26 April, 2024

Blog

මේ පිස්සුවට තවත් වාරයක්?

තිසරණී ගුණසේකර

මේ වසරේ විශ්ව විද්‍යාලයට තේරුණු ශිෂ්‍යාවක් අඩි හතක් උස තාප්පයකින් වැටී කොඳු ඇට පෙළ තුවාල කරගත්තාය. ඒ, විශ්ව විද්‍යාලයට ඇතුළු වන්නන් සඳහා හමුදා කඳවුරක් තුළ පවත්වන ‘නායකත්ව පුහුණු වැඩසටහනට’ සහභාගී වෙමින් සිටියදී ය.

එම තාප්පයේ උස අඩි හයක් පමණකියි හමුදා ප‍්‍රකාශකවරයා කියයි. අපි එය විශ්වාස කරමු.

Mahinda Hitlerඅඩි හයක් උස තාප්පයකින් පනින්ට පුරුදු කිරීම මොන ආකාරයේ ‘නායකත්ව පුහුණුවක්ද’? සන්නද්ධ මංකොල්ලයක් සඳහා පුහුණු කිරීමක්? කෙනෙකු පැහැරගෙන යාමක් සඳහා පුහුණු කිරීමක්? චිත‍්‍රපටියක ත‍්‍රාසජනක ජවනිකාවක් සඳහා පුහුණු කිරීමක්? නීතිගරුක සාමාන්‍ය සිවිල් දිවි පැවැත්ම තුළ මෙලෝ අරුතක් නැති මෙවැනි අභ්‍යාසයක් සඳහා සරසවි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ව බලහත්කාරයෙන් සහභාගී කරවා ගැනීම පසුපස ඇති තර්කය කුමක්ද?

‘නායකත්වය පුහුණු වැඩපිළිවෙල’ රාජපක්ෂ චින්තනය සහ රාජපක්ෂ ආණ්ඩුකරණය මේ යැයි කියාපාන පරිපූර්ණ සංකේතයකට සමාන ය. මෙය ශිෂ්‍යන්ට අවශ්‍ය නැති පුහුණුවකි. කිසිවෙකුට යහපතක් නැති පුහුණුවකි. කොටින්ම, විකාරයකි. එය ආරම්භ කිරීමේ දී කියන ලද කිසිවක් ඒ මගින් සාක්ෂාත් කරගෙන නැත. පිළිකුල් කටයුතු නවක වදය තවමත් ක‍්‍රියාත්මක වෙයි. එකම වෙනසකට ඇත්තේ, ඉස්සර මෙන් නොව, දැන් අළුත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් දෙවරක්ම නවක වදයට පාත‍්‍ර වීමයි. වරක් හමුදාවෙනි. දෙවැනුව, ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යන්ගෙනි. (අනාගතයේදී නවක වදය දීමට සිටින අයවළුන්ගේ පරපීඩාකාමී මනෝමය පරාසය මේ හමුදා පුහුණුව හරහා තවත් පෘථුල විය හැකිය. ඒ, ඊළඟට විශ්ව විද්‍යාලයට ඇතුළු වන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ව, වඩාත් පහත් අන්දමින් සහ තිරශ්චීන අන්දමින් නවක වදයට භාජනය කළ හැකි ආකාරයන් කියා දීමෙනි).

කොටින්ම ‘නායකත්වය පුහුණු වැඩ සටහන’ වනාහී සියල්ලන්ගේම කාලයත් මුදලූත් කාබාසිනියා කිරීමකි.

එහෙත් එය නතර කර දැමිය නොහැක. මන්ද යත්, එය ගෝඨාභය රාජපක්ෂගේ හුරතල් ව්‍යාපෘතියක් වන බැවිනි. එය නතර කරනු ලැබුවොත්, රාජපක්ෂලාටත් වැරදි සිදුවිය හැකි බවට මතයක් ජනතාව අතර ඇති විය හැකිය. එසේ වීම, රාජපක්ෂලාගේ එක් ආප්තයක් උල්ලංඝණය වීමකි: රාජපක්ෂලා වනාහී, වැරදිලාවත් වැරදි සිදුවිය හැකි පිරිසක් නම් නොවේ.

