26 April, 2024

Blog

බාධාකිරීම් මැද රනිල් නැව ගමනාන්තයට යොමුකර තිබේ

තුෂාර වන්නිආරච්චි –

තුෂාර වන්නිආරච්චි

2015 ජනවාරි 8 වන දා ජනාධිපතිවරණය නොපැවැත්තුවේ නම් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ධුර කාලය අවසන් වන්නේ මෙම සතිය තුළදීය. එසේ වූයේ නම් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා හා ඔහුගේ පවුලේ රෙජීමය පසුගිය වසර දෙක තුළ මේ රට පාලනය කරනු ලබයි. එය එසේ වී තිබුණි නම් විය යුතුම පරිදි සිදු විය යුතුව තිබුණේ ලංකාව විසාලා නුවරක් බවට පත්වීමයි. 2015 මාර්තු 29 වන දා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නියමිතව තිබූ සම්බාධක පැනවූයේනම් එම සම්බාධක මත පදනම්ව රට තුළ ඇති වීමට නියමිතව තිබූ අර්බුධ අතර අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිගය, ඉන්ධන හිඟය, බෙහෙත් හේත් හා විදේශ මුදල් හිගය, වැනි කාරණා මෙන්ම පිට රටවලට ගමන් කිරීමට ඇති අපහසුව වැනි කාරණා වලින් රට අවුල් ජාලයක් බවට පත්වීමට ඉඩ තිබුණි. වාසනාවකට මේ රටේ ජනතාව මෙම තත්ත්වය තේරුම් ගත් අතර එවකට පැවති අන්ත දූෂිත භීෂණකාරී සුදු වෑන්වලින් මිනිසුන් අතුරුදහන් වන, මහ මග මිනිසුන් මරා දමන, පාර්ලිමේන්තුව ඒකාධිපතිත්වයට පාර කපන මෙවලමක් වූ රාජපක්ෂ රෙජීමය පිළිබද අවබෝධ කරගත්තේය. එකල මත් ද්‍රව්‍ය බෙදාහැරීම සිදුවූයේ රජයේ අනුග්‍රහය ඇතිවය. මෙම අවාසනාවන්ත තතත්වය තේරුම්ගත් ජනතාව විසින් එම මොහොතේදී තීරණාත්මක ලෙස රාජපක්ෂ රෙජිමය පරදවන ලදී.

