27 April, 2024

Blog

පරපුටුවෝ

තිසරණී ගුණසේකර

‘විශේෂයෙන් ජනතා සුභසාධනය, හැම විටකම ප‍්‍රජාපීඩකයන්ගේ නොතැනියාව වී ඇත..’  ඇල්බෙයා කැමූ (විරෝධය, කැරැුල්ල සහ මරණය*
අසංවර්ධිත සහ අගහිඟ ආර්ථිකයක් මත, සමෘද්ධිමත් සංවර්ධිත ජාතියක අධිව්‍යුහයක් රාජපක්ෂවරු අටවමින් සිටිති. ශ‍්‍රී ලංකාවේ වෙසෙන වාර්ගික සහ ආගමික සෑම සුළුතරයක්ම රාජපක්ෂවරු එක විට තරහ කරගනිමින් සිටිති. එසේම, මිතුරන් නැති කර ගනිමින් ලෝකයා අතරේ ලංකාව කොන් කර ගනිමින් සිටිති.

ලංකාවේ ස්ථාවරත්වය සහ ආරක්ෂාව අනතුරේ හෙලීමට මේවායින් ඕනෑම එකක් පමණක් ප‍්‍රමාණවත් වන්නේය. ඒ කාරණා තුනම එක්තැන් වූ විට ශ‍්‍රී ලංකාවට සහ ශ‍්‍රී ලංකා වාසීන්ට අත්විය හැකි විපත්තිය මිණිය නොහැකි තරමට බරපතල ය. සිතාගත නොහැකි තරමට අනේකවිධ ය.

මේ වැරදි මීට පෙර පැවති ආණ්ඩුවල නොතිබුණා නොවේ. එහෙත් ඒ කිසි ආණ්ඩුවක් ඒ වැරදි තුනම එක විට කෙළේ නැත. ඒවා අද සමගාමීව සිදුවීම, රාජපක්ෂවරු ස්වකීය රාජවංශික අවශ්‍යතා ප‍්‍රවර්ධනය කර ගැනීමටත්, තම අහංකාරමදය සන්තෘප්ත කර ගැනීමටත් යොදාගන්නා පවුල් බලයේ ප‍්‍රතිවිපාකයකි.

රාජපක්ෂවරු යනු පරපුටු පාලක කල්ලියකි. ඔවුන්ට වැඩෙන්ට සහ පෝෂණය වන්නට පිළිවන් වන්නේ, ජාතියේ සම්පත්, ශක්ති විභවයන් සහ මිතුරන්ගේ සාරය කරකුට්ටන් වන තෙක් උරා බොමින් පමණි.

ලෝකයාට ණය වීමට ආණ්ඩුව තුළ ඇති නැමියාව මත්තල දී ජනාධිපතිවරයා පැවැත්වූ කතාවක දී ඔහු යුක්ති සහගත කරගැනීමට බැලූවේය. ඇත්ත වශයෙන්ම අපට ප‍්‍රශ්නය වන්නේ ණය ගැනීම නොව, ඒ ණය වැය කරන්නේ කෙසේ ද යන්නයි. මන්ද යත්, අප දන්නා පරිදි රාජපක්ෂ පාලනය යටතේ රට ණය වන්නේ, සාමකාමී කාලයක දී පවා යෝධ හමුදාවක් නඩත්තු කිරීමටත්, ජාතික/ජනතාවාදී පැත්තකින් බලන විට අනවශ්‍ය සහ හානිකර යටිතල රාක්ෂයන් නිර්මාණය කිරීමටත්, තියෙන ණයවලට පොලී ගෙවීමටත් වන බැවිනි. මේ අසාර ව්‍යාපෘති, රටේ ආර්ථිකය තුළ කෙමෙන් බෝවෙන සුදු අලි රංචුවක් වෙනවා මිස, ආදායම් උත්පාදනයක් හෝ රැුකියා සම්පාදනයක් ඒවා මගින් සැලසෙන්නේ අල්ප වශයෙනි.