මහින්ද රාජපක්ෂ නැවත බලයට පත්වුවහොත්, එම අනාගත ශ‍්‍රී ලංකාවේ හැඩය පිළිබඳ අනතුරු ඇඟවීමක් ද, මේ ‘නායකත්වය පුහුණු වැඩ සටහන’ හරහා අපට සැපයේ.

මහින්ද යනු, හුදෙක් මහින්ද පමණක්ම නොවේ. මහින්ද යනු, බැසිල් ය. ගෝඨාභය ය. නාමල් සහ ශෂීන්ද්‍ර ය. සහෝදර සහෝදරියන් ය. බෑනලා ය. නෑනලා සහ මස්සිනාලා ය. එසේම, තවත් අනේක අන්තේවාසිකයන් ය. එසේම, ඒ මහින්ද තුළ, සජින් වාස් ගුණවර්ධනලා සිටිති. සම්පත් චන්ද්‍පුෂ්ප​ලා සිටිති. දුමින්ද සිල්වලා සහ මර්වින් සිල්වලා සිටිති. (ඔවුන්ගේ දරුවෝ ද සිටිති). ගලගොඩඅත්තේ ඥානසාරලා සිටිති. මේ කියන අයවළුන් නැතිව රාජපක්ෂලාට රටේ පාලනය ගෙන යා නොහැක.

අපට අවශ්‍ය කරන අනාගතය එය ද?

මහින්ද රාජපක්ෂ විසින් කොටි සංවිධානය පරදවන ලදි. එය කෙළේ ඔහු තනියෙන් නොවේ. එය පැත්තක තිබිච්චාවේ. කොටින් පරාජය කිරීම, තුන්වැනි වාරයකටත් මහින්දට වරම් දීමට හේතුවක්ද? විශේෂයෙන් ඔහු සහ ඔහුගේ සහෝදරයන් දෙවැනි වාරයේ ලද බලතලවලින් කළ දේවල් ද හොඳින්ම දැනගෙනත්?

මහින්ද රාජපක්ෂ ජාතික වීරයෙකු වශයෙන් ගැසට් නිවේදනයකින් ප‍්‍රකාශයට පත්කළාට කමක් නැත. ඔහුගේ මානෝන්මාදය සතපන තවත් අවශ්‍ය තරම් තාන්නමාන්න දුන්නාට කමක් නැත. ඔහු වෙනුවෙන් පිළිරූ තැනුවාට කමක් නැත. ඔහුගේ උපන්දිනය ජාතික නිවාඩු දිනයක් කළාට කමක් නැත. අවුරුදු පතා ඔහුගේ නාමයට ගෞරව දක්වමින් හමුදා ආචාර පැවැත්තුවට කම් නැත. එහෙත් තුන්වැනි වාරයක් ඔහුට දිය යුතු නැත. එසේ වුණොත් සිදුවන්නේ, පවුල් බලය ස්ථාපිත වීමත්, රජ පෙළපතක් නොවැරදීම බිහි වීමත් ය.

රාක්ෂයා මරා දමන වීරයාට රටක් පූජා කෙරෙන්නේ සුරංගනා කතාවල ය. අප මේ කතා කරන්නේ සැබෑ ලෝකය ගැනයි.

මහින්ද රාජපක්ෂ මිත‍්‍රශීලී කෙනෙකු බවට සැකයක් නැත. එසේ වෙච්චාවේ. ඒ වෙනුවෙන්, ‘සමාජශීලී පුරුෂයා’ සම්මානයක් ඇති කොට, අවුරුදු පතා ඔහුට එය ප‍්‍රදානය කළ හැකිය. එහෙත් ඒ කිසිවක්, ඔහු වෙනුවෙන් නැවත ඡුන්දයක් පාවිච්චි කිරීමට හේතුවක් නොවේ. මන්ද යත්, තුන්වැනි වාරයකදී ඔහු සහ ඔහුගේ සහෝදරයන් මේ රටට කළ හැකි දේවල්, ඔහුගේ සහචරයන්ට කිරීමට ඔවුන් ඉඩ හැරිය හැකි දේවල්, අප හොඳින් දන්නා නිසා ය.