එම මැතිවරණයේදී ජනතාවගේ තෝරා ගැනීම වූයේ එක්සත් ජාතික පක්ෂය විසින් ඉදිරිපත් කරන ලද වර්තමාන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාය. එදා එම මොහොතේ රාජපක්ෂවරු තීරණාත්මක ලෙස පරාජය කිරීමට සම්බන්ධ වූ බලවේග සහ කණ්ඩායම් අද ප්‍රකාශ කරන කාරණා දෙස විමසා බැලීමේදී මා හට පෙනී යන එක් ප්‍රධාන කාරණයක් තිබේ. එනම් එදා තිබූ තත්ත්වය අනුව කුමන කොන්දේසියක් යටතේ හෝ රාජපක්ෂ රෙජිමය පැරදවීම ඔවුන්ගේ ඒකායන අරමුණ වූ බවයි. එහිදී ඇති වූ අරගලය තුළ ඔවුන් කිසිවක් බලාපොරොත්තු නොවූ අතර අඩුම තරමින් කාර්යක්ෂම, අවංකව වැඩ කරන ජනාධිපතිවරයකු වුව ද බලාපොරොත්තු නොවීය. එම අවස්ථාවේදී මෙම තත්ත්වය ප්‍රයෝජනයට ගත් එක්සත් ජාතික පක්ෂය හා ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් මෙම විධායක ජනාධිපති ධූරය සම්පූර්ණයෙන්ම අහෝසි කරන බවට ජනතාවට ප්‍රතිඥා ලබා දුන්නේය. එම නිසා වර්තමාන ජනාධිපතිතුමා මෙම තනතුරට ගැලපෙනවාද නැද්ද යන්න එම අරගලයට සම්බන්ධ වූවන්ට හා එක්සත් ජාතික පක්ෂයට ගැටළුවක් නොවීය. අද එම ප්‍රථම පොරොන්දුව පිළිබඳව වගේ වගක් නොමැතිව ආණ්ඩුව සිටියද, විධායක ජනාධිපති ධූරය හා සබැඳුණු අසාධාරණකම්, බලය යෙදවීම් නිසාවෙන් ජනතාව තුළ නැවතත් ජනාධිපති ධූරයේ පැවැත්ම පිළිබඳව සාකච්ඡාවක් ආරම්භ වී තිබේ. වර්තමාන ජනාධිපතිවරයා මේ රටේ රාජ්‍ය නායකයා ලෙස පත්කර ගැනීමට ජනවරම ලැබුණේ ඔහු විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර සියළු බලතල පාර්ලිමේන්තුවට පවරා දෙන බවට ලබා දුන් පොරොන්දුව මතයි. එබැවින් මේ රටේ ජනතාවට වර්තමාන ජනාධිපතිවරයා මේ රට ගොඩ දමතැයි, දැමීමට උත්සාහ කරයි හෝ එසේ කළද, ඔහු කළ යුතු යැයි කියා බලාපොරොත්තුවක් නොමැත. 2015 ජනවාරි 8 වැනි දා ජනාධිපතිවරණයේදී මේ රට සංවර්ධනය කරන වැඩ සැලැස්මක්, වෙනත් කිසිදු වැඩපිළිවෙලක් ජනතාව හමුවේ නොතිබුණු අතර ජනතාවට පොරොන්දු වූ එකම වැඩපිළිවෙල රාජපක්ෂ රෙජීමය ගෙදර යවා, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර, පාර්ලිමේන්තුවට රටේ බලතල ලබා දෙන බවයි. ජනවාරි 8 යහපාලන ජනවරම එයයි. රට ගොඩදැමීමට හා දියුණු කිරීමට ජනවරමක් ඉල්ලා සිටියේ 2015 අගෝස්තු මහ මැතිවරණය තුළිනි. එහිදී මේ රටේ ජනතාව රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයට රටේ ආර්ථික දියුණුවත්, සමාජ ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කරණ සඳහා අවශ්‍ය ජනවරමත් ලබා දුනි. ජනාධිපතිවරයාගේ ජනවරම ඇත්තටම දින සියයේ ආණ්ඩුව සඳහා ලබාදුන් ජනවරමක් වන අතර ජනාධිපතිවරයා විසින් වර්තමාන ආණ්ඩුවේ කටයුතු මෙහෙයවිය යුතු යැයි මේ රටේ කුරා කූඹියෙක්වත් සිතන්නේ නැත. කවුරුන් හෝ එසේ සිතන්නේනම් හෝ ඒ සදහා උඩගෙඩි දෙන්නේනම් ඒ ජනාධිපතිවරයා අන්දවා මැති ඇමතිකම්, තානාපතිකම්, තනතුරු වරප්‍රසාද, බිස්නස් ආදිය ලබාගැනීමට බලාපොරොත්තු වන හොර ගෙඩියන්ය. රට ගොඩදැමීම තමන්ගේ වගකීමක් යැයි අඩුම තරමින් ජනාධිපතිවරයාවත් සිතන්නේ නැත. යහපාලන ආණ්ඩුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමතිවරු සහ ජනාධිපති මාධ්‍ය අංශයනම් මේ රටේ සියල්ලම විධායක ජනාධිපතිවරයාගේ උර මත යැයි අඩබෙර ගසයි.

