නූතන කාලයට පෙරාතුව පැවති දෙයකි. එහෙත් ඔහු ‘ට්වීට්ස්’ සහ වෙනත් එවැනි නූතන මෙවලම් අතපත ගායි. ඔහු කටයුතු කරන්නේ වැඩවසම් රදළයෙකු මෙනි. ඔහු සිටින්නේ නීතියට ඉහළිනි. එපමණක් නොව, ඔහුගේ පවුලේ නෑසියන් සහ වෙනත් පරිවාර සහචරයන්ව ද ඔහු නීතියට ඉහළින් ඔසවා තබයි. අධිකරණය ඇතුළු රාජ්‍ය නිලධාරියෝ ඔහුගේ හෙංචයියෝ වන්නාහ. ඔහුගේ අභිලාෂයන් මුදුන්පත් කර දීම ඔවුන්ගේ රාජකාරියයි. මේ අයගෙන් ඕනෑම කෙනෙකුව අවශ්‍ය විටෙක බඳවා ගැනීමටත්, අවශ්‍ය විටෙක පන්නා ගැනීමටත් ඔහුට පිළිවන.

පැය විසිහතරේම වැඩ කරන විරිත්තිල්ලක් ඔහුගේ උඩු රැුවුලට පහළින් අලවා තිබේ. හරියට, ගරා යකා වාගේ ය. එය වෙස්මුහුණකි. එහෙත්, බහුතරයක් ශ‍්‍රී ලාංකිකයන්ට එය වැඩ කරයි. කෙසේ වෙතත්, ඒ පසුපස සිටින්නේ සොරෙකු බව බුද්ධිමතා දකී. කැසියස් මෙන් පර්සි ද, සිනා මුහුණක් පෙන්වන තක්කඩියෙකි. ජන්ම බොරුකාරයෙකු වන පර්සිට, ඕනෑම කෙනෙකුට බොරු කළ හැකිය. කැබිනට් ඇමතිවරුන්ට, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට, රාජ්‍ය නිලධාරීන්ට පමණක් නොව, විදේශ රාජ්‍ය නායකයන්ට ද කටේ නොගෑවී බොරු කියන සැටි පර්සි දනී.

පර්සිගේ වැඩවසම් චින්තනය තුළ, ඔහුට හිතවත් සොරුන්ව ආරක්ෂා කිරීමේ හැකියාව ඇත. දුටුගැමුණුගේ පරපුරෙන් පැවත එතැ යි කියන මර්වින් සිල්වා වැනි සොරුන්ට විරුද්ධව පියවර ගන්නා බව ලෝකයාට පෙන්වන පර්සි, සතියක් දෙකක් ගිය තැන නැවතත් එවැනි පුද්ගලයන්ව නියමිත ස්ථානයන්හි වාඩි කරවයි. ඔවුන් මිනී මැරූ විට, අසාධ්‍ය තත්වයක් පෙන්වා රටින් පැනගෙන, ටික දවසක් ඇවෑමෙන් ආපසු රටට එන්නේ පර්සිගේ පූර්ණ ආරක්ෂාව සහ මගපෙන්වීම සහිතව ය.

පර්සිගේ ආර්ථික චින්තනය හැඩගැසී ඇත්තේ ඔහුගේ ප‍්‍රවීණතම ආරය ඔස්සේ ය: එනම්, දූෂණය ඔස්සේ ය. රාජ්‍ය ව්‍යාපෘති සඳහා වන කොන්ත‍්‍රාත්වලින් ඔහු සහ ඔහුගේ සහෝදරයෝ සියයට 20-40 දක්වා වන කොමිස් ප‍්‍රමාණයක් ඉල්ලති. මේ නිසා, පර්සිගේ වඩාත් සිත්ගත් ව්‍යාපෘති වන්නේ, යටිතල සංවර්ධනයන් ය. ඒවායින් උපයා ගන්නා කළු සල්ලි තැන්පත් කිරීමට ඔහු සීෂෙල්ස් රටේ ලංකා බැංකු ශාඛාවකුත් ආරම්භ කෙළේය. යටිතල ව්‍යාපෘති බොහොමයක් සැපයෙන්නේ චීනයෙන් නිසා ඔහු චීනයට බෙහෙවින් ණයගැති ය. චීන හාම්පුතුන් කියන ඕනෑම ව්‍යාපෘතියකට පර්සි එක පයින් කැමති ය. නැව් නොඑන වරායක්, අහස් යානා නොඑන ගුවන් තොටුපොලක් සහ වල් වැවෙන ක‍්‍රීඩාංගනයක් වැනි දේවල් අපට ලැබී ඇත්තේ එබැවිනි. දැන් අග්නිදිග ආසියාවේ ලොකුම කුළුණ තැනීමටත් ඔහු සැරසෙයි.