මහින්ද රාජපක්ෂට ජාතික ස්වෛරීත්වය රැුක දිය නොහැක. ලංකාව මේ වන විට ඔහු චීන ප‍්‍රත්‍යන්තයක් බවට පත්කරමින් සිටී. මහින්ද රාජපක්ෂට සාමය ගොඩනැගිය නොහැක. දෙමළ ජනතාව සමග සමගි වීමට ඔහු අසමත්ව තිබේ. ඒ මදිවාට, මුස්ලිම් ජනතාව සහ කිතුණු ජනතාව තරහ කර ගනිමින් සිටී.

ඔහුට ලංකාවේ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කර දිය හැකි එකම ක‍්‍රමය වන්නේ, තවත් සුළුතර ප‍්‍රජාවක් සමග නැවත යුද්ධයක් අවුළුවා එය ජය ගැනීමෙන් පමණි. එහෙත් ඒ සඳහා තවත් දශක ගණනාවක් අප ලේ හැලිය යුතුය.

මහින්ද රාජපක්ෂ සංවර්ධනය යනුවෙන් වටහාගන්නේ, අධිවේග මාර්ග, ගුවන් තොටුපොලවල් සහ වරායවල් ගොඩනැගීමයි. ඔහුගේම සිංහල ජනතාව ඇතුළු සාමාන්‍ය ජනතාව ඒ අතරේ අගාධයට වැටීම ඔහුට ප‍්‍රශ්නයක් නැත.

රාජපක්ෂලා- අර රාජපක්ෂ හෝ මේ රාජපක්ෂ නොව, සියලූම රාජපක්ෂලා- අඩු වශයෙන් තවත් අවුරුදු හයක් මේ රට පාලනය කරනු දැකීමට අපට අවශ්‍යද?

ගෝඨාභය රාජපක්ෂ, සිය සහෝදරයාගේ තනතුරට යම් දවසක නීතිමය සහ ව්‍යවස්ථාමය වශයෙන් පත්වනු වස් පාර්ලිමේන්තුවට පැමිණෙනු දකින්ට අපට අවශ්‍යද?

මුළුමණින් දීන අධිකරණයක් අපට අවශ්‍යද? මහ දවල්ම පාලකයන්ගේ ඉත්තන් වන විනිසුරුවන් අපට අවශ්‍යද?

අධිපතිවාදී වීමට, අළුත් රාජපක්ෂවාදී වැටහෙන-නුවණක් අපට අවශ්‍යද? දණ්ඩමුක්තිය (දඬුවම් නැතිව අපරාධ කිරීමට ඇති බලය), බල අපහරණය සහ දූෂණය, ඊළඟ ලාංකික පරම්පරාවට දායාද කෙරෙන සාමාන්‍ය තත්වයද?

ආර්ථිකය, සිවිල් සමාජය සහ අපේ චින්තනයමත් හමුදාකරණයට ලක්වෙනු දැකීමට අපට අවශ්‍යද? දුර්වලයාට ගරහන, බලවතාට වන්දනාමාන කරන සදාචාරයක්ද අපට අවශ්‍ය කරන්නේ?

ජාතික ධනයෙන් වැඩිම ප‍්‍රතිශතයක් ආරක්ෂාව වෙනුවෙන් වැය කරද්දී පවා, සමාජයේ වඩාත් අනතුරට ලක්විය හැකි (මහල්ලන් සහ ළාබාලයන්) ආරක්ෂා කළ නොහැකි රටක් ද අපට අවශ්‍ය කරන්නේ?

අපට අවශ්‍ය කරන්නේ, ධම්මික පෙරේරලා විසින් ආර්ථිකය හසුරුවන, සජින් වාස්ලා විසින් ක‍්‍රිස් නෝනිස්ලාට තඩිබාන, අතවැසි ධනවාදයක් සහ ප‍්‍රවේණිදාස පරිපාලනයක්ද?