විධායක ජනාධිපති ධුරයේ බලතල අහෝසි කර එම බලතල පාර්ලිමේන්තුවට පවරා දීමට පැමිණි ජනාධිපතිවරයා ගැන ජනාධිපති මාධ්‍ය අංශයේ සහෝදර සහොදරියන් ප්‍රකාශ කරන පරිදි මේ මොහොතේ ජනාධිපතිවරයා විසින් එක්සත් ජාතික පක්ෂය නැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සංයුතියකින් යුත් ආණ්ඩුවක් බිහි කිරීමට උත්සාහ කිරීම හිතළුවකි. මන්ද පසුගිය වසර දෙකකට වඩා වැඩි කාලයක් තුළ එක්සත් ජාතික පක්ෂය දේශපාලනයේ යෙදුණු ආකාරය අනුව සරල බහුතරය සහිත ආණ්ඩුවක් ගොඩනගා ගැනීම කජු කනවා වැනි වැඩකි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙපිලම එකතුවී කණ්ඩායමක් ගොඩනැගුවද ගොඩනගා ගත හැකිවන්නේ යන්තම් ආසන 75ක් පමණි. සරල බහුතරයක් ගොඩනැගීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙපිලටම ආසන 113ක් තිබිය යුතුය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අගමැති ධූරය කෙසේ වෙතත් විපක්ෂ නායක ධූරයනම් අනිවාර්යෙන්ම ලබාගත හැකිය. ජනාධිපති කාර්ය මණ්ඩලයේ මහත්වරු වෙබ් අඩවිවලට කෙතරම් මඩ ප්‍රචාර යැවූවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරු තමන්ගේ අමාත්‍ය ධූර අතහැර, විපක්ෂයට ගොස් තමන්ට පිනට හම්බවූ නිවසත්, වාහන තුනත්, කාර්ය මණ්ඩලයත්, අනෙකුත් වරප්‍රසාදත් අහිමිකරගැනීමට කැමති නොවනු ඇත. අනෙක් අතින් යූ. එන්. පී. කාරයෝ යනු යූ. එන්. පී. කාරයෝය. ඔවුන් පක්ෂයේ එකිනෙකා විවේචනය කරගැනීම සාමාන්‍ය දෙයකි. නායකයාට විරුද්ධව නාහෙන් ඇඩීම තේමා ගීතයක් වැනිය. නමුත් පක්ෂයේ අයෙකුට හෝ පක්ෂයට යම් ප්‍රශ්නයක් පැමිණි විට ඔවුන්ගේ රතු ලේ කොළ පාට වේ.

මෙම යූ. එන්. පී. කාරයින්ගේ කන්කෙදිරියට රැවටී තම අනාගතය අහිමිකරගත් අය අතර දයාසිරි ජයසේකරගේ සිට කරූ ජයසූරිය දක්වා බොහෝ දෙනෙක් සිටී.

මේ අනුව අවසාන වශයෙන් මට කිව හැක්කේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් 2025 දක්වා පවතින බවයි. යූ. එන්. පී. කාරයෝ බලය පවත්වාගැනීම සදහා කල යුත්තේ කුමක්දැයි වේගයෙන් ඉගෙනගනිමින් සිටින අතර අවශ්‍යනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්සත් ජාතික පක්ෂය හා එක්වී රාජ්‍ය පාලනයට සම්බන්ධවිය හැක.