එපමණක් නොව, අක්කර පහක මුහුදත් ගොඩ කිරීමට දැන් ඔහු අරඅඳී. ඒ හුරතල් යෝජනාව ආවේ චීනයෙනි. ඒ වෙනුවෙන් අක්කර 90 ක් ඔවුන්ට නොමිලේ දීමට නියමිතයි. මුහුද ගොඩ කොට තනන මේ ‘වරාය නගරය’ නිමැවෙන්නේ, සංචාරකයන් සඳහා සාප්පු පරාදීසයක් සහ පර්සිගේ පුතාගේ කාර් රේස් පැවැත්වීම සඳහා ය. මේ සියල්ල කරන්නේ, වාණිජ පොළියට ලබාගන්නා ණයවලිනි. එනම්, ගිනි පොළියට ගත් ණයවලිනි. පර්සිගේ ආර්ථික චින්තනය තුළ සංඛ්‍යා ලේඛනත් වෙනස් කෙරේ. එහිදී, රටේ දළ දේශීය නිෂ්පාදිතය ඔහුට අවශ්‍ය අන්දමින් ගණනය කොට දැක්විය හැකිය. එවැනි දේවල් සඳහා ඔහුට උපකාරී වීමට මහ බැංකුව සැදී පැහැදී සිටී. ඒ මහ බැංකුවේ අධිපති වශයෙන් තවත් සිව්පා සූදුකාරයෙකු පත්කොට සිටී.

යුද්ධය අවසන් වීමෙන් පසු, ජාතික සංහිඳියාව සඳහා වන ඓතිහාසික අවස්ථාවක් පර්සි ඉදිරියේ නිර්මාණය වුණි. ඔහුට කිරීමට තිබුණේ, සුළු ජාතිකයන්ට අදාළ ප‍්‍රශ්නවලට ආමන්ත‍්‍රණය කිරීම, සිදුවූ වැරදි ගැන කණගාටුව පළකිරීම සහ සියලූ පුරවැසියන්ගේ දේශපාලනික, ආර්ථික සහ සමාජයීය අයිතීන් මුදුන්පත් කර දෙන සබුද්ධික සැලැස්මක් ක‍්‍රියාවට නැංවීම පමණි. එසේ ඔහු කෙළේ නම්, මේ රටේ ඉතිහාසයේ නොමැකෙන නමක් ඔහුට හිමිවන්නට තිබුණි. එහෙත් මෝඩ පර්සි ඒ අවස්ථාව නොදැක්කේය. ජයග‍්‍රහණය තුළ මහත්මා ගුණය ප‍්‍රදර්ශනය කෙළේ නම්, දෙමළ ජනතාවගේ කෘතඥතාව, ආදරය සහ ගෞරවය ඔහුට හිමිවන්නට තිබුණි. එහෙත් ඔහු කෙළේ, යුද ජයග‍්‍රහණය තොරොම්බල් කිරීම සිය යැපීම් මාර්ගය කර ගැනීමයි.