අපට අවශ්‍ය කරන්නේ, පුද්ගල දියුණුව සහ ආරක්ෂාව, රාජපක්ෂලාට දක්වන වහල් අවනත භාවය උඩ රැුඳෙන රටක්ද?

අපට අවශ්‍ය කරන්නේ කළාපීය සහ ගෝලීය බලවතුන්ගේ සටන් බිමක් බවට ලංකාව පත්වෙනු දැකීමටද?

සිංහලයන්ට අවශ්‍ය කරන්නේ සදාතන සාමයක්ද, නැත්නම් තවත් සුළුතරයක් සමග ඇදගන්නා තවත් යුද්ධයක්ද?

දෙමළ ජනයාට අවශ්‍ය කරන්නේ, යටපත් කරනු ලැබූ ප‍්‍රදේශයක ජීවත් වීමට, තමන්ගේ ජීවිත අවමානයට ලක්කෙරෙන සහ තම අනාරක්ෂාව සහ අසරණ භාවය රජයන රටක්ද?

මුස්ලිම් ජනයාට, අළුත් දෙමළ ජනතාවක් වීමට අවශ්‍ය කරයිද?

දෙවැනි පංතියේ පුරවැසියන් ලෙස ජීවත් වීමට කිතුණුවන්ට අවශ්‍ය කරයිද?

රාජපක්ෂලා පැන්නීමෙන් ලංකාවේ සකල ගැටළු නිරාකරණය නොවන බව ඇත්ත. එහෙත් ලාංකිකයන්ගේ අතිබහුතරයක් ප‍්‍රශ්න, රාජපක්ෂලා පැන්නීමෙන් තොරව විසඳාගත නොහැක.

අවසාන කුරුබිලිය

රාජපක්ෂලා පරාජය කිරීම, වසරින් වසර දුෂ්කර කටයුත්තක් වනු ඇත. ඒ, රාජපක්ෂලා වැඩි වැඩියෙන් ජනප‍්‍රිය වන නිසා නොවේ. දේශපාලනික-මැතිවරණමය ක‍්‍රීඩා පිටිය දවසින් දවස ඔවුන් විසින් තමන්ට වාසිසහගත ආකාරයකින් යළි සකස් කරගන්නා නිසා ය.

එසේ වෙතත්, ආර්ථික අසහනය දවසින් දවස ලියලයි. විශේෂයෙන් සිංහලයන් අතර එය සිදුවෙයි. විපක්ෂයට සැපයෙන් කුරුබිලිය එයයි. මැතිවරණය දෙවැනි වටයකට ගෙන යාමේ සෑහෙන ඉඩක් ඒ මගින් විපක්ෂයට උදා කරගත හැකිය. විපක්ෂයට, අත උඩින් දිනීමක් අවශ්‍ය නැත. රාජපක්ෂලා අත උඩින් දිනීමක් වැළැක්වීම වුව ප‍්‍රමාණවත් ය. මන්ද යත්, ඒ හරහා දේශපාලනික සුනාමියක් ජනිත කළ හැකි බැවිනි. එය, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළතින් පවා නැග එනු ඇත.

රාජපක්ෂලා මේ ජනාධිපතිවරණය දින්නොත්, විපක්ෂයේ සිටින වඩාත් කාර්යශීලී කොටස් අකර්මණ්‍ය කිරීමට ඔවුන් වහා කටයුතු කරනු ඇත. එසේ දියත් වන ප‍්‍රහාරයන්ගෙන් බැටකන, අත්අඩංගුවට පත්වෙන සහ අපහාසයට ලක්වන විපක්ෂයක් ඇතුළේමත් සමගිය කඩා ඉහිරවන අවස්ථාවකින් පසු, පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වෙනු ඇත. එම මැතිවරණයෙන් රාජපක්ෂ කෙනෙකු අගමැති තනතුරටත් පත්වූ පසු, පවුල් පාලනයට ඇති ලොකුම බාධකයත් අවසන් වනු ඇත.