*ලේඛකයා ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකි

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    0

    අනේ මෝඩ මනුස්සය. මොනවාද මේ කියන්නේ? සම්බාධක නවත්තනද රටයි ජාතියයි රණවිරුවොයි මානව හිමිකම් කවුන්සිලේට පාවල දුන්නේ? නෙද්දකින්. සිංහල ජාතිය කියන්නේ රට පාවලා දෙනවට වඩා හාමතේ මැරිලා යන එක හොඳයි කියල හිතන කොන්ද පණ තියෙන ජාතියක් කියල දන්නේ නැත්ද? ඕක පදනමක් නැති බොරු කතාවක්. රට පාවලා දීපු එක සාධාරණීය කරන්න ගොතපු කතාවක්. මිනිස්සු තාම බඩට පලවෙනි තැන දෙනවා කියලා හිතලා කියන කතාවක්. 45/50 දශකවල උපන් එකතැන පල්වෙන දේශපාලකයන්ගේ කතාවක්.
    .
    “එජාප ආණ්ඩුව රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් 2025 වෙනතෙක් පවතිනවාලු.” “යූඑන්පී කාරයෝ බලය පවත්වා ගෙන යායුත්තේ කෙසේදැයි වේගයෙන් ඉගෙන ගනිමින් ඉන්නවලු.” පේනවා හොඳට ඒ බව. ඒකයි ෆෙඩරල් ව්‍යවස්ථාවක් ගේන්නේ. ඒකයි JO එකත් (minus Wimal) හවුල් කරගෙන විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්න හදන්නේ. ඒකයි ජනාධිපතිව පාර්ලිමේන්තුවෙන් පත් කරන්න යෝජනාවක් අළුත් ව්‍යවස්ථාවේ තියෙන්නේ. රනිල් සහ මහින්ද දෙන්නම ඊළඟ ජනාධිපතිවරනෙට මුහුණ දෙන්න කැමති නැහැ. රනිල්ට කවදාවත් චන්දෙකින් රටේ ජනාධිපති වෙන්න බැහැ. කලින් දෙවතාවේ වගේ ඊළඟ පාර ඇමක් හොයා ගන්නත් නැහැ. 2015 වගේ මෛත්‍රී ආයේ පාරක් රට පාවලා දෙන්නෙත් නැහැ. රනිල්ගෙ නැව 2020දී රුවල කැඩිලා නවතිනවා. ඊට වඩා යන්නේ නැහැ. ඒක තමයි ඉරණම. පුළුවන් නම් වෙනස් කරලා පෙන්වන්න කියන්න.
    .
    මම පළාත් පාලන මැතිවරණෙ තියනවට කැමති නැහැ. පලවෙනි ප්‍රධාන හේතුව 8000ස් ගානක් සභිකයන් නඩත්තු කරන්න මිනිස්සුන්ගේ පිටට තවත් අලුත් බරක් පැටවීම. දෙවෙනි ප්‍රධාන හේතුව 2015 ඉඳන් කියන UNP එකේ හොර delimitation වැඩේ. රනිල් හැදුවේ 2015 මහා මැතිවරණය තියන්න අලුත් සීමා නිර්ණායකය විදියට. වැඩේ හරි ගියේ නැහැ 20 වෙනි සංශෝධනය ගෙන්න බැරි වෙච්ච නිසා. එහෙම තිබ්බ නම් SLFP එකට ලැබෙයි ආසන 30ක් විතර. ඒ වුනාට දැන් මට ඒ ගැන වගේ වගක් නැහැ. දැන් මට තියෙන ප්‍රශ්නේ පළාත් සභා චන්දෙ මේ නිර්නායක විදියට තිබ්බොත් එකෙන් රට බෙදෙන්න කෙරෙන දායකත්වය. 2015 UNP එක සැලසුම් කරපු විදිය, ආපහු ඒකම තවත් ඉදිරියට ගිහින් ෆෙඩරල් විදියට අනුකූල වෙන්න සීමා නිර්ණය කරලා තියෙනව. 2015 තරම් ඈතදී කියපු විදියටම අදත් කියනව, කිසි දවසක UNP ආණ්ඩුවක් යටතේ සීමා නිර්ණය කරන එක ගැන විශ්වාසය තියන්න හොඳ නැහැ.
    Contd’…