ආර්ථිකයට සහ රටට ඔරොත්තු නොදෙන එවැනි දේවල් නඩත්තු කිරීම සඳහා රාජපක්ෂවරු කරන්නේ, කප්පංකාර බදු ප‍්‍රතිපත්තියක් ක‍්‍රියාවේ යෙදැවීමයි. රට පුරා පෙට‍්‍රල් මිළ ඉහළ යවද්දී මත්තල රාජපක්ෂ ගුවන් තොටුපොලට වට්ටම් මිළට තෙල් සැපයීම ඊට නිදසුනකි. ඉදිරියේ දී ඉහළ දැමීමට යෝජිත විදුලිය බිල අනුව, අඩුම පරිභෝජකයන්ට (ඒකක 30 දක්වා* සියයට 53 ක ගාස්තු වැඩි වීමක් දරා ගැනීමට සිදුවන අතර, වැඩිම පරිභෝජකයන්ට (ඒකක 400 ට ඉහළ* පැවරෙන්නේ සියයට 22 ක වැඩි වීමක් පමණි. මෙය, ආර්ථික වෘක්ෂයේ මධ්‍යම/පහල ස්ථරයන් මත අසමානුපාතික උපරිම බරක් පටවන රාජපක්ෂ ආර්ථික විද්‍යාව පිළිබඳ එක් නිදසුනක් පමණි. රටට කියන කයිවාරුව කෙසේ වෙතත්, රාජපක්ෂ ආර්ථික උපායමාර්ගයේ ව්‍යුහය සැකසී ඇත්තේ ධනපතියන්ට වාසිදායක වන සහ දිළින්දාට අවාසිදායක වන ආකාරයෙන් ය. (මැද පංතියේ එක්තරා කොටසක් ඉස්සරට වඩා වැඩියෙන් පරිභෝජනය කරන බවක් පෙනෙන්නේ, කුටුම්භයේ ආදායම් වැඩි වීමක් නිසා නොව, ලබාගන්නා ණය නිසා ය. මෙය, වැඩි කල් පවත්වාගත නොහැකි තවත් මායාවකි*.

සුළුජාතීන්ට එරෙහිව දැන් දියත් වෙන දේශපාලනය, එක පැත්තකින්, රාජපක්ෂලාගේ මේ විපරීත ආර්ථික ප‍්‍රතිපත්තියේ බරින් මිරිකී සිටින දිළිඳු සිංහල මැද පංතිකයන් තුළ යම් ‘ජොලියක්’ ජනිත කැරැුවීම ඉලක්ක කොට පවතී. ‘මිසිසිපි බර්නින්’ නැමැති චිත‍්‍රපටයේ ජින් හැක්මන් රඟපාන චරිතය, අතමිට හරිහම්බ කරගෙන නැගීගෙන එන කළු ජාතිකයෙකුට අයිති කොටළුවෙකු මැරූ සිය ජාතිවාදී පියා එය යුක්ති සහගත කරගත් අන්දම මතක් කරන්නේ මෙසේ ය: ‘‘උන්ට (කල්ලන්ට* වඩා මට දියුණු වෙන්න බැරි නං, මගෙන් ඇති වැඬේ මොකක් ද?’’ 19 වැනි සියවසේ කළු ජාතිකයන්ව පීඩාවට පත්කළ ‘ජිම් ක්‍රෝ’ නමින් හැඳින්වෙන අණපනත් බලපැවැත්වූ ඇමරිකාවේ දකුණුදිග් භාගයේ විසු අන්ත දිළිඳු සුදු ජාතිකයන්, එහි විසු අතමිට සරු කල්ලන්ට වඩා තමන් දේශපාලනිකව බලවත්ය යනුවෙන් ඇති කරගත් හැඟීම නිසා, තමන්ගේ දරිද්‍රතාව ගැන තැවුණේ අඩුවෙනි. ඊට සමාන කප්පමක් රාජපක්ෂවරු සිංහල සමාජයට දෙති: එනම්, දරාගත නොහැකි ආර්ථික බරට හිලව්වක් වශයෙන්, උත්තම වාර්ගික=ආගමික ජන කොටසකට තමන් අයත් වන්නේය යන හැඟීමෙන් සිංහල=බෞද්ධයන් තුළ උත්පාදනය කරනු ලබන ආඩම්බරයයි. දෙමළ, මුස්ලිම් සහ සිංහල කිතුණුවන් දෙකේ කැලෑසියේ පුරවැසියන් බවට පත්කළ පසු, අතේ පිච්චිය නැති සිංහල=බෞද්ධයාට පවා තමා උන්ට වඩා දේශපාලනික වශයෙන් උසස් ය යන හැඟීමෙන් පිම්ඹෙන්නට පිළිවන.