දෙවැනි රාජපක්ෂ පාලන සමය තුළ දෙමළ සහ මුස්ලිම් ප‍්‍රජාවන්ගේ ජීවිත මෙලෝ උන්නතියකට පත්ව නැත. එහෙත් එම දෙවැනි රාජපක්ෂ පවුල් පාලනය තුළ, අඩු වශයෙන් සිංහල බහුතරයේ ජීවිතවත් සැපවත් වී ඇත්ද? යුද්ධ කාලයේදීත්, එය අවසන් වූ ආසන්න වාකවානුවේදීත් උතුරේ කරන ලද සාපරාධී ක‍්‍රියා සිංහල දකුණට වැදගත් නොවිය හැකිය. දෙමළ මිනිසුන්ගේ සහ මුස්ලිම් ජනයාගේ සැකසාංකා සහ බිය ගැන සිංහලයන්ට අහක බලාගෙන සිටිය හැකිය. එහෙත්, සිංහල දකුණේ තත්වය මේ පාලන සමය තුළ දියුණුවකට පත්ව තිබේද? 2010 සිටියාට වඩා අද සිංහලයා අනාගතය ගැන සුබවාදීව සිතන්නේද? රාජපක්ෂලා අද රට ගෙන යන මාවත ගැන ඔවුන් සෑහීමකට පත්ව සිටින්නේද? මළගිය හෝ අදෘෂ්‍යමාන හතුරෙකුගේ නාමයෙන්, තමන්ගේ සාමකාමී සහ සමෘද්ධිමත් අනාගතයක් කැප කිරීමට ඔවුන් සූදානම්ද?

අප සිතන පතන ආකාරය කලතා මඩ කිරීම සඳහා, කොටින් ගැන, ජිහාඞ් මූලධර්මවාදීන් ගැන, ද්‍රෝහීන් සහ කුමන්ත‍්‍රණකරුවන් ගැන යටිගිරියෙන් කෑගසා කීමට රාජපක්ෂලා තතනනු ඇත. සැබෑ ප‍්‍රශ්නය අපෙන් අමතක කැරැුවීම ඔවුන්ගේ උපායයි.

අපට එවැනි රාජපක්ෂ අනාගතයක් අවශ්‍යද?

*2014 නොවැම්බර් 13 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ Another Term Of This Madness? නැමැති ලිපියේ සිංහල පරිවර්තනය  ‘යහපාලනය ලංකා’ 

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    4

    1976 මැයි 14වන දින වටුක්කොටෙයිහී පැවැත්වූ ප්‍රසිද්ධ සම්මන්ත්‍රණයේදී වෙල්වනායකම්ගේ ITAK හෙවත් ‘දෙමළ රාඡ්‍ය’ පක්‍ෂය දෙමළ තරුණයන්ට අවි අතට ගන්නා ලෙසත් ඊලම දිනාගන්නා තෙක් එම අවි බිම නොතබන ලෙසත් අායාචනය කරන විට පිරාපකරන් විසින් යාපනය නගරාධිපති දුරේඅප්පා මරා ඊලාම් සටනට පන්නරය ලබාගෙන තිබුනි. එතැන් සිට දෙමළ කොටි විිසින් අවසාන මිනිස් බෝම්බය පුපරවාහැරි 2009 මාර්තු 10 වනදා වනතෙක්ම දකුනේ කොච්චිවල, බස්වල සහ කර්යාලවල පත්තුකල මිනිස් බෝම්බ 385ක් බව මම කියවා තිබේ. එම පිපුරුම් වලින් මැරුන සහ අතපය කැඩුන සංඛයාව දස දහස් ගනනක් විය යුතු බව අනුමාන කරමි.