  • 0
    0

    රනිල් 2025 වෙනකම් ඉන්න හදන එක හරි යන්නේ නැහැ. එහෙම වෙන්න නම් ෆෙඩරල් සම්මත වෙන්න ඕනේ. රනිල් හිතුවේ චන්දයක් නැතුවම නිකම්ම කමිටු වාර්තාව මුළු පාර්ලිමේන්තුව පිළිගත්තා කියන්න. ඒක හරි ගියේ නැහැ විමල් හින්දා. බලාපොරොත්තු නැති විදියට, බලාපොරොත්තු නැති වෙලාවක, විමල්ගෙ කටින් පිටවුනු බෝම්බ කතාව නිසා රනිලුයි/JO එකයි හිතපු විදියට කමිටු වාර්තාව සම්මත කරගන්න බැරිවුනා. ඒ බෝම්බ කතාව නිසා තමයි එතකම් නිදන් හිටපු ලංකාවම අවදි වුනේ. රටම ගිනි ගත්තේ. ඒකෙන් තමයි මිනිස්සු දැනගත්තේ පාර්ලිමේන්තුව ඇතුලේ සිද්ධ වෙන්න යන භයානක දේ මොකක්ද කියලා. කතාව කොච්චර දුර දිග ගියාද කිව්වොත් මේ කතාව නිසා තමයි ජනාධිපතිතුමාට විකල්පයක් යෝජනා කරන්න සිද්ධ වුනේ. ජනාධිපතිතුමා කිව්වා බෝම්බ ගහන වෙඩි තියන පරිසරයක් අපි හදන්නේ නැහැ, (මීට සමාන වචන), සහ ව්‍යවස්ථාව ගැන කතා කරන්න හැමෝම සහභාගී වෙන්න සර්ව පාක්ෂික සමුළු තුනක් පවත්තනවා කියලා. ඒ කතාව සිංහලයන් ලබපු ලොකු ජයග්‍රහණයක්. මිනිස්සුන්ගේ ඇඟට ලේ පොදක් ඉනුවේ ඒ කතාව නිසා. එහෙම කතාවක් කරන්න ජනාධිපතිතුමා පෙළඹපු හේතුව විමල්ගෙ පාර්ලිමේන්තුවට බෝම්බ ගහන කතාව. හිතල නොකිව්වත් ඒ කතාව නිසා මුළු රටක්ම එකට එකතු වුනා. හරියට 2015 පෙබරවාරි විමල් කරපු ඓතිහාසික කතාව වගේ. 2016 කරපු පාද යාත්‍රාව වගේ. ඒ නිසා ෆෙඩරල් සම්මත කර ගන්න හෝ විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්න/දුර්වල කරන්න හදන කිසි දෙයක් සිද්ධ වෙන්න විමල් ඉඩ දෙන්නෙත් නැහැ.
    .
    පළාත්පාලන චන්දෙට මම අකැමති වුනත් විමල් ඒකට තනි පක්ෂයක් විදියට තරඟ කරන්න ඕනේ. යෝජිත මුළු සභික සංඛ්‍යාවෙන් අඩු ගණනේ 1/8ක් වත් විමල් ඉදිරිපත් කරන්න ඕනේ. විමල් මේ පාර වතුරට බහින්නම ඕනේ. කාලෙක ඉඳන්ම කියන දෙයක්. LG චන්දෙ Litmus test එකක් විදියට පාවිච්චි කරන්න ඕනේ. ගිය පාර මහා මැතිවරනෙදී විමල්ගේ පක්ෂෙට අසාධාරණයක් වුනා. විමල් රටේ ඉදිරි අනාගතය හරි පාරට ගන්න පෙරමුණ ගන්න ඕනේ. පිළිණු වෙහ්ච්ච දුඟද හමන ශ්‍රී ලංකා/යූඑන්පී පක්ෂ දෙක වෙනුවට විමල් රටට විකල්පයක් දෙන්න ඕනේ. ඉස්සරත් කිව්වා වගේ 62k ට දැන් නායකත්වයක් නැහැ. ඒ මිනිස්සු රාජපක්ෂලාට චන්දෙ දෙන්නේ නැහැ. රැස්වීම වලට එන්නේ 2015 අගෝස්තු හිටපු මිනිස්සුමයි. විකල්පයක් තිබුනොත් ඕක වෙනස් වෙනවා.