එවැනි මායාවන්ගෙන් ටික කලකට බඩගින්න හංගා ගන්නටත් පිළිවන.

අසාධාරණ සමබරතාව

ලංකාවේ සාමය කඩාකප්පල් කිරීමට ගන්නා කූට ප‍්‍රයත්නයන් ගැන ජනාධිපතිවරයා පසුගිය දා අනතුරු ඇඟවීය. එවැනි ප‍්‍රයත්නයන් පසුපස ඉන්නා අපරාධකරුවන් කවුරුන් දැ යි ඔහුට ඇත්තෙන්ම දැන ගැනීමට අවශ්‍ය නම් කළ යුත්තේ, තමාගේම සහෝදරයන්ගේ මුහුණු දෙස බැලීමත්, කණ්නාඩියක් ඉස්සරහට ගොස් තමා දෙසම බැලීමත් ය.

ඔහු ගිය සතියේ අරන්තලාව භික්ෂු ඝාතනයේ අනුස්මරණ සමරුවක් විවෘත කෙළේය. එවැනි සමරුවක්, ඊට සම්බන්ධ කුරිරු ක‍්‍රියා සිහිගන්වන ප‍්‍රතිමාවන්ගෙන් තොරව ස්ථාපිත කළ හැකිව තිබුණි. එහෙත් ඔවුන්ගේ අරමුණ වන්නේ, දෙමළ භීතිකාව සිංහලයන් තුළ අවුළුවා තබා ගැනීම වන හෙයින් එසේ කරන්නට පිළිවන් කමක් නැත.
සතුරන් නැතොත්, සිංහලයන්ට රාජපක්ෂලා අවශ්‍ය කරාවි ද?

ජයග‍්‍රහණයෙන් පසුව දෙමළ ජනයාගේ සිත් දිනා ගැනීමට රාජපක්ෂ සහෝදරවරුන්ට හැකියාව තිබුණි. එය දේශපාලනික සහන සලසන සහ/හෝ දෙමළ ජනයාගේ දිළිඳුකම පිටුදැකීම අරමුණු කරගත් නිවාස, සෞඛ්‍ය, අධ්‍යාපනික, රැුකියා ආදිය කෙරෙහි ප‍්‍රමුඛත්වය දෙන සංවර්ධන=පේ‍්‍රරක ජෝර්ජ් මාෂල් සැලැස්ම* වැනි වැඩපිළිවෙලක ස්වරූපය ගත හැකිව තිබුණි. දේශපාලනිකවත්, මානසිකවත් දෙමළ ජනතාව වැටී සිටින අවාසනාවන්ත තත්වය තුළ ඔවුන් කෙරෙහි වන අනුකම්පාවක් සහ අවබෝධයක් මගින් ඔවුන්ගේ යුද්ධයේ තුවාල සුවකොට, පොදු ලාංකීය අනාගතයක් පිළිබඳ අපේක්ෂා ඔවුන්ගෙන් බහුතරයක් තුළ දැල්විය හැකිව තිබුණි.

එහෙත් සිංහල ස්වෝත්තමවාදයෙන් මත්ව, චීන ආලිංගනය තුළ කෝෂගතව, හැමදාමත් ඉන්දියාව සහ බටහිර ලෝකයාව තමන්ට ඇන්දවිය හැකි යැයි විශ්වාස කරන රාජපක්ෂවරු ඒ මැද මාවත ප‍්‍රතික්ෂේප කළහ. සිංහල ස්වෝත්තමවාදී වේදිකාවක් මත අත්කරගත් ජයග‍්‍රහණය තුළ එම ප‍්‍රතිපත්තියෙන් වෙනස් වීමේ හේතුවක් ඇතැ යි ඔවුන්ට නොපෙනුණි.