    මා ඉගනගත්තේ බිරිතානි විශ්වවිද්‍යාලකය. මා උගත් ඉන්ජිනේරු විශය පථයට අමතරව ක්‍රීඩා සහ කඳු නැගීම් වැනි නොයෙකුත් ක්‍රියාකාරකම්වල අවතීර්ණවීමේ නිදහස සහ අවස්ථව තරුණ අපට තිබුනි. මට පෙනෙන හැටියට ලංකාවේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට මූලිකවම අැත්තේ අන්තවාදීන්ගේ තර්ජන ගර්ජන වලට යටවී පෙලපාලි යෑමේ අවස්ථා මිස වෙනත් බාහිර අත්දැකීමි ලබා ගැනීමේ අවස්ථා නොවේ. බහුතර රටවැසියාගේ යහපතට අන්තවාදී සුළුතරයකගේ ක්‍රම සහ විධි වෙනස් කලයුතු බව මම තරයේ විශ්වාස කරමි. එනිසා ‘නායකත්ව පුහුණුව’ අාරම්භයක් ලෙස යොදාගැනීමේ වරදක් මට නම් නොපෙනේ. නායකත්ව පුහුණුවකදී එක ගැහැනු ලමයෙකුගේ කොන්ද කැඩීයාම වරදක් නොවන්නේයයි මම නොකියමි. නමුත් වරද පුහුනු කරුවන්ගේ මිස පුහුනුවේ බව මට නමි නොපෙනේ. එක කොන්දක් කැඩීම ගැන කම්පා වන සහ අාඬපාලි කියන තිසරණී කොටි පත්තුකල මිනිස්බෝම්බ වලින් කොපමන අයගේ අතපය නැතිවුනාද කොපමන මිනිස් ජීවිත නැතිවුනාදැයි ගනන් හදනවා හෝ කතාකරනවා හෝ කම්පාවනවා මා කවදාවත් දැක නැත.

    බෝම්බ බඩේ බැඳගෙන පුපුරවා හැරීමට ලමයින් සහ ගැහැනුන් පුහුනුකල දෙමළ කොටි නිදහස් අරගලයක නිරත වන්නන් බව තිසරණී වෙබ් අඩවිවලට සහ පත්තර වලට දිගින් දිගටම ලීවේය. සිංහලයන් භායානක අන්තවාදීන් ලෙසත් හැඳින්වූයේය. 2005දී මහින්ද ඡනාධිපතිවූ පසු කොටියා පුම්බවා මහින්ද භයකර යුද්ධය නතර කිරීමට බටහිරයන්ගෙන් යැපෙන තිසරණී සහ පරගැති කල්ලිය විසින් transcurrent වැනි වෙබ්අඩවිවලට නොලියු දෙයක් නැත.

    මාවිල් අාරූ සොරාව්ව වසා යුද්ධය පටන්ගත්තේ දෙමළ කොටිය. නමුත් සටන්විරාම ගිවිසුම පවත්වාගෙන යායුතු බවත් කොටි සමග සාකච්චාකර එකඟතාවයකට නොඑන්නේ නම් ජනාධිපතිතුමාට සහ රටට අන්තර්ඡාතික වශයෙන් භයානක ප්‍රතිඵල වලට මුහුනදීමට සිදුවන බවට තිසරණී සහ පරගැති කල්ලිය තර්ඡනාත්මක ගුලි එල්ල කලාය. ශ්‍රි ලංකා හමුදාව නැගෙනහිරින් කොටි පන්නා දැම්මේය. තිසරණීලා කීවේ උතුරේදී කොටි කොටු කිරීමට බැරි බවය. කොටි අගනුවර වන කිලිනොචිචිය හමුදාව විසින් වැටලු විට කවදාවත් කොටි කිලිනොචිචිය අතහැර නොයන බව තිසරණී දිනපතාම ලීවේය. ඡර්මානුවන්ට දෙවන ලෝක යුද්ධයේදී ස්ටැලින්ග්‍රැඩ් වල සිදුවූදේම ලංකාවේ හමුදාවට කිලිනොචිචියේදී සිදුවන බව ලියා තිසරණී පාරම්බෑවේය. කොටි කිලිනොචිචියේ ඡලටැන්කිය පුපුරවා සාමාන්‍ය වැසියන් පලිහක් ලෙස යොදාගෙන මුලතිවු වැල්ලට පැන්නත් අන්තිමේදී වැලි තීරුවකට කොටු උනේය. නමුත් තිසරණී ලීවේ යුද්ධය ඉවර නොවන බවත් තලිබාන්ලා වගේම කොටිත් වසර දහයකවත් ගරිල්ලා යුද්ධයක් මුලතිවු කැලයේ සිට දියත්කරන බවත්ය. යම් අයෙකුට අවශ්‍ය නම් ගූගල් කර තිසරණීගේ එම ලිපි කියවිය හැක.