  • 0
    0

    ස්වාධීන මැතිවරණ කොමිසම නමට විතරයි ස්වාධීන. ඒකෙ සභාපති යහපාලන දේශපාලන පත්වීමක්. ඒ හින්ද 2015 වගේම විකෘති පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලයක් තමයි ලැබෙන්නේ. රටම පිළිකුල් කරපු යූඑන්පී එකට 2015 පාර්ලිමේන්තු ආසන එකසිය ගානක් ලැබෙන්න කිසිම විදියක් නැහැ. ලැබුණු මනාප පහෙන් බෙදල තමයි ගන්න ඕනේ. 4/5ක් හොර මනාප.
    .
    හොටු පොහොට්ටුව ගැනත් යමක් කියන්න හිතුව. මම හරියට දන්නේ නැති වුනත් ඒකාබද්ධ විපක්ෂයේ අනිත් පක්ෂ කෙසේ වෙතත් විමල්ගේ ජාතික නිදහස් පෙරමුණ හොටු පොහොට්ටුවෙන් පළාත් පාලන චන්දෙට ඉදිරිපත් වෙනවා නම්, ඒක දේශපාලන හරාකිරි කරගැනීමක්. ඒ මොකොද කිව්වා නම් පැහැදිලිවම පෙනෙන සහ දැනටම ඔප්පු වී ඇති පරිදි, හොටු පොහොට්ටුවේ අනාගතය තියෙන්නේ SLFP එක එක්ක නෙමෙයි UNP එක එක්ක නිසා. චන්දෙන් පස්සේ හොටු පොහොට්ටුව යූඑන්පී එකත් එකතු වෙලා පළාත් පාලන ආයතනය ආණ්ඩු කරන්න හිතුවොත් අනිත් පක්ෂ කෙසේ වෙතත් ජාතික නිදහස් පෙරමුණ ලොකු අමාරුවක වැටෙනවා. එතකොට එක්කෝ විමල්ට සිද්ධවනවා තමන්ගේ ප්‍රතිපත්ති වෙනස් කරන්න හෝ එහෙම නැත්නම් UNP එක එක්ක එකතු වෙලා කණ්ඩායමක් විදියට ඉන්න අකමැති වුනොත් විමල්ට වෙනවා චන්දෙන් පත් වෙච්ච තමන්ගේ සභිකයෝ ටික දන් දෙන්න. එහෙම වෙලාවක, හොටු පොහොට්ටුවට පුළුවන් විමල්ගේ සභිකයන්ව සල්ලි වලට ගන්න වුනත්. අනිත් එක හොටු පොහොට්ටුවට පුළුවන් වේලාසනම ඒගොල්ලෝ එක්ක එකඟතාවයක් ඇතිවුණු මිනිස්සු ජාතික නිදහස් පෙරමුණෙන් තරඟෙට දාන්න. එතකොට විමල්ගේ සමහර සභිකයෝ කැමති වෙන්න පුළුවන් හොටු පොහොට්ටුවේ තීරණයට එකඟ වෙලා UNP එකත් එක්ක හවුලක් හදලා පළාත් පාලන ආයතනය හවුලේ කාල දාන්න. This is an eventuality. Both the options are against Wimal’s principles. මට වඩා අනාගතය පේන විමල්ට තේරෙන්න ඕනේ වෙන්න යනදේ. ඒ හින්ද හොඳම දේ තනියම පළාත්පාලන චන්දෙට මුහුන දෙන එක. මේ චන්දෙ ගැන විමල් බලන්න ඕනේ තමන්ගේ දිනුම පැරදුම නෙමේ, අනාගතයට දාන අඩිතාලම ගැන හරි අවබෝධයක් ගන්න එක. අනාගතය ගැන කියනව නම් තව තියෙනවා කියන්න. තවම වේලාසන වැඩියි තුරුම්පු එලියට දාන්න.

  • 0
    0

    [Edited out] I know as you people are dumbing the rural Sinhala public, Ranil – baba is a big shot. Otherwise, He struggling how to escape the same trap he kept for the previous govt. He could not catch anyone. Instead, he is caught and he goes there and talk about economic policy. What BS.[Edited out]

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.