පවුල් බලය තර කර ගනිමින් රාජවංශයක් ගොඩනැගීම රාජපක්ෂවරුවන්ගේ ප‍්‍රමුඛතාවන් ය. ඒ ව්‍යාපෘතිය තුළ, බලය බෙදා හැරීමක් නැත. සතුරන් වශයෙන් හෝ හොල්මන් වශයෙන් මිස, සුළුතර ජන කොටස් ඇත්තේ ද නැත.

ගෝඨාභය රාජපක්ෂ ‘සාහිත්‍ය’ උත්සවයක දී මෑතක දී කළ කතාවක්, සම්මුතිවාදී සාමයේ මාවත ප‍්‍රතික්ෂේප කරන සහෝදරවරුන්ගේ මානසිකත්වය පෙන්නුම් කරයි. එම රාජපක්ෂ ලෝක දෘෂ්ටියට අනුව, යුද්ධය තනිකරම පැනනැංගේ දෙමළ ජාතිකවාදයෙන් සහාය ලැබූ කොටි ත‍්‍රස්තවාදයෙනි. ඉන්දියානු ඇඟිලි ගැසීම් සහ බටහිර අධිරාජ්‍යවාදය ඊට රුකුල් දුනි. (දෙමළුන් ගැන ඕනෑවට වඩා ලිහිල් වීම හැරුණු කොට* ලංකාවේ කිසි ආණ්ඩුවක් මේ සම්බන්ධයෙන් වැරදිකරුවන් නොවේ. දෙමළුන්ට කියා විශේෂ ප‍්‍රශ්න නැත. එනිසා සහනදායී පියවර අවශ්‍ය කරන්නේ ද නැත. ඒ තත්වය තුළ, බලය බෙදා හැරීම වැඩකට නැති (සමහර විට භයානක ද විය හැකි* අනුචිත ප‍්‍රස්තුතයකි.

‘සුභසාධන ගම්වල’ ජීවිතය රාජපක්ෂ නිරූපණය කරන්නේ ඉන්ද්‍රචාප සෝබාවෙනි. ඔහුගේ විස්තරයට අනුව, කම්බි වැටවල් ගසා වෙන් කළ මේ සීමාවන්, නොමිලේ සැපයෙන ආහාර සලාක, සමූපකාර, බැංකු, තැපැල් කාර්යාල, පාසල්, වෘත්තීය අභ්‍යාස මධ්‍යස්ථාන ආදියෙන් පරිපූර්ණ යි. වැඩිහිටියන්ගේ ශක්‍යතා වර්ධනය කරන, ඔවුන් බලගන්වන සහ ඔවුන්ට සැපයෙන වෘත්තීය උපදේශනවලින් ද, ‘කලා, සංගීත, නාට්‍ය, යෝග, ක‍්‍රීඩා, කිතුණු පල්ලි, මරක්කල පල්ලි සහ කෝවිල්..’ වලින් ද, ළමුන් සඳහා වන ‘සතුටු උයන්වලින් ද, ඒවා සමන්විත ය.

‘තෙරසීන්ස්ටාඞ්’* හොල්මන, ඒ නම ඔහු නොදැන සිටිය ද, ගෝඨාභය රාජපක්ෂ තුළ ජීවමාන බව පෙනේ.
අද ශ‍්‍රී ලාංකිකයන්ට, ක‍්‍රිකට් ක‍්‍රීඩාව සඳහාවත්, තමිල්නාඩුවට යන්නට නුපුලූවන. මෙතරම් බලහත්කාරය නැති, සියල්ලන් අන්තර්ග‍්‍රහණය කරගන්නා සාමය සහ ජාතිය ගොඩනැගීමේ උපාය මාර්ගයකින් හිතුවක්කාර කොටි හිතවාදීන්ව හුදෙකලා කළ හැකිව තිබුණි. උදාහරණයක් වශයෙන්, උතුරේ පළාත් සභාව ස්ථාපිත කොට, නිදහස් හා සාධාරණ මැතිවරණයකින් පසු එය පවත්වාගෙන ගියේ නම්, තමිල්නාඩුවේ අන්තවාදීන්ව දුර්වල කොට හුදකලා කළ හැකිව තිබුණි.