    යුද්ධය ඉවර වී තවම වසර පහකි. දසක ගනනක් තිබූ හදිසි නීතිය අද ලංකාවේ නැත. මුර කපොලු චෙක් පොයින්ට් නැත. නමුත් කිසිම තැනක බෝම්බ පත්තු නොවේ, පාතාල කල්ලිත් නැත. කැමති අයෙකුට කැමති වේලාවක ඔිනෑම තැනකට යා හැක. ලංකාවේ මිනීමැරුම් සහ ස්ත්‍රි දූෂන ඉන්දියාවට සහ දකුනු අප්‍රිකාවට වඩා අඩුය. අැෆ්ගන්ස්තානය ඉරාකය වැනි යුද්ධ තිබු රටවල අැති සාමයත් ප්‍රජාතන්ත්‍රවාදයත් ලංකාව සමග සංසන්දනය කලහොත් ලංකාවේ අද තත්වය කෙතරම් අගනේදැයි වටහා ගත හැක.

    රඡයේ වැරදි පෙන්වාදී අකටයුතුකමිවලට පහර ගැසීම විරුද්ධ පක්‍ෂ විසින් කලයුතුය. නමුත් ඡාතිකත්වයක් නැති ඉහත සඳහන් වැනි දේ ලියා ඉලාම්වාදීන්ට සහ බටහිරයන්ට කඩේ යෑම සහ මහින්ද රාජපක්‍ෂ කල වැඩවල අඩුව දැකීම යනු දෙකක්ය. තිසරණී ගුණසේකරලාට රාජපක්‍ෂ ගෙනා සාමයේ හොඳක් කවදාවත් නොපෙනීම මට නම් අරුමයක් නොවේ. රජයේ අඩුපාඩු අැතත් තිසරණී කියූ ගරිල්ලා යුද්ධය අද ලංකාවේ නැති කිරීමට කටයුතු කිරීමම නැවත රාජපක්‍ෂ රජ කරවීමට සෑහේ.

  • 1
    0

    බණ්ඩා මහත්තයෝ ඔබ නිර්ලජ්ජිත කොන්ත්‍රාත්තුව හොඳින් ඉටු කෙරෙන බව පෙනේ.එහෙත් ජනතාවට හැමදාම යුද්දේ ආදිනව කියා කොකා පෙන්විය නොහැක.
    යුද්දේ දිනුව එක ඇත්ත. එත් තිසරනී කියනවා වගේ එයට සමාරක පුද පූජා පවත්වුවට කමක් නැත.නමුත් රට විනාශ කරන්නට ඉඩදී බලාසිටිය නොහැක.

    හිතන්න වෛඋද්‍ය වරයෙක් රෝගී කාන්තාවක් භයානක ලෙඩකින් සුව කරනවා කියා.එම ලෙඩාට ඒ වෙනුවෙන් කෙලෙහි ගුණ සැලකිය හැකි විදි තිබේ.නමුත් ඇයට වෛද්‍යවරයා සමග රමණයේ යෙදීමට හැකියාවක් නැත, එසේ සුව කල නිසාම .
    අද මේ දුර්දාන්ත රෙජීමය අපෙන් ඉල්ලනේ යුද්දය දින දුන් නිසා අප සැවොම දිවි ඇති තෙක් ඔවුන්ගේ රමණ කෙලි වින්ද දර ගත යුතු බවය.මෙය ජනතාව හොඳි තේරුම් ගත යුතුය.නිදහස් නිවහල් අදීන රටක නීති ගරුක ජීවිතයක් ගෙන යාමට අපට ඇති අයිතිය රාජපක්ෂ වරුන්ගේ හුදු පැවැත්ම වෙනුවෙන්ම උකස් කිරීමට අපට හැකිද මිත්‍රවරුනි ?

  • 0
    0

    Ane Banda me…. nikang pacha kelinne nathuwa innawa! Ohe kawadda Engineer kenek une? Bahu-bootha!

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.