පර්සිගේ ආගමික විශ්වාසයන් ද, ආචීර්ණකල්පික ය. ඔහුගේ සියලූ ක‍්‍රියාකාරකම් සිදුවිය යුතු දින සහ වේලාවන් නිශ්චය කරන්නේ හඳහන්කාරයන් ය. නීතියේ පැනවෙන පරිදි ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය තීන්දු කරන්නේ මැතිවරණ කොමසාරිස්වරයා නොව, පර්සිගේ පොරොන්දම්කාරයා ය. බුදුන් වහන්සේට සෙවණ දුන් බෝ ගසට බෞද්ධයන් වඳින්නේ කෘතගුණ සැළකීමට ය. මේ බෝධියට පර්සි වඳින්නේ මැජික් ප‍්‍රතිලාභ සපයා ගැනීමට ය. එය, ආචීරණකල්පික වෘක්ෂ වන්දනාවට වෙනස් නැත. යන යන තැන ඔහු අතේ ගෙන යන ජීවම් කළ යමක් තිබේ. ගල් ලෙන්වල වාසය කළ අපේ මුතුන්මිත්තන් සේ ඔහු ද මේ ජීවම මාර්ගයෙන් තමාට බලය සහ යසඉසුරු ලැබෙතැ යි විශ්වාස කරයි.

පර්සිගේ චින්තනයට අනුව, ඩයස්පෝරාව, රාජ්‍ය නොවන සංවිධාන සහ බටහිර ලෝකයා කරමින් සිටින්නේ, අපේ ‘මාතෘභූමිය’ අස්ථාවර කිරීම ය. මේ වනාහී, මිනිසුන් බිය ගැන්වීමට සහ තමාගේ බල අපහරණය යුක්ති සහගත කර ගැනීම පිණිස පර්සි පාවිච්චි කරන ගෝනි බිල්ලන් ය. ඒ ගෝනි බිල්ලන්ගේ ආධාරයෙන් සහ සකල මැතිවරණ නීති උල්ලංඝනය කරමින් සෑම මැතිවරණයක්ම පාහේ ජය ගැනීමට දැන් දශකයක් හෝ ඊට වැඩි කාලයක් තිස්සේ පර්සි සමත්ව ඇත. එහෙත් මෑතකදී පැවැත්වූ ඌව පළාත් සභා මැතිවරණයේ දී පර්සිගේ ඒ සෙල්ලම පල්ලම් බැස්සේය. එය ජයග‍්‍රහණයකට වඩා පරාජයක් බව පර්සි දනී. ඒ අස්සේ, ඔහු සිතුවාට වඩා විපක්ෂය එක්සත් වීම පර්සි තුළ ජනිත කොට ඇත්තේ මර බියකි.

පර්සිගේ සහකාරයන් වන ජාතික හෙළ උරුමය දැන් ඔහුව අත්හැර දමා තිබේ. පොදු විපක්ෂය සංවිධානය කිරීම සඳහා අතුරලියේ රතන සහ මාදුළුවාවේ සෝභිත වැනි හිමිවරුන් පෙරමුණ ගෙන ඇත. චම්පික රණවක පවා පර්සිට අවසන් නිවේදන නිකුත් කොට ඇත. බොදුබල සේනාව වැනි සංවිධානවලිට පර්සි දක්වන ඇඟෑලූම්කම නිසා මුස්ලිම් ජනතාව ඔහුට ඡන්දය පාවිච්චි නොකරනු ඇත. එසේම, පාප් වහන්සේගේ වැඩම කිරීම ගැනත් ඔහු අනුගමනය කරන්නේ වංචනික පිළිවෙතකි. ඒ ගැන අසන්තෝසයෙන් සිටින කතෝලිකයන් ද ඔහුට ඡුන්දය පාවිච්චි නොකරනු ඇත. මේ අතර ජනතා විමුක්ති පෙරමුණත්, දෙමළ ජාතික සන්ධානයත් ඔහුට එරෙහිව සිටී. එබැවින් ජනවාරියේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය ඔහුට එරෙහි දීප ව්‍යාප්ත රැුල්ලක් බවට පත්වෙනු ඇත. එය, අරාබි වසන්තයට වෙනස් වන එකක් නැත. පර්සි තමන්ට දැමිය හැකි හැම උප්පරවැට්ටියක්ම පාවිච්චි කරයි. එහෙත් මෙවර එය සාර්ථක වන්නේ නැත. පර්සිට ගෙදරම යන්නට සිදුවන්නේය.