එහෙත් එවැන්නක් සිදු නොවුණි. රාජපක්ෂවරු පාලනය කරන තාක් කල්, එවැන්නක් සිදුවන්නේ ද නැත.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ බලවිභේදනය සේම, බලය බෙදාහැරීම ද රාජපක්ෂ ව්‍යාපෘතියට අසම්මජාතික ය. අධිකරණයේ ස්වාධීනත්වය හෝ නිදහස් සහ සාධාරණ මැතිවරණ වාගේම බලය බෙදාහැරීමත් රාජපක්ෂ පාලනය යටතේ කළ නොහැකි දේවල් ය. බලයෙන් අංශුමාත‍්‍රයක් හෝ වෙන කිසිවෙකුට දීමටවත්, වෙන කිසිවෙකු සමග බලය බෙදාහදා ගැනීමටවත් රාජපක්ෂ සහෝදරවරුන්ට අවශ්‍ය නැත.

ඉන්දියානු/දෙමළ, බටහිර/ක‍්‍රිස්තියානි හෝ අරාබි/මුස්ලිම් තල්ලූවෙන් සනාතන ට්‍රෝජාන් අශ්වයන් සේ කටයුතු කරති යි සිතන සුළුතර ජන කොටස් නැමැති ඇතුළේ සිටින සතුරෙකු පිළිබඳ මන:කල්පිතය යොදා ගැනෙන්නේ රාජපක්ෂ දේශපාලනය යුක්ති සහගත කිරීමටත්, රාජපක්ෂ අර්ථ ශාස්ත‍්‍රය පැහැදිළි කිරීමටත් ය. ආර්ථික විනාශයන් සහ ලෝකයා ඉදිරියේ කොන්වීම මැද්දේ පවා, රාජපක්ෂවරුන් වෙත සිංහල=බෞද්ධයන්ව බැඳ තබති යි අපේක්ෂා කරන රැුහැන එය යි.

බොදුබල සේනාවේ රාජපක්ෂ ගැත්තෝ දැන් මුස්ලිම් සහ ක‍්‍රිස්තියානි අන්තවාදීන් පස්සේ පන්නති.

භීතිය සහ ද්වේෂය රජයන සමාජයක සාමයට පැවතිය නොහැක. ප‍්‍රගතිය සඳහා ඉවසීම අවශ්‍ය කෙරේ. නොඉවසන සුළු දේශ, ස්වකීය වාර්ගිකාගමික අනෙකාව බැහැර කරන විට සිදුවන්නේ, තමන්ගේම වන වඩාත් වටිනා සම්පත් අහිමි කර ගැනීමකි.

රාජපක්ෂ සහෝදරවරු යනු, සකල ලාංකිකයන්ගේ පොදු විනාශය සලසන, ශ‍්‍රී ලංකාවේ සාරය උරාබොන, පරපුට්ටන් ය.

වේලූපිල්ලේ ප‍්‍රභාකරන්ගේ තිස් වසරක් තුළ ලංකාව නොනැසී පැවතුණි. රාජපක්ෂ පාලනයේ තිස් වසරක් එසේ ඉන්නට ඇය අපොහොසත් වනු ඇත.
* ජෝර්ජ් මාෂල් සැලැස්ම යනු, දෙවැනි ලෝක යුද්ධයෙන් විනාශ වී ගිය බටහිර යුරෝපය, කොමියුනිස්ට්වාදයට යට වීමට ඉඩ නොදී වහා පිළිසකර කොට ආර්ථික වශයෙන් ගොඩගැනීම සඳහා එවක ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා වූ ජෝර්ජ් මාෂල්ගේ නමින් දියත් කළ සංවර්ධන වැඩපිළිවලයි.

* තෙරසීන්ස්ටාඞ් යනු, හිට්ලර්ගේ නට්සි පාලනය යටතේ චෙකොස්ලොවැකියාවේ පවත්වාගෙන ගිය වධක කඳවුරකි. දසදහස් ගණනක් යුදෙව්වෝ එහි දී ඝාතනය වූහ. – පරිවර්තක

2013 මාර්තු 28 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ The Parasites ලිපියේ සිංහල පරිවර්තනය   යහපාලනය ලංකා

Print Friendly, PDF & Email

Latest comment

  • 0
    1

    ඔය සාදුලා මරපු මිනිහා ඉන්නෙත් ඔය එක්කමනේ (කරුණා). ඇය් එයාවත් අරන් නොගියේ

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.