අඩු වශයෙන්, ඔහු යන්නේ ගෙදරම යැයි අපි සිතමු. පර්සි මොන තරම් නරුමයෙකු වුවත් ඔහු ගැන අහිතක් අපට නැත. එහෙත් ඔහු කර ඇති අපරාධ ගැන බලන විට සාමාන්‍ය ජනයා කෙසේ සිතයිදැ යි අපට සිතාගත නොහැක. තර්ජන ගර්ජන, පැහැරගෙන යාම්, වධ හිංසන, සුදු වෑන්, ඝාතන, ග‍්‍රීස් යක්කු, දූෂණය, ඥාති සංග‍්‍රහය, ඉඩකඩම් අල්ලා ගැනීම, රාත‍්‍රී කාර් රේස්, වක‍්‍ර බදු සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී නිදහස, අයිතීන් සහ ආයතන ඔහු විසින් විනාශ මුඛයට ඇද දැමූ සැටි ජනතාව අමතක කරතියි සිතිය නොහේ.

තවත් ශක්‍යතාවක් ද තිබේ. යමපල්ලන් විසින් පව්කාරයන්ව පණ පිටින්ම යම ලෝකයට ඇදගෙන යන සැටි බෞද්ධ සාහිත්‍යයේ විස්තර කෙරේ. පර්සිගේ අපරාධවල හැටියට එවැනි ඈත ශක්‍යතාවක් ද නැතුවා නොවේ. පොළොව දෙබෑ වී, ඇවිලෙන ගිනි දැල් මැද්දෙන් ප‍්‍රාදුර්භූත වන යමපල්ලන්, ‘‘පර්සි, අපි ආවේ උඹව ගෙනියන්න’’ යැයි කීමටත් ඉඩ තිබේ.

*2014 නොවැම්බර් 17 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ Percy Mahendra And His Cintanaya නැමැති ලිපියේ සිංහල පරිවර්තනය  ‘යහපාලනය ලංකා’ 

Print Friendly, PDF & Email

Latest comment

  • 0
    2

    මහින්ද සුනාමි සල්ලි ‘හෙල්පිං හම්බන්තොට’ නම් පුද්ගලික ගිනුමකට බැරකරගෙන කොල්ලකෑවාදැයි හෝ නැතැයිද කියන්නට මම නොදනිමි. එවකට ජනාධිපති නියමයෙන් එම ගිනුමේ මුදල් මහ බැංකුවේ ගිනුමකට බැර කල බව නම් මම දනිමි. 2005 ජනාධිපතිවරණයට අාසන්නව ‘හෙල්පිං හම්බන්තොට’ ගිනුම සමබන්දයෙන් එජාපය රහස් පොලීසියට කල පැමිනිල්ල විභාගකිරීම නැවැත්වූයේ මහින්ද රාජපක්‍ෂගේ මූලික අයිතිවාසිකම් නඩුව විභාග කල සරත් සිල්වා අග්‍රවිනිශ්චකාරතුමාය. එ් තීන්දුව ගැන කනගාටුවනවා යයි දැන් එතුමා කියන්නේ කුහකකමටය. හිටපු අග්‍රවිනිශ්චකාරතුමා කලයුත්තේ කනගාටුවීම නොව තීන්දුව වැරදුනේ කොතැනද යයි දැන්වත් මහජනයා දැනුවත්කිරීමයි. නැතිනම් ශාන්ති විජේසිංහ වැන්නන්ගේ කරුවලේ ඔහේ අතපත ගානවාය.

    “අක්කර පහක මුහුදත් ගොඩ කිරීමට දැන් ඔහු අරඅඳී” යයිද “ඒ වෙනුවෙන් අක්කර 90 ක් ඔවුන්ට නොමිලේ දීමට නියමිතයි” සහ “මේ සියල්ල කරන්නේ, වාණිජ පොළියට ලබාගන්නා ණයවලිනි.” යයිද ශාන්ති විජේසිංහ නැමැත්තා ලියයි. අැයි මේ නොදන්න බොරු ලිියන්නේ? http://www.dailynews.lk/?q=local/colombo-port-city-flying-start වෙබ් අඩවියට අනුව ගොඩකරන ඉඩම් ප්‍රමාණය අක්කර 583කි. මහ මුහුදක් කවුරුවත් නිකම් ගොඩ කරල දෙන්නේ නැහැනේ. ඉතින් ගොඩකිරීම වෙනුවෙන් ගොඩකරන ඉඩමෙන් 1/3ක් ගොඩකරන කොම්පැනියට බදු දෙන්න කැමතිකරගන්න එක කොච්චර ලාබ වැඩක්ද? මුදල් නැති අය තම ඉඩමේ බිල්ඩිම හදාගැනීම සඳහා හදන්නයන බිල්ඩිම වසර ගනනාවකට මුදල් දෙන බැංකුවට බදු දෙයි. ඉඩම් කට්ටිකර විකුනන්න ඉඩම් අයිතිකරුවන් ඉඩම මනින මිනින්දෝරුවාටත් මුදල් වෙනුවට ඉඩම් කට්ටියක් දෙනවා මා දැක අැත. එවැනි ගනුදෙනුවකදි කොහොමද වාණිජ පොළියක් සම්බන්ධ වෙන්නේ?

    පසුගිය 2010 ජනාධිපතිවරණ සමයේත් ශාන්ති විජේසිංහ අද කරන චෝදනා වලට සමාන චෝදනා රාජපක්‍ෂලාට විරුද්ධව ප්‍රචාරය කලේය. අැපලෝ ඉස්පිරිතාලය ඝෝඨාභය රාජපක්‍ෂ ගත්තා, ස්වර්ණවාහිණිය තවත් රාජපක්‍ෂ කෙනෙක් ගත්තා, හොරණට අාසන්න ගමක වලව්වක් සහ ඉඩමක් තවත් රාජපක්‍ෂ කෙනෙක් ගත්තා, එයාර්ටෙල් කාම්පැනියේ 50% ක් තවත් කවුද රාජපක්‍ෂ කෙනෙක් ගත්තා වැනි බොහෝ දේ කීවේය. එ් සියලු දේ වල අැත්ත නැත්ත කෙසේ වෙතත් අැපලෝ ඉස්පිරිතාලය වැනි බොහෝ දේ පට්ටපල් බොරු බව මොලේඅැතිඅයට පසුව පැහැදිලිවිය.

    ඊර්ෂියාකාරයින් කරුවලේ අතපත ගාන්නේ අද ඊයේ පමනක් නොවේ. ගාමිනී දිසානායක සහ ලලිත් අැතුලත්මුදලි රටට වැඩක් කල JRJ රජයේ අැමතිවරු දෙපලකි. ඔවුන් වැඩක් කලා යයි මා කියන්නේ ඔවුන් අැමතිකම් කරද්දී කරඅැතිදේ අපේ අැස් පනාපිට අදත් පෙනෙන්නට දැනෙනන්නට තිබෙන නිසාය. නමුත් ඔවුන්ගේ විරුද්ධවාදීන් ගාමිනීට මහවැලිය හරවා ගත්තා යයි සහ අැතුලත්මුදලිට නැව් ගිල්ලායයි චෝදනා කලේය. එජාප හොරකම්වලට විරුද්ධව නැගුන රැල්ලෙන් වන්ද්‍රිකා උපරිම ප්‍රයෝජනය ගත්තේ එජාපයේ හොර තක්කඩි රැල ගෝල්ෆේස් පිටියට ගෙනවිත් දඬුවම් කරන බව කියමිනි.

    එජාපයේ හොරුන්ට දඬුවම් කිරීම කෙසේවෙතත් මහජන සුබසිද්ධියට යොදාගතයුතු රජයේ ඉඩමි අක්කර 118ක් (waters edge) යොදාගෙන වන්ද්‍රිකා රජයේ UDA එක පොහොසත් මිනිසුන්ට ඉඩම් බ්‍රෝකර්කම කලායයි මෙන්ඩිස් සහ සේනානායක යන විශ්‍රාමික රාජ්‍ය සේවකයන් දෙදනා ශේෂ්ඨාධිකරණයේ පැවරූ මූලක අයිතිවාසිකම් නඩුවේ තීන්දුවේ සඳහන්ය. එපමනක් නොව එම වංචාවට සම්බන්දවීයයි චන්ද්‍රිකාට සහ අැගේ අතිජාත මිත්‍ර රොනී පීරිස්ට රුපියල් මිලියන 3ක් සහ 2ක් ගෙවන ලෙස 2008දී ශේෂ්ඨාධිකරණය තීන්දු කලේය. හොරකමේ හැටියට රුපියල් ලක්‍ෂ 20ක් 30ක් යනු සොච්චම් මුදලකි. නමුත් මෙතන කිවයුත්තේ ජනාධිපති චන්ද්‍රිකා උසාවියෙන් වරදකරුවූ හෙරක් බවයි. අවශ්‍ය අයට වැඩි විස්තර ගූගල්කර අන්තර්ජාලයෙන් කියවිය හැක. ජනාධිපති චන්ද්‍රිකා කර අැති දූෂණ සහ තක්කඩි වැඩ කොපමනදැයි කියන්නේ නම් වික්ටර් අයිවන් විසින් ‘චෞරව රැඡින’ නමින් පොතක්ම ලියා පලකලේය. එ් චන්ද්‍රිකාම අද ජනාධිපති රාජපක්‍ෂගේ වංචා දූෂණ ගැන මහා හඬක් නගයි. පොදුඅපේක්‍ෂක වීමටත් දඟලයි. නමුත් ශාන්ති විජේසිංහලා එ් ගැන කටක් හාෙල්ලන්නේ නැත්තේ අැයි? ශාන්ති විජේසිංහලා අවංක නම් කලයුත්තේ ජනාධිපති රාජපක්‍ෂගේ වංචා දූෂණ ගැන මඩ ප්‍රචාර නොකර අැත්ත විස්තර අැත්නම් එ්වා සොයා ‘චෞරව රජා’ නමින් පොතක් ප්‍රසිද්ධ කිරීමය.

    අපගේ වැනි ගම් දනව්වල රණවීරුවෝ මාරාන්තික සටනක් කර තිස් අවුරුදු යුද්ධයක් ඉවරකලේ නැවත මහින්දට කොටි ප්‍රොක්සි සමග ගිවිසුම් ගසා රටේ කෑල්ලක් නැවත කොටි කොට වලට ලියා දීමට නොවන බව විජේසිංහ නොදන්නවාට මහින්ද රාජපක්‍ෂ දනී. එළඹෙන ජනාධිපතිවරණයත් මහින්ද දිනන්නේ එනිසයි. LTTEයේ ප්‍රොක්සි TNA එකේ ගැටවලට කොලොම්බියන්ලා අසුඋනාට ගමේ අපි අහුවෙන්නේ නැත. LTTEය සහ උන්ගේ ප්‍රොක්සි TNA එක 2005 ඡනාධිපතිවරණයේදී රනිල්ට චන්දය දෙන්න එපා කීවේය. 2005දී TNA එකට අවශ්‍යවූයේ මහින්ද රාඡපක්ෂ ඡනාධිපති කර මහින්ද සමග යුද්ධයකට LTTE පටලවා ‘දෙමළ අපේක්ෂාව’ මුදුන්පත්කර ගැනීමටය. ‘දෙමළ අපේක්ෂාව’ නම් වෙන කිසිවක් නොව ඊලමය. මහින්ද රාජපක්‍ෂ ලංකාවේ යුද්ධය ඉවර කලේය. රටට සාමය ගෙනාවේය. උතුරට සංවර්ධනයේ ප්‍රතිලාබ ගෙන ගියේය. නමුත් පලාත් සභා වන්දයේදී දෙමළ වැසින් 80% ක් වන්දය දුන්නේ විග්නේස්වරන්ලාගේ ඡාතීවාදය සහ බෙදුම්වාදය මත ‘දෙමළ අපේක්ෂාව’ මුදුන්පත්කරගැනීම සඳහාය. විග්නේස්වරන්ලා අද කරන කතාවලින් සහ ඉල්ලීම් වලින් එය සක්සුදක්සේ පැහැදිලිය. විග්නේස්වරන්ලා අරඅදින්නේ ඔවුන් හැමදාමත් කතාකල ඊලමට බව නොපෙනෙන්නේ ශාන්ති විජේසිංහලා වැනි මුග්ධයන්ටය